Saturday 23 May 2015

අපේ ආච්චී සහ වාසුදේව නානායක්කාර - Verbal incontinence


වයස අසූ පහ පමණ වෙන විට මගේ ආච්චී ගේ දෑස කෙමෙන් නොපෙනී යන්නට විය. එයට හේතුව වූයේ ඇගේ දෑසේ උද්ගත වූ සුද බැඳීම හෙවත් කැටරැක්ට් නමැති රෝගී තත්වයයි. ඒ ගැන කල් තියාම යම් යම් පෙරමග ලකුණු පහළ වී තිබුණ ද, ජීවිත කාලය පුරා රෝහලකට තබා, මා දන්නා කාලයක දොස්තරෙකු හමුවන්නට හෝ ගොස් නැති ඇය ඒ කාලයේ අක්‍ෂි ශල්‍යකර්මයක් කර ගැනීමට නම් මොහොතකට හෝ නොසිතුවා ය.

ඇය ඉපදී තිබුණේ 1903 වසරේ ය. ඒ කාලයේ ඇත්තන් ගේ හැසිරීම එසේ විය. රෝහලට නොගියාට, වෛද්‍යවරුන් මුුණ නොගැසුණාට, එවැනි සුවිශේෂී අසනීප මිස ඔවුන්ට අපට අද සාමාන්‍යයෙන් සෑදෙන ආකාරයේ අට අනුූවක් රෝග හෝ නව අනූවක් ව්‍යාධි හෝ නොතිබුණි.

පසුව දෑසේ තත්වය බරපතල වූ පසු ඇගේ දරුවන් ඒ ගැන සොයා බලද්දී ඔවුනට ලැබුණු වෛද්‍ය මතය වූයේ, ශල්‍ය කර්මයක් කර දෑස බේරා ගත හැකිව තිබූ කාලය ඒ වන විට ඉක්මවා ගොස් තිබුණු බවයි.

ක්‍රමයෙන් ඇගේ දෑස නොපෙනී යමින් තිබුණු අනූවේ දශකයේ ආරම්භයේ දී, තමා අවට හතර මායිම හෝ එහි සිදුවෙන දේ හෝ ගැන ඇති අවබෝධය ඇයගෙන් කෙමෙන් ගිලිහී යද්දී ඇය වෙනදාට වඩා කතා කරන්නට පෙළඹුණා ය. ඇත්තටම, උදේ නැගිටි වේලේ සිට රාත්‍රී නින්දට වැටෙන මොහොත දක්වා ඇය කළේ කතාව පමණකි. වෙනදාට ඇසූ රේඩියෝ බණ අසන්නට ඇගේ තිබුණු උනන්දුව පවා ක්‍රමයෙන් ගිලිහී ගියේය.

වාසනාවට, නැවත නැවත එකම දේ කීම හැරුණු විට ඒ කථාවල අසා සිටීමට නො හැකි කිසිවක් නො තිබුණි. ඈ කී දේ සියල්ල තම පවුලේ අය හා සම්බන්ධ විවිධ ඓතිහාසික සිදුවීම් පිළිබඳව විස්තර විය.

ඇගේ මතකයේ එතෙක් කල් තැන්පත්ව තිබී උඩට මතුවෙන ඒ කථා මුවෙන් පිට නොකර සිටීමේ හැකියාව වයසත් සමගම ඇගෙන් ගිලිහී යමින් තිබුණු බව අපට පැහැදිලි විය.

මේ තත්වය වයස්ගත වෙන විට අප සැමටම උදා විය හැකි එකකි. නමුත් අප එකිනෙකා ගැන සැලීමේදී මෙහිදී සිදුවිය හැකි එක් වෙනසක් වෙන්නේ, ඒ තත්වයට අප පත්වෙන්නේ කවර වයසේ ද යන්නයි. මගේ ආච්චී ඒ තත්වයට පත් වුයේ ඇගේ ජීවිතයේ නමවෙනි දශකයේ අග භාගයේ දී ය. සමහරුන්ට ඒ තත්වය අටවෙනි දශකයේ දී සෑදෙන්නට ඉඩ ඇත. ඒ අතරම අප සමහරුන් ඒ තත්වයට පත්වීමට පෙර වෙනත් රෝගාබාධ නිසා මිය යාමට ද ඉඩ ඇත.

ඒ සමගම කිව යුතුවන්නේ, මේ සිත සහ කට අතර පාලනය නැති වූ පසු අප කොයි කොයි ආකාරයකට ක්‍රියා කරයි ද යන්නත් පුද්ගලයාගෙන් පුද්ගලයා ට වෙනස් විය හැකි බවයි.

අපේ ආච්චී වයස අවුරුදු අනූ පහක් ආයු වළදා මිය ගියාය.

අවුරුදු දා හතකට පෙර මිය පරලොව ගිය ආච්චීව මට ඊයේ හදිසියේ සිහිවුනේ, හිටපු වාමාංශිකයෙකු මෙන්ම, වත්මන් පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද්ධ දේශපාලඥයෙකු ද වන, වාසුදේව නානායක්කාර තම හිතේ නැගුණු කෝපයක් අසභ්‍ය වචනයක් ඔස්සේ පිට කළ දර්ශනය සමාජජායක් ඔස්සේ නැරඹූ අවස්ථාවේ දී ය.

අපේ ආච්චිට ජීවිතයේ නමවෙනි දශකයේ අගභාගයේ දී සෑදුණු රෝගයේ මූලික ලක්‍ෂණ, වාසුදේව නානායක්කාර ගේ ජීවිතයේ අටවෙනි දශකයේ මැද භාගය පසුවෙත්ම මතුවෙමින් පවතී.

වාසුදේව නානායක්කාර යනු, දිනපතා පිරිත් ඇසූ, සතියට දෙවරක්වත් බණ ඇසූ නිවසේ සිටම වුවද සිල් ගත් අපේ ආච්චී මෙන් අයෙකු නොවේ. අප ඒ වීඩියෝ දර්ශනවලින් දුටුවේ පසුගිය දශක ගණනාවක් තිස්සේ යූඇම්පීය ප්‍රමුඛ ධනපති පන්තිය පරම සතුරා ලෙස සලකමින් නිර්ධන පන්ති ආඥාදායකත්වය වෙනුවෙන් සටන් වැදුණු වාසුදේව නානායක්කාර ගේ සිත ඇතුළේ මෙතෙක් කල් සිරවී තිබුණු කෝපයේ ගිනි කන්ද එහි මුල්ම කළු දුමාරය පිට කරන අවස්ථාවයි. එය අසභ්‍ය වචනයක් වූයේ ඒ නිසා ය.

මේ සිද්ධියෙන් අපට උගත ඇති පාඩම මෙයයි.

අප අතර සිටින සමහරෙකුට වුවද කේන්තියක් ආ විට සමහර විට සිතෙන් පරුෂ වචන කියවෙනවා විය හැක. නමුත් තවමත් සිහිබුද්ධිය නොවෙනස්ව පවතින නිසා ඒවා එලෙසම මුවින් එළියට නොඑයි. ඒ තත්වය වෙනස් වෙන්නට පෙර සිත මෛත්‍රීයෙන් සිත සුවපත් කර ගැනීම ගැලරියේ සිටින පාසල් ළමුන්ට පමණක් නොව, තමන්ට ද, ලෝකයට ද කරන යහපති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වාසුදේව නානායක්කාරට බනින, සිනාවෙන අතරේ අපේ සමහරු ඔහු භාවිතා කළ අසභ්‍ය වචනය, රිසි සේ ලියමින්, කියමින් සයිබර් අවකාශයේ පෙර නො විඳි නිදහසක් ඉතා සතුටින් භුක්ති විඳිනු මේ දිනවල පෙනේ. ඒ දකින මට සිහිවන්නේ කලකට පෙර පුක යනු අසභ්‍ය වචනයක් නොවන බවට සයිබර් අවකාශයේ නැගුණු තර්කයක මුවාවෙන් ඒ වචනය ඉඩ ලැබුණු හැම විටකම භාවිතා කරන්නට ඇතැමුන් පෙළඹුණු අයුරුය.

(image: http://raynoah.com/2010/09/25/dude-control-yourself/)

66 comments:

  1. අයිසෙ රසික, අපරාදෙනෙ ඕකත් තමුසෙම කලින්ම කියල පේටන්ට් එක ගන්නනෙ තිබුනෙ.
    එහෙම උනානම් "පුක සහ පක පේටන්ට් හිමි" කියල CV එකේ දාගන්න තිබුනනෙ. ටූ ලේට්.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං කොරන්න දෙයක්නෑ රසික හාමුදුරුවනේ. තමුන්නාන්සේ අර හු** කියන වචනෙටවත් පේටන්ට් එකක් ගන්න බලනවා ඒකත් ටූ ලේට් වෙන්න කලින්.

      Delete
    2. @ Anonymous 23 May 2015 at 18:52

      I say, ඇයි, ඔහේට ඒ දෙක නැද්ද?

      Delete
  2. ආච්චි බොහොම රසවත් පරණ කතන්දර කියන්න ඇති නොවැ රසික.දෙක තුනක් ලියල දැම්මනං මොකද?

    ReplyDelete
    Replies
    1. අයිසෙ හැලපෙ කාටවත් කිය කිය ඉන්නෙ ඇයි තමුසෙගෙ කතා වස්තු බීජ ඉවරද?

      Delete
    2. ඕයි අයිසේ

      අපේ ආච්චී වයස අවුරුදු අනූ පහක් ආයු වළදා මිය ගියාය. ..........අපරාදේ තව 5 ක් හිටියනම් ....

      බම්බුව .....මටමොකෝ

      Delete
    3. කකා තුමා, අාච්චිත් ඒ දවස්වල ජොක්කු කතා/අමුඩ කතා කිව්වද ? 
      නෑ මං බැලවේ ඒක මේ පරම්පරාවෙන් අාරෙට යන එකක්ද කියලා. තරහා අවසර.

      Delete
    4. හැලපේ
      ආච්චී අමුතු කතන්දර නොවෙයි කීවේ, බොහොමයක් දේවල් පවුලේ විස්තර, අපි දන්න ඒවා, කලින් ආච්චිගෙන්ම අසා ඇති නිසා.

      Delete
  3. වාසු කොමියුනිස්ට් සමාජය එළඹීමට පෙර ප්‍රාග් සමාජවාදී සමාජය හරහා මතවාදී ස්වර්ගයට ළඟා විය

    ReplyDelete
    Replies
    1. මතවාදී ස්වර්ගය යනු මරාට කඩේ යෑමද? අනේ අපොයි!

      Delete
  4. / ඒ දකින මට සිහිවන්නේ කලකට පෙර පුක යනු අසභ්‍ය වචනයක් නොවන බවට සයිබර් අවකාශයේ නැගුණු තර්කයක මුවාවෙන් ඒ වචනය ඉඩ ලැබුණු හැම විටකම භාවිතා කරන්නට ඇතැමුන් පෙළඹුණු අයුරුය./
    කෙනෙක්ගෙ පරමාදර්ශී පුද්ගලයෙක් පාවිච්චි කරන වචන නිකම්ම ඔහුව හෝ ඇයව ආදර්ශයට ගන්නා පුද්ගලයාට සම්ප්‍රේශනය වෙනව වගේ ඒකනෙ මහින්ද තද වෙච්චි ගමන් පාවිච්චි කරන වචනයක් වාසුට ආවෙ. රසික තර්කයට නැගුව වචනය බාවිතා කල පිරිසටත් වෙන්න ඇත්තෙ මේ දෙයමයි.

    ReplyDelete
    Replies
    1. අනේ හු*** මේ රයියා පරමාදර්ශී වෙන්න අැයි ඒකා හෙන දාර්ශනිකයද? කකාගේ පුක කියන වචනේ මෙතන අනිත් එකාලා කියන්නේ රසිකගේ ගොන් කමට පල් එකට.

      Delete
    2. පුක යනු කුනුහරුපයක් නොවේ...ක කා....

      Delete
    3. // Prasad Sameera24 May 2015 at 21:17 පුක යනු කුනුහරුපයක් නොවේ...ක කා....//

      1

      Delete
    4. @ කම්මල
      මහින්ද ඔය පාර්ලිමේන්තුවේදී ම කියූ "බයියා" කියන වචනය කොයි තරම් අද භාවිතා වෙනවාද?

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මේ සිත සහ කට අතර පාලනය නැති වූ පසු අප කොයි කොයි ආකාරයකට ක්‍රියා කරයි ද යන්නත් පුද්ගලයාගෙන් පුද්ගලයා ට වෙනස් විය හැකි බවයි. (yes its true)

    ReplyDelete
    Replies
    1. මගේ සුපර්වයිසර් පිලිකාවත් හැදිලා මරණාසන්නව ඉන්න කොට, ඔහුට පුද්ගලයන් හඳුනාගත නොහැකි බවත්, ඔහු පිට කරන වචන වලට පාලනයක් නැති බවත් කිවූ ඔහුගේ බිරිඳ, යලි රෝගියා බැලීමට නොපැමිණෙන ලෙස දන්වා සිටියා. මට දැන් තේරුම් යන විදිහට ඔහුට පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකි වී යයි ඇය කියා ඇත්තේ බොරුවට. -ඇණයා.

      Delete
    2. අසනීප වී සිහිය විකල්වූ විට නොනවත්වා කුණුහරුප කියන අයත් ඉන්නවා!

      Delete
  7. වාසුට මොනවා නැතත් ඒ වචනෙ ප්‍රසිද්ධියේ කීමට ඉඩ ලබා දුන්නු එකට නව පරපුර වගේම අනාගත පරපුර සෑහෙන්න ගෞරවයෙන් කතා කරයි හැක් හැක්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ, ඒ ගෞරවය නම්!

      Delete
  8. කතාව සහතික ඇත්ත. අනේ නිකං $%&%& හිටපන් ^&^*^ කියල කියන එක හිත ඇතුලේ පාලනය කරගන්න බැරි වෙච්ච අවස්තාවක් ඔය. ඒ දේවල් පාලනය කරගන්න බැරි වයසක ඉන්න උදවිය පාර්ලිමේන්තුවේ ඉන්න එක එතකට බැලුවම වැරද්දක්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක් හෝ ජනාධිපති ධූරයක් දැරීම සඳහා උපරිම වයස් සීමාවක් තිබිය යුතුයි. අපි දන්න පරිද්දට ක්‍රීඩා වලදි අවුරුදු 35 කියන්නෙ "වයසක" වයස් මට්ටමක්. පරිණත භාවයේ අවශ්‍යතාව නිසා වෙන්නැති ජනපති ධූරය දැරීමට 35 පනින්න ඕන. (මට මතක විදියට 35) . ඒ නිසා වෙන්නැති පෝස්ටර් වල පවා "තාරුණ්‍යයේ ජවය, තරුණ නායකත්වය" වගේ උදෘත පාඨ දේශපාලනය සම්බන්ධයෙන් දකින්න ලැබෙන්නෙ. 55 පැන්නත් දේශපාලනයේදී ඔහු "තරුණයෙක්". ඒ කෙසේ නමුත් දේශපාලනයට වයස් උපරිමය සහ මනා සෞඛ්‍ය තත්වය පිලිබඳ මිම්මක් වැටෙන්න ඕන. මම දන්නා පරිද්දට එක්සත් ජාතීන්ගේ මහලේකම් තනතුරට තෝරාගැනීමේදී "ෆිට්නස්" බලනවා. ඒ දේ දේශපාලනයේදීත් තියෙන්න ඕන. අර නිශාන්ත මුතුහෙට්ටිගමට "පිස්සු නෑ" කියල සහතිකයක් තියනව වගේ. හැක්. ඒ දේවල් වල අඩුපාඩු නිසා තමයි අරවිදියේ වචන අහන්න හම්බවෙන්නෙ සහ අංශභාග ලෙඩ්ඩු කාරිය කියන දෙයක් වත් හරියට ඇහෙන්නෙ නැතුව පාර්ලිමේන්තුවේ පිස්සු කෙලිනවා බලන්න වෙලාතියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උපරිම වයස් සීමාවක් අවශ්‍යයි. මම නම් කියන්නෙ 65 හෝ 70 විය යුතුයි.

      Delete
    2. මා අත්දැක ඇති දෙයක් තමයි කෙන්තියක් ආ විට හිතෙන් බැනීමෙන් යම් සහනයක් ලැබෙන බව, එළිපිට බැනීමෙන් වැඩේ තවත් අවුල් වෙන්නයි ඉඩ වැඩි!

      Delete
  9. "සිරකරුවෝ මනුෂ්‍යයෝය" යනුවෙන් සිරගෙදර බිත්තියේ ලියා තිබේ.මන්ත්‍රීවරුද මනුෂ්‍යයයෝ ය. ඔවුන් කතා කරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයින් කතා කරන අයුරිණි. වාසුදේව නානායක්කර විසින් එකී වචනය පාවිච්චි කිරීමේ වැරද්දක් නැත. එහෙත් "ගැලරියේ ළමයි සිටිනවා" කියා මතක් කළ කතානායක නම් පිස්සෙකි. ඒ ළමයි මේවා අසා නැති කක්ක පැකට් ඇඳගෙන අම්මගේ කුක්කු උරන බබ්බුද? නැතිනම් ඒරොප්පෙන් ගොඩ බැස්සා වූ හිම කැටි වාගේ සුදුම සුදු පැටව්ද?

    රසිකේ,
    ඔබ තුමාගේ ආච්චිගේ සිහි විකල් වීමත් වාසුගේ විකල් වීමත් එකක් නොව දෙකකි. වාසු කිව යුතු දේ කෙළින්ම කියා දැම්මේය. එය ඔබ අප ඇතුළු සැම දෙනාටම වැටහිණි. ටයි කෝට් අඳින රනිල් කියන කුණුහරුප බොහෝ දෙනාට තේරෙන්නේ නැත. ඒ නිසා එයා සුදනා ය කියා සිතාගෙන බොහෝ දෙනා රනිල්ට කඩේ යති. එහෙත් පාර්ලිමේන්තුවේ වඩාත්ම කුණුහරුප කියන තැනැත්තා රනිල් ය.

    ReplyDelete
    Replies
    1. රනිල් පොන්නයාගේ කරේ "පකයා" කියන පදවිය එල්ලපු දවසේ හිටන් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ "ලැජ්ජයි, බිජ්ජයි, ලැජ්ජයි" කියකියා ආණ්ඩුවට කඩේ නොයන කිසි මිනිහෙකුට නිදහසේ පාර්ලිමේන්තුවේ කතා කරන්න දුන්නේ නැහැ
      වාසු දුන්නේ නියම වචනයක්, නමුත් කියන්න තිබ්බේ පකයා නෙමෙයි පොන්නයා කියලා, එතැනදී ඌට වැරදුනා
      වාසුට වචනේ වැරදුනාට රසිකගේ ආච්චිට වගේ මොලේ කොලොප්පම් නැහැ, ඒක පැහැදිලියි

      Delete
    2. @කණිෂ්ක
      කතානායක ගොබිලා කීවේ ළමයි ඉන්නවා ඒ අයට මේවා පුරුදු වෙන්න පුළුවනි කියායි, ඒ කියන්නේ වචනය ඉගෙන ගැනීම නොවෙයි කුණුහරුපයෙන් රණ්ඩුවීම කියායි මට නම් හිතුණේ.

      පොරගේ මල්ලී නම් හොඳම කුණුහරුපකාරයෙකු කියායි ගමේ අය කියන්නේ.

      Delete
  10. වයස හින්ද වෙච්ච අකරතැබ්බයක් නෙවෙයි. ඉස්සරත් එයා බොරුසිල් අරගෙන ලෝකෙට පෙන්නගෙන ඉඳල හිටපු ගමන් බළලා මල්ලෙන් එළියට පනිනවලූ. එහෙම නිගමනයක් ගෙනාවෙ අපේ ආතා. කොහොම හරි "වාසු විතරයි පාර්ලිමේන්තුවෙ ඉන්න මහත්තයා" කියල විස්වාස කරගන හිටපු අපේ පන්සලේ ලොකු හාමුදරුවොත් බොහොම වේදනාවෙන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. මිනිස් ගතිය උණ පුරුකේ දාලාවත් වෙනස් කරන්න බෑ කියනවානේ!

      Delete
  11. වාසුගේ කුණුහරුපෙටත් වැඩිය කතානායක කියූ 'ගැලරියෙ ළමයි ඉන්න නිසා හොඳ නැති' කුණුහරුපෙට තමයි මට වැඩියෙන්ම අප්සෙට්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වාසුට ලැබිච්ච හොඳම කොමෙන්ටුව

      Delete
    2. කතානායක කිව්වේ ළමයි පුරුද්දකට ගනියි කියලා නේද? ඒකේ අදහස වෙනස්!

      Delete
  12. හෙහ් හෙහ් අපිත් හීනියට ආතල් එකක් ගත්තම මොකද!
    හැබැයි වාසු මේක කිව්වෙ පරක්කු වෙලා. භාෂා ඇමති විදියට කිව්ව නං මීට වැඩිය පිලිගැනීමක් ලැබෙනව ඔය වචනෙට

    ReplyDelete
    Replies
    1. ඒ කාලේත් කියන්න ඇති, අපිට ඇහුනේ නැති වුණාට!

      Delete
  13. වයසට ගියාම ඔය වචන පිට වෙන එක නවත්ත ගන්න බෑ වගේම තව කේස් දෙකක් තියෙනවා නවත්ත ගන්න බැරි.

    1. පඩ යාම
    2. මූත්‍රා පිටවීම

    ඒ නිසා වාසූදේව පුකට සයිලන්සර් එකකුයි, පැම්පර් එකකුයි ඇඳලලු ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් සර්, දැන් මේ බ්ලොග් ලියන්න අැවිල්ලා Whatever I see fit කිය කිය පඩ යවන එකයි, කලිසමේ චූ යවාගන්න එකයිත් ඔය ලෙඩේම ලක්ෂණයක් නේද? 

      Delete
    2. @ මාතලන්
      ඔය Incontinence කියා සාමාන්‍යයෙන් කියන්නේ චූ ප්‍රශ්ණයටයි. මේ සිද්ධිය Verbal incontinence වුනේ ඒ අනුවයි.

      Delete
  14. ආච්චි පව්......ඒකාලේ සුද කඩල ...පටලයක් දාන්න පහසුකම් නොතිබුනාට......
    මට නම් වාසු සීය ගේ ප යන්න අලුත් දෙයක් නෙමේ.......
    එයිට වඩා මම වපුරන දේවල් විදියට....

    ReplyDelete
    Replies
    1. ආච්චිට වුණු දේ ගැන නම් දුක කියලා වැඩක් නෑ. මූලික වරද ඇගේ, ඒ සමගම ඇගේ දරුවනුත් වහකිව යුතුයි, අම්මාව බලෙන් හෝ ඒ සඳහා රැගෙන නොගිය එක ගැන.

      Delete
  15. මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ "හොඳ මිනිහෙක් වෙයන්"නවකතාවෙත් පුක ගැන ලියවිලා තියෙනවා.බද්දේගම ආශ්‍රිත කොටගෙන ලියා තියෙන නවකතාවේ ප්‍රධාන චරිතය වුන ජයසේනට විරුද්ධව ගහපු කැලෑපත්තරයක කවිපදයක.පුක දුන්නට බොල ලැජ්ජ නැතුව ජයසේනත් මහ මිනිහෙක් දෝ.කියල.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. තිස්ස කාරියවසම් නවකතා ලියා තිබෙන බව දැන ගත්තේත් අදයි! ස්තුතියි!!

      Delete
  16. ඔය වචනේ මහාප්‍රාණ වලින් ෆඛයා කියලවත් කිව්වනම් කුනුහරප ගණයට නොවැටී බේරෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඇයි එතකොට ඵඛයා? ඒක ඊටත් වඩා මහාප්‍රාණ.

      Delete
  17. වාසුදේව නානායක්කාරට බනින, සිනාවෙන අතරේ අපේ සමහරු ඔහු භාවිතා කළ අසභ්‍ය වචනය, රිසි සේ ලියමින්, කියමින් සයිබර් අවකාශයේ පෙර නො විඳි නිදහසක් ඉතා සතුටින් භුක්ති විඳිනු මේ දිනවල පෙනේ. ඒ දකින මට සිහිවන්නේ කලකට පෙර පුක යනු අසභ්‍ය වචනයක් නොවන බවට සයිබර් අවකාශයේ නැගුණු තර්කයක මුවාවෙන් ඒ වචනය ඉඩ ලැබුණු හැම විටකම භාවිතා කරන්නට ඇතැමුන් පෙළඹුණු අයුරුය.

    +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. පුක යනු කුනුහරුපයක් නොවේ...ක කා....

      Delete
    2. //Prasad Sameera24 May 2015 at 21:17 පුක යනු කුනුහරුපයක් නොවේ...ක කා....//

      2

      Delete
    3. ඇත්තටම ඒකත් කබල රත් වූ විට රොටිය පිච්චීමේ අවස්ථාවක්!

      Delete
  18. රසික, වාසුදේව මළේ රසිකගේ ආච්චි අවසන් ගමන් ගිය කාලේම තමයි. දැන් ඔය ඉන්නේ පිස්සන් කොටුවෙන් පැන්න ඒ වගේම වෙන පොරක් !!!

    ReplyDelete
  19. ආ... සමාවෙන්න!!! කියන්න අමතක වුණා. කොළඹ ඉදන් ප්‍රාඩෝ එකෙන් තමන්ගේ ආසනයට (රත්නපුර/ කිරිඇල්ල) යන වාසු "සහෝදරයා" එතන ඉදන් කෑලි හැලෙන ඩබල් කැබ් එකක තම ආසනය වටේ ඉන්න දුප්පත් මිනිස්සුනට සැලියුට් ගගහා ගිය ඉතා විශිෂ්ඨ ගනයේ සමජවදියෙකි. (ලංකාවටම එකයි මයේ හිතේ !!!)

    ReplyDelete
    Replies
    1. වාසුදේව යනු:

      1. තරුණ කල, නිර්ධන පන්ති ආඥාදායකත්වය වෙනුවෙන් සටන් වැදුණු , තම පියාගේ පවා ධනපති ක්‍රියා හෙලා දැක්ක සමාජවාදියෙකි. දැන් ඔය පිස්සු කෙලින්නේ වයසේ වැ‍රැද්ද නිසාය.

      2. මේ ඇනෝගේ කතාව අනුව නම්, ඔහු දෙබිඩි ජීවිතයක් ගත කරන වංචාකාරයෙකි

      සමහරවිට වාසුදේව නොහොත් පොදුවේ " නිර්ධන පන්ති සමාජවාදීයෙකුගේ සැඳෑ සමය" නියම විදිහට කිව්වේ, නරියෙක් මෙන් කපටි නමුත් දූරදර්ශී " යැංකි ඩිකී" ගේ " සමාජවාදියෙකුගේ ජීවන චක්‍රය" තියරිය විය හැක.

      අනෙක් අතට ,සමාජවාදියෙක් මුලු ජීවිතකාලය පුරාම , අප වෙනුවෙන් ආදර්ශමත් ව අත්ථකිලමතානු යෝගයෙන් දුක් විඳිය යුතුයැයි අප බලාපොරොත්තුවීම සාධාරණද?

      නැත. වාසුදේව ප්‍රාඩෝ එකෙන් සමාජවාදයට යෑම හෝ පැරා මරුතියෙන් සමාජවාදය " ලයිෆ් ඉස්ටැයිල්" එකට යෑම ගැන මට ප්‍රශ්නයක් නැත. මා විරුද්ධ, ප්‍රායෝගික පූර්ණ සමාජවාදයේ ඇති අසාර්ථක බව, මර්ධනකාරී බව, ඒකාධිපති බව සහ ඒකාකාරී බව වසන් කොට , පට්ටපල් බේගල් ඇද බාමින් මේ " මල්. මල්" හීන හුදී ජනයාට විකිනීමට පමණි

      Delete
    2. නරි මොටා, උඹට මම කියන එක නොතේරීම ගැන කනගාටු වෙමි. වාසු ප්‍රාඩෝ එකේ තියා ඊට එහා ගිය සුඛෝපභෝගී වහනයක් පාවිච්චි කරත් මට අවුලක් නැත. කිරිඇල්ල පැත්තේ අන්ත අසරණ මිනිසුන්ගේ චන්දය ලබා ගැනීම සඳහා මේ කපටියා ඔවුන්ව රැවැටීම ගැනයි මම කථා කරන්නේ. ඔහුගේ දරුවන් පවා ඉගෙන ගත්තේ ඇමෙරිකාව නම් ඔහු විසින් ගරහන අධිරාජ්‍යවාදී රටේ මිසක් කියුබාවේවත් රුසියාවේවත් නොවේ. ඔහු කතාවෙන් නියම සමජවදියෙකි. ක්‍රියාවෙන් මොකෙක් දැයි රටේ මිනිසුන් දිනක තීරණය කරනු ඇත. අවුරුදු 40 ක් පමණ ඔහුව දන්නා මටනම් නිකම් බොරු ෂෝ කාරයෙකු විතරයි. මටනම් ඔහු ගැන ඇති එකම අවුල ලෝකයට සමාජවාදය පෙන්නා මිනිසුන් රවටා ක්‍රියාවෙන් ධනවදීන්ටත් එහා ධනවාදියෙකු වීම පමණි.

      Delete
    3. ඇනෝ වැරදි අදහසක් ආවා නම් සමාවෙන්න. මම ඔබ සමඟ එකඟයි. වාසු කරන වැඩේ හරි යැයි මා කියන්නේ නෑ.

      ඒත් මම වඩා කැමතියි, පුද්ගලයාට වඩා ක්‍රමයේ ඇති අඩු පාඩු දකින්න. මොකද මෙලෙස හැසිරුණ පලමු පුද්ගලයා වාසු නෙමෙයි. තවත් කව්ද සමාජවාදියෙක්, ආසනයට සැප පහසු රියේ ගොස්, ආසනය වටා කබල් පාපැදියක යන කතාවක් අසා තිබෙනවා.
      ලෝකයේ කිසිම තැනක ඔය දේසනා කරණ සම-සමාජෙ තිබ්බෙ නෑ. කිසිම සමාජවාදී නායකයෙක් , රටේ සාමාන්‍ය ජනයාට සාපේක්ෂව අල්පේච්ච ජීවිත ගතකලේ නෑ. අටවගත්ත හැම තැනම මේ සමාජවාදෙ අසාර්ථක වුනා. කොතනද වැරදුනේ?

      එකක් පැහැදිලියි. ධනවාදය පරිණාමයට පත්වෙමින් දියුණු වෙනවා, සමාජවාදෙ එක තැන පල් වෙනවා. සාකච්චා/ විවේචන/ වෙනස් වීම් වලට ආවාම සමාජවාදියො දක්වන්නෙ අන්තගාමි ආගමිකන්ගේ මරාගෙන මැරෙන ගති ලක්ෂණ. ඉතිං බරපතල වචන/ ගල්පැලෙන බොරු ඇදබාලා කැත වසා ගන්නවා. මේ ගැන පැරා දවසක් කතා කලා.

      Delete
    4. ඇනෝ ගේ මේ කමෙන්ටුව මං වෙනත් අදාල තැනක පල කළා!

      http://dayal-bathee.blogspot.com/2015/05/x-desperation.html?showComment=1432546452896#c6881756648073800475

      Delete
  20. පුක යනු කුනුහරුපයක් නොවේ...ක කා....

    ReplyDelete
  21. වයසෙ නෙමෙයි වැරැද්ද... වාසුගෙ රැවුලෙයි වැරැද්ද.. ඒක කපපුවාම හරි යනවා. මෙච්චර සරල දෙයක් වත් තේරෙන්නැති හැටි හැබෑට..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉන්න එපායැ, රනිල්ල, මෛත්‍රීල, රවීල වගේ නේද?

      Delete
  22. මම හිතන් හිටියේ වාසු මහත්තයෙක් කියල (ටිකක් විතර)එත් උත් ප ....යෙක්නේ ..........

    ReplyDelete
    Replies
    1. මා මේ ලිපියේ කියන්නේ අපි කාට කාටත් ඔය විදියට කටේ බ්රේක් නැති වෙන්න ඉඩ තියෙන බවයි!

      Delete
  23. වාසු කිව්ව වචනය හැන්සඩ් ගත වෙලා නැතිනම් ඒ වචනය "සුජාතභාවයෙන් තොර"වචනයක් ලෙසද පිළිගන්නේ.?

    ReplyDelete
    Replies
    1. හැන්සාඩ් එකෙන් අයින් කරන්නේ කුණුහරුප විතරක්ම නොවේ!

      හැන්සාඩ් එකෙන් අයින් කරන්නේ කුණුහරුප විතරක්ම නොවේ! කතානායකට හිතෙන හිතෙන පරිදි දේවල් ඉවත් කළ හැකි බව මා අසා තියෙන්නේ!

      Delete
  24. රැවුළ, තොප්පිය, රතු පාට ආදිය බොහොමයකට විලාසිතාවක් පමණි...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.