Wednesday 24 June 2015

වාසුදේව නානායක්කාර ගැන කුණුහරුප නැති කතාවක් - Vasudeva Nanayakkara, 1982 presidential election and left-of-the-centre alliances


හේමකුමාර හෝ යසපාලිත යන නම්වලට වඩා වාසුදේව යන පුද්ගල නාමයේ සෑහෙන වෙනසක් ඇත. මුල් නම් යුගල නිසැකව ම සිංහල යැයි පැවසිය හැකි වුවද වාසුදේව යනු කෙළින් ම ඉන්දියානු නමකි.

පුරාණ හින්දු ග්‍රන්ථවලට අනුව වාසුදේව යනු යමුනා ගංතෙර ළපලු ලතා යහනේ රාධා සමග පෙම් කෙළිමින් සිටි ක්‍රිෂ්ණා ගේ පියා ය. වාසු යන පදයේ තේරුම හොඳ යන්න ලු! ඒ අනුව වාසුදේව හොඳ දෙවියෙකි. මෙකී ඉන්දියානු වාසුදේව පප්පා ජීවත්ව සිටි කාලය තුළ කිසිදු බොරුවක් නො කියා සත්‍යවාදීව ජීවත් වූ අයෙකු ලෙස භගවත් ගීතය වැනි ග්‍රන්ථවල සඳහන් වී ඇති බව කියවේ.

දේවාරූඩයක් ඇති නිසා වාසුදේව යන්න ඉන්දියාවේ හින්දු භක්තිකයින් අතර ජනප්‍රිය නමක් විය යුතුය. එහෙත්, උප්පැන්නයේ ළමයා ගේ නම යන කොටුවේ වාසුදේව යන්න සඳහන් වී ඇති අය ලංකාවේ නම් එතරම් සුලභ නැති බව කිව හැක.

ඒ සමගම, අනාගතයේ වාසුදේව නාමය උප්පැන්නයක ළමයා ගේ නම කොටුවේ ලියවෙන්නට ඇති ඉඩකඩ ද අවම බව මගේ අදහසයි.

මා දන්නා වාසුදේවලා ඉන්නේ දෙදෙනෙකු පමණි. ඉන් එක් අයෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ උගත් ඇම්බීබීඇස් උපාධිධාරියෙකි. ඔහු අද කොතැන සිටී දැයි මම නොදනිමි.

මා දන්නා දෙවෙනි වාසුදේව ළමයා ගැන නම් මෙය කියවන ඔබ ද හොඳින් දනී. ඒ අද ලංකාවේ දී වාසුදේව කියා කියූ පමණින් සිහියට එන හිටපු විප්ලවවාදී, හිටපු ඇමති, පැහුණු වට්ටක්කා ගෙඩි නාමලාභී ගරු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මිස වෙනකෙකු නොවේ.

මම වාසුදේව නානායක්කාරව ජීවිතයේ දෙවරක් දැක ඇත්තෙමි.

දෙවෙනි වරට මා ඔහු දුටුවේ නවසමසමාජ පක්‍ෂය නියෝජනය කරමින් 1982 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ගනේමුල්ලේ දුම්රිය ස්ථානය අසලදී මහජන රැළියක් ඇමතු අවස්ථාවේ දී ය.

එදා ඔහු ඉදිරිපත් කළ කරුණු, ඔහු ගේ චතුර කථිකත්වය කෙතරම් මා සිත ඇද බැඳ ගත්තේ ද යත්, වාසුදේව නානායක්කාරට මගේ දෙවෙනි මනාපයවත් දෙන්නට මට සිතුණි.

ඇත්තට ම කියනවා නම්, ඊට පසු දිනයක මා නැරඹීමට ගිය ලංකා සමසමාජ පක්‍ෂයේ ජනාධිපතිවරණ රැස්වීමේ දී අපේක්‍ෂක කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා කළ කතාව ඇසුවායින් පසුව ද මට එවැනිම සිතුවිල්ලක්, එනම් කොල්වින්ට මගේ තෙවන මනාපය දිය යුතුය කියා, ඇතිවුණි. මට එසේ සිතුණේ මගේ අවංක කැමැත්ත හෙවත් මනාපය ඒ ආකාරයේ නිසා මිස ඒ ජනාධිපති ඡන්දයේ දී මනාප ක්‍රමය උපයෝගී වෙන ආකාරය ගැන නිවැරදි වැටහීමක් ඇතුව නොවේ.

නමුත් එදා කොල්වින් ආර් ද සිල්වා පැහැදිලිව ම කියා සිටියේ තමන්ට අවශ්‍ය පළමු මනාපය මිස දෙවන තුන්වන මනාප නොවන බවත්, තමාට පළමු මනාපය දී දෙවෙනි මනාපය "කන්ට්‍රැක්ටර්" කොබ්බෑකඩුවට දිය යුතු බවත්ය.

ඒ කතාව ඇසූ මට මෙකී මනාප ක්‍රමය ගැන කරුණු වැටහුණු අතර ඒ අවබෝධයේ ප්‍රතිඵලය වූයේ කොල්වින් ආර් ද සිල්වාට තමන්ට හිමිවෙන්නට තිබුණු මගේ තුන්වෙනි මනාපය අහිමි වූවා පමණක් නොව, වාසුදේව නානායක්කාරට තමන්ට හිමිවීමට නියමිතව තිබුණු මගේ දෙවන මනාපය ද අහිමි වීමයි!

මා එදා මගේ මංගල ඡන්දය ලකුණු කළේ මනාප කිසිවක් සහිතව නොව කෙළින්ම කතිරයකිනි!

මුල්වරට මා වාසුදේව නානායක්කාරව දුටුවේ දෙවනවර ඔහුව දකින්නට වසර දෙකකට පමණ පෙර පැවැත්වුණු ඥාතියෙකු ගේ විවාහ මංගලෝසවයක දී ය. ඔහු එහි පැමිණ සිටියේ මනමාල මහතා ගේ මිතුරෙකු ලෙසින් යැයි සිතමි. එදා විවාහයට එක් සාක්‍ෂිකරුවෙකු ලෙස අත්සන් කළේ ද එවකට වසර කිහිපයකට කලින් පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලුතින් පිහිටුවනු ලැබූ නවසමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ලෙස පරාජය පත්වී සිටි හිටපු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ය.

වාසුදේව සමග ඒ විවාහයේ අනෙක් සාක්‍ෂිකරුවා වූයේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම ය. ඔහු මා කලින් සඳහන් කළ ලංකා සමසමාජ පක්‍ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා ගේ දියණිය මනෝරි ගේ ස්වාමි පුරුෂයා විය.

නව සමසමාජ පක්‍ෂය යනු ලංකා සමසමාජ පක්‍ෂයෙන් කැඩී ගිය ඇමීබා පක්‍ෂයකි. එසේම ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ මුල් තිබුණේ ද ලංකා සමසමාජ පක්‍ෂයේ ය. වසර 1970 සිට බලයේ සිටි සමගි පෙරමුණ ආණ්ඩුවේ මේ පක්‍ෂ දෙක සභාගයක සිටිය නමුත් මේ මංගල්‍යය පැවැත්වෙන කාලය වෙන විට ඒ සභාගයන් කැඩී ගොස් තිබුණි. ඒ සභාග බිඳී යාමට මූලිකම හේතු වූයේ පක්‍ෂ අතර තිබූ මතවාදී නොගැලපීම් යැයි සිතමි.

අවාසනාවට මෙන් මේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම සහ නව සමසමාජ පක්‍ෂයේ වාසුදේව නානායක්කාර සාක්‍ෂියට අත්සන් කළ විවාහයට සිදුවුණේ ද ඒ සමගි පෙරමුණ සභාගයට සිදු වූ දෙය ම ය.

විවාහය මාස තුනකින් පමණ කැඩී ගියේ ය!

ඒ දිනවල මතවාදී කරුණු මත වාමාංශික සභාග මෙන් ම වාමාංශික දේශපාලන පක්‍ෂ ද කැඩී ගිය ද, 1988 දී පමණ ඇරඹුණු මේ සමසමාජ-කොමියුනිස්ට් වාමාංශික පක්‍ෂ යුගලේ විවාහය අද දක්වාම පැවතෙනු දැකිය හැකිය.

එයට හේතුව අද ඔවුන් ගේ මතවාදය වී ඇත්තේ මාක්ස්-ලෙනින්-ට්‍රොට්ස්කි වාදය නොව බඩගෝස්තරවාදය නිසා විය හැකි බව සිතේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වාසුදේව නානායක්කාර සහ අපේ මියගිය ආච්චී ගැන මා ලියූ ලිපිය කියවා තිබේද?
http://rasikalogy.blogspot.com.au/2015/05/verbal-incontinence.html

(Image: https://scontent.xx.fbcdn.net/hphotos-xaf1/t31.0-8/11402281_10153398163973988_6214977310146290409_o.jpg)

42 comments:

  1. මොනවද කකා මේ ලියන කතා? බල්ලෙක්වත් කියවනවද මේවා?

    ReplyDelete
    Replies
    1. අයියෝ මං හිතුවේ ඔහේවත් මේක කියවාවි කියලයි!

      Delete
    2. ++++++++++++++++++++++++++

      Delete
    3. අනේ නෑ කකා. මේවා කියවන්න මට ඔලුවෙ අමාරුවක් තියෙනවය හිටං?

      Delete
  2. ඔය අපි පාර්ලිමේන්තුවේදි දේශපාලන වේදිකාවේදි දකින වාසුදේව නානායක්කාර කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වාසුදේව නානායක්කාර කෙනෙක් විසින් රගපාන චරිතයක්. ගොඩක් දේශපාලනඥයෝ බඩගෝස්තරවාදීන් හැබැයි වාසුදේව ඒ අංශෙන් ඔස්තාද් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ කාලයත් සමග සිදුවුණු වෙනසක් කියායි.

      තරුණ කාලයේ ඔහුට රඟපෑමක් කරන්නට අවශ්‍යතාවක් තිබුණේ නෑ. ඒ ජිවිතයෙන් ඔහුට සිදුවුණේ පෞද්ගලික පාඩු පමණයි.

      Delete
  3. දාර්ශනික මතවාද සළුවලින් හෙළුව වසාගත් දේශපාලන අඥයන් කීදෙනකු ජනතාව රවටන්ඩ උත්සාහ කරනාවාද රසික

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      කෙලින්ම දේශපාලුවෙකු නොව නලින්ද සිලුවාවත් මා දාන්නේ ඒ ගොඩටයි.

      Delete
  4. එයට හේතුව අද ඔවුන් ගේ මතවාදය වී ඇත්තේ මාක්ස්-ලෙනින්-ට්‍රොට්ස්කි වාදය නොව බඩගෝස්තරවාදය නිසා විය හැකි බව සිතේ.///
    ඒ දෙගොල්ලට විතරක් යැ කකා බහුතරය ම අද එහෙමයි... වැඩිය ඕන නෑ ගිය ලොකු තැන සහ ඉන්න ලොකු තැනත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. ධනපති පක්‍ෂ දෙකේ අය එසේ හැසීරීම එදා සිටම දන්නා කාරණයකි.
      සමාජවාදය සහ නිර්ධන පන්ති ආඥාදායකත්වය වෙනුවෙන් පෙනී සිටි අය ගැනයි මා කියා ඇත්තේ!

      Delete
  5. //ඒ සමගම, අනාගතයේ වාසුදේව නාමය උප්පැන්නයක ළමයා ගේ නම කොටුවේ ලියවෙන්නට ඇති ඉඩකඩ ද අවම බව මගේ අදහසයි//
    වාසුදේව කියල නම තිව්වොත් කොල්ල ලොකුවුනාම අර වචනෙ කියයි ඌට!

    ReplyDelete
    Replies
    1. මොකද්ද අයිසෙ ඔය වචනෙ පකයද

      Delete
    2. නෑ පරණ වට්ටක්කා...

      Delete
    3. අද මෙන්ම වාසිදේව කියාත් කියන්නට ඉඩ තිබේ!

      Delete
  6. මේ බඩගොස්තරවාදයට වඩානම් අර ඇමීබාකරණයත් හොඳයි නේද ? ඒත් එහෙම වෙල වෙලා ආයේ එහෙම වෙන්නේ ඉඩක් නැති වුණාට පස්සේ මෙතැනට වැටෙනවද මන්දා !

    ReplyDelete
    Replies
    1. වාමාංශික පක්‍ෂවල ඇමීබාකරණය සැම විටම ප්‍රතිපත්ති සහගත වැඩක් විය.

      Delete
  7. සම සමාජය හා සමාජ වාදය කියන වචන මේ රටේ තරම් වේසකමේ යවපු වාමාංශික පක්ශ අනෙක් රටවලත් තියෙනවද මංද.. නොදකින්.

    ReplyDelete
    Replies
    1. --සදේව ද එතකොට?

      Delete
    2. වේසකමේ යැවීම යනු පිම්පිකමයි. ඒ සඳහා පුස්සදේව වීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ!

      Delete
  8. මේ උද්ඝෝෂකයන්ට අද හිතෙනවා ඇති මූව ඇතුළෙම තිබ්බා නම් හොඳයි කියලා...!

    ReplyDelete
    Replies
    1. ඒ දැන ගන්නට ලැබුණු පරිදි 1980 දී කළ උද්ඝෝෂණයක්. ජූලි වැඩවර්ජනයෙන් පසු වාසුදේව අත්අඩංශගුවට ගෙන තියෙනවා. මා මුලින්ම වාසු දුටු වෙඩිම තිබුණේ සැප්තැම්බරයේ දී යි.

      Delete
  9. විකුණන්න ලේසි දේවල් කීපයක් තියෙනවා. අපේ රටේ එහෙම ලේසියෙන් විකුණන්න පුළුවන් දෙයක් තමයි සමාජවාදේ. ඒකට අහු වෙන උන් හරක්, ඒත් විකුණන එකා හොඳ සල්ලි කාරයෙක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. වාසූ දේශපාළණය කළේ (ආයෙත් නම් එන එකක් නෑ) විනෝදාංශයක් විදියට..

      Delete
    2. සල්ලිකාරයෙකු වෙනවා ය කියන කතාව නම් පදනම් විරහිතයි!
      උදාහරණයක් දෙන්න හැකිද?

      Delete
    3. ඇනිත් හැම එකාම වගේ අමාත්‍යංශයෙන් ගන්න පුළුවන් ඔක්කෝම අරගෙන තියෙන්නේ. කොමිස් ගහන්නේ නැති එක ඇමිතියෙක් නෑ..

      Delete
  10. ඔය කියන එම්බීබීඑස් වාසුදේව කලම්බු වල මෙඩිකල් ඔෆිසර් වෙලා හිටියා.. ගමනං බොරලැස්ගමුවේ වෙන්ටෝනේ. හන්දියේ කඩයක්.. (සොරි.. චැනල් සෙන්ටර් එකක්) දාගෙනත් ඉන්නවා.. කියන බුවා එයා නං... වාසුදේව පකයා මාත් දෙපාරක් දැක්කා. එක පාරක් තිරිවිලර් එකක යනවා දැක්කා. එක පාරක් ඔය කියපු සම සමාජය යුනියන් කාමරේදි දැක්කා..

    ReplyDelete
    Replies
    1. ඒ වාසුදේව ගැනත් කතාවක් මං ලක්බිම පත්තරේට ලියා තියෙනවා අවුරුදු හය හතකට කලින්. මං යොදා ගත්තු නම කාලුදේව!

      Delete
    2. ඔයා අර කකා වගේ ලින්ක් දාන්නෑනේ..

      Delete
  11. ඇලෙක්ස් ඩිලාජ්24 June 2015 at 15:41

    වාසුදේව ගැන කාලයක් ලොකු ගෞරවයක් තිබුනා - මිනිහව කොළඹට දැම්ම වෙලාවේ අවංකවම නගරාධිපති වෙයි කියල ප්‍රාර්ථනා කළා - අර කෙන් ලිවිංග්ස්ටන් ව‍ගේ මාර චරිතයක් කියල තමයි හිතං හිටියේ - පස්සෙ මට තේරුනේ පොලිටිකලි කරෙක්ට් කෙන් ලිවිංග්ස්ටන් කොහොමත් බොරිස් ජොන්සන් තරං පොරක් නෙවේ හැබැයි අපේ වාසු කොහොමවත් පොරක් නෙවේ කියලයි

    ReplyDelete
    Replies
    1. වාසුදේව ගේ පක්‍ෂේ කලින් නායක ඇන්ඇම් පෙරේරා කාලයකට ඉස්සර කොළඹ නගරාධිපති වෙලා ඉඳලා තියෙනවා.

      කේ ජයතිලක නගරාධිපති කියලා පොතක් ලියලා තියෙන්නේ ඒ ගැන ද කොහෙද!

      Delete
  12. වාසුදේව කියන්නෙ විෂ්ණු දෙවියො නේද?

    අපේ වාසුදේව ගෙඩියා ගැටේ කාලෙ සමසමාජෙට සෙට් වෙලා හිටියනෙ. යසපාලිතයි හේමකුමාරයි දෙපැත්තකට ගියා සහෝදරයො වුනාට. සමසමාජෙන් වාසු කැඩුනෙ බාහුත් එක්කලා. නව සමසමාජ පක්ෂෙ හදාගත්තට වාසු එතනිනුත් විසි වෙලා තමයි මහරජාගෙ පිළිකන්නට බඩගෑවෙ.

    වාසුගෙ කතා විලාසය (ඔය ලඟකදි ඉඳන් කතා කරන ගෙඩි කතා නෙවෙයි) බොහොම සිත් ගන්නා සුළුයි. කරුණු කාරණා පැහැදිළි කරල දෙන්න දක්ෂ කමක් තිබුන. ඒ කතා විලාසය හේමකුමාර ළඟත් තරමක් දුරට තියනව. යසපාලිත කතා කරනවා මං අහල නෑ. රසිකට ඡන්දයක් - මනාපයක් දෙන්න ඕනැ කියල මොහොතකට හරි හිතුන එක අරුමයක් නෙවෙයි.

    මටත් හිතෙන්නෙ ඇමීබාවෙක් වෙලා ඉන්න එකයි හොඳ. රෙද්ද අස්සෙ රිංගන මැක්කෙක් වෙනවට වඩා. මේ ඇමීබා බෙදීම් ලංකාවෙ ඇතිවුන බෙදීම් නෙවෙයි ගොඩක් වෙලාවට. ජාත්‍යන්තර තලයේ බෙදීම්. ලෙනින්ගෙන් ට්‍රොට්ස්කි කැඩිච්ච දවසෙ ඉඳල ඔය ආකාරයේ බෙදීම් තිබුනනෙ. ඉස්සේලම හතරවැනි ජාත්‍යන්තරේ කැඩුන. ඊට පස්සෙ ජාත්‍යන්තර කමිටුවයි එක්සත් ලේකම් මණ්ඩලයයි කැඩුන. කොහොමටත් ඇමතිකමක් නොලැබීීම නිසා කැඩෙනවට වඩා යුක්තිසහගත බවත් ඒ කැඩීම් බෙදීම් වල තිබුන.

    දැන්නම් වාසු බයිට් එකක් විතරයි. ප්‍රසිද්ධියේ කුනුහරප කියන්නයි ලියන්නයි අවස්ථාවක් හදල දුන්න වාසුට නිවන් සැපම ලැබෙන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. හේමතුමාර වගේ මන්තිරියෙක් නොවුණාට යසපාලිතත් දේශපාලනය කළා, ඒ විජය කුමරතුංගලත් එක්ක මහජන පක්‍ෂයෙන්.

      කුණුහරුපය සබයට ගෙනැල්ලා සබකෝලය නැති කළ එක නම් තව දශක ගණනාවකට අමතක නොවෙන වැඩක්.

      Delete
  13. කඩා වැටුනු කඩදාසි වීරයෙක්

    ReplyDelete
    Replies
    1. ළඟදීම එයා ගේ දේශපාලනය නම් අවසාන වේවි!

      Delete
  14. වාසු කියන්නෙ උපන් ගෙයි සල්ලි කාරයෙක්. කොහොම වෙතත් තරුණ අවධියෙ බොහෝ දෙනෙක් රැඩිකල්, ඒ වාගෙම විප්ලවාදීයි, යුක්තිය වෙනුවෙන් සටන් කරන්න කැමැතියි. ලංකාවෙ මේ අයගෙ මේ මතවාදය පෝෂණය කරන්නෙ වමේ පක්ෂ. කොමියුනිස්ට් රටවල මෙය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් කරන පාර්ශව වෙනකොට ලංකාවෙ කොමියුනිස්ට් හෝ සමාජවාදය ඉල්ලා සටන් කරන වමේ පක්ෂ. වාසුත් තරුණ ජවය සමග සමාජවාදය ගේන්න සටන් කරපු කෙනෙක්. ඒත් ධනවතෙක් නිසා ඔහුගෙ ජීවිතය ගතවෙන්නෙ සමාජවාදී ක්‍රමයකට නෙවෙයි, ලංකාවෙ ඉහල පන්තියෙ අයගෙ සුඛෝපභෝගී ජීවිතයක්. දරුවො ඉගෙන ගන්නෙ කොළඹ සිපිරි පාසැල්වල, උසස් අධ්‍යාපනයට යන්නෙ හැමදාම බණින ඇමරිකාවට. ඔහු පැමිණි රූපවාහිනී සාකච්ඡාවකදී මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළා මතකයි. ඔහුගෙ උත්තරය වුණේ දරුවන්ට හොඳම දේ දිය යුතුබව හා මේ සියල්ල ඔහුගේ මුදලින් සිදු කරන බැවින් ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීමට වෙනත් අයට අයිතියක් නැති බවයි.එය My car, My petrol වර්ගයේ කතාවක්. එතනින් පසු එම සිදුවීම ප්‍රශ්න කිරීම නැවතුනා. මගේ පෞදගලික මතය නම් වාසුදේව තරුණ කාලයේ තරුණ ජවය සමග රැඩිකල් මානසිකත්වයක සිට සමාජවාදය වෙනුවෙන් පෙනී සිටියත්, ඔහු කිසි දිනෙක සමාජවාදී දිවි පෙවතක් ගතකළ අයෙක් නෙවෙයි. තම මතවාදයත් සමග වයසට යන ඔහු ඉන් පසු මෙය භාවිතා කළේ ජනතාවගේ ඡන්දයෙන් පාලිමන්ට් යාමට පමණයි. අදටත් ඔහු කරන්නේ මෙයයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි ජේආර් නසසය තහනම් කළ කාලේ නම් දුක් විඳින්න ඇති!

      Delete
  15. ඇලෙක්ස් ඩිලාජ්25 June 2015 at 18:46

    //ඔහු කිසි දිනෙක සමාජවාදී දිවි පෙවතක් ගතකළ අයෙක් නෙවෙයි. තම මතවාදයත් සමග වයසට යන ඔහු ඉන් පසු මෙය භාවිතා කළේ ජනතාවගේ ඡන්දයෙන් පාලිමන්ට් යාමට පමණයි. අදටත් ඔහු කරන්නේ මෙයයි.///
    හොඳ විග්‍රහයක් රොබට් - මමත් හිතන්නේ එය විය හැකියි

    ReplyDelete
    Replies
    1. විය හැකියි ද, වෙලා ඉවරද?

      Delete
  16. රසිකගේ කලින් ලිපියට වාසුදේවගේ "කිරිඇල්ලේ මිනිසුන් ගොනාට අන්දපු" කොමෙන්ටුව දැම්මේ මා විසින්. මේ ලිපියේ ඔබ සරත් මුත්තෙට්ටුවේගම ගැන සඳහන් කරපු නිසා වචනයක් ලියන්නම්. සරත් මුත්තෙට්ටුවේගම වගේ අව්‍යාජ, නිරහන්කර, සැබෑ මානුෂවාදී ගති ඇති ඉතා අවංක පුද්ගලයෙකු ළඟ, වාසුදේව අගුටුමිට්ටේකි. අකාලයේ රිය අනතුරකින් කළවානටත් රටටත් අහිමි වූ සරත්, අද දවසේ රටට අවශ්‍යමකරන ජනතාවාදී දෙශපාලනඥයෙකි.

    ReplyDelete
    Replies
    1. සරත් රදල පවුලක කෙනෙක්. ඔහු කොල්වින් ගේ දුව බැන්ද එකෙන්ම ඔහු රදල පිළිවෙතක් නැති බව තේරෙනවා.

      Delete
  17. සුදුසු කලට විශ්‍රාම නොගිය විප්ලවවාදියා විකාරයක් සහ වාතයක් වෙන්නේ කොහොමද කියන එකට හොඳම උදාහරණෙ තමයි වාසු.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.