මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Saturday 6 May 2017
ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?
මා ලියා පළ කර ඇති එක් දහස් පන්සීයකට වැඩි ප්‍රමාණයක විවිධ ලිපි ලේඛනවලින් අති බහුතරයක, මා හිතන ආකාරයට සියයට අනූපහකට වඩා වැඩි ප්‍රමාණයක, අන්තර්ගතය වී ඇත්තේ මගේ ප්‍රාථමික සහ ද්විතියික අත්දැකීම් ය.
මෙහි දී ප්‍රාථමික අත්දැකීම් යන්නෙන් මා අදහස් කළේ, එක එල්ලේ ම මා විසින් අත්විඳින ලද දේ ය. ඒ සමගම, ද්වීතියික අත් දැකීම් යනුවෙන් මා අදහස් කරන්නේ වෙනත් අයෙකු විසින් අත්විඳි දෙයක් ඔවුන් විසින් මට සමග පවසන විට මා ලබන ඒ වක්‍රාකාර අත්දැකීම් වේ.
ඉහත අර්ථදැක්වීම්, ඒ සඳහා වන පිළිගත් නිරුක්ති නොවීමට ඉඩ ඇති බව සලකන්න.
කෙසේ වෙතත්, මා සැමදා කළේ, මගේ මතකයේ තැන්පත්ව ඇති මා ලද ඒ අත්දැකීම් ලේඛනගත කිරීමයි. ඒ කර්තව්‍යයේ දී, හුදෙක් ම වාර්තාමය ආකාරයකින් අත්දැකීම් ලියා තබනවාට වඩා, හැකි සැම විටම පාහේ, විස්තර වර්ණනා, ආරළු බූරළු ඇතුළත් කරමින්, මගේ ලේඛනය වර්ණවත් කරන්නට මම උත්සාහ කළෙමි.
එසේ කරන ලේඛනයක්, ප්‍රසිද්ධ අවකාශයක පළ කරන්නේ වෙනත් අය ගේ කියවීම පිණිස ය. මෙහි දී ඉතා වැදගත් වෙන කාරණයක් නම්, අපේ පුද්ගලික අත්දැකීම, කොයි තරම් හොඳින් පොදු රසාස්වාදනය නැංවීම පිණිස සකස් වී ඇති ද යන්නයි.
එය ද එක්තරා නිර්මාණ කාර්යයකි.
කෙටිකතාවක් හෝ නවකතාවක් රචනා කිරීමේ දී, ඒ නිර්මාණකරණය වඩාත් ප්‍රශස්ත මට්ටමකින් කළ යුතු ය.
මීට වසර දහයකට පමණ ඉහත කාලයක දී මගේ අත්දැකීම් ඇතුළත් සටහන් කිහිපයක්, "හැරිස් ගේ කොලම" නමින්, මෙල්බර්න් නගරයේ පළවෙන පහන මාසික සඟරාවේ පළ වී තිබුණි.
නමුත්, ඒ සටහන් තුළ මගේ පුද්ගලික අත්දැකීම් ප්‍රශස්ත ලෙස පොදු රසාස්වාදය සඳහා ඉහළ නැංවි ඇති දැකි මට ඇතිව තිබුණේ ප්‍රශ්නයකි.
මා කළේ, ඒ වන විට හැරිස් ගේ කොලම සඳහා ලියා පළ නොකර තිබුණු කොටස් දෙකක්, තවත් වරක් සංස්කරණය කර, මා ඒ කාලයේ යාන්තමින් හඳුනන, ජගත් ජේ එදිරිසිංහට යැවීමයි. මා ඔහුගෙන් විමසා සිටියේ, මගේ පුද්ගලික අත්දැකීම, වෙනත් අයෙකුට කියවා රස විඳීම සඳහා සකස් වී තිබේ ද, ඒවා තවත් හොඳින් සකසන්නේ කෙසේ ද යන කාරණා ය.
"මේවා හොඳයි, අපි සන්නස සඟරාවේ පළ කරමු!" ජගත් ලියා එව්වේ ය.
"නෑ, නෑ, ඕවා නොවෙයි, ජීවිතයේ නිශ්චිත කාලයක අත්දැකීම් ගැන මං වෙනම සටහන් මාලාවක් ලියන්නම්!" මම ජගත්ට කිව්වෙමි.
ඒ අනුව මා ලියූ සටහන් විසි හතරක් පමා නොවී එමි අකුරට නමින් කොලමක් ලෙස සන්නස සඟරාවේ පළ විය.
පසුව මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සමරන්නට සිව් වසරක් මරදානේ නමින් පොතක් ලෙස පළ වුණේ මගේ ඒ සටහන් මාලාවයි.
මෙය කෙටිකතා එකතුවක් හෝ කෙටි නවකතාවක් හෝ වැනි නිර්මාණාත්මක ග්‍රන්ථයක් නොවේ.
නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි!
කෙටිකතා දෙක තුනක් ලියා ඇතත්, මා අතින් නවකතාවක් වැනි නිර්මාණයක් කෙදිනක හෝ ලියවෙනු ඇතැයි මට නම් නොසිතේ.
-රසිකොලොජිස්ට්
Subscribe to:
Post Comments (Atom)
බරපතළ වුවත් ඔබට නවකතාවක් ලියන්නට ඇති හැකියාව ඉහළය. උත්සාහ කරමු.
ReplyDeleteමා නවකතාවක් යන්නෙන් අදහස් කළේ මගේ අත්දැකීම්වලින් පරිබාහිර වූ තනිකරම නිර්මාණයක් ගැනයි. මඩවල ගේ නවකතා, අමරකීර්ති ගේ අම්බකාරක වගේ ඒවා!
Deleteඅමරකීර්ති ගේ අහම්බකාරක වගේ නවකතාවක නම් අපි කාගෙත් අත්දැකිම් නැතැයි කියන්නට හැක්කේ කාටද !
Deleteඅහම්බකාරක නිර්මාණයේ මා අදහස් කළේ වසර ගණනාවක් ම කන් නොඇසෙන ගොළුවෙකු ලෙස සිටින චරිතය මුළුමනින් ම වෙනත් අරුතක් දීම සඳහා කළ නිර්මාණක් යන්නයි. එහෙම පුද්ගලයෙකු ඇත්තටම සිටියා නොවෙයි නේ?
Deleteසංකේතාත්මකව ඒ ගොළු චරිතය අමරකීර්ති යොදා ගන්න ඇත්තේ මේ සමාජයේ ජිවත් වෙන සමාජ අසාධාරණය,අයුක්තිය ඉදිරියේ නිහඩව ඉන්න ව්‍යාජ ගොළු,බිහිරන් නිරුපණය කරන්න වෙන්න ඇති කියලයි මගේ හැඟීම.
Deleteඑහෙම අය නම් අප අතර ඕන තරම් ඉන්නවා නේද ?
නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි!
ReplyDelete/* නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි! */
DeleteNovel කියනඑකට වෙන සුදුසු වචනයක් නැද්ද?
ReplyDeleteඉංග්ලිෂ් Novel යන්නට භාවිතාවෙන නවකතාව යන වචනයේ ඇති වරදක් තිබේද?
Deleteනවකතාව හැර වෙනත් වචනයක් යොදා ගන්නට නම් Novel යන්නත් වෙනස් කළ යුතු වේවි!
සුබපැතුම්.. සාර්ථකව නිර්මාණ කිරීමට හැකිවේවා...
ReplyDeleteස්තුතියි!
DeleteRajge blog ekata yanna bari ayi, kawuruhari rajta kiyanna
ReplyDeleteThis comment has been removed by the author.
Deleteරාජ් ළඟ දී ලිපියක් ලිව්වා ද?
Deleteරාජ් ගේ බ්ලොගයට පිවිසීම ඔහු විසින් ම වලක්වා දමා ඇති බව පෙනේ. නඩත්තු කටයුතු කරනවා විය යුතුයි!
DeleteOk thanks! Hope to see him soon!
Delete+++
ReplyDeleteඉයන් එක්ක ගත්තාම ඩියෝන් ගේ ධනාත්මකබව වැඩියි වගේ!
Delete++++
ReplyDeleteඩියෝන්ට වඩා ඉයන් ධනාත්මකයි වගේ!
Deleteරසිකට නවකතාවක් රචනා කරන්නට නොහැකිය යයි මම නම් නොසිතමි.
ReplyDeleteලියන්න උත්සාහ කරලාම බලන්න ඕනෑ. නමුත් නිර්මාණය යන්න අපහසු දෙයක්!
Deleteමම දැනගෙන හිටියෙ නැහැ රසිකත් පරිප්පුවෙක් කියල 🙂
ReplyDelete