සාරප්‍රභාගිර යන වචනයේ සැබෑ තේරුම මම නොදනිමි.
මා දන්නේ එය සහෘද බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයෙන් ප්‍රභාරය වෙන වැඩ සටහනක් බව පමණකි.
පසුගිය සැප්තැම්බරයේ මා ලංකාවට ගිය කාලයේ දී අජිත් පැරකුම් ජයසිංහ තමන්ගේ සාරප්‍රභාගිර වැඩසටහනට සහභාගී වෙන ලෙස මට ආරාධනා කළේ ය.
මම ඉතා සතුටෙන් ඒ ආරාධනය පිළි ගත්තෙමි.
සැප්තැම්බර් 28 වෙනි සිකුරාදා උදෑසන ගුවන්විදුලි සංස්ථාවට ගියෙමි. සාරප්‍රභාගිර සාකච්ඡාව පැයක් පමණ වේලාවක් පැවැත්වුණි.
විකාශනාගාරය ඇතුළත දී, මා අත තිබූ ටැබ් උපකරණයෙන් ඒ සාකච්ඡාවේ ඩිජිටල් පිටපතක් සටහන් කරගන්නට මට හැකි විය.
පහත ඇත්තේ ඒ හඬ සටහනේ යූටියුබ් සංස්කරණයයි.
කැමති, අවැසි අයගේ ප්‍රයෝජනය පිණිස ය.
මා ඒ සාකච්ඡාව සටහන් කර ගත්තේ මෙසේ පළ කරන්නට සිතා ගෙන ම නොවේ.
පසුගිය දිනවල වෙනත් අයෙකු රූපවාහිනියේ කළ කතාවක් පිළිබඳ සිනුවර දී ඇතිවුණු සාකච්ඡාවක් නිසා මෙය පළ කරන්නට සිත්විය.
ස්තුතියි.
රසික සූරියආරච්චි
(image: )