Showing posts with label සංවත්සර. Show all posts
Showing posts with label සංවත්සර. Show all posts

Wednesday, 30 October 2024

උපන්දින මතක - Happy birthdays were not there at the begining!


ඔක්තෝබර් 27 දින මේ බ්ලොගයේ ද, මගේ ද උපන්දිනයයි. නමුත් මේ කෙටි සටහන නම් ජීවිතයේ මුල් කාලයේ මගේ උපන්දින සංවත්සර දිනය ගෙවුණු ආකාරය ගැනයි.

මා කුඩා කාලයේ උපන්දින යනු සාමාන්‍ය දින ම වූවා මිස කිසිදු විශේෂත්වයක් තිබුණු බවක් මගේ මතකයේ නැත.

අප නිවසට නුදුරින් පිහිටා තිබුණු නිවසක විසූ මගේ ඥාතියකු ද වන මට වඩා මාස හයක් පමණ වයසින් වැඩිමහල් මිතුරෙකු වූ ආනන්ද ජයතිලකට නම් ඒ දිනවල ඔහුගේ උපන්දිනය දා කොස්සින්න පන්සලේ මල් පූජා පින්කමකට සහභාගී වීමට සිදුවිය. මේ බව මට මතක තියෙන්නේ අප කුඩා කාලයේ එක් වසරක, අප්‍රේල් 28 වෙනිදාවක් වැනි දිනයක, පන්සලට ගෙනියාම සඳහා අරලියමල් කැඩීමට මා ද ඔහු සමග ගිය බැවිනි.

පසු කලෙක අපේ අම්මා කේක් හදන්නට ඉගෙන ගත් පසු ඇය තම දරුවන් තිදෙනාගේ උපන් දිනවල අනිවාර්යයෙන්ම කේක් බේක් කළාය. අපේ ප්‍රියතම කේක් වර්ගය වූයේ රටඉඳි යොදා සාදන ඩේට් කේක් එකයි.

කේක් සාදා, කපා, කෑව ද "හැපි බර්ත් ඩේ" ගීය ගායනා කිරීම හෝ විශේෂ තෑගි දීම යනාදිය අපට හුරුපුරුදු වූයේ නැත.

අතීතය ගැන කල්පනා කර බැලීමේදී සාමාන්‍යයෙන් තරුණ ජීවිතයේ වැදගත් ලෙස සැලකෙන දහඅටවෙනි උපන්දිනය දින, ඒ වන විට උසස් පෙළ විභාගයෙන් පසු ඉසුඹුළමින් සිටි මා ගත කළේ මගේ මව් පාර්ශයේ මහ ගෙදර බව පෙනේ. එලෙසම වැදගත් වයස විසි එකේ උපන් දිනය මා ගත කරන්නට ඇත්තේ නුවරඑළියේ බෝඩිමක ය. ඒ වනවිට මා පෙම්වතෙකි.

විශේෂ වැදගත්කමක් නැති වයස විසිතුනේ උපන්දනය දා මා තව සති දෙකකින් පමණ පැවැත්වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් කඩඉමට සූදානම් වෙමින් සිටියෙමි. වයස විසිහතරේ උපන්දනය දා, සෙකන්ඩ්-අපර් උපාධිය ද සහිතව රස්තියාදුවෙමින් සිටියෙමි. උපන්දිනය යනු තවමත් මගේ ජීවිතයේ වැදගත් දෙයක් නොවීය

මගේ මතකයේ හොඳින් රැදී ඇති එක් උපන්දිනයක් නම්, මගේ 27 වෙනි උපන්දිනයයි. එදින ජීවිතයේ මුල්වරට මට මිතුරන්ගෙන් සුබපැතුම් පණිවිඩ ලැබුණි. අප කිහිපදෙනෙකු බැංකොක් තදාසන්නයේ ආසියානු තාක්ෂණ ආයතනය නුදුරේ පිහිටි "පපා" ෂොප් එකට ගොස් "සිංහ" බියර් බොමින් "මමා" නූඩ්ල්ස් කෑවෙමු. එනිසා එය මා උපන්දිනයක් සැමරූ මුල් ම අවස්ථාව විය යුතුය.

මට වයස තිහ සම්පූර්ණ වූ උපන්දිනය වන විට මා විවාහකයෙකි. එදින අප කුමක් කළේදැයි මගේ මතකයේ සඳහන්ව නැත. නමුත් අප දෙදෙනා කාමර දෙකක් කුලියට ගෙන පදිංචිව සිටි ගම්පහ ශාන්ති පාරේ නිවසට නුදුරින් පිහිටි සතොස වෙළඳ සැලේ තිබූ මග් එකක්, එහි මුද්‍රණය කර තිබුණු වැකිය නිසා මගේ සිත් ගත් අතර ඇය කැමති නම් මට උපන්දින ත්‍යාගයක් ලෙස එය ලබා දෙන ලෙස මම බිරිඳගෙන් ඉල්ලුවෙමි.

ඇය එය මට මිළට ගෙන දුන් අතර තවත් වසර තුනකට පමණ පසු අප ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන විට මම එය ලංකාවේ අමතක කර දමා ආවෙමි.

රුපියල්වලින් ගණං බැලුවොතින් නම් මම අද බහු-මිලියනපතියෙක් මි.

ඩොලර් මිණුමෙන් මිලියනපතියෙකු වීම සඳහා මේ සතියේ බ්‍රහස්පතින්දා ලොතරැයියක් මිල දී ගැනීමට අදහස් කරමි.

- රසික සූරියආරච්චි

(image: created using AI)

Saturday, 28 October 2023

තවත් එක් සැමරුමක් - Just one of those days


රසිකොලොජි බ්ලොගය අරඹා අදට අවුරුදු නමයක් සම්පූර්ණ විය.

මේ බ්ලොගය මා ඇරඹුවේ මගේ උපන් දිනය දවසේ බව ද සිහිපත් වේ.

බ්ලොග් සංවත්සරය වෙනුවෙන් අලුතෙන් යමක් ලියන්නට සිතා සිටිය ද විවිධ හේතු නිසා ඊට ඉඩක් ලබා නොදෙමින් ම දවස ගෙවී ගියේය. එනිසා වසරකට පමණ පෙර ලියන ලද කවියක් මෙහි පළ කරමි.

කෙටි ඉඩ නිමවිය

කෙටි ඉඩක් ඇත දිනපොතේ
ලියන්නට කවියක්
කුමක් ලියමිද නොම සිතේ
මුළු සිත ම අවුලක්

වසන්තය අද හෙට එතේ
කියූවද කොවුළෙක්
දිගන්තයෙ පැතිරී ඇතේ
කළු වළා පොකුරක්

කුමක් ලියමි ද නොම සිතේ
මුළු සිතම අවුලක්
තිබූ කෙටි ඉඩ නිමවෙතේ
මෙහි නොමැත කවියක්


ජයවේවා!

- රසික සූරියආරච්චි

(ඡායාරූපය මගේ දිනපොතකිනි. මෙය ඇත්තටම එහි තිබූ කුඩා ඉඩක, සුලු වේලාවක් තුළ ලියූ කවියකි.)

Tuesday, 3 January 2023

ගිය වසරේ (2022) මගේ "ඇවිදින අපලේ" - Journeys in 2022


ගිය වසර (2022) මට "ඇවිදින අපලයක්" ම විය.

ඒ කියන්නේ ගෙවුණු 2022 තරම් මට විවිධ නගර ගම්දනව් කරා යන්නට සිදු වූ වෙනත් වසරක් නොමැති බවයි.

වසර ඇරඹුණේ ම, ජනවාරි මස පළමුවෙනිදා, අප සිව්දෙනා කෝවිඩ් සැදී නිරෝධායනයේ එතෙක් සිටි තැස්මේනියාවේ ලොන්සෙස්ටන් නගරයෙන් පිටත්ව මෙල්බර්න් හරහා නිවසට පැමිණීමෙනි.
https://rasikalogy.blogspot.com/2022/01/last-scroll-of-my-omicron-diary.html

ජනවාරි 22-25 දක්වා නිවසින් කිලෝමීටර් 150 පමණ දුරකින් පිහිටි බෙරී නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02HArzEuF868RMurSgXCYmTXME93ukc9EhL9cUZRr1GZ66qagMXaWncqFg7qEpNn77l

මාර්තු මාසයේ 6/7 සති අන්තයේ කැන්බරා නුවර ගත කළෙමු. අප දෙදෙනා මංගලෝත්සවයක් සඳහා ගිය ගමනකි.
https://rasikalogy.blogspot.com/2022/03/ask-me-or-not-ask-me.html

අප්‍රියෙල් මාසයේ 5-21 දක්වා කාලය ගතවුණේ ශ්‍රී ලංකාවේ ය. තනිවම ගිය ගමනකි. අම්මාගේ ශල්‍යකර්මයක් සඳහා ය.
https://rasikalogy.blogspot.com/2022/04/once-in-lifetime-opportunity-to-change.html

මැයි මාසයේ 7/8 සති අන්තය නිවසෙන් නිවසින් කිලෝමීටර් 200 පමණ දුරකින් පිහිටි මේට්ලන්ඩ් නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු. අප සිව්දෙනා මංගලෝත්සවයක් සඳහා ගිය ගමනකි.

ජූනි මාසයේ 4-11 දක්වා අප දෙදෙනා සහ පුතාගේ කාලය ගෙවුණේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ්කෝස්ට් නගරයේ ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02jrv6vxFZZtG3iREWPWLk4AEdbzXb7SxTY4wR1LpyHStN92jef7oR7f2iHHbzhnHVl

ජූලි මසයේ 7-10 දක්වා ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් නුවර ගත කෙළෙමු. අප දෙදෙනා ගිය ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02a2cxVPPMnJpQm8ML8eDEj9s3yyGofMHc2RsrHKX5h6eeDt36gxXNMGTT8TVD7RC8l

ජූලි මාසයෙ 16/17 දින නිවසින් කිලෝමීටර් 60 පමණ දුරකින් පිහිටි කටූම්බා නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු. බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02vgDeKqovHQ9F49knr1CM8Yt5HHWiHtF6RCoU1PtbxnkgArH5pFXdzsUoFby6gY4Ql

අගෝස්තු මාසයේ 19-22 දින කිහිපය මෙල්බර්න් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02e92Wb3cUFgKUBEPu7T1d3P6M1yuMEELM1aTxLZM1mmJhyXVcjo2mcPVSH9BYqGM3l

සැප්තැම්බර් 9-11 දින නිවසින් කිලෝමීටර් 400 පමණ දුරකින් පිහිටි කූමා නම් නගරයේ සංචාරයක යෙදුනෙමි. මිතුරන් සමග ගිය ගමනකි.

සැප්තැම්බර් මාසයේ 14-27 දක්වා කාලය ගතවුණේ ශ්‍රී ලංකාවේ ය. තනිවම ගිය ගමනකි. අම්මාගේ උපන් දිනය සඳහා ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0p2vhG41CRemWzzVhbuwmdvKbwuRzqwhz1BF7C59PQdv6uiNeqvR3XkorVfvWw4cfl

ඔක්තෝබර් 1-9 කාලය බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් සහ බන්බරි ප්‍රදේශයේ සංචාරය කළෙමි. මිතුරන් සමග ගිය ගමනකි.

ඔක්තෝබර් 13-19 කාලය මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් සහ උලුරු ප්‍රදේශයේ සංචාරය කළෙමි. අප දෙදෙනා සහ මිතුරු ජෝඩුවකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0LaeHQPcEe19Jy4SUpi2FqRwWS9bHSV7XqPyPqXPYQPJKH1ftcH5PkJodqXHLqRtdl

https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02zWniUsxcJHprFagyDR9MEpmjx47z2tmeYA3B8J4xQhoYYEdZdztvNZ6W8fBrhMrDl

ඔක්තෝබරයේ 27-29 අප දෙදෙනා ගත කළේ දින නිවසින් කිලෝමීටර් 200 පමණ දුරකින් පිහිටි හන්ටර් වැලි ප්‍රදේශයේ ය. මගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0Byt2ha6QwBWaWCvTJCg2oo25yv5kwd8x6LVN3v1Wa1UCY8KKoifeJyEXCpfnR7nzl

නොවැම්බරයේ 3-9 කාලයේ ෆීජී රටේ නන්ඩි නුවර විවේකය ගත්තෙමු. අප දෙදෙනා සහ මිතුරු ජෝඩුවකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0Hn91npZbE2cY1ocdjRNkjQ8MNXLWETbZfnxvsgeNNg649mwevQVNWCpsRccUxyuml

නොවැම්බරයේ 11/13 කාලය ගතවුණේ නිවසින් කිලෝමීටර් 175 පමණ දුර කොරොබොලොන්ග් ගම්මානයේ ය. පේරාදෙණිය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ වාර්ෂික සුහද සාදයයි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0bhMMJ8DkDvR68DN8MrGD7dzVYqYKmAkcHnMSTuxuqeF62msuyFpFKuFzw4W4hVel

නොවැම්බරයේ 19/20 සති අන්තය කැන්බරා නුවර ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02axTiDJUFU926MNq98fvxb8oayxAHkKz7DNLCoPSATLGFaC6t8ZmJK4CntBRoVa2tl

නොවැම්බරයේ 26 වෙනි දින හදිසියේ ලංකාව බලා ඒමට සිදුවිය. ඒ අම්මාගේ අභාවය නිසා ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02Fr65ZfJfHXSzyEJEGHZgaGMzwiQMSiQFu5iDEPcxZ3Uw5qZjX4tAzfo4Ks6GdXpsl

ඒ කටයුතු අවසානයේ දෙසැම්බර් 11 දින ලංකාවෙන් පිටත් වී 13 දා නිවසට පැමිණියෙමි. පැය දාහතක් පමණ මැලේෂියාවේ ගුවන් තොටුපළේ ද, අසල හෝටලයක ද රැඳෙන්නට සිදුවිය.
https://www.facebook.com/photo?fbid=10160757260913793&set=a.10150097068108793

එදින සිට වසර අවසානය තෙක් දැහැමෙන් සෙමෙන් නිවසේ ගත කළෙමි.

-රසික සූරියආරච්චි

ප/ලි:
නව වසරේ ගමන් ඇරඹෙන්නේ මේ සති අන්තයේ මෙල්බර්න් බලා මෝටර් රථයෙන් යන ගමනකිනි. සතියක් පමණ මෙම ගමන සඳහා ගත කිරීමට අදහස් කරමු.

Thursday, 27 October 2022

රසිකොලොජි බ්ලොගයට සුබ උපන්දිනයක් වේවා - It has been eight years

රසිකොලොජි බ්ලොගය අරඹා අදට අවුරුදු අටකි.

බ්ලොගය ඇරඹූවේ මගේ උපන්දින සංවත්සර දිනයක් නිසා, අද මගේ උපන්දිනය ද යෙදේ. මෙන්න ඒ වෙනුවෙන් මගෙන් කෙටි ගී කණ්ඩයක්. මෙය වෝල්ටර් ප්‍රනාන්දුගේ ගීතයක කොටසක කොපියකි.
අවුරුදු හතලිස් තුනයි වයස
බැලුබැල්මට කියන්න බෑ
තවමත් කොල්ල වගේ ඉන්නේ
හැට පැන්නත් නාකි වෙන්නේ නෑ

- රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න පසුගිය බ්ලොග් සංවත්සර දිනවල පළ කළ සටහන් කිහිපයක්.

1. හයේ පන්තියේ ළමයෙකු ගේ වැඩ කිඩ - Double celebration...!!!
https://rasikalogy.blogspot.com/2015/10/double-celebration.html


2. ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද? - Rasikology celebrates its second birthday!
https://rasikalogy.blogspot.com/2016/10/rasikology-celebrates-its-second.html


3. නාකි වෙන්නේ කවදා ද? - Forever young
https://rasikalogy.blogspot.com/2017/10/forever-young.html


4. සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?
https://rasikalogy.blogspot.com/2018/10/turning-point.html


5. සුබ පැතුමක් සහ පිළිතුරක් - My reply to an interesting birthday greeting
https://rasikalogy.blogspot.com/2019/10/my-reply-to-interesting-birthday.html


Thursday, 21 January 2021

"පෙම් කිරීමට වයස වැඩියි" යැයි කිව හැකි වයසක් තිබේ ද? - How old is it too old to love?

"අනේ පෙම් ගී කියන්න මං දැන් නාකි වැඩියි!" මගේ මිතුරෙකු මා සමග ඊයේ පෙරේදා දවසක කීවේය.

ඒ ඔහුට මා මගේ "පෙම් ගී" ගේය පද වෙබ්අඩවිය ගැන පැවසූ මොහොතක ය.

හැබැයි ඔහු මයික් අරගෙන සභාවල සින්දු කියා වීඩියෝ කර ෆේස්බුක් එකේ දානවා විටින් විට මා දැක තිබේ. ඔහු එලෙස ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ, ක්ලැරන්ස් විජේවර්ධනගේ සින්දු ය. අසා සිටින අපට ඒවා පෙම් ගී ලෙස තේරුණත්, ගායකයින් දෙදෙනා මිය පරලොව ගොස් දැන් කලක් ගතවී ඇති නිසා, මගේ මිතුරා හිතන්නේ ඒ ගීත පැරණි ගී කියා විය යුතුය.

මා ඔහුට කීවේ මෙයයි.

"මචං උඹට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් වික්ටර් රත්නායකත් තාම පෙම් ගී කියනවා. ඊටත් වඩා වැඩිමල් අමරදේවත් ජීවිතේ අඩසාන කාලෙත් පෙම් ගී ගැයුවා. හැබැයි ඉතිං උඹට ලැජ්ජා නං නිකං හිටපං, මට මොකද?"

ඉතිං පෙම් කිරීමට වයස වැඩි යැයි කිව හැකි වයසක් තිබේද?

මගේ අදහස නම් "නැත!" යන්නයි.

මා කලකට පෙර ලියූ කවි අතරින් තෝරාගත් කවි අනුසාරයෙන් ගී පදමාලා සකසා ඒවා පළ කරන්නට සිතා "පෙම් ගී" නම් වෙබ් අඩවිය ඇරඹුවේ 2005 වසරේ ය. ඒ ගැන කතාව කලින් ලියා ඇති නිසා නැවත නොලියමි.

ගීපදමාලා විසිපහක් පළ කිරීමෙන් පසු ඉතා දිගු කාලයක් යාවත්කාලීන නොවුණු ඒ අඩවියට මා යළි අත ගැසුවේ පසුගිය ඔක්තෝබර් 27 වෙනි දා ය.

කතාව ද කලින් ලියා ඇති නිසා නැවත නොලියමි.

එතැන් සිට, මා ම, මා සඳහා ම, සාදා ගත් ඉලක්කයක් හඹාගොස් 2020 දෙසැම්බර් 31 දින එහි සියවෙනි ගී පදමාලාව පළ කළෙමි.

දැන් ෂැපදර්?

ඔව් සැපයි, යකෝ!

ඇත්තටම එදා මගේ සිතට දැනුණේ පුදුමාකාර සතුටකි.

දින සියයක් ඇතුළත යූටියුබ් වීඩියෝ සීයක් නිපදවා RASIKALOGY නම් නාලිකාවේ පළ කර හමාර කළ දා ලැබුණේ ද එවැනි ම වූ සතුටකි.

ඒ සතුට දෙගුණ, තෙගුණ වෙන සිදුවීමක් පසුගිය දිනක සිදුවුණි.

ඒ, සංගීතඥයෙකු සහ ගායකයෙකු වන දොන් සිරිමාන්න නම් කැන්බරා නඑවඑර වාසය කරන එතෙක් මා දැන හඳුණා නොසිටි පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබීමයි.

තනු, සංගීතය යොදා ගායනා කිරීම පිණිස දොන් සිරිමාන්න මා ලියූ ගී පදමාලා පහක් තෝරා ගත්තේ ය.

ඒ 2020 ජනවාරි හතරවෙනිදා ය.

සති දෙයක් යන්නටත් පෙර ඔහු එයින් එක් පදමාලාවක් සඳහා තනුවක් නිර්මාණය කොට, සංගීතය සකසා, වීඩියෝවක් ලෙස නිකුත් කළේ ය.

"මතකයි හන්තානේ" ලෙසින් නම් කර ඇති ඒ පදමාලාව සහ වීඩියෝව පහත සබැඳිය ඔස්සේ ගොස් කියවා නැරඹිය හැක.

https://pemgee.blogspot.com/2020/12/mathakayi-mata.html

ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි
පෙම් කිරීමට වයස වැඩි යැයි කිව හැකි වයසක් තිබේයැයි සිතෙන විවාහක අයට නම් ඉතිං විවාහ සංවත්සරයට අමතරව වෙනත් සංවත්සරයක් ද සැමරිය හැක.

මෙන්න ඒ ගැන පොඩි වීඩියෝවක්.

Friday, 27 November 2020

"පෙම් ගී" – මගේ ගේය පද එකතුව නැවත ඇරඹුණු වගයි : Pem Gee relaunched

කාලයක් තිස්සේ මා ලියූ කවි ඇසුරෙන් නිර්මාණය කරන ලද "ගේය පද" හෙවත් ගී පදමාලා ඉන්ටර්නෙට් මාධ්‍යයේ පළ කරන්නට මා මේ "පෙම් ගී" අඩවිය ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ දී ය.

නමුත් ගී පදමාලා විසි පහක් පළ කිරීමෙන් පසු එයට අලුතෙන් කිසිවක් එකතු කිරීමට මම නොපෙළඹුණෙමි.

එදා සිට අද දක්වා කාලය ඇතුළත, මගේ "පෙම් ගී" අඩවියේ පළ වූ ගේය පද මෙන්ම, මගේ එකතුවේ තිබුණු සහ අලුතෙන් ලියන ලද ගේය පද දුසිමක් පමණ සංගීතඥයින් විසින් තනු නිර්මාණය කර සංගීතය සැපයීමෙන් අනතුරුව ගායක ගායිකාවන් විසින් තම නිර්මාණ ලෙස සංයුක්ත තැටි හරහා එළි දක්වා ඇත.

"පෙම් ගී" අන්තර්ජාලයේ වපුරා වසර පහළොවකටත් වඩා ගෙවී ඇති මේ 2020 ඔක්තෝබරයේ දී, මේ බ්ලොග් අඩවියට නව මුහුණුවරක් ද ගෙන දී, මගේ වෙනත් ගේය පද නිර්මාණ ද එකතු කරන්නට සිත් විය. එයට මූලික වූයේ ඔක්තෝබර් මස 27 දිනට යෙදී තිබුණු මගේ උපන් දිනයයි. මේ ඔබ කියවන රසිකොලොජි බ්ලොගය ඇරඹුවේ ද ඔක්තෝබර් 27 දිනක නිසා, එය රසිකොලොජි බ්ලොගයේ හයවෙනි උපන් දිනයට සැමරීම සඳහා "පෙම් ගී" බ්ලොගය පුනර්ජීවනය කිරීමක් ලෙස ද සැලකිය හැක.

ඒ සිතුවිල්ල වහාම ක්‍රියාවට නැංවුණු අතර, 2005 අප්‍රියෙල් මාසයේ දී අරඹ, ගේය පද 25 ක් පමණක් පළ කර ඉන්පසු යාවත්කාලීන නොකරන ලද "පෙම් ගී" අඩවියේ පසුගිය මාසය ඇතුළත අලුතෙන් ගේය පද හතළිහක් (40) පළ වී ඇත.

කර්මකාරකයෙන් පළ වී ඇත කියා ලිව්වාට, එය ඉබේ සිදුවූවක් නොවේ. පැය ගණනාවක් ගත කරමින් ඉවසිල්ලෙන් කරන ලද කාර්යයකි.

නමුත්, නිර්මාණාත්මක ශ්‍රමය ගැන සැලකුවහොත් මා කළේ සුලු කාර්යයකි. ශ්‍රමය සහ කාලය වැඩි වශයෙන් ගත වූයේ වෙබ් අඩවිය නැවත සැකසීම සහ අලංකාර කිරීම වැනි දේ සඳහා ය.

මුලින්ම, පාසල් සමය අවසානය සහ විශ්වවිද්‍යාල සමය ආරම්භය අතරතුර මා විසින් සැකසූ "ගී පදමාලා 25" නම් අත්පිටපතේ තිබූ ගී විසිපහෙන් එකක් අතහැර (එය සුනිල් ශාන්ත ගැන ලියවුණු එකක් විය) අනිත් ගී පදමාලා ඉතා සුළු සංස්කරණ සිදු කර පළ කිරීමයි.

එතැන් පටන් අද දක්වාම මා කළේ මූලිකවම මා උසස් පෙළ සමයේ ලියන ලද පෙම් කවි ඇසුරෙන් ගී පද නිර්මාණය කර පළ කිරීමයි.

දැන් මගේ "පෙම් ගී" අඩවියේ ගී පදමාලා 65 ක් පළ කර ඇත.

මගේ අධිෂ්ඨානය වී ඇත්තේ මේ වසර අවසානය වන විට එම සංඛ්‍යාව 100 ක් කිරීමයි.

ඒ සඳහා "පෙම් ගී" අඩවිය නැවත අරඹා මාසයක් පිරෙන අද සිට දිනපතා එක් ගී පදමාලාවක් එකතු කිරීමට අදහස් කරමි.

දින සියයක් ඇතුළත වීඩියෝ සීයක් රසිකලොජි යූ ටියුබ් චැනලයට එක් කළාට වඩා පහසුවෙන් මට එය කළ හැක.

මෙන්න මගේ "පෙම් ගී" අඩවියේ ලිපිනය: https://pemgee.blogspot.com/

එහි පළ වී ඇති, මේ වන විට කිසිදු ගායකයෙකු /ගායිකාවක /සංගීතඥයෙකු විසින් වෙන් කරගෙන නොමැති පදමාලවක් ඔබට නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් කරුණාකර මට ඊ-මේලයක් එවන්න. rasika.suriyaarachchi@gmail

අලුතෙන් පළ කරන ලද ගී පදමාලා පිරික්සා බලා, ඒවා පිළිබඳව තම අදහස් දක්වමින් අඩුපාඩු පෙන්වා දුන් මා මිත්‍ර හේමාල් ජයවික්‍රමට මගේ ස්තුතිය පිරිනමමි.

කවියෙකු, නවකතාකරුවෙකු, ගීත රචකයෙකු, තනු නිර්මාපකයෙකු මෙන්ම, ගායකයෙකු ද වන ඔහු පිළිබඳ මා ලියූ සටහනක් මෙන්න. https://rasikalogy.blogspot.com/2019/02/i-am-yours-for-ever.html

ස්තුතියි.

-රසික සූරියආරච්චි

Saturday, 27 June 2020

දින සීයයි, වීඩියෝ සීයයි - Celebrating a double century with Rasikalogy on YouTube


ඊයේ මගේ ජීවිතයේ වැදගත් දිනයකි.

එයට එකම හේතුව වූයේ මා මෑත ඉතිහාසයේ යම් අරමුණක් වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර, ඇති වූ විවිධ සුළු සුළු බාධක මගහැර ගනිමින් නොනැවතී ක්‍රියාත්මක වී, අවසානයේ මා බලාපොරොත්තු වූ කාරණය ඉෂ්ට කර ගැනීමයි.

වෙනත් වචනයෙන් කියනවා නම්, පසුගිය මාර්තු මස 19 දින ඇරඹුණු මගේ Rasikalogy නම් යූටියුබ් වීඩියෝ නාලිකාවේ දින සියයේ සංවත්සරය යෙදුණු ඊයේ දිනයේ දී මට එහි සියවන වීඩියෝව පළ කරගත හැකි විය.

මේ "දින සීයයි, වීඩියෝ සීයයි" යන අධිෂ්ඨානය මා මේ ව්‍යාපෘතිය ආරම්භයේ දී මා සිතේ තිබූ එකක් නොවේ.

මා මුලින් සිතා සිටියේ (දිනකට එකක් ලෙස නොවුණත්) වීඩියෝ පනහක් පමණ සාදා, පළ කර, ඉන්පසු තවදුරටත් කුමක් කරන්නේ ද යන්න සිතා බැලීමයි. වීඩියෝ පනහේ කඩඉම පසු කරන විට ඒ සඳහා දින පනස් තුනක් ගත වී තිබුණි. වීඩියෝ සීයක් දක්වා සාදන්නෙමි ය යන අධිෂ්ඨානය ඇති වූයේ එදා ය. නමුත්, දින ගණන සහ වීඩියෝ ගණන අතර පැවති ඒ වීඩියෝ තුනක හිඟය පියවා ගැනීම සිතුවාට වඩා දුෂ්කර කටයුත්තක් විය.

මේ කෙටි සටහනේ අරමුණ පසුගිය දින සියයක කාලය තුළ මා නිරත වූ ඒ ව්‍යායාමය අතරතුර මා ලත් අත්දැකීම් විස්තර කිරීම නොවේ. එය වෙනම තැබිය යුතු සටහනකි. බොහෝ විට තවත් වීඩියෝවකි.

දින සියයක්, වීඩියෝ සියයක් අවසානයේ උදාවුණු මේ කඩඉමේ මා මටම ප්‍රදානය කර ගත් තාවකාලික ඉසුඹුව අතරතුර මේ සටහන පළ කරන්නේ, වීඩියෝ විසිපහේ, වීඩියෝ පනහේ සහ (හැත්තෑ පහේ කඩඉම අමතක වූ නිසා) වීඩියෝ අසූවේ කඩඉම් පසු කළ විට මා කළාක් මෙන් ඒ වීඩියෝ ලයිස්තු බ්ලොග් අඩවියේ පළ කිරීමයි.

මෙන්න ඒ වීඩියෝ සියයය, සියවැන්නේ සිට මුල්ම වීඩියෝව දක්වා අනුපිළිවෙලට.


100. පාරේ ඉන්න ගණිකාවක් හඳුණා ගන්නේ කෙසේ ද?




99. චීන කෑම දෙජාතියක්




98. "වරම් නැත මට" (ජයනාත් සමන් ජිනදාස සමග ධම්මිකා දේවසුරේන්ද්‍ර)




97. තිස්සප්පච්චිගේ ආගම් මාරුව




96. කෝවිඩ්19 ගමන් තහනම් ඉවත් කළ පසු විනෝද චාරිකාවක් ගියෙමු




95. ළමයින්ට එන ලියුම් දෙමව්පියන් විසින් හොරෙන් කැඩීම




94. හාමුදුරුවෝ සරෙන්ඩර්




93. රෂ්මිගේ ඊසි-පීසි නවකතාව




92. කවුද අද පාන් නොකා




91. තේ එකක් බොමුද මචං හෙවත් ආගන්තුක සත්කාරය




90. ඔබ සාරි අඳින පුටු දැක තිබේ ද?




89. "මළ කෙලියයි" පරිප්පු මැල්ලුම




88. Unboxing and Wine Tasting - Rasika the Connoisseur




87. සම්මුඛ පරීක්‍ෂණයක ජොලි කතාවක්




86. මදක් විවෘතව තැබීම




85. ධර්මිෂ්ඨ සමාජය




84. සදය උපහාසය සහ හිටපු මිතුරා




83. අවසානය (මාටින් නීමොලර්) : First they came (Martin Niemöller)




82. ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම




81. කන අයට කන්න, නොකන අයට කෙළ ගිලින්න - ගව මස් ව්‍යංජනය




80. ගව මස් කන අයට කුණුහරුපෙන් බැනීම




78. යෝධයෝ සහ කුරුමිට්ටෝ - අපේ වීරයින් කුරුමිට්ටන් වූ හැටි




79. ලංකේණ්ඩියා - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්




77. ජා-ඇල ඇන්ටිගේ චීන මොලේ




76. Street Music from suburban Sydney in Australia.




75. කොල්ලා ලොකු වෙලා




74. වින්ටරයේ මුල් දවසේ ඔසී ගමක පොඩි රවුමක්!




73. විස්ස විජ්ජාජලය සහ දුටුගැමුණු කයිය




72. රෑට කන්න කොරෝනා ටින් මාළු ඉව්වා!




71. පිට රට දේ, සිරි සැප දේ...!!!




70. නොට්ටිගේ පුතාගේ ජාන




69. මටාටා ටිටා ද ටිටාටා මටා ද?




68. Heavy rain and blue train in Sri Lanka - April 2019 - A very short video.




67. වලියට බරද? - Me no fighter




66. ඇන්ටිගෙ කතාව




65. විජේසේනගේ පෙම් ගී ප්‍රශ්ණය




64. ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා




63. බීෆ් ස්ටර් ෆ්‍රයි - හරක් මස් තීරු තෙම්පරාදුව




62. ලඞ්කාණ්ඩුවේ අටපට්ටම් පැන්සල




61. පුතා පන්තියේ කී වෙනියා ද? - Dux or Dud




60. අරක්කු ඕනා, කෝක් වානා - A classic case of economics




59. සීලවතී සිල් අරගෙන




58. මා ලියූ කවි පන්තියක් හැකි අයුරින් ගායනා කර, වීඩියෝවක් ලෙස බෙදා හැරියෙමි!
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?




57. කාලෝ ෆොන්සේකාට බස් එකේ සීට් එක දන්දුන් කතාව




56. මී හරක් ගිනියම කුමක්දැයි දන්නවා ද?




55. මගේ මේ උස්සාහය අමුතුම අමුද්‍රව්‍යයක් යොදා හාල්මැස්සන් උයන්නයි.




54. සුද්දට පාර කියපු හැටි - Giving directions in English




53. ශිෂ්‍ය නායකයින් කාගේ නායකයින් ද? මෙය පාසල් සමයේ දී මට ඇති වූ ප්‍රශ්ණයකි.




52. අක්කිගෙ නුවණ




51. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදරයක් ගැන ගැයෙන ගීතයක්




50. ලොකු වුණාම මොකද කරන්නේ? - Loku Vunama Mokada Karanne - What do you want to be when you grow up?




49. කොහෙද මේ යන්නේ - Koheda Yanne - Where are you going?




48. සන්ග්ලාස් දාගෙන පන්සල් ගියොත් පව් සිදු වෙනවා ද? Is it OK to wear Sunglasses to a Buddhist temple?




47. පිරිමින්ට ක්‍ෂණික ආහාර - Quick Egg Sandwich




46. සෑබෑ වෙසක් සිතුවිලි - Preethi Vesak but not for everyone




45. රයිස් ෆ්ලයිස් හෙවත් හාල්මැස්සෝ - Rice Flies aka Halmesso aka Sprats




44. කටුබැද්දේ කුකුළු අන්දරය - Katubedde Kukula




43. රත්නායක ජෝක්ස් යනු මොනවා ද? - Rathnayaka Jokes




42. කොරෝනා මැකරල් තෙම්පරාදුව හෙවත් ඇයි පිරිමි අපිට උයන්න බැරිද? - Cooking Corona Mackerel




41. කොරෝනා කාලේ ගෙදර හිරවී ඉන්නා අයට අපූරු විනෝදාංශයක් - One cool thing to try during Corona lock-down




40. මගේ ඔසී ගමේ ඇති වැව වටා රවුමක් යමු ද? Let's walk around the Lake in Glenmore Park, NSW, Australia




39. කටට රහට චිකන් කරියක් ඉව්වෙමි - Chicken Curry with a difference




38. තුන් තේරවිලි - Thun Theravili - Sinhala Riddles




37. COVIDSafe App - An Australian Government Initiative




36. ගෙදර එක්ක තරහ වුණාම - Best way to protest




35. ඉන්දියන්කාරයාට ආ සුබපැතුම් පණිවිඩය - Indian Birthday Card




34. දුටුගැමුණු සහ සාලිය - Dutugemunu and Saliya




33. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත් කතාවක් - It is all Greek to me




32. වයිෆ් එක්ක කේන්ති ගියාම - When you get angry with your wife




31. චක්කරේ Chakkare - Generation to Generation




30. පොඩි කාලේ ලියපු කවි - Nostalgic Stories




29. කොරෝනාවෙන් පසු ලෝකය ගැන මගේ ප්‍රාර්ථනා - What I expect to see in the Post Corona World




28. What an exemplary husband - මෙන්න මිනිස්සු - නිබ්බුතා නූන සා නාරී




27. Wall Hangings in our home - එල්ලපු කලා නිර්මාණ සහ එල්ලීමට නියමිත ඒවා




26. My Gotukola Experiment - කලින් කාලා නැති විදියකට ගොටුකොළ හැදුවෙමි!




25. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music




24. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි




23. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!




22. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?




21. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්




20. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්




19. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී




18. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි




17. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්




16. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍




15. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?




14. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි




13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?




12. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!




11. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම




10. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)




9. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම




8. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි




7. Why did I start vlogging : මේ කුමක් සඳහා ද




6. Jokku Size : ජොකාගේ සයිස් එක




5. Jokku Kathandara : ජොක්කු කතන්දර




4. Jangi Hora : ජංගි හොරා




3. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?




2. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?




1. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්




යන්න නරඹන්න. කරුණාකර Rasikalogy යූටියුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

Tuesday, 9 June 2020

තවත් කඩුල්ලක් පැන්නෙමි - A forgotten milestone


තවත් කඩුල්ලක් පැන්නෙමි.

ඒ මගේ Rasikalogy යූටියුබ් නාලිකාවේ හැත්තෑපස්වෙනි (75th) වීඩියෝව විකාශය වීමේ අවස්ථාවයි.

නමුත් මා විසිපස්වෙනි (25th) වීඩියෝවේ කඩඉමේ දී, පනස්වෙනි (50th) වීඩියෝවේ කඩඉමේ දී කළ ආකාරයට මේ හැත්තෑපස්වෙනි වීඩියෝ කඩඉම ගැන සටහනක් රසිකොලොජි බ්ලොගයේ පළ කිරීම අතපසු වී ඇත.

එක් දිනකින් හෝ දෙකකින් නොව දින පහකින් ම අතපසු වී ඇත.

එය කෙතරම් විශාල අතපසු වීමක් ද යත්, අද පස්වෙනි දිනයට ද එය අතපසු වූ මොහොතේ නාලිකාවේ අසූවෙනි (80th) වීඩියෝව ද පළ වී ඇත.

එනිසා ඒ වීඩියෝ අසූව ගැනම සිහිවටනයක් මෙලෙස පළ කිරීමට සිතුවෙමි.

දැන් මෙන්න මා මෙතෙක් පළ කළ වීඩියෝ අසූව පිළිබඳ විස්තර, ඊයේ දිනයේ සිට ආපස්සට.

80. ගව මස් කන අයට කුණුහරුපෙන් බැනීම


78. යෝධයෝ සහ කුරුමිට්ටෝ - අපේ වීරයින් කුරුමිට්ටන් වූ හැටි


79. ලංකේණ්ඩියා - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්


77. ජා-ඇල ඇන්ටිගේ චීන මොලේ


76. Street Music from suburban Sydney in Australia.


75. කොල්ලා ලොකු වෙලා


74. වින්ටරයේ මුල් දවසේ ඔසී ගමක පොඩි රවුමක්!


73. විස්ස විජ්ජාජලය සහ දුටුගැමුණු කයිය


72. රෑට කන්න කොරෝනා ටින් මාළු ඉව්වා!


71. පිට රට දේ, සිරි සැප දේ...!!!


70. නොට්ටිගේ පුතාගේ ජාන


69. මටාටා ටිටා ද ටිටාටා මටා ද?


68. Heavy rain and blue train in Sri Lanka - April 2019 - A very short video.


67. වලියට බරද? - Me no fighter


66. ඇන්ටිගෙ කතාව


65. විජේසේනගේ පෙම් ගී ප්‍රශ්ණය


64. ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා


63. බීෆ් ස්ටර් ෆ්‍රයි - හරක් මස් තීරු තෙම්පරාදුව


62. ලඞ්කාණ්ඩුවේ අටපට්ටම් පැන්සල


61. පුතා පන්තියේ කී වෙනියා ද? - Dux or Dud


60. කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්, නමුත් අරක්කු නැතුව අරක්කු බොන්න බෑ!
අරක්කු ඕනා, කෝක් වානා - A classic case of economics


59. සීලවතී සිල් අරගෙන


58. මා ලියූ කවි පන්තියක් හැකි අයුරින් ගායනා කර, වීඩියෝවක් ලෙස බෙදා හැරියෙමි!
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?


57. කාලෝ ෆොන්සේකාට බස් එකේ සීට් එක දන්දුන් කතාව


56. මී හරක් ගිනියම කුමක්දැයි දන්නවා ද?


55. මගේ මේ උස්සාහය අමුතුම අමුද්‍රව්‍යයක් යොදා හාල්මැස්සන් උයන්නයි.


54. සුද්දට පාර කියපු හැටි - Giving directions in English


53. ශිෂ්‍ය නායකයින් කාගේ නායකයින් ද? මෙය පාසල් සමයේ දී මට ඇති වූ ප්‍රශ්ණයකි.


52. අක්කිගෙ නුවණ


51. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදරයක් ගැන ගැයෙන ගීතයක්


50. ලොකු වුණාම මොකද කරන්නේ? - Loku Vunama Mokada Karanne - What do you want to be when you grow up?



49. කොහෙද මේ යන්නේ - Koheda Yanne - Where are you going?



48. සන්ග්ලාස් දාගෙන පන්සල් ගියොත් පව් සිදු වෙනවා ද? Is it OK to wear Sunglasses to a Buddhist temple?



47. පිරිමින්ට ක්‍ෂණික ආහාර - Quick Egg Sandwich



46. සෑබෑ වෙසක් සිතුවිලි - Preethi Vesak but not for everyone



45. රයිස් ෆ්ලයිස් හෙවත් හාල්මැස්සෝ - Rice Flies aka Halmesso aka Sprats



44. කටුබැද්දේ කුකුළු අන්දරය - Katubedde Kukula



43. රත්නායක ජෝක්ස් යනු මොනවා ද? - Rathnayaka Jokes



42. කොරෝනා මැකරල් තෙම්පරාදුව හෙවත් ඇයි පිරිමි අපිට උයන්න බැරිද? - Cooking Corona Mackerel



41. කොරෝනා කාලේ ගෙදර හිරවී ඉන්නා අයට අපූරු විනෝදාංශයක් - One cool thing to try during Corona lock-down



40. මගේ ඔසී ගමේ ඇති වැව වටා රවුමක් යමු ද? Let's walk around the Lake in Glenmore Park, NSW, Australia



39. කටට රහට චිකන් කරියක් ඉව්වෙමි - Chicken Curry with a difference



38. තුන් තේරවිලි - Thun Theravili - Sinhala Riddles



37. COVIDSafe App - An Australian Government Initiative



36. ගෙදර එක්ක තරහ වුණාම - Best way to protest



35. ඉන්දියන්කාරයාට ආ සුබපැතුම් පණිවිඩය - Indian Birthday Card



34. දුටුගැමුණු සහ සාලිය - Dutugemunu and Saliya



33. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත් කතාවක් - It is all Greek to me



32. වයිෆ් එක්ක කේන්ති ගියාම - When you get angry with your wife



31. චක්කරේ Chakkare - Generation to Generation



30. පොඩි කාලේ ලියපු කවි - Nostalgic Stories



29. කොරෝනාවෙන් පසු ලෝකය ගැන මගේ ප්‍රාර්ථනා - What I expect to see in the Post Corona World



28. What an exemplary husband - මෙන්න මිනිස්සු - නිබ්බුතා නූන සා නාරී



27. Wall Hangings in our home - එල්ලපු කලා නිර්මාණ සහ එල්ලීමට නියමිත ඒවා



26. My Gotukola Experiment - කලින් කාලා නැති විදියකට ගොටුකොළ හැදුවෙමි!



25. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music



24. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි



23. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!



22. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?



21. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්



20. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්



19. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී



18. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි



17. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්



16. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍



15. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?



14. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි



13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?



12. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!



11. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම



10. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)



9. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම



8. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි



7. Why did I start vlogging : මේ කුමක් සඳහා ද



6. Jokku Size : ජොකාගේ සයිස් එක



5. Jokku Kathandara : ජොක්කු කතන්දර



4. Jangi Hora : ජංගි හොරා



3. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?



2. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?



1. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්


යන්න නරඹන්න. කරුණාකර Rasikalogy යූටියුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

Thursday, 16 April 2020

රසිකොලොජි යූටියුබ් නාලිකාවේ කඩඉමක් - Rasikalogy YouTUbe Channel now has 25 videos



මම ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ දී පැවැත්වුණු විදුහලේ නිවාසාන්තර මලල ක්‍රිඩා තරග උත්සවයේ දී වයස අවුරුදු 13 න් පහළ ඉසව්වකට පෙනී සිටියෙමි. ඒ මීටර් 25x4 සහාය දිවීමේ තරගයයි.

එනම් මා අයත් වූ උපුල් නිවාසය වෙනුවෙන් මට දුවන්නට තිබුණේ මීටර් විසිපහක් පමණි.

මට එම අතීතකාමී සිදුවීම සිහිවූයේ වෙනත් කරුණක් නිසා ය.

කලක් තිස්සේ සිතමින් සිට හදිසියේ ම ඇරඹුණු රසිකොලොජි යූටියුබ් නාලිකාවේ කුඩා කඩඉමක් අද පසුවිය.

ඒ විසිපස්වෙනි රසිකොලොජි වීඩියෝව නාලිකාවට ඇතුළු කිරීමයි.

ඒ සතුට වෙනුවෙන් තැබෙන මේ කෙටි සටහනට එකතු වෙනත් අලුත් කිසිවක් නැත. ඇත්තේ ඒ වීඩියෝ විසිපහ සඳහා සබැඳි පමණි.

මෙන්න ඒවා විසිපස්වැන්නේ සිට ආපස්සට ආරම්භය දක්වා.

1. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music



2. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි



3. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!



4. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?



5. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්



6. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්



7. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී



8. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි



9. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්



10. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍



11. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?



12. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි



13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?



14. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!



15. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම



16. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)



17. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම



18. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි



19. Why did I start vlogging : මේ කුමක් සඳහා ද



20. Jokku Size : ජොකාගේ සයිස් එක



21. Jokku Kathandara : ජොක්කු කතන්දර



22. Jangi Hora : ජංගි හොරා



23. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?



24. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?



25. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්



යන්න නරඹන්න. කරුණාකර රසිකොලොජි වීඩියෝව නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

(image: YouTube Banner)

Wednesday, 25 March 2020

රසිකොලොජි යූටියුබ් නාලිකාව - Rasikalogy ventures into YouTube


මේ කෙටි සටහන ලියන්නේ මා රසිකොලොජි නමින් ම යූටියුබ් නාලිකාවක් ආරම්භ කළ බව දැනුම් දෙන්නයි.

මෙය මා කාලයක් තිස්සේ, ඇත්තටම අවුරුදු හයක් පමණ ඉහත කාලයක දී පවා, සිතමින් සිටි වැඩකි. එසේ නමුත්, මගේ බොහෝ සැලසුම් මෙන් ම මෙය ද දිනෙන් දින කල් ගියේ ය.

විටෙක නින්දට යනවිට සිහිවුණි.
විටෙක නාන කාමරයේ දී සිහිවුණි.
විටෙක රිය පදවන විට සිහිවුණි.
දුම්රියේ යනෙන විට සිහිවුණි.
නමුත් විවේක වේලාවක සිහි නොවුණි.

පසුගිය සතියේ දවසක හදිසියේ ම ආහාරය සඳහා මා ප්‍රියතම මෙන්ම, මා සෑදීමට දන්නා කෑම වර්ග අතරින් එකක් වන පරිප්පු සාදා ගැනීමට සැරසුණු අවස්ථාවේ ඒ අතීත සැලසුම හදිසියේ ම මතකයට ආවේ දෛවෝපගතව තිබුණු ආකාරයට විය යුතුය.

කිසිසේත්ම පෙර සූදානමකින් හෝ තිර රචනයකින් හෝ තොරව, තනි අතින් වීඩියෝ කැමරාව අල්ලාගෙන එක අතකින් උයමින්, ඒ අතරම වචනයක් දෙකක් පවසමින් පරිප්පුව පිසීම වීඩියෝ ගත කළෙමි. පසුව පුතාගේ සහයෙන් මුලට එක් කිරීම සඳහා තත්පර කිහිපයක් කැමරාගත කළෙමි.

සියල්ල එක්කර, සාමාන්‍ය මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මුද්‍යකාංගය භාවිතයෙන් විනාඩි තහ අටක වීඩියෝව හදා ගන්නට පැය කිහිපයක් ම තටමන්නට සිදුවිය.

කෙසේ හෝ අවසානයේ ඒ වීඩියෝව රසිකොලොජි නමින් ඇරඹුණ අලුත් යූටියුබ් චැනලයකට එකතු කළෙමි.

මෙන්න එය: කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්



පසුව මා කළේ මා කලකට පෙර සිනුවර දී ඉදිරිපත් කළ හිටං විහිළු රංග දෙකකින් තෝරාගත් කොටස් කුඩා වීඩියෝ ලෙස හදා ඒවා දිනකට එක බැගින් රසිකොලොජි චැනලයට එකතු කිරීමයි.

දැන් වීඩියෝ එකතුව පහකි.

2. හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?


3. හිටං විහිළු යනු කුමක් ද?


4. ජංගි හොරා - රසික සූරියආරච්චිගේ හිටං විහිළු


5. ජොක්කු කතන්දර


යන්න. බලන්න. හිතවතුන් සමග බෙදා ගන්න.

ඒ සමගම මගේ නාලිකාවට සම්මාදම් වීමට, එනම් සබ්ස්ක්‍රයිබ් කිරීමට ද අමතක කරන්න එපා.

මක්නිසා ද යත්, දිගින් දිගටම මෙලෙස වීඩියෝ එකතු කරන්නට මා අදහස් කරන නිසා ය.

මේ කොරෝනා කාලේ වෙන කුමක් කරන්නද?

බොහොම ස්තුතියි.

-රසිකොලොජිස්ට්




(image: )

Monday, 28 October 2019

සුබ පැතුමක් සහ පිළිතුරක් - My reply to an interesting birthday greeting


ඊයේ මගේ උපන් දින සංවත්සරයයි.

එය මගේ පමණක් නොව රසිකොලොජි බ්ලොගයේ ද උපන් දින සංවත්සරය විය. ඒ ගැන ලිවීම පසුවට තබා, මේ මා සැරසෙන්නේ මගේ උපන් දිනය වෙනුවෙන් මා අද උදයේ ලද අපූරු සුබ පැතුමක් සහ එයට මා යැවූ පිළිතුර බ්ලොගයේ පළ කරන්නයි.

මේ සුබ පැතුම් පණිවිඩය මට ලැබුණේ මගේ ෆේස්බුක් මිතුරෙකුගෙනි. අපේ මේ සයිබර් මිතුරුකම ඇරඹුණේ මේ නොබෝදා මට ඔහුගෙන් ලැබුණු ඉල්ලීමක් නිසා ය. මා පුද්ගලිකව දන්නා කියන මිතුරන් කිහිප දෙනෙකුවම ඔහු හඳුනන බව පෙනුණි. ඒ සියල්ලම සයිබර් මිතුරුකම් නොවෙන බව සිතේ.

කෙසේ වෙතත්, මෙන්න ඔහු මට එවූ උපන් දින සුබ පැතුම් පණිවිඩය එලෙසින් ම.
මහත්මයාණෙනි, ගෙවීගිය ඊයේ දිනයේදී තම ජන්ම දිනය සමරණ ලද ඔබතුමන්හට සුභම සුභ වූ උපන් දිනයක් වෙනුවෙන් මා මෙලෙසින් මේ පින්බර උදෑසන දී සුභ පතන අතරම, එමෙන්ම අප තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ ගේ අනන්ත වු ගුණානුභාවයෙන්ද, අසමසම නෛර්යාණික වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණානුභාවයෙන්ද, උතුම් ආර්‍යය මහා සංඝ රත්නයේ අනන්ත ගුණානුභාවයෙන්ද සහා දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් හා නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද,ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්,ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්,ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්, දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන් සේම, සකෙලේශ්වර්යාභිවෘද්ධිවර්ධනය කරනු පිණිස වු සතරවරම් දෙවිවරු වන "ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණය" නම් දෙවි මහරජදරුවන් ප්‍රධාන තුන්ලොව වැඩ සිටිනා සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින් ද නිදුක් නිරෝගිමත් ව සිටිනා, වාසනාවන්ත සුභ කාල වකවානුවක් ඔබට උදා වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි.

තවද මෙතෙක් ගෙවුනු වර්ෂ වලට වඩා මේ උදා වු වර්ෂය තුල ඔබ ආයුෂයෙන්, වර්ණයෙන්, සැප බල ප්‍රඥාවෙන්, ධන ධාන්‍යයෙන්, යස ඉසුරෙන් වැඩෙත්වා. අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා. ඇසිල්ලක් පාසාම බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි වේවා. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා.

යන එන මග තොට, ගමන බිමන, නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා. ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා. අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා.

අවසන ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්නට පින් පුරන වාසනාවන්ත වු සුභ ජන්ම දිනයක් සමග යහපත් ජීවිතයකට ගෙන අා මේ පැතුමන් ආශිර්වාදක්ම වේවා.

එසේම මේ විශ්වය පුරා රැදී ඇති මහත් වු මහත් බලැති අනන්ත ශක්තින් සමග මා විසින් සංසාර පුරාවට රැස්කරගත් යම් කුසළ ධර්මයකින් ජනිත වු පුණ්‍ය ශක්තියක් ඇත්තේද ඒ සියළු පුණ්‍යය සම්භාරයන්ගේ බල මහිමයෙන් ඔබගේ මෙලොව වශයෙන් ඇති අසනීපයන් සහා අපල උපදව මෙන්ම ග්‍රහ දෝශ දුරු වේවා.

ඔබට සම්මා සම්බුදු සරණයි!
මෙවැනි සුබ පැතුම් පණිවිඩයක් මට ජීවිතයේ කිසි දිනක ලැබී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

අනිවාර්යෙන් ම මෙය ඔහු මා වෙනුවෙන් ම ලියූ සුවිශේෂී පණිවිඩයක් නොවේ. මට අවශ්‍ය වූයේ ඔහුගේ සිත නොරිදා පිළිතුරක් යැවීමයි.

මෙන්න මගේ පිළිතුර.
ඔබේ මේ දිගු සුබපැතුමට මගේ නොවක් ස්තූතිය පිරිනමමි.

ඔබ පවසා ඇති බොහෝ මිත්‍යා කරුණු පිළිබඳව මට සරදම් සිතුවිලි ඇති වෙතත් ඒවා මෙහි නොලියමි. මා විශ්වාස කරන්නේ ඇසට පෙනෙන දේ සහ සහෘද මිනිසුන් කරන කියන දේ පමණි.

ඔබටද මිත්‍යාවෙන් දුරස්ථ වී යහපත් ජීවිතයක් ගත කිරීමට ඉතා ඉක්මනින් ම හැකියාව ලැබේවායි මෙත් සිතින් පතමි.

ස්තුතියි. ජයවේවා.
එපමණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් සංවත්සරය පිළිබඳව පසුව ලියමි!

Monday, 29 October 2018

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?


ඔව්, එය සත්‍යයකි!

කලකට පෙර සශ්‍රීකව වැජඹුණු සිංහල බ්ලොග් කෙත අද පුරන්වී යාමට ආසන්න ය. ඒ අවගමනය මගේ රසිකොලොජියේ වාර්තාවෙන් ම පෙනේ.

රසිකොලොජිය ඇරඹුවේ මීට වසර හතරකට පෙර 2014 ඔක්තෝබර් මස 27 වෙනිදා ය. ඒ මගේ උපන් දිනයයි.

එතැන් සිට ලිපි පන්සියයේ කඩ ඉම පසුවන තුරු ම මම ඉතා උනන්දුවෙන් ලිපි ලියා පළ කළෙමි. ඒ වන විට බ්ලොගය අරඹා ගත වී තිබුණේ දින 1012 ක් පමණක් නිසා ලිපි 500 පළ කිරීම යනු ඉතා සශ්‍රීක අස්වැන්නකි.

කඩඉම පසු කළ පසු, බ්ලොග් ලිපි ලිවීමේ වේගය තරමක් අඩු කර වෙනත් ලියවිලි සඳහා කාලය වැඩියෙන් මිඩංගු කරන්නට අදහසක් තිබුණ ද, එය වසරකට ලිපි සියයක් පමණ අඩු කළ ඉලක්කයකි, මෙතරම් ඉඩෝරයකට මුහුණ දෙන්නට වෙතැයි මම එදා නොසිතුවෙමි.

කෙසේ වුවද, සිදුවූයේ එයයි.

මා සරදම් බසින් ඇස්වහක් හෝ කටවහක් යැයි කියූවද, මෙය මගේ ජීවිතයේ ද සිදු වූ වෙනස්කම් හා සමාන්තරව සිදු වූ කාලකණ්ණි තත්වයක් විය.

මගේ 500 ලිපිය පළ වී මාස පහළොවක් ගෙවී තිබුණ ද, මේ කාලය ඇතුළත ලිපි පළ වී ඇත්තේ 30 ක් පමණි.

බ්ලොය අරඹා, පළමුවෙනි සංවත්සරය, දෙවැන්න සහ තෙවැන්න සමරමින් ලිපි ලියා පළ කළ මට සිව්වැනි සංවත්සරයට ලිපියක් පළ කරන්නට නොහැකි විය.

මෙය කාලකණ්ණි තත්වයක් යැයි මා කීවේ, බ්ලොග් ලිපි නොලියූ හිලව්වට කළ වෙනත් ලියවිල්ලක් ද නැති නිසා ය. ගත වී ගිය කාලය නම් වූ හොණ්ඩර සියයක් බරැති ඒ රත්තරන් නගට්ටුව නැවත ඇද ගන්නට ඇතෙක් සොයා ගැනීමට ද නැත.

අන් අය කියවූවේද නැති ද යන කාරණය කෙසේ වෙතත්, ආත්ම ප්‍රකාශනයක් ලෙස තවමත් බ්ලොග් කලාවේ වැදගත්කමක් මම දකිමි. එය විවිධ හේතු නිසා ෆේස්බුක් අවකාශයට වඩා පහසුකම් ඇති ප්‍රකාශන මාධ්‍යයක් බව අලුතෙන් කිව යුතු නැත.

සෙනසුරාදාට යෙදී තිබුණු මගේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මම පසුගිය සමයේ තිබුණු කාලකණ්ණි තත්වයෙන් මිදීමට අධිෂ්ඨානය කළෙමි. ඒ අනුව, ඊයේ දිවා කාලයේ දී, කාලයක් තිස්සේ මා නොවරදවා කළ ද, මාස හයක් පමණ තිස්සේ අතපසු වී තිබුණු, ශාරීරික ව්‍යායාමයක් ලෙස ඇවිදීම යළි අරඹා පියවර 8,000 ක් ගමන් කළෙමි.

එදිනට ම යෙදුණු මගේ රසිකොලොජි බ්ලොගයේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මගේ අධිෂ්ඨානය නම්, අඩු වශයෙන් සතියකට එක බැගින් හෝ රසිකලොජියේ ලිපි පළ කිරීමටයි.

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනයට නැවතීමේ තිත තැබීමේ යුගයේ අවශ්‍යතාවයට මගේ සම්මාදම එය යි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න හොඳ ගීතයක්.



[image: (c) Rasika Suriyaarachchi]

Friday, 27 October 2017

නාකි වෙන්නේ කවදා ද? - Forever young

වසර පනස් පහක් පැරණි මේ ඡායාරූපය මගේ මුල් ම ඡායාරූපයයි. මගේ වයස සති කිහිපයකි. අම්මාගේ වසය අවුරුදු විසි තුනයි මාස දෙක තුනකි.
කරුණු කිහිපයක් නිසා, අද මගේ ජීවිතයේ වැදගත් දවසකි.

එයට එක් හේතුවක් නම් මේ රසිකොලොජි නම් වූ බ්ලොගය ලිවීම අරඹා අදට තුන් වසරක් පිරීමයි.

මා රසිකොලොජිය ඇරඹුවේ 2014 වසරේ මගේ උපන් දින සැමරුම් දිනය දා ය. ඒ අද දිනය මට වැදගත් වීමට දෙවෙනි හේතුවයි.

උපන් දින සැමරුම් යනු සෑම වසරක ම යෙදෙන අවස්ථාවකි. නමුත්, මේ වසරේ උපන් දින සැමරුමේ මට ඇති විශේෂ වැදගත්කම නම්, මේ මා සමරන්නේ මගේ ජීවිතයට වසර 55 ක් පිරීම වීමයි.

එය අද දිනය මට වැදගත් වීමට තෙවැනි හේතුවයි.

මා උපන්නේ 1962 වසරේ ඔක්තෝබර් 27 වෙනි සෙනසුරාදා රාත්‍රී 10:34 ට කොළඹ මහ රෝහලේ ද සොයිසා සූතිකාගාරයේ දී ය.

එදා සිට අද දක්වා ගතවුණු අවුරුදු පනස් පහක මගේ ජීවිත කාලයෙන් දළ වශයෙන් තිස් වසරක් පමණ ගෙවී ඇත්තේ ලංකාවේ ය. දෙවසරක් පමණ තායිලන්තයේ ය. විසි දෙවසරක් ඕස්ටේ‍ර්ලියාවේ ය.

පේරාදෙණියේ ගෙවූ සිව්වසරක කාලය හැරුණු විට ලංකාවේ මගේ ජීවිතයේ වැඩි කොටසක් ගෙවුේ කඩවත-ගනේමුල්ලට නුදුරු පරකන්දෙනියේ ය. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල මකුළුදුවේ සහ ඇතුල්කෝට්ටේ ද පදිංචිව සිටියෙමි.

මගේ ඕස්ටේ‍ර්ලියානු ජීවිතයේ මුල් හය වසර ගෙවුණේ මෙල්බර්න් තදාසන්නයේ වුව ද, දැන් වසර දාසයක් මා පදිංචිව සිටින්නේ බටහිර සිඩ්නි ප්‍රදේශයේ ය.

ජීවිතයේ ඉතිරි කාලය ද මේ ප්‍රදේශයේ ම ගෙවෙතැයි සිතේ.

දැන් මගේ මේ සටහනේ මාතෘකාවට යතොත්, මිනිසෙකු ඇත්තටම නාකි වෙන්නේ කවදා ද?

කුඩා කල මා සිතා සිටියේ තරුණ දිවිය අවුරුදු දහ අටේ දී ලබන බවත්, වයස තිස් දෙකේ දී මැදි විය එළැඹෙන බවත්, වයස පනස් පහේ දී මහලු වියට එළැඹෙන බවත් ය.
ඒ කාලයේ ම එක් දිනයක ව්‍යවහාර වර්ෂ 2000 ගැන කතා බහක යෙදී සිටි මොහොතක ඒ වර්ෂය උදාවෙන විට මගේ වයස අවුරුදු තිස් හතක් බව සිතා, එතරම් මහලු වයසක ජීවත් වීමක් ගැන මම කණගාටු වුණෙමි.

මගේ පියාගේ වයස අවුරුදු පනස් පහ වී ඔහුට විශ්‍රාම යාමට සිදුවුණු විට (ඔහු තවත් වසර තුනක්, සේවා දිගු වරම ලබා සේවය කළේ ය) ද මම ඒ වයස ගැන කණගාටු වුණෙමි.

මගේ වයස වසර තිස් දෙක පසු කළේ ය. මට කිසිදු වෙනසක් නොදැනුණි.

වසර 2000 උදා විය. මට කිසිදු වෙනසක් නොදැනුණි.

අද මගේ වයස වසර පනස් පහක් සම්පුර්ණ වී තිබේ. මට කිසිදු වෙනසක් නොදැනෙයි.

නාකි වීම මම අවුරුදු හැට දක්වා කල් දමමි.

එසේ වුචත්, මීට මාස කිහිපයකට පෙර මා සැළසුම් කළ එක්තරා ලිවීමක් අරඹන්නට නම් "කාලෝ අයං තේ" යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද දිනය මට වැදගත් වීමට සිව්වැනි හේතුවක් ද ඇත.

එය නම්, මා අද දිනයේ සිට අලුත් බ්ලොගයක් ඇරඹීමයි. වඩාත් පුළුල් පාඨකයින් සංඛ්‍යාවක් කරා ළඟා වීමත්, මෙතෙක් මා ලියූ බ්ලොග් සටහන්වල අන්තර්ගතයට වඩා තරමක් වෙනස් වූ කරුණු සාකච්ඡා කිරීමත් අරමුණු කරගෙන මා එහි සටහන් ලියවෙනු ඇත්තේ ඉංග්ලිෂ් භාෂාවෙනි.

මගේ අලුත් බ්ලොගය A Sri Lankan in Australia ලෙසින් නම් කෙරෙනු ඇත.

(image: වසර පනස් පහක් පැරණි මේ ඡායාරූපය මගේ මුල් ම ඡායාරූපයයි. මගේ වයස සති කිහිපයකි. අම්මාගේ වසය අවුරුදු විසි තුනයි මාස දෙක තුනකි.)

Monday, 5 June 2017

475. ආපහු කසාදයක් කර ගැනීම වැරදි ද? - No one can accuse me of bigamy!


සාමාන්‍ය නීතිය යටතේ එක් වරක් විවාහ වී ඇති අයෙකුට ඒ විවාහයෙන් ඉවත් නොවී නැවත විවාහ විය නොහැක. එසේ දෙවන විවාහයක බැඳීම හෙවත් බිගමි යන්න සැලකෙන්නේ බරපතල වරදක් ලෙසයි.

එසේ නොවන අවස්ථාවල පවා, උදාහරණයක් ලෙස, වැන්දඹු පිරිමියෙකු වූ වික්ටර් රත්නායක පසුගිය දා විවාහයක් කර ගත් විට කොයි තරම් හා හෝවක් ඇති වුණි ද?

කෙසේ වෙතත්, පැවති විවාහය එසේ ම තිබිය දී, මම යළිත් විවාහයක් කර ගැනීමට, මුදු මාරු කර, ගිවිස ගත්තෙමි.

එකට එක කරන්නට සිතා දෝ, මගේ බිරිඳ ද එසේ ම කළා ය.

නමුත්, අප දෙදෙනාට විවාහ නීතිය කඩ කිරීමේ චෝදනාව නම් එල්ල නොවෙනු ඇත.

ඒ මක් නිසා ද යත්, මුදු මාරු කර ගෙන, මා අලුතෙන් විවාහ ගිවිස ගත්තේ මගේ ම ආදරණීය බිරිඳ සමග නිසාත්, ඇය විවාහ ගිවිස ගත්තේ මා සමග නිසාත් ය.



කෙසේ වුවත්, මේ දෙවෙනි විවාහ ගිවිස ගැනීමේ එක් අතුරු ප්‍රතිඵලයක් වූයේ, අප්‍රියෙල් 17 දින සිට ජූනි පළමුවෙනිදා දක්වා, නොනවත්වා, මුලින් බ්ලොග් වසන්තය නිසාත්, එය අවසාන වීමෙන් පසුවත්, දිනපතා සටහන් පළ කරමින් පවත්වාගෙන ගිය රසිකොලොජියට පොඩි විවේකයක් දෙන්නට සිදුවීම යි.

දින හතරක නිවාඩුවෙන් පසු යළි අද පටන් "රසිකොලොජිය" යාවත්කාලීන කිරීම ඇරඹුණ ද, ඉදිරියේ දී මා සටහන් පළ කරන්නට අදහස් කරන්නේ මේ වසරේ මුල් මාස තුනහමාරක පමණ කාලයේ දී කළාක් මෙන් දින දෙක තුනකටවරක් පමණි.

පසුගිය ඒක පුද්ගල බ්ලොග් මැරතන් සමයේ දී, "රසිකොලොජිය" නිරතුරු කියවා, ප්‍රතිචාර දක්වා, දිනකට පිවිසුම් වාර 1,500 පමණ සටහන් කළ (බොට්ලා ඇතුලු) සියලු දෙනාට ම මගේ ස්තුතිය හිමි වේ.

ඔබටත් වාසනාවන්ත නැවත විවාහයක් සහ මධු සමයක් වේවා යැයි ඉත සිතින් පතමි!



-රසිකොලොජිස්ට්

ප/ලි
ඉහළින් ම ඇති පින්තූරයේ ඉන්නේ එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන් යුවළයි.

(image: http://www.telegraph.co.uk/culture/tvandradio/bbc/10190932/Richard-Burton-and-Elizabeth-Taylor-the-deadly-love-that-never-died.html)

Sunday, 28 May 2017

අවුරුදු විසි පහක යුග දිවියක් - Fellow bloggers Kasun and Nirmani to wed


මේ මීට දශක දෙකකටත් පෙර ඉහත කාලයක වූ සිදුවීමකි. නමුත් කිසි දිනක අමතක නොවන්නකි. අද දවසේ ඇති වැදගත්කම නිසා ඊයේ රාත්‍රියේ ද නැවත සිහිවිය.

අපේ කතා නායකයා, දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ දන්නා හඳුනන මිතුරෙකි. ඔහු වාසගමෙන් සූරිය කෙනෙකි. නමුත් ඒ ජයගත් ජයසූරිය කෙනෙකු හෝ විජයග්‍රහණය කළ විජේසූරිය කෙනෙකු හෝ නොවේ. අපේ මිතුරා වීර පරාක්‍රම බල හිමි වීරසූරිය කෙනෙකි.

වීරසූරිය සංගීතයට කැමති ය. හැකියාව ද ඇත.

වීරසූරිය ගී ගැයීමට ද කැමති ය. හැකියාව ද ඇත.

ඒ අප එකල අධ්‍යාපනය හැදෑරූ ආයතනයේ වාරාවසාන සාදය යි. කන බොන අතරේ, සහභාගීවනන්ට ගී ගැයීමට අවස්ථාව ද ලැබුණි. සභාවේ ඉදිරියට ගිය වීරසූරිය ගීයක් ගායනා කළේ ය. මගේ මතකය නිවැරදි නම් ඒ, මා බාල කාලේ, අම්මාගේ උකුලේ නම් අපේ අම්මලා ගේ කාලයේ පැරණි ගීයයි.

මේ කාලයේ අප බොහෝ දෙනෙකු අවිවාහක තරුණයින් වූව ද, මට වඩා වසර කිහිපයකින් වැඩිමහලු වීරසූරිය ළඟදී විවාහ වූ තරුණයෙකු විය.

වීරසූරිය ගේ ගීතය අවසානයේ කිහිප දෙනෙකු කැ ගසා කීවේ, වීරේ තව සින්දුවක් කියපං කියා ය.

ඒ අතර එක මිතුරෙකු ඉල්ලුවේ, වීරේ සූරංගි එක්ක යුග ගීයක් කියන් කියායි. සුරංගි යනු වීරසූරියේ බිරිඳයි.

එයට පිළිතුරු ලෙස වීරසූරිය දුන්නේ අරුම පුදුම පිළිතුරකි.

"ආ, යුග දිවියක් කියන්න ඉතිං බැඳලා අඩු වශයෙන් අවුරුදු විසි පහක් යන්න ඕනෑ, නේ!"

සභාවේ සිනහව මැද එදා ඒ කතාව යට ගිය ද, පසු දින අප ඒ ගැන සාකච්ඡා කරද්දී තේරුණේ වීරසූරියට එක් වරක් නොව දෙවරක් ම සිංහල වැරදී ඇති බවයි.

මුලින් ම, ඔහු යුග ගීයක් යනු කුමක්දැයි නැවැරදිව නොදනියි. ඔහු සිතා ඇත්තේ යුග ගී ගයන්නේ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර හෝ සනත් නන්දසිරි සහ මල්කාන්ති පීරිස් හෝ එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් හෝ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා හෝ දයාරත්න රණතුංග සහ අමරා හෝ පී එල් ඒ සෝමපාල සහ චිත්‍රා හෝ වැනි යුග දිවි ගත කරන විවාහකයින් බවයි.

වීරසූරියට සිදු වූ, ඊටත් වඩා බරපතල වැරදීම වූයේ, එලෙස යුග දිවියක් ගත කිරීම යනු, ඔහු සහ සුරංගි මෙන් අලුත බැන්ද යුවලක් නොකරන, විවාහ වී වසර විසිපහක් ගත කළ අය කරන අමුතු ආකාරයේ කාර්යක් බව සිතීමයි!

කෙසේ වෙතත්, අද මැයි මස විසි අටවෙනිදා තම විවාහයේ විසිපස්වෙනි සංවත්සරය සමරන යුවළක් වෙතොත් සහ ඒ සැමියා තම බිරිඳ පිළිබඳව කවියෙන් වර්ණනාවක් කළහොත් එය මෙන්න මේ ආකාරයේ වෙනු ඇතැයි මම සිතමි.

නෙත ගැටුන දා අවුරුදු ගණනකට පෙර
වත මදහස දිටිමි පෙර නොම දුටු අයුර
සිත මා සසල විය හදවත කර විවර
කත ඔබ මගෙ ම බව දැන ගත්තෙමි එවර

යා දෙක රත ය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුර ම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දින ම

දින පෙර ලෙසින හෙට දිනයෙ ද පෙම් කරමු
යන දිනයක එකට අපි දෙව්ලොවට යමු
පින ගෙවුණ දා ආපහු මනුලොවට එමු
පණ ඇති තුරා යළි යළි සසරේ බැඳෙමු!


හෙට අනිද්දා විවාහ වීමට නියමිත සහෘද බ්ලොග්කරුවන් වන කසුන් සහ නිර්මාණී යුවලට ද, බ්ලොග් ලෝකයේ සියලුම විවාහකයින්ට ද වාසනාවන්ත යුග දිවියක් වේවායි පතමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.gefier.com/personalized-rings/925-sterling-silver-couple-rings-couple-rings-wedding-ring-60600.html)

Sunday, 14 May 2017

මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා - Jokes apart


සිංහල බ්ලොග් කියවන අප බොහෝ දෙනෙකු මෙන් විහිළු කතා කියවීමට, කාටූන් බැලීමට මම ද කුඩා කාලයේ සිටම ඇල්මක් දැක්වූයෙමි.

අපේ අම්මා මාස් පතා මිලට ගත් සහ එකතු කර තිබුණු ශ්‍රී සඟරාවල ද, අම්මා ගේ අම්මා හෙවත් අපේ කලවානේ ආච්චී මිලට ගෙන එකතු කර තිබුණු රසවාහිනී සඟරාවල ද, අපේ තාත්තා ඒ දිනවල සති අන්තයට මිලට ගත් සිළුමිණ, ලංකාදීප සහ රිවිරුස පුවත්පත්වලද මේ ආකාරයේ විහිළු කතා සහ කාටූන් එමට තිබුණි.

ඒ දිනවල කියවූ මගේ මතකයේ තවමත් රැඳී ඇති එක් කතාවක් මෙසේ ය. මෙය මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා අතර දෙබසකි. මේ දෙදෙනා, එක ළඟ පිහිටි නිවාස දෙකක පවුල් දෙකක බිරින්දෑවරු ය.

මිසිස් පෙරේරා: ලබන සුමානේ තමයි අපේ පුතා ගේ පස්වෙනි උපන් දිනේ!

මිසිස් සිල්වා: ආනේ ඇත්තද? ඉතිං ඔයා මොනවද පුතාට උපන් දින තෑග්කට දෙන්න ඉන්නේ?

මිසිස් පෙරේරා: මං හිතන් ඉන්නේ එයා ගේ කැටේ තියෙන සල්ලිවලින් එයාට අලුත් ඉලෙක්ට්‍රික් කෙට්ල් එකක් අරං දෙන්නයි. අපේ තිබුණු කෙට්ල් එක කැඩිලා ගියා නේ. ලිපේ වතුර උණු කරලා මට දැන් එපා වෙලා!

අප කියවන විහිළු කතා සමහර විට පසු කලෙක හෝ අපට ප්‍රයෝජනවත් වෙයි.

ඇත්තටම ඒ මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා කතාව මට අද ප්‍රයෝජනවත් විය.

ඒ මෙසේ ය.

ගිය සුමානේ ඉරිදා මට මදර්ස් ඩේ හෙවත් අම්මලාගේ දිනය වැරදුණු හැටි ගැන දුක්බර කතාව රසිකොලොජියේ ලිව්වෙමි.

දුක වූයේ දිනය වැරදීමත්, යළිත් ඊළඟ සතියේත් ත්‍යාගයක් මිලට ගැනීමට සිදුවෙන බව තේරුම් යාමත් නිසා ය.

නිවැරදි අම්මලාගේ දිනය අද උදා විය.

මා කාලයක් තිස්සේ උදෑසන ආහාරය සඳහා පලතුරු බීම සෑඳීමට ගන්නා බ්ලෙන්ඩරය දැන් තරමක් අංජබජල් වෙමින් තිබෙන බව මට සිහිවිය.

ගිය සිකුරාදා අසල නගරයේ පිහිටි කේ-මාර්ට් නම් මිල අඩු සාප්පුවට ගිය මම අම්මලාගේ දිනය වෙනුවෙන් බිරිඳට ත්‍යාගයක් මිලට ගත්තෙමි.

ඒ වෙන කිසිවක් නොව, මා කාලයක් තිස්සේ උදෑසන ආහාරය ලෙස ගන්නා පලතුරු බීම සෑඳීමට ගන්නා වර්ගයේ බ්ලෙන්ඩරයක් සහ අමතර බෝතල් දෙකකි.

බිරිඳට ත්‍යාගයක් ලෙස දීමට මා ගිය සතියේ හදිසියේ මිලට ගත් රෆායලෝ චොකලට් පෙට්ටිය විවෘත නොකර ම තිබුණි.

අද උදෑසන තේ කෝප්පයක් ද, ඒ සමග කෑමට මාගරීන් සහ ජෑම් තැවරූ පාන් පෙත්තක් ද නිදන කාමරයට ම ගෙනැවිත් දුන් මා ඊළඟට කළේ, තෑගි පිරිනමා හාදු වැස්සක් ද වැස්සවීමයි!

ලෝකවාසී සියලුම අම්මලාට සැප සතුට පිරි අම්මලා ගේ දිනයක් පතමි.

-රසිකොලොජිස්ට්

Thursday, 11 May 2017

මටත් වෙන වැඩ නොහොත් නෝබොඩීස් ඩේ - Nobody's day


ලංකාවේ සතියක් ගත කර, අවුරුදු සහ වෙසක් රැගෙන මගේ බිරිඳ ආපසු සිනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ සෙනසුරාදා රාත්‍රී අටට පමණ ය.

එදින දිවා කාලය මා ගත කළේ මිතුරෙකු ද සමග එක් වී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව පිහිටුවා ඇති ලේඛක සංසදයෙන් ළඟදීම ප්‍රකාශනය කිරීමට අදහස් කරන මෙරට වෙසෙන සිංහල ලේඛකයින් ගේ සංක්‍රමණික අත්දැකීම් රැගත් කෙටිකතා නිර්මාණ සංග්‍රහයේ අවසාන වැඩ කටයුතුවල නිරත වෙමිනි.

බිරිඳ ආපසු නිවසට විත් දින තුනකට පසු අපේ පුතා ගේ උපන් දිනය යෙදෙන බව අප සිතේ ධාරණය කර ගත්තේ ගුවන් ටිකට් පත ඇණවුම් කරන දිනයේ ම ය. "මදර්ස් ඩේ" හෙවත් අම්මලා ගේ දිනය කියා වසරකට වරක් පැවැත්වෙන දිනය සාමාන්‍යයෙන් යෙදෙන්නේ පුතා ගේ උපන් දිනයට ආසන්න ඉරිදා දිනයේ බව මගේ මතකයේ තිබුණි.

ඒ කියන්නේ හෙට ය.

මළා!

අම්මලා ගේ දිනයට තම මවට මෙන් ම බිරිඳට ද, සුළු හෝ ත්‍යාගයක් දීම කවුරුත් වාගේ පුතුන් සහ පිරිමින් අනුමනය කරන පිළිවෙතකි.

ත්‍යාගයේ ප්‍රයෝජනය කෙසේ වෙතත්, එයින් ආදරය වැඩේ!

"පුතා, අපි හවස ෂොපින් යමු, මදර්ස් ඩේ එකට තෑග්ගක් ගන්න!" දිවා ආහාරය වෙලාවේ මම පුතා සමග කීවෙමි.

මිතුරා නිවසෙන් සවස දෙක හමාරට පමණ පිටත්ව ගිය ද, එතැන් සිට ෆේස්බුක් සහ රසිකොලොජි වැනි වැදගත් කටයුතු කිහිපයක් යෙදුණු නිසා, මට යළිත් වෙලාව පිළිබඳව සිහිවුනේ සවස හතරට පමණය.

දැන් ඉතින්, අසල නගරයේ සාප්පු සංකීර්ණයට ගොස් තෑගි ගන්නට වෙලාවක් නැත. හවස ගුවන් තොටුපොළට යෑමට ද ඇත. ඊට පෙර රාත්‍රී ආහාරය පිළිබඳව ද සිතිය යුතු ය.

නගරයේ සාප්පුවලට නොයා ගමේ කඩෙන් තෑග්ගක් ගත යුතු යැයි මම සිතුවෙමි. රාත්‍රී ආහාරයට අවශ්‍ය සලාද කොළ ද, පසුවදා උදෑසන සඳහා පලතුරු ද මිලට ගැනීමට, කොයි හැටි වෙතත්, ගමේ කඩේට යා යුතුව තිබුණි.

වෙනදා අම්මලා ගේ දිනය සඳහා විශේෂයෙන් සකසන ලද තෑගි ගමේ කඩේ ද තිබෙනු මා දැක ඇතත් මෙවර, මල් හැර, එවැනි දේ පෙනෙන්නට නොතිබුණි.

මේ හේමන්ත කාලයේ වුව ද, නිවසේ වවා ඇති රෝස ගස්වල හොඳින් මල් පිපෙන නිසා කඩෙන් රෝසමල් මිලට ගැනීමට අවශ්‍යතාවක් නැත. එනිසා, මා කළේ, පලතුරු සහ සලාද කොළ සමග "රෆායෙලෝ" නම් සුමිහිරි චොකලට් වර්ගයෙන් පෙට්ටියක් ද මිලට ගැනීමයි.

හේමන්ත රෝස මල් ද, සුදු පැහැති මැග්නෝලියාවක් ද සහිත මල් කළඹක් රැගෙන ගොස් බිරිඳ ගුවන් තොටුපළෙන් නිවසට කැඳවා ගෙන ආවෙමි.

ගතවුණේ සතියක් පමණක් නිසා දෝ, කලේ පැන් නැවුම් රසින් තිබුණු බව ද, රොටි සහ ලුණු මිරිස් අවුල් නොවූ බව ද පෙන්වමින්, මා සැකසූ අති ප්‍රණීත රාත්‍රී ආහාරයෙන් ඇය සන්තර්පනය කළෙමි.

* * *

පසුදා උදෑසන අවදිව ඇයට අති ප්‍රණීත තේ කෝප්පයක් සාදා ඇඳ ළඟටම ගෙනැවිත් දුන්නෙමි.

පසුව, පෙර දින ගමේ කඩෙන් මිලට ගත් සුමිහිරි "රෆායෙලෝ" චොකලට් පෙට්ටිය ඇයට දී, මෙවර ද අති ප්‍රණීත, චුම්බනයක් ද දුන්නෙමි.

"හැපි මදර්ස් ඩේ, ඩාලින්!"

"ආ, ඇයි අද? ලබන සුමානේ නේද මදර්ස් ඩේ?" බිරිඳ විමසුවා ය.

මදක් සොයා බැලූ විට මට වැටහුණේ ඇත්තට ම මේ වසරේ අම්මලා ගේ දිනය යෙදී ඇත්තේ ඊළඟ ඉරිදාට බවයි.

දැන් ඉතිං තවත් තෑග්ගක් ගන්නට සිදුවෙනු ඇත.

ඔන්න මටත් වෙන වැඩ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සකල ලෝ වාසී සියලු අම්මලාට, සැප සතුට ජය පතමි.

(image: http://www.nairaland.com/3473746/hypothesis-love)