Thursday, 31 December 2015

eFacMemories : My Four Years at Peradeniya - නිවාඩු පාඩුව....!


මා නිචාඩුවේ ලංකාවට ආවේ ප්‍රාධන කොටම කාරණා දෙකක් මුල් කොට ගෙනය.

ඉන් එකක්, මගේ පියා වෙනුවෙන් කළ දානමය පින්කමකට සහභාගී වීමයි.

අනෙක, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අපේ කණ්ඩායමේ පස් වාර්ෂික සාදයට සහභාගී විමටයි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" කවි පොතේ එළිදැක්වීම සහ නිරාශ ගුණසේකර ගේ "මැරීලින් මොන්රෝ මම සහ ඔබ" කවි පොතේ එළිදැක්වීම යනු මේ ගමනනේ දී දඩයම් කරගත් තලගොයින් දෙදෙනෙකි!

නිවාඩු කාලයේ තවත් වැඩක් කළෙමි.

මේ ඒ ගැන අති සංක්‍ෂිප්ත විස්තරයයි.

eFacMemories - My Four Years at Peradeniya
ISBN: 978-955-54783-1-1
(Author publication, December 2015)

පිට කවරය.



නව වසරේ නැවත හමුවෙමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බදු බර අඩු වී යන්නයි
බැංකු ගිනුම් තරවෙන්නයි
හිතේ සතුට උතුරන්නයි
ලබන වසර සරුවෙන්නයි!


Monday, 28 December 2015

දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? - Daya Pathirana, the end...!


මා ලියූ ලිපියේ අද අවසන් කොටස.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

සිව්වන කොටස:
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2
http://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html

පස්වන කොටස.
ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana
http://rasikalogy.blogspot.com/2015/12/blog-post_27.html

අද අවසාන කොටස.

තම ජීවිතයේ අවසන් දිනයේ ද දයා පතිරණ ගත කර ඇත්තේ තම හදවතට එකඟ දේශපාලනයේ ම ය. පසුව ආරංචි වූ පරිදි, 1986 දෙසැම්බර් මස 14 දින හවස් භාගයේ ඔහු, තම සගයෙකු වූ සෝමසිරි ද සමග විරුද්ධ දේශපාලන කණ්ඩායමක ආරාධනයෙන් ඔවුන් හා සාකච්ඡුාවක් සඳහා පිටත්ව ගොස් තිබේ. තියුණු ආයුධ වලින් කපා කොටා ගෙල සිඳ දැමූ දයා පතිරණ ගේ අඩ නිරුවත් මළ සිරුර ද, ගෙල කපා තිබුණද ප‍්‍රානය නිරුද්ධ නොවී තිබී පසුව දිවි ගලවාගෙන මේ සිදුවීම් විස්තර කරන්නට වාසනාව තිබූ සෝමසිරි ගේ සිහි මූර්ඡුා වූ සිරුර ද පසුවදා, එනම් උදුවප් පුර පසළොස්වක දින, හිමිදිරියේ හොරණ ප‍්‍රදේශයේ දී හමුවිය. මෙම ආරංචිය, ඊටත් පසු දින දිවයින පුවත්පතේ ප‍්‍රධාන පුවත ලෙස කියවූ හැටි අද ද මට මතකය.

සතියකට පමණ පසු මා වෙනත් ගමනක අතරතුර කොළඹ සරසවියට ගොඩ නැගුනෙමි. එය ස්වාධීන ශිෂ්‍ය සංගමයේ එකම බලකොටුවක් බවට පෙරළී තිබුණි. ඔවුන් ප‍්‍රදර්ශනය කරමින් සිටි එක් බැනරයක මට සුපුරුදු කවියක් දිස්විය. එය නම්, පෙර සඳහන් කළ පරිදි, මා 1983 දී විශ්ව විද්‍යාල කුරුටු ගීයක් ලෙස ලියූ, එකල ජ.වි.පෙ. මතවාදයට ප‍්‍රතිවිරුද්ධ වූ, පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඝාතන සමරු කලාපයේ කතුවැකිය සැරසූ, ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා මුළු ලෝකය එළිය කිරීම” පිළිබඳව වූ විප්ලවවාදී කවියයි.
අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය
මා පසුව ධර්මසිරි ගෙන් අසා දැනගත් පරිදි, 1985 සමරු කලාපයෙන් මෙය උපුටාගත් ස්වාධීන ශිෂ්‍යයෝ, මා නොදැන සිටිය ද, එය ඔවුන්ගේ ප‍්‍රධාන ප‍්‍රචාරක පාඨයක් ලෙස වසරකටත් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරමින් සිට ඇත. ”බලහත්කාරෙන් හෝ හිරු පිබිදීමේ” සංකල්පයට ඔවුන්ගේ විරුද්ධත්වක් නොතිබුණා සේ ය.

මේ කථාවේ උත්ප‍්‍රාසය උපදවන අවසාන කොටස නම්, පසුව 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වීමත් සමගම ජ.වි.පෙ. ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදුවන” ආකාරයේ මහා සිවිල් සටනකට බැස මහා ජීවිත හානියක් කරගැනීමත්, දයා පතිරණ මරණයේ පලිය ගන්නට දෝ, ”හිරු පිබිදවීම” පසෙක තබා, 1989 අවසානය දක්වාම පැවති ජ.වි.පෙ. සංහාරයට ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම ද එක්වීමත් ය.

මා මිතුරු නාකන්දලගෙන් ඉල්ලා ගත් "සමාජවාදය නම් කුමක්ද?" කෘතිය ඔහු කියවා අවසන් කර තිබූ එකක්දැයි නො දනිමි. එය මා කියවීම ඇරඹූ විගසම වාගේ දයා පතිරණ අතට පත්වීම නිසා මට ද ඒ අවස්ථාව අහිමි විය. දයා පතිරණ ද ඒ කෘතිය කියවූවායැයි මම නො සිතමි.

ඒ කෙසේ වෙතත්, එදා ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර ඇතිවුණු මත ගැටුමට අදාළව මට අද ද වටහාගත නොහැකි එක් කරුණක් ඇත.

එය නම්, පවතින සමාජ දේශපාලන ක‍්‍රමයේ අසාධාරණ කම් නිසා රජයට විරුද්ධව සටන් කර බලය ලබා ගැනීම සඳහා දාමරික වූ දේපල නාශක සහ මිනිස් ඝාතන කි‍්‍රයාවලියක නිරත වීම සිංහලූන් අතරින් පැන නගින කණ්ඩායමක් කරන විට එය සාධාරණ වන්නේත්, එයම දෙමළ කණ්ඩායමක් විසින් කරණ විට ප‍්‍රතිගාමී මිනීමරු ත‍්‍රස්තවාදයක් වන්නෙත් කෙසේද යන්නයි.

-රසිකොලොජිස්ට්

Sunday, 27 December 2015

ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana


කැමති අයගේ කියවීම සඳහා මා රාවය පුවත් සඟරාවේ පල වූ ලිපියක් කොටස් වශයෙන් බ්ලොගය හරහා මෙලෙස මුදා හරිමි.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

සිව්වන කොටස:
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2
http://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html

අද පස්වන කොටස.

පෙර සඳහන් කළ උසස් අධ්‍යාපන නව සංශෝධන පනත ට විරුද්ධව කෙරුණු සටන, මාර්තු මාසයේ පරාජිතව අවසාන වීමෙන් පසු මුළු 1985 වසර පුරාම පොදු ශිෂ්‍ය සටන් නොතිබුණි. ඒ අඩුව පිරිමහන්නට දෝ, විශ්ව විද්‍යාල මට්ටමෙන් ශිෂ්‍ය ප‍්‍රශ්න මතුවෙන්න ට විය.

මින් ප‍්‍රධාන තීරණාත්මක සටනක් වූයේ දයා පතිරණ ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය කණ්ඩායම අතර කොළඹ විශ්ව විද්‍යාලය තුළ පැන නැගුණු අරගලයයි.

ඒ වන තෙක්ම කොළඹ විශ්ව විද්‍යාලය තුළ ජ.වි.පෙ. නියෝජනයක් නැති තරම්ම විය. අවිශිබමය තුළ කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය වූයේ තඹරලූවේ ජිනානන්ද වැනි, කෙළින්ම ජ.වි.පෙ. නොවේ යැයි පෙන්වූ අයගෙනි. පේරාදෙණියේ තත්වය ද එ ලෙසම විය. මෙම 1985 වසරේ දී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කි‍්‍රයාකාරී කමිටුව තුළ ද ජ.වි.පෙ. කි‍්‍රයා කළේ පසු පෙළ සිට ය.

කෙසේ වෙතත් මේ දෙපිරිස අතර පැවති සටනින් පසු පැවති අවිශිබම රැස්වීම අති තීරණාත්මක එකක් විය. එදින කොළඹ සරසවිය නියෝජනය කිරීමට පොදු ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජිත තඹරලූවේ ජිනානන්දට අමතරව ජ.වි.පෙ. නියෝජනය කරමින් සරත් එදිරිසිංහ වැනි නමක් තිබූ ශිෂ්‍යයෙකු ද පැමිණ සිටියේ ය. ඔවුන් ගේ අති උද්වේගකාරී කථාවන් හි පොදු ඉලක්කය වූයේ දයා පතිරණ සහ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමයි.

මෙම රැස්වීමේ කැඳවුම්කරු වූයේ පසු කලෙක ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජිකයෙකුව සිට මරණයට ලක් වූ, රංජිතන් ගුණරත්නම් ය. දයා පතිරණ තව දුරටත් කොළඹ විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකු නොවේය යන තර්කය ඔස්සේ මෙදින ඔහු අවිශිබම නියෝජිතකමෙන් නෙරපුනි.

එම තීරණයට හිස නැමූ දයා පතිරණ, කොළඹ විශ්ව විද්‍යාලයේ රීඞ් මාවතේ ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම රැස්වීමෙන් ඉවත්ව ගිය ආකාරය මට දැනුදු මැවී පෙනේ. එය එසේ සිදු වූවද, සභාවේ මුලාසනය දැරූ රංජිතන් ද එවකට ලියාපදිංචි ශිෂ්‍යයෙක් නොවී ය. එකම වෙනස වූයේ රංජිතන් තම ශිෂ්‍යභාවය තහනමකට ලක් වී සිටි අයෙකු වීමයි.

මේ සිදුවීම් මාලාවේ මීළඟ වැදගත් සිද්ධිය වන්නේ 1985 වසරේ සැප්තැම්බරයේ පමණ දේශපාලන කටයුත්තක් සඳහා මහනුවර පැමිණි දයා පතිරණ සහ තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ ධර්මසිරි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රැයක් නවාතැන් ගැනීම ය. මෙම කාරණය නිසා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ කෙතරම් සලිත වූවා ද යත්, ඉන් ටික දිනකට පසු පැවති කි‍්‍රයාකාරී කමිටු රැුස්වීමේ දී, මේ පිළිබඳව මහා කලබගෑනියක් කරන්නටත්, ඔවුන්ට තම කාමරයේ නවාතැන් දුන් ශිෂ්‍යයාට විරුද්ධව අභූත චෝදනා නගන්නටත් ඔව්හූ පෙළඹුණහ.

එහිදී, ජ.වි.පෙ. අනුබද්ධ ඒ ශිෂ්‍යයන් ගේ ප‍්‍රධාන තර්කයක් වූයේ, දයා පතිරණ ඇතුළු පිණිස අන්ත රැඩිකල්වාදී පිරිසක් බවත්, ඔවුන් ගේ දේශපාලනය විශ්ව විද්‍යාලය සතු දේපල, සම්පත් විනාශ කරන ආකාරයේ එකක් නිසා ඔවුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළට වැද්දා ගත නොයුතු බවත් ය.

මෙම තර්කය මට එක් වරම සිහි කරවූයේ, ඉහත සඳහන් කළ මගේ කවියේ එන ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කළ යුතුය!” යන යෙදුම සහ එයට ජ.වි.පෙ. දැක්වූ ප‍්‍රතිචාරයයි.

තර්ක විතර්ක කෙසේ වූවද, මේ සියල්ලටම මුලික හේතුව වූයේ විශ්ව විද්‍යාල තුළ බල අරගලයට වඩා ඒ වන විට ජ.වි.පෙ. විසින් උතුරේ ප‍්‍රශ්නය මුල් කරගෙන ගෙන ගිය දේශපාලන මතවාදය හා වැඩ පිළිවෙළ සහ උතුරේ ජනතාවගේ ස්වයංනීර්ණය වෙනුවෙන් පෙනී සිටි දයා පතිරණලා ගේ දේශපාලනය අතර තිබූ මත අරගලය බව මම සිතමි.

මින් සුළු කාලයකට පසුව මා විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය නිම කල අතර හුදු ශිෂ්‍ය ප‍්‍රශ්න ගැන සටන් කළා මිස කිසි කලෙක කිසිදු පිටස්තර පක්‍ෂ දේශපාලනයක නිරත නොවුන බැවින් මගේ කි‍්‍රයාකාරී දේශපාලනය එතැනින් අවසන් විය.

ඊළඟ වසරේ දී (1986) ජ.වි.පෙ., ඔවුන් ට අනුබද්ධව සමාජවාදී ශිෂ්‍ය සංගමයට සමාන්තරව, දේශපේ‍්‍රමී ශිෂ්‍ය පෙරමුණ පිහිටුවන ලදී. අද දක්‍ෂිණාංශික දේශපාලනයක යෙදෙන ඇමතිවරයෙකු වන චම්පක රණවක ද මේ දිනවල සහ ඉන් පසුව එළැඹුණු භීෂණ සමය තුළ මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස කි‍්‍රයාකාරී ශිෂ්‍ය දේශපාලනයේ යෙදුණු බව 1990 දී ඔහු දිවයින පුවත් පතේ පළ කළ ලිපි මාලාව මගින් එළිදරව් කළේ ය.

දේශපේ‍්‍රමී ශිෂ්‍ය ව්‍යාපාරයේ පොදු සටන් පාඨය වූයේ බෙදුම්වාදීන්ට කප්පම් නොදෙනු! ජනතාවට අයිතීන් දෙනු! සහ ඊට සමගාමී වූ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව ජ.වි.පෙ. මතවාදයයි.

මේ කාලය වන විට, ලංකාවේ අනෙකුත් වාමාංශික පක්‍ෂ වට මේස සාකච්ඡා යනාදිය තුලින් පොදුවේ යොමුවෙමින් තිබුණේ බලය බෙදා හැරීම මත පදනම් වූ විසඳුමක් කරා ය. දයා පතිරණලා ට අමතරව, මේ රේඛාවෙන් අනිත් පස අන්තයේ මත දැරූ වෙනත් දේශපාලන කණ්ඩායම් ද තිබුණි. මෙයින් එක් කණ්ඩායමක් වූ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂය මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ යම් පදනමක් ගොඩ නංවාගෙන තිබුණි.

අවසාන කොටස: දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? - Daya Pathirana, the end...! :: https://rasikalogy.blogspot.com/2015/12/daya-pathirana-end.html

-රසිකොලොජිස්ට්

(image: source unkown, copied from w3lanka.com)

Saturday, 26 December 2015

දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2


මගේ රාවය ලිපිය මෙලෙස කොටස් වශයෙන් පළ කරන්නේ කැමැත්තන් ගේ පමණක් පරිභෝජනය පිණිස ය.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

අද සිව්වන කොටස.

පෙර සඳහන් කළ උසස් අධ්‍යාපන නව සංශෝධන පනත ට විරුද්ධව කෙරුණු සටන, මාර්තු මාසයේ පරාජිතව අවසාන වීමෙන් පසු මුළු 1985 වසර පුරාම පොදු ශිෂ්‍ය සටන් නොතිබුණි. ඒ අඩුව පිරිමහන්නට දෝ, විශ්ව විද්‍යාල මට්ටමෙන් ශිෂ්‍ය ප‍්‍රශ්න මතුවෙන්න ට විය.

මින් ප‍්‍රධාන තීරණාත්මක සටනක් වූයේ දයා පතිරණ ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය කණ්ඩායම අතර කොළඹ විශ්ව විද්‍යාලය තුළ පැන නැගුණු අරගලයයි.

ඒ වන තෙක්ම කොළඹ විශ්ව විද්‍යාලය තුළ ජ.වි.පෙ. නියෝජනයක් නැති තරම්ම විය. අවිශිබමය තුළ කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය වූයේ තඹරලූවේ ජිනානන්ද වැනි, කෙළින්ම ජ.වි.පෙ. නොවේ යැයි පෙන්වූ අයගෙනි. පේරාදෙණියේ තත්වය ද එ ලෙසම විය. මෙම 1985 වසරේ දී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කි‍්‍රයාකාරී කමිටුව තුළ ද ජ.වි.පෙ. කි‍්‍රයා කළේ පසු පෙළ සිට ය.

කෙසේ වෙතත් මේ දෙපිරිස අතර පැවති සටනින් පසු පැවති අවිශිබම රැස්වීම අති තීරණාත්මක එකක් විය. එදින කොළඹ සරසවිය නියෝජනය කිරීමට පොදු ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජිත තඹරලූවේ ජිනානන්දට අමතරව ජ.වි.පෙ. නියෝජනය කරමින් සරත් එදිරිසිංහ වැනි නමක් තිබූ ශිෂ්‍යයෙකු ද පැමිණ සිටියේ ය. ඔවුන් ගේ අති උද්වේගකාරී කථාවන් හි පොදු ඉලක්කය වූයේ දයා පතිරණ සහ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමයි.

මෙම රැුස්වීමේ කැඳවුම්කරු වූයේ පසු කලෙක ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජිකයෙකුව සිට මරණයට ලක් වූ, රංජිතන් ගුණරත්නම් ය. දයා පතිරණ තව දුරටත් කොළඹ විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකු නොවේය යන තර්කය ඔස්සේ මෙදින ඔහු අවිශිබම නියෝජිතකමෙන් නෙරපුනි.

එම තීරණයට හිස නැමූ දයා පතිරණ, කොළඹ විශ්ව විද්‍යාලයේ රීඞ් මාවතේ ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම රැස්වීමෙන් ඉවත්ව ගිය ආකාරය මට දැනුදු මැවී පෙනේ. එය එසේ සිදු වූවද, සභාවේ මුලාසනය දැරූ රංජිතන් ද එවකට ලියාපදිංචි ශිෂ්‍යයෙක් නොවී ය. එකම වෙනස වූයේ රංජිතන් තම ශිෂ්‍යභාවය තහනමකට ලක් වී සිටි අයෙකු වීමයි.

මේ සිදුවීම් මාලාවේ මීළඟ වැදගත් සිද්ධිය වන්නේ 1985 වසරේ සැප්තැම්බරයේ පමණ දේශපාලන කටයුත්තක් සඳහා මහනුවර පැමිණි දයා පතිරණ සහ තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ ධර්මසිරි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රැුයක් නවාතැන් ගැනීම ය. මෙම කාරණය නිසා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ කෙතරම් සලිත වූවා ද යත්, ඉන් ටික දිනකට පසු පැවති කි‍්‍රයාකාරී කමිටු රැුස්වීමේ දී, මේ පිළිබඳව මහා කලබගෑනියක් කරන්නටත්, ඔවුන්ට තම කාමරයේ නවාතැන් දුන් ශිෂ්‍යයාට විරුද්ධව අභූත චෝදනා නගන්නටත් ඔව්හූ පෙළඹුණහ.

එහිදී, ජ.වි.පෙ. අනුබද්ධ ඒ ශිෂ්‍යයන් ගේ ප‍්‍රධාන තර්කයක් වූයේ, දයා පතිරණ ඇතුළු පිණිස අන්ත රැුඩිකල්වාදී පිරිසක් බවත්, ඔවුන් ගේ දේශපාලනය විශ්ව විද්‍යාලය සතු දේපල, සම්පත් විනාශ කරන ආකාරයේ එකක් නිසා ඔවුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළට වැද්දා ගත නොයුතු බවත් ය.

මෙම තර්කය මට එක් වරම සිහි කරවූයේ, ඉහත සඳහන් කළ මගේ කවියේ එන ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කළ යුතුය!” යන යෙදුම සහ එයට ජ.වි.පෙ. දැක්වූ ප‍්‍රතිචාරයයි.

ඊළඟ කොටස:
ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana :: https://rasikalogy.blogspot.com/2015/12/blog-post_27.html

(image: http://www.lankaweb.com/news/items/2015/12/19/%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-29/)

Friday, 25 December 2015

ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!


ඉතා දුර අතීතයක සිදුවුණු දේශපාලනමය වශයෙන් වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබඳ විස්තර සඳහන් වෙන මේ ලිපිය මෑස් කන්සම්ප්ෂන් සඳහා නොවේ. අවශ්‍ය ඇත්තන් ගේ කියවීම පිණිස ය.

මේ ලිපියේ අවසාන පරිච්ඡේද කිහිපය ඇරුණු විට අන් සියල්ල රාවය පුවත් සඟරාවේ පළවිය. එය මගේ බ්ලොගයේ කොටස් වශයෙන් පළ කරන්නේ මේ දිනිවල නිවාඩු පිට ඉන්නා බැවින්, වෙනදාමෙන් දුම්රියේ සේවයට යෑමක් නැති නිසා ලිවීමට කාලය සොයා ගැනිම පිළිබඳ ප්‍රශ්නයක් ඇති නිසාය.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


අද තුන්වෙනි කොටස කියවන්න.

අබේසේකර සහ රත්නායක සිසුන් දෙදෙනා මරා දැමීමට වසරකට පෙර 1983 ජූලියේ දී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති ශිෂ්‍ය සටනක් අවසානයේ මාරාන්තික උපවාසයක් පැවතුණි. වෙනම ම ලිපියකින් විස්තර කළ යුතු මේ සිදුවීම් මාලාව පිළිබඳව මා ලියූ දිගු කවියක් අවසාන කළේ මෙලෙස ය.
අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය
මෙම කවිය අනිවාර්යයෙන් ම නිර්ධන පන්තියේ විප්ලවය සනිටුහන් කරතැයි මම සිතුවෙමි.

ඉංජිනේරු පීඨ කලා කවය මගින් පවත්වා ගෙන යනු ලැබූ බිත්ති පුවරුවේ මුල් වරට ප‍්‍රදර්ශනය වූ මෙම කවිය මම පසුව (1984 ඔක්තෝබරයේ දී පමණ* අක්බාර්-නෙල් ශාලාවේ මා නැවතී සිටි කාමරයේ කුරුටු ගීයක් ලෙසින් සටහන් කළෙමි.

ඊළඟ වසරේ මේ කාමරයේ තාවකාලිකව නවාතැන් ගත් හිටපු ඉංජිනේරු පීඨ ශිෂ්‍ය, එකල ජ.වි.පෙ. පූර්ණකාලීන කි‍්‍රයාකාරිකයෙකු වූ ආනන්ද ඉඩමේගම මේ කුරුටු ගීය කියවා බලා, මා ගැන විපරම් කර ඇත.

මා එවකට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ යම් කිසි ආකාරක කි‍්‍රයාකාරිකයෙකුව සිටියෙමි. ශිෂ්‍ය සටන් තුළ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව මගේ අවුලක් නොතිබුණු නමුත් ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව රෝහණ විජේවීර ගේ කතා ඇතුළත් කැසට් සහ ඔහුගේ ම ”ජාතික ප‍්‍රශ්නයට විසඳුම කුමක් ද?” නමින් පළකළ පොත මගින් ඉදිරිපත් කරන ලද මතවාදය නම් මට රුචි නොවීය.

මේ සියලූම හේතු නිසාවෙන් දෝ, මට නිසි මග පෙන්වා දීමට ජ.වි.පෙ. නියෝජිතයෙකුට අවසර දෙන්න යැයි මා මිතුරු නලින් මගෙන් ඉල්ලූ අතර මම එයට කැමැත්ත දුනිමි. මේ දේශපාලන සාකච්ඡුාව සඳහා මා හමුවට ආවේ අන් කිසිවෙකු නොව පසුව ජ.වි.පෙ. දේශපාලන මංඩල සභිකයෙකු වූ උපාලි ජයවීර ය.

ඉහත කවියෙන් මුළු ගැන්වුණු මගේ අදහස් වල වැරදි බව පවසමින් කතාව ඇරඹූ ඔහු, පැය දෙකකටත් වඩා වැඩි කාලය කාලයක් මිඩංගු කරමින් ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ජ.වි.පෙ. මතවාදය මා හමුවේ තැබීය.

ඔහු පැවසූ දේ සැකෙවින් කිවහොත් එය මෙසේ ය.

පවතින රජයේ බලයෙන් මිදී තමන් ගේ රජයක් අවි බලයෙන් ගොඩ නැඟීම අරමුණු කරගෙන එවකට උතුරේ කෙරෙමින් පැවතුන සටන ප‍්‍රතිගාමී එකකි. එනම් බලහත්කාරෙන් හිරු පිබිදවීමට දරන තැතකි. ත‍්‍රස්තවාදයකි. එය පරාජය කළ යුතුය.

අවසානයේ තර්කයෙන් කිසිදු ජයක් ලබා නොගෙන උපාලි ජයවීර හිස් අතින් වෙන්වී ගියේ නැවත හමුවෙන්නට අවශ්‍ය බව කියමිනි. කෙසේ වෙතත් මා වැනි සුඹුලෙකු ගැන වෙහෙසීමට වඩා වැදගත් වැඩ ඔහුට තිබෙන්නට ඇත.

පද්මසිරි අබේසේකර සහ රොහාන් රත්නායක සිසුන් දෙදෙනා මරා දමා වසරක් ගත වූ දින අපි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සැමරුම් උත්සවයක් සංවිධානය කළෙමු. මේ වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපයේ සංස්කරණය මට පැවරුණු අතර මගේ කතුවැකියේ අවසානයේ ඉහත සඳහන් කෙටි කවිය ද ඇතුළත් කළෙමි.

මේ සමරු කලාපයේ පිටපතක් කෙසේ හෝ දයා පතිරණ අතට පත්වෙන්නට ඇත.


සිව්වෙනි කොටස.
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics (Stage 2) :: https://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html

-රසිකොලොජිස්ට්

(image: http://uorunion.blogspot.com/2011/11/student-heroes.html)

Thursday, 24 December 2015

කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students


මා මේ ලියාගෙන යන්නේ අතීත සිදුවීම් කිහිපක් පිළිබඳව මගේ මතකයයි. රාවය පුවත් පතේ පළවූ මෙහි මුල් කොටස මෙතැනින් කියවන්න.

අද පළවෙන්නේ දෙවෙනි කොටසයි. කැමැත්තෝ කියවත්වා.

වසා දමා තිබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවත ආරම්භ වන විට පෙර කී කූප‍්‍රකට පොලිස් ස්ථානය රජය විසින් ඉවත් කර ගෙන තිබුණි. අබේසේකර සොයුරා මරා දැමූ දින රාති‍්‍රයේ ඉබේම වාගේ ඇරඹුණු ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව (අප මෙය ඇක්ෂන් කමිටී හෙවත් ඒ.සී. කියා හැඳින්වූ අතර අනෙක් බොහෝ විශ්ව විද්‍යාලවල එය ප‍්‍රසිද්ධ වූයේ ඇක්ෂන් එක කියා ය) විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සමග යම් සුහදතාවයක් ද ඇති කර ගනිමින් 1983 ජූලියේ සිට තහනම් කර දමා තිබූ මහා ශිෂ්‍ය සභාවේ අඩුව පිරිමැසී ය.

මේ පේරාදෙණිය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ නියෝජිතයෙකු ලෙස අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ රැුස්වීමට සහභාගී වෙන්නට මට නැවත සිදුවූයේ 1984 වසරේ අග භාගයේ දී ය.

පේරාදෙණියේ සිට කොළඹ බලා අප කළ බස් ගමනේ දී කියවීම පිණිස මා රුසියානු පොතක සිංහල පරිවර්තනයක් වූ "සමාජවාදය නම් කුමක්ද?" නම් පොත රැගෙන ගියෙමි. මේ පොත මා කියවීම පිණිස ඉල්ලා ගෙන තිබුණේ කෘෂි විද්‍යා ශිෂ්‍ය සුමිත් නාකන්දලගෙනි. කොළඹ රාජගිරියේ ආයුර්වේද ශිෂ්‍ය නේවාසිකාගාරයේ පැවති මේ රැස්වීමට පොලිසියෙන් කඩා වැදීමක් සිදු වේ යැයි ඇතිවුණු සැකයක් නිසා අපට හදිසියේ රැස්වීම අවසාන කරන්නට සිදුවිය. මා ආපසු පේරාදෙණිය බලා ගියේ "සමාජවාදය නම් කුමක්ද?" කෘතිය රාජගිරියේ අමතක කර දමා ය.

ශිෂ්‍ය සභා වෙනුවට උප කුලපති ගේ සභාපතිත්වයෙන් යුතු ශිෂ්‍ය සම්බන්ධතා කමිටු ද, උප කුලපති පත් කිරීම ආචාර්වරුන්ගේ ඡුන්දයෙන් නොව උසස් අධ්‍යාපන ඇමති විසින් සිදු කිරීම ද නීතිගත කරන උසස් අධ්‍යාපන සංශෝධන පනත 1985 ජනවාරියේ රජයෙන් සම්මත කෙරිණි. මෙයට විරුද්ධව අවිශිබම මගින් විශ්ව විද්‍යාල පුරාත්, රට පුරාත්, මහා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදී.

මේ කාලයේ දී පැවැත්වුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මා සහභාගී වුණු රැස්වීම්වල දී විටින් විට දයා පතිරණ මට හමුවිය. මා කොළඹ අමතක දමා ආ "සමාජවාදය නම් කුමක්ද?" නම් පොතේ පිටපත ඔහු ළඟ ඇති බවත්, ඔහු ගේ නේවාසිකාගාරයට පැමිණ එය ලබාගත හැකි බවත් දයා පතිරණ ඒ මුල් වාරයේ දී ම මට පැවසීය. පොත කියවා හෝ සමාජවාදය යමක් ඉගෙන ගත්තාදැයි ඔහුට මා සරදමක් කළ ද අවාසනාවකට මෙන් එය ආපසු ලබාගැනීමට මට ඉඩක් නොලැබුණි!

කෙසේ වෙතත් ඒ අවිශිබම රැස්වීම්වල දී දයා පතිරණ හා කතා බහ කරන්නටත්, ඔහු ගේ දේශපාලය කුමක් දැයි තරමක් දුරට හෝ වටහා ගන්නටත් මට හැකිවිය.

දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් කරුණු කිහිපයක් නිසා වෙනස් වූ බව මට පෙනුණි.

සමාජවාදී ශිෂ්‍ය සංගමය මුළු රට පුරා ව්‍යාප්ත වී තිබුණු අතර ස්වාධීනයෝ කොළඹ විශ්ව විද්‍යාලයට පමණක් සීමා වූ කුඩා කණ්ඩායමක් වූහ. එසේ වූව ද, සමහර විට එ නිසාම, නයි-මුගටි සටනින් කොළඹ දී එවකට ජයගත්තෝ මුගටියෝ වූහ.

මේ නයි-මුගටි වෛරයට පාදක වූ මූලික දේශපාලන වෙනස් කම වූයේ මේ දෙපිරිස ජනවාර්ගික ප‍්‍රශ්නය සහ උතුරේ සටන පිළිබඳ දැක්වූ ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකේ මතවාදයන් විය.

ස්වාධීන කණ්ඩායම දෙමළ ජනතාවගේ ස්වයංනීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන ප‍්‍රවාහය නියෝජනය කළේ ය. ජ.වි.පෙ. මතවාදය මීට ඉඳුරාම වෙනස් එකක් විය. ශිෂ්‍ය දේශපාලනයට මෙය කෙළින් ම සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවූයෙන් බොහෝ පොදු කරුණු අරභයා යම්තාක් දුරකට එකට වැඩ කිරීම මේ දෙපිරිසට ප‍්‍රශ්නයක් නොතිබුණුමුත් රටේ සෑම සංසිද්ධියකටම කෙළින් ම හෝ වක‍්‍රාකාරව හෝ බලපෑ උතුරේ යුද්ධය නිසා ඒ දේශපාලන වෙනස්කම විටින් විට ඉස්මතු විය.

තුන්වෙනි කොටස: ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony! :: https://rasikalogy.blogspot.com/2015/12/what-irony.html.

-රසිකොලොජිස්ට්

(image: http://www.cmb.ac.lk/index.php/university-of-colombo/)

Wednesday, 23 December 2015

[දයා පතිරණ] රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at mid-night


පසුගිය ඉරිදා රාවය පුවත් සඟරාවේ මගේ ලිපියක් පළවිය. එය මගේ විශ්ව විද්‍යාල ජීවිතය හා බැඳුණු එකකි. හැබැයි එහි ප්‍රධාන නළුවා මා නොව, ජනතා විමුක්ති පෙරමුණ / සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මරා දැමූ බවට සැක කෙරෙන කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ දයා පතිරණ ය.

මගේ ලිපිය දිග වැඩි වීම නිසා එහි අවසාන පරිච්ඡේද කිහිපය රාවයෙන් හැලී ගොස් තිබුණු බැවින් මුළු ලිපියම (කොටස් කිහිපයකින් යුතුව) රසිකොලාජියේ පල කිරීමට සිතුවෙමි.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ඉතිහාසය ගැන උනන්දුවවක් ඇති ඇත්තෝ කියවත්වා!

-රසිකොලොජිස්ට්

දයා පතිරණ සහ බලෙන් හිරු නංවීම
දයා පතිරණ ඝාතනයේ විසිනමවෙනි සංවත්සරය නිමිත්තෙනි

අසූව දශකයේ මැද භාගයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙස කටයුතු කළ දයා පතිරණ සහෝදරයාව කපා කොටා ඝාතනය කර දමා තිබුණේ අදින් වසර විසි නමයකට පෙර 1986 දෙසැම්බර් මස 15 වන දිනට යෙදුණු උදුවප් පුර පසළොස්වක පොහෝ දා ය.

ඉන් වසර දෙකහමාරකට උඩ 1984 ජූනි මාසයේ දී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පද්මසිරි අබේසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ රෝහණ රත්නායක ශිෂ්‍යයන් දෙදෙනා රාජ්‍ය සේවයේ වෙඩි උන්ඩයෙන් මිය ගොස් තිබුණු බැවින් තවත් සරසවි සිසුවෙක් මරා දමා තිබීම එවකට රටේ මහජනතාව අතර විශාල කලබගෑනියක් ඇතිවීමට හේතුවක් නොවීය. නමුත් දයා පතිරණ ගේ මරණය එසේ සතුරු වෙඩි උණ්ඩයකින් සිදුවූවක් නොව මිතුරු ලෙසින් පැමිණි මාරයාගෙන් ලැබුණු පිහි පහරින් සිදු වූ එකක් වීම විශේෂයකි.

දයා පතිරණ ඝාතනයට මුලික ම හේතුව ලෙස මතුපිටින් පෙනුණේ කොළඹ සරසවියේ ශිෂ්‍ය නායකත්වය පිළිබඳ බල අරගලය වූව ද, සැබෑ වූ හේතුව වූයේ උතුරේ යුද්ධය සහ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබදව වූ වඩා පුළුල් මතවාදී ගැටුමක් ඔඩුදුවා යෑම බව මගේ හැඟීමයි. එ නිසා ම මෙම ඝාතනය, පසු කාලයේ ලංකාව තුළ උතුරු නැගෙනහිරින් බාහිරව සිදු වූ මහා ජීවිත විනාශයේ සමාරම්භක මිනිස් බිල්ල ලෙස කෙරෙන හඳුන්වා දීම ඉතා වැදගත් වේ.

දයා පතිරණ (ඔහු ගේ මුළු නම හේවා පතිරණගේ දයානන්ද පියසිරි විය) මට මුලින්ම හමුවූයේ 1984 අගෝස්තු මාසයේ දිනයක කඩවත සූරිගම පන්සලක පැවැත්වුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩල (අවිශිබම) රැස්වීමේ දී ය. ඔහු ගේ මරණයෙන් පසුව මා දැනගත් පරිදි දයා පතිරණ මාතර ප‍්‍රදේශය තම නිජබිම කරගත්තෙකි. ඔහු පාසැලේ දක්‍ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් වූ බව ද කියවුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අප ”අවිශිබම”ය හැදින්වූයේ ”අයි.යූ.එස්.එෆ්.” යන මුලකුරු වලින් වුවද එය අනෙකුත් විශ්ව විද්‍යාලවල ජනපි‍්‍රය වූයේ ”අන්තරය” යන නමිනි. අවිශිබමයේ කැඳවුම්කරු ලෙස එවකට කි‍්‍රයා කළේ පසුව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකු වූ උපාලි ජයවීර ය. ඔහුට අමතරව කැලණිය විශ්ව විද්‍යාලයෙන් මෙම රැුස්වීමට මහජන පක්‍ෂයට, ශී‍්‍රලනිපයට සහ නව සමසමාජ පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංගම් නියෝජනය කරන නියෝජිතයන් ද, එදින කුමන පක්‍ෂයක් නියෝජනය කළේ දැයි මා අදත් නොදන්නා, පසුව 1994 දී ශී‍්‍ර.ල.නි.ප.යෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු, ඩිලාන් පෙරේරා ද සහභාගී විය.

ඩිලාන් එවකට ජ.වි.පෙ. හිතවාදියෙකු වූ බව මම අනුමාන කරමි. මා ඔහු අවසාන වරට සජීවීව දුටුවේ 1985 මැයි දිනයේ කොළඹ නව නගර ශාලාවේ පැවති නිල නොවන ජ.වි.පෙ. මැයි දින රැුලියේ දී සිය පියාත්, නැගණියත් සමග සිටිය දී ය.

රැස්වීමට සහභාගීවූවන් බහුතරය එක්කෝ ජ.වි.පෙ. කි‍්‍රයාකාරිකයින් හෝ නැතිනම් ජ.වි.පෙ. අනුගාමිකයින් (එනම් විශ්ව විද්‍යාලයට පරිබාහිර ජ.වි.පෙ. දේශපාලනයට ද යම් ලෙසකින් දායක වෙන්නන්* හෝ නැතිනම් ජ.වි.පෙ. හිතවාදීන් (එනම් එවකට ශිෂ්‍ය දේශපාලනය තුළ ජ.වි.පෙ. කි‍්‍රයාකාරීත්වය පිළිබඳ බරපතල ප‍්‍රශ්න නැත්තන් - සමහරවිට ඩිලාන් පෙරේරා මේ ගොඩට වැටුණා විය හැක.* බව කැපී පෙනුණි. කොළඹ, මොරටුව, ජයවර්ධනපුර, පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාල ද අඩු වැඩි වශයෙන් නියෝජනය වී තිබුණු අතර යාපනය සහ නැගෙනහිර සරසවිය ප‍්‍රායෝගික කරුණු මත අවිශිබමයේ කොටසක් නොවී ය.

එදා රැුස්වීමට පැමිණ සිටි අය අතර සිහින් සිරුරකින් ද බොකුටු කොණ්ඩයකින් ද යුතු කොළඹ විශ්ව විද්‍යාලයේ දයා පතිරණ කැපී පෙනුණි. ඔහු ජ.වි.පෙ. හිතවාදියෙක් නොවන බව ක්‍ෂණයකින් පැහැදිලි වූයේ ඔහු කවුරුදැයි රැුස්වීමේ කැඳවුම්කරු ද ඇතුළුව සභාවෙන් ප‍්‍රශ්න නැගුණු විට ය. තමා කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරන බවත්, පසුගිය දිනක පැවති ජල බදු විරෝධී රැුලියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නියෝජනය කරමින් කතා කළ තමා ට මෙම අවිශිබම රැුස්වීමට සහභාගීවීමට අයිතියක් තියෙන බවත් දයා පතිරණ ස්ථිරසාරව ප‍්‍රකාශ කළේ ය.

කූප‍්‍රකට භීෂණ සමය මේ වන විට ලංකාවේ තවමත් ආරම්භ වී නොතිබුණ ද මෙම අවිශිබම රැුස්වීම පැවැත්වූ කාලය ද විශ්ව විද්‍යාල සිසුන් ට නම් එක්තරා ආකාරක භීම සමයක් විය. පෙර සඳහන් කළ පරිදි පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක ශිෂ්‍යයින් වෙඩි තියා මරා දමා ඒ වන විට ගතවී තිබුණේ යාන්තම් මසක් පමණ කාලයක් පමණි. මේ රෝහණ රත්නායක ශිෂ්‍යයා දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වී යැයි සිතමි.

මේ වන විට විශ්ව විද්‍යාල සියල්ල ම වසා දමා තිබුණු අතර අප එදා රැුස්වුණේ ශිෂ්‍ය විරෝධය ඉදිරියට ගෙනයාමත්, විශ්ව විද්‍යාල නැවත විවෘත කරගැනීමත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ එවකට පිහිටුවා තිබූ පොලිස් ස්ථානය ඉවත්කරවා ගැනීමත් පිළිබඳ සාකච්ඡුා කිරීමටය. මගේ මතකයට අනුව රැුස්වීම අවසාන වූයේ, පොලීසිය එතැනින් ඉවත් කරන ලෙස රජයට බල කිරීම පිණිස, පොදු ජන පෙත්සමක් අත්සන් කිරීමට තීරණය කිරීමත් සමග ය.

දෙවෙනි කොටස:

Saturday, 19 December 2015

පොත් එළිදැක්වීමේ උත්සවයේ සිට ආපසු එද්දී ඩයස්පෝරිකයෙකු ලියූ නොස්ටැල්ජියානු බයිනරි කවිය - A poem dedicated to Hashitha Abeywardana


සතියක් ඇතුළත පොත් එළිදැක්වීම් උත්සව දෙකකට ම සහභාගී වීමට මට අවස්තාව ලැබුණි.

මෙයින් මුල් උත්සවය වූයේ යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" පොත එළිදැක්වීමයි. දෙවැන්න, නිරාෂ ගුණසේකර ගේ "මැරිලින් මොන්රෝ ඔබ සහ මම" පොත එළිදැක්වීමේ උත්සවයයි.

මේ උත්සව දෙකේ පොදු සාධක කිහිපයක් විය.

ඉන් එකක් නම් මේ ග්‍රන්ථ ද්වයම කාව්‍ය සංග්‍රහ වීමයි.

දෙවන්න නම්, උත්සව සභා දෙකේම ආරාධිත දේශකයෙකු ලෙස මා මිත්‍ර හෂිත අබේවර්ධන සහභාගී වීමයි.

හෂිත අබේවර්ධන මගේ මිතුරෙකු වූයේ වසර 2010 දී පැවැති ජගත් ජේ එදිරිසිංහ ගේ "රාජාලි පියාපත කාව්‍ය සංග්‍රහය" එළිදැක්වීමේ උත්සවයේ දී මුණ ගැසීමෙන් වීම ද සුවිශේෂී කාරණයකි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ පොත එළිදැක්වීමේ උත්සවය ගැන මගේ අදහස් මා පෙර දිනයක රසිකොලොජියේ ලියූවෙමි.

මේ පහත බයිනරි කවිය ලියවුණේ දෙවෙනි උත්සවයේ දී, හෂිත අබේවර්ධන කළ කතාව සිහිකරමින් නිවසට පැමිණෙත් දී ය.

පොත් එළිදැක්වීමේ උත්සවයේ සිට ආපසු එද්දී ඩයස්පෝරිකයෙකු ලියූ නොස්ටැල්ජියානු බයිනරි කවිය

ගැට පොලොස් හොද්දක
ඇඹුල් තියල් පෙත්තක
කිරිබත් කැබැල්ලක
බතික් සරම් කබලක
නැතිය මට
නොස්ටැල්ජියානු අහවල් එක!

තෙසක් රිය සර්කසයක
දාඩිය දමන බසයක
සින්දු ඩෙසිබෙල් සහසක
විචාරක පඬි වදනක
ඇතිය මට
නොස්ටැල්ජියානු අහවල් එක!


-රසිකොලොජිස්ට්

(Photos: https://www.facebook.com/Nirasha.Gunasekera/photos)

Thursday, 17 December 2015

"වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia


කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභාවන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්න ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිසව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්ව විද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිළී ගඳ වෙනුවට මල් සුවඳ තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි.

කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙණිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කළා රසිකයින් ගේ රංගන රසකාමය සන්තර්පනය කිරීම පිණිස දායාද කරන ලද එළිමහන් රංග පීඨයයි.

තම ස්වයං චර්තාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.
"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුලේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන පේ‍්‍රක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුලේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්බර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වළේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහබාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කළා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල නිසාbය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපළ ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.
"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය කළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."
එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යළිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙණියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහළට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම් ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙළෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යළි යළිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිථ්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් අතත්‍ය කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුණා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුළ සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වළේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුණු "රත්තරං" සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ළබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුළින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

"වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia


කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභාවන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්න ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිසව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්ව විද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිළී ගඳ වෙනුවට මල් සුවඳ තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි.

කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙණිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කළා රසිකයින් ගේ රංගන රසකාමය සන්තර්පනය කිරීම පිණිස දායාද කරන ලද එළිමහන් රංග පීඨයයි.

තම ස්වයං චර්තාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.
"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුලේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන පේ‍්‍රක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුලේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්බර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වළේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහබාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කළා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල නිසාbය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපළ ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.
"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය කළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."
එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යළිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙණියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහළට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම් ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙළෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යළි යළිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිථ්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් අතත්‍ය කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුණා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුළ සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වළේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුණු "රත්තරං" සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ළබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුළින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

Monday, 14 December 2015

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් - Poetry is not for everyone!


"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ!" සින්දුව කියමින් සිටින මේ කාලයේ බ්ලොග් ලිපි ලියන්නට නොසිතුවෙමි.

කොහොමටත්, මේ ගිනි රස්නය මැද බ්ලොග් තියා මේ ලෝකේ කිසිම දෙයක් හෝ කරන්නට නො සිතේ!

ඒත්, මා සිනුවර සිට ලංකාව පැමිණ පැය දොළහක් ඇතුළත සහභාගී වෙන්නට ලැබුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන නොකියාම බැරි කරුණු කිහිපයක් සටහන් කළ යුතු යැයි සිතුණි.

ත්‍රිරෝද රථයකින් බෝකුන්දර හන්දියට ගොස්, එතැනින් 120 බසයකට ගොඩවුණු මා ඉන් බස ගත්තේ "ජෝන් ද සිල්වා රඟහල" අසල නොව "පුරහල" අසලදී ය. පයින් ඇවිදගෙන මහවැලි කේන්ද්‍ර ශාලාවට ළඟා වී පොත් මිලට ගෙන දොරෙන් එබී බැලූ කළ දුටුවේ ලාම්පු පත්තු කිරීමේ දර්ශනයයි.

අනෙත් දොරෙන් ඇතුළු වී පසු පස ආසනයක හිඳ ගත්තෙමි. උත්සවය අවසාන වෙනතුරුම හිඳ සාවධානව සිට, ඉන් පසු තේ කෝප්පයක් ද බී, රෝල්ස් දෙකකට පමණ ද වග කියා, කීප දෙනෙකු සමග ඉතා කෙටි කතා බස්වල ද නිරත වී කැපී ගියෙමි.

මගේ නිරීක්‍ෂණ ඉතා කෙටියෙන් මෙසේ ය.

හාමුදුරුනමක් වෙනම වාඩිකර තිබුණේ ඇයි ද කියා මට නොවැටහිණි. ඒ මූලාසනය විය නොහැක. මූලාසනය යනු සභාව මෙහෙයවන්නායි. ඒ කටයුත්ත කළේ ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවා ය. හාමුදූරුවරුන්ට ගිහියන් සමග සම අසුන්වල වාඩිවිය නොහැකිය කියාවත් සිතුනාවත් ද?

හෂිත අබේවර්ධන ගේ කතාව ඉතා හරබර එකකි. කොටින්ම ශාලාවෙන් පිටවෙන්නට පෙර මම එහි හඬ පටයක් සඳහා ද යශෝධා සම්මානී ගේ "අයියා"ගෙන් ඉල්ලීමක් ද කළෙමි. හෂිත අබේවර්ධන ගේ කතාවේ තිබූ එකම ප්‍රශ්නය වූයේ එය පමණට වඩා දිග වැඩි වීමයි.

එයට හේතු ලෙස මා දකින්නේ තම ලේඛනවලදී ඉතා සංක්‍ෂිප්ත ලෙස, ඵලදායී ලෙස වචන භාවිතාකරන හෂිත අබේවර්ධන තම කතාව දළ සටහන් සහ මතකය මත පමණක් පදනම්ව කිරීමයි. එනිසා, ඔහු ගේ දේශනය පැයකටත් වඩා ඇදී ගියේය.

හෂිත අබේවර්ධන වැනි තඩි ලූලන් හිඟ සිනුවර දී පැවැත්වෙන සිංහල පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයක දී ම මේ ආකාරයේ කතා පැවැත්වීමට මට සිදුවී ඇත. ඒ සැම විටකම මා කරන්නේ මගේ මුළු කතාවම පාහේ යතුරු ලියනය කර, මුද්‍රිත පිටපත් රැගෙන යාමයි. එවිට මගේ කතාව නියමිත කාලය තුළදී අවසාන කිරීමට මට හැකිවේ.

එසේ වුවද, මා ඒ හැම විටකම පාහේ මුලින් ම සඳහන් කරන දෙයක් ඇත. එනම්, මා ගී තැටි එළිදැක්වීමේ උත්සවයන් හි දී නොව, පොත් එළිදැක්වීමේ උත්සවයන් හි දී කතා කිරීමට ඉතා කැමති බවයි. එයට හේතුව ලෙස මා කියන්නේ ගී තැටි එළිදැක්වීමේ උත්සවයන්ට සහභාගී වෙන්නන් මෙන් නොව, මෙවැනි පොත් එළිදැක්වීමේ උත්සවවලට සහභාගී වෙන්නන් මෙහි එන්නේ දේශනවලට සවන්දීමට සිදුවෙන බව හොඳින් දැනගෙන බව වීමයි.

එනිසා කතාව දිග වැඩි යැයි, නීරස යැයි ඤාව්, ඤාව් ගෑමේ තේරුමක් නැත!

නීරස සේ හැඟීමට හේතුව නම් පුද්ගලික රසඥතාවයේ වෙනස්කම් ය.

නමුත් මෙහි දී උත්සවය සංවිධානය කරන්නන් අතින් සිදුවෙන වැරද්දක් ද තිබේ. එය නම්, දේශන පැවැත්වීමට කරන ආරාධනය සමග එම දේශනය මිනිත්තු (ඔව් මිනිත්තු!) කීයක් විය යුතු දැයි අදාළ දේශකයාට නොපැවසීමයි.

මා සිතන ආකාරයට මෙවැනි උත්සවයන් හි දී පැවැත්වෙන ප්‍රධාන දේශනය මිනිත්තු තිහකට සීමා විය යුතුය!

මා ආරාධිත දේශකයා ගේ නොව සභාවේ පොතේ ගුරා ගේ රාජකාරිය කළ එක් සිනුවර පොත් එළිදැක්වීමක දී, ප්‍රධාන දේශකයා තම කතාව මිනිත්තු හතළිහක් කළේය. කිසිදු මූලාශ්‍ර සටහනක් නොබලා තම මතකයෙන් කරුණු ගෙන හැර දක්වමින් කළ ඒ කතාව ඉතා අගනා එකක් විය. නමුත්, සභාාවේ සමහරුන්ට එය දිගු වැඩි වී ඇති බව පෙනුණත් ඒ ගැන දේශකයාට ඉඟි කරන්නට මා නොගියෙමි.

මගේ අදහස, කතාවක් පමණට වඩා දිගු වීමේ වරද දේශකයා ගේ නොව සංවිධායකයින් ගේ බවයි.

හෂිත අබේවර්ධන ගේ දේශනය දිග වැඩි යැයි කියන අය වසර 2010 ජනවාරියේ දී බූන්දිය විසින් සංවිධානය කළ ජගත් ජේ එදිරිසිංහ ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ දී කේකේ සමන්කුමාර විසින් කළ කතාව අසා නැති බව නිසැකවම කිව හැක!

මේ ආකාරයේ සෑම උත්සවයට මෙන් ම යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ අති බහුතර පිරිස අඩු වැඩි දුරකින් ඇයව දන්නා හඳුනන අයයි. ඉන් වැඩි දෙනෙකු බ්ලොග් මිතුරන් ය. වත්පොතේ කවි කියවන අයය. විශ්ව විද්‍යාලයේ, සේවා ස්ථානයේ හිතවතුන්ය. නෑ හිත මිතුරන් ද කිහිප දෙනෙකි. මේ පොත නිසාම ඇයව හඳුනාගෙන, එහි පැමිණ සිටියේ කිහිප දෙනෙකු පමණක් බව කිව හැක.

ඒ පිරිස අතරින් අවංකවම කවියට කැමැත්ත ඇති, කවිය වෙනුවෙන් කැප කිරීමක් කරන්නට හැකි අය සුළුතරයක් ම වේ. එය සත්‍යයයි. "පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ!" යනුවෙන් කියවෙන්නේ ද ඒ කරුණයි. එහි ඇති වරදක් නැත.

ඊට අමතරව උත්සවය ගැන මට කිව යුත්තේ, මා සහභාගී වී ඇති විශාලතම පිරිසක් සහභාගී වූ පොතක් එළිදැක්වීමේ උත්සවය මෙය බවයි. ගුවන් සමාගම්වල අකලංචි මැද්දේ, වැඩිපුර දවසක් වාර්ෂික නිවාඩු වැය කර මා පැමිණි ගමන ගැන මට එ නිසා ඇත්තේ දැඩි සතුටකි.

ඒ කෙසේ වෙතත්, දේශන තුන පිළිවෙලින් මිනිත්තු 30, 20 සහ 10 ට සීමා කර ඒ ඉතිරිකරගත් කාලය අපේ බහුතරයට සංග්‍රහ කරන අංග කිහිහපයකට සහ තේ වේලාව දිගු කරන්නට යොදා ගත්තා නම් වඩාත් යෝග්‍ය වෙන්නට ඉඩ තිබුණි!

පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය මා තවමත් මුළුමනින් ම කියවා නැතත්, ඇගේ රිද්මයානුකූල කවි ආරට මා ඉතා ප්‍රියකරන බව පැවසිය යුතුය!
රිද්මයක් නැති කවියක මට නම් කිසි අගයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය ගැන පසුව ලියන්නට අදහස් කරමි!

Saturday, 12 December 2015

කොරහ ළඟ තියෙද්දී අත දමන්නට කළගෙඩි සෙව්වෙමි! - Around half the world in 24 hours


මෙය කියවන ඔබ, "හදිස්සියට කොරොස් කටේ අත දා ගන්නත් බෑ!" යන කියමන අසා තිබේ යැයි සිතමි.

අද භාවිතයෙන් ඉවත් වී යමින් තිබුණ ද, කොරහ යනු එකල අපේ කුස්සිවල තිබුණු මැටි භාණ්ඩ අතුරින් ප්‍රධාන තැනක් ගත් එකකි. එය කළගෙඩියක් තරමටම වාගේ බඳේ ප්‍රමාණයෙන් විශාල වූ නමුත් හැඩයෙන් අර්ධ ගෝලාකාරී එකකි. මැටි කෝප්පය නමින් හැඳින්වූ භාජනයේ විශාල පරිමාණයේ අනුරුවකි. විශාල වතුර ප්‍රමාණයක් දරමින් කුස්සියේ පොළොව මත සමතුලිතව සිටුවා තැබිය හැකි නිසා, එය හාල් ගැරීම, විවිධ ආහාර ද්‍රව්‍ය සේදීම වැනි කටයුතු සඳහා උපයෝගී කර ගන්නා ලදී.

අප කුඩා කාලයේ මැටියෙන් සෑදූ කොරොස් භාවිතා වූ නමුදු පසු කලෙක ඒවා ඇලුමිනියම්වලින් නිපදවෙන්නට පටන් ගැනුණි.

කුස්සියේ භාවිතා වූ වළඳ, කළය, ඇතිලිය, මැටි කෝප්පය සහ නෑඹිලිය වැනි භාජන හා සලකා බලන කළ, කොරහ යනු විශාලම ප්‍රමාණයේ කටක් හෙවත් විවරයක් තිබුණු භාජනය යැයි කිව හැකි නිසා හදිස්සියට කොරොස් කටේත් අත දාන්න බෑ යනුවෙන් එන යෙදුමේ අදහස එය කලින් අසා නැති, කොරහක් දැක නැති අයට වුවද වටහා ගත හැකි වෙතැයි සිතමි.

හදිස්සියක් නැති අවස්ථාවල දී නම් "කොරොස් කටට අත දැමීම" වනාහී අති සරල ක්‍රියාවක් වේ.

එය එසේ නමුත් කළගෙඩියක කට ඇතුළට අත දැමීම නම් එතරම් ලෙහෙසි ක්‍රියාවක් නොවේ. ඒ දැමූ අත, කළගෙඩිය ඇතුළත දී මිට මෙළවූවොත් අත එළියට ගැනීම ඊටත් වඩා අසීරු කාර්යයක් වෙනු ඇත.

දැන් සති දෙකකට ඉහත දිනයක මට මුහුණ දෙන්නට සිදුවුණු අවස්ථාවක දී මට ඇති වූ තත්වය විස්තර කළ හැක්කේ "හදිස්සියට කොරහ මොකක්ද, කළගෙඩිය මොකක්ද යැයි අඳුනා ගන්න බැරි වෙනවා" වගේ හෝ එසේ නැතිනම් "කොරහ ළඟ තියෙද්දී අත දමන්නට කළගෙඩි හෙවීම!" වැනි අලුත් ම අලුත් කියමනකිනි.

මා නිවසෙන් බැහැරව දුර ගමනක් යෑම සඳහා ගුවන් ටිකට් පතක් වෙන් කරවා ගත්තේ මාර්තු මාසයේ ය. එය යෙදී තිබුණේ දෙසැම්බර් එකොළොස් වෙනි සිකුරාදාටයි.

සිනුවරින් ගුවන් යානය පිටත් වෙන්නේ රාත්‍රී නමයට නිසා, මා බලාපොරොත්තු වූයේ එදින කාර්යාලයට ගොස් සේවය නිමවා, එතැනින්ම දුම්රියේ නැගී ගුවන් තොටුපොළට යන්නයි.

ක්වාලාලම්පූරයේ පැය හයක ඉසුඹුවකින් පසුව මගේ ඊළඟ ගුවන් යානය එයින් පිටත් වී ගමනාන්තයට ළඟාවෙන්නට තිබුණේ සෙනසුරාදා උදෑසන එකොළහට පමණ ය.

මා ගුවන් ටිකට්පත ලබා ගත්තේ ගුවන් සමාගමෙන් නොව අන්තර්ජාල සේවයකිනි. මාස නමයකටත් වඩා කලින් සැලසුම් කළ ගමනක් නිසා, කෝකටත් කියා, රක්‍ෂණයක් ද ලබා ගත්තේ ගමන අවලංගු කරන්නට හෝ වෙනස් කරන්නට සිදුවුණහොත් සිදුවෙන පාඩුව අවම කර ගැනීමට ය.

අවාසනාවකට මෙන් මීට සති දෙකකට පෙර දිනයක මට ලැබුණු හදිසි පණිවිඩයකින් කියවුණේ, ක්ලාලම්පූර් සිට සෙනසුරාදා උදෑසන පිටත්වීමට නියමිත මගේ දෙවන ගුවන් යානය අවලංගු කර ඇති බවත් ඒ වෙනුවට මා එදින රාත්‍රී නමයට පිටත්වෙන යානයට අනුයුක්ත කර ඇති බවත්ය.

මේ වෙනසේ ප්‍රධාන ප්‍රතිඵලය ලෙස පෙනුණේ පැය හයක් වෙනුවට පැය දහ අටක්, පාන්දර තුනේ සිට රාත්‍රී නමය දක්වා මට මැලේසියාවේ රැඳී ඉන්නට සිදුවීමයි.

සෙනසුරාදා සවස ගමනාන්ත නගරයේ දී පැවැත්වෙන, එනිසා මට සහභාගී වෙන්නට හැකියාව ඇති බව වැටහී තිබුණු එක්තරා සුන්දර උත්සවයක්, මේ ගහෙන් ගෙඩි කඩා වැටෙන්නාක් බඳුව සිදු වූ ගුවන් ගමන් අවලංගුව නිසා අමතක කර දැමීමට සිදුවෙන බව හැඟී මට කණගාටුවක් ද ඇතිවිය.

කෙසේ වෙතත්, ඒ මොහොතේ සිට මා කළේ කොරොස් කට අමතක කර විවිධාකාරයේ කළගෙඩිවලට අත දැමීමට තැත් කිරීමයි.

අන්තර්ජාල චාරිකා සමාගම අමතා, මට උදෑසන පිටවෙන වෙනත් යානයක් අමතර වියදමක් නොමැතිව ලබා ගත හැකි දැයි විමසූවෙමි. එය ඔවුනට ඉටු කළ නො හැකි බව පවසන ලදී.

රක්‍ෂණය සමාගමට කතා කර ඒ ගැන විමසූ විට පැවසුණේ ද ගමන ඇරඹී නැති නිසා, රක්‍ෂණය ද ඇරඹී නැති බවයි. මෙය හදිසි අවස්ථාවක් නොව, කලින් දැනුම් දුන් වෙනසකි!

රක්‍ෂණ ගිවිසුමේ වෙනත් කොන්දේසියක් යටතේ මට මැලේසියාවේ දී දැරීමට සිදුවෙන අමතර වියදම් ලබා ගැනීමට හැකියාව තිබුණද, මා ලබා ගෙන තිබුණු සාමාන්‍ය අවරණය යටතේ, අමතර පිරිවැය ඩොලර් දෙසිය පනහක් වැයවෙන බව ද පැවසුනි.

පරාජය බාරගත් මා හිත හදාගෙන එතැන් සිට ඇරඹුවේ පැය දහඅටක් මැලේසියාවේ නාස්ති කරන්නට සැලසුම් කිරීමයි. එරටට ගොඩබහින වෙලාවේ සිට උදේ පහන්වෙන තුරු නැවතිය හැකි හෝටල් ගැන සෙවූයෙමි. ගුවන් තොටුපොළේ සිට නගරයට යන ක්‍රම ගැන සෙවූයෙමි. නගරය අවට කළ හැකි කෙටි ගමන් ගැන තොරතුරු සෙවූයෙමි.

ඒ කටයුතු සඳහා සතියක පමණ කාලයක් තුළ දී විටින් විට එකතුව පැය හතර පහක් ම ගත කළෙමි.

අත ළඟ ඇති කට ලොකු කොරහ අමතක කර මා මේ හදන්නේ කට පොඩි කළගෙඩිවල අත දමන්නට බව වැටහුණේ ඉන් පසුවයි.

මේ ගුවන් සමාගමෙන් ම උදේ වරුවේ ද ගුවන් යානයක් සිඩ්නි සිට මැලේසියාව බලා යන බව මට පෙනී ගියේ ය. මම කෙළින් ම ගුවන් යානා සමාගම ඇමතුවෙමි. කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔව්හූ අදාළ වෙනස්කම කළෝ ය.

සෙනසුරාදා උදේ වරුවේ සිනුවරින් පිටත් වී සෙනසුරාදා ම රාත්‍රියේ ගමනාන්තයට යනවා වෙනුවට වැඩිපුර දවසක් නිවාඩු ගෙන, සිකුරාදා පිටත්වීමට ආසන වෙන් කර ගත්තෙමි. ඒ සඳහා කිසිදු අමතර මුදලක් ගෙවීමට සිදු නොවීය!

ගුවන් යානා සමාගමෙන් මට ලැබුණු ඊ-මේලයේ ද ඒ බව සඳහන් කර තිබුණු බව මට සිහිවුනේ ඒ අතරතුර දී ය.

කොරහ ළඟ තියෙද්දී මා අත දමන්නට කළගෙඩි හොයා ඇත්තේ ඇතිවුණු හදිස්සිය නිසා ය!

මේ ලිපිය පළවෙන මොහොත වෙන විට මා ගමනාන්තයට ළඟා වී තිබිය යුතු ය.

එය එසේ නම්, අද සවස මිතුරු සමාගමක රස විඳින්නට ද හැකි වෙනු ඇත.

ජයවේවා!

-රසිකොලොජිස්ට්

Thursday, 10 December 2015

කරුණාකර මේ වාක්‍ය කිහිපය සිංහලට පරිවර්තනය කර දෙන්න - Can someone translate these few sentences into Sinhala, please?


කරුණාකර මේ ඉංගිරිසි වාක්‍ය කිහිපය සිංහලට පරිවර්තනය කර දෙන මෙන් ඉල්ලමි. කවියක් සේ ගායනා කළ හැකි වෙන පරිදි සිංහල වචන පෙළ ගැසිය හැකි නම් ඉතා අගෙයි.

When, how and where did we meet?
I asked you everyday, but you did not reply.

How many days did you make me cry since that day?
How many days did you comfort me since that day?

Having got closer one day, going far away on another,
Coming one day but hiding on another.

When, how and where did we meet?
I asked you everyday but you did not reply!

That is how it has been so far, is it going to be the same today tomorrow and in the future?
Where and how will path we travel end?

It is more than sufficient for life, if is just like this.
Love is not sweet if it is NOT like this!

When, how and where did we meet?
I asked you everyday, but you did not reply!

ස්තුතියි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද සිට රසිකොලොජි බ්ලොගයේ රටකජු කඩල අයිස් චොක්ස් සමයක් එැළඹෙන බව කණගාටුවෙන් දන්වමි! දින කිහිපයක් යනතුරු ප්‍රතිචාර පළකිරීම කෙරෙනු ඇත්තේ ද කියවා බැලීමෙන් පසුවය.

Tuesday, 8 December 2015

විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨයා ගේ අවවාදය - Beat the bugger


අපේ ආයතනයේ, අපේ අංශයේ ම නමුත් වෙනත් දෙපාර්තමේන්තුවක, කාර්යාල ගොඩනැගිල්ලේ අපේ මහලේ ම, සේවය කළ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු පසුගිය සති අන්තයේ සේවයෙන් විශ්‍රාම ගියේය.

ඔහු වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් බ්‍රහස්පතින්දා පැවැත්වුණු නමුත් මට එය සහභාගී වෙන්නට නොලැබුණේ හේතු කිහිපයක් මත මා එදින වෙනත් ස්ථානයට සිට රාජකාරි කටයුතු කළ බැවිනි.

සිකුරාදා ඔහු හා බීමක් තොල ගාන්නට විවෘත ඇරයුමක් අප සියලු දෙනාට ම ලැබී තිබුණි. ඒ ඇරයුම සමගම ඔහු කුඩා කඩදාසි කැබැල්ලක මුද්‍රිත යමක් ද බෙදා හැරියේ ය.


එහි සඳහන් වූයේ මෙලෙස ය.
NOLI ILLEGITEMI CARBORUNDUM
ඒ ලතින් යැයි හැඟෙන පාඨය ඔහු විසින් ඉංගිරිසියට නගා තිබුණේ මෙලෙස ය.
Don't let the bastards grind you down!
ඩෝන්ට් ලෙට් ද බාස්ටඩ්ස් ග්‍රයින්ඩ් යූ ඩවුන්!

පීටර් නම් වූ මේ දිගු කාලීන රාජ්‍ය සේවයේ නිලධාරියා පවසා ඇති දේ සිංහලෙන් පවසනවා නම් මෙසේය.
ඔබේ සතුරන්ට ඔබ අඹරා දමන්නට ඉඩ දෙන්න එපා.
එය ශුද්ධ සිංහලෙන් මෙසේ ය.
උඹලාට කෙලවන්න එක එක වේසිගේ පුතාලාට ඉඩ දෙන්න එපා!
(මෙය ඊටත් වඩා ශුද්ධ පිරිපහදු කර ලිවීමට ද හැක. නමුත් මෙහි නො ලියමි).

මට සහභාගී වීමට නොලැබුණු තේ පැන් සංග්‍රහයේ දී පීටර් නම් මේ ජේ්‍යෂ්ඨයා කළ කතාව ද ඉතා රසවත් වුණු බව පසුව මට සැලවිය.

පෙර කී ආකාරයේ උපදෙසක් අපට ඉතිරි කර යෑමට පීටර්ට සිතුණේ ඇයි දැයි මම නිවැරදිව නොදනිමි. ඔහු මේ ආයතනයේ වසර තිස්පහක් පමණ සේවය කළ අයෙකි. මා තවම මෙහි ගෙවන්නේ නමවෙනි වසරයි.

එසේ වුවත් මේ හා සමාන සිදුවීමක් මට සිහිපත්කර ගත හැක.

එක්තරා සමයක යම් අධ්‍යාපන කටයුත්තක යෙදෙන කාලයක දී අප සමග උගත් සගයෙකු සමග මට තරමක කෝපයක් ඇති විය. ඒ ඔහු ගේ යම් ආත්මාර්ථකාමී යැයි මා එදා සිතූ හැසිරීමක් නිසා ය.

එක්කෝ එය වැරදි සිතුවිල්ලකි. එසේ නැති නම් මේ සගයා පසු කලෙක වෙනස් විය.

එය කෙසේ වෙතත්, මට එදා ඒ පිළිබඳව යමක් කළ යුතුය යන අදහස ඇති විය. ඒ ඔහුට රිදවීමට හෝ ඔහුගෙන් පළිගැනීමට නොවේ. ඊට වඩා වෙනස් දෙයක් කිරීම ටය.

මා කළේ මෙයයි.

අපේ අධ්‍යාපන කටයුතුවලදී ඔහුට වඩා හොඳින් ප්‍රතිඵල ලබා ගැනීමට මම අදිටන් කර ගත්තෙමි. ඒ අදිටන නිරතුරු මට සිහිවීම පිණිස "බීට් ද බගර්!" යනුවෙන් මට සිහි කැඳවීමක් ලියා මගේ ලියන මේසයේ ඇස ගැටෙන මානයෙන් අලවා ගත්තෙමි.

ජීපීඒ යනාදියෙන් "බීට් ද බගර්!" කිරීමට නම් මට නොහැකි විය.

නමුත්, ඒ අප්‍රකාශිත "බීට් ද බගර්!" තරගය අවසානයේ මගේ ජීපීඒ එක ද 3.76 දක්වා ඉහළ ගියේ ය. ඒ අපේ ජීපීඒ ක්‍රමය නොදන්නා අයට සරලව කිවහොත් එය 94% පමණ ඉහල ලකුණු තත්වයකි.

මගේ "බීට් ද බගර්!" අධිෂ්ඨානය නොතිබුණා නම් මට ඒ ආකාරයෙන් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගත නොහැකි වෙන්නට ඉඩ තිබුණේ දැයි දැන් කිව නොහැකි නමුත් ඒ අධිෂ්ඨානය මගේ හිතට සවියක් වූ බව නම් අනිවාර්යෙන් ම කිව හැකිය.

"බීට් ද බගර්!" යනු සැමට, සැමදා, සැම විටම, සැඟ දෙයකටම උපයෝගී කරගත හැකි විධික්‍රමයක් නොවේ.

නමුත් අපේ විශ්‍රාමික සගයා ගේ උපදෙස ඊට වඩා ප්‍රායෝගික එකකි.

ඉතින්, පීටර් කී අයුරින්:
ඔවුන්ට රිසි පරිදි ඔබව පාගා නැති භංගස්ථාන කර දමන්නට ඔබේ සතුරන්ට ඉඩ දෙන්න එපා!
ජයවේවා!

-රසිකොලොජිස්ට්

(image: http://www.neoseeker.com/forums/54475/t2063678-second-wave-of-smash-amiibo-announced/)

Sunday, 6 December 2015

පාසල් නිළ ඇඳුම, සමානාත්මතාවය සහ යුක්තිය - Feeling disgusted


(ගීතක ජයසූරිය ලියූ සටහනකි)

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන නිළ ඇඳුම් වවුචරයේ වටිනාකම දෙස සිංහල, දෙමළ, මුස්ලිම් කෝණයෙන් බලමින් කෙරෙන විවේචන මේ දිනවල බහුලව දක්නට ලැබේ.

මා සිතන ආකාරයට කණගා‍ටුදායක කරුණ නම්, දුර නොබලා ප‍ටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් කෙරෙන මෙවැනි වෛරී ප්‍රචාරයන් නිසා, මේ නිළ ඇඳුම් ලබන නොදරුවන්ගේ සිත්ද දූෂණය වීමයි.

ලංකාවේ පාසල් නිළ ඇඳුම් පාසල අනුව වෙනස්වන බව අපි කවුරුත් දනිමු.

උදාහරණයක් ලෙස සමහර පාසල්වල බාලකයන් සුදු කොට කලිසම අඳිත්දී, සමහර පාසල්වල එය නිල් පැහැති ය. බාලිකාවන් ගත්කල බොහෝ පාසල්වල නිළ ඇඳුම සුදු ගවුම නමුත්, මා දන්නා පරිදි කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ පමණක් බාලිකාවෝ ළමා සාරි අඳිති. සමහර පාසල්වල දෙමළ බාලිකාවෝ සාය සහ හැට්ට අඳින අතර මුස්ලිම් බාලිකාවෝ බොහෝ විට හිස වසා අඳිති.

ඉතින් මේ වවුචර වල වටිනාකම් නියම කර ඇත්තේ ඒ ඒ වෙනස්කම් අනුව අවශ්‍යතා සැපිරෙන පරිදි ය.

බහුතරයකගේ නිළ ඇඳුම වන ගවුම මෙන්ම දෙමළ බාලිකාවන්ට සාය හැට්ට සඳහා ද මුස්ලිම් බාලිකාවන්ට හිස වැසීම සඳහා ද අවශ්‍ය රෙදි ප්‍රමාණය වෙනුවෙන් වටිනාකම් නියමකර තිබීමේ වැ‍රැද්ද කුමක්ද?

ළමා සාරිය අඳින බාලිකාවන් වෙනුවෙන් ගවුමට වඩා වැඩි වටිනාකමක් නියමකර ඇති බව මේ විවේචකයන් නොකියන්නේ ඇයි??

පැවිදි ශිෂ්‍යයන්ගේ සිවුරු පිරිකර වෙනුවෙන් වැඩිම වටිනාකම නියමකර ඇති බව සඟවන්නේ කුමන පරමාර්ථයකින්ද???

අපි හැමවිට ම සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටිමු.

නමුත් සමානාත්මතාවය සෑම විටම යුක්තිය ඉ‍ටු නොකරයි!

මේ සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය:
http://www.moe.gov.lk/sinhala/images/stories/circulars/2015-26s.pdf



-ගීතක ජයසූරිය


මේ කාරණය ගැන ලියන්නට සිතා සිටි නමුත් කාලය මදකම නිසා එය අතපසු වී ගියේ ය.

අද උදෑසන පරණ බ්ලොග් සගයෙකු වූ ගීතක ජයසූරිය විසින් වත්පොතේ පළකර තිබුණු මේ සටහන දුටු විට එය මා ලියන්නට සිටි දේ ම බව පසක් වූ නිසා, ඒ සටහන එලෙනින් ම රසිකොලොජියේ බෙදා ගැනීමට සිතුවෙමි.

ඔබට ස්තුතියි ගීතක. Thanks Mate.

ප/ලි (07/12/2015):
වත්පොතෙන් උපුටාගෙන ඊයේ මා රසිකොලොජි බ්ලොගයේ පළ කළ ගීතක ජයසූරිය ගේ ලිපියේ මූලික අරමුණ වී ඇත්තේ පාසල් ළමුන්ට ඇඳුම් රෙදි සඳහා රජය ලබාදෙන වවුචර් පිළිබඳව සමාජ ජාලවල ගොඩ නැගුණු ජාතිවාදී කතාබහ පිළිබඳව තම පිළිකුල පළ කිරීමයි.

එකී ජාතිවාදී ප්‍රකාශවලින් පැවසුණේ විශේෂයෙන් ම මුස්ලිම් ශිෂ්‍යාවන්ට සහ එසේම දෙමළ ශිෂ්‍යාවන්ට අනෙකුත් (එනම් සිංහල) ශිෂ්‍යාවන්ට වඩා වැඩි මුදලක වවුචරයක් දීම මගින් රජය මහ ජාතියට අසාධාරණයක් කර ඇති බවයි. පොදුවේ ශිෂ්‍යාවන් සැමට සම වයසේ ශිෂ්‍යයින්ට වඩා වැඩි මුදලක් හිමිවෙන බවත්, පැවිදි ශිෂ්‍යයින්ට ලැබෙන මුදල අන් සැමටම වඩා වැඩි බවත්, ජාතිවාදය අවුස්සන්නට මේ ගැන විවිධ ප්‍රචාර කළ අය ඉතා පහසුවෙන් වාගේ අමතක කර දමා තිබුණි.

ගීතක ජයසූරිය තම ලිපියෙන් කරන්නේ පෙර කී ජාතිවාදී ප්‍රචාරවල ඇති පදනම් විරහිත බව පෙන්වා දීමයි.

නමුත්, ගීතක ජයසූරිය ගේ ලිපියේ මෙහි නැවත පළ කළ පසු තම අදහස් දක්වන අය මූලිකවම ලියන්නේ මේ වැඩ පිළිවෙළ ඇරඹූ දින සිටම කළ පරිදි රෙදි කැබලි දීම වෙනුවට රෙදි මිලට ගත හැකි වවුචරයක් දීමේ වෙනස්කමේ ඇති හොඳ නොහොඳ පිළිබඳව බව පෙනේ.

මෙය සතුටට කරුණකි.

එසේ වෙන්නේ රසිකොලොජිය කියවන අති බහුතරයක් දෙනා පෙර කී ජාතිවාදී කතාබහ ප්‍රතික්‍ෂේප කරන බව එයින් තේරුම් යන නිසා ය. ගීතක ගේ ලිපියට ප්‍රතිවිරුද්ධ අදහසක් පළ කරන අඩු වශයෙන් එක් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු හෝ ඉරිදා දවස පුරා මෙහි පැමිණ නැත!

ඇත්තටම කියනවා නම්, පොදුවේ ශිෂ්‍යාවන් සැමට සම වයසේ ශිෂ්‍යයින්ට වඩා වැඩි මුදලක් හිමිවෙන බවත්, පැවිදි ශිෂ්‍යයින්ට ලැබෙන මුදල අන් සැමටම වඩා වැඩි බවත්, සඟවමින් මුස්ලිම් සහ දෙමළ සිසුවියන් මූලික කරගනිමින් ඒ ගෙන ගිය ප්‍රචාර ඉතා ඉහළ මට්මමේ (එනම් බොහෝ දෙනා බැලු බැල්මට පහසුවෙන් ම රැවටෙන!) පැරඩි ප්‍රහාරයක් දෝ යි මට පසුව සිතුණි.

-රසිකොලොජිස්ට්


(Original published at: https://www.facebook.com/photo.php?fbid=10153597228025862 by Geethaka Jayasuriya)

Friday, 4 December 2015

ලොකු ළමයෙකු ගේ පශ්චාත්තාපය - Feeling bad


අප කුඩා කාලයේ දෙවරක් ම ජීවත්වූයේ තාත්තා ගේ මහ ගෙදර ය. දෙවන වරට අප එහි පදිංචියට යන විට එහි සිටියේ වයසක ආච්චී සහ අපේ ලොකු නැන්දා පමණි. සීයා මිය ගියේ ඊට මාස කිහිපයකට පෙරය.

අපේ ලොකු නැන්දා විසින් හදා වඩා ගන්නා ලද බල්ලන් රංචුවක් ම ඒ නිවසේ සිටියෝ ය. මැදිවියේ පසුවූ අවිවාහක කාන්තාවක වූ ඇය මේ බලු පරපුරට තුන් වේලම බත් දුන්නා ය.

බල්ලන් රංචුව නිවසේ සිටියා ය කීවාට, උන් එකෙකුටවත් නිවස ඇතුළට ඒමට නම් අපි කිසි විටෙක ඉඩ නොදුන්නෙමු. දකින දකින වාරයක් පාසා උන් එළවා දැමීම අපේ දෛනික කාර්යය විය.

ඒ සඳහා අප කළේ බල්ලන්ට ගල්වලින් ගැසීමයි.

බල්ලන්ට ගැසීම පිණිසම එකතු කළ හුරුබුහුටි ප්‍රමාණයේ ගල් ගොඩක් නිවසේ බිහිදොර හතර අවට තබා තිබුණි.

බල්ලෙකු නිවස අසලට පැමිණ ඇති බව දුටු විගස අප මිදුලට බසිමු. අප දකින විටම බල්ලා දිව යයි. අපි ගලක් රැගෙන ඒ දුවන බල්ලාට එල්ල කර වේගයෙන් විදිමු.

බොහෝ විට මේ ඉලක්ක වැරදී යයි. ඉතා කලාතුරකින් බල්ලෙකුට පහර වැදේ.

එසේ පහර වැදී බල්ලා වේදනාවෙන් කෑ ගසන විට අපට අනිවාර්යෙන් ම ඇතිවන්නේ ඉමහත් සතුටකි.

අද උදයේ දුම්රියට නැගී උකුල මත පරිගණකය දිග හැරගත් පසු මගේ සිහියට නැගුණේ දශක හතරකට පමණ ඉහත දී අප කළ ඒ බලු වැඩේ ය.

ඒ හැසිරීම ගැන අද මා සිතේ ඇතිවෙන්නේ ඉමහත් කණගාටුවකි. කුඩාවුන් වුවත් අප ගැනම මට දැනෙන්නේ මහා දරුණු අපුලකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අමාවක අඩවියේ කළාමැදිරියා ලියූ මේ කවිය කියවන්න.
http://bitternight.blogspot.com/2015/12/blog-post_4.html

(image: https://triangulations.wordpress.com/2010/12/25/buddhist-dog-brain/)

Wednesday, 2 December 2015

ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!


පසුගිය මාසයේ දිනයක දෙරණ රූපවාහිනියේ ප්‍රචාරය වුණු සිංහල සිනමාව හා සම්බන්ධ සාකච්ඡාවකදී ජැක්සන් ඇන්තනි ගේ ඇඩ්‍රස් නැති වුණු බවට සමහරු කීව ද, එහි දී ඔහු තම අබා චිත්‍රපටය ගැන කී දේ අසත්‍යයැයි බැහැර කිරීමට නොහැකි බව, මා ලියා රසිකොලොජියේ පළ කළ "ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත" නම් ලිපියේ දී මම සඳහන් කළෙමි.

නමුත්, ඒ වැඩ සටහනේ දී ජැක්සන් ඇන්තනි විසින් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ප්‍රකාශ කළ බොහෝ දේ සාවද්‍ය බවත්, මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇති බවත්, ඒ සමගම මම කෙටියෙන් කීවෙමි.

මා මේ සැරසෙන්නේ ඒ දෙවෙනි කරුණ ගැන සවිස්තරාත්මකව ලියන්නටයි.

ඉතිහාසය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත්වීම ගැන ජැක්සන් ඇන්තනි පවසන්නේ මෙවැනි අදහසකි.
"ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙහෙයවූ 1971 අප්‍රියෙල් කැරැල්ලට සහභාගී වූ වැඩි දෙනා ඉතිහාසය වැනි කලා විෂයයන් හැදෑරූ අය විය. එනිසා, පැවති රජය විසින් ඉතිහාසය විෂයය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කර ඒ වෙනුවට සමාජ අධ්‍යයනය විෂයය හඳුන්වා දුනි. එනිසා, එතැන් සිට බිහිවුණු පරපුරෙන් ඉතිහාසය පිළිබඳ දැනුම තුරන් විය."
මෙය අර්ධ සත්‍යයක් පමණක් බවත්, කරුණු විකෘති කිරීමක් බවත්, නොමග යැවීමක් බවත්, ඒ සමගම මෙහි පරස්පර විරෝධී කරුණක් ඇතුළත් බවත් බැලු බැල්මට මට පෙනේ.

වසර 1972 ජනවාරියේ හයේ පන්තියේ සිට පාසල් විෂයය නිර්දේශය වෙනස් කිරීම 1971 අප්‍රියෙල් කැරැල්ල නිසා කළ දෙයක් යැයි කීම විහිළුවකි. එවැනි බරපතල කාර්යයක් අපේ සිරි ලංකාවේ දී මාස අටක් තුළ කළා යැයි කීම ජැක්සන් ගේ අතේ රෝලක් මිස විශ්වාස කළ හැකි යතාර්ථයක් නොවේ.

සත්‍යය නම් ඒ අධ්‍යාන ප්‍රතිසංස්කරණය 1970 මැයි මාසයේ පත් වූ සිරිමා-ඇන්ඇම්-කේනමන් සමගි පෙරමුණු සභාග ආණ්ඩුව ඇරඹූ මුල්ම වැඩ පිළිවෙළක් බවයි.

මාස අටක් තුළ සැලසුම් කර, විෂය නිර්දේශය සකසා, අඩු වශයෙන් හයේ පන්තියේ පෙළ පොත් පමණක් හෝ ලියා, ගුරු අත් පොත් සකසා, ගුරුවරුන් පුහුණු කර, 1972 ජනවාරියේ දී ඉගැන්වීම ඇරඹුණේ යැයි කීම සත්‍යයක් යැයි අදහන්නෝ සිටිත්දැයි මට සැකය.

ඒ අධ්‍යාපන සංශෝධනවලින් වූයේ, ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව එකට කැටි වූ සමාජ අධ්‍යයනය විෂයය අලුතෙන් හඳුන්වා දීම පමණක් නොවේ. කලින් තිබූ අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය යනාදිය වෙනුවට නව ගණිතය නමින් න්‍යාස, ජාල, සම්භාවිතාව, සංඛ්‍යානය වැනි කොටස් අඩංගු විෂයයක් ද හඳුන්වා දී තිබුණි. දැන් ඒ වෙනසට හේතුවත් 1971 අප්‍රියෙල් කැරැල්ල කියා යැයි ජැක්සන් ඇන්තනි පවසනවා ද?

එපමණක් නොවේ, රටේ සම්පත් යනුවෙන් විෂයයක් ද, ප්‍රාග් වෘත්තීය අධ්‍යයනය වැනි විෂයයන් ද අලුතෙන් හඳුන්වා දෙනු ලැබුණි. දැන් ඒ වෙනස්කම කෙරුණෙත් 1971 කැරැල්ල නිසාද?

තමන්ට අවශ්‍ය පරිදි සත්‍යය විකෘති කරමින් ජැක්සන් ඇන්තනි තර්ක ගොඩනගන බව ඉන් පැහැදිලිය.

ඊළඟ කාරණය මෙයයි.

ඒ 1971 අධ්‍යාපන සංශෝධනයට පෙර සාමාන්‍ය පෙළ විභාගය පැවතුණේ විද්‍යා, වාණිජ, කලා විෂය ධාරාවන් තුනකිනි. එනම් අද උසස් පෙළ සේ ය. ඒ විද්‍යා, වාණිජ, කලා බෙදීම කෙරුණේ අටවෙනි ශ්‍රේණියේ දී පැවැත්වුණු විභාගයක ප්‍රතිඵල මත පදනම්ව ය.

මා දන්නා පරිදි 1958 දී උපන් ජැක්සන් ඇන්තනි, සාමාන්‍ය පෙළ සඳහා යොමු වෙන්නට ඇත්තේ ඒ ආකාරයට ය. අන්තර්ජාලයේ සංසරණය වෙන වෙනත් රූපවාහිනී වැඩසටහනක වීඩියෝවක ජැක්සන් ඇන්තනි මේ ඉතිහාසය විෂයය ගැනම කතා කරමින් මමත් ඒ අධ්‍යාපන සංශෝධනයට අහුවුණු කෙනෙක් යැයි පවසන්නේ වීරවංශානුකාරයෙන් තම වයස අඩුකර පෙන්වන්නට යැයි මම නොසිතමි. ඔහු ගේ අවශ්‍යතාවය මේ ඉතිහාසය විෂයය පිළිබඳ තර්කය තවත් ශක්තිමත් කර ගැනීම මිස වෙනකක් නොවේ!

පෙර කී ආකාරයට, එකල අටේ පන්තියේ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව නමවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරන්නට පටන් ගන්නා සිසුන් අතරින් ඉතිහාසය යන විෂයය සාමාන්‍ය පෙළ සඳහා උගත්තේ කලා විෂයය ධාරාවේ සිසුන් පමණි.

විද්‍යා ධාරාවේ සිසුන්ට ඉතිහාසය, භුගෝලය, සිංහල සාහිත්‍යය යන විෂයයන් වෙනුවට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, උසස් ගණිතය වැනි වෙනත් විෂයන් තිබුණි.

එසේම වාණිජ ධාරාවේ සිසුන්ට ද ගණකාධිකරණය, වාණිජ්‍යය වැනි ප්‍රධාන විෂයන් හැදෑරීමට තිබුණි.

නමුත් ජැක්සන් ඇන්තනි තර්ක කරන්නේ සෑම සිසුවෙකුටම ඉතිහාසය සාමාන්‍ය පෙළ සඳහා හැදෑරූ බවටත්, එය සහමුලින්ම අතහැර දැමුණු බවටත් සාවද්‍ය අදහසක් මේ ගැන නොදන්නා අසන්නන් ගේ සිත් තුළ ජනිත කරවන්නට බව පෙනේ.

අනෙක් කරුණ නම්, පෙරකී 1972 අධ්‍යාපන සංශෝධනවලින් පසුවත්, උසස් පෙළ ඉතිහාසය විෂය අහෝසි නොවුණි. එසේම විශ්ව විද්‍යාලවල ද, ඉතිහාසය විෂයයක් ලෙසත්, විශේෂ උපාධිය සඳහාත් ඉගෙනීමට අද දක්වා ම ඉඩ ඇති බවයි.

මා දකින ආකාරයට සිදුවූ එකම වෙනස නම්, ජැක්සන්ලා ගේ කාලයේ ශිෂ්‍ය ප්‍රජාවෙන් විද්‍යා සහ වාණිජ ධාරාව තෝරා ගැනීම නිසා ඉතිහාසයෙන් අට සමතුන් ලෙස පාසල් අධ්‍යාපනය නිම වූ සිසුන්ට, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණිවලදී ද සමාජ අධ්‍යයනය නම් පුළුල් විෂයයේ කොටසක් ලෙස තව දුරටත් ඉතිහාසය ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණු බවයි.

ඒ සමගම පැවසිය යුතු තවත් කරුණක් වෙන්නේ සමාජ අධ්‍යයනය සඳහා අප උගත් සමහර විෂය කරුණු සාමාන්‍ය පෙළ ඉතිහාසය සඳහා පනහේ දශකයේ උගත් මගේ අම්මා හෝ හැටේ දශකයේ සාමාන්‍ය පෙළ උගත් මගේ පුංචි අම්මලා දෙදෙනා ඉගෙනගෙන තිබුණේ නැති බවයි.

ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණා යැයි පවසමින් සංසරණය කෙරුණු දෙරණ සාකච්ඡාවේ දී මෙන් ම, ඊට පෙර විවිධ රූපවාහිනී සාකච්ඡාවල දී ද, ඉතිහාසය විෂයය 1972 දී පාසල් අධ්‍යාපනයෙන් කුමන්ත්‍රණකාරීව ඉවත් කරන ලදී යනුවෙන් ජැක්සන් ඇන්තනි පැවසීම අර්ධ සත්‍යයක්, කරුණු විකෘති කිරීමක්, නොමග යැවීමක් සහ පරස්පර විරෝධී ප්‍රකාශයක් වෙන්නේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

(image: captured from https://www.youtube.com/watch?v=qIAeoQBTO1k)

Monday, 30 November 2015

ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony


පසුගියදා ලංකාවේ පැවති සිනමා උළෙලකට සමාන්තරව, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය වුණු සාකච්ඡා වැඩ සටහනක් දැන් දෙසතියකට පමණ පෙර සයිබර් අවකාශයේ සංසරණය විය. ඒ සාකච්ඡාවේ මූලික මාතෘකාව වූයේ ඓතිහාසික කතා පුවත් රැගත් නිර්මාණකරණය පිළිබඳ සිංහල සිනමාවේ ඇතිවූ මෑතකාලීන ප්‍රවණතාවයි.

මම ද ඒ සාකච්ඡාව නරඹා රස වින්දෙමි.

ඒ වැඩසටහනේ වීඩියෝවට අදාළ සබැඳිය සහිත පණිවිඩ සයිබර් අවකාශයේ මුදා හැර තිබුණේ "ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණු සාකච්ඡාව" යන මාතෘකාව සමගිනි. එයින් අනියමින් වූයේ ජැක්සන් ඇන්තනි ගේ නවතම සිනමා නිර්මාණය පිළිබඳව නොමිලයේ ප්‍රචාරයක් ද ලබා දීමයි.

ඒ සති දෙකකට පමණ ඉහත දී ය.

එයින් ජැක්සන් ඇන්තනි වැඩසටහනේ අවසානයේ දී පැවසූ දේ රැගත් කොටස පමණක් උපුටා ගෙන අවිචාරකයින් විසින් කපා දමන ලද ජැක්සන් ගේ පැහැදිලි කිරීම යන මැයෙන් සති අන්තයේ නැවත ප්‍රචාරයක් දී තිබුණි.

මෙන්න ඒ වීඩියෝව.
https://www.facebook.com/sudathanthonys/videos/10204940200215777/

මුලින්ම කිව යුත්තේ මේ කොටස කපා දමා තිබුණා ය කීම සාවද්‍ය බවයි.

මෙහි දී ජැක්සන් ඇන්තනි අබා චිත්‍රපටය නිෂ්පාදනයේ පසුබිම පිළිබඳව පවසන බොහෝ දේ නිවරැදිය. ඔහු ම පවසන පරිදි ඒවා ඔප්පු කළ හැකි දේ ද වේ.

නමුත් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ඔහු කියන බොහෝ දේ සාවද්‍ය වේ. මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇත.

මුලින්ම ජැක්සන් ඇන්තනි තමන් ගේ අබා චිත්‍රපටය ගැන පවසන කරුණු ගැන සලකමු.

ඔහු ඉතිහාසය ගැන කතා කරන්නට පටන් ගත්තේ දැනට දශක දෙකකට පමණ පෙර සිටය. එය ඔහු ගේ විනෝදාංශය, ප්‍රියතම විෂයය වෙන්නට ඇත. නමුත්, එය ඔහු ගේ රුකියාව ද විය. තමන් කැමතිම දෙයක් තම බඩ රස්සාව ලෙස කරන්නට ලැබීම තරම් වෙනත් වාසනාවක් මේ ලොවේ නොවේ!

මා වරින් වර ලංකාවට පැමිණි අවස්ථාවන් හි දී, ඔහු විසින් මෙහෙයවනු ලැබූ, නිෂ්පාදනය කරනු ලැබූ, විවිධ රූපවාහිනී වැඩ සටහන් නරඹා ඇත්තෙමි. ඒවා මා සිත්ගත් බව කිව යුතුය.

ඒ ප්‍රකාශයේ දී ජැක්සන් ඇන්තනි විසින් සඳහන් කරන සරසවිය පුවත්පත සමග කරන ලද සාකච්ඡාව ද මම කියවා ඇත්තෙමි.

ජුලියට් ගේ භූමිකාව සිනමා නිර්මාණයෙන් පසු වෙනත් නිර්මාණයක් නොකළේ මන්දැයි විමසනු ලැබූ විට ජැක්සන් ඇන්තනි උත්තර දෙන්නේ ඔහු ඓතිහාසික කතා පුවතක් මත පදනම් වූ තිර රචනයක් ලියා ඇති බවත්, එයට නිෂ්පාදකයෙකු සොයන බවත් ය.

ඒ ලිපිය කියවූ, පසුව අබා චිත්‍රපටය නිෂ්පාදනය කළ දෙදෙනාට පමණක් නොව, වෙනත් අයටද, ඒ චිත්‍රපටය හැකි නම් නිෂ්පාදනය කළ යුතුයි කියා සිතුණු බව කලකට ඉහත කතන්දරකාරයා නම් බ්ලොග්කරුවා ලියූ පහත ලිපියෙන් පෙනේ.

http://kathandara.blogspot.com/2010/03/blog-post_05.html

වසර 2006 අප්‍රියෙල් මාසයේ දී අපේ සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කරන ලද බක් මහ රංගන දෙමංසල අබියස ප්‍රසංගයට සහභාගී වීම සඳහා ජැක්සන් ඇන්තනි සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී අපේ සිංහල සඟරාවට ලිපියක් සැකසීම සඳහා මම ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීමි.

එහිදී මා ඔහුගෙන් විමසූ එක් පැනයක් වූයේ ඔහු නිපදවූ, මෙහෙයවූ ඉතිහාසය පිළිබඳ රූපවාහිනී වැඩසටහන් ඩීවීඩී ලෙස අපට මිලට ගත හැකි ද කියාය. ඒ මට පෙර කී රුපවාහිනී වැඩසටහන් නැවත නැරඹීට තිබුණු කැමැත්්ත නිසාය.

සාකච්ඡාව අවසානයේ දී ඔහුගේ ඉදිරි වැඩ කටයුතු ගැන ද මම විමසූවෙමි.
(රසික) අවසාන වශයෙන්, ඔබේ ඉදිරි කලා කටයුතු ගැන කෙටියෙන් කිව්වොත්?

(ජැක්සන්) පණ්ඩුකාභය රජු ගේ ළමා කාලය පිළිබඳව අති දැවැන්ත සිනමා නිර්මාණයක අධ්‍යක්‍ෂණ කටයුතු මම ලංකාවට ගිය ගමන් පටන් ගන්නවා. ඉන් පසු, ජයන්ත චන්ද්‍රසිරි ගේ මීලඟ ඓතිහාසික චිත‍්‍රපටයේ මම විමලධර්මසූරිය රජුමෙන් රඟපෑමට සූදානමෙනුයි ඉන්නේ. ප‍්‍රසන්න විතානගේ ගේ මීලඟ සිනමා කෘතිය, ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ ගාඩි කුලය හා සම්බන්ධ එකක්. මෙහි මම ගාඩි රැහේ නායකයා ලෙස රඟ පෑමට නියමිතයි. මේ සිනමා කෘති සියල්ලම ඓතිහාසික කතා රැගත් ඒවා වීම සුවිශේෂ කාරණයක්.
මේ සාකච්ඡාව පැවැත්වුණු 2006 මුල භාගයේ මහින්ද රජා තම බල පරාක්‍රමය රටේ පස් දෙස පතුරවන්නට පටන් ගත්තා පමණකි. එනිසා අප බොහෝ දෙනා පසුකාලීනව ජැක්සන් ඇන්තනි ගේ වැඩ-කිඩ සලකා මේ සිනමා නිර්මාණය දෙස අපරදෘෂ්ටියෙන් බලමින් සිතන දේ නිවැරදි නොවන බව කිව හැකිය.

ඒ සමගම මට පැහැදිලිවම කිව හැකි දෙය නම්, අබා චිත්‍රපටයෙන් පසු සිංහල සිනමා රැල්ලක් ඇති වූ ඉතිහාසය විකුණා කන ආකාරයේ රැල්ලට අබා චිත්‍රපටය වගකිව යුතු නැති බවයි.

ඒ වෙනුවට ඒ රැල්ලට මූලික හේතුව වූයේ යුද්ධයේ අවසානයත් සමගම ඇතිවුණු සිංහල ජාතිකවාදී වෙළඳපොළ බව මගේ අදහසයි.

ඒ කරුණු එසේ වුවද, මා මුලින් ද කී පරිදි, ඉහත රූපවාහිනී ප්‍රකාශයේ දී ඉතිහාසය විෂයය ගැන ජැක්සන් ඇන්තනි අසත්‍ය හෝ අර්ධ සත්‍ය ප්‍රකාශ කන්දරාවක් ම කරනු පෙනේ.

ඒ ගැන සවිස්තරාත්මකව ඊළඟ ලිපියෙන්: http://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html

-රසිකොලොජිස්ට්

Friday, 27 November 2015

එහෙත් හරි වැස්ස, මෙහෙත් හරි වැස්ස


මැක්මාන්ස් පොයින්ට් හි දී ය

උද්‍යාන බංකුව මත
සන්ධ්‍යාව ගත කෙරුමට
නිද්‍රාව අමතක කර
වර්ෂාව සපැමිණ ඇත

විශ්‍රාමයෙන් අවදිව
සංවේගයෙන් හඬමින
පක්‍ෂීහු රැළ දස අත
උන්මාදයෙන් පියඹත

සන්තාපයෙන් තෙත්වුණ
සංකාව සපිරි හද තුළ
සන්තුෂ්ටිය ද ඇති බව
ක්ෂණයකට සිහියට එත!


-රසිකොලොජිස්ට්

Wednesday, 25 November 2015

දුම් බොන්නන් යනු අපතයින් ය - Kiss only non-smokers!


මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිද්දී පාසලේ අමතර ක්‍රියාකාරකමක් ලෙස අපේ පන්තියෙන් ද මහා වෙසක් කූඩු රාජයෙකු සෑදීමේ ව්‍යපෘතියක් ඇරඹුණි. මෙහි වැඩකටයුතු සඳහා පාසලෙන් පසු පැය කිහිපයක් නතරවීමට අප කතා කරගත්තෙමු.

අදාළ දිනයේ දහවල් දෙක පමණ වෙන විට ව්‍යාපෘතියට අවශ්‍ය උණ ගසක් කපා ගැනීමට හැකි විය. එයින් පසු, ඒ උණ කපා කොටා, අවශ්‍ය ලී පතුරු සාදා ගන්නවා වෙනුවට, අපේ කොලු පිරිසට අවශ්‍ය වූයේ සිගරැට් බීමටයි.

ඒ සඳහා නායකත්වය දුන් කිහිප දෙනා ඊට පෙර ඒ අත්දැකීම ලබා තිබුණු බව පෙනෙන්නට තිබුණි. ජීවිතයේ මුල්වරට, ෆෝ ඒසස් නමින් හැඳන්වුණු සිගරැට් වර්ගයකින් දුම් බිඳක් කට ඇතුළට ගෙන ඒ සැණින් පිට කිරීම ක්‍රියාව මම දෙවරක් පමණ කළෙමි. මගේ ආධුනිකත්වය, අපේ පන්තියේ විශාරදයින් ගේ සිනහවට හේතු වූ අතර, දුම් බොන්නේ මෙසේය, දුම් වළලු යවන්නේ මෙසේය යනුවෙන් උපදෙස් ද මට ඔවුන්ගෙන් ලැබුණි.

මිත්‍ර සමාගම සමග ඒ ආකාරයට දුම්බීමට තවත් වරක් දෙවරක් අවස්ථා උදාවුණු අතර, මා ඒවා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප නො කළෙමි. ඒ සියලු අවස්ථා, මුල් දිනයේ පරිදි දෙතුන් වරක් දුම් මුව තුළට ගෙන පිට කිරීමට පමණක් සීමා වී ය.

මේ කාලයේ ලංකාවේ දුම්බීම යනු සාමාන්‍ය එදිනෙදා ක්‍රියාවකි. නිවසට පැමිණෙන අමුත්තන්ට දුම්වැටියෙන් සංග්‍රහ කිරීම ද සාමාන්‍යයෙන් කෙරුණි. ඒ දුම්බොන අය සිටන නිවෙස්වල දී පමණක් නොවේ.

මලගමකදී ද ඔරේන්ජ් බාර්ලි, නෙක්ටෝවලට අමතරව, දුම්වැටි ද පිළිගැන්විණි.

දුම්වැටි පිළිබඳ වෙළඳ දැන්වීම්වලින් පුවත්පත් පිරී තිබුණි.

ක්‍රීඩාවලට අනුග්‍රහය දැක්වීම දුම්වැටි ප්‍රචාරණයේ එක් ප්‍රධාන අංගයක් විය. ළමා ළපටි අපේ මෙන් ම, තරුණයින්, වැඩිහිටියන් ගේ ද ප්‍රියතම ගුවන් විදුලි වැඩ සටහනක් වූයේ ප්‍රේමසර ඈපාසිංහ විසින් ඉදිරිපත් කළ, ලංකා දුම්කොළ සමාගම අනුග්‍රහය දැක්වූ බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු ය.

කෙසේ වෙතත් මා ගනේමුල්ලේ පාසලෙන් සමත්ව, කොළඹ පාසලේ දහවෙනි ශේ්‍රණියට ඇතුළත් වූ පසු පාසල් මිතුරන් දුම් පානය කළ අවස්ථා මට මග හැරී ගියේය.

පසු කලෙක, විශ්ව විද්‍යාල සමයේ දී කටට ගන්නා දුම් උගුරෙන් පහළට පෙනහැල්ල දක්වා යැවීමට උගත් නමුත් එය ද මට කිසිදු උත්තේජනයක් ගෙන දුන් දෙයක් නොවීය. ඒ ආකාරයේ දුම්බීම පවා කෙරුණේ මත්පැන් බිඳක් තොල ගෑ දිනවල පමණි. මත්පැන් බිඳක් තොල ගෑවුණේ, එක්කෝ වසරාවසානයේ පැවැත්වෙන විභාගය අවසන් වූ දින, වාර්ෂික චාරිකාව ගිය දින ගෝ විභාග ප්‍රතිඵල පිටවූ දිනවල පමණි. එනම් වසරකට දෙතුන් වරකි.

මේ හැම අවස්ථාවක දී ම, මගේ මුව තුළ ඉතිරි වූයේ තිත්ත රසයකි. දුම් උගුරු දෙකකින් පසුවද එසේ හැඟෙන කළ, දුම් වැටියක්ම බීවා නම් කෙලෙස වෙන්නට ඉඩ තිබුණේ ද?

වාසනාවට මෙන් එනිසාම මම දුම්බීමට ඇබ්බැහි නොවුණෙමි. වින්දනයක්, රසයක්, ආස්වාදයක් නොලැබෙන දෙයකට කෙසේ නම් ඇබ්බැකමක් ඇති වෙන්නද?

ඒ කාලයේ දුම් බීම පුරුද්දක් ලෙස කළ සමහර මගේ මිතුරන් මේ වෙන විට එයින් අත් මිදී ඇති බව දැන ගන්නට ලැබීම සතුටට කරුණකි.

ලංකාවෙන් ඕස්ටේ‍ර්ලියාවට පැමිණෙන අයට වහාම දුම්බීමෙන් මිදීමට උදව්කර ගත හැකි කාරණා රාශියක් තිබේ.

එලෙස පුනරුත්ථාපනය වූ මගේ මිතුරෙකුට අනුව, ඒ කරුණු මෙසේය.

දුම්වැටි එකක් දෙකක් මිලට ගත නොහැක. ගත යුත්තේ පැකට්ටුවකි. ඒවා බදු මගින් ඉතා අධික ලෙස මිල කර ඇත.

කුලී තට්ටු නිවාසවල ඇතුළත දුම්බීම තහනම් වේ. පසු කලෙක, ලංකාවේ ද ක්‍රියාත්මක කීරීම ඇරඹුණු පොදු වාහන, ප්‍රසිද්ධ ස්ථාන, ගොඩනැගිලි, කාර්්‍යාල, සිනමා ශාලා, ආපන ශාලා ඇතුළත මෙන්ම, බොහෝ මත්පැන් බොන ස්ථානවල ද, දුම්බීම තහනම් ය. ඒ සඳහා සුවිශේෂී තැන් වෙත යෑමට සිදුවේ.

දුම්බීමේ ආදිනව ගැන දැක්වෙන වාක්‍ය සහ බියකරු ඡායාරූප ද දුම්වැටි පැකැට්ටුවල දෙපස මුද්‍රණය කර තිබේ.

දුම්වැටි පැකට්ටු මිලට ගත හැක්කේ ද, සුවිශේෂී ස්ථාවලින් පමණි.

මේ වන විට, දුම්වැටි පැකට්ටුවල කිසිදු වෙළඳ සලකුණක් මුද්‍රණය නොකර සෑම පැකට්ටුවක්ම එකම ආකාරයෙන් සැකසිය යුතුය, දුම්වැටි පැකට්ටු ඒවා විකුණ ස්ථානවල සඟවා තැබිය යුතුය යනාදී වශයෙන් ඒ නීති තවත් දැඩි වී ඇත.

මේ හේතුව නිසා මා වසර කිහිපයකින් දුම්වැටි පැකට්ටුවක් දැක නොතිබුණි. මෑත දිනයක, එක් ස්ථානයක දී එවැන්නක් දුටුවිට මට එය කුමක්දැයි හඳුනා ගැනීමට ද ටියුබ් ලයිට් තත්පරයක් පමණ ද ගත විය.

මේ මා දුටු ඒ සිගරැට් පැකට්ටුවේ පැති පෙනුම් දැක්වෙන ඡායාරූප කිහිපයකි.



මේ තවත් එකක ඡායාරූප ය.



සිගරැට්? යක්!

-රසිකොලොජිස්ට්

(image: http://healthyhighlanders.co.uk/HPAC/BrowseSearch.jsp?subjectId=22&typeId=D&submit=true&sort=title&page=2)

Monday, 23 November 2015

මා කන හැටි මොකා දනී? - Eat like a king...!


අශෝක හඳගම ගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ එක් දර්ශනයක (ජයලත් මනෝරත්න විසින් චරිතය නිරූපණය කරන ලද) විශ්ව විද්‍යාල දේශකයාට මත්පැන් පොදක් තොල ගෑමට ආරාධනාවක් ලැබෙයි. එය කාරුණිකව ප්‍රතික්‍ෂේප කරනු ලැබූ විට ඔහුගෙන් විමසනු ලබන්නේ "ඇයි සර් කවදාකවත් බීලා ම නැද්ද?" යනුවෙනි.

එයට පිළිතුර ලෙස දේශකයා පවසන්නේ, "අපොයි නෑ ජීවිත කාලයේ ම අරක්කු කෝටා එක කලින් ම බීලා හමාර කළා!" යනුවෙනි.

ජීවිතයෙන් අවුරුදු දාසයක් ම පූර්ණකාලීනව හෝ පශ්චාත් උපාධි පරීක්‍ෂණවල නිරතවෙන අතරතුර අර්ධකාලීනව හෝ විශ්ව විද්‍යාල දේශකයෙකු ලෙස මා සේවය කර තිබුණ ද, තවමත් කිසිදු බීමක හෝ කෑමක ජීවිත කාලයේ කෝටාව සහමුලින්ම අහවර වී නොමැත. එසේ නමුත්, විටින් විට ලැබෙන උපදේශ නිසා, එසේ ජීවිතකාලයේ කෝටාව කලින් ම අවසාන වීම වළකා හැකිතාක් දුර පවත්වා ගෙන යෑම සඳහා යම් යම් ආකාරවල සීමා කිරීම් කිරීමට මට ද සිදු වී ඇත.

වෙනදා උදෑසන,ජෑම් සහ මාජරින් හොඳින් තැවරූ පාන් පෙති හතරක් දිනපතාම නහයට යටින් අතුරුදහන් කළ ද, ඒ පුරුදු නවතා, පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු පානයකට උදේ ආහාරය සීමා කිරීමට මා තීරණය කළේ මීට වසරකට පමණ පෙර ය. ඒ විස්තරය රසිකොලොජියේ ද පළ කළෙමි.

එහි දී ජෑම්, මාජරින්වලට වඩා මට සීමා කිරීමට අවශ්‍ය වූයේ තිරිඟු පිටි සහිත පාන් කෑමයි.

කොහොමටත් තිරිඟු පිටි සහිත පාන් කෑම බටහිර ගැති වැඩක් නොවැ? කොටින් ම, ලංකාවේ සමහරු තිරිගු පිටි හඳුන්වන්නේ ද ඇමරිකන් පිටි යනුවෙනි!

සාමාන්‍යයෙන් කාර්යාල දිනවල දවල් ආහාරය ලෙස මා වසර හත අටක සිටම අනුභව කළේ ටූනා හෙවත් කෙළවල්ලන් මාළු සමග පාන් ය.

මා එසේ කළේ, කෙළවල්ලන් කෑම ජපන් ජාතිකයින් ගේ මොළය වැඩීමට හේතු වෙන බව බටහිර විරෝධීන් විසින් පවසන්නට යෙදුණු නිසා නොව, ඔමෙගා බී වැනි ශරීරයට හිතකර විටමින් ප්‍රභේදයක් එහි ඇති නිසා, නිතිපතා රතු මාළු අනුභව කරන ලෙස ලැබුණු වෙද උපදෙස් නිසා ය.

ඕස්ට්‍රේලියාවේ දී කෙළවල්ලන් කෑමට මාළු කඩෙන් ගෙනැවිත් උයා පිහා ගැනීමට අවශ්‍ය ම නොවේ. මා දිවා ආහාරය සඳහා සාමාන්‍යයෙන් ගන්නේ ටින්වල ඇසුරූ කෙළවල්ලන් ය.
මේ කුඩා මාළු ටින්, විවිධ රස සහිතව සකසා තිබුණද, මගේ සිත වැඩියෙන්ම දිනා ගත්තේ මිරිස් රසැති වර්ගයයි.


පාන් කෑම පෙති හතරේ සිට දෙකට අඩු කළ පසු, මා දිවා ආහාරය සකසා ගන්නේ මෙලෙසයි.
  • පාන් පෙති දෙකක් තරමක් කර (ටෝසට්) කර ගනිමි.
  • සලාද කොළ සාමාන්‍ය ප්‍රමාණයක් භාජනයකට දමා එයට සලාද මිශ්‍රණය හෙවත් ඩේ‍රසින් ස්වල්පයක් එකතු කර ගනිමි. සෝදා පිරිසිදු කර ඇසුරු මිශ්‍ර සලාද කොළ සහ ඩේ‍රසින් කෙළින්ම කඩෙන් මිලට ගත හැකිය.
  • දැන් එයට උඩින් ටින් එකේ ඇති කෙළවල්ලන් මිශ්‍රණය එතකු කරමි.
  • පාන් පෙති දෙක කුඩා කැබලිවලට කඩා සියල්ල එක මිශ්‍ර කර සලාදයක් සාදා ගනිමි.
අපේ කාර්යාලයේ සේවය කරන මා මිතුරු ලියම් ටෙරිස් මගේ මේ දිවා භෝජනය හඳුන්වන්නේ "රසික ගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් සැන්ඩ්විච්" කියා ය.



සතියේ දින හතරක් පමණ මේ මගේ මාළු-පාන්-සලාදය කන මා අනෙත් දිනවල කරන්නේ කාර්යාලය අසල ආහාර විකුණන කඩයකින් පාන් නොමැති සලාදයක් මිලට ගෙන කෑමයි.

මේ එවැනි එළවළු සහ මස් මිශ්‍ර සලාදය කිහිපයකි.



මේ ප්‍රමාණයේ (extra large) සැලඩ් කෝප්පයක් ඩොලර් නමයකි.

මේවායේ අඩංගු මස් වර්ගය (පලහන ලද) කුකුළු මස් ය. අඩංගු එළවළු වර්ග අතර කේල් නම් කොළ වර්ගය, කීන්වා නම් ධාන්‍යය, සාමාන්‍ය සලාද කොළ, සුකිනි නම් කැකිරි වර්ගය යනාදිය වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සින්තටික් සිහිනය අරඹා දැන් වසරක් පමණ ගෙවී ගොසිනි. මා පෙර ලිපියේ ද සඳහන් කළ පරිදි, කලිසම් පහළට බැසීම නිසා ඇති වෙන ප්‍රශ්න මග හරවා ගැනීමට සෑම බඳ පටියක ම පාහේ අමතර හිලක් විදීමට සිදුවිය.

නමුත්, පසුගිය කාලය තුළ මගේ ස්කන්ධය නම් බොහෝ දුරට සංස්ථිතිව පවතී!

මෙය විස්තර කිරීමට හැකි, මට සිතාගත හැකි එකම ක්‍රමය නම්, සිරුරේ ජලය සහ මේදය අඩුවී ගොස්, ඒ වෙනුවට අස්ථි ඝනත්වය වැඩි වීමයි.

ප/ප/ලි:
ඇඟට හිතකර කෑම කන්නට බැරියෝ යැයි ඇඟ කෑ ගසන දිනවලට මම කාර්්‍යාලය අසල පිහිටි තායි බත් කඩේට ගොස් කෑම බාගයක් මිළට ගනිමි. මේ ඒ ආකාරයේ බත් පිගන් කීපයකි. ව්‍යංජන වර්ග දෙකක් සමග බත් පිඟාන ඩොලර් 7.50 කි.

Friday, 20 November 2015

සුපිරි වෛද්‍ය උපදේශයක් - නොමිලේ, නොමිලේ, නොමිලේ! :: Life changing medical advice - it comes free of charge


දැනට වසරකට පමණ පෙර සමයෙක, අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනයක් ලැබුණි. අපට කියා කීවාට, මේ ආරාධනය ලැබුණේ ඇත්තට ම මගේ බිරිඳට ය. ඒ ඇගේ සමකාලීන විශ්ව විද්‍යාල මිතුරියක ගෙනි. ඒ සමයේ ම, ඒ පාඨමාලාවම හැදෑරූ තවත් කාන්තාවන් පිරිසක් ද සිය සැමියන් ද සමග එම සාදයට එනු ඇති බව ද මට අසන්නට ලැබුණි.

සාමාන්‍යයෙන් මෙවැනි සුහද සාද පැවැත්වෙන්නේ සෙනසුරාදා ය. අදාළ දිනයේ, අපි ඒ මිතුරු නිවසට ගියෙමු.

කාන්තා පක්‍ෂය තමන් ගේ මිතුරු සමාගම රම්පස් කාමරයේ ඇරඹූ අතර, අප පිරිමි පිරිස, ගෙහිමියා ගේ ඇරයුමෙන් මේසයක් උඩ තබා තිබුණු පොඩි පහේ කුප්පි කිහිපයක් වටා එක් රැස් වී මූ.
මා පසුගිය වසරේ දිනයක "දේශපාලනයෙන් තොර සෑදෑවක්" යනුවෙන් ලියා රසිකොලොජියේ පළ කළේ මේ සාදය පිළිබඳ සටහනකි.

සාදයට සහභාගී වූ කාන්තාවන් සියලු දෙනාම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විද්‍යාර්ථීන් වූව ද, ඔවුන් ගේ සැමියෝ විවිධ වෘත්තිකයෝ වූහ.

මේ අතර සිටි, මා එදින හඳුනාගත්, මගේ සමකාලීනයෙකු වූ වෛද්‍ය පීඨ විද්‍යාර්ථියෙකු විසින් මට එහි සිටි වෙනත් සැමියෙකුව හඳුනා දුන්නේ "මචං මේ සුජිත්, අපට වඩා පේරාදෙණියේ අවුරුදු දෙකක් සීනියර් පොරක්!" කියා කියමිනි.

මා පෙර සඳහන් ලිපියේ කියූ පරිදි අප එදා කතා බහ කළේ ගේ දොර, යාන වාහන, දූ දරුවන් වැනි එදිනෙදා කරුණු ගැන ය. ඒ අතර ශරීර සෞඛ්‍යය ගැන ද කතාබහ කෙරුණු නිසා, එකිනෙකා දැක්වූ අදහස්වලින් මා මේ දෙවනුව හඳුනාගත් සුජිත් ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බව මට හැඟී ගියේ ය.

පෙර කී කුඩා කුප්පිවල පිරී තිබුණු තරල කෙමෙන් කෙමෙන් අපේ රක්තාණු අතරට මුසු වෙද්දී කෙරුණු අපේ සාකච්ඡා අතරතුර දී සුජිත් තමන් දිනපතා කරගෙන යනු ලබන සෞඛ්‍යමය රෙජීමය පිළිබඳව අපට කරුණු පැහැදිලි කළේ ය.
  • ඔහු දිනපතා කිලෝ මීටර් හතරක් පමණ ඇවිදියි.
  • පාන් කෑම සහමුලින් ම නතර කර ඇත.
  • උදෑසන ආහාරය ලෙස ගන්නේ පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු බීමකි.
  • එළවළු සහ මුහුදු මාළු විශාල ලෙස ද, මස් වර්ග මද පමණින් ද ආහාරයට ගනී. බත් කන්නේ හැඳි භාගයක් පමණි.
  • තේ බොන්නේ සීනි නොමැතිව ය.
  • හැකි සෑම දිනකම පාහේ සෑදෑ කාලයේ දී නිවසේ සිට අඩ පැයක් පමණ ව්‍යායාමයේ යෙදෙයි!
සුජිත් ගේ සෞඛ්‍යමය රෙජීමය එලෙස විය.

සතියේ දිනවල දිවා ආහාරය වෙලාවේ කාර්්‍යාලය අසල මාර්ගවල සිරි නරඹමින් ඇවිදීම මා කලක සිට කර ගෙන යන කර්තව්‍යයකි. සුජිත් ගේ රෙජීමයට අඩංගු වුණු ඊට අමතර කර්තව්‍යයන් වූ පාන් නොකෑම, පලතුරු මුසු සුමුදු පානයක් උදෑසන ආහාරය ලෙස ගැනීම, සැඳෑ කාලයේ ව්‍යායාම කිරීම වැනි දේ මා සිත් ගත්තේ ය.

අපේ වයසේ පිරිමින් ගේ සාමාන්‍ය ශරීර ලක්‍ෂණයක් වූ උදරය ඉදිරියට නෙරා ඒම ප්‍රදර්ශනය නොකරන කෙසඟ නමුත් ශක්තිමත් අයෙකු සේ සුජිත් දිස්වුනි. ඊට අමතරව ඔහු වෛද්‍යවරයෙකු ද වේ!

ඉතිං, කුමට ද කුසලට කම්මැලි වෙන්නේ?

මම වහාම වෛද්‍ය සුජිත් පරණගම ගේ රෙජීමයෙන් මට කළ හැකි දේ අනුගමනය කිරීමට අදිටන් කර ගත්තෙමි. අදිටන් කිරීමෙන් නොනැවතී:
  • පසුවදා උදෑසන ම නිවසේ කලක් තිස්සේ තිබුණු ව්‍යායාම මැෂිමේ මකුළුදැල් කඩා දැමුවෙමි.
  • බ්ලෙන්ඩරය කුස්සියේ කබඩ් එකක් අස්සේ තිබී සොයා ගත්තෙමි.
  • කඩපොළට ගොස් වෙනදාට වඩා පලතුරු යනාදිය ද මිලට ගත්තෙමි.
  • නැකත් නොබලා, එදින සවස් යාමයේ ම මගේ අලුත් වැඩ පිළිවෙළ ඇරඹූවෙමි.
"මොකද ඔයාට මේ කවදාකවත් නැතුව එක්සයිස් කරන්න හිතුණේ රසී?" මා දුටු බිරිඳ විමසුවේ ප්‍රීතියෙන් ඉපිල යමිනි.

"ඒ විතරක් නොවෙයි, දන්නවාද, මං හෙට ඉඳලා උදේට බොන්නේ ෆෘට් ස්මූති, පාන් කෑමත් අඩු කරනවා. දවල්ට ඇවිදින එකත් නොවරදවාම කරන්න ඕනෑ!" මම පැවසුවෙමි. "මේ සේරම අර සුජිත් ගෙන් මං අල්ලා ගත්තේ. දැක්කා නේද පොර හොඳ ෆිට් එකේ හිටියේ?"

බිරිඳ ඇගේ විකසිත සුපුෂ්පිත සිනහව පෑවා ය!

"අයියෝ ඔයා සුජිත්ගෙන් ද ඇඩ්වයිස් ගත්තේ?

"ඇයි මොකද, නරකද?"

"නෑ, නෑ, කමක් නෑ, සුජිත් ගේ වයිෆ් ප්‍රියන්ති නම් හිටියේ අපේ ෆැකල්ටියේ තමයි. ඒත් සුජිත් නම් හිටියේ වෙට් ෆැකල්ටියේ!"

"මළ කෙලියයි!" මට කියවිණි.

මා මේ පිළිපැදීම අරඹා ඇත්තේ පශු වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පශු වෛද්‍ය, පශු නොවන වෛද්‍ය කතා කෙසේ වෙතත් මගේ නව සෞඛ්‍යමට රෙජීමයට දැන් වසරක් ගත වී ඇති අතර, මගේ සෑම බඳ පටියකම අලුතෙන් හිලක් බැඟින් විදින්නට සිදු වූ බව සතුටින් සඳහන් කරමි.

ඊට අමතරව, 2014 අප්‍රියෙල් මාසයේ දී නලීන් දිල්රුක්‍ෂ මිතුරාගේ කාරුණිකත්වය නිසා මට ලැබුණු බ්ලොග් ලියන්නන් ගේ මීඩියම් ප්‍රමාණයේ ටී-ෂර්ටය ද මට පසුගිය දිනයක වදෙන් පොරෙන් හෝ ඇඳීමට හැකි විය!

(images: http://www.bigfooty.com/forum/threads/hawks-logo-mascot.977926/ & http://digitalcitizen.ca/2009/02/05/soccer-and-rugby-fans-facebook-friends-tagging-challenge/)

Monday, 16 November 2015

ප්‍රංශ කොඩිය දැමීම නිසා හෙළිවන අපේ සමහර අයියලා ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත - Nakedness exposed


මීට වසර තුනකට පමණ පෙර බාලචන්ද්‍රන් නම් ළමයා ගේ මරණයට පෙර සහ පසු ඡායාරූප මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුණු පසු අපේ සමහරුන් ගේ අමානුෂික ජුගුප්සාජනක නිරුවත හෙළිදරව් වූ හැටි ඔබට මතක ඇතැයි සිතමි.

බාලචන්ද්‍රන් යනු සතුරෙකු ගේ දරුවෙකු නිසා, ඔහු මරා දැමීම සාධාරණීකරණය කරන්නට සමහරු වඳ පීදුණු කෙසෙල් ගස්වලින් එන කෙසෙල් මොටයි පවා කපා දමා විනාශ කළ යුතුයි ආදී විවිධ න්‍යායයන් ගෙන හැර දැක්වූහ. ඒ ප්‍රකාශවලින් හෙළි වූයේ උන් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවතයි.

දෙසතියකට පමණ පෙර, ළාබාල තරුණියන්ට බැටන් පහර දෙන පොලිස්කාරයින් ගේ ඡායාරූප ගැන ද, එවැනි ම අමානුෂික කතා, එනම්, අහවල්, අහවල් හේතු නිසා උන්ට එලෙස ගැහැව්වාට කමක් නැත යනුවෙන්, සමහරු ලියා තිබෙනු දක්නට ලැබුණි.

එයින් හෙළි වූයේ ද ඔවුන් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවතයි.

පෙරේදා ප්‍රංශයේ දී සිදු වූ මිනිස් ඝාතනයෙන් පසු ඒ ගැන විවිධාකාරයෙන් ශෝකවන්නන්, ප්‍රංශ ධජයේ වර්ණ වත්පොතේ තම පුද්ගල ඡායාරූපයට යොදාගන්නන් අපට දැකිය හැකිවිය.

මෙය දකින අප අතරම වෙසෙන මනපහතයින් පිරිසක් පවසා ඇති කරුණු කිහිපයක් මෙසේය.
ප්‍රංශයේ මියගිය උන් වෙනුවෙන් දුක් වෙන්නේ ඇයි?
උං කොළඹ අහවල් බෝම්බය පිපිරුණු විට දුක් වුණා ද?
ප්‍රංශයේ ඛේදවාචකය වෙනුවෙන් ප්‍රංශ ධජයේ වර්ණ ආදේශ කර ගන්නේ ඇයි?
ලංකාවේ මිනිසුන් ඝාතනය වුණු විටදී උන් ලංකා කොඩියේ වර්ණ තමන් ගේ වත්පොත් ඡායාරූපයට යොදා ගත්තා ද?
ප්‍රංශයේ මිනිස් ඝාතනය ගැන තමන්ට දුකක් නැතිනම් ඕනෑ චොකා බයිලාවකට නටමින් හිටියාට අවුලක් නැත. නමුත්, එසේ නොකර සිදුකරනු ලබන මෙවැනි ද්වේෂ සහගත කථාවලින් පෙනෙන්නේ ද මේ පුද්ගලයින් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත බව පැහැදිලිය.

ඒ නොමිනිසුන්ට අතමරව තවත් කොටසක් මෙසේ ද පවසති.
ප්‍රංශ රජය ලෝකයේ කලබල ඇතිකරවන, යුද්ධවලට සහය දෙන රටකි. එනිසා, ප්‍රංශ ජාතිකයින් මෙලෙස මිය යාමේ ද ප්‍රශ්නයක් නැත!
මෙන්න මේ ආකාරයේ ප්‍රකාශකරන පිරිස නම්, මතවාදීව සිටින්නේ අයිසිස් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් ගේ පිළේ බවට කිසි සැකයක් නැත. ඒ මක් නිසාද යත්, ත්‍රස්තවාදීන් සිටින්නේ ද, රටක රජයක් කරන ක්‍රියාවන්ට, ඒ රටේ සියලුම වැසියන් වගකිව යුතුය, තම ජීවිතවලින් වන්දි ගෙවිය යුතුය යන පදනමේ ය.

වත්පොත වැනි සමාජ ජාලයන් ගේ කෙතරම් ප්‍රයෝජන තිබුණද, ඒ හරහා මෙවැනි අමානුෂික ප්‍රකාශ දකින්නට ලැබීම නම් දරුණු අභාග්‍යයකි. නමුත්, අනිත් අතට සලකා බලන කල, අප අතර සිටින නොමිනිසුන්, ඔවුන්ගේ මේ ආකාරයේ ප්‍රකාශ හරහා හෙළිදරව් වීම නම් ඉතා වැදගත් කරුණකි.

-රසිකොලොජිස්ට්

(image: from Mike Baird's Facebook page)