Friday 29 May 2015

දඩයම, වසන්ත ඔබේසේකර, සලෙලු වරම සහ මෛත්‍රී වික්‍රමසිංහ - A day to remember!


"ඇත්තටම චිත්‍රපටිය ඒ සීන් එක ගන්න කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක පොල්ලකින් ගහලා කුඩු කරන්න ඇතිද?"

"මං හිතන්නේ කාර් එකේ තිබුණු වින්ඩ්ස්ක්‍රීන් එක ගලෝලා කැඩිච්ච එකක් හයි කරලා තමයි ඔය සීන් එක ගන්න ඇත්තේ!"

බොහෝ හොලිිිවුඩ් සිනමාපටවල මෙන්ම ඇතැම් බටහිර රූපවාහිනී නාටකවල ද මෝටර් රථ දුසිම් ගණං එකිනෙක හැප්පෙනු, කුඩු පට්ටම් වෙනු, ගිනිබත් වෙනු අපි දැක ඇත්තෙමු. ඒ දර්ශනවලින් අප ලබා ඇත්තේ අපමණ ආස්වාදයකි. එලෙස විනාශ වෙන වාහන හෝ ඒ සඳහා වැයවෙන නිෂ්පාදන වියදම ගැන වැඩිදුර හිතන්නට අපට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි.

එසේ නමුත් අසූවේ දශකයේ දී තිරගත වූ "දඩයම" නම් චිත්‍රපටයේ තිබූ එක් දර්ශනයක දී රවීන්ද්‍ර රන්දෙණිය විසින් පදවන මෝටර් රථයක වින්ඩ්ස්ක්‍රීනය කැඩී බිඳී කුඩු පට්ටම් වී යන්නට ස්වර්ණා මල්ලවආරච්චි පොල්ලකින් ගසනු දුටු අපේ සිත්වල නැගුණු ලොකුම ප්‍රශ්නය වූයේ ඒ වින්ඩ්ස්ක්‍රීනය ඇත්තටම කුඩු කළා ද, බේරා ගත්තා ද යන්නයි.

"දඩයම" යනු වසන්ත ඔබේසේකර විසින් නිර්මාණය කරන ලද සිනමා සිත්තම් කිහිපයෙන් වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රපටයයි. ළාබාල තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නා අයෙකු ඇයව දීර්ඝ කාලයක් තිස්සේ රවටා අවසානයේ කුරිරු ලෙස මරා දමන පුවත රැගත් මේ චිත්‍රපටයේ කතාව පදනම් වී තිබුණේ අපේ අම්මලා ගේ කාලයේ ලංකාව කම්පා කළ "විල්පත්තු මිනීමැරුම" හෙවත් ඇඩ්ලින් විතාරණ මරාදැමීම ආශ්‍රයෙනි. (ඇත්තටම, වසන්ත ඔබේසේකර සහ මගේ මව සමාන වයසේ අයයි).

"දඩයම" චිත්‍රපට තිර රචනයේ බුද්ධිමය අයිතිය පිළිබඳව, පෙර කී ඇඩ්ලින් විතාරණ මිනීමැරුම පිළිබඳව පොතක් ලියූ අයෙකු විසින් පවරන ලද නඩුවකට මුහුණ දීමට ද වසන්ත ඔබේසේකරට පසුව සිදුවිය.

සංවේගජනක සැබෑ සිදුවීම් ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය කිරීම වසන්ත ඔබේසේකර කීපවරක් ම කර ඇත. ඔහු ගේ "දොරකඩ මාරාව" නම් චිත්‍රපටය සඳහා පසුබිම් වූයේ මගේ ගම් ප්‍රදේශයේ වූ සිදුවීමකි. අනෙකුත් බොහෝ චිත්‍රපට සඳහා ද සත්‍ය සිදුවීම් පාදක වී ඇති බව නොරහසකි.

එසේ නිමවුණු "සලෙලු වරම" නම් චිත්‍රපටයේ කතා වස්තුව අනූවේ දශකයේ මුල් භාගයේ දී කැලණිය විශ්ව විද්‍යාල භූමියේ සිදුවූ එක් අවාසනාවන්ත සිදුවීමක් ආශ්‍රිතව ගෙතුණු එකක් බව හොඳින් පෙනුණි. මගේ මතකය අනුව ඒ දුඛදායක කතාව ඉතා කෙටියෙන් මෙසේ ය.

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක හා සිසුවෙකු අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති විය. ඒ අතර මේ තරුණියට තවත් ප්‍රේම සම්බන්ධයක් ද තිබී ඇත. එක් නිවාඩුවකින් පසු විශ්ව විද්‍යාලය ඇරඹුණු විට ආරංචි වී ඇත්තේ ඒ නිවාඩු කාලයේ දී තරුණිය අර අනෙක් පුද්ගලයා සමග විවාහය ලියාපදිංචි කර ඇති බවයි.

ආලය අන්ධය, ආදරය යනු කෑදරකමකි, ගොදුර අහිමි වූ විට ඊර්ෂ්‍යාව සහ කෝපය ඇති වී ආදරය වෛරයකට හැරේ, යනා දී විවිධ පඬි වදන් සනාථ කරන්නට හොඳ උදාහරණයක් සපයමින් මේ අපේක්‍ෂා භංග වූ තරුණයා කර ඇත්තේ එක්තරා උදෑසනක විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණය අසළ පාරේ දී තරුණියගෙන් මේ විවාහය සම්බන්ධයෙන් ප්‍රශ්න කර පසුව ඇයට පිහියකින් කීපවරක් ඇනීමයි. ඉන් පසුව ඔහු තමන් ළඟ තිබූ වස කුප්පියක් පානය කර ඇත.

තරුණිය මිය ගියා ය. තරුණයා තමන් ගේ වරදට දඬුවම් ලබන්නට නොමැරී බේරුණි.

මේ සිදුවීම නිසා සංවේදී සිත් ඇති අය බලවත් සේ කම්පා වෙන්නට ඇති බවට කිසිදු සැකයක් නැත. ඒ අමානුෂික ලෙස මරා දමන ලද අසරණ තරුණිය පිළිබඳව පමණක් ඇතිවූ කම්පාවක් නොවේ. මිනීමරු තරුණයා ගේ ක්‍රියාවෙන් හෙළිදරව් වුණු ඔහු ගේ මානසික ව්‍යාධිය සහ එයට බොහෝවිට පසුබිම සැපයූ තත්කාලීන සමාජ වාතාවරණය පිළිබඳව ඇති වුණු හැඟීමද එලෙස කම්පා වෙන්නට හේතු වුවාට සැක නැත.

ඒ සිදුවීමෙන් දිනකට පමණ පසු මා විශ්ව විද්‍යාලයේ කොරිඩෝරයක් දිගේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරය දෙසට ඇවිදමින් සිටියමි. මා ඉදිරියට ආවේ වෙනත් පීඨයක කථිකාචාර්ය ධුරයක් දැරූ මෛත්‍රී වික්‍රමසිංහ ය.

"කැන් අයි ටෝක් ටු යූ ෆො එ මිනිට් ප්ලීස්?" ඇය ඇසුවාය.

"ඔෆ් කෝස්" මම ගමන නවතා නතර වුණෙමි.

"අයි ගෙස් යූ නෝ ඕල් එබවුට් ද ස්ටැබින් ඔෆ් දැට් ගර්ල් රීසන්ට්ලි. බට් ඩිඩ් යූ නෝටිස් දැට් දෙයා ඊස් හාඩ්ලි එනි බැනරස් ඕ ෆියුනරල් ඩෙකොරේෂන්ස් ඉන් ද කැම්පස්?"

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයට සම්බන්ධ මරණයක් සිදුවූ විට සරසවියේ විවිධ තැන්වල ඒ පිළිබඳ සංවේගය පළ කෙරෙන බැනර් ප්‍රදර්ශනය කිරීමත්, සරසවියට පිවිසෙන මාර්ගය සහ අනෙකුත් මාර්ග දෙපස සුදු කොඩිවලින් සැරසීමත් සිදුවේ. ඊට ටික කලකට පෙර පළමු වසරේ ශිෂ්‍ය භික්‍ෂුවක් ආපසු පන්සලට ගොස් සිටි අවස්ථාවක දිවි නසාගත් පසු මුලු සරසවි බිම ම සිල්ගත්තා සේ සුදු කොඩි වෙැල් සහ බැනර්වලින් පිරී ගොස් තිබුණු බව මට සිහිවේ. මේ සිසුවිය ගේ කනගාටුදායක මරණයට පසු ඒ ආකාරයේ සැරසිලි නැති බව බව මට සිහිවූයේ මෛත්‍රී වික්‍රමසිංහ කීවායින් පසුවය.

"ඈස් වී හෑව් හර්ඩ් ද මැජෝරිටි ඔෆ් ද ස්ටුඩන්ට්ස් තින්ක් දැට් ෂී ඩිසර්ව්ස් ඩෙත් බිකෝස් ෂී චීටඩ් ඔන් හර් ලවර් ඇන්ඩ් මැරීඩ් සම්වන් එල්ස්." මෛත්‍රී වැඩි දුරටත් පැවසුවාය.

අද වන විට තත්වය වෙනස් වී නොමැතිනම්, විශ්ව විද්‍යාලවල කවදත් පවතින්නේ පුරුෂෝත්කර්ෂවාදී සමාජයකි. කොටින්ම පොදු සමාජයට වඩා වෙනසක් එහි කිසිසේත් ම නැත.

හොඳින් හිතා මතා සැලසුම්කර ක්‍රියාත්මක කර තිබූණද, මේ මිනීමැරුමට ආසන්නම හේතුව මිනීමරුවා ගේ දුබල වූ මානසික තත්වය යැයි සැලකීම යම් දුරකට සාධාරණ වේ. එසේ වෙතත්, පුරුෂෝතම අදහස්වලින් අන්ධ වූ පිරිස් මෙහිදී තරුණිය කළ චපල ක්‍රියාවට ඇයට නිසි දඬුවම ලැබී ඇති බවත්, අගේ මරණයට මෙන්ම, මිනීමරුවාට ලැබෙන්නට නියමිත දඬුවම ගැන ද සම්පූර්ණ වරද ඇය සතු බවත්, එනිසා එවැන්නියක ගේ මරණය වෙනුවෙන් ශෝක වීම නුසුදුසු බවටත් තර්කය කර එසේ ක්‍රියා කිරීමයි.

"වී ආ මේකින් එ ස්ටේට්මන්ට් කන්ඩෙමින් දිස් සිටුවේෂන්, වුඩ් යූ ලයික් ටු සයින් දැට් ප්ලීස්?" මෛත්‍රී මගෙන් විමසුවාය.

"ෂුවර්!" වහා පැවසු මම ඇය මා වෙත දිගු කළ ලිපිය උඩින් පල්ලෙන් කියවා බලා මගේ අත්සන එහි යෙදුවෙමි.

ඇගේ කටහඬ සහ ස්වරණය කෙසේ වෙතත් රුව නම් මා සිත ගත්තේ ය. ඊටත් වඩා මගේ සිත ගත්තේ මේ අවස්ථාවේ දී ඇය අනුගමනය කළ ඒ ක්‍රියා මාර්ගයයි.

ඒ 1992 මුල් කාලයේ ය. ඇගේ මිනි කූපරය පරදවා ජය ගත් මගේ නිසාන් මාර්ච් රථය මා මිළට ගත්තේ ඉන් වසරකට පමණ පසු කාලයක දී ය.

මෛත්‍රී වික්‍රමසිංහ පසු කලෙක ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය ලබා ඇත්තේ ස්ත්‍රීවාදී පර්යේෂණ විධික්‍රම පිළිබඳ සම්පාදිත නිබන්ධනයක් වෙනුවෙනි. මේ ආචාර්ය උපාධි නිබන්ධනය පසුව ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කර ඇති අතර අන්තර්ජාලය හරහා මිල දී ගැනීමට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මෛත්‍රී වික්‍රමසිංහ සමග වචනයක් හෝ කතා කර ඇත්තේ ඉහත කී දිනයේ දී පමණි. ඉන් වසර තුනකට පමණ පසුව 1995 දී ඇය තවත් වික්‍රමසිංහ කෙනෙක් සමගින් විවාහ වූ නිසා, සාමාන්‍යයෙන් වත්මන් කාන්තාවන් අනුගමනය කරණ පිළිවෙතට විරුද්ධව යමින් තම වාසගම වෙනස් කිරීමෙන් වැළකී සිටීමට ඇයට කිසිදු අපහසුවකින් තොරව හැකි විය.

මේ ලිපියේ මාත්‍යකාව සැරසූ අනිත් ප්‍රසිද්ධ නාමය වන වසන්ත ඔබේසේකරව මා දැක ඇත්තේ ද කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ දී ය. ඔහු ඒ දිනවල විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචර්යවරයෙකු ලෙස සේවය කළේ යැයි සිතමි.

(image: http://www.films.lk/salelu-warama-sinhala-film-1767.html)

54 comments:

  1. ඔය දඩයම චිත්‍රපටියේ රවින්ද්‍රගේ රගපෑම විශිෂ්ඨයි.ඔය කාලේ අපි ගොඩක් පොඩි එවුන් නිසා බොහොම මෑතකදී තමයි දඩයම බැළුවේ.මේ ලගදීත් කියවපු විචාරයක තිබුනා සිංහළ සිනමාවේ හොඳම දුශ්ඨයා රවීන්ද්‍ර කියලා.ඒ දඩයම රංගනයට.
    ඔය කැලනිය සිද්දිය ගැනනම් හරිහැටි මතකයක් නෑ.ඒත් ඔවැනි සිදුවීම් අඩුවක් නැතිව දකින්න ලැබුනා පහුගිය කාලය පුරාවටම.එවැනි සිදුවීමක් සිදුවූ විගස මුල් පිටු පුරවමින් පුවත්මවන ජනමාධ්‍ය එම උණුසුම පහව යනවිට නිශ්ෂබ්ධ වෙනවා.දඩුවම් ලබන එවනි චූදිතයන්ගේ දැන් සිතුවිළි,පසුතෑවීම් ආදිය ගැන මීට වඩා කතිකාවතක් අරඹන්න පුළුවන්නම් සමාජයේ අපරාධ මීට වඩා අඩුවෙන්නත් හේතුවක් වෙයි කියලයි මම හිතන්නේ.....

    ReplyDelete
    Replies
    1. රවීන්ද්‍ර කියන්නේ නම් පට්ට දුෂ්ඨයෙක් තමයි. ඒත් සිංහල සිනමාවේ හොඳම දුෂ්ඨයා ඩොමී ජයවර්ධන.

      Delete
    2. 1. විජය කුමාරණතුංග දුෂ්ඨයා වූ එකම වට්ටෝරු චිත්‍රපටය කුමක්ද?

      2. එම චිත්‍රපටයේ ඇති අනෙක් විශේෂත්වය කුමක්ද?

      Delete
    3. ජීවන් කුමාරතුංගත් දුෂ්ඨයාට තමයි හිටියේ මුලින්.

      පස්සේ පොරම මොකක් දෝ රජා චිත්‍රපටියක් නිෂ්පාදනය කරළා වීරයා වුණා! එහෙම කරන්ණ ඇත්තේ දේශපාලනයට එන්න හිතේ තිබුණු නිසා විය යුතුයි.

      Delete
    4. what about some details of Dorakada Marawa true story. Is it from Ambalangoda side.

      Delete
  2. කකා,

    මේ ඉංග්‍රීසියෙන් තියෙන දෙබස් ඉංගී‍්‍රසි වලින්ම දාන්න පුළුවන් නං. මේ තියෙන විදියට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කාකාට සිංහල ලියන්න පුළුවන් උනාට ඉංග්‍රීසි බැරුව ඇති බන්

      Delete
    2. @ Anonymous 29 May 2015 at 16:15
      මෙය ලියා ඇත්තේ ඒ සිංහල අකුරෙන් ඇති ඉංගිරිසි දෙබස් අතහැර කියවූවත් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට බව යළි කියවූවොත් ඔබට තේරේවි!

      Delete
    3. විජය කුමාරතුංග මරුවා සමග වාසේ චිත්‍රපටියේත්, දියමන්ති චිත්‍රපටියේත් දුෂ්ඨ චරිත තමයි නේද කළේ. හැබැයි, ඒවා ඔබ කියන ආකාරයේ දුෂ්ඨ චරිත නොවෙයි.

      ඇයි, කැඩපතක ඡායා? ඒක නම් ඇත්තටම දුෂ්ඨ චරිතයක්! අන්තිමේ දී ඇසිඩ් කනවා මූණ පුරා.

      Delete
    4. දියමන්ති හි විජය දුෂ්ටයෙකු නොවේ

      Delete
  3. පිචර් දෙකම ආයෙත් බලන්න හිතුනා.......
    අසුව දශකයේදී ඔය දඩයම පිචර් එක අපේ අයියා ගෙදරට හොරෙන් පාසැල් කට්කරලා බලලා... එත් අපේ මාමලා ඒ ගහපු පාර ඇත්තෙකක්ද කියලා සංවාදයක යේදීලා ඉන්න කොට අපේ අයිය්යට කටින් පැනලා ඒ පාරනම් සුවර් එකටම ඇත්තට ගහපු එකක් කියලා..... එකෙන් ස්කුල් කට්කරපු සින් එක මාට්ටු වෙච්ච එක අදටත් අපි රසකර කර මතක් කරනවා

    ReplyDelete
  4. අයි තින්ක් ෂී ගොට් අ පොසිටිව් අන්ඩර්ස්ටැන්ඩින්..

    ReplyDelete
  5. අයිසෙ මේ විශ්ව විද්‍යාලවල තවමත් ඔය කියන "ජ්‍යෙෂ්ඨ පොදු කාමර" කියන එව්වා තියෙනෙවද ?
    ඕව මහ යල්පැනගිය සංකල්ප ඕයි.
    අනික් රටවල ශිෂ්‍යයො ගුරුවරු එකට කැන්ටින්වල කනවා බොනවා.

    ReplyDelete
    Replies
    1. පල පකයා යන්න.

      Delete
    2. අයිසෙ මම ගෙඩියෙක් නෙවෙයි

      Delete
    3. /අනික් රටවල ශිෂ්‍යයො ගුරුවරු එකට කැන්ටින්වල කනවා බොනවා./

      ලංකාවෙ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් තමන්ගෙ ශිෂ්‍යාවක් සමඟ ලිංගික කටයුත්තක යෙදිලා ඇයට රුපියල් දෙදාහක් දුන්න කතාවක් ටැබූ ලියල තිබුණ මතකද?

      Delete
    4. මා ඕස්ටේ‍ර්ලියාවේ විශ්ව විද්‍යාල කිහිපයක ශිෂයෙකු ලෙසත්, දේශකයෙකු ලෙසත් සේවය කර තියෙනවා. ශිෂ්‍යයින් ගේ ආපන ශාලාවකින් අන් අයද කෑම ගත්තා වුවද, සේවය කරන අය කෑම ගන්නා වෙනම තැන් තිවෙන බවත්, ඒවාට සිසුන් ගේ පැමිණිමක් නැති බවත් තමයි මගේ අත්දැකීම.

      මා වැඩි වශයෙන් ශිෂ්‍ය පර්යේෂකයෙකු ලෙස සිටි මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් ගේ ආපන ශාලාවට මා ගොස් ඇත්තේ එක් දිනයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි මහාචාර්යවරයෙකුට මගේ පර්යේෂණය අඳීක්‍ෂණය කළ ආචාර්යවරයා දිවා ආහාරය සඳහා ආරාධන කළ අවස්ථාවේ දී යි. එහිදී මගේ සහ ඇමරිකන් මහැදුරා ගේ නම පොතේ ලියා අප ඇතුළත කැඳවා ගෙන ගියේ අමුත්තන් ලෙසයි.

      නමුත් විශ්ව වදද්‍යාලයේ තැනින් තැන ඇති ආපන ශාලවලින් කෑම ගැනීම ශිෂ්‍ය, සේවක දෙපිරිසම කළා!

      Delete
  6. "කැන් අයි ටෝක් ටු යූ ෆො එ මිනිට් ප්ලීස්?" ඇය ඇසුවාය.

    "ඔෆ් කෝස්" මම ගමන නවතා නතර වුණෙමි.

    කට් ග්ලාස් ..මක බාස් ..ඕ මයි ගෝඩ්..රාලොජිගේ කඩ්ඩ පුල් පොස්නේ සෝ ... සෝ.. දැට් ඉස් ග්‍රේට් පුල් .......ආවුස් අම්මා .

    ReplyDelete
  7. ඔය පාර රනිල් විකුම්සිංහ නඩු දානවා රසික මහත්තයට. දැන් පෝස්ට් දෙකකම එයා උන්නා... ඔය සිද්ධින් ඔක්කොම මුළු රටම කම්පා කල සිද්දීන්.

    ReplyDelete
    Replies
    1. විකුම්සිහ කියන්නෙ ඒ කාලෙ කෙසේ වෙතත් දැං නං ඇල්වතුර වගේ මනුස්සය. දැක්ක නේද ගෙඩිය කියලත් සද්ද නැතුව හිටි හැටි

      Delete
    2. දැන් මාතලනුත් ඒ වගේ නේද....?

      Delete
  8. රසික දැකල තියනවද කැලණිය විශ්වවිද්‍යාලයේ ඩ්‍රෙස් කෝඩ් සඳහා ගහල තියන පෝස්ටර්? මං දැක්කෙ අවු 7කට විතර ඉස්සර. ගෑණුන්ට නොගැලපෙන ඇඳුම් කියල තිබුනෙ. සෑහෙන්න දුක හිතුන ලංකාවෙ විශ්වවිද්‍යාලයක ආකල්ප ගැන

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කැළණියෙ විද්‍යා අංශයෙ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා දේශන වලදි කෙල්ලන්ට කිය කියා ගියා විජාතික ඩෙනිම් ඇඳුම ඇඳගෙන කැම්පස් ආවොත් චින්තන කොල්ලන්ට කියලා බ්ලේඩ් පාරවල් දෙනවා කියලා...

      Delete
  9. ජයලාල් ආනන්දගොඩ පදවලා තියෙන්නෙ ෆෝඩ් කොන්සල් මාර්ක් 1 එකක් ම ට මතක හැටියට. දඩයම චිත්‍රපටියෙ තියෙන්නෙ ෆෝඩ් කැප්‍ රි එකක්. නිශ්පාදකගෙ ගම අම්බලන්ගොඩ නිසා ගොඩක් දර්ශන එහෙදි අරගෙන තියෙනවා ධර්මාශෝක විද්‍යාලය ඇතුළුව. දොරකඩ මාරාව චිත්‍රපටයට පාදක වුන සිද්ධියට අදාළ දෙදෙනාම මම හොඳින් දන්නවා. ගර්ල්ගෙ ගමත් අම්බලන්ගොඩ.

    ReplyDelete
  10. දඩයම චිත්‍රපටය ඉතාම ආසාවෙන් බලපු චිත්‍රපටයක්. සිංහල සිනමාවේ අමතකනොවන දුෂ්ඨ චරිතයක් එහි ප්‍රධාන චරිතයක් වීම එයට හේතුවක් වෙන්න ඇති. ඊට අමතරව රසික මතු කරල තියෙන ඉතාම වැදගත් කාරණයක් දැනට කමෙන්ට් කරපු අයට මඟ හැරිලා තියෙනවා කියලයි හිතෙන්නෙ. ඒ මෛත්‍රී සහ රසික අතර ඇතිවූ දෙබසේ අන්තර්ගතය. (කොහොමත් අදහස් වලට වඩා පුද්ගල චරිත ගැන අවධානය යොමු කරන අය වැඩි නිසා ඔහොම වෙනවා). එතනදි කතාවෙන්නේ ඝාතනයට ලක් වූ තරුණිය පිළිබඳව අනෙක් අයගේ තිබුන සෘණාත්මක ආකල්පය ගැන. මේ සටහනෙන් ඉදිරිපත් වුන වැදගත්ම සහ සාකච්ඡාවට ලක් විය යුතු කරුණ එයයි.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට මාත් ඉතා අවිවේකී වුණා පසුගිය දින දෙකේදී මේ ගැන සංවාදයක් ඇති කර ගන්නට. පසුව තවත් ලියන්නම්!

      Delete
  11. ඒ කාලේ ෆෝර්ඩ් කැප්රි එකක් තිබුනේ ලොකු පෝසතකුට පමණයි. ඔය කතාවෙත් තියෙන්නේ රතුපාට ෆෝර්ඩ් කැප්රි එකක්.

    මට මතකයි අපි පාසල් ගිය කාලේ ඔය විල්පත්තු මිනීමැරුම පත්තරවල කියෙව්වා. ඇඩ්ලින් විතාරණගේ දරුවෙක් කියලා දැන් වයසට ගිහින් ඉන්න නිලියකටත් කතාවක් හැදුණා.

    දඩයම චිත්‍රපටියේ, ස්වර්ණා මල්ලවාරච්චි විසින්, රවීන්ද්‍ර රන්දෙනිය (ඇත්ත නම බොනිෆස් පෙරේරා) පදවන ෆෝර්ඩ් කැප්රි රථයේ වීදුරුව කඩන්නේ, ඇත්තටම කියලා, පත්තරවල තිබුණා. එහිදී, රවීන්ද්‍ර රන්දෙණියට, වීදුරු කැබලි වැදී, සීරීම් තුවාල ඇතිවූ බවත් කියා තිබුණා.

    දොරකඩ මාරාව මිනිස් සිත විග්‍රහ කරන හොඳ චිත්‍රපටියක්

    කැලණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි භාෂාව පිලිබඳ උපාධිය නිමකළ, මගේ සහෝදරයාගේ දියණිය කිව්වේ, මෛත්‍රී වික්‍රමසිංහ ඉතා හොඳ විශ්ව විද්‍යාල ආචාර්ය වරියක් බවත්, විෂයය දැණුමට වඩා බොහෝ දේ ඇගෙන් උගත් බවත් ය.

    ReplyDelete
  12. පුරුෂෝතම අදහස්වලින් අන්ධ වූ පිරිස් මෙහිදී තරුණිය කළ චපල ක්‍රියාවට ඇයට නිසි දඬුවම ලැබී ඇති බවත්, අගේ මරණයට මෙන්ම, මිනීමරුවාට ලැබෙන්නට නියමිත දඬුවම ගැන ද සම්පූර්ණ වරද ඇය සතු බවත්, එනිසා එවැන්නියක ගේ මරණය වෙනුවෙන් ශෝක වීම නුසුදුසු බවටත් තර්කය කර..........ඉන්දියාවේ නිර්භයා දූෂණය කොට මරා දැමූ විට සමහරු ඇසුවේ ඇයි රාත්‍රියේ ගමන් ගියේ කියලා

    ReplyDelete
    Replies
    1. නිර්භයා කියන නම ඉන්දියානු මාධ්‍යවේදීන් විසින් හදාගත් නමක්. ඇයගේ ගෞරවය ආරක්ෂා වීම සදහා. කවුරුවත් පොර වෙන්න හිතාගෙන නියම නම එළිදරව් කළේ නෑ.

      Delete
  13. මෛත්‍රී වික්‍රමසිංහ තමන්ගෙ ක්ෂේත්‍රෙය් ගොඩක් ඇක්ටිව් අධ්‍යාපනඥවරියක්. ඇය නිතරම පර්යේෂණ සිදුකරමින් ඒවා ප්‍රකාශයට පත්කරන නිසා මතු පරපුරට ප්‍රෙයා්ජන ගන්න පුළුවන්. අද ගොඩක් ආචාර්යලා නිකකං පඩි ගන්නවා විතරයිනෙ

    ReplyDelete
  14. දඩයම චිත්‍රපටය සම්බන්ධයෙන් නඩුපැවරුවේ,ඇඩ්ලින් විතාරන නඩුව විභාග කල විනිසුරු ඒ.සී.අලස් මහතායි."විල්පත්තු ඛේදවාචකය" නමින්, ඔහු ලියු පොත(මුල් කෘතිය ඉන්ග්‍රිසියෙන් ලියා පසුව සින්හලට පරිවර්ථනය කල )ඇසුරින් දඩයම චිත්‍රපටය නිර්මානය කලායයි නඩු නිමිත්තයි. ඒ.සී.අලස් මහතා 71 කැරැල්ල ප්‍රධාන නඩුවේද විනුසුරුවෙක් වුනා,ඔහු ඒ ඇසුරින්ද ඔහු පොතක් ලියා පලකලා.එය බොහෝ සෙයින් මද්යස්ත පොතක්. ජයලාල් ආනන්දගොඩගේ වාහනය ෆියට් එකක් ලෙසයි මට මතක.(රන්ජන්-ඩුසල්ඩොර්ෆ්)

    ReplyDelete
    Replies
    1. ඒ. සී. අලස් මහතාගේ පොතේ සඳහන් වන්නේ ආනන්දගොඩ විසින් ඇඩ්ලින් විතාරණ යට කෙරුණේ ෆියට් 1100 මෝටර් රථයකට බව යි.

      Delete
    2. මොනාද ලොක්කා වීඩියෝ දාගෙන රෙන්නේ. මෙන්න ෆියට් 1100

      Delete
  15. දඬයම නම් දෙපාරක් වගේ බලලා තියෙනවා කියලා මතකයි.. සලෙලු වරම ගැනනම් ඒ හැටි මතකයක් නෑ..

    දැන් මේ එක දිගට මෛත්‍රී වික්‍රමසිංග ගැන ලියන්න ගිහින් රසික අයියට නඩු වැටෙයිද දන්නේ නෑ..

    ReplyDelete
  16. හොඳ කතාව. රසික දඩයම චිත්‍රපටිය ගැන විචාරයක් ලියල තිබෙනවද? මටත් ආයිත් බලන්න හිතුන.

    ReplyDelete
  17. Very true....sri lankan universities still have that male chauvnism just the same..I wish as a millennium batch girl I had the courage to talk about it at that time..but I was too scared

    ReplyDelete
  18. මෛත්‍රී නෝනා ගැන ආඩලයක් ඇතිවුනා මේක කියෝලා.. :) හැබැයි ඉතින් ආසාවටවත් වචනයක් දෙකක් කතා කරගන්න පුළුවන් වෙයිද දන්නෑ කඩ්ඩෙන් කොටන්න ගත්තම.. රසිකනම් මුළු ගේමම වචන තුනෙන් ගොඩ දාගෙන Of Course! Sure! කියලා..

    ආසයි අෆ්ෆ ටීවී එහෙකවත් දකින්න අපේ අගමැති ආර්යාවව.. ඒත් පිරුණු කලේ දිය සෙලවෙන්නේ නැතිලු නේද?

    ReplyDelete
  19. මෛත්‍රී නෝනලා,ජයන්ති නෝනලා දන්නේ නැතුවට රටේ ප්‍රධාන පුරවැසියන්ගේ භර්යාවන් හැසිරෙන හැටි අපේ ශිරන්ති හිටපු ආර්යාවගෙන් අසාඋගෙන ගත යුතුයයි මම යෝජනා කරමි.:D

    ඔය ජාති,ආගම්,කුල මල විදියට බෙදෙනවා වගේ සාටර් වැඩක් තමයි ස්ත්‍රී,පුරුෂ විදියට බෙදෙන එකත්.

    ReplyDelete
  20. අර උඩ ඉංග්‍රීසි දෙබසින් ලස්සන කතාවක් හැදුව හැකිනේ...:P

    ReplyDelete
  21. කතාව ඇත්ත.එයාල නඩුව අහලා තීන්දුවත් දීලා.ඒත් මොන දේ උනත් මිනී මැරීම අනුමත කරන්න බෑ.මේ සිද්ධියට කළු කොඩි දැම්මනම් හරියටම ගැලපෙයි.

    ReplyDelete
  22. විශ්ව විද්‍යාල වල ඇති පුරුෂෝත්තමවාදය ගැන මගේ කිසි විසංවාදයක් නැහැ. එයට අමතරව මෙතෙන්දී කොඩිවැල් නොවැටෙන්නට තවත් හේතුවක් මම දකිනවා. මරණය මිනීමැරුමක්නම් මේ සුදු කොඩිවලින් විරෝධාකල්පයකුත් මතු වෙන එක වලක්වන්න බෑ. මිනීමරුවා පවතින රජය නම් මේ විරෝධාකල්ප 'පොදු ශිෂ්‍යයාගේ' හෘද සාක්ෂිය සමඟ හරියටම සම්පාත වෙනවා. සියදිවි නසාගැනීමකදී වුනත් (හේතුව රැග් එක ලෙස මතයක් සමාජගත වී නැත්නම්) ලේසියෙන්ම මිනීමැරුම සමාජ ක්‍රමය මත (වක්‍ර ලෙස පවතින රජය, නැත්නම් 'පොදු සතුරා' වෙත) යොමු කර 'සතුටක්' ලබාගන්න බැරිකමක් නැහැ. ඒත් මෙතෙන්දී මිනීමරුවා 'අපේ එකෙක්'. ඉතිං කොඩි දාලා ගෙදර ගිණි පිටට දෙන්ඩ ඕනෑද? (මිනීමරුවා අපේ එකෙක් වෙන පොදු සාධකය ඇතුලේ පුරුෂෝත්තමවාදය තියෙනවා තමයි. හැබැයි ඒක විතරක්මත් නෙමෙයි.)

    ReplyDelete
    Replies
    1. සුදු කොඩි වලින් විරෝධාකල්පයකුත් මතු වෙනවද? හත් ඉලව්වයි.

      Delete
  23. දඩයම අති සාර්ථක නිර්මාණයක්. සමහර සංවේදී සිත් ඇති අය මේ චිත්‍රපටය නරඹලා සිනමා ශාලාවෙන් එළියට ආවෙ තෝන්තුවෙන් වගේ. රවීන්ද්‍ර සහ ස්වර්ණාගේ රඟපෑම් වල තාත්වික බව ඒකට එක හේතුවක් වුනා. මට මතකයි රවීන්ද්‍ර කාර් එක රේස් කරල ගානට ක්ලච් එක දෙන හැටි අපූරුවට කැමරාගත කරල තිබුන. ස්වර්ණගෙ ඇඟ උඩින් ටයර් එක යන බව ඇඟවුනේ කාර් එක ඇතුළෙ දර්ශනයකින්. කැමරාකරණයත් ශබ්ද පරිපාලනයත් විශිෂ්ටයි.

    අපේ සමාජයේ පවතින පුරුෂෝත්කර්ෂවාදී ස්වභාවයට ස්ත්‍රීන් බහුතරයක්ද වගකිව යුතු බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
  24. රසික කැලණිය විශ්ව විද්‍යාලේ ඉගැන්වුවද? මට අත්දැකීමක් තිබෙනවා කොළඹ විශ්ව විද්‍යාලේ හිටපු එක මහාචාර්ය කෙනෙක් ගැන. ඔහු ගැහැණු ළමුන්ට ලකුණු දීල පාස් කරපු විධිහ ඔහු මට විස්තර කලේ කිසිම හිරිකිතයක් නැතුව. මට ඇත්තටම හිතා ගන්න බැරුව ගිය මේකා බොරු කියනවද ඇත්ත කියනවද කියල. (කාමරවලට එන්න කියපුව. එක එක ලිංගික ක්‍රියාව අනුව ලකුණු අඩු වැඩි කරපු හැටි). ඔහු ලංකාවේ ආචාර්ය උපාධි දෙන විධි ගැනත් අමුතු කතා ටිකක් කිව. මේවා ඇත්තද බොරුද දන්නේ නැහැ. නමුත් මගේ ජනමාධ්‍යවේදී මිතුරෙක් ලඟදි කිව්වා අර ලකුණු දුන් විධි ගැන කතා සමහරක් ඇත්ත කියල.

    ReplyDelete
  25. මුලින් කතා කරලා , පස්සේ කාර් රේස් ගිහිල්ලා , තව පොඩ්ඩෙන් .... රනිල් අහු වුනා හොඳ වෙලාවට ..නැත්නම් රසික අමාරුවේ ...

    ReplyDelete
  26. දඩයම යනු වසන්ත ඔබේසේකර නිර්මාණය කළ විශිෂ්ටතම චිත්‍රපටය වගේම සිංහල සිනමාවේත් නොමැකෙමන මං සලකුනක්.
    වසන්තට දඩයම අබිබවා යන්නට නොහැකි වූ බව මගේ පිළිගැනීමයි.
    කලකට පසු දඩයම සිහිපත් කරන්නට ලැබීම ආශ්වාදජනකයි.

    ReplyDelete
  27. දඩයම යනු වසන්ත ඔබේසේකර නිර්මාණය කළ විශිෂ්ටතම චිත්‍රපටය වගේම සිංහල සිනමාවේත් නොමැකෙමන මං සලකුනක්.
    වසන්තට දඩයම අබිබවා යන්නට නොහැකි වූ බව මගේ පිළිගැනීමයි.
    කලකට පසු දඩයම සිහිපත් කරන්නට ලැබීම ආශ්වාදජනකයි.

    ReplyDelete
  28. බලය තියෙන කට්ටිය නේ සමූහ මතය ගැන තීරණ ගන්නේ. ඒකට පිටින් යන්න ගොඩක් අය බයයි/හෝ යන්න පුළුවන් කියල දන්නේ නෑ

    දඩයම බලල නෑ දොරකඩ මාරාව නම් බැලුවා - ඒකෙ රඟපෑව නිළිය අපේ ගම පළාතේ.

    ReplyDelete
  29. මේ කමෙන්ට් එක පබ්ලිෂ් නොකර ඉන්නවනම් මම කැමතියි. මීට අවුරුදු දෙකකට විතර ඉහතදී Women & Media Management කියන රාජ්‍ය නොවන සංවිධානය සුනිලා අබේසේකර මහත්මියගේ අනුස්මරණ වැඩසටහනක් කළා. ඒකේදි මෛත්‍රී එක්ක කතා බහ කරන්නත් ඉන් පසුව සති තුනක් විතර ඇයගේ research එකකට සම්බන්ධ වෙලා වැඩ කරන්නත් මට අවස්ථාව ලැබුනා. අර කියපු රිසර්ච් එකට වැඩ කරන අතර ඇය අැත්තටම ඔබ කියූ මේ මිනීමැරුම ගැනත් එ්කෙන් පෙන්නුම් කළ ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබෙන පුරුෂොත්තම ආකල්ප ගැනත් ලොකු විස්තරයක් ඇය කරා. ඔබේ මේ ලිපියට ලැබුණු කමෙන්ට් අතර ඒ කාරණය ගැන සංවාදයක් ඇතිව නොතිබීමත් මට හිතෙන්නේ අපේ ආකල්පවලම පිළිඹිඹුවක්. මම සෑහෙන්න විශ්වාස කරනවා මෛත්‍රී feminism සම්බන්ධයෙන් අපිට ඉන්න අංක එකේ විද්වතෙක් කියලා. ඔබ කැලණියේ ආචාර්යවරයෙක් විදියට කටයුතු කරා කියලා මං දැනං හිටියේ නෑ. පසු කාලෙක මම නිතර නිතර ඔය විශ්වවිදයාලේ කන්ද නැග්ගා.

    ReplyDelete
  30. ෆෝඩ් කැප්රි රථය ජනප්‍රිය වන්නේ 1970 දශකයේ ලොව පුරා ජනප්‍රිය වූ රොජර් මූවර් රඟන ඩයමන්ඩ්ස් ආ ෆෝරෙවර් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ එම වාහනය භාවිතා කිරීම නිසා කියලයි මම අහල තියෙන්නේ
    මෛත්‍රීගේ සරසවියේ ම වුනත් ‍හාත්පසින් වෙනත් පීඪයක නිසා ඇගෙන උගැනීමට අවස්ථාව ලැබී නැහැ - එහෙත් ඇගෙන් උගත් මගේ මිතුරියක නම් වරක් ඇය ගැන තරමක අප්‍රසාදයෙන් කතා කළා elitist වගේ ආකල්ප ගැන - හැබැයි ඕක සාමාන්‍යයෙන් ඇය ගැන අනෙක් ශිෂ්‍යයන් දරන ආකල්පය දැයි මම දන්නෙ නැහැ

    ReplyDelete
  31. හොඳ මතකයක් ..

    ReplyDelete
  32. සිනමාවේ හොඳම දුෂ්ඨයා ඩොමී ජයවර්ධන.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.