Thursday, 11 June 2026

ප්‍රාථමික පාසලේ මගේ ගුරුවරියන් My teachers: Grades 1 to 5


දිමූ නම් රංගන කුසලතා පිරි තරුණ කාන්තාවක විසින් ෆේස්බුක් අවකාශයට මුදාහැර ඇති මේ අප්පුරු උපහාසාත්මක වීඩියෝව මෙහි පළ කරන්නට සිතුණේ එය නැරඹීමෙන් පසු ප්‍රාථමික පාසලේ මගේ ගුරුවරියන් ගැන සිහිවුණු නිසයි.

ඒ කිසිම අයෙකු මේ වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ගුරුවරියන් නොව ඉතා හොඳින් තම රාජකාරිය කළ තැනැත්තියන් බව සඳහන් කරන්නේ ඉතා සෙනෙහසින්.

අපේ කාලයේ පාසල් අධ්‍යාපනය ආරම්භ වන්නේ පළමුවෙනි ශ්‍රේණියෙන්. මම කොළඹ උතුර කොස්සින්න ශ්‍රී ශ්‍රීලානන්ද විද්‍යාලයේ අවුරුදු පහක් ගත කළා.

මේ ඒ අවුරුදු පහක් තුළ මා සිටි පන්තිය භාරව සිටි ගුරුවරියන් පස්දෙනා.

පළමුවෙනි ශ්‍රේණිය: ප්‍රඥාවතී ටීචර්

දෙවැනි ශ්‍රේණිය: සීලවතී ටීචර්

තුන්වෙනි ශ්‍රේණිය: හේමවතී ටීචර්

හතරවෙනි ශ්‍රේණිය: රූපසිංහ ටීචර්

පස්වෙනි ශ්‍රේණිය: බමුණුසිංහ ටීචර්

මේ සඳහන් කර ඇත්තේ අප ඔවුන්ව ඇමතූ ආකාරයයි. මුලින් සඳහන් නැතිනම් තුන ඔවුන්ගේ මුල් නම් වුනත් අවසාන නම් දෙක දෙක ඒ ගුරුවරියන්ගේ වාසගම්.

බමුණුසිංහ කියන්නේ පස්වෙනි ශ්‍රේණියේ ගුරුවරියගේ විවාහයට පෙර වාසගම විය යුතුයි. කෙසේ වෙතත් අප කිසිවකු ඇයගේ මුල් නම දැන සිටියේ නැහැ. රූපසිංහ ටීචර් ගේ නම් නමට මුලින් මැ. පෙ. යන මුල කුරු දෙක තිබුණා.

ප්‍රඥාවතී ටීචර්ගේ ගම මං හිතන්නේ ගොඩකවෙල ප්‍රදේශය. ඇය රණවක වාසගම ඇති වෙනවා ගුරුවරයෙකු සමඟ විවාහ වීමෙන් පසුයි ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචියට ඇවිත් තිබුණේ. මේ කාලය වන විට ඇය වැන්දඹුවක්. ඇගේ දරුවන් දෙදෙනාගෙන් දෙදෙනෙකු මා හොඳින් දන්නවා. දිගු කලකට පසු 2022 නොවැම්බරයේදී ගේ අම්මාගේ අවමංගල්‍යය නිසා හමුවුණා.

සීලවතී ටීචර්ගේ වාසගම විතානගේ. ඇය මේ පාසල පිහිටි ප්‍රදේශයේමයි. මගේ තාත්තාගේ අම්මාගේ පැත්තෙන් ඥාති සම්බන්ධයකුත් සොයා ගත හැකියි.

හේමවතී ටීචර් පදිංචිව සිටියේ අපේ ගමේ පරකන්දෙනියේ. ඇගේ විවාහක වාසගම නම් අබේවීර. ඇගේ දියණියක් ද අපේ පන්තියේම ඉගෙනුම ලැබුවා.

මේ ගුරුවරියන් පන්ති කාමරේදී මෙලෙස හඩ පාලි කියමින් කාලය නාස්ති කළේ නැහැ. තම රාජකාරිය ඔවුන්ගේ උපරිමයෙන් ඉටු කළා.

ඔවුන් ගැන සිහි කරන විට මා සංවේදී වන්නේත්, මෙලෙස ඒ අතීතය පිළිබඳ මතකය voice type කරමින් අද මට සතුටින් කාලය ගත කරන්නට ඉඩ ලැබී තිබෙන්නේත් එදා ඒ ජීවිතයට ලැබුණු අධ්‍යාපනික පදනම නිසායි.



- රසික සූරියආරච්චි

(image: google street view)