Wednesday, 27 January 2016

හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් කුළුණුහ් ශුඩු ශඬලුහ් ථලා පිශ මේ එණ්ණේහ් - Oh, what a feeling


මැයි දිනය යනු ලංකාවේ දේශපාලන පක්‍ෂවලට තම බලය පෙන්වීමට ඇති අගනා අවස්ථාවකි. තම පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට පාක්‍ෂිකයෝ මැයි පෙළපාලිවලට සහ රැළිවලට ඉතා උනන්දුවෙන් සහභාගී වෙති. නමුත්, ආණ්ඩු පක්‍ෂය වූ පසු මේ උනන්දුව කෙමෙන් නැතිවේ. ඉන් පසු රජයෙන් සපයන බස් ද, බත් මුල් ද, අරක්කු බාගේ බෝතල් ද, කැප් තොප්පි ද, ටී ෂර්ට් ද, අතට මුදල් ද මේ සඳහා උවමනා වේ.

හැත්තෑවේ දශකයේ අවසානයේ දී එවකට පැවති යූඇම්පී රජය තම මැයි දින රැළියට ජනතාව ගෙන්වා ගැනීම සඳහා ඇරඹූ එක් උපක්‍රමික වැඩසටහනක් වූයේ මැයි දින රැළිය සංගීත සංදර්ශනයක් බවට පෙරළීම සහ ඒ සඳහා විශේෂයෙන් ම ඉන්දියාවෙන් ගායකයින් ගෙන්වීමයි.

වරක් මේ ආකාරයට ලංකාවට පැමිණ, ගාලු මුවදොර පිටියේ පැවති යූඇම්පී මැයි රැළියට සහභාගී වූ, අද මට නම අමතක, ඉන්දියානු ගායකයෙකු විසින් සුනිල් ශාන්ත ගේ "ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා" ගීතය ඉන්දියානු ආරකට, විදේශීය කටහඬකින් ගායනා කරන ලදී.

ඒ වසරේම හෝ ඊට පසු වසරක, දයාරත්න රණතුංග ගේ "ජය සිරි මා බෝධී" නම් ගීතයද මෙලෙස ඉන්දියානූ ඌරූවෙන් ගායනා කරන්නට යෙදුණි.

පටිගත කරනු ලැබූ මේ ගායනා ඉන්පසු ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් නිරතුරු ප්‍රචාරය වූ අතර, ඉන් පසු අපේ කටින් මේ ගීත ගැයෙන්නට පටන් ගත්තේ ද ඒ අලුත් තාලය සහ සිංහල බේ උච්චාරණයෙනි!

මට ඒ සිදුවීම් සිහිවූයේ වත්පොතෙන් විස්තර ලැබ, යු ටියුබය හරහා නැරඹූ භාෂී මධුභාෂීනී නම් කාන්තාවක විසින් නැවත ගායනා කරන ලද හන්තාන අඩවියේ නම් ගීතය නිසාය.

ඇත්තටම ඒ ගීතය ඇගේ මුවින් පිටවුණේ එදා සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගැයූ ආකාරයට:
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ කුසුම වදුලු තුරු සිරස නමා ගෙන මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
කියා නොව
හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
හැන්ථාන ඇඩවියේහ් ඛුශුමහ් වඩුළු ථුරුහ් ශිරශ නමාහ් ඝෙණ මේ එණ්ණෙහ්් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
කියා ය.



රංගනය සහ ඉදිරිපත් කිරීමේ විලාසය කෙසේ වුවත්, ඈ ඒ ගිතය උච්චාරණය කළ ආකාරය නම් මගේ බඩේ දැඟලිල්ලක් සහ ඔක්කාරයක් ඇති කළේය.

භාෂී මධුභාෂීණී විසින් හන්තාන අඩවියේ නම් ගීතය භක්‍ෂණය කළ බව පෙනුණි!

ඇගේ ඒ උච්චාරණය එදා ඉන්දියානු ගායකයා සිංහල ගීතයක් ගයද්දී ඇති වූ ආකාරයේ එකක් නොවේ. එසේම, එය පිටරටක ඉපිද හැදී වැඩෙන දරුවෙකු තම සිංහල දෙමව්පියන් සමග කතා බහෙන් ඉගෙන ගන්නා සිංහල උච්චාරණයක් වැන්නක් බවද මට නොපෙනේ. මට නම් හිතෙන්නේ ම එය උවමනාවෙන්ම ආරූඪ කරගත් උච්චාරණයක් බවයි.

භාෂී මධුභාෂීනී මේ රියැලිටි ගායනා තරගකාරිය විසින් මීට පෙර වැඩසටහනක දී ගයා වත්පොත සහ යූ ටියුබය හරහා මා නැරඹූ සොයා දියව් යන ගීතය ශ්‍රවණය කිරීමේ දී මට ලැබුණේ මේ ආකාරයේ අනේ අපොයි අත්දැකීමක් නොවේ.

ඇය ගේ ගායනා විලාසය සහ රංගනය ගැන මට එදා ඇතිවූයේ කැමැත්තකි. මේ දෙවෙනි ගීතය සම්බන්ධයෙන්ද, රංගනය සහ ගීතය ඉදිරිපත් කළ ආකාරය මට ගෙන දුන්නේ ආස්වාදයකි. එහි යම් කිසි ලිංගික ආකර්ෂණයක් ගැබ් වී ඇතැයි පැවසීම බොරුවක් නොවේ.

මට ඇය ගේ ගායනය ගැන පරම්පරා ගැටුමක් හෝ රස වින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නැත.

නමුත්, හන්තාන අඩවියේ ගීතය හැන්ථාන ඇඩවියේහ් කිරීම ගැන නම් ඇත්තේ සංවේගයකි, සන්තාපයකි, පිළිකුලකි, කෝපයකි.

මේ පිළිබඳ මා තැබූ වත්පොත් සටහනට ප්‍රතිචාරයක් දක්වන ඉන්දික උපශාන්ත කියා තිබුණේ ශාෂී මධුභාෂිණී යන නම සහ ඇගේ ගායනය ඔහුට පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා නම් ගීතය සිහිවෙන බවයි.

චානුක වත්තේගමට අනුව මේ ගායනය ගැන මට ඇතිවූ සංවේගය, සන්තාපය, පිළිකුල සහ කෝපයට හේතුව හන්තානේ අඩවියේ ගීතය ගැන ඇති මගේ පේරාදෙණිය පිළිබඳ අතීතකාමී ෆැන්ටසියකි.

මට පේරාදෙණිය ගැන ඇතිනම් ඇත්තේ ෆැන්ටසියක් නොව රියැලිටියක් බව මම ඔහුට පිළිතුරු ලෙස ලීවෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ගීතය ඔබ අසා ඇතිනම් කරුණාකර ඒ ගැන හැකි පරිදි අදහස් දක්වන්න.

ප/ප/ලි:
මට කියා ගත නොහැකිව හිතේ තෙරපුණු දේ Buratheno ගේ කමෙන්ටුව නිසා වචනයට නගා ගත හැකි වුණා.

මේ ගායනයේ වරද ගායිකාව ගේ හෝ ඇගේ ගායන විලාසයේ හෝ නොවෙයි. මේ විලාසය ඒ ගීතයේ අදහසට නොගැලපීමයි. සොයා දියව් නම් ගීතයට ගැලපුනත් හන්තාන අඩවියේ ගීතය වැනි දුක්බර ගීතයකට එය ගැලපෙන්නේ නෑ.

භාෂී මධුභාෂීණි මේ ආකාරයෙන් ගායනා කළ යුත්තේ නන්දා මාලනී ගේ "මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු" වැනි ගීතයි.

ප/ප/ප/ලි:
මෙයත් කියවන්න.

යුගයේ ගායිකා භාෂී මධුභාෂිණීට අපූරුවට ගැලපෙන ගී පද වැලක් ලියූවෙමි - This is the least I can do for Bhashi Madhubhashini
http://rasikalogy.blogspot.com/2016/01/this-is-least-i-can-do-for-bhashi.html


(image: https://www.youtube.com/)

160 comments:

  1. මට නම් එහෙම ඇහෙන්නේ නෑ...

    නව පරපුර මෙහෙම සින්දු කියන එකම සතුටක්...

    ReplyDelete
    Replies
    1. මගේත් ලොකු මෙ ලාකු අවුලක් නම් නැත.

      පීඇල්ඒ සහ චිත්‍රා සෝමපාලගේ ගේ සින්දු ඔවුන් දෙදෙනාගේ පුතා චිත්‍රාල් කියනවාත් රස විඳ ඇත්තෙමි.

      නමුත් මේ සින්දුවට අනවශ්‍ය අකුරු එකතු කර, බර ඇක්සන්ට් එකක් දැමීම ගැන නම් මට සතුටු විය නොහැකියි!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. හුකා... ඇත්තෙයි...?

      Delete
    4. මෙහි පළවී තිබුණු එක් නිර්නාමික ප්‍රතිචාරයක් කපා හරින ලදී.

      Delete
    5. වරද මෙතැනයි.... බටහිර ආරෙට මේ ගිය ගැයීම. ගායිකාව දක්ෂයි . ඒත් එයාගේ ශෛලියට මේ ගීතය ගැලපෙන්නේ නැති එක.

      Delete
    6. නන්දක්කාගේ සිංදුව ඔළුවෙ තියාගත්‍තම නේද මේ අවුල. වෙනම රසවිඳින්න. නන්දක්ක ඇගේ ගීතය ගායනා කරන ආකාරයට තව කෙනෙක් ගැයුවොත් ඩුප්ලිකේට් වෙනවා. මෙච්චර කාලයක් සිද්ධ වුණේ ඒක.

      Delete
    7. වෙනම රස වින්දත් හහොඳ නැහැ කියල මම හිතන්නේ. මම රැප් සින්දු හුඟක් අහන කෙනෙක්. ඉංග්‍රීසි ඒවා හෙම. සිංහල සින්දු ඉංග්‍රීසි විධිහටම කියන්න ඕනේ නැහැ . මේ ගායිකාව ගේ කටහඬ ඉතා හොඳයි. ඇයට තමන් ගේ අනන්‍යතාවයක් තමන්ගේ සින්දු වලින් ගොඩ නගා ගැන පුළුවන් කෙනෙක්.

      Delete
    8. මගේ අවුල උච්ඡාරණය සහ තරමක සාතිශය දනවන ගීයක් වලියට බර කිරීම ගැනයි!

      Delete
    9. ගොං මාතෝ විදේශීය සංගීතයට ගායනා කරන එකයි, සිංහල කියවන්න බැරි එකයි දෙකක් හරකෝ. බලපංකෝ භාතිය සංතුෂ් කියන ලස්සන. නිමල් මෙන්ඩිස් ගේ සින්දු බලහල්ලකො.

      Delete
    10. ගොං මිතුරේ.... ඉන්ගිරිසි සින්දුවක් තියෙනවා "ආම් ලිවින් ඉන් අ බොක්ස්" කියලා ඒක අහන්න..

      Delete
    11. වෙන මොනව නැතත් කොළඹ ගමය රැප් අහනවා කියලා දැනගැනීමට ලැබුණ එක සතුටක්!! 
      මම රැප් පිස්සෙක්

      Delete
    12. මන් කැමතියි නන්දා මාලිනීව මුහුදින් එතෙර කළා කියා හිතුනා

      Delete
    13. උඩුවා මම හිතන්නේ 90 දශකයේ ආපු ටෙක්නෝ වලින් රැප් කිරිල්ල ලාවට පටන් ගත්ත කියල. මම කැමතිම ටෙක්නෝ ගෘප් එකක් තමා ඕමෙන්. මේකේ රැප් එක බලන්න. 1994
      https://www.youtube.com/watch?v=mR_uzFbY3q0

      https://www.youtube.com/watch?v=RlGhUGaizLA&list=PLgp4BxJGN6HaGvv9YH0fNdy-fAsUU982b

      Delete
    14. සොරි ඕමෙන් කියපු මැජික් එෆෙයාර්ස්. දැන් තමයි කැසට් එක හොයා ගත්තේ අස්සක තිබිල.
      https://www.youtube.com/watch?v=eMgT6bsajd4

      Delete
    15. පදවැලකට වගේම එයින් කියවෙන අරුතටත් ගැලපෙන තනුවක්,කවියකටනම් විරිතක් තිබිය යුතුයි..එසේ නොවුවිට එය නීරස මෙන්ම, කිසිම හැන්ගීමක් අසන්නා තුල ජනිත නොවේ...එයින්, සිංහල ගීතයට හානියක් මිස වෙන හොඳක් ගැනනම් බලාපොරොත්තු විය නොහැකිය.සම්ප්‍රදාය අභිබවා යාමේදී.වුවත් රැක ගත යුතු දේ රැක ගතයුතුය. මෙවැනි විකාර වලට අත්වැල් සපයන්නන් ගැන කනගාටු වෙමි.

      Delete
  2. එක හින්දි ගායකයෙක් වෙන්ඩුරවී වේළුයවී කියලා සිංදුවක් කිව්වා ( බලනකොට රණ්ඩු වෙවී යාළු වෙවී සිංදුව)

    ReplyDelete
    Replies
    1. විට්ටර් රත්නායකත් හින්දි සින්දු කියනවා නේද?
      ඒවා කොහෙමද දන්නේ නෑ උතුරු ඉන්දියන්කාරයින්ට ඇහෙන්නේ!

      Delete
  3. ඉතා අලංකාර විදිහට ඒ ගීතය භක්ෂණය කලාට අපි ඇයට තුති පුදමු...

    ඔක්කොටම හපන් 04:28 දී තනුජා ඉතාමක් කාමුක අයුරකින් ගායිකාව දෙස බලන් ඉන්න දසුන ඉතාමත් අනබිභාවනිය බවද කියා යුතුයි...
    සින්දුවටත් වඩා මගේ හිත ගත්තේ ඒක...

    රසික හොඳයි කියපු සිංදුව මම කලින් අහල තිබුනේ නැහැ, දැන් හොයාගෙන ඇහුවා...
    ඒ සිංදුව අගයන්න බැරි කමක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒ හරිය ලස්සනට එඩිට් කර තියෙනවා නේද? ඕවා හරියටම ඒ වෙලාවේ වෙන දේවල් නොවෙන්නත් ඉඩ තියෙනව. ලයිව් නොවෙයි නේද?

      එතැන හිටි තරුණ පිරිමියාත් හොඳ බැල්මක් දැම්මා!

      නමුත් උමාරියාව නම් පෙන්නුවේම නැති තරම්!

      Delete
    2. හම්මේ තනූජ නෝනෙ...
      හැක්... මට නම් දුකේ බෑ හිතුණ ඒ බලං ඉන්න බැලිල්ලට..
      සෑහෙම්න සැක්සි ලුක් එකක්..

      Delete
    3. @ මහේෂ්,
      සිරාවට මචං ඒ බලපු බැලිල්ලට මට මොකක්ද වගේ වෙච්ච නිසා සිංදුවෙ කැත රහ විඳ ගන්නත් බැරි උනා...
      මම හිතාගෙන ඉන්නේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහගෙන ෆොටෝ එක සේව් කරලා තියා ගන්න...

      Delete
    4. //මම හිතාගෙන ඉන්නේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහගෙන ෆොටෝ එක සේව් කරලා තියා ගන්න...//

      මට ගෙදර යන්න හිතුන බං ෂෝට්ලීව් දාල :D

      Delete
    5. ඇයි බං 1.31 ත් එහෙම බැල්මක්නේ තියෙන්නේ.

      Delete
    6. ඒක අර තරම්ම බොක්කට වැදුනේ නැහැ මනෝ...
      සිංදු ඇනෝ FB එකේ මම මේක සජ්ජගේ පෝස්ට් එකකට කියපු වෙලාවේ ඔය ෆොටෝ දෙක එකට හදල දාල තිබ්බා, එළ...

      Delete
    7. රසික කියන්න වගේ ලිංගික ආකර්ශනකුත් නැත්තෙම නෑ.ඉතිං මොකද...එහෙම නැත්නං නෙ අවුල. චන්ද්‍රිකා නෝනා 94 ඇවිත් ඡන්දෙ ඉල්ලද්දිත් ගොඩක් අය නොදැනුවත්වම කතිරෙ ගැහුවෙ ඔය ආකර්ශනට තමයි.

      Delete
    8. චන්ද්‍රිකාට විතරද? ඇයි පබා, අනර්කලී, ගීතා?

      Delete
    9. චන්ද්‍රිකාට ලිංගික ආකර්ෂණය...?
      බුදු අම්මෝ, මට වෙඩි තියල මරල දාපියව්...

      Delete
    10. @ ලොකු පුතා
      මේ කියන්නේ 1993 සිටි චන්ද්‍රිකා ගැනයි.

      Delete
    11. අඩ්ඩේ මටත් ඉස්සෙල්ලම පෙනුනේ ඒ ලුක් එක ඈ! හැබැයි ඉතින් භාශිගේ අහවල් දෙයක් ගැන එහෙම ෆීල් වුණාද මන්දා අප්පා...!

      ලොකු පුතා:
      //චන්ද්‍රිකාට ලිංගික ආකර්ෂණය...?
      බුදු අම්මෝ, මට වෙඩි තියල මරල දාපියව්...// අඩෝ පට්ටයි! +++++++++++++++++++

      Delete
  4. නැවත ඇසුවෙමි..... නැවතත් ඇසුවෙමි...... අෑ ර අකුර උච්චාරනය කරන අයුරේ හැර වෙනත් වෙනසත් නොදුටුවෙමි.
    ඔබට අතිවු සංවෙිගයට හේතුව එම ගායනය, නොදැනුවත්ව හෝ ඔබ තුළ ඇති කර ගෙන ඇති ආකෘතියට පරිබාහිර වීම හා පරස්පර වීම නිසා ඇති වූවක් විය හැක.

    ReplyDelete
    Replies
    1. මා ලියා ඇති විදිහ අතිශයෝක්තියක් තමයි, නමුත් අනවශ්‍ය ඇක්සන්ට් එකක් බලෙන් දමා කීව බව නම් පෙනුනා!

      Delete
    2. අතිශයෝක්තියකින් ලීවේ ගීතයේ වචන උච්චාරණය කළ ආකාරයයි.

      Delete
  5. ඔන්නොහෙ කාපුදෙන් අප්ප.
    හැමෝම මොන මොනව කාල දාන එකේ ඒ ළමය හන්තානෙ කෑවහම මොකෝ

    ReplyDelete
    Replies
    1. අර උමාරියා හොඳ ලස්සන කියන්නේ හන්තාන සිහිනේ කියලා සින්දුවක් අමරදේව එක්ක.
      මං අද ඉඳලා ඒ සින්දුව දා ගන්නවා රිංටෝන් එකටවත්!

      Delete
    2. ඒකනම් නියම සින්දුවක්. දාගන්ඩ දාගන්ඩ.

      Delete
    3. රසිකවගේ ලිවීමේ පළපුරුදු කෙනෙක් යමෙකුගේ හැකියාව හෙළා දකින්න අතිශයෝක්තියෙන් ලියනවටත් වඩා ඒක පිළිගන්න එක ගැන මොනව කියන්නද මංදා. ඉංදික උඩින් කියල තියෙනව වගේ තමන් ඔළුවෙ හිරකරන් ඉන්න ආකෘතියෙන් පිට යද්දි සමහරු අවුල් වෙනවා.

      Delete
    4. @ නොකී කතා - හෙන්රි

      මා මේ ගායිකාවගේ හැකියාව හෙළා දැක නැත. මා කියා ඇත්තේ මෙළෙසයි.

      1. /* ඇය ගේ ගායනා විලාසය සහ රංගනය ගැන මට එදා ඇතිවූයේ කැමැත්තකි. මේ දෙවෙනි ගීතය සම්බන්ධයෙන්ද, රංගනය සහ ගීතය ඉදිරිපත් කළ ආකාරය මට ගෙන දුන්නේ ආස්වාදයකි. එහි යම් කිසි ලිංගික ආකර්ෂණයක් ගැබ් වී ඇතැයි පැවසීම බොරුවක් නොවේ. */

      2. /* මේ ගායනයේ වරද ගායිකාව ගේ හෝ ඇගේ ගායන විලාසයේ හෝ නොවෙයි. */

      අතිශයෝක්තියකින් ලීවේ ගීතයේ වචන උච්චාරණය කළ ආකාරය පමණි. ඔතරම් මහාප්‍රාණ තිබුණේ නැත!

      Delete
    5. ඇත්තටම මෙය ගීත කා දැමීමක්. බටහිර උරුවට ගිත ගායනයෙ ලංකාවෙ හිටපු දක්ෂම ගායිකාවක් වන ශ්‍යාමී ෆොන්සේකා කවදාවත් අනුන්ගෙ සිංදු කැවෙ නැ.. ඇය කර නව නිර්මණ අදටත් ජනප්‍රිය මිහිරි ගීත. ඇයගේ ගිත කොතරම් ඇසුවත් එපා වෙන්නෙ නැ.. නමුත් මෙයාගේ ගිත එක පාරින් එපා වෙනවා..

      Delete
    6. ශ්‍යාමි ෆොන්සේකා කියන්නේ මෙයාද?
      https://youtu.be/gF7VaYeTWyo

      Delete
  6. මමත් යෝජනාවක් ගෙනාවා ඇයගේ නම "භාෂිකා භාෂිණී" කියලා වෙනස් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම, ඒක මට අමකත වුනා, ඒ විතරක් නොවෙයි මේ වැඩිපුර "හ" යනු දැම්මේත් තිසර කියපු විදිය හරි බව තුන්වෙනි හතරවෙනි පාර අහන කොට තේරුණු නිසා තමයි!
      ස්තුතියි.

      Delete
  7. ඇත්තෙන්ම ඇය දක්ෂයි.තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නඟාගන්න ඇයට පුලුවන් කම තියනවා.නමුත් නන්දා මාලනි ගයන මේ ගීතය ඇය ගායනා කරන ආකාරයෙන් ගීතයේ රසය මතුනොවි ඇගේ කටහඩේ ත්‍රිව්ර බව විතරක් මතුවෙන බවක් පේනවා.

    ReplyDelete
    Replies
    1. ඇය ඇගේ ම ගීතයක් කියපු දවසක බලමු.

      Delete
  8. වෙනසක් දකින්න අකමැති හැමදෙයක්ම එකම ආකාරයෙන් දකින්න කැමැති සම හරක් දවල් හින දකිනවා

    මෙතැනදී ඇය වෙනත් තාලයකට වෙනස් පද මාලාවක් ඇයට ගැලපෙන තාලකින් ගයනවා

    මේ ආකාරයකට සිංහල රැප් ගීයක් මේ උගතුන්ට [හිතාගෙන ඉන්න]වහ කදුරු වෙයි

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචෝ ...එහෙම කැමති කැමැති කෙනාට ගැලපෙන අයුරින් ගායනා කරන්න පුලුවන්නම් ගීතයකට මොකටද තනුවක් නිර්මාණය කරන්නේ ...කලින් මම දැකලා තියනවා මෙවැනි තරඟ වලදී මුල් තනුවෙන් පිට ගීතය ගැයුවා කියා ඉවත් කළා ..දැන් වෙන්නේ තනුව වෙනස් කලේ නැත්නම් ඉවත් කරන එකද ? නොදන්නා කමට අහන්නේ මචෝ ..

      Delete
    2. හැමෝම කැමතියි වෙනසක් දකින්න.අපිටත් පේනවා ඇය වෙනස්ම ආරයකින් ගීත ගයන බව.ඒ ආරයට ගැලපෙන ගීත ඇය ඉදිරියේදි ලස්සනට ගායනා කරාවි.නමුත් හැම ගීතයක්ම ඒ වෙනසට ලක් කරන්න බෑ.කොහොමද කිරිමදු වැල් කිරිමදු වැල් කිරි අම්මේ කියන ගීතය එහෙම ඔහොම ගායනා කලොත්.ඔහේ කියවන එකයි අහගෙන ඉන්න එකයි නෙවෙයි වෙනස කියන්නේ.කසුන් කල්හාර වෙනස්ම ආරයකින් ගීත ගායනා කරන්නේ.අපිත් ඒ වෙනසට කැමතියිනේ.

      Delete
    3. භාෂී මධුභාෂීණි ගැයිය යුත්තේ නන්දා මාලනී ගේ "මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු" වැනි ගීතයි.

      Delete
    4. මේ ආකාරයකට සිංහල රැප් ගීයක් ...

      ?????

      Delete
  9. "කෝකිලා කව්ඩා නොවේ
    ඒ එසේ වී නෑ ලොවේ
    නිල මැසි සේනා අසලට නේනා
    බෘංගයා මිස නෙලුමේ..."

    ReplyDelete
    Replies
    1. සංගීතකාරයෝ බෝමයි
      පුප්පන්ට ඉතා සමතෝමැයි
      දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි

      (පැරණි නූර්ති ගීයක්)

      Delete
    2. බලු ගෑණු සතෙක් එක්ක යාළු වෙන්න
      ඩස්ට් බින් එක පෙරලාගෙන කන්න
      වෙන බල්ලන් හා තරඟෙට පොරකන්න
      උඹට ආස නැද්ද බලු විදියට ඉන්න ……

      බලු විදියට ඉන්න - ආසදැයි බලන්න
      බලු කූඩුවෙ දොර ඇරල තියන්න :D

      Delete
    3. තියන හොඳ ගීත ටිකත් නැති කරලා දාලා ගෙන්න යන්නේ මෙන්න මෙහෙම ගීතද කියලා හිතෙනවා මචෝ ...අවුලක් නැ, කෝ කැරියෝ කෝ .......


      කෝ කැරියෝ කෝ .....

      "පිළිගත්තේ ඩො එද්දී මල් මාල දාලා
      අරින්න හදන්න එපා හුත්තෝ අපෙන් කාලා බිලා
      කිරිසප්පයොත් කිරි බිව්වේ ඔලුව අතගාල
      එහෙම එවුන් තමා හුත්තෝ ගියේ අපිව දලා ............"

      https://www.youtube.com/watch?v=HDLzKp9Qwd8

      Delete
    4. පාං බාගෙ කපල ගන්න - ප්ලේන්ටි වක් කරල ගන්න
      එන්න නංගි එන්න මල්ලි රොක් වෙලා :D :D

      සිංදු බොස්.. මාර ගේය පද රචනයක් නෙවැ..මං හිතුවෙ අද ලැයිමෙ පඩි දවස කියල.ඕ යේස්

      Delete
    5. සින්දු ඇනෝ... මම ඔය සිංහල රැප් පොඩ්ඩක් ඇහුවා.උඹ ඔය දාල තියෙන්නෙ 'පදනම' කියන සෙට් එකේ රැපක්.උං කුණුහරප පටලවගත්ත පොඩි එවුන් වගයක්.අහල බලපං 'මනඃකල්පිත' කියල එකෙක් ඉන්නවා.ඌත් කුණුහරප නම් කියනවා තමයි.ඒත් මැච් වෙනවා.නූතන විරෝධාකල්ප කලාවක හැඩයක් ලාවට උගෙන් මතු වෙනවා..තව එවුන් ඇති.

      Delete
    6. ගස් උන්ගේ රැප අහන්න පුළුවන් මචෝ ..මෙහෙම තනිකරම කුණුහරුප නැනේ මචෝ ...

      ලොකු හු#තලගෙ කතා අහල ඉගෙනගන්න උන්ට ගහලා
      කාකි ඇඳුම ඇන්දා කියලා හිතන්නෙපා වැඩ්ඩො කියලා
      පඩ්ඩො වගේ උඩ දාගෙන පොඩි උන්ගෙ ඔලු පැලුවට
      බෙන්ස් කාර් ප්‍රාඩො වලට අත දාන්න බයයි නේද


      "වැව වටේට තියෙන මාළිගාවෙ ඉන්න හු#තලා
      රට කනවට වඩා දෙයක් කෙරුවෙ කොහෙද ප#යලා
      බෙන්ස් කාර් ලිමෝසීන් වල නැගලයි යන්නේ
      අව්වෙ රස්නෙ සමාජ ප්‍රශ්නෙ නෑනෙ තොපිල දන්නේ"

      https://www.youtube.com/watch?v=i7zWqk5nR0w

      Delete
    7. මෙයත් කියවන්න.

      යුගයේ ගායිකා භාෂී මධුභාෂිණීට අපූරුවට ගැලපෙන ගී පද වැලක් ලියූවෙමි - This is the least I can do for Bhashi Madhubhashini
      http://rasikalogy.blogspot.com/2016/01/this-is-least-i-can-do-for-bhashi.html

      Delete
  10. දැන් ඔය තරඟ වල විනිශ්චයට එන ප්‍රවීන සංගීතඥයො නවකයොන්ට දෙන අන්ඩරයක් තමයි පරන ගීතයම ගයන්න එපා ඒකට ඔබේම වූ අර්ථකථනයක් දෙන්න කියන එක. ඉතින් මේ නවක ගායක ගායිකාවො දන්න නව අර්ථකථන තමයි මේ!
    (1) ඇක්සන්ට් එක වෙනස් කිරීම, (2) කටහඬ බේස් කිරීම, (3) විලාප තැබීම (4) පදයක අන්තිම වචනයේ අන්තිම අකුර වෙව්ල වෙව්ලා ඇදීම වගේ ඒවා. ඒවා නරක ඒවා කියන එක නොවෙයි මම කියන්නේ (මේ ටෙක්නික්ස් ඉතා හොඳින් ගායනා කරන අය ඉන්නවා උදාහරන: පිලිවෙලින් (1) චිත්‍රාල්/කොරින්, (2) කසුන් කල්හාර (3) බාචි සුශාන්/ඉන්ද්‍රචාප (4) කසුන් කල්හාර/ අමල් පෙරේරා ) ප්‍රශ්නය තියෙන්නේ කොපමන රසයක් ඒ තුලින් ඇතිකරනවාද කියන එකයි. අසන්නාගේ රසඥතාවය විවිධ බව ඇත්ත. මට නම් මොකක්ද හෙන නොගලපීමක් තියෙනවා මේ බොහෝ 'නව අර්ථකථන' වල.

    මට නම් මේ ගායිකාව ගයපු 'සොයා දියව් මට සරමක් ;-)' සිංදුවත් අප්සෙට්. මම කියන්නේ නිශේධනීයව නොවෙයි. සමහර විට ඇය (ඇතුලු ගීත මේ විදියට ගයන වෙනත් අයත් ) ඉදිරියේදී හොඳින් ගායනා කරයි. හොඳ උදාහරන තමයි ප්‍රදීප් රංගන, තීක්ශන, රූමි වගේ අය.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. කරෙක්ෂන්: රූනි (not රූමි) අර සමනල සංධ්වනිය චිත්‍රපටියේ ඩෝප් සිංදුව කියන්නේ https://www.youtube.com/watch?v=2YgQrJVocPw

      මේ තව එකක් - සප්ත ස්වරයයි
      https://www.youtube.com/watch?v=pCb-paJo8sI

      - Dimithri

      Delete
    2. ඔබේ අදහස සමග එකඟයි. රූනි ගේ ගායනයට මාත් ප්‍රියයි!

      දෙරණ වැඩසටහනේත් අනිවාර්ය අංගයක් තමයි නව රිද්මය, නමුත් දිනුවේ ඇම්ඇස් ගේ සින්දු කියූ ඇම්ජී ධනුෂ්ක!

      Delete
  11. සිංදුවක් කනව කියන්නෙ සෙල්ලං වැඩක්ද. ඒ හැකියාව අගය කරනවානං ඇයට ඔබේ SMS මනාපය ඵල කරන්න. හැක්...

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව!
      මං දන්නවා සින්දු කවි කරන්න පවා!

      Delete
  12. අර ගෙන්නපු ඉන්දියානු ගායකයා නිතින් මුකේෂ් නේද රසික? ටීවී එකේ ඔය සීන්ස් එක දැක්කා වගේ මතකයි, හැබැයි ඒ නම් අසූව දශකයේ මුල..

    මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ ඇගේ ආරට ගැලපෙන ගීතයක් හොයාගන්ට බැරිවීමක් මිසක් වෙන දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.. ප්‍රදීපාගෙ ගීතය හරියට ආපු නිසා නන්දක්කගෙ ගීතයකුත් ට්‍රයිකරලා බලන්ටැති.. ඒත් ඒ උත්සාහය අසාර්ථකයි.. වැඩේ තියෙන්නෙ විනිශ්චය මණ්ඩලය මොකක් හෝ හේතුවක් නිසා වැරැද්ද පෙන්නා නොදී ගායනය උඩ දාන්ට යාමයි..

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ තිබුණු, නමුත් කියාගන්න බැරිවුණු අදහස ඔබ මට වචන කර දුන්නා.
      මේ ගායනයේ වරද ගායිකාව ගේ හෝ ඇගේ ගායන විලාසයේ හෝ නොවෙයි. මේ විලාසය ඒ ගීතයේ අදහසට නොගැලපීමයි. සොයා දියව් නම් ගීතයට ගැලපුනත් හන්තාන අඩවියේ ගීතය වැනි දුක්බර ගීතයකට එය ගැලපෙන්නේ නෑ.

      භාෂී මධුභාෂීණි ගැයිය යුත්තේ නන්දා මාලනී ගේ "මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු" වැනි ගීතයි.

      Delete
    2. හින්දි ගායකයා නිතින් ඟුකේෂ් විය හැකියි. මට නම හෝ නිවරදි වසර මතක නෑ. දෙතුන් දෙනෙකු පැමිණි බවයි මතක. වරෙක ගායිකාවක් ද ආවා.

      මෙය සජීවීව ප්‍රචාරය කළ, දේශපාලන පක්‍ෂයක රැලියක් වුනත්!

      ස්තුතියි.

      Delete
    3. බුරා ගේ අදහස තමයි මටත් හිතුනේ. එයාගේ ගායනා ශෛලියට සින්දුව ගැළපෙන්නේ නෑ.

      Delete
    4. ගායකයා නිතින් මුකේෂ් තමා. මගේ පියාගේ ප්‍රියතම ගායකයෙක්. මෙම ප්‍රසංගයේ VHS කැසට් එකක් තිබුණා අපේ තාත්තා ළඟ මේ මෑතක් වෙනකන්.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. නිතින් ලංකාවට ආව කියල මතක නෑ.. මන්නාඩේ ආව මතකයි .. "ජය සිරිමා බෝධී" ගීතය කීව..

      ඌෂා උදුප් ආපු වෙලේ මරු වැඩක් වුනා.. දෙන්නෙක්ගෙ තුන්දෙනෙක්ගෙ ජොබ් නැති නොවී බේරුනේ යන්තමින්..

      ඌෂා අපූරුවට "යමන් බණ්ඩො වෙසක් බලන්න" ගීතය ගායනා කලා.. ඒකෙ අගට ඒ තාලෙටම "ශ්‍රී ලංක ඉස් ද ප්ලේස් ෆො යු ඇන්ඩ් මී" කියල කොටසක් ගායනා කලා.. ඕක රූපවාහිනියෙන් අහපු දේශපාලුවෙකුට හරි ගැත්තෙකුට හරි ඕක ඇහිල තියෙනව.. "ශ්‍රී ලංක ඉස් ද ප්ලේස් ෆො යූඇන්පී" කිව්ව කියල.. :)

      Delete
    7. https://m.youtube.com/watch?v=Ddz7RtsRTS0

      ආශා බෝස්ලේ සිංහල සිංදුවක් කිව්වේ රෙෂ්පට් එකට BnS එක්ක "දේදුන්න සේදී - වෑ නිල්ල උතුරා " කියල.. මං ඒ සිංදුවට එක පයිං..ඕ යේස්. !!!!

      Delete
    8. මේ තරඟවල විනිශ්චය මණ්ඩලය කරන්නේ කියන්නේ චැනල් එකට ඕන කරන එක. එතෙන්දි ඔවුන් ඉලක්ක කරන ප්‍රෙක්ෂක පිරිස බොහා් විට අඩු අධ්‍යාපන මට්ටමක් සහිත තරුණ කාන්තාවන්. . මේ පිරිස තමන්ගේ පොෂ් බව පෙන්නන්න මෙවැනි දේ වලට ආකර්ෂණය වෙනවා. මෙතන තියෙන්නෙ චැනල් එකේ අවශ්‍යතාවක්.

      Delete
    9. ලතා මංගේෂ්කාර්, ජික්කි, ජමුණා රාණී වැනි ඉන්දීය ගායිකාවන් සිහල ගී ගයා තිබේ.

      නූටාන් නම් ගායිකාවක් ද ලංකාවට පැමිණ ඇත.

      Delete
    10. මෙයත් කියවන්න.

      යුගයේ ගායිකා භාෂී මධුභාෂිණීට අපූරුවට ගැලපෙන ගී පද වැලක් ලියූවෙමි - This is the least I can do for Bhashi Madhubhashini
      http://rasikalogy.blogspot.com/2016/01/this-is-least-i-can-do-for-bhashi.html

      Delete
  13. රසිකයියේ.............

    ගැටලුව මේකයි මුල් ගීතය නිර්මාණය වෙන්නේ සහ ගැයෙන්නේ ඒකටම අනන්‍ය වූ පසුබිමක ඒකට සුදුසුම හඩකින් සහ ඒක ජනතාවගේ සිත් තුළ තියෙන හැගීමක් ස්පර්ෂ කරමින්........ ඒකයි අපි නන්දාගේ කපුගේගේ ගීත වල දකින විශේෂත්වය..... ඒත් ඒ ගීතය දැන් බටහිර සංගීත අාරකට ගයන්නට ගියාම ඒ ගායිකාව අමතක කරන දේ තමා අර කලින් කියූ තත්වයන් ටික. නමුත් ඒ ගීතයේ හරය තියෙන්නේ ඒතැන. ඉතින් අලුත් ගායනාව අපිට නිකංම නිකං බටහිර හඩක් විතරක් වෙනවා.....

    මේකට අපි කියනවා මුල් ගීතය කනවා කියලා. ඒත් නව පරපුර හිතනවා මොකක් ද අපි ඒකේ කන්නේ කියලා. අැත්තම කියනවා නං මේ නව අාර විසින් අර ගීතයේ හරයයි කන්නේ.............

    ReplyDelete
    Replies
    1. කුරුටු මටත් ඒක තමයි හිතුනේ.

      Delete
    2. නමුත්, හන්තාන අඩවියේ ගීතය හැන්ථාන ඇඩවියේහ් කිරීම ගැන නම් ඇත්තේ සංවේගයකි, සන්තාපයකි, පිළිකුලකි, කෝපයකි.

      ඉතින් අපිට මොකෝ

      Delete
    3. ඒ ආරට ගයන්න තියෙන වචන වෙනස් නොකර අයින් කරළා අළුතෙන් ලියන්න තිබුණා, අර සමහර හින්දි සින්දුවලට ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ සිංහල කොපි සින්දු තියෙනවා වගේ!

      Delete
    4. හරය කියන එක ගත්තම ගීටයෙ භාවයත් එතෙනට එනවා. භාවය කෑවම ගීතය නිකම් වචන ගොඩක් විතරයි. පහන් හැඟීමක් ඇති කරවන්නේ නෑ.

      Delete
  14. නන්දා මාලිනීට මොනවා හිතෙන්න ඇත්ද කියලයි මට හිතුනේ.. වෙනස කියනඑක හොඳයි.. සිමාවන් ඇතුලේ.. මේක නම් විකාරයක්.. ලොකු පුතා පෙන්නුවම බැලුවේ.. තනුජා ලෙස්බියන් වත්ද කියලා හිතුනා.. ඒ විදියට සින්දුවක් රස විඳිනවා දැක්කමයි.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++

      මම තව දෙතුන් පාරක් ඒ කොටස බැලුවා...

      Delete
    2. මම අද මේකට $#$^%&^*&*&@%!%$ම්

      වගේ ඉන්නෙ.

      Delete
    3. තනුජා මිස්
      ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුනා … ඕ යේස් !!

      - පත්තර මල්ලි -

      Delete
    4. භාෂීත් දිනක k.d. lang වගේ දක්‍ෂ ගායිකාවක් වේවිද?

      Delete
  15. පොඩ්ඩක් අර වෙස්ටර්න් ටයිප් එකට ඒ කියන්‍ෙ පොඩි පහේ මෙට්ප් රොක් ගතියක් ගන්න ගත්ත අසාර්ථක උත්සාහයක් වගෙම අර අමුතු උච්චාරණය (තරම් ලොක්වට නෙවී) තැන් තැන් වලිං පයින එක හැර වෙන අවුලක් නං නෑ පේන්න. ඒත් ඒ නෝනා ඕනවට වඩා සැක්සි වෙන්ට යන එක අවුල.

    සිංදුවද නෝනවද තෝරන්නෙ කියල හිතෙන තරං
    එහෙම වෙනේක වරදක්ම නෑ. ඒත් රියැලිටි ෂෝ එක්ක ටැලන්ට් එකක් විදියට සරාගී වෙන එක කරන්නම ඕනද කියල මං මේ කම්පනා කොරන්නෙ

    ReplyDelete
    Replies
    1. මෙට්ප් රොක් නොවේ මෙට්ල් රොක් විදියට නිවැරදි වෙන්න ඕන

      Delete
  16. නන්දා මාලිනියන්ගේ ගායනයත්,භාෂිකා භාෂිණී නෝනාගේ ගායනයත් ඇසුවා.රසිකට වගේම මේ භාෂිකා භාෂිණීගේ ගායනය ගැන මට තියෙන්නෙත් අපැහැදීමක්.ඇය විප්ලවය තමන්ට රංගනය තුලින් ආරෝපණය කර ගන්න උත්සහා දරන බවකුයි පෙනුනේ.ඇගේ එම රංගනය මට නම් ලිංගික ආකර්ෂණයක් නොව ජුගුස්සාජනක හැඟීමක්.

    ReplyDelete
  17. සින්දුව ඇහුවා සහ බැලුවා. අහන් ඉන්න ටිකක් අමාරුයි මුල් ගීතයට ගොඩක් කැමති නිසා. speaker එක mute කරලා තව පාරක් බැලුවා.

    තනූජා කසාදයක් කොර ගන්නේ නැත්තේ ඇයි කියල දැන් තමා වැටහෙන්නේ.

    ReplyDelete
  18. හින්දි ගායක ගායිකාවන් අසූ ගනන් වල යූඑන්පී මැයි දින වල ගැයූ ගීත

    ජයසිරි මහ බෝධි - මන්නා ඩේ
    රන්ඩු වෙවි යාලු වෙවි - නිතින් මුකේශ්
    යමන් බන්ඩො වෙසක් බලන්න - ඌශා උදුප්

    - Dimithri

    ReplyDelete
  19. ඇත්තටම මට නම් අමුතු වැල් වටාරම් අවශ්‍ය නැහැ. මම අහන්නේ නම් මේ ගීතය නෙවෙයි. අපි පොඩි කාලේ ඉදන්ම අහපු නන්දා මාලිනී ගයන ‘හන්තාන අඩවියේ‘ ගීතයම තමයි.

    ReplyDelete
  20. ගීත විවිධාකාරයෙන් ගායනා කිරීම ගැන මම වරදක් දකින්නෙ නෑ. ඒය එම ගීතයේ පැවැත්මට මෙන්ම නව රස නිෂ්පත්තියටත් ඉවහල් වෙනව.මම මේ ගීතයේ කරුනු දෙකක් දකිනව..

    1. මේ ස්ටාර්ල අමතක කරන දෙයක් තියෙනව. නන්දල, වික්ටර්ල, අමරදේවල..etc., කියපු සින්දු වල ශබ්ධ රසයෙන් එහා ගිය අර්ථ රසයක් තිබ්බ ඒ සින්දුවල අර්ථය සහ භාවය තමයි මූලික උනේ. ශබ්ධය නැත්නං සංගීතයෙන් කරේ අර අර්ථ රසයට සහ භාවයන්ට පිටිබලයක් සැපයීමයි. ඒත් මේ ස්ටාර්ල අර්ථය සහ භාවය සහමුලින්ම අමතක කරනව. කුසින් අඩක් දල ආහාරයෙන් පුරවගෙන කෙට්‍ටු කේඩෑරි සිරුරු රලු සයනයන් වල සතපමින් අවිනිශ්චිත හෙටක් ගැන බලාපොරොත්තු තියන් ශිල්ප හදාරන මානව මානවිකාවන් ගැන අර සුදේශ් කරුනාතිලක කිවුව වගේ ලංසි ප්‍රනවුන්සේශන් එකක දාල තුප්පහි කරල කිවුවම අපුලක් දැනෙන්නෙ එකකයි මං හිතන්නෙ..

    2. මැය ගායන විලාසයේ වෙනසක් කරනවානම් ඊට අනුරූපව සංගීතයේද වෙනසක් කලයුතුයි.මැයගෙ ගායන විලාසය ගොඩක්ම විකාරයක් වගේ පේන්න හේතුව සංගීතය. මැයගෙ ගායනා විලාසය ට අනුරූපව සංගීත විලාසය වෙනස් කලයුතුව තිබුන. පැරනි සංගීත විලාසය මැයගේ ගායන විලාසයට ගැලපුනේ නෑ.

    ReplyDelete
  21. https://m.youtube.com/watch?v=XtOU5LfkG5E

    මං මෙන්න මේකට නං ලැයික්..ඒ කීවෙ සිංදුවට..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. හොඳ ප්‍රතිනිර්මානයක්

      Delete
    2. මාත් ආසාවෙන් අහන සිංදුවක් මචෝ.. ග්‍රේෂා සාධාරණයක් කරනවා නිර්මාණයට..සංගීත සංයෝජනයත් සුපිරි !!!

      Delete
  22. මූණු පොතේ තැනක දෙකක මේ ගැන දැක්කම මට ඕක බලන්න ඕන වුනා.. විශේෂයෙන්ම යමක් නොබලා විවේචනයක් වුනත් කරන්න හොඳ නැති නිසා.. නේත්‍රා දෙක සහතිකේට මේ කියන්නෙ මක්කරලවත් පළවෙනි පේලි දෙකෙන් එහාට අහන් ඉන්න බැරිවුනා...ඒ තරම් අප්‍රසන්නයි..

    මේක ලංකාවෙ ඔය රියැලිටි තරඟ වලින් කෙරෙන විනාසෙට හොඳ උදාහරණයක්.. ඒ ළමය ගායනයට දක්ෂයි.. හොඳම උදාහරණෙ කලින් කියපු සොයා දියව් මට සරණක් ගීතය.. ඒකෙන් නාලිකාවට ලැබුණු පබ්ලිසිටියට කොයි තරම් පෙරේත වෙලා මේ ළමයව අන්දවල තියෙනවද කියන එකයි මේකෙන් පේන්නෙ...
    (තනූජාගේ විචාරය ගැන කතා නොකරමි , අලුත් එයාබස් ගුවන් යානය කටුනායකට ගොඩබාන අවස්ථාව ආවරණය කරමින් "ඔව් අප සැම මේ පුල පුලා බලා සිටින්නේ නව ගුවන් යානය පොළොවට පතිත වන තුරු" කියල කියපු ඩෑල් එක නෙ)

    ReplyDelete
    Replies
    1. "නව ගුවන් යානය පොළොවට පතිත වන තුරු"

      හිකෑස් .... සිරාවට මේ XXX එහෙම කිව්වද ?

      Delete
  23. ඇගේ අනිත් ගායනාත් බැලුවා.

    සුපර් ස්ටාර් තරඟවල විනිසුරුවන් නිතරම තරඟකරුවන්ව පොළඹවන්නේ පැරණි ගී තමන්ගේ කරගෙන ගයන්න.
    එතනදි සමහරු අපූරු වේරියේෂන්ස් සහිතව මුල් ගීතයේ වටිනාකම තව තවත් ඔප් නැංවෙන විදියේ වෙනස්කම් එකතු කරනවා. ශිහාන් මිහිරංග, ප්‍රදීප් රංගන, චිතෲ පාඨලී, සංඛ දිනෙත් ඒ අතින් ඉහලම දක්ෂතා පෙන්වූ අය.

    භාෂිගේ පෙර ගායනාත් එසේමයි. මෙතනදි ඇය යොදාගන්න ඇක්සෙන්ට් එක සහ පර්ෆෝර්ම් කරන විදිය ගීතයේ අදහසට ගැලපෙන්නෙ නැහැ. මොකද, ඕනෑම ගීතයක් ගොඩනැගෙන්නෙ පදමාලාව මත. සංගීතය, ගායනය සහ ඉන් එහාට එකතුවෙන ආලවට්ටම් වලින් කල යුත්තේ ගීතයක අර්ථ රසය තීව්‍ර කිරීමයි.

    හැබැයි මූණු පොතේ බොහෝ දෙනෙක් කලා වගේ භාෂිට බැනවදින්න මම උත්සුක වෙන්නෙ නෑ. එයා එක්ස්පෙරිමන්ට් එකක් කලා. ඒක සාර්ථක නැහැ.

    වැරැද්ද තියෙන්නේ ඇගේ ගායනය එදා ෆේල් වුන බව දැන දැනම එය සඟවන්නට තැත් කල 'ප්‍රවීණ' (?) විනිසුරු මඬුල්ලේ. ඔවුන් තමන්ගෙ අදහස භාෂිට පෞද්ගලිකව හෝ ප්‍රකාශ කලා නම් ලොකු දෙයක්. ඈ තමන්ටම අනන්‍ය හඬක් ඇති, පරෙස්සමෙන් පොහොණි කල යුතු ගායන ශිල්පිණියක්. අකාල වර්ණනාව කියන්නෙ ඕනෑම කෙනෙක් විනාශයට දක්කන ප්‍රධානම සාධකයක්.

    ReplyDelete
    Replies
    1. //අකාල වර්ණනාව කියන්නෙ ඕනෑම කෙනෙක් විනාශයට දක්කන ප්‍රධානම සාධකයක්//

      මේක ඔබටත් එලෙසින්ම අදාලයි. විශේෂයෙන්ම මාතලන් වැනි වාචාල චාටුකතාකාරයින් ඔබව මුරුංගා අත්තේ තබනු අවස්ථා ගණනවකදීත් දැක මුවින් නොබැන සිනහවෙන් ඉවසුවා.

      Delete
    2. //මොකද, ඕනෑම ගීතයක් ගොඩනැගෙන්නෙ පදමාලාව මත. සංගීතය, ගායනය සහ ඉන් එහාට එකතුවෙන ආලවට්ටම් වලින් කල යුත්තේ ගීතයක අර්ථ රසය තීව්‍ර කිරීමයි//

      මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදි මිථ්‍යා මතයක්. පදමාලාවක් අවශ්‍ය කවියකට. ගීතයකට පද එතරම් වැදගත් නැහැ. ගීතයක පදනම සංගීතය සහ තනුවයි. උදා:- ඛේමදාස මාස්ටර්ගෙ "තරරප් තරරප්" වැනි තේමා ගීත උදාහරණ. එමෙන්ම "හඳුනාගත්තොත් ඔබ මා", "සසර වසනතුරු" මෙන්ම මෑතකාලීන "සඳ සඳ වගේ" වැනි ගීවල සංගීතය හා තනුව අමතක කර පද විතරක් අරන් බැලුවොත් පෙනෙයි ඒවා කිසි තේරුමක් නැති පද වැල් හෝ වාක්‍ය රචනා. ගීතයක තනුව සහ ස්‍රැතිය තමයි එහි රස භාවයන්හි පදනම.

      සංගීතය විශ්ව භාෂාවක්. එය මුළු ලෝකයටම කතා කළ හැකි මගක්. ඉන්දියාවේ භාවිතා වන හින්දි ගීත අපි ආදරයෙන් වැළඳ ගෙන අසනවා. භාෂාව නොදැන වූවත් අපට එය රස වීදීමට පුළුවන්. එහි යොදා ඇති සංගීතයෙන් අපට කිසියම් පණිවුඩයක් දෙන බව හැෙඟනවා. සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ ඒකටයි.

      අනෙක් කරුණු වලට බොහෝ දුරට එකඟයි. ඔය කියපු සුපිරි තරු විතරක් නෙමෙයි මැදින් කැපිල ගිය අනිත් අයත් ඉතාම ලස්සනට වේරියේෂන්ස් දාල වෙනස්ම විදිහේ ලස්සනක් දීපු අය ඕනතරම් හිටිය.

      Delete
    3. ගීතය සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයයි. සිංහලයෙහි ගී පද, ගෙය පද ලෙස හඳුන්වනු ලබන ගීත සාහිත්‍ය පාලියෙදී ගීත ලෙස ද සංස්කෘතයෙහිදී ගීත, ගාන, ගීතී ගේය යන නම් වලින් ද හැඳින්වේ. “ගීත ඉති ගීතම්” – ගයනුයේ ගීතයයි. පද රචනයක් ගීතයක් බවට පත් කිරීමට නම් නිර්මාණකරණයෙහි ප්‍රතිභාව ඇති සංගීතඥයකු සිටිය යුතුමය. කාව්‍ය රචකයා පද සරසා කාව්‍යයක් නිර්මාණය කරන සේම සංගීතඥයා ස්වර හසුරවා මධුර අරුත්බර ගී තනුවක් නිර්මාණය කරයි.

      කවියෙහි හා සංගීතයෙහි මුණ ගැසීම ඔස්සේ ගීතය නිර්මාණය වීමේ දී කාව්‍යයෙහි රසය මිය යන්නේ ය යන්න ඇතැමුන්ගේ මතය වුවද ගීතයේ ගී පද මිහිර තීව්‍ර කිරීමට සංගීතයට හැකි වී ඇති අයුරු ද හඳුනා ගත හැකිය. අරුත් රසයට මුල් තැන දෙන කවියත් ශබ්ද රසයට ප්‍රමුඛතාවය දෙන ගීතයත් යන ද්වයෙහිම අර්ථ රසය හීනවූ තැන ඇති අගයක් නැත. සරල ගී ශාස්ත්‍රීය ගී වශයෙන් ගීතයෙහි අංග දෙකකි. ශාස්ත්‍රීය ගීතය ස්වර, ආලාප, තානලංකාර රාග ආදියෙන් සමන්විත සංගීත ශාස්ත්‍රයට අදාළ අංගයකි. එහි නිර්මාපකයා සංගීතඥයාය.

      සරල ගීතය, සාහිත්‍ය හා සංගීතයේ සුසංයෝගයෙන් නිමැවුණු ශ්‍රවණ ගෝචර ගීතයයි. එකම පද රචනයකට තනු රචකයාගෙන් රචකයාට ගායකයා ගෙන් ගායකයාට අපූර්වත්වයක් ජනිත කරයි. එක පුද්ගල මාධ්‍යයක් වූ කවිය සංගීතය හා සංයෝග වී ගීතයක් බවට පත්වීමේදී බහු පුද්ගල මාධ්‍යයක් බවට පත්වේ. පළමුව ශ්‍රවණෙන්ද්‍රිය ද පසුව බුද්ධි හා භාව ඉන්ද්‍රියයන් ද පිනවන ගීතය ශබ්ද ධ්වනියට ප්‍රමුඛතාව දේ. එළිසමය අනුප්‍රාස යමක ශ්‍රැති ශබ්දාලංකාර භාවිත කරන කවියෙහි පුනරුක්ති දූෂිත යැයි සැලැකුව ද ගීතයේ දී පුනරුක්ති භූෂණයක් සේ සැලැකේ.

      කවියකු වීමට පුද්ගලයකු හට සහජ ප්‍රතිභාව, බහුශ්‍රැත බව හා සතතාභ්‍යාසය අවශ්‍ය වේ. කාව්‍යයෙහි ඇති ශබ්ද ධ්වනිය අර්ථ ධ්වනිය මුල්කොට පවතින්නකි. විශ්වනාථයෝ “වාක්‍යම් රසාතිමකං කාව්‍යම්” කීහ. “කාව්‍යං විශිෂ්ට ශබ්දාර්ථ සාහිත්‍ය සදළං කෘති” යනුවෙන් කණ්ඨාභරණ දක්වයි. කවියේ ආත්මය වන්නේ රසයයි. එය අර්ථයෙහි හා ශබ්දයෙහි ප්‍රතිඵලයකි.

      සිංහලයෙහි පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය, ගේය කාව්‍ය වශයෙන් කාව්‍ය ප්‍රභේද රැසකි.

      ගේය කාව්‍යයේ ගීත නිබන්ධන හෙවත් සාහිත්යික පද රචනය හැඳින්වේ. සංගීතයේ දී අපට හමුවන ගීතය ශබ්ද රසය මුල් වූ රාගයක් අනුව විධිමත් ලෙස ස්වර රචනාවක් පාදක කොට ගනිමින් ගායනා කළ හැකි ප්‍රබන්ධයකි.

      බ්‍රිටැනිකා විශ්ව කෝෂය ගීතය (Song) හඳුන්වා ඇත්තේ සංගීත භාණ්ඩයන්හි අනුවාදනය ඇතිව හෝ නැතිව කටහඬ උපයෝගී කර ඉදිරිපත් කරන සංගීතය වශයෙනි. පද භාවිතය ගීයක පූර්ව අවශ්‍යතාවකි. එහෙත් එය කවියක මෙන් බුද්ධිගෝචර නොවේ. කටහඬ හා සංගීතය එක්ව බැඳීම හේතුවෙන් වචනයේ ශක්තිය තීව්‍ර වන අතර එය ශ්‍රවණගෝචරය.

      පොදු ජනයා භාවිත කරන භාෂාවම භාවිත කරමින් ගී පද නිර්මාණය කරන පද රචකයා කථනයේදී දක්නට නොලැබෙන භාව ප්‍රකාශනයක් ගීතයෙන් ඉදිරිපත් කරයි. ශාරංග දේවයන් සංගීත රත්නාකරය නම් කෘතියේ

      සුස්වරං සරසං චෛව
      සරාගං මධුරාක්ෂරං
      සාලංකාර සප්‍රමාණං
      ෂඩිවිධමි ගීත ලක්ෂණම්

      ස්වර මනා ලෙස පිහිටා තිබීම, රසය ගැබ් වීම රාගයක් සහිත වීම, මියුරු අකුරු සහිත වීම අලංකාරයන්ගෙන් යුක්ත අවශ්‍ය ප්‍රමාණයේ රචනයක් වීම ගීතයක ලක්ෂණ ලෙස දක්වා ඇත.

      Delete
    4. Ano 28 January 2016 at 00:01
      +++

      Delete
    5. අගනා කමෙන්ටුවක් ඇනෝ සහෝදරය/සහෝදරිය !!

      Delete
  24. ඕනෑම කලා නිර්මාණයක් කියන්නේ අංග රැසක් එකතු වෙලා හැදෙන නිර්මාණයක්... ගීතයත් ඒ වගෙයි. පද, තනුව සහ සංගීතය, ගායනය එකතු වෙලා නිර්මාණය වෙන්නේ. මේවා එකිනෙකට ගැලපෙන්නේ නැත්නම් එතන සාර්ථක නිර්මානයක් නැහැ. ගීතයේ පද රචනයෙන් ඉදිරිපත්වන අදහස ගායකයා ඒ භාවයන් ඉස්මතු වන පරිදි ගායනා කරනකොට සංගීතය ඒ ඉස්මතු කරන භාවය පවත්වාගෙන යනවා, තීව්ර කරනවා..

    වික්ටර් රත්නායක ආදරයේ උල්පත වූ අම්මා ගීතයට තනුව යොදලා තියෙන්නේ "දොයි දොයි දොයි දොයිය බබෝ" නැලවිලි ගීය ඇසුරින්. අම්මා කෙනෙක් මේ නැලවිල්ල කියන විලාසය අමතක කරලා බටහිර ඌරුවට "ඩොයි ඩොයි ඩොයි ඩොයිය භභෝහ්" කිව්වොත් අර හැඟීම අපට දැනෙන්නේ නෑ...

    "මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ" කියලා අහන්නේ අම්ම පැල් රැකලා වෙහෙස මහන්සියෙන් උගන්නලා අද තැනකට ආපු ගමේ හැදුණු පුතෙක්... ඒ පුතාට බැහැ.. "මංහ් අරෙනචුර්රු ඉඩිකඩ ල්ලඟ්අඅහ් ඉනර්ව්වාඩ අම්මෙයිහ් හේ"... කියල කියන්න.

    උතුරේ දකුණේ තරුණයන් යුද්දයෙන් මිය ගිහින් ඇති නිසා "සොයා දියව් මට සරණක්" කියලා කියන්නේ තරුණ විය ඉක්මවා යන ගැමි කාන්තාවක්. මොකද ගම් වල තරුණයෝ තමයි මේ විදිහට යුද්දෙදි බුරුතු පිටි මැරුණේ, මේ කාරණය මධ්‍යම පන්තියට හෝ ඉහල පන්තියට බලපෑවේ අඩුවෙන්. එතකොට සොයා දියව් මට සරණක් කියන පද වලින් මතු වෙන්නේ ගැමි ගැහැනියකගේ විලාපයක්... ඒක බටහිර ඌරුවට ගයලා වැඩක් නෑ.. හන්තාන අඩවියේ ගීතයේ භාවයන් 'කුසින් අඩක් දළ අහරින් සකසා, කෙසඟ සිරුරු රළු යහනේ සතපා, අනියත හෙට ගැන සිතමින්' ඉන්න තරුණ පරපුරකගේ සිතුවිලි එක්ක සමපාත වෙන්න ඕනේ...

    කපුගේ සන්ෆ්ලවර් එක්ක ගීත කිව්වහම වුණේ අර ගායනයේ මතු කරන හැඟීම් යටපත් වුණා ඩ්‍රම්සෙට් එකේ හඬින්. මෙතනදි ගායනයෙන් තමයි හැඟීම් යටපත් කරන්නේ... මට මේ ගායන විලාසයේ අවුලක් නෑ... කසුන් කල්හාර, අනන්තයට යන පාර දිගේ කියන ගීතය මේ ආකාරයෙන් ගායනා කරනවා, ඒ වගේම කවුළු පියන්පත් වහන්න කියන ගීතය වෙන අයුරකින් ගායනා කරනවා. ඔහුගේ කට හඬ, මතු කරන හැඟීම් ගීත දෙකේම පද, සංගීතය හා ගැලපෙනවා.

    තනුජා මේක උඩ දැමීම අමුතු දෙයක් නෙමෙයි, ඇය මේ 'ච ච' භාෂාව තරුණ පරපුරට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක්. මේක මේ ඉංග්‍රීසි පසුබිමක හදුනු වැඩුනු සිංහල කතා කිරීම අසීරු අයගේ කතා විලාශය අනුකරනය කිරීමෙන් නිර්මාණය වූවක්. තමන්ට සිංහල බැරි බව තාම ආඩම්බරයෙන් කියන ජාතියක්නෙ අපි. සිංහල බැරි වුණාට මොකද ඇඟේ දුවන්නේ සිංහ ලේ...

    ReplyDelete
    Replies
    1. //හන්තාන අඩවියේ ගීතයේ භාවයන් 'කුසින් අඩක් දළ අහරින් සකසා, කෙසඟ සිරුරු රළු යහනේ සතපා, අනියත හෙට ගැන සිතමින්' ඉන්න තරුණ පරපුරකගේ සිතුවිලි එක්ක සමපාත වෙන්න ඕනේ... // ගීතයේ නොගැලපෙන බව එක පේලියකින්.. පට්ට විචාරය.. හැට්ස් ඕෆ් මේට්..

      Delete
    2. //"මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ" කියලා අහන්නේ අම්ම පැල් රැකලා වෙහෙස මහන්සියෙන් උගන්නලා අද තැනකට ආපු ගමේ හැදුණු පුතෙක්... //
      තිසර අයියෙ එතන පැල් රැකලා කියල කියන්නෙ ව්‍යංගාර්ථයක් කියල කියනවා නේද..ඕකෙ නිධාන කතාවට අනුරාධපුරේ සම්බන්ධයි...මේකත් පොඩ්ඩක් බලල ඉන්න.වෙනස් කියවීමක්.

      https://m.youtube.com/watch?v=CyKJIiEwe3A

      Delete
    3. ඔය සිංදුව ලියලා තියෙන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්.ඔහු අනුරාධපුරේ.ඔතන පැල නැති හේනේ කියන්නේ ස්වාමියා නැති නිවස කියන අදහසයි.අකාල මහා වැහි වැස්සා කියන එකෙන් ඔහු අදහස් කරලා තියෙන්නේ හිටිහැටියේ ස්වාමියා මිය යාමත් සමග දුප්පත් කමින් පීඩිත ජීවිතයක් ගෙවන්න උනා කියන එකයි.

      තුරුලේ හංගාගෙන මා
      ඔබ තෙමුනා අම්මේ
      පායන තුරු හිටි පියවර
      සිටියා අම්මේ.

      ඒත් අම්මා ඒ දුප්පත් කම ගැන නොහිතා දරුවගේ අනාගතය වෙනුවෙන්ම වෙහෙසවුනා.ඒ අම්මා මොනම හේතුවක් නිසාවත් මොනම අවස්ථාවක්වත් ඒ කැප කිරීම අත්හැරියේ නෑ.හිටි පිම්මේ කියන එකේ අදහස ඒකයි.

      Delete
    4. //හන්තාන අඩවියේ ගීතයේ භාවයන් 'කුසින් අඩක් දළ අහරින් සකසා, කෙසඟ සිරුරු රළු යහනේ සතපා, අනියත හෙට ගැන සිතමින්' ඉන්න තරුණ පරපුරකගේ සිතුවිලි එක්ක සමපාත වෙන්න ඕනේ..

      අනිවා! ගුගුරන මනසේ කකියන පැතුමක් විදියට ගීතය එළියට එන්න ඕන.

      Delete
    5. "මංහ් රෙනචුරු...." :D :D

      Delete
    6. පත්තර මල්ලි සහ මනෝ මන්දිර,

      මමත් ඔය පැහැදිලි කිරීම අහලා තියනවා, ඒ වගේම ඒකට එකඟයි. නමුත් ගීතයක යටි පෙළින් මතුකරන අර්ථයකින් එහි මතුපිට පෙනෙන අර්ථය සම්පූර්ණයෙන්ම අහෝසි වෙන්නෙ නැහැ නේද? අනික මෙතැනදී මේ උපමාව අරගෙන තියෙන්නේ මේ ගීතයේ කතානායකයාගේම ජීවිත අත්දැකීමකින් කියන හැඟීමයි මට තියෙන්නේ. උපමා උපමේය යෙදෙන්නේ එහෙම නේද? නාගරික තරුණයෙක්, තමන්ගේ පියා නොමැතිව, දුක් කම්කටොලු මැද්දේ, අම්මගේ රැකවරණයත් එක්ක ගත කල ජීවිතයක් ගැන කියන්නේ මේ වගේ උපමාවක් පාවිච්චි කරන්නේ නැහැ නේද? එහෙම ගත්තහම, වචනයෙන් පෙනෙන අර්ථයට වඩා වැඩි අර්ථයක් මේ පද පෙලින් ඉදිරිපත් උණත්, ඔවුන්ගේ ගැමි ජීවිතයේ පසුබිම ගීතය තුලම තියනවා කියන එකයි මගේ අදහස.

      Delete
    7. තිසර

      මේ සිංදුවේ පද යෙදිලා තිබෙන ආකාරයෙන්ම රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගමේ ජීවත්වෙනකොට ලබපු අත්දැකීම් මෙතනදි පාදක වෙන්න ඇති කියලා හිතෙනවා. විශේෂයෙන්ම පැල,ඉදිකඩ වගේ වචන යෙදෙන්න ඇත්තේ ඒත් එක්ක.

      Delete
  25. ම්හ්..
    මට මේ ගෙන කියා ගන්න තෙරෙන්නෑ.

    ReplyDelete
  26. මේ නෝනා ගීත දෙ ආරක් පටලගෙන. පව්. මේ අලුත් අයට මේව කියා දෙන්න කෙනෙක් නැතුව ඇති නෙ. මංවත් හවසට බාෂිකා නෝනගෙ ගෙදර ගිහින් මේව එකින් එක කියල දෙනව. :D
    අන්න නන්ද නැන්ද මේක අහල හොස්පිරිතාලෙ.

    ReplyDelete
  27. නන්දා මාලිනීගේ අපූරු භාව්‍යමය සංවේදී ගීතයක් කැප කොටා තලා පෙලා දැමීම ගැන හුඟක් කණගාටුයි. මේ ගායිකාවගේ කටහඬ විශිෂ්ටයි. ගායනා කරන්න දක්ෂයි. තමන්ගේ සින්දුවක් ලියල ගායනා කරන්න බැරිද? අපේ බ්ලොගලට කිව නම් සින්දු පන්සියක් ලියල දෙයි. එච්චරට ලියවෙනවා. අලුත් එකක් කිව්වම මොකද වෙන්නේ. නන්ද මාලිනීගේ සින්දුව අල කරන්නේ නැතුව. අර බස්සි හෙම කිව්ව වගේ විනිශ්චය කාරයෝ ටික එළවන්නේ ඕනේ. බනින්න ඕනේ උන්ට.

    ReplyDelete
    Replies
    1. පිබිදෙන ගායක පරපුරේ ඉඳංම නවකයො ගායනා කළේ ප්‍රවීණයන්ගෙ ගීත තමයි. නවකයො සාමාන්‍යයෙන් කරන්නෙ අනුකරණය. ඩුප්ලිකේට් එකක් වෙන එක. මේ නවක ගායිකාව ඩුප්ලිකේට් නොවී තමන්ට අනන්‍ය කටහඬකින් හා ප්‍රාසාංගික විලාශයකින් වෙනස් ආරකින් ඉදිරිපත් කළාම කරකවල ඇත ඇරිය වගේද මංදා.
      Try to think out of box.

      Delete
    2. පිබිදෙන ගායක පරපුරේ ඉඳංම නවකයො ගායනා කළේ ප්‍රවීණයන්ගෙ ගීත තමයි. නවකයො සාමාන්‍යයෙන් කරන්නෙ අනුකරණය. ඩුප්ලිකේට් එකක් වෙන එක. මේ නවක ගායිකාව ඩුප්ලිකේට් නොවී තමන්ට අනන්‍ය කටහඬකින් හා ප්‍රාසාංගික විලාශයකින් වෙනස් ආරකින් ඉදිරිපත් කළාම කරකවල ඇත ඇරිය වගේද මංදා.
      Try to think out of box.

      Delete
    3. මම හුඟක් වෙලාවට බොක්ස් එකෙන් පිට ඉඳන් බලන කෙනෙක්. හන්තාන අඩවියේ සින්දුව ඉංග්‍රීසි විලාසයට ගායනා නොකර වෙන විධිහකට ගායනා කරන්න පුළුවන් වෙන්න ඕනේ . මෙතැන නිකන් ඇක්සෙන්ට් එක අරන් විතරයි. ග්‍රේෂා ශුලින් ගේ මේ ගඟ අද්දර සින්දුව බලන්න. ඔරිජිනල් සින්දුවට අසාධාරණයක් කරන්නේ නැහැ නේද.
      https://www.youtube.com/watch?v=XtOU5LfkG5E

      Delete
  28. බාසි මදුබාසිනි ගේ රෑට පූසෝ කෑගහන ටයිප් කටහඬේ තිබ්බ පුදුමාකාර හුරු පුරුදු කටෝර ගතියක්. මොකද කියලා කල්පනා කොරාම මට හදිස්සියේ සිහිපත් වුනේ. එයාට තියෙන්නේ අපේ තව නූලෙන් ගරු මන්ත්‍රිනී ජින්ජර් අක්කිගෙ ටෝන් එක නේ


    මං කියන්නේ බාසිටත් අපේ සංගීත අම්බරේ ජොයින්ට් එකක් තියෙනවා කොහේ හරි. ජයවේවා.

    ReplyDelete
  29. භාෂි පුරවන්න හදන්නෙ ලංකාවෙ සංගීතය බලා ඉන්න අඩුවක්.. 'විරෝධාකල්ප ගී'.
    කලා කරුවො කලා කරුවො කියලා වොයිස් කට් දුන්නට සමාජයේ අසාධාරණය කලාකෘති වලින් එලිදැකීම නැවතිලා වගේ තියෙන සහ සමාජය විසින් කෑ ගසා ඉල්ලන කාලයක්.
    මහාචාර්ය සුනිල් ආරියරත්න,බණ්ඩාර ඇහැලියගොඩයන් වගේ විශිෂ්ටයින්ගේ ශක්තිමත් ගේය පද රචනා සහ පණ ඇති හඬක් නොමැති කාලයක්.
    භාශි අමුතු ලයින් එකක් 'සොයා දියව්' ගීතය ගායනයෙන් අල්ලගත්තට තනූජා වගේ උපදේශකයින් ඇයව වල්මත් කරලා වගෙයි.ගීයට අදාල ආවේශය හඳුනා නොගැනීම නිසා ගීය විනාශවීමක් 'හන්තාන අඩවිය'ට වෙලා තියෙන්නෙ.
    ඇයට කල් දී බලමු.
    මේ වගේම ශිහාන් ජනප්‍රිය වුනා ඇක්සන්ට් එක වෙනස් කිරීම මඟින්.ඒ කාලෙ බැන්නට ශිහාන් අද වෙනකොට යමක් කරන කෙනෙක්.බැහැගෙන යන සිරස භාශිගෙන් හරි ගොඩයන්න උපරිමෙන් දඟලන බවක් තමයි වැඩසටහන බලනකොට නම් පෙනෙන්නෙ.
    කැත,හිරිකිත අඩු හිත හයිය වෙලාවක සිංහල රැප් අහල බලන්න කියල යෝජනා කරනවා.(ලඟම හිතවතෙක් ඉන්න වෙලාවක කරන්න,සියදිවි හානිකරගන්නත් නොහිතෙනවා නෙමෙයි.)
    ජයවේවා..!!

    ReplyDelete
  30. ඇය මේ ආකාරයට තමන්ගෙම ගීතයක් කිව්වා නම් හොඳට තියේවි නමුත් මේ ගීතය නොවෙයි.අගේ ගායනය අගය කරමින් හැකියාව උලුප්පා දක්වන අය නම් ලබාදෙන්නේ උත්ප්‍රාසයක්.

    ReplyDelete
  31. ගීතය සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයයි. සිංහලයෙහි ගී පද, ගෙය පද ලෙස හඳුන්වනු ලබන ගීත සාහිත්‍ය පාලියෙදී ගීත ලෙස ද සංස්කෘතයෙහිදී ගීත, ගාන, ගීතී ගේය යන නම් වලින් ද හැඳින්වේ. “ගීත ඉති ගීතම්” – ගයනුයේ ගීතයයි. පද රචනයක් ගීතයක් බවට පත් කිරීමට නම් නිර්මාණකරණයෙහි ප්‍රතිභාව ඇති සංගීතඥයකු සිටිය යුතුය. කාව්‍ය රචකයා පද සරසා කාව්‍යයක් නිර්මාණය කරන සේම සංගීතඥයා ස්වර හසුරවා මධුර අරුත්බර ගී තනුවක් නිර්මාණය කරයි.

    කවියෙහි හා සංගීතයෙහි මුණ ගැසීම ඔස්සේ ගීතය නිර්මාණය වීමේ දී කාව්‍යයෙහි රසය මිය යන්නේ ය යන්න ඇතැමුන්ගේ මතය වුවද ගීතයේ මිහිර තීව්‍ර කිරීමට සංගීතයට හැකි වී ඇති අයුරු ද හඳුනා ගත හැකිය. අරුත් රසයට මුල් තැන දෙන කවියත් ශබ්ද රසයට ප්‍රමුඛතාවය දෙන ගීතයත් යන ද්වයෙහිම අර්ථ රසය හීනවූ තැන ඇති අගයක් නැත. සරල ගී ශාස්ත්‍රීය ගී වශයෙන් ගීතයෙහි අංග දෙකකි. ශාස්ත්‍රීය ගීතය ස්වර, ආලාප, තානලංකාර රාග ආදියෙන් සමන්විත සංගීත ශාස්ත්‍රයට අදාළ අංගයකි. එහි නිර්මාපකයා සංගීතඥයාය.

    සරල ගීතය, සාහිත්‍ය හා සංගීතයේ සුසංයෝගයෙන් නිමැවුණු ශ්‍රවණ ගෝචර ගීතයයි. එකම පද රචනයකට තනු රචකයාගෙන් රචකයාට ගායකයා ගෙන් ගායකයාට අපූර්වත්වයක් ජනිත කරයි. එක පුද්ගල මාධ්‍යයක් වූ කවිය සංගීතය හා සංයෝග වී ගීතයක් බවට පත්වීමේදී බහු පුද්ගල මාධ්‍යයක් බවට පත්වේ. පළමුව ශ්‍රවණෙන්ද්‍රිය ද පසුව බුද්ධි හා භාව ඉන්ද්‍රියයන් ද පිනවන ගීතය ශබ්ද ධ්වනියට ප්‍රමුඛතාව දේ. එළිසමය අනුප්‍රාස යමක ශ්‍රැති ශබ්දාලංකාර භාවිත කරන කවියෙහි පුනරුක්ති දූෂිත යැයි සැලැකුව ද ගීතයේ දී පුනරුක්ති භූෂණයක් සේ සැලැකේ.

    කවියකු වීමට පුද්ගලයකු හට සහජ ප්‍රතිභාව, බහුශ්‍රැත බව හා සතතාභ්‍යාසය අවශ්‍ය වේ. කාව්‍යයෙහි ඇති ශබ්ද ධ්වනිය අර්ථ ධ්වනිය මුල්කොට පවතින්නකි. විශ්වනාථයෝ “වාක්‍යම් රසාතිමකං කාව්‍යම්” කීහ. “කාව්‍යං විශිෂ්ට ශබ්දාර්ථ සාහිත්‍ය සදළං කෘති” යනුවෙන් කණ්ඨාභරණ දක්වයි. කවියේ ආත්මය වන්නේ රසයයි. එය අර්ථයෙහි හා ශබ්දයෙහි ප්‍රතිඵලයකි.

    සිංහලයෙහි පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය, ගේය කාව්‍ය වශයෙන් කාව්‍ය ප්‍රභේද රැසකි.

    ගේය කාව්‍යයේ ගීත නිබන්ධන හෙවත් සාහිත්යික පද රචනය හැඳින්වේ. සංගීතයේ දී අපට හමුවන ගීතය ශබ්ද රසය මුල් වූ රාගයක් අනුව විධිමත් ලෙස ස්වර රචනාවක් පාදක කොට ගනිමින් ගායනා කළ හැකි ප්‍රබන්ධයකි.

    බ්‍රිටැනිකා විශ්ව කෝෂය ගීතය (Song) හඳුන්වා ඇත්තේ සංගීත භාණ්ඩයන්හි අනුවාදනය ඇතිව හෝ නැතිව කටහඬ උපයෝගී කර ඉදිරිපත් කරන සංගීතය වශයෙනි. පද භාවිතය ගීයක පූර්ව අවශ්‍යතාවකි. එහෙත් එය කවියක මෙන් බුද්ධිගෝචර නොවේ. කටහඬ හා සංගීතය එක්ව බැඳීම හේතුවෙන් වචනයේ ශක්තිය තීව්‍ර වන අතර එය ශ්‍රවණගෝචරය.

    පොදු ජනයා භාවිත කරන භාෂාවම භාවිත කරමින් ගී පද නිර්මාණය කරන පද රචකයා කථනයේදී දක්නට නොලැබෙන භාව ප්‍රකාශනයක් ගීතයෙන් ඉදිරිපත් කරයි. ශාරංග දේවයන් සංගීත රත්නාකරය නම් කෘතියේ

    සුස්වරං සරසං චෛව
    සරාගං මධුරාක්ෂරං
    සාලංකාර සප්‍රමාණං
    ෂඩිවිධමි ගීත ලක්ෂණම්

    ස්වර මනා ලෙස පිහිටා තිබීම, රසය ගැබ් වීම රාගයක් සහිත වීම, මියුරු අකුරු සහිත වීම අලංකාරයන්ගෙන් යුක්ත අවශ්‍ය ප්‍රමාණයේ රචනයක් වීම ගීතයක ලක්ෂණ ලෙස දක්වා ඇත.

    ReplyDelete
  32. මේ තරඟවල විනිශ්චය මණ්ඩලය කරන්නේ කියන්නේ චැනල් එකට ඕන කරන එක. එතෙන්දි ඔවුන් ඉලක්ක කරන ප්‍රෙක්ෂක පිරිස බොහා් විට අඩු අධ්‍යාපන මට්ටමක් සහිත තරුණ කාන්තාවන්. . මේ පිරිස තමන්ගේ පොෂ් බව පෙන්නන්න මෙවැනි දේ වලට ආකර්ෂණය වෙනවා. මෙතන තියෙන්නෙ චැනල් එකේ අවශ්‍යතාවක්.

    ReplyDelete
  33. ඉතා වැදගත් කොමෙන්ටු රාශියක් තිබෙන බවක් පේනවා.. මට ඒවා කියවන්න නම් බෑ..

    සිංහල ගීත ගැන අදහස් දක්වන නිරෝෂා විරාජිනී වරක් පවසනවා..කොයි තරම් හොදට මියුසික් කරලා තාල දාල කිව්වත් සිංදුවක වචන නිවැරදිව කනට ඇහෙන්නෙ නැතිනම් ඒ සිංදුව ලංකාවෙදි ජනප්‍රිය කරන්න බෑ කියලා.. මමත් හොදට හිතල බැලුවා..ඇත්තටම අපිට ගායකයා උච්චාරනය කරන වචන පැහැදිලිව ඇසෙන්නට ඕනි.. එතකොට තමයි වඩාත් සිංදුව දැනෙන්නෙ..

    සංගීතය මත පදනම් වෙලා සැර මියුසික් වලට වඩා ලංකාවෙ ටේස්ට් එක යන්නෙ වචන එක්ක මුසු වුන පැත්තකට.. අපේ ජන ගීත පැත්ත ගත්තත් තොවිල් කවි.. ආදී දේ ගත්තත් බොහෝවිට කියන වචන සහ ඒවායේ තේරුම සරලව අපිට වැටහෙනවා බොහෝ තැන්වලදි..

    ථනුජා ජයවර්ධන විසින් කුමක් කිව්වත් මට හිතෙන්නෙ සුනිල් ආරියරත්න උන්නැහෙ දැන් නාකියි.. උන්නැහේ තනුජා ඇහුව එකට එයා සතුටු කරන්න මොනවා හරි කියන්න ඇති.. අනෙක සුනිල් ආරියරත්න නන්දා දෙන්නා එදා ඒ කලේ වරදක් ය ..ලමුන් කුපිත වෙන සමාජය කුපිත වෙන ආකාරයේ ඇල්බම් එවන් අවස්ථාවක එලියට දාපු එක වරදක්ය කියන එකක් පිලිගන්න කැමතිත් නෑනෙ..

    ඔය ගැන වික්ටර සහ පිරිස ගේ මතය තමයි ඕක වැරදි දෙයක්.. ගීතය උනත් යොදා ගත යුතු නැති තැන් තියෙනවා පරිණත කලාකාරයො විසින්..

    උදාහරණ විදියට ළමා අපචාර වැනි දෙයක් උලුප්පන යම් කලාකෘතියක් වේ නම් එය කලා කෘතියක් විදියට කොච්චර දියුනු වුනත් සදාචාර සමාජයට එය අනුමත කරන්න හැකියාවක් නැහැ නෙව..

    ReplyDelete
  34. විරෝධාකල්ප ගීතයක් ගායනා කරන්න යක්ශාවේශ වෙන්න ඕනද?තියුණු බැලිල්ලක් ඕනද.?මේ විනිවිද යන බැල්මට මට නම් හිතෙන්නේ ඇය තව කාව හෝ ලිංගිකව පොළඹවා ගැනීමකට සුදානම් වෙනවා කියලයි.ඇය කියා හැඳින්වූවේ ගායිකාව.ගායනය ජීවමාන කරන්න ගිහින් එතන නාට්‍යයක් කරනවා වගෙයි.සමස්තයක් විදියට ගීතයට කරපු දේට මගේ නම් පැහැදීමක් නැහැ.! මම නොපැහැදුනා කියලා ගීත කන එක නවත්තන්නේ නැහැනේ.!

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි ! ++++++

      හද කම්පනයක් ඉල්ලන විරෝධී ගීයක් කාමුක තියුණු බැල්මක් කොතරම් අනුචිතද ? අපේ රසිකත්වය මෙතරම් පිරිහිලාද ? විනිසුරු මඬුල්ල රස නිෂ්පත්තිය කියන එක අහලා වත් නැද්ද ? වස බීල මැරෙන්ට හිතෙවා ආයිබෝවන්ට !!! :-(

      Delete
  35. එම ගායනයෙන් ඇදී ආවේ හන්තාන අඩවියේ හුතු ගහ ලඟින් උඩට නැග පන්සල ලඟින් ඉදිරියට කිලෝමීටරයක් පමන යන කල කුරුසිකර්ම විද්යා පීටයට අයිති පිගරියේ (Piggery) මහ ඊරී කැගසන හඬයි...

    ReplyDelete
    Replies
    1. sarcasm at its finest. nice one mate :-)

      Delete
  36. ඇය කොපි කරන්නේ මින් පෙර රියලිටි වේදිකාව කතාබහට ලක්වූ කාන්තා චරිතයක් කියලා මට හිතෙනවා. ඒ කාන්තා චරිතය ඉදිරියට ආවෙත් සමාජය ඇතුලේ සාමාන්‍ය ගීතයට වෙනම ආරක ගායනයක් ඉදිරිපත් කරලා. නමුත් මේ ගීතයේ වචන අර්ථයෙන් කියවෙන අදහසට අනුව ඇගේ ශෛලිය ගැලපෙන්නේ නෑ කියලා මට පුද්ගලිකව හිතෙනවා. ඒත් ඇයට අවශ්‍යවූ ජනතා කතාබහ නැමති තල්ලුව අවශ්‍ය විදිහට සිදුවෙනවා

    ReplyDelete
  37. මම නම් කියන්නේ මෙයාව "චිතෘ උගත් පාඩම් කොමිසම" ට යොමුකරන්න දැන්ම...

    ReplyDelete
  38. රසික සහෝදරයා... උම්මා... මගේ ප්‍රියතම ගීතයක් ඔය.. කෑව ඒක..

    ReplyDelete
  39. ඔය මහාප්‍රාණ ගායනා කරන සීන් එක අද කාලෙ ශෛලියක් නේද? සමහර රේඩියෝ චැනල් වලත් කතා කරන්නෙ “මඨ ඵුලුවන් දැන් සෝන්ග් එඛක් දෙන්න ඔයාලඨ“ එහෙම කියල නේද?

    ReplyDelete
  40. // චානුක වත්තේගමට අනුව මේ ගායනය ගැන මට ඇතිවූ සංවේගය, සන්තාපය, පිළිකුල සහ කෝපයට හේතුව හන්තානේ අඩවියේ ගීතය ගැන ඇති මගේ පේරාදෙණිය පිළිබඳ අතීතකාමී ෆැන්ටසියකි.//

    පේරාදෙණියේ ඉන්නෙ සාගත කාරයො සැට් එකක් (කුසින් අඩක් දල අහරින් සකසා), ඇට කට්ටො සැට් එකක් (කෙසඟ සිරුරු රළු යහනේ සතපා), ගිරා පෝතකයො සැට් එකක් (විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා) කියල සුනිල් අයිය ලියපුවම, නන්දක්ක ගයපුවම, භාෂි නගා කට උලුක් කරල නක්කලේට වගේ ඒ අපහාස කතා ආයෙම මතක් කරල දුන්නමවත් සංවේගය, සංතාපය, පිළිකුල හෝ කෝපය ඇතිවුනේ නැද්ද?

    ReplyDelete
  41. good on Rasika! "හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්"

    ReplyDelete
  42. හැම ගීතයකටම එකම විදිහේ වෙනස ගැලපෙන්නේ නෑ කියලා මේ සිංදුව අහද්දී පේනවා. ඒත් ඊට වඩා අවුල ඒක තේරුම් බේරුම් කරලා දෙන්න පුළුවන් විනිෂ්චයක් එතන නැති එක.

    ReplyDelete
  43. සොයා දියව් මට කඹයක්...
    කියන්න වෙයිද ?

    අනේ එහෙම නොවේවා!

    කටහඩට ගැළපෙන ගීයක් තෝරාගෙන නැවත ගයන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

    ReplyDelete
  44. සින්දු ඇනෝ, මෙන්න මගේ මූණු පොතේ මේක ගැන share කරලා තිබ්බ එකක්....

    - උපුටා ගැනීම -

    'යුගයේ ගායිකාව සහ යුගයේ එළදෙන'

    (පසුගිය සතියේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ ගීයක් ගැයූ යුවතියක 'යුගයේ ගායිකාව ලෙස' හඳුන්වා දුන්නේ යුගයේ එළදෙනකි. මේ ඒ ගැන කෙටි සහ සරල විරෝධයකි)

    ජාතියේ යශෝරාවය වූ නන්දා මාලනියගේ ගීතයක් උමාරා, උමාරියා ස්ටයිල් එකට ගයලා, පොඩි චේගුවෙරා ඇක්සන්ට් එකක් දාලා, ගීතයේ වචන ටික ලංසි ප්‍රනවුන්සේෂන් එකක දාලා පොඩ්ඩක් තුප්පහි කරලා, ඇස් පොඩි කරලා, කට උල් කරලා, පශ්චාත්භාගය වනලා, නටවලා, තටමලා, පොඩි කැට් වෝක් දෙක තුනක් දාලා සිංදුවක් කියපු ගමන් මේ ගායිකාව යුගයේ ගායකාව කරපු යුගයේ එළදෙනකට මුලින්ම මාගේ දැඩි විරෝධය පළ කරමි.

    මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවක ආධුනික ශිල්පියකු විසින් ගයන ගීතයක හොඳ නරක කියා දෙන්නට සංගීතය විෂයෙහි දැනුමක් හැදැරීමක් ඇති කෙනෙක් විනිශ්චය මණ්ඩලයට පත් නොකොට 'ලස්සනට වචන ගැලපීම පමණක්' සුදුසු කමක් කොට ගත් නිවේදිකාවකට භාර දීම පිළිබඳව සිරසටද විරෝධය පළ කරමි.

    අනික ජනතාවගේ SMS මනාපයෙන් සුපිරි තරු තෝරන තරඟයක යුගයේ ගායිකාව තරඟ වදිනකොට අනෙක් තරඟ කරුවන්ට යන කළ දසාව කුමක්ද? මේ නොකියා කියන්නේ අනිත් එවුන් පැත්තකට දාලා යුගයේ ගායිකවට SMS යවපල්ලා කියලා නොවේද

    භාෂි මධුභාෂිණී තරඟකාරිය, යුවතිය ගැන විවාදයක් නෑ. ඇය දක්ෂයි. ස්ටාර් පෙරහැර වේදිකාවේ සිට ඇය ජනතාවට අලුත් ට්‍රෙන්ඩ් එකක් හඳුන්වා දෙනවා විරෝධාකල්ප ගී සහ ගීය ගැයුමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කරන කළින් සකසා ගත් හිතට දැනෙන වචන කීපයක් හරහා. අනිත් තරඟ කරුවන් ගීතය ගයනවා හැරෙන්න එහෙම වචන මාකට් කරන්න උත්සාහයක් ගන්නවා පෙනෙන්නට නැහැ.

    නන්දා මාලනිලා, කපුගේලා, ජයතික බණ්ඩාරලා මීට අවුරුදු විස්සකට කළින් දහසකුත් එකක් තර්ජන මැද්දේමේ විරෝධාකල්ප ගී ගයද්දී රෝම කූප කෙළින් කරන් අහං හිටපු අපිට මේවා අරුමයක් නොවුනාට අද පරපුරට මේක අලුත් වැඩක්. ඔවුන් ඉතා විමසිළිමත්ව මේ දිහා බලං ඉන්නවා. ඒ හින්දාම මේ ගායිකාවන් උස්සා තියන්න භාවිතා කරන වචන ගැන විනිශ්චය මණ්ඩල වල සාමාජිකයින් හැටියට ඉන්න අය සහ මෙවැනි විනිශ්චය මණ්ඩල වලට එන මිනිස්සු වග කියන්නට ඕනේ.

    නන්දා මාලිනියගේ ගීතය පොඩි තුප්පහි ස්ට්යිල් එකක් දාල කියපු මේ විසේකාර කෙල්ල යුගයේ ගායිකාව කරපු 'යුගයේ එළදෙන' එතකොට නන්දා මාලනිය හඳුන්වන්නේ යුගයේ කවුරු කියලද...?

    ඇය මීළඟ වැඩසටහනේදී මේ ප්‍රශ්ණෙට උත්තර දිය යුතුයි...

    මේ වගත් එසේම,
    සුදේශ් කරුණාතිලක ~

    -----------------------------------------------------------

    පසුව ලියමි: පහත ලින්ක් ඔස්සේ ගී දෙකම අහන්න විඳ ගන්න.
    ඔබටත් ජාතියේ ගායිකාව වීමට අවශ්‍ය නම් තුප්පහි ස්ට්යිල් එකට සිංදු කියන්න පටන් ගන්න.

    - උපුටා ගැනීම අවසන් -

    ඔහොමයි කිව්වලු කියන්නේ....

    ReplyDelete
  45. "යුගයේ ගායිකාව" යි කියන්නෙ... අනේ වාසනාවන්....

    ReplyDelete
  46. වැරදි කිහිපයකි.. ඇක්සන්ට් එක.. ගීතයේ අර්ථය හඳනා නොගැනීම... ඊට අදාළ නොවන ශෘංගාරාත්මක ඉදිරිපත් කිරීම.. අල්‍රත් ට්‍රෙන්ඩ් මාර්කට් කරන සිරසට අවශ්‍ය මෙවැනි දේවල් මිසක නිවරැදි දේ නොවේ. අනික එහි වැරැද්දක් කියන්නට තරම් දැනුවත් අයෙකු විනිශ්චයට සිටියා දැයි යන්නද සැක සහිතය.. වැරදි හදාගෙන ඉදිරියට යන්න හැකි වේවා..

    ReplyDelete
  47. භාෂීගේ උච්චාරණේට මම කැමතියි!! ට ර වගේ වචන උච්චාරණය කරන විදිය මට මතක් කරන්නේ මම පස්සෙන් ගිය පරණ කෙල්ලෙක්! !
    එකපාරම වොයිස් එක නහය එක්ක මික්ස් වෙනවා වගේ ලයින් එක!!
    රසික කීවා වගේ සිංදුව තෝරාගනිද්දි තමයි සැලකිලිමත් වෙන්න තිබුණේ

    ReplyDelete
    Replies
    1. ඒ හින්දා මං කළේ හන්තාන අඩවියේ තාලයට වෙන පදමාලාවක් ලිවීමයි. ඕන්නම් භාෂීට මේක ඇගේ විදියට ගායනා කරන්න බැරුවයැ?
      http://rasikalogy.blogspot.com/2016/01/this-is-least-i-can-do-for-bhashi.html

      Delete
  48. ඇත්තටම මෙය ගීත කා දැමීමක්. බටහිර උරුවට ගිත ගායනයෙ ලංකාවෙ හිටපු දක්ෂම ගායිකාවක් වන ශ්‍යාමී ෆොන්සේකා කවදාවත් අනුන්ගෙ සිංදු කැවෙ නැ.. ඇය කර නව නිර්මණ අදටත් ජනප්‍රිය මිහිරි ගීත. ඇයගේ ගිත කොතරම් ඇසුවත් එපා වෙන්නෙ නැ.. නමුත් මෙයාගේ ගිත එක පාරින් එපා වෙනවා..

    ReplyDelete
  49. මෙන්න භාශි මධුභාෂිනී ඉදිරියේදී ගැයීමට නියමිත ගීත කීපයක්...

    සව්රා සිහින ව්රහසේ.....ඒයි
    ධිව්ර්රා කියා....හ්

    පෙව්රදෑ හ් මහ ව්රෑ හ් මා සිහිලෑල් උව්ර මැඬලේ යි

    ඔ ඔ ඔ ඔබෑ යි ව්රැම්‍ය සඳ ඛිව්රන ඝන ඇන්ධකාව්රේ හ්
    ඔබෑ යි සෞම්‍ය තව්රු එලිය ඝිම්හෑන කාලේ යි

    නිලම්බව්රේ සුධු පරවි ව්රෑන් යන දිනැක් උදෑ වේව්වා
    දොව්රින් දොව්රට නල හසව්රැලි තෙව්රපෙන ඛලක් උදෑ වේව්වා

    ReplyDelete
  50. සින්දුව මුලින්ම 'බලන කොට' අජුතයි වගෙ. දෙවෙනි සැරේ 'ඇහුව' 'බලන්නෙ නැතිව' එතකොට එච්චරම අවුලක් නෑ. අවුල තියෙන්නෙ ගායිකාවගෙ පෙනුමෙයි රඟපෑමෙයි. ඔය විදියට නදිනි ප්‍රෙමදාස ගායනා කලා නම් මෙච්චර විවෙචන නෑ.

    ReplyDelete
  51. Rasikage post ekakata comment karana 1st time eka.
    baashi sinduwa kiyanne naha kanawa.

    sangeethaya ewath karala geethaya pamanak ahuwoth watahewi monatharam wadhayak widinawada kiyala gee padhayai baashii.

    matanam hithenne baashi (sirasata awasyanam) super start unath tika dawasakata stage wala berihan dewi, in ehaata address naha. (no action)

    ReplyDelete
  52. මම සෑහෙන්න TV/ රේඩියෝ ඒකෙන් ඈත්වෙලා ඉන්නේ පිත කොපවෙන ආකාරයේ ගොං කතා, පුහු කතා, සම්ඵප්‍රලාප කියන ඊනියා ජරා නිවේදක නිවේදිකාවෝ සහ අනුන්ගේ ගීත තමන්ගේ වගේ ගයන පුස්සන්ගේ කර්කශ හඬ අහන්න අකමැති නිසා. අද ගේත කලාව කියන්නේ ගණිකා මඩමක් වගේ කියලා කිව්වට වැරද්දක නැහැනේ. සල්ලි වලට අම්මව විකුණනවා වගේ වැඩ තමයි, ගායකයන් කියාගන්නා සමහර පුස්සෝ කරන්නේ. මේ වගේ අයට දෙන්න තියන අවවාදය තමයි හෙමින්, අවබෝධයෙන්, ඉතා සැලකිල්ලෙන්, සතතාභ්‍යාසයේ යෙදෙමින්, ඉදිරියට යන්න කියන එක.

    ReplyDelete
    Replies
    1. අහන්න පුළුවන් රේඩියෝ චැනල් එකක් තියෙනවා, 88.6 සහ 88.8
      ගොන් පාට් නැතිම තරම්
      දැන්නම් මොකක්ද හේතුවක් නිසා සින්දු විතරයි යන්නේ, ඒකෙ තිබුණු හරවත් වැඩසටහන් නවත්තලා
      නමුත් යන සිංදු ඔක්කොම අහන් ඉන්න පුළුවන් හොඳ සිංදු, විශේෂයෙන් පරණ සිංදු
      මට ඒක අහද්දී 80, 90 දශකයේ රේඩියෝ මතක් වෙනවා

      Delete
  53. ko hu.... comment? tho kawadha paxyo?

    ReplyDelete
  54. ශ්යාමි ෆොන්සේකා අපි උසස් පෙල කාලේ සින්දු කියන්න පටන් ගත්තේ - මැයට කලින් මිනෝන් රත්නම්, ඩෑල්රීන් ආර්නොල්ඩා වැනි අයත් ඉංග්‍රීසි ඌරුවට සිංහල ගී ගායනා කළා. ඒවා තනිකර පාටි සින්දු, පොප් සින්දු. භාවාත්මක රසයක් නැහැ. ඒවා ශ්‍රාවකයා බලාපොරොත්තු වුනෙත් නැහැ. මිනෝන්, ඩෑල්රීන් හොඳ විරහ ගී පෙම් ගී (පාටි සින්දු නොවේ) ඉංග්‍රීසි බසින් ගැයුවා. සමහරක් ඔරිජිනල්ස්. ඩෑල්රීන් සහ නන්දා මාලනී ගේ යුග ගීතයත් ඔබට මතක් ඇති. මෙහිදීත් නන්ද සිංහල ඌරුවට සහ ඩෑල්රීන් ඉංග්‍රීසි ඌරුවට ගයා හොඳ සුසංයෝගයක් දැනුණා.

    මම කියන්න හදන්නේ භාෂි අලුත් රැඩිකල් ස්ටයිල් එකක් ගෙනාපු නැති බව. මේවා පරණ ස්ටයිල්. නමුත් ඉහත ගායිකාවෝ ඔවුන්ගේ සීමා හොඳින් අවබෝධ කර ගෙන ගෙන හිටියා. ඔවුන් පොප් ගීත වලින් එහාට ගියේ නැහැ.

    සිංහල සරල ගී, භාවාත්මක ගී, "නටන්නේ", "බලන්නේ" නැතුව "අහන" ගී. ඒවා මේ ස්ටයිල් එකට කිව්වම රස ඝට්ටනයක් වෙනවා. දේවාර් සුර්ය සේනත් ඉංග්‍රීසි ඌරුවෙන් සිංහල ජන ගී කියන්න හදල ගම කෑවා මතක ඇති.

    ප්‍රශ්නය ඇත්තේ මෙතැනයි. භාෂිට චිත්‍රාල් සෝමපාල වගේ රෝක් සංගීත ක්ෂේත්‍රය ට පිවිස තම කුසලතා දියුණු කර ගත හැකියි. පොල් සම්බෝලේට පාස්ටා සෝස් දාන්න හදන්නේ නැතුව .

    ReplyDelete
  55. ගීත ගායනය සඳහා නන්දා මාලනිය වේදිකාවට පැමිනෙන්නේ පයට පාවහන් වත් නොලා භාවනාවකට වඩින උවැසියක් සේය... එම ගීත රසිකයන් රස විඳින්නේ ද භාවනාවකට සමවැදුණු සේය.. එබැවින් එබඳු අරණකට වැද නොහොඹිනා කම් නොකර, දැනටමත් අනුභව කොට අවසන් පෙදෙසක තමන්ගේ නාටක පෙන්වා ගන්නට නව පරපුර දැක්කුවේ නම් මැනවි හිතවත් සිරස..

    ReplyDelete
  56. මෙය ගායිකාවගේ වරදක් නොවන බවයි මාගේ හැගීම .., මෙවැනි ගායනයක් සඳහා උඩගෙඩි දෙන සිරස හා ඔවුන් යොදාගන්නා විනිශ්‍යමණ්ඩලයයි.

    ReplyDelete
  57. මෙවන් ගීතයකට මෙතරම් අසාදාරණයක්.... අපි පන වගේ ආදාරය කරන සිංදු..... අපිව පුච්චපල්ලා පන පිටින් මීට සනීපයි . විනිශ්චය මණ්ඩලය කන්නේ වල්ද ?

    ReplyDelete
    Replies
    1. අපි පන වගේ ආදාරය කරන සිංදු......ඉතින් අපිට පාන්ද ?

      Delete
  58. Mama age sinduwa kalin ahala thibune naha.Sinduwa ahawwe obe video clip eken.Matath
    Bhasige gayanaya dakala APOYI kiyala hithuna.Mata hithne ema ranganaya ha gayanaya Mohideen Beig ge 'Ko Hathuro,Ko Hthuro'wage geethayakata misak Hanthanaye geethayata kisiseth nogalapena bawayi.Namuth Sunil Ariyarathna eka anumatha kala bawak kiyawuna.Aththatama miniha veri maragathenwath indalada?

    ReplyDelete
  59. දක්ෂ ගායිකාවකගේ අනාගතය විනාශ කිරීමක් තමයි සිරස කරන්නේ. දැනට සිරසට ඉතුරු වෙලා ඉන්න ප්‍රෙක්ෂකයාට ගැලපෙන විදිහට තමා මේ ගොන්පාට් දාන්නෙ. මොකද ඒ චැනල් වලට ඉන්නේ මෙගා නාට්‍ය වලින් ඔලුව කුරුවල් වුන ප්‍රෙක්ෂක පිරිසක්. අද කාලයේ යමක් කමක් තේරුම් ගත හැකි පිරිස දේශීය tv රේඩියෝ වලින් ඈත් වෙලා.

    ReplyDelete
  60. ඔය සින්දු දෙකම මමත් අපේ පවුලේ අයත් බැලුවා , හැමෝම නන්ද මාලිනියගේ සින්දුවට කලදේ අප්‍රිය කළා , සොයා දියව් සින්දුවෙන් තාරුණ්‍ය මරා දාපුවන්ට සාප කිරීමට ඒ හඬ ගැලපුනත් හන්තාන අඩවියේ මානවකයන් ගැන ප්‍රහසනයට ඒ කටෝර හඬ සහ විලාසය ගැලපෙන්නේ නෑ . ඒක Western Style කියල රවටන්නේ, රැවටෙන්නේ කාවද කව්ද?

    ReplyDelete
  61. ane apoi me nodaruwo karana dewal ganan ganna epa,,,,,,,,,,,,nandakke samaweyan me notheren kellata,,,,,,,,,,,suniluni.....me wicharakayanta......anu kampaa karanna......gira pothakayo karana weda walata...........me hasarak nodena karan kiyana dewal walata

    ReplyDelete
  62. ලෝකෙ හැම්දේම වෙනස් වෙනව. වෙනස් වෙන ලෝකෙ එක්ක අත් වැල බැඳගෙන යන්න බැරි අය හැලෙනව. නැසෙනවා. සංස්කෘතියත් වෙනස් වෙනවා. නමුත් හැමදේම සීමාවක් තියෙනවා. අපි අපේ හරය වටිනම දේ වෙනස් කරගන්නෙ නැහැ.මම නම් සංගීතය ගැන වැඩිය දන්නෙ නැහැ තමා. ඒ වුණාට මේ වැඩේ නම් ඉතාමත් වැරදියි. ශෝචනීයයි. කියන්න ගයන්න ඕනි තරම් වේග රිද්ම ගීත තියෙනවනේ බටහිර ඌරුවට සිංහල ගීත සම්මානනීය හොඳ ගීත භාවිතා නොකලට බටහිර ඌරුවට බටහිර ගීත ගයන්න පුළුවනිනේ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.