Thursday 12 May 2016

බියර්, බියර්, බියර්!!! (බියර් මතක කිහිපයක්) - Beer, beer, beer


මා මුලින්ම බියර් බිඳක් තොල ගෑවේ උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාලයට යාමට කල් මරමින් සිටි ගන්ධබ්බ සමයේ එක් දිනක ඥාතී නිවසක පැවති වැඩිහිටියන් ගේ සාදයක් අතර මැද දී ය. ඒ වන විට මා වයස දහ අටක් සම්පුර්ණ කර තිබුණු බව හදිසියේ දෝ මතක් වූ කරුණාවන්තයෙකු විසින්, බියර් බිඳක් කුඩා වීදුරුවකට දමා හොරෙන් මෙන් මට දෙන ලදී.

ඒ බියර් උගුරු එක හමාරේ අමුතු රසයක් හෝ නීරසක් හෝ මට දැනුණා යැයි දැන් මගේ මතකයේ නැත. නමුත්, කිසිමාකාරයක මත් වීමක් නම් ඉන් ඇති නොවුණු බව ඉඳුරාම කිව හැකිය.

විශ්ව විද්‍යාල සමයේ දී, නවකවද සමය අවසාන වූ දිනයේ, වසරවසාන විභාගයේ අවසන් දිනයේ, ප්‍රතිඵල නිකුත් වූ දිනයේ, වාර්ෂික චාරිකා දිනයේ වැනි අතළොස්සක් දිනවලදී, රහමෙර බිඳක් එහෙන් මෙහෙන් තොල ගෑවුණද, බියර් නම් ඇස නොගැටුනා හා සමාන විය.
එයට මූලිකම හේතුව වූයේ, අපේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව බව අමුතුවෙන් කිව යුතු නැත.

එක රුපියලකට වැඩිපුර මත් වෙන්නේ අරක්කු බීමෙන් වූ කළ, දරිද්‍රතාවයේ ගිලුණු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් බියර් බීමට පෙළඹෙතොත් එය පුදුමයකි. බියර්වල අඩංගු මද්‍යසාර ප්‍රතිශතය 5%ක් පමණ වූ අතර, අරක්කුවල එය 30%-35%ක් පමණ වූයේ යැයි සිතමි.

විශ්ව විද්‍යාල දෙවන වසරේ අග භාගයේ දී, මාස දෙකහාමරක් පමණ කාලයක් නුවර එළියේ ඉඳිකිරීමේ වැඩ බිමක කල් ගෙවන කාලයේ, නගරයේ එක් විදියක පිහිටි සිලෝන් බෲවරියේ කඩයට ආශාවට මෙන් දෙවරක් පමණ මම ගොඩ නැගී ඇත්තෙමි. ඒ කඩයේ තිබුණු ලොකුම ආකර්ෂණය වූයේ, බෝතලයක් කඩා නොව, කරාමය හැර වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට හැකි වීමයි.

මේ කාලයේ එක් දිනක්, මා කුරුණැගල බස් නැවතුම අසල පිහිටි, ගෙඩි සහිත බිලිං ගසක් වටකර සාදා තිබුණු, හෝටලයේ පොඩි පහේ ප්‍රේම සල්ලාපයක යෙදෙමින් සිටියෙමි. මට නුදුරු මේසයක සිටියෙකු කෑමට පෙර පාවිච්චිය සඳහා බියර් බෝතලයක් ද, සෝඩා බෝතලයක් ද ගෙන්වා ගෙන ඒවා මිශ්‍ර කර බොනු දැක මම පුදුමයට පත්වීමි. යාන්තම් මද්‍යසාර 5% අඩංගු (එනම් 95% වතුර සහිත) බියර් තවත් කුමකට තනුක කරන්නේ ද යන්න මට ඇති වූ ප්‍රශ්නයයි.

ඇත්තටම කියනවානම් බියර් හොඳ වන්නේ අරක්කු තනුක කිරීමටයි!

එහෙත්, මත්පැන් පානයේ දී බියර් සහ අරක්කු කවලම් වුණොත් සිදුවෙන ඩෝප් වීම, ඒ ද්‍රව්‍ය වෙන වෙනම පානය කළ විට සිදුවෙන ඩෝප් වීමට වඩා බොහෝ වැඩි බවට ඒ දිනවල අප අතර කතාවක් පැතිර තිබුණි. නමුත්, එවැන්නත් ප්‍රායෝගිකව එය අත්විඳ තිබුණු අයෙකු නම් අප අතර නොවීය.

එක් දිනක් මට ම ඒ කතාව සත්‍යයක් බව අත්දැකීමෙන් ම වටහා ගැනීමට ඉඩ ලැබුණි. හොඳ වෙලාවට මට එදා ඒ ආකාරයෙන් මුදලට වඩා වෙරි වීමට තරමක අවශ්‍යතාවක් ද ඇතිවී තිබුණි. ඒ පුද්ගලික ජයග්‍රහණයක් තනිව ම සැමරීමටයි.

නමුත්, එදා මා කොයි තරම් මත්වූයේ ද කිවහොත්, අර පුද්ගලික ජයග්‍රහණය පසුවදා ම මට අහිමි වෙන්නට ගොස්, යාන්තම් ජාම් බේරා ගත්තේ ඉතා අසීරුවෙනි!

ඒ වසර අග දී මගේ මුල්ම රැකියාව ලෙස දෛවා්පගත අයුරින් නැවතත් නුවර එළියටම යාමට සිදුවුණු සඳ, මට නවාතැන් ගන්නට ලැබුණේ සිලෝන් බෲවරියට අල්ලපු වැටේ පිහිටි මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නිල නිවසක ය. එපමණක් නොව කාලයක් තිස්සේ ආහාර ගත්තේ ද, බ්‍රෘවරියේ නිල නිවාසක ජීවත් වූ පවුලක සාදර අනුග්‍රහයෙනි.

දවසේ තුන් තිස් පැයම බියර් මල් සුවඳ දරා ගනිමින් ඒ කාලයේ අපි ජීවත් වීමු. ඉඳහිට දවසක පෙර කී කරාමයෙන් වීදුරුවට දැමෙන ඩ්‍රාෆ්ට් බියර් බීමට හැකි කඩයට ගොඩ වැදී, කරාමයෙන් ද, සාමාන්‍ය බෝතලයෙන් ද බියර් රස වින්දෙමු.

මේ ආකාරයට ටිකෙන් ටික බියර් ගැන යහපත් අදහසක් සිත තුළ ඇති කර ගැනීමට හැකි විය. අපේ ආර්ථික තත්වය ද යහපත් වී තිබීම එයට ප්‍රධාන හේතුවක් විය.

මගේ ජර්මානු ජාතිකයෙකු සමග බියර් බෝතලයක ඔට්ටුවක් ඇල්ලුවේ ඒ මගේ ජිවිතයේ නුවර එළිය දිනවල දී ය.

ඒ කතාව පසුව ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. අවශ්‍යම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මත්පැන් නොබී සිටින්නට හැකි නම් වඩාත් හොඳය.

(image: http://www.alamy.com/stock-photo/crates-of-beer-shop.html)

68 comments:

  1. බියර් වල සැර 8.8% නේද? 4.4% ලාගර්. බියර්,ස්ටවුට්,ස්ට්‍රොං කිය කිය ලොකු රේන්ජ් එකක ඔය නිශ්පාදන ඇහැ ගැටිලා තියෙනවා වෙනස නොදන්නවා උනාට. අපිත් හොඳටම හිඳුනු දාට ගල් බෝතලයයි,බියර් බෝතලයයි සුප් කැටයයි තමා ගත්තෙ..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සුප් කැටේ මොකටද බං.....කටේ ගාගන්නද

      Delete
    2. යේශ්.. සුපියල් දහයට නියම බයිට් එක.මුළු බෝතලයක් ගහන්න පුළුවන් එක සුප් කැටෙන්.

      Delete
  2. මේ කාලයේ එක් දිනක්, මා කුරුණැගල බස් නැවතුම අසල පිහිටි, ගෙඩි සහිත බිලිං ගසක් වටකර සාදා තිබුණු, හෝටලයේ පොඩි පහේ ප්‍රේම සල්ලාපයක යෙදෙමින් සිටියෙමි//
    මේ කොයි හරිය වගේද දැං නං මේම තැනක් හොයාගන්නවත් නෑනේ

    ReplyDelete
    Replies
    1. මේ පැරමවුන්ට් එක.ප්‍රේමදාස පිලිමෙයි ඉම්පීරියල් එකයි අතර තියෙන්නෙ.ඉස්සර හරි ලස්සන තැන.දැං නං උඩ තට්ටුවට යන්න ඔනෙ.කිසි එලියක් නෑ.

      Delete
    2. එකද බන් මේ ....යට බාර් එක තියෙන්නේ ....

      Delete
    3. දැන් ඒක නෑ බං....අකුලගෙන ගිහින්....දැන් ඒජන්සියක් තියෙ....

      Delete
    4. .අකුලගෙන ගිහින්.//
      පුහ් ඒක හිසක් නැත්තං මං බැලුව ඉම්පීරියල් එක ළග කොහෙද මේම එකක් කියල
      හෙහ් හෙහ්

      Delete
    5. අනේ පලයන් මයියෝ බොරු නොකියා ...උඹ දන්න ඉම්පීරියල් එක ..හැක් හැක්

      Delete
    6. ඔව් බං....ඉම්පීරියල් එකට මෙහා තියෙන්නෙ....කමර්ෂල් බැංකුවට මෙහා පැත්තෙ...බාර් එකට උඩ.....අන්තිමට එතම අඩියක් ගැහුවෙ ගිය වෙසක් එකට කලින් දවසෙ.....හැක් හැක්....

      Delete
    7. දැං බිලිං ගහ නැති උනාට උඩ තට්ටුවට ගිහින් බොන්න පුළුවන්

      Delete
    8. බිලිං අබිලිං කිරීම ගැන බලවත් විරෝධය!

      Delete
    9. දැන් ඒක නෑ ගස් ලබ්ස්...

      Delete
    10. පැරමවුන්ට් එක යට තට්ටුවේ දැන් බාර් එකක් නෑ - බාර් එක තිබෙන්නේ ඊට එහායින් - ඉම්පීරියල් එක තිබෙන්නේ ඊටත් එහායින් වට රවුමෙන් එහා

      Delete
  3. රන්වන් රන්වන් ගත බබලනවා
    හිනා කටින් කිරි පෙණ උතුරනවා
    හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
    ඒ දුටු තරමින් හිත මත් වෙනවා

    ඒ කට මේ කට ළඟට අදිනවා
    දෑස පියා එක හුස්මක් බොනවා
    ඈත තියන්නට හිත නැති වෙනවා
    බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

    හීතලේම උඹ ළඟට ඇඳෙනවා
    දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
    වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
    බූතයන්ට ඇති බය නැති වෙනවා

    මේසේ අපි උඹ වටව සිටිනවා
    දෑසේ නිදි මත මතට ඇරෙනවා
    රාසේ කළ හැම දේම කියනවා
    මාසේ පඩියම උඹට පුදනවා

    නො තේරේය තම තරම පමාණේ
    හිතේ දුකට බේතයි අනුපානේ
    පොතේ කියන බණ වෙයි අඩමානේ
    නැතේ නුඹට සම වෙන අන් පානේ

    පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
    මද්දිම වනතුරු එකට සිටිනවා
    අලුයම එක ළඟ වැටී නිදනවා
    තුන්යමටම මට උඹ සිහි වෙනවා

    (මහගම සේකර )

    ReplyDelete
    Replies
    1. බෝතලෙ ගනිං මචං
      බයිට් ටිකක් ගෙනෙන් මචං
      අඩියක් ගහමු මචං
      සිගරට් එකක් දියං මචං
      එහෙනං මචං චියර්ස් මචං චියර්ස් මචං..

      - එම් එස් ප්‍රනාන්දු

      Delete
    2. පදමට පොල්තෙල් ගහපල්ලා
      කරදර අමතක කරපල්ලා
      ගහපල්ලා නටපල්ලා
      කරදර යකාට ගිය දෙල්ලා

      ලොකුකම් පොඩිකම් තැබෑරුමේ නැහැ
      අපි හැම මෙහි සම සමාජයයි
      ජුණ්ඩල බණ්ඩල ඇම් පී හාමුලා
      ගහන්නේ මෙතනදි පොල් තෙල්මයි

      සැප අද විතරයි ඇත්තේ බං
      හෙට මැරිලා යන්නත් පුළුවන්
      අඩි ගහපන් ජොලි කරපන්
      කරදර යකාට ඔහෙ ගිය දෙන්

      ලෝකය කැරකෙයි අපිත් කැරකෙමු
      අද හෙට යුද්ධේ ඇති වෙයිලු
      ජලකර බෝම්බ වැටෙන්න මත්තෙන්
      පොල්තෙල් ගහලා ජොලි කරමු

      යු.ඇන්.පී කොමිනිස්ට් පාටී
      දන්නව අපි ඒවයේ හැටී
      ඒ ගොල්ලන් අපටා බන්
      දෙනව්ද මේ වගේ සම්පත්තී

      මොකටද නිකමට වැනි වැනි ඉන්නේ
      කරන්න රස්සාවක් නැත්නම්
      පිහිටට එක මිතුරයි අද ඉන්නේ
      මේ සුමිහිරි පොල් තෙල්මයි බං

      පදමට පොල්තෙල් ගහපල්ලා

      ගායනය-පියදාස ගුණසේකර හාපිරිස
      ගී පද-ආනන්ද සමරකෝන්
      සංගීතය-එස්.දක්ෂිණමූර්ති
      චිත්‍රපටිය-සැඩසුලං

      Delete
    3. බීල බීලා අංකල් බීලා
      බාර් එකේමයි කල් ගෙව්වේ
      සූර් උනත් තව තව බිව්වේ
      බාර් එකේමයි කල් ගෙව්වේ
      ඔල්මොරොන්දන් වෙලා
      සූර් උනත් තව ත්ව බිව්වේ

      කාලා බීලා සන්තෝසෙම්මයි ඉන්නට ඕනේ
      බීල බීලා මේ අවවාදේ අන්කල් දුන්නේ
      පැන්ෂන් ගත්තත් මන්
      කොල්ලා වාගේයි බන්
      නේදෝ පුතා


      ෆ්‍රෙඩී සිල්වා


      Delete
    4. බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//
      අතුරු මිතුරු දඹදිවතුරු
      එදා පටන් අද වෙනතුරු
      මේ කල්පය පවතින තුරු
      අරින වහන බාර් ...
      බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//
      උදේ පටන් රෑ වෙනතුරු - උතුර දකුණ නොපෙනෙන තුරු
      බොන කට්ටිය ඉන්නා තුරු - වහන්ඩ බැ බාර්
      බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...

      මුතුන් මිත්තෝ බාර් වලට ගිහින් බිව්ව කාලේ
      වාගේ නොවෙයි දැන් බැලුවම මොඩිෆයි වෙලා තාලේ
      ඕපන් වෙලා මාකට් එක තරගේ වැඩියි රාලේ
      විස්කි බ්‍රැන්ඩි ගල් පොල් බොන කාටත් එක ලිලේ ..

      බාර් තියන තරමටයිනේ බොන අය වැඩි වෙන්නේ
      සුර් වෙච්ච තරමටයිනේ සවි බල දිය වෙන්නේ
      සර් ඔහොම බොන්න ගියොත් නැති ලෙඩ ඇතිවෙන්නේ
      බාර් එකෙන් පෙනහැල්ලත් අරගන්නයි වෙන්නේ ..

      බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...//

      ගායනය - නිහාල් නෙල්සන්

      Delete
    5. බාර් බාර් බාර්, බාර් එකෙන් බීලා
      සූර් සූර් සූර් වෙන්න ගහලා
      ටැප් ටැප් ටැප් වෙන්න වැදිලා
      මේ බලන්න මට හොඳටම සූර්..

      ෆ්‍රෙඩී සිල්ව

      Delete
  4. අනූ ගණන් වල මැද හරියේ තිබුණු අයවැයකින් බියර් වල මිල ගණන් බොහෝ අඩු කලා... සැරබීම පානය අඩු කරලා බියර් බීමට යොමු කරන්න කියලා...

    බියර් මල් ගැන කවි සින්දු ලියවිලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කවි ලියවිලා තියෙනවා..

      http://amagesihinasappuwa.blogspot.com/2015/11/blog-post_57.html

      Delete
  5. මං ඉස්සර නං බිව්වේ අරක්කු විතරයි. ඉස්කෝලේ යන කාලේ ඉදන්ම අරක්කු සිගරට් බොන එක නං කරා. සිගරට් බොන්න පටන් ගත්තේ ඉස්කෝලේ 8-9 වසර වල ඉන්න කොට. ඊට කලින් 5 වසරේ වගේ ඉන්නකොටම බීඩී බිලා තිබුනා.

    හැබැයි 8 වසරේදී පටන් ගත්තු සිගරට් බීම නං ඉස්කෝලේ 11-12 වසර එනකොටම මට එපා වෙලා නවත්තලා දැම්මා. දැන් ඉස්කෝලේ අයින් වෙලා දශකටත් වඩා වැඩියි. සිගරට් වලින් මට ටේස්ට් එකක් නෑ. ඒක නැවැත්තුව.

    හැබැයි අරක්කු බොන එක නං නැගලම ගියා. මම පුරුද්දක් විදියට අරක්කු බොනවා නං බොන්නේ ඕල්ඩ් ඇරැක් වගේ ජාතියක් විතරයි. ඒ ඇරෙන්න ඔය ඇපල්, මැන්ගෝ වගේ ෆ්ලෙවර් අරක්කු වර්ග තියෙන්නේ ඒවා නං බොන්නේ නෑ. මම හිතන්නේ අරක්කු බොනවා නං නියම අරක්කු බොනවා මිසක් අනං මනං රසකරපු එව්වා බිලා වැඩක් නෑ.

    අරක්කු බොද්දීත් මං නං බොන්නේ සෝඩා හරි අයිස් කැටයක් දාලා හරි විතරයි. නැත්තං ඉතින් ඒවාත් දාන්නේ නැතුව නිකන්ම අරක්කු විතරක් බොනවා. කෝලා වර්ග නං දාන්නේ නෑ. බොද්දීත් මං මොකුත් කන්නෙත් නෑ. බිලා ඉවර උනාම තමයි කන්නේ. බයිට් උනත් කන්නේ නෑ. අරක්කු ටික බිලා ඉවර උනාම කන දේවල් කනවා.

    බියර් නං කකා කියලා තියෙනවා වගේ ඇබ්බැහි වෙනවා තමයි. බියර් බිලා බිලා අන්තිමේදී මං පුරුදු උනා දවසක බියර් ලීටර දෙකක් වත් බොන්න අඩුම ගානේ. ඒකත් ස්ට්‍රෝන්ග් කියන 8.8 % සැර තියෙන එක. අන්තිමේදී මගේ බඩ තඩි උනා බියර් වලටම.

    ඒ නිසා ඒකත් නැවැත්තුවා.

    ඔය විදියට බිලා බිලා මට මට හරියන විදිය සෙට් උනා. දැන් නං අරක්කු.බියර් බොන්නේ ගොඩක් අඩුවෙන්. ඉදලා හිටලා තනියෙම ඔය ලයන් ලාගර් වගේ 4.4% බියර් ටින් එකක් බිලා ඉන්නවා. අරක්කුත් එහෙමයි. ඉදලා හිටලා ඕල්ඩ් ඇරැක් වගේ කාලක් අරං සෝඩා කාලක් එක්ක බිලා ඉන්නවා.
    හිතුනොත් එහෙම කොච්චර බොන්න තියෙන, බොන එවුන් කොච්චර ඉන්න පාටි එකක උනත් බියර් පොදක් හරි කටේ තියන්නේ නැතුව ඉන්නත් පුළුවන්.

    බොනවා නං බොන්න ඕනි ජොලියට. ඒක තමයි මගේ තියරිය. ඒත් දිනපතා නොවෙයි.

    බියර් අරක්කු ගැන කතා කරන්න බැරියයි දවසක් උනත් එක දිගට.

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවො එපා කියපු දේ
      ජේසුස් වහන්සේ එපා කියපු දේ
      විශ්ණු කතරගම දෙවි ප්‍රතික්ෂේප කරපු දේ
      අපි තවමත් බොනවා
      සුරාපානෙ බොනවා
      බීලා වැනසෙනවා...

      Delete
    2. An excellent comment from Ano and a nice practice, too.

      Delete
    3. ඉන්දික, ඔය කිවුවට සක්කරය ඕක එපා කියල නෑනෙ. හැක්..

      Delete
    4. //ජේසුස් වහන්සේ එපා කියපු දේ // කොහෙද එහෙම එකක් තියෙන්නෙ. ජේසුස් වහන්සේ දිනපතා බිව්වෙ වයින්නෙ

      Delete
    5. මම දනටත් ඇටකෝටිටෙක් සයිස් එත් ජොබ් එකට ගියාට පස්සේ දිග හරහ නැතිව බොන්න ලැබුනා. ක්වාටස් එකේ ඉද්දිත් සතියට දවස් 3 ක් අනිවර්‍යෙයන් බොනව බියර්. ඊට අමතරව අනිත් සැර එ්වා. දැන් බඩ විතරක් මහත් වෙලා. මම බය වෙලා ඉන්න තවත් බඩ මහත් උනොත් හරියටම මන්දපෝෂනේ ලුක් එක එනවා .බියර් හින්ද දැනට තත්වෙ හොදයි මොකද ඉස්සර දකින දකින් එකා කිවුවො බඩ කොන්දට ඇලවිලා වගේ කියල මෙයිට වඩා බඩ ආවොත් තමා අවුල

      Delete
  6. මුලින් බිව්ව හැම එකාටම රසේ මතක නැති එකනේ වැඩේ. හැක්

    ReplyDelete
    Replies
    1. උඹනං ඉතිං තාම කෝක් විතරනේ බීල තියෙන්නෙ ඉඳං.

      Delete
  7. මට මතක හැටියට මම නම් මුලින්ම බියර් බිව්වෙ කොකාකෝලා වලට කලවම් කරලා. එතකොට හත වසර අට වසර විතර ඇති. ගෙදරට හොරෙනුත් නෙමෙයි. පාටිවලට ගියාම බියර් චුට්ටක් බොන එක ගැන ඒ කාලෙ ඉඳලම මට ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. මේ වෙරිවෙන්න බීමක් නෙමෙයි පොඩ්ඩක් රහ බැලීමක්.

    දැන් ඉතින් මට බියර් ඇරෙන්න අනික්වා බොන්න තහනම්. ඉතින් බියර්ම තමයි බොන්නෙ. ඒකත් වැඩිවෙච්ච ගමන් චරු චුරු එනවා. මම දැක්කා ලෝකයේ හොඳම බියර් දහය ගැන කියපු වීඩියෝවක් යූටියුබ් එකේ. දැන් නම් ඒ දහය බීලා බලන්න තමයි ට්‍රයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. අරක්කු බියර් කලවමෙන් වෙරි වැඩිවෙන්නෙ කොහොමද? රසායනික ප්‍රතික්‍රියාවක්ද?

      Delete
    2. මං මේ දැන් හොඳට බොන, ඉස්සර අපිත්තෙක්ක බිව්ව බැචෙකුගෙන් ඇහුව මොකක්ද මේකට හේතුව කියල. බොන මඟුලක් බීල වෙරි වෙන්නෙ නැතිව තව මෙතන රසායනික ප්‍රතික්‍රියාත් අහනව කියල කියපි.

      Delete
    3. බැචාගේ කතාව ඇත්තනේ හරි.. මොන කරදරයක්ද....

      ආපු වැඩේ කරගෙන යන්න මහත්තයා...මේ උපත විපත අහන්නේ නැතුව......කියලා කිව්වාලු ප්‍රොස්ටිටියුට් කෙනෙක්. තරුන කොලුවෙක් වැඩේට බහින්න ඉස්සෙල්ලා බර්ත්ඩේ එක කවද්ද අහලා.

      Delete
    4. බියර් සහ අරක්කු කලවම් වීමෙන් වැඩිපුර මත් වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් නිසා නොව මානසික ප්‍රතික්‍රියාවක් නිසාය.
      ගල් අරක්කු බීමෙන් සෙම වේලී යන්නේ ද පොල් අරක්කු බීමෙන් සෙම වැඩි වෙන්නේ ද එසේම මානසික ප්‍රතික්‍රියා නිසා විය යුතුය.

      Delete
    5. හිනා කාලා මැරෙනවා මේ කතා අහලා. එහෙනම් දවසක ට්‍රයි කරලා බලන්න ඕනෙ. මම හිතන් ඉන්නෙ බියර් අරක්කු කලවම් උනාම අරක්කු තනුක වෙන්න ඕනෙ කියලනෙ. මානසික හේතුවක් නම් වෙරිවෙන්න බෑනෙ එතකොට.

      Delete
    6. සෝඩා.. කෝලා..වලට වඩා වැඩිඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙන දෙයක් අරක්කු වලට මුසු උනාම වැදිල්ල වැඩියි.මානසික කතාවට මුකුත් කියන්න විදිහක් නෑ ඕක හදාරලා නැති නිසා.හැබැයි මිනිස්සු වට්ටන්නත් පුළුවන් අරක්කු වලට බියර් දාල.ඩූඩ් පෝස්ට් එකක් දාල තිබුනා මතකද?

      Delete
  8. මේකෙ ලින්ක් එක මං අපෙ බොසාට යවනවෝ...

    මේ මගෙ බීර හීනෙ.
    http://lepataheena.blogspot.com/2016/04/blog-post_8.html

    ReplyDelete
  9. ලාගර් / පිල්ස්නර් වීදුරුවකට දෙහි පෙත්තක් දැම්මහම ෆ්‍රෙශ් රසයක් එනවා.

    රසිකලට රියල් / කාස්ක් ඒල් ( unfiltered and unpasteurized )හම්බවෙනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. True. Beet goes with Lemonade very well

      Delete
    2. බියර් එකට ලයිම් ස්ලයිස් එකක් දාන එක මෙක්සිකන් පුරුද්දක්. කොරෝනා වගේ බියර් බ්‍රෑන්ඩ්ස් ලයිම් එක්කමයි බොන්නේ. මෙක්සිකන්ස්ලා ලයිම්වලට ඇල්මක් තියෙනවා. ටිකිලා බොනකටත් ඒ වීදුරුව කට වටේට ලයිම් ගානවා. අපි බීලා ඉවරවෙලා පහුවදාට ලයිම් බොනවා.

      ඉස්සර බීල වනේ වෙන එවුන්ට දෙහි අතුල්ලන්නේ ඇයි?

      Delete
    3. බියර් වලට මොනවා හරි සොෆ්ට් ඩ්‍රින්ක් එකක් මික්ස් කරපුවාම ඒ ඩ්‍රින්ක් එකට කියන්නේ ශැන්ඩි කියලා. පබ් එකකින් ශැන්ඩි එකක් ඉල්ලුවාම බියර් පයින්ට් එකකට ලෙමනේඩ් ටිකක් දාලා දෙනවා.

      වයිට් වයින්වලට ඒ වගේ ෆිසි ඩ්‍රින්ක් එකක් දැම්මාම කියන්නේ ස්ප්‍රිට්සර් (spritzser)කියලා.

      Delete
  10. බියර් ගහන්න සල්ලි නැතුව ..හොරෙන් වත්තකට පැනලා ගෙයි පිටුපස මඩුවේ තිබුණ හිස් සිංහ බෝතල් සෑහෙන ගානක් ගෝනියක දාගෙන ගිහින්, බියර් පහක් අරගෙන, උක් ගහක් හප හපා බීව අතීතයක් මට තිබ්බා රසික .. අම්මපා ඒ මතකෙටත් වෙරි වෙනවා ..

    ReplyDelete
  11. බියර් බිව්වම මහත් වෙනව, සෙම එනවා වගේ කතා තියනවා නේද කට්ටිය අතරෙ. කොහොම නමුත් බියර් වල තියන රන් වන පාටට, පෙන කැටි වලට එන ආසාව නිසා බොන එක නවත්තල තිබ්බත් අමුතු පෙරේතකමක් ඔළුවට එනව.

    ReplyDelete
  12. අර අන්තිමට කියලා තියන ඔට්ටුව ගැනත් ඉක්මනින් කියල දාන්නකෝ..

    ReplyDelete
  13. බියර් එකක් බිව්ව කාලයක් මතක නෑ. කොහෙද මේ පොල්කිච්චිත් එක්ක බැහැනේ.

    ReplyDelete
  14. ඊයෙ බීල අමාරුවට අද බොන්න හොද බෙහෙතක් තමයි බියර්, යන්ඩ ඕනෙ ' කොරෝනා ' එකක් බොන්න.

    ReplyDelete
    Replies
    1. ඒක නං අත්දුටුවයි, සත්තයි. කොරෝන වලට දෙහි පෙත්තක් දැම්මම පංකාදු පහයි නේද..

      Delete
    2. මම දෙහි දාල බොන්ඩ ආස නෑ. කොරෝනා එකේ රියල් ටේස්ට් එකට මම ආසයි. හැබැයි ගොඩක් අය දෙහි දාල බොන්ඩ ආසයි නේද ?

      Delete
  15. මමත් බියර් බීල බඩ හදා ගත්තු එකෙක්...

    ඒ වගේම මට වතාවකදී බියර් නිසා හොඳ සනීප වාසියක් අත් උනා...
    ඒක මෙතන කියන්න බැහැ, ඒකයි දුක...
    මතක් වෙනකොටත් අතීතෙට යැවෙනවා...

    ReplyDelete
  16. අපෝ බියර් වලට නම් මගේ කැමත්තක් නැහැ.මුලින්ම බියර් විදුරුවක රස බලන කොට මම හිටියේ ස්කෝලේ අට වසරේ බව නම් මතකයි.

    ReplyDelete
  17. මමනං ගල් වලින්ම පටංගත්ත එකෙක් හින්ද බියර් වලට එච්චර ප්‍රියතාවයක් නෑ. කලාතුරකින් තමයි බියර් බිවිවොත්. ඒත් ගොඩක් වෙලාවට ගල් එක්කම තමයි.

    රසික කට්ටියට බොන්න උත්තේජනයක් ඇතිකරල අන්තිමට අර වගේ ප.ලි. යක් දාල වැඩක් තියෙනවැයි. හැක්..

    ReplyDelete
  18. කොරෝනා බෝතලේට දෙහි බෑයක් ඔබාගෙන රස්නේ දවසක තොල ගාන්න තියේනං මල් හතයි මටනං

    ReplyDelete
  19. නවක වදේ අන්තිම දවසෙ රෑ අපි හදපු වදකහ සුදිය රසිකල බිව්ව මතකයි. එදා හැමෝම ලොකු බැඳීමකින් සමීප වුණා.
    ඒ සමීප බව අවුරුදු ගාණක් කට්ට කද්දි එකිනෙකා අතර සහජීවනයට හේතු වුණා කියලයි මට හිතෙන්නෙ.
    එහෙම නොවෙන්න ගුරුවරුයි, පාලකයොයි දුන්න වද වල හැටියට කී දෙනෙක් කෝස් එක දාල යන්න තිබුණද..

    අනෙක් කාරණේ ඔය අරක්කු වලට බියර් දැම්මම වැඩියෙන් දැනෙන එක ඇත්ත. මම දැනුත් ඉඳහිට අත්විඳිනව.

    ඩ්‍රාෆ්ට් බියර් බොන්න නුවරඑළි යන්න කලිං නුවර දළදා මාළිගාව ළඟ යූ.කේ.ඩී. බාර් එකේ තිබුණ. බීල නැද්ද. මට මතකයි දැනට සිඩ්නි ඉන්න මගේ බැචෙක් ඩ්‍රාෆ්ට් බියර් බීල මේසෙ උඩ නැගල බිත්තියෙ තිබුණ පිංතූරෙට වැන්ද යූ.කේ.ඩී. මුදලාලි බුදු වේවා කිය කිය. හැක්..

    ReplyDelete
    Replies
    1. කොහෙන් ගියත් මේ දවස් වල නවතින්නේ නවක වධෙන්... හැක්...

      Delete
  20. අපිත් ලොක්කා නැති දවස් වල හවසට බියර් එකක් එහෙම ගහලා තමයි රාජකාරි නිමා කරන්නේ.

    ReplyDelete
  21. බියර් බොන්න පටන්ගත්තේ බිග්මැච් එකෙන්. දැන් නම් BEER වලට වඩා බොන්න ආස BITTER. මෙහේ හොඳ ඒවා තියෙනවා.

    ඉස්සර පිටකොටුවේ 138 ප්‍රයිවට් බස් නවත්තපු මඩ ගාලේ අයිනක පොඩි වයින් ස්ටෝර්ස් එකක් තිබුනා. බියර් එකක් අරන් කඩලා දෙන්න කීව්වම ස්ට්‍රෝ එකක් එක්ක දෙන්නේ. වීදුරු නැහැ.මාත් ගහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රෝ එකෙන් බිව්වම වෙරි වැඩී කියන එක ඔය බියර් අරක්කු කලවමට සමානවම ප්‍රසිද්ධ කතාවක්.

      Delete
    2. ස්ට්‍රෝ එකෙන් බොනකොට අනිත් ක්‍රම වලට වඩා ටික වෙලාවක් කට ඇතුලෙ බියර් තියෙනවානෙ.දිවෙන් උරාගන්න ප්‍රමාණෙ වැඩියි එතකොට.කොහොමත් බියර් එකක් බොනකොට කටේ තියාගෙන දිවෙන් හුරතල් කරලා ගිලිනකොට අමුතු ලල් එකක් තියෙනවා..හෙහ් හෙහ්

      Delete
  22. ps.Emenma manda pamanata ganeema ithamath gunadayakaya!

    ReplyDelete
  23. ps.Emenma manda pamanata ganeema ithamath gunadayakaya!

    ReplyDelete
  24. හප්පා.. මෙතන බාර් එකක් වෙලානෙ... හි හි...

    බියර්, අරක්කු.. ඔය කෝකත් හොඳයි පෙරේතයො වගේ තැන නොතැන නොබල, ලිමිට් එක පනිනකං බොන්නෙ නැත්තං.. සිගරට් බොන එකාට නං එකක් ඉල්ලුවොත් දෙකක් අරං දෙන ජාතියෙ.. බීල බීලම ඉක්මණට මැරියන් අපිට වද නොදී... ඒ මගේ හැටි...

    ReplyDelete
  25. රසිකොලජියා බියර් බීපු හැටි දැන ගත්තා නොවැ ..ඇත්ත, බියර් අරක්කු එක්ක කලවම් උනාම හෝටල් ඉක්මනින්ම දාන්න පුළුවන් අපේ පැත්තේ කියන්නේ කබරයා දානවා කියලා ...හි හි මගේ නම් ප්‍රියතම බීම හි හි ගල් තමා හැබයි එකත් බොන්න ලැබෙන්නේ ඉඳලා හිටලා මගේ සල්ලි වලට බොන්නේ අවුරුද්දට විතරයි හැක හැක

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. අරක්කු වලට වඩා බියර් වල රසටත් මත්වන ආකාරයටත් කැමතියි.

    ReplyDelete
  28. vindiyath ekkada Kurunegala paramount hotel ekata giye?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.