Friday 6 May 2016

මගේ (පළමුවෙනි) බ්ලුකේට කෙලවුණු හැටි! - What's the matter? (Minor matter)!, Are we worried? (No, no)!


මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ සාකච්ඡා වෙන එක් වැදගත් මාතෘකාවක් නම් බ්ලුක් යන්නයි.

බ්ලුක් එකක් (බ්ලුකයක්) යනුවෙන් අදහස් කෙරෙන්නේ බ්ලොගයක පළවුණු ලිපි හෝ කතා හෝ කාව්‍ය නිර්මාණ හෝ එකතු කර එය පොතක් ලෙස මුද්‍රණය කළ විට බිහිවෙන කෘතියයි.

මේවා ඇත්තටම පොත් ය, එනම් බුක්ස් ය. නමුත් ඉහත අර්ථදැක්වීමෙන් කියවුණු පරිදි, බ්ලුකයක අන්තර්ගතය ඊට පෙර බ්ලොගයක පළ වී ඇති නිසා, මෙලෙස බ්ලුක් (Blog + Book = Blook) යන නමින් වෙනම නමකින් හැඳින්වීම කෙරෙන බව පෙනේ.

වසර 2005 දී මුලින් ම මගේ "පෙම් ගී" බ්ලොගය හරහා බ්ලොග්කරනයට පිවිසි මා ඒ දිනවලම වාගේ කළේ මා පබැඳූ ඒ පෙම් ගී (ඇත්තටම මේවා බහුතරයක් විරහ ගී ය) එකතු කර පොතක් ලෙස සැකසීමයි.

මගේ පෙම් ගී එකතුව මා නම් කළේ, පෙම් ගී බ්ලොගයට මා එක් කළ මුල් ම පදමාලාව මෙන් ම, මා ලියා ඇති ගී පදමාලා අතරින් මගේ ප්‍රියතම පදමාලාවේ එක් පදයක් වූ, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" යනුවෙනි.

අත් පිටපත සෑදුවා පමණක් නොව, මතු යම් දිනයක දී, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" මුද්‍රණ කර බෙදා හැරීමට ද මගේ සිතේ පැහැදිලි අදහසක් තිබුණි.

එය එසේ වූවා නම්, ඒ දිනවල අද දප නිතර අසන මේ බ්ලුක් යන වචනය භාවිතයේ නොතිබුණු මුත්, බිහිවීමට නියමිතව තිබුණු මුද්‍රිත කෘතිය, මගේ මුල්ම බ්ලුකය පමණක් නොව, මගේ මුල් ම මුද්‍රිත ග්‍රන්ථය ද වෙන්නට ඉඩ තිබුණි.

නමුත් එය එලෙස සිදුවුණේ නැත.

වඩාත් නිවරැදිව කියනවා නම්, තවමත් එය එලෙස සිදුවුණේ නැත.

එයට හේතුව මෙයයි.

මගේ අදහස වූයේ, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" කෘතියේ මුද්‍රිත පිටපත සමග ඒ පදමාලා ඇසුරෙන් නිපදවෙන ගී ඇතුළත් සංයුක්ත තැටියක් ද නිකුත් කිරීමයි. ඒ සඳහා අනිවාර්ය අවශ්‍යතාවය වූයේ, මගේ පෙම් ගී පදමාලාවලට තනු නිර්මාණය වී, සංගීතය සහ ගායනය එක්වී සැබෑ ගී ලෙස සැකසී, ඒ ගී නිර්මාණවලට මුල් වෙන අය විසින් තම නිර්මාණ එළි දැක්වීමයි.

මේ වන විට, කිහිප දෙනෙකු ම විසින් මගේ පදමාලා සඳහා තනු නිර්මාණය කර, ගායනා කර, තැටිගත කිරීම් පවා කර තිබුණද, මා බලාපොරොත්තු වූ තත්වය අවාසනාවකට, තවමත් උදා වූයේ නැත.

මගේ සිතේ ඉපදුණු මුල් බ්ලුකය තවමත් සැබෑවක් නොවී සිහිනයක් පමණක්ව පවතියෙන්නේ ඒ ආකාරයට ය.

හැබැයි මෙය මා මේ ලිපියේ මාතෘකාවේ සඳහන් කළ ආකාරයට කෙලවීමක් ම නොවේ.

ඇත්තටම, සැබෑ කෙලවීම, කෙලවුණා නම් කෙලවුනේ මගේ දෙවන බ්ලුකයට යි.

ඒ කතාව හෙට ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා සතුව ඇති බ්ලුක් කිහිපය මෙන්න. (මේ සමහර බ්ලුක්ස්, වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලුක්ස් නොවන්නට ඉඩ ඇත!)

1. ඩෝසන් ප්‍රීති ගේ හකාවතී
2. මාලතී කල්පනා ඇම්බ්‍රොස් ගේ මේ නිහඩ වෙරළට එන්න
3. තිලකසිරි ඒකනායක ගේ තිලක සිත
4. පුෂ්පා රම්ලනී ගේ සුදු හිම පලස
5. බෝධිනී සමරතුංග ගේ අනිත් කොන
6. බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන
7. තරංගනි රෙසිකා ප්‍රනාන්දු ගේ තරු ඇස් රහස්
8. යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින
9. අජිත් ධර්මකීර්ති ගේ පොල්කට්ටෙන් එපිටට

රන්දිකා රණවීර ගේ "සොඳුරු බාලේ ගෙවුණු තාලේ" බ්ලුකය මිළට ගත්ත ද, එය මගේ සොහොයුරා ගේ දියණියට තෑගි දුන්නෙමි.

දිනේෂ් උමගිලිය ගේ "සමනලයා මියැද්දෙන්" ඊළඟට මිළට ගත යුතු බ්ලුකයයි.

(image: http://blook.bampfa.berkeley.edu/fyi/)

29 comments:

  1. පොතක් ලියන එක බොහොම හොඳ වැඩක්.හැමෝටම කරන්න බැරි වැඩක්.දිනෙශ් ගෙ පොතනම් අරගන්න ඔනෙ කොහොමහරි

    ReplyDelete
  2. මේ බ්ලුක්ස් වලින් මං ගාව තියෙන්නේ පහයි.. ඩෝසන් ප්‍රිති හකාවතිට කලිනුත් බ්ලුක් එකක් කලා කියලා බුරු කිව්වා. ඒත් මටත් හොයාගන්න බැරි උනා. අපිට අමතක වේච්චි කෙනෙක් තමා දිනිති දිපිකා “ආරුක්කු කවියක් යටට එන්න“. ඒකත් වැඩි මනක් බ්ලුක් එකක් වෙනවා.. ජය වේවා..

    ReplyDelete
  3. තුන්පාරක් පෙරල ගත්තු එකා උනාට කැලෑ ගතිය තාම ගිහිල්ල නෑ
    මුලින් ගහපු එකාටයි ගුටිකාපු එකාටයි එකම දඩුවම
    අන්න ඒකයි වෙනස..

    පාර්ලිමේන්තු ගැටුමේ සම්පූර්ණ වීඩියෝව හොදින් බලන්න
    මුල්ම පහර එල්ල කරන කෙනා කවුදැයි ඔබට හදුනා ගත හැකියි

    Isuru Manoj Kokawala

    ReplyDelete
    Replies
    1. මම හොඳට බැලුව කීප පාරක්ම. මළබද්ධ විපක්ෂේ එකෙක්ම තමයි මුලින්ම ගහන්නේ. ආණ්ඩු පක්ෂේ ට්‍රික් එකට මළබද්ධ සෙට් එක නියමෙට අහු උනා

      Delete
    2. මේ කතාව මේ පෝස්ට් එකට අදාළ වෙන්නේ කොහොමද ගොං huත්තෝ

      Delete
  4. මාත් බ්ලුක් එකක් ප්ලෑන් කරනවා...
    පටන් අරන් නැවතුණේ අවශ්‍ය විවේකය හොයාගන්න බැරි වුණ නිසා...
    හැබැයි මම බ්ලොග් එකට ලියද්දිම බ්ලුක් එක ගැන ඔළුවේ තියාගෙනයි ලියන්න හදන්නේ...
    කතාන්දරකාරයා කළා වගේ සෑහෙන පෝස්ට් ගාණක් ලියා කොටස් වශයෙන් බ්ලොගයේ පළ කරලා ඉන්පස්සේ බ්ලුක් එක එළියට දාන්නයි ඉන්නේ..
    මම ලියන එක බ්ලුක් කියලා හඳුන්වන්න පුළුවන්ද දන්නෑ...
    මම බ්ලොග්කරුවෙක් විදියට විතරක් හඳුනන කෙනෙක් නෙවෙයිනේ... කොටින්ම මම පන්නරය ලැබුවේ බ්ලොග් වලට පිටින් නේ..
    බලමුකෝ ප්ලෑන් කොච්චර තියෙනවද අපෙ ඔළුවල....

    ReplyDelete
  5. කකාගේ බ්ලුක් එක මම කිව්වා වගේම දන් දුන්නා...

    ඒක නම් බොහොම රහයි....

    ReplyDelete
    Replies
    1. මරදානෙද??

      ඒක බිලුක් එකක් නෙමෙයි..

      Delete
  6. බ්ලුක් එකොලක් පිටවෙලා මේ වෙනකොට..... අවුරුදු පහ හයකට කලින් මෙච්චර පොත් මුද්‍රණය වෙයි කියලා හිතුනේ නෑ.....!

    ReplyDelete
  7. බ්ලුක් එකොලක් පිටවෙලා මේ වෙනකොට..... අවුරුදු පහ හයකට කලින් මෙච්චර පොත් මුද්‍රණය වෙයි කියලා හිතුනේ නෑ.....!

    ReplyDelete
  8. ඒ බ්ලූක් එකත් ආපු දාට ඔක්කොම එකට මිළදී ගන්න ඉක්මනටම එලියට දාන්න.
    ජයවේවා..!!

    ReplyDelete
  9. මනුස්සයෙක් ජීවිතේ දී කරන්න ඕනි වැඩ 3 ක් කියලා තියනවානේ...
    ගසක් වැවීම, පොතක් ලිවීම, පුතෙක් හැඳීම...

    ඒ කියන්නේ පොතක් ලියන එකත් ඉන් එකක්.. පොතක් ලියන්න පුලුවන් වෙන එක ලොකු දෙයක්... පොත් කියන්නේ ගොඩක් දෙනාගේ ආදරේ ලබන දෙයක්.. කාටත් ප්‍රෙයා්ජනයක් වෙන්න පුලුවන් දෙයක්.. ඉතින් බ්ලුක්

    එකක් උනත් කොයිතරම් වැදගත්ද?? හැමෝම එක් දෙකක් හරි බ්ලුක් එලියට දාන්න උත්සහ කරමු..

    ReplyDelete
    Replies
    1. කරන්න ඕනි වැඩ 3 ක්
      පොතක් ලිවීම,.....
      ජිවිතයෙන් 1/3 ක්......
      පුක තමයි !!!!!!!

      Delete
  10. මාත් බ්ලික් එකක් අවුට් කරන්න ඕන, ඒත් ඊට කලින් හරියට බ්ලොග් එකක් ලියාගන්න එපාය. ඒකනෙ අමාරු වැඩේ

    ReplyDelete
    Replies
    1. උඹට මට වගේ අයට බ්ලුක් කිරිල්ල අමාරුයි. මොකද මොකක් හරි එක දෙයක් ගැන ලියපු ලියවිලි අඩුයි මං හිතන්නෙ. රසික වගේ අය අධික ලිවිල්ල නිසා කැටගරි කිහිපයකින් හොයාගන්න පුළුවන්. තිලකෙටත් ලියපු සුළු ප්‍රමාණය වුනත් එකවගේ කතාන්දර ටිකක් නිසා පුළුවන්. දිනේෂ් මලය කෙටිකතා ලියල තියනව. බස්සිත් කවි ලියල තියනව. අපේ අච්චාරු බ්ලොග්වල වැඩේ අමාරුයි.
      උඹ අර සහන් එක්ක දාගත්ත වලිය වගේ එක එකා එක්ක දාගත්ත වලි ගැන ලිව්ව නං හරි.

      Delete
    2. බ්ලුක් බ්ලොක්ඩ් බ්ලොග්ස්..

      Delete
    3. @Raj - write more about your office related stories. They are really good and little creativity or imagination is ok.

      Delete
    4. //ඒකනෙ අමාරු වැඩේ//
      හුග්... ඕක මොන අමාරු වැඩක්ද..... අභීත එදිරිසිංහට දීපු සල්ලි ආපහු ඉල්ල ගන්න එකනෙ අමාරු වැඩේ....

      Delete
    5. /උඹ අර සහන් එක්ක දාගත්ත වලිය වගේ එක එකා එක්ක දාගත්ත වලි ගැන ලිව්ව නං හරි./

      මේකනං හොඳ යෝජනාවක්. තනියම බැරි වුණාම 'ප්‍රොෆයිල් ඇනෝ' කියලා ෆේක් එකකුත් හදාගෙන ඇවිත් සහනට දුන්න ගේම නම් මාරයි. හැබැයි ඉන්දික ගොනා හින්දා ඒක පස්සෙ දෙන්නෙම නැතුව මාට්ටු වුණා.

      Delete
    6. /හුග්... ඕක මොන අමාරු වැඩක්ද..... අභීත එදිරිසිංහට දීපු සල්ලි ආපහු ඉල්ල ගන්න එකනෙ අමාරු වැඩේ..../

      අභීත අයියගෙ අහිංසක ගෑනිටයි දරුවටයි කුණුහරුපෙන් බැනලත් සල්ලි නම් ගන්න බැරිවුණා. ඒ අතින් තමන්ගෙ ස්ථාවරය වෙනස් නොකළ අභීත අයියා ග්‍රේට් පොරක්.

      Delete
  11. බ්ලුක් සිහිනය ඉක්මනින්ම සැබෑවේවායි පතමි! මට නම් දැන් පොත් ගැනෙන්නේ නැති තරම්. ගත්තත් කියවන්න කාලය හොයාගන්න බොහොම අමාරුයි. අන්තර්ජාලයේ පිහිටෙන් තමා බොහෝ වෙලාවට නිවුස් එකක් වුනත් දැනගන්නේ.

    ReplyDelete
  12. අරුන පෙරේරා දැන් එක්ස්ලූසිව් කමෙන්ට්කාරයෙක් වෙලා නිසා අරූ ගේ ඉස්සර ලිපි බ්ලුක් එකක් කලොත් හොඳයි

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. .තව ටික දවසකින් සෙක්සිකුලුසිව් කමෙන්ට් කාරයත් අවුල් වෙලා චා වෙලා යන්ඩ කලින්. හැක්

      Delete
    2. ඉස්සර කකාට හිටියා වගේ අපි කමෙන්ට්කරුවන්ගේ සංගමයක් හදාගමුද?

      Delete
    3. ar එහෙම කරලා එකටටත් ධර්මයට කියලා සම්මානයක් සෙට් කර ගනිමු

      Delete
  13. Replies
    1. ඉක්මනින්ම rasikology blook බලන්න බලාපොරොත්තු වෙනවා.

      ඒ බං ඉංගිරිසි වැරදුනොත් තමා හරියට සිංහල එන්නේ.. ට්‍රාන්ස්ලේටර් එකේ.. හැක්..

      Delete
  14. Man oka sinhalen ingirisiyata harawa gaththe. hak. Eka wennathi.

    ReplyDelete
  15. ඉක්මණටම පොත පිට කිරීමට හැකිවේවා...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.