Saturday 24 September 2016

අපේ කාලයේ දුයිෂෙන්ට මොකද වුනේ? - One step forward, two steps backward?


දින දෙක තුනකට ඉහත දී මම ජයලත් මනෝරත්න විසින් ලියා, අධ්‍යක්‍ෂණය කර, ප්‍රධාන චරිතය ද රඟ පෑ "ගුරු තරුව" නම් වේදිකා නාට්‍යය ගැන ලියූ ලිපියක "ගුරු ගීතය" නම් පරිවර්තන කෘතිය ගැන යන්තමින් සඳහනක් කළෙමි.

"ගුරු ගීතය" පරිවර්තන කෘතිය පිළිබඳව මම ඊට පෙර ලිපියක ද සඳහන් කර ඇති බව ඒ මොහොතේ මට සිහිවිය. ඒ පෙර අවස්ථාව වූයේ හිටපු පාසල් ගුරුවරයෙකු වන සමන්ත විද්‍යාරත්න නම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරු ගීතයේ ආ ප්‍රධාන චරිතයේ පුද්ගල නාමය උපයෝගී කර ගෙන ඇරඹූ "දුයිෂෙන් ගේ අඩවිය" නම් බ්ලොගය හඳුන්වා දීම උදෙසා රසිකොලොජියේ පළ කළ ලිපියයි.

සමන්ත විද්‍යාරත්න යනු මා සිත දිනා ගත් දේශපාලන චරිතයක් බව මුළින් ම කිව යුතුය. මා කිසි දිනෙක ඔහුව සැබැවින් දැක නැති නිසා, ඒ පැහැදීමට හේතුව මුළුමණින් ම සයිබර් අවකාශය හරහා මා දැක ඇති ඔහු ගේ කතා, දේශන සහ විවාද ආදිය බව පැහැදිළිය.

පසුගිය මහ ඡන්ද සමයේ තවත් බොහො දෙනෙකු ගේ මෙන්ම මගේත් අපේක්‍ෂාව වූයේ මේ අපූරු මිනිසා පාර්ලිමේන්තුවට තේරී පත් වේ ය කියායි.

http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

එය එසේ නොවූ කළ, අන් අය මෙන් ම, මා ද දුක් වීමි.

කරුණු එසේ හෙයින්, ගුරු ගීතය නවකතාවේ ප්‍රධාන චරිතයවන දුයිෂෙන් ගේ නම ආරූඪ කර ගෙන සමන්ත විද්‍යාරත්න බ්ලොග් ලොවට පිවිසෙන බවට ලැබුණු ආරංචිය සිත තුළ ඇති කළේ සතුටකි.

බ්ලොග් ලියමින් සිට පූර්ණකාලීන දේශපාලනයට ගිය අජිත් පී පෙරේරා, කරුණාරත්න පරණවිතාන වැන්නන් ගැන මා දැන සිටිය ද, දුයිෂෙන් ගේ ආගමනයේ දී සිදු වුණේ එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි, එනම්, පූර්ණකාලීන දේශපාලකයෙකු බ්ලොග් ලොවට පිවිසීමයි.

එනිසා මා ලියන මේ ලිපිය දැකිය යුත්තේ ද, බ්ලොග්කරුවෙකු ගැන ලියවෙන්නක් ලෙස නොව මූලිකව ම දේශපාලකයෙකු ගැන ලියවෙන්නක් ලෙසිණි.

සමන්ත විද්‍යාරත්න ඇරඹූ දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගය ගැන ඇති වූ මා පෙර කී ඒ සතුට සමගම මගේ සිතේ යම් කිසි ආකාරයක කුකුසක් ද ඇති විය.

එනම්, කුමක් හෝ දේශපාලන පක්‍ෂයට බැඳී තම හෘද සාක්‍ෂිය ඒ පක්‍ෂයට පාවා දී පක්‍ෂයේ මතය අකුරට ම අනුගමනය කරමින් ජීවත්වීමත්, සාහිත්‍යමය කර්තව්‍යයක් වන බ්ලොග්කරනයේ නිරතවීමත් එකට කළ හැකි කාර්යයන් ද්වයක් නොවන බව මට එදා ම සිතුණි.

දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගයේ පළ කළ මුල්ම ලිපිය වූ "දුයිෂෙන් ගේ පන්නරය ලැබූ ගුරු ජීවිතය" නම් සටහනෙන් සමන්ත විද්‍යාරත්න තමන් ගේ වෘත්තීය ජීවිතය ඇරඹුණු හැටි අපූරුවට විස්තර කළේ ය.

මේ ඒ ලිපිය කියවා එදා මා තැබූ තැබූ ප්‍රතිචාරයයි. ඇත්තෙන් ම, ඔහු ගේ බ්ලොගයේ ප්‍රතිචාරයක් තැබූ මුල් ම පාඨකයා මම ය.
මෙවැනි පාසල්වල ළමුන්ට උදව් කිරීමට අය සොයා ගන්න පුළුවනි අද නම් ලේසියෙන් ම අන්තර්ජාල සබඳතා නිසා.

මගේ මල්ලීත් වසර දහයක් ම මාතලේ ලග්ගල ප්‍රදේශයේ අති දුෂ්කර ගමක පාසලක සේවය කළා.
පසුව ඔහු කවුදැයි හොඳින් දැන ගත් පසු මෙසේ පැවසුවෙමි.
දැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.

ඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.

දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.

නමුත් මේ ටිකත් කිව යුතුයි. මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්ෂිය පාවා දෙන්න වෙනවා. පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්ෂියක් නැතුව යනවා.

කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්ෂයේ ප්‍රකාශය නිසායි.

ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.

එසේම, ප්‍රධාන පක්ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.

ජයවේවා!
මේ ඔහු එදා එයට දුන් පිළිතුරයි.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. මිල මුදල්, තනතුරු තනාන්තර හමුවේ හෘදසාක්ෂිය පාවා දෙන්නේ නැත්තම්, සමාජ පොදු යහපත වෙනුවෙන් සමූහයක් එකතුවී සහෝදරත්වයෙන් ගමනක් යානම් ඒ ඉතා අගනේය බව පවසමි. එසේ යන අතර මඟ සමහරුන් මඟ නැවතීම, වෙන මංවල යාමද සිදුවන බව ඉතිහාසයම කියාපායි. හෘදසාක්ෂිය එසේ කියන බව ඔබට කාරුණිකව දන්වමි.
මා මෙන් ම, ඒ ආකාරයේ සහ ඒ හා සමාන ප්‍රශ්න නැගූ අය බොහෝ දෙනෙකු වූහ. මේ ලියන්නේ පක්‍ෂයෙන් අවසර අරගෙනදැයි සමහරු කෙලින්ම ඇසූහ.

දුයිෂෙන් ඒ සැම දෙනාටම ලබා දුන්නේ එක සමාන ඇල්වතුර (එනම් සංවර) පිළිතුරකි.

සමන්ත විද්‍යාරත්න ගේ බ්ලොගයේ ඒ මුල් ම ලිපියට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. බ්ලොග් අවකාශයේ ධනාත්මක වෙනසක් සිදු වී ඇතැයි බොහෝ දෙනෙකු මෙන් ම මම ද සිතුවෙමි.

ඔහු ගේ දෙවෙනි ලිපිය ගම්බද දිළිඳුකම තුරන් කිරීමට ක්‍රියාත්මක කළ හැකි බොහෝ දුරට සිල්ලර වුවත් කෙටි කාලීනව ප්‍රායෝගික විය හැකි එක් විසඳුමක් පිළිබඳව විය.

මා හිතන පරිදි දුයිෂෙන් ගේ අඩවියේ අවගමනය ඇතිවුණේ බ්ලොගය අරඹා මසකට පමණ පසු එහි සිව්වෙනි ලිපිය ලෙස පළ වූ ඌව පළාතේ තිබුණා ය කියවෙන අතීත ශ්‍රී විභූතියක් පිළිබඳ ලියවුණු ලිපියත් සමග ය. මෙය සමන්ත විද්‍යාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණේ සහ මහින්ද රාජපක්‍ෂගේ මධුසමය පැවති 2005-2009 කාලයේ ලියවුණු එකක් විය යුතුය යනුවෙන් විවිධ හේතු මත මා පසුව නිගමනය කළෙමි.

ඒ ලිපිය කියවන විට මට සිතුණේ, මා කියවා නැති, ප්‍රව්ඩා, ගැන්මා සහ පීපල්ස් ඩේලි පුවත්පත්වල ලිපි මේ ආකාරයේ ඒවා විය යුතු නේද කියායි!

ලස්සන වචනවලින් වසා තිබුණද, කිසිදු වැදගත් ප්‍රගතිශීලි අන්තර්ගතයක් නොතිබුණු එය එතරම්ම පුස් ලියවිල්ලක් විය.

ලිපියේ අන්තර්ගතය පිළිබඳ පාඨකයින් නැගූ එකදු ප්‍රශ්නයකටවත් සාධනීය පිළිතුරක් සැපයීමට සමන්ත විද්‍යාරත්න අපොහොසත් විය. ඒ වෙනුවට ඔහු, අන්තර්ගතය වර්ණනා කරමින් අලගපත් තැබූ අයගේ ප්‍රතිචාරයෙන් ඔකඳ වෙමින් සිටිනවා දෝ යි මට සිතුණි.

මගේ අදහස වූයේ සමන්ත විද්‍යාරත්නලා කළ යුත්තේ කැප්පෙටිපොළ, කුඩහපොළ, කීර්ති විජබාහු වැනි චරිත සහ ඒ අදාල ඉතිහාසයේ ඇලී ගැලී සිටීම නොව, රටේ ප්‍රශ්නවලට ජාතික මට්ටමේ විසඳුම් ලබාදෙන සැළසුම් ඉදිරිපත් කිරීම බවය.

මා ඒ බව මෙසේ ප්‍රතිචාරයක් මගින් කීවෙමි.
ඉතිහාසයේ හොරනෑව පිඹිමින් පමණක් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඌව සඳහා ඔබේ සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත!

ඊළඟට මව්බිම සූරැකීම, වීර කැප්පෙටිපොළ බලකාය....

ඕවායින් තමයි අපේ ඇස් ඉදිරිපිට ම අප දැන සිටි ජවිපෙට කෙලවුණේ!
සමන්ත ගේ පිළිතුර මෙසේ විය.
ඔබ පිඹින හොරණෑව කුමන අඩව්වකටදැයි නොතේරෙණමුත් ඉතිහාසය ලිවීම කියවීම හොරණෑවක් නොවන බව කාරුණිකව දන්වමි. ඉතිහාසයෙන් අතීත වෘත්තාන්තයන් ගෙනහැර පෑම පමණක් නොව අතීතය හා වර්තමානය සම්බන්ධ කොට අනාගතයට මඟ සලසන පාලමක් සපයන බව දන්වමි. ඉතිහාසය නැමති කවුළුවෙන් අනාගතයට අාලෝකධාරා එක්කරගත් රටවල් මෙන්ම පුද්ගලයන්ද ඔබ හදුනනු ඇත.

ඉතිහාසයෙන් අනාගතය වෙනුවෙන් ආදර්ශයන් හා ශක්තීන් උකහා ගැනීමේ වරදක් නැත. කෙළවීම හෝ විනාශය සිදුව ඇත්තේ සමාජයට බව පැහැදිලිය. ඉලක්ක ගැනීමේ වරදක් නැත. ඉලක්ක සැපිරුනේ නම් ඔබ ඇතුළු බොහෝ දෙනා සතුටුවෙනු ඇත. ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ විට ඒ සඳහා වෙහෙසෙනවුන්ට ඔබ වැන්නන්ගෙන් චෝදනා විවේචන එල්ලවීම වැළැක්විය නොහැක. තේරුම් ගන්නා ලෙස ඉල්ලමි. වඩා හොඳ සමාජයක් වෙනුවෙන් ඔවුන් අරගල කළ බව.
කෙසේ වෙතත්, දැන් සෑහෙන කාලයකින් දුයිෂෙන් ගේ අඩවිය යාවත්කාලීන වී නැත. නැගගෙන ආ තරුව බැසගෙන ගොස් දැයි මට සැක සිතේ.

එසේ නොවන්නේ නම් හොඳ ය.

මා ගුරු ගීතය පරිවර්තිත නවකතාව කියවා නැති වුණත්, එනමින් යුතු චිත්‍රපටය නරඹා ඇති බව මුළින් සඳහන් කළෙමි. එය නරඹද්දී මට හිතුණේ, අවසානයේ දුයිෂෙන්ට හෝ අල්තීනාට අත් වූ සුගතියක් නෑ නොවේ ද යන්නයි.

චිත්‍රපටයේ දැක්වුණු ආකාරයට නම් අවසානයේ අල්තීනා වියපත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කල් යවයි. දුයිෂෙන් නම් ආගිය අතක් නැත.

එහි නම් උත්ප්‍රාසයක් නැත. ඇත්තේ අභාග්‍යයක් පමණකි!

-රසිකොලොජිස්ට්

ප/ලි (28 September 2016, 01:25pm AEST):
කල් දැමිය නොහැකි පුද්ගලික වැඩකට කාලය ගත කිරීමට නොහැකි වුණු නිසා, මේ ලිපියට පසුව ලැබුණු ප්‍රතිචාරවලට නිසි ලෙස පිළිතුරු ලිවීමට නොහැකි විය.

මේ සැමට පොදු පිළිතුරකි.

ජවිපෙට සහ සමන්ත විද්‍යාරත්නට දේශපාලන සතුරන් සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත්, මේ ලිපිය ලිවීම ගැන මට දෝශාරෝපනය කරන ජවිපෙ සහ සමන්ත විද්‍යාරත්න ගේ මිතුරන් වටහා ගත යුතු කාරණය නම්, මා ඒ කණ්ඩායමේ අයෙකු නොවන බවයි.

වාමාංශිකයින් වටහා නොගන්නේ ද මෙයම ය. තමන් හා සමාන අදහස් ඇති, නමුත්, තමන් සමග එක කණ්ඩායමේ නොමැති අය ඔවුන්ට පෙනෙන්නේ ප්‍රධාන සතුරාට වඩා දරුණු ලෙස ය.

මට ජවිපෙ සමග හෝ සමන්ත විද්‍යාරත්න සමග හෝ අවුලක් නැත. වෙනත් කිසි කණ්ඩායමක් සමග සම්බන්ධයක් නැත.

මගේ ගුරුවර, ශාස්තෘ, පිළිම වන්දනා නැත. මම මගේ අවංක මතය ලියමි.

එය ඒ ඒ පිළිම වන්දනා කරන්නන්ට අජීර්ණ විය හැක. ඒ සඳහා මම වග නොකියමි!

ස්තුතියි!

(https://en.wikipedia.org/wiki/Pied_Piper_of_Hamelin)

129 comments:

  1. ජවිපෙ නියෝජනය කලේ ව්‍යාජ දේශප්‍රේමයයි. 2009න් පසු මහින් ද එය භුක්තියට සරිකර ගත්තේය​. එය ජවිපෙට එයින් උදා වූයේ නිවැරදි දේශප්‍රේමයක් දෙසට මිනිසුන්ට මඟ පෙන්වීමේ අපූරු අවස්ථාවකි. එහෙත් ඊට සුදුසු සාමාජිකත්වයක් ඔවුන් සතුව නැත​.
    දුයිශෙන් ලිවීම අරඹද්දී මොනවා සිතා සිටියද ඔහුට පක්ශයේ ඇජෙන්ඩාව වන වර්ගවාදී බෙදුම් වාදී මහින් ද ගෝත්‍රිකයන් නැවත අල්ලා ගැනීමෙන් දුරස් විය නොහැක​. ඉතින් මක් කරන්නද​?

    ReplyDelete
    Replies
    1. //ජවිපෙට එයින් උදා වූයේ නිවැරදි දේශප්‍රේමයක් දෙසට මිනිසුන්ට මඟ පෙන්වීමේ අපූරු අවස්ථාවකි. එහෙත් ඊට සුදුසු සාමාජිකත්වයක් ඔවුන් සතුව නැත​. // +++++

      Delete
    2. ඒ දේශප්‍රේමී ගොම තැම්බට කුරුමිණියන් කී වර්ගයක් එනවා ද?

      මරා, විමලසිරි, නලීන්ද සිල්වා, චම්පක.....!!!

      Delete
  2. රසිකයාණෙනි,

    ඔබට කැමැති දෙයක් ලිවීමට ඉඩදීමේ අපේ ඇති ලිහිල් ප්‍රතිපත්තියෙන් අයථා ප්‍රයෝජන ගෙන මෙවැනි ගොන් පෝස්ට් නොලියන සේ කරුණාවෙන් ඉල්ලා සිටිමු.

    මීට
    රසික සුරකින ඇනෝවරියන්ගේ සංගමය

    ReplyDelete
  3. බලමු දුයිෂෙන් ට මොනවද කියන්න තියෙන්නේ කියල..

    ReplyDelete
    Replies
    1. මෙන්න මං 2015 අගෝස්තුවේ ලියූ දෙයක්-

      /*
      මේ කරුණු අනුව, මා බොහෝ විට තීරණය කරනු ඇත්තේ ජේවීපියට ඡන්දය දෙන්නටයි.

      දැන් මට ඇති ප්‍රශ්නය නම් ඒ සඳහා දින දෙකක් ගමනට වැයකොට, අඩු වශයෙන් සතියක් පමණ නිවාඩු අහිමි කරගෙන, ඩොලර් දෙදහසක් පමණ වැය කරගෙන ලංකාවට එනවාද නැති නම් විකල්ප ක්‍රියා මාර්ගයක් ගන්නවා ද යන්නයි. ලංකාවට ආවත් මගේ ඡන්දය තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නිසා සමන්ත විද්‍යාරත්නට මනාපය පල කරන්නට මට ඉඩ නැත.

      එසේ නම් ඒ වෙනුවට මා කළ යුත්තේ කල්‍යාණ මිත්‍ර බ්ලොග්කරුවාට බදුල්ලට ගොස් සමන්ත විද්‍යාරත්නට ඡන්දය පාවිච්චි කරන්නට උනන්දු කිරීමයි.
      */

      http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

      අනේ ඉතිං අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි!

      Delete
    2. //බලමු දුයිෂෙන් ට මොනවද කියන්න තියෙන්නේ කියල..// කල්‍යාණ .. උඹට පිස්සුද මේ රසිකයා ලියන ගොන් පොස්ට් වලට සමන්ත දෙන්නේ මොන උත්තරද බලන්න? රසිකයා සමන්ත බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳන් ඒකට විරුද්ධව ලිව්වේ .ඔය යකා බයයි වෙන කවුරු හරි බ්ලොග් වල "පොරක්" වෙයි කියලා, මාතලන්ට ඇනෝ කමෙන්ට් දදා ගැහුවෙත් ඒකයි. ඔය යකා පස්සේ ගිහීන් පච වෙන්න එපා

      Delete
    3. @ Anonymous 27 September 2016 at 15:52

      ඥාණාලෝකය උදා වී ඔබට අඳුරෙන් මිදීමට හැකිවේවායි ඉත සිතින් පතමි!

      Delete
  4. කොට්ඨාශ ඡන්ද ක්‍රමය නැවත හඳුන්වාදුන් දිනෙක ගම්බඳ පලාත් වලින් පාර්ලිමේන්තු එන්නේ සමන්තලා වගේ ස්ටේචංවලට නැගල පොතේ වලින් කියවා ඇති ලස්සන අතීතය, අපේකම වර්ණනා කරන්න දක්ෂ නමුත් අතීතයේ සැබෑ කතන්දරයවත් නොදන්නා ආර්ථිකය / කළමණාකරණය ගැන කිසිම දක්ෂකමක් වත් දැක්මක් නැති සීනිබෝල, එයාලට පුළුවනි හිටන් එක්ක එකතු වෙලා ග්‍රීසියක් හදන්න.

    ReplyDelete
    Replies
    1. ඒකල ඡන්ද කොට්ටාශ ක්‍රමය ආවොත් ජවිපෙට එක ආසනයක්වත් දිනා ගන්න හැකි වෙයිද? හරියට 1977 දී සමසමාජ/කොමියුනිස්ට් පක්‍ෂවලට වුණ දේ ම වෙයි!

      Delete
    2. අතීතය ජවිපෙ උපයෝගි කර ගත්තේ 1987/89 කාලයේ කුඩහපොළ බලකාය / කීර්ති විජේබාහු වගේ ප්‍රචාරක වැඩ සඳහායි!

      Delete
  5. බොරු කියන්න එපා ඔයා තමා එයාටත් බ්ලොග් ලියන එක එපා කරල තියෙන්නේ.. අර දීපු ප්‍රතිචාර දැක්කම ඇඩෙනවා.. හැක්..

    පෞද්ගලික බ්ලොගයක් වුවත් ඔහුට තමා පාර්ශ්විකත්වයෙන් මිදිය නොහැකි අයුරක් නම් මා දුටුවා.. ඒක බලපෑමක් බ්ලොග් ලියන්න

    ReplyDelete
    Replies
    1. ////පෞද්ගලික බ්ලොගයක් වුවත් ඔහුට තමා පාර්ශ්විකත්වයෙන් මිදිය නොහැකි අයුරක්නම් මා දුටුවා.. ඒක බලපෑමක් බ්ලොග් ලියන්න//////////

      ඔව් දේශා. බ්ලොග් ලිවිල්ලට බලපෑමක් කොහොම වුනත්, කියවන ස්වාධීන පාඨකයාව රඳවා තබාගැනීමට නම් අමාරු වෙනවා. දේශපාලන පක්ෂවල නිළ පුවත්පත්වලට වෙලා තියෙනදේම තමයි වෙන්නේ. පත්තරේ තියෙනවා. හැබැයි පක්ෂ සාමාජිකයාවත් ඒක කියවන්නේ නැති තරම්.

      Delete
    2. ඒ අඩවියේ එකක හෝ දෙකක කමෙන්ට් කළා. නමුත් සියල්ල කියෙව්වා.. හෘද සාක්ෂියට එකගව අදහස් කියන්න බැරි උනොත් ඒක අවුලක්.. දැං ඔය සාරසයා කියන ඒවට උත්තර දීල වැඩක් තියෙනවයි.. අන්න ඒ වගේ.. හැක්

      Delete
    3. @ දේශක යා

      ජවිපෙ වගේ පක්‍ෂයක පුර්ණකාලීන දේශපාලනයේ යෙදෙන්නෙකුට බ්ලොග්කරනයේ නිරත වීම සෑහෙන අමාරු වැඩක් බවයි මටත් මුලින්ම හිතුණේ. පත්තරේක තීරු ලිපියක් ලිවීඟ වගේ වන්-වේ වැඩක් නොවෙයි නේ බ්ලොග් ලිවීම?

      Delete
    4. අරූ,
      හැබැයි ඇත්ත, සියරට, නියමුවා වගේ පත්තර සාමාජිකයින් කෙසේ වෙතත් අපි නම් ඒ ඒ කාලවල ආසාවෙන් කියෙව්වා!

      Delete
  6. මේ දුයිශෙන් සා රසට කියපු එකක්.

    //ශිෂ්ඨ සම්පන්න විවේචන රැගෙන එන්න. ඒවා අදාල තැන් වලදි ඉදිරිපත් කරන්න.//
    sa rasa ට තියන අසනීපය තේරෙන කාට උනත් තේරෙනවා ඇති. ඔබට මම පවසමි. තැන නොතැන තේරුම්ගමු. මෙතන අදාල තැන නොවේ. ඔබට තිබෙන විවේචනයට වෙන වේදිකාවක් තනාගනිමු. මට හිතෙනවා ඔබ මතු කරනා කාරණා වලදි අලුතෙන් හිතන්න හා වෙනස් වෙන්න ඔබ සුදානම් නෑ කියලා. හැබැයි ලොකෙම වෙනස් වෙනවා. ඒවගේම අලුත් වෙනවා. අපිත් එහෙම තමයි. මහා සිදුවීම් දාමයක් වචන හත අටක් කරලා ප්‍රශ්න කරන්න පුළුවන් නමුත් ඒවාට පිළිතුරු කෙටි නොමැති බව තේරුම් ගන්න. එනිසා ඒ සඳහා වෙනස් වේදිකාවකදි හමුවන්න. වැදගත් තැනකදි, එළිමහනේදි මළපහ නොකරන්න. වෙනත් කෙනෙක් එය කළා යැයි පවසමින් ඔබද එය නොකරන්න. අපුල සහ ගඳ දසත පැතිරෙන බව තේරුම් ගන්න.

    ලිපියක් ලියන විටම ප්‍රහාරයක් එල්ලවේ. ඒ ලිපියේ අන්තර්ගතයට නොවේ. ඔබේ අකුරු නැමති උණ්ඩ වලින් පුස් වෙඩි ප්‍රහාර එල්ල කරන්නේ ලිවීම ඝාතනය කිරීමටද. එය සිදු නොවනු ඇත. ඔබ කියන ඉතිහාසය ඝාතකයන්ගෙන් මා ඇතුළු බොහෝ දෙනා දිවි ගලවා ගත්තේ ඉතා අපහසුවෙනි. ඝාතකයන්ගේ වද බන්ධනයට අප පවුල් වල බොහෝ දෙනා ගොදුරුවිය. ඒ තත්ත්වයන් හමුවේද පසු නොබෑ මිනිසුන් නීරස අදහස් හමුවේ පසු නොබසිනු ඇත. එකක් පවසමි. ඝාතනය වේදනාවකි එය අනුමත නොකරමි. ස්තූතියි.

    දැන් සාර ස ඒකාලෙ වගේ නෑ ගොඩක් දියුනු වෙලා.
    ඉතින් දුයිශෙන්ට බැරි ඇයි.
    කොහොමවුනත්එ යාට මුලින්ම අනන්‍යතාවය නොකියා ලිවුවනම් හරි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම, සමන්ට විද්‍ය්රත්නට තිබුණේ එක්කෝ කවුද නොකියා බ්ලොග් ලියන්න, හැබැයි ඒකෙන් දේශපාලන වාසියක් නැති නිසා අර නලින්ද සිල්වා වගේ කමෙන්ට් වසා බ්ලොගය කරන්නයි.

      Delete
    2. //දැන් සාර ස ඒකාලෙ වගේ නෑ ගොඩක් දියුනු වෙලා.//

      සරාස්තුමා තව දියුණුවී නෝමල් වීමේ අභාග්‍යයට පත් නොවේවායි ඉත සිතින් පතමි.

      Delete
    3. // sa rasa ට තියන අසනීපය තේරෙන කාට උනත් තේරෙනවා ඇති. ඔබට මම පවසමි. //

      ස ර ස තුමා ට ඇති එකම අසනීපය මෝඩකමය.... එයට බෙහෙත් නැත...


      //දැන් සාර ස ඒකාලෙ වගේ නෑ ගොඩක් දියුනු වෙලා.//

      නැචුව නැචුව... යහපාලනේට පින්සිද්දවෙන්න කාලාඇණ්න්දලා ඉන්නවා හිටන්!

      //සරාස්තුමා තව දියුණුවී නෝමල් වීමේ අභාග්‍යයට පත් නොවේවායි ඉත සිතින් පතමි//

      ස ර ස තුමා ගේ යාලුවෙක් දියුනු වෙලා මලා!

      Delete
  7. /////කොහොමවුනත්එ යාට මුලින්ම අනන්‍යතාවය නොකියා ලිවුවනම් හරි කියල හිතෙනවා./////

    මටත් ඔහොම හිතුනා සහ එසේ නොකර සිටින්නැයි ඉල්ලීමක්ද කරා. ඒත් සමහර කමෙන්ට්ස් නිසා එය ඒ මොහොතේම එලියට ආවා. ඒක ලියන්නා සහ කියවන්නා යන දෙපාර්ශවයටම අසාධාරනයක්. විශේෂයෙන්ම ලියන කෙනා සමාජයේ "චරිතයක්" වුනාම. අපි වගේ හාල් කෑලිවලටනම් ඒක එතරම් අදාල නැහැ.

    ReplyDelete
    Replies
    1. මං කැමති උනෙත් ෆේක් ඉන්නවනං. කොහේද කපුවෝ සේරම කාඩ් කුඩු කරා නෙහ්.. හැක්

      Delete
    2. Oya deshaksya kiyala fake hadan thiyenne Ruhuna university eke Putu tath kara kara inna technician porak .. Ane ban kiyala thamyi kiyanna wenne

      Delete
    3. අරූ සහ දේශක යා!

      සමන්ත විද්‍යාරත්න වගේ පළපුරුදු දේශපාලනයේ යෙදෙන අයෙකු බ්ලොග් ලියන්න එන්නේ අපි වගේ විනෝදෙට නොවෙයද නේ. ඔහු එයින් යම් කිසි දේශපාලන ප්‍රචාරයක්, මතවාදය පැතිරවීමක් අපේක්‍ෂා කරනවා විය යුතුයි අනිවාර්යෙන් ම.

      එනිසා ම, බ්ලොග් ලිවිල්ලෙන් ඒ ආකාරයේ වාසියක් නැති නම් දිගටම කරඝෙන යාම තේරුමක් නැ!

      Delete
  8. සමන්ත විද්‍යාරත්න මහතා වෙනත් පුවත්පතකට ලියූ ඉතිහාසය සම්බන්ධ ලිපියක් මුල් කරගෙන කොමෙන්ට්කරුවෝ කිහිප දෙනෙක් ගොං පාට් එකක් නැටුවා මතකයි. ඔහු එම ලිපිය ලියුවේ පුවත්පතකටය. එමෙන්ම ඔහු ඉතිහාසය විෂයක් වශයෙන් ඉගෙනගෙන ඇත්නම් ඒවා ලිවීමේ වරදක් නැත. උදාහරණයක් වශයෙන් අජිත් ධර්මකීර්ති මහතා මෘදුකාංග ඉංජිනේරුවරයෙක් උනත් ඔහුගේ දැනුම අනුව ඔහුට අවශ්‍ය නම් තාරකා විද්‍යාව පිලිබඳ ලියන්න පුළුවන.

    ඒ වගේම සමන්ත විද්‍යාරත්න මහත්තයාටත් තමුන් දන්නා බොහෝ දේ ලියන්න පුළුවන.

    සමන්ත මහතා මුලු ඌව පළාතටම නිහඬ සේවාවක් කරන්නෙකි. පසුගියදා ඔහුගේ එක් ව්‍යාපෘතියක් වන පුස්තකාල වලට පොත් ලබාදීමේ ව්‍යාපෘතියට අපේ බ්ලොග් කරුවකුගේ පොත් පාර්සලයක් ලබාදීමට මට මැදිහත්වීමට වුනා. එදා ඔහුගේ කාර්‍යාලය, ඔහුගේ ජීවිතය ගැන බොහෝ දේ මං දැක්කා. හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙක් වන ඔහුට වඩා අනෙක් පක්ෂවල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගෙම්බර්පිට හිඳී. ඔහු සෑහෙන දෙයක් මේ සමාජය වෙනුවෙන් කැපකර ඇති බව පැහැදිලිය.

    සමන්ත විද්‍යාරත්න ගැන විවේචනය කිරීමට පෙර එක දවසක් ඔහුගේ කාර්‍යාලයට ගොස් බලනමෙන්, ඔහුගේ ජීවන රටාව දෙස බලන මෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලමි. අපට එලෙස අනුං වෙනුවෙන් කැපකිරීම් කළ නොහැකි බව ඔබට ඒත්තු යනු ඇත.

    සමන්ත විද්‍යාරත්න මහතා බ්ලොග්කරුවෙක් ලෙස දීර්ඝ ගමනක් යාමට තිබූ අයෙකි. ඔහුට එය එපා කලේ කවුරුන්දැයි දුයිෂෙන්ගේ අඩවිය කියවා බැලීමෙන් පහසුවෙන් සොයාගත හැකිය. ඔවුන්ට කල් ගතවී හෝ සත්‍ය අවබෝධ වනු ඇත.

    සමන්ත මහතාගේ වැඩ කටයුතු ගැන, ඔහුගේ ජීවිතය ගැන සොයා බලා ලිපියක් ලියන්නට වරෙක සිතුන නමුත් නොලියූවේ අපේ අය සියල්ල වල්ගෙං අල්ලාගන්නට කැමති නිසාය.

    ReplyDelete
    Replies
    1. සමන්ත මහතා ඒ තරං සුරතල් යැයි නොසිතුවෙමි..

      Delete
    2. සමන්ත බොහෝ හොඳ සුන්දර මිනිසෙක් බව බොහෝ අය කියනවා. ඔහු නිර්ව්‍යාජ ගති පැවතුම් ඇත්තෙක් බවත් පැහැදිලියි.

      Delete
    3. Samantha elawa ganna ona untika methana hondata penenawa kaka / Rasika nam kiyalama thiyenawa pora thamyi eka mulinma pats gaththe kiyala me uda comment eken penenawa Ruhuna technition anith eka kiyala Sarasaya Hama thanama goo karana gaman blogsla tikak Ekka bonna set weka shape wuna kalyanaya me Migarak Ekka comment danna gihilla ana ganna hadanne . Samaharawita salli pennanna tourist hotel karana anith Samantha virodhiya Nisa wenna puluwan

      Delete
    4. @ සුරංග

      සුරංග ගේ මේ කතාවේ පොඩි අවුලක් දෙකක් තියෙනවා.

      මුලින් ම, මේ නිකං බ්ලොග්කාරයෙකු නොවේ අපි කතා කරන්නේ, පරිනත දේශපාලකයෙකු ගැනයි. මධ්‍යම රජයේ හිටපු උප ඇමතියෙක්, වත්මන් පලා බබෙක්.
      ඒ නිසාමයි මං මේ ලිපියේ මෙන්න මෙහෙම ලිව්වේ.

      /* එනිසා මා ලියන මේ ලිපිය දැකිය යුත්තේ ද, බ්ලොග්කරුවෙකු ගැන ලියවෙන්නක් ලෙස නොව මූලිකව ම දේශපාලකයෙකු ගැන ලියවෙන්නක් ලෙසිණි. */

      අප දේශපාලනයේ යෙදෙන අයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ පොඩි ළමයින්ට බොම්බයි මොටයි විකුණනවා සේ අපට ඉතිහාසය විකිණීම නොවේ. ඌවේ නොදියුණුකම ජාතික ප්‍රශ්නයක් නිසා, එයට ජාතික මට්ටමේ ප්‍රායෝගික විසඳුමක් යෝජනා කිරීමයි.

      ඒ කියන්නේ අර මා කෙටිකාලීන සිල්ලර විසඳුමක් ලෙස හැඳින්වූ කිරි හරක් ගොවිතැනට වඩා ඉහල තලයේ විසඳුම්.

      සුරංග කියන පරිදි පාඨකයින් තැබූ සමන්තගේ ලිපිවලට හොඳටම අදාළ ප්‍රතිචාර නිසා ඔහුට බ්ලොග් ලිවීම එපා වුණා කීම නම් විහිළුවක් නේද? නැවතත් අප කතා කරන්නේ ජාතික මට්ටමේ දේශපාලන නායකයෙකු ගැනයි.

      මගේ නම් අදහස සමන්ත විද්‍යාරත්න බ්ලොගය ඇරඹුවේ පක්‍ෂයෙන් කෙලින්ම අවසරයක් නොමැතිව බවයි. පසුව ඔහුට යම් තහනමක් පැනවෙන්නට ඇති.

      ඔහුට තිබුණේ අර නලින්ද සිල්වා වගේ කමෙන්ට් වසා බ්ලොගය කරන්නයි.

      !

      Delete
    5. රසික මහතා,

      //මුලින් ම, මේ නිකං බ්ලොග්කාරයෙකු නොවේ අපි කතා කරන්නේ, පරිනත දේශපාලකයෙකු ගැනයි.//
      දුයිෂෙන්ගේ අඩවිය ලියන්නේ ජ.වි.පෙ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න නොව සමන්ත විද්‍යාරත්න නම් බ්ලොග්කරුයි.

      //* එනිසා මා ලියන මේ ලිපිය දැකිය යුත්තේ ද, බ්ලොග්කරුවෙකු ගැන ලියවෙන්නක් ලෙස නොව මූලිකව ම දේශපාලකයෙකු ගැන ලියවෙන්නක් ලෙසිණි. *//
      දේශපාලනය යනු ඔහුගේ වෘත්තියයි. බ්ලොග් එක යනු ඔහුගේ රාජකාරි ලිපිනය හෝ රාජකාරි ඊමේල් එක නොවේ. අනෙක් අතට ඔහු බ්ලොග් එක ආරම්භයේදී කිසිවිටක “මම අසුවල් මන්ත්‍රී වෙමි“ කියා ලියා නැත. එබැවින් අප ඔහුට සැලකිය යුත්තේද සහෝදර බ්ලොග්කරුවෙකු ලෙසය. යන්තම් උසස් පෙළ සමත් මා ඔබ වැනි උපාධි කිහිපයක් දරන මට වඩා කිහිප ගුණයක් උගත් අයෙකුට, මට වඩා අත්දැකීම් ඇති අයෙකුට මෙවැන්නක් ලියන්නේද ඔබද මමද බ්ලොග් ලෝකයේ ලියන්නන් නිසාය. නැතිනම් මම ඔබට ඇමතිය යුත්තේ ‘රසික මහත්මයා‘ ලෙස නොව ‘රසික සර්‘ කියාය. බ්ලොග් ලෝකයේ ඩ්‍රාෆ්මන්ලාද, ජල සම්පත් කළමනාකරුවෝද, මුදලාලිලාද ආදී වෘත්තිකයන් සිටිය නොහැක. එබැවින් දේශපාලකයෝද සිටිය නොහැක. දුයිෂෙන්ගේ අඩවියේද සිටින්නේ දුයිෂෙන් හෝ සමන්ත මිස පළාත් සභා මන්ත්‍රී නොවේ.

      ඔහු ඉතිහාසය ගැන උගත් දේ එම ලිපියේ ලිවීම වරදක් ලෙස මා නොදකිමි. ඌව පළාතට පිටගම්කාරයෙක් ලෙස පැමිණි මා ඉතිහාසය පුරාවට මෙම පළාතට සිදුවී ඇති අකටයුතුකම්වල මුල මැද අග පැරණි ලේඛන, වර්තමාන ජීවිත වලින් දකිමි. දැක ඇත්තෙමි.

      ඔබ ‘කෙටි කාලීන සිල්ලර විසඳුමක්‘ ලෙස හඳුන්වන කිරි හරකුන් නිසා ඌව පළාතේ පවුල් කී දහසක් ජීවත්වන්නේදැයි ඔබ දන්නවාද? බදුල්ලේ කඳුවල, වතු අද්දර පමණක් නොව වැල්ලවායේ මහ කැලෑ මැදද හරක් පට්ටි පාලනය කරමින් කිරි ලබන දහසක් දෙනා සිටී. ඔවුන්ගේ දරු පවුල් සමග පිරිස දහස් ගණනක් එයින් ජීවත් වේ. එමෙන්ම, ඔබ සිටිනා රටේම වසන “කවිඳු ජයසිංහ“ මහතා එම “සිල්ලර විසඳුමෙන්“ පවුල් කීපයක්ම නගා සිටුවා ඇති බව මම දනිමි. මිනිහෙක්, පවුලක් රකින විසඳුමක් ගර්භාවට ලක් නොකරන්න. සමන්ත මහතා ඇතුළු ප්‍රජාව බිම් මට්ටමේ සිට ඔහුට හැකි පරිදි ව්‍යාපෘති රැසක් කරන බවත් පවුල් රැසක ජීවන තත්වය නගා සිටුවා ඇති බවත්, පක්ෂ බේදයෙන් තොරව ඒවා ඉටුකර ඇති බවත් මම සාක්ෂි සහිතව දැක ඇත්තෙමි. නමුත් ඒවා ප්‍රසිද්ධ ජන මාධ්‍යයේ පළ නොවේ. ඉතින් ඔබ ඒවා නොදැනීම පුදුමයක්ද නොවේ.

      අදහස් දැක්වීම් නිසා හිත රිදී ඔහු බ්ලොග් ලිවීම නැවතුවා යැයි නොකියමි. නමුත් එම අදහස් දැක්වීම් නිසා “මේ වගේ යමක් වල්ගෙන් අල්ලාගත් රැලක්ද මේවා කියවන්නේ. මෙවන් පිරිසකට ලිවීමෙන් වැඩක් ඇතිද“ යැයි ඔහු සිතන්නට ඇතැයි සිතමි.

      ඔබගේ සමහර කමෙන්ට් දරදඬු වැඩිය. ඔබ හැඟීම් රහිත යන්ත්‍රයකැයි මට වරෙක සිතේ. නමුත් නුවණින් මුහුකුරා ගිය කල ස්වභාවය එය වන්නට ඇතැයි මම සිතමි. ඔබෙන් ඉල්ලන්නේ එකම දෙයකි. ඔබට සමන්ත විද්‍යාරත්න නම් දේශපාලඥයා දැකීමට අවශ්‍ය නම් මේ වසරේ ලංකාවට ආ පසු ඉසිඹුවක් ලදොත් දිනක් බදුල්ලට පැමිණෙන්න. මගේ නිවසේ පහසුකම් ඔබට සරිලන මට්ටමේ නොවන මුත් ඔබට සරිලන නවාතැනක් සොයාදීමට හැකියාවක් ඇත. දිනක් නැවතී සමන්ත මහතා හමුවන්න. ඔහුගේ ජීවිතය බලන්න. ඔහු කැපකර ඇති දෙය බලන්න. ඔබට තේරෙන භාෂාවෙන් කිවහොත් Google earth එකෙන් නොව Google Street view එකෙන් ලොව බලන්න. ඔබට බොහෝ දේ පෙනෙනු ඇත.

      තවද, මා ජෙප්පෙක් ලෙස නොසිතුව මනාය. මා ජේවීපිය නොඅදහමි. මම ඔවුන්ට ඡන්දයක් දී නැත්තෙමි. නමුත් සමන්ත විද්‍යාරත්න කුමන පක්ෂයේ හිටියද ඔහු වැඩකට ඇති මනුස්සයෙකි. ඔහුව ජවිපෙ කොටසක් ලෙස මම නොදකිමි. මම දකින්නේ ඔහු ඌව පලාතේ මිනිහෙක් ලෙස පමණි. ඔබත් ඔහුව බ්ලොග්කරුවෙක් ලෙස දකින්නේ නම් යහපත්ය. ස්තූතියි.

      Delete
    6. සුරංග,
      ඔබේ මේ කොමෙන්ටුව ඉතා අගය කරමි. ඒ සමන්ත විද්‍යාරත්න හඳුනන්නෙකු වශයෙන් නොවේ. හොඳ වැඩක් කරන්නෙකුගේ අඩුපාඩු සෙවීමේ ලෙහෙසි කාර්යය වෙනුවට ඔබ එය අගය කිරීමේ කාර්යය වෙනුවෙන් ඔබේ කාලය මිඩංගු කර ඇති නිසාය. ඔබට ස්තුතියි.

      Delete
    7. පින් අතේ වැඩ කරන්න නම් මූට ආණ්ඩුවෙන් පඩි ගෙවන්න ඕනැ නැහැනෙ. ඔය ඉන්න හැටියට කළා දෙන්. කිරි හරකුන්ට සලකන එකත් හොඳයි. තමන්ගෙ නෑදෑ සනුහරේනෙ.

      Delete
    8. සමන්ත විද්යාරත්න මෙතනදී ක්‍රියාකර ඇත්තේ සමාජයීය කැඩපතක් වශයෙනි.හෙවත් සමන්ත දෙස බලන පුද්ගලයාට පෙනෙන්නේ තමන්ගේම ආත්මයයි.මෙතනදී රසික ,සාරස වැනි සමාජයීය නිකමුන්ට [මොවුන්ට සල්ලි උපාධි සමාජ තත්වය තිබුනත් ]තමන්ගේ ආත්මයේ කැත බව පෙනී හොදටම කේන්තියාම සාදාරනය.නමුත් සමන්ත සමග බැලීමේ දී තමන් ආත්මාර්තකාමී නිකමෙකුලෙස පෙනුනාට ඔහුට අපහාස කිරීමෙන් පලක් නැත.

      Delete
    9. අනේ පලයං බං යන්න මහ ලොකු සමාජීය කැඩපත. සුරුට්ටු කඩයක් රන් කරගන්න බැරි එකා පොර ටෝක් දෙනවා. ඔය වගේ ඉස්කෝල ගුරුවරු හැටක් පඳුරකට ගැහුවත් දුවයි. උඹල වගේ නිකමුන්ට මේ නිකමාත් මාර පොරක්.

      Delete
    10. //මෙතනදී රසික ,සාරස වැනි සමාජයීය නිකමුන්ට //

      තැන්කූ ඇනෝ...

      මීට සමාජයීය නිකමෙකු වන ස ර ස තුමා!

      Delete
    11. තමන්ගේ වාසියට රට ගිහින් පොර ටෝක් දෙන හාදයන් හා සමාජයට මොකුත් නොකරන සාරස වැන්නන් නම් පදුරු වලට පයින් ගසා හොයා ගැනීමට පුලුවන් වුවත් සමන්ත වැන්නන් නම් පදුරු වලට පයින් ගසා හොයා ගැනීමට නුපුලුවන.

      Delete
    12. //මීට සමාජයීය නිකමෙකු වන ස ර ස තුමා!/
      ඇයි ඔයා අර කොහෙන්ද මන්දා ලෝකෙක පලමු විස්ස විජ්ජාලෙක ගිහින් ගත්ත උපාදියක් තියෙනවා කිය කියා ගියා නේද.

      Delete
    13. පඳුරක් අස්සේ සර සරාස් සද්දයක් ඇහුනා.....පයින් ගහන්න බයයි

      Delete
    14. ඇම් බුෂ් ද දන්නෙ නෑනෙ

      Delete
    15. ප්‍රා ජේ මේවා ඔයාටත් අදාලයි කියල තේරුනහම මල පනිනවා නේද.

      Delete
    16. පඳුරෙන් පනිනවා.

      දේශපාලකයෙක් වීමට වඩා සමාජයීය නිකමෙක්වීමට මාත් ආසාකරන නමුදු සරාස්තුමා සමහ එක පඳුරේ වාසය අගුණයි කියා පෙර සෘෂිවරුන් හා දැන් විප්ලවවාදීන් පවසා ඇත.

      Delete
    17. ප්‍රා ජේ ඔයා කොහොමටත් නිකමෙක් තමයි මෙයා ඔයාගෙයි සාරසගෙයි වෙනසක් නැහැ

      Delete
    18. // සමාජයට මොකුත් නොකරන සාරස වැන්නන් නම් පදුරු වලට පයින් ගසා හොයා ගැනීමට පුලුවන් වුවත්//

      කිවුවට විස්වාස කොරන්න ගොබ්බ ඇනෝ, ඒ කාලේ ස ර ස තුමා සමාජෙට කොච්චර සැලකුවාද යත්, සමාජේ දිලෙන තරුවක් වෙලායි හිටියේ... කොහෙද ඉතින්, ඒ සමාජයෙන් ලැබුනු සමාජ රෝගයක් නිසා ස ර ස තුමා සමාජෙට කොරන එක නැවැත්තුවා හිටන්!


      //සමන්ත වැන්නන් නම් පදුරු වලට පයින් ගසා හොයා ගැනීමට නුපුලුවන //

      ඒක නම් ඇත්ත...

      අයි ඩී එකතු කොරන එක, ලන්ගම බස් ගිනිතියෙන එක, ට්‍රන්ස්ෆෝමර් වල තෙල් බස්සන එක වගේ සමාජසීලී වැඩ ස ර ස තුමා ඉගෙන ගෙන නැහැ නේ...

      Delete
    19. // Anonymous26 September 2016 at 21:34
      ප්‍රා ජේ ඔයා කොහොමටත් නිකමෙක් තමයි මෙයා ඔයාගෙයි සාරසගෙයි වෙනසක් නැහැ//

      නීතිඤ්ඤ ප්‍රා ජේ තුමා ස ර ස තුමා වගේම සමාජෙට වැඩක් කොරලා නෑ නේ.... ඉතින් එයාව මේ සමාජේ පිලිගනියිද?

      Delete
    20. ඔයාට මොන සමාජ වැඩද සාරස,පොත් ගුල්ලා වගේ පාඩම් කරලා පාඩම් කරලා ඒත් මෙඩිසින් යන්න බැරුව යාන්තම් ඩෙන්ටල් රින්ගාගෙන ගොඩගිය ඔයා දන්න සමාජවැඩේ මොකද්ද.ස්ටාෆ් එකේ අයට කේලාම් කියකියා යන එක ඔයාට අනුව සමාජ වැඩක්ද.
      අයිඩෙන්ටිකාඩ් එකතු කරන්න ගෙදරට ආවෙලේ ඔයාට බයේ චූ ගියා කියන්නේ ඇත්තද.

      Delete
    21. // අයිඩෙන්ටිකාඩ් එකතු කරන්න ගෙදරට ආවෙලේ ඔයාට බයේ චූ ගියා කියන්නේ ඇත්තද. //

      කිවුවට විස්වාස කොරන්න සමාජරෝගී ගොබ්බ ඇනෝ, ඒදා ඕගොල්ලෝ අයි ඩී කාඩ් එකතු කොරන්න ආපුවාම චූ විතරක් නෙවි, ස ර ස තුමා ට කක්කිත් ගියා නේ...

      ඕගොල්ල නම් මූනු වහගෙන ගල්කටස් අතින් දරාගෙන සාරසුබාවට හිටියනේ හිටන්!

      Delete
    22. ඇත්තටම මේ සාරසයා සමාජරෝගී ගොබ්බයෙකි.

      Delete
    23. @ සුරංග,

      ඔබට මා කියන දේ වැටහී නෑ.

      දුයිෂේන් යනු දේශපාලනයේ යෙදෙන්නෙකු බ්ලොග් ලිවීමට ආ අවස්ථාවකි. එහි වෙනස සහ වැදගත්කම එයයි.

      මා ලියා ඇත්තේ මෙලෙසය.

      /* මා ලියන මේ ලිපිය දැකිය යුත්තේ ද, බ්ලොග්කරුවෙකු ගැන ලියවෙන්නක් ලෙස නොව මූලිකව ම දේශපාලකයෙකු ගැන ලියවෙන්නක් ලෙසිනි. */

      එයි අදහස මගේ මේ ලිපියේ අරමුණ විස්තර කීරීමයි. එනම්, මා මෙහි ලියා ඇත්තේ දේශපාලකයා ගැන ය යන්නයි.

      සමන්ත විද්යාරත්න ගේ දේශපාලනය ගැන මගේ අදහස ගැන මා කළ්‍යාණ මිත්‍රට දුන් පිළිතුර කියවන්න.

      Delete
    24. අන් සියළු දෙනාට,

      ඊයේ දවසින් වැඩි කොටස රේඩියෝලොජි ලැබ්වල ද, ස්පෙෂලිස්ට්ලා ළඟ ද නාස්ති වී ගිය නිසා ප්‍රතිචාරවලට පිළිතුරු දෙන්නට නොහැකි විය.

      සැමට ස්තුතියි!

      Delete
    25. මේ සාර සා නම් බ්ලොග්කරුවා තමන්ට එරෙහිව එන ප්‍රතිචාරවලට මුහුණ දෙන ආකාරය අප සැමට ආදර්ශයක් බව සිතේ.

      මා නම් සාමාන්‍යයෙන් කරන්නේ ඉක්ඟන් සුවය පතමි, ඥාණාලෝකය උදා වී ඔබට අඳුරෙන් මිදීමට හැකිවේවායි ඉත සිතින් පතමි වැනි ප්‍රතිචාරකින් උත්තර දීම පමණයි.

      සාර සා ගේ කබර හම තවත් ගොරහැඩි වේවා යි ඉත සිතින් පතමි!

      Delete
    26. සාරස කියන්නේ අද ලන්කාවේ උගතුන් හා බුද්දිමතුන්ට අත්වී ඇති ඉරනම කියාපාන සන්කේතයක්.

      Delete
    27. මා ඔබට කියා ඇත්තේ එය නොගැලපෙන බවයි. ඔබට ඔහුගෙන් දේශපාලනමය ප්‍රශ්ණ ඇසීමට අවශ්‍ය නම් ඒවා ඔහුගේ බ්ලොග් එකේ ඇසීම ඔබගේ රස්සාවට අදාළ කරුණක් රසිකොලොජියේ ඇසීම හා සමානය.

      Delete
  9. දුයිෂෙන් කියන්නෙ කවුද? රුසියාවේ සමාජවාදී ප්‍රචාරය කිර්ගිස්තානයේ ප්‍රචාරය කරන්න ලෙනින්ගේ ආණ්ඩුවෙන් එවන නියෝජිතයෙක්. මේක හරියට මහින්දගේ කාලෙ යාපනයේ සිංහල උගන්නන යාපනයට වැටුප් ගෙවා නියෝජිතයෙක් යවනවා වගෙ වැඩක්. ඒ හැරුණු විට දුයිෂෙන්ට දැක්මක් හෝ දැනුමක් නැහැ. මේ ව්‍යායාමයේ කිසිම සුන්දරත්වයක් හෝ ඉදිරි ගමනක් නැහැ. දුයිෂෙන් කියන්නේ පුස්සෙක්.

    සමන්ත විද්‍යාරත්න කියන්නෙත් ඒ වගේම පුස්සෙක්. නූගතෙක්. දැක්මක් හෝ දැනුමක් නැති කොහෙන් හෝ අහපු සුන්දර කතා කියන්න පුළුවන් පුද්ගලයෙක්. අඩු තරමින් පාලිත තෙවරප්පෙරුම මට්ටමට වත් නාපු පුද්ගලයෙක්. ඌව පළාතේ නූගත්කම දඩමීමා කරගෙන මේ වගේ කබ්බෝ මහා වැඩකාරයෝ වෙනවා. මේ වගේ කබ්බෝ ෆෝම් කළාය කියලා අවසානයේ ඌව පළාතට වෙන කිසිම දෙයක් නැහැ. අඩුගානෙ හරින් ප්‍රනාන්දුට කැම්පේන් ගියා නම් අරක්කු වීදුරුවක් වත් ලැබෙනවා. මේ පුස්සාට කඩේ ගියාම රටටත් වැඩක් නෑ, තමුන්ටත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේනම් සාරස අනිවා ඩෙෆා.

      Delete
    2. සමන්ත විද්‍යාරත්න යනු හොඳ අවංක දේශපාලකයෙකු බවයි මගේ අදහස.

      එකම ප්‍රශ්නය තමයි ඔහු තාමත් ඔපරේට් වෙන්න දන්නේ ඉතාමත් ප්‍රාථමික තලයේ, එනම් අර සීගිරීයට ගඩොල් කපනවා වගේ, ඌවේ ප්‍රශ්නය ඉතිහාස පාඩමෙන් හෝ කිරි එළදෙන්නු දෙන්නෙකුගෙන් විසඳනවා වාගේ, වීමයි.

      කාලයත් සමග හරියයි!

      Delete
    3. /සමන්ත විද්‍යාරත්න යනු හොඳ අවංක දේශපාලකයෙකු බවයි මගේ අදහස./

      අපේ අන්දිරිස් සීයාගෙ කුඹුරේ හිටගෙන ඉන්න පඹයත් හොඳ අවංක දේශපාලකයෙක් තමයි. කාලයත් සමග හරියයි!

      Delete
    4. අනේ සා රසෝ, රුපියල් සත වෙනුවෙන් හොරුන්ව, මිනී මරුවන්ව උඩදාන උඹ ට, මේ ලෝකේ අනුන් වෙනුවෙන් කැප කිරීම් කරන මිනිස්සු ඉන්නවයි කියල තේරෙන්නේ නෑ තමයි. උඹලට ඕන දසමයක් හරි සේවයක් කරන මිනිහෙක් අධෛර්යමත් කරලා ඒ පොඩ්ඩ හරි නැති කරන්නයි.

      ලංකාවේ උන් දුප්පත් අය ට වැඩ කරන එකෙකුට උඩට ඇවිල්ල දැක්මක් තියෙන වැඩක් කරන්න දෙන්නෙත් නෑ , උන් පැත්තකට වෙලා කාටවත් පාඩුවක් නොකර, අහිංසක මිනිස්සුන්ට පුළුවන් තරමින් යහපතක් කරන්න හදන කොට ඒකටත් අපහාස කරනවා. උඹලට ඕන, දුප්පත් මිනිස්සු දේශපාලකයන්ගේ පක්කලි වැඩ කරල එදා වේල හම්බකරගෙන ඉන්නවා බලන්නයි. උන් රටටවත්, ලෝකෙටවත් ප්‍රයෝජනවත් දෙයක් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා දකින්න උඹලට ඕන නෑ , ඒ නිසා, ඒ වගේ තැනකට යන්තම් හරි පාර පෙන්නන උන්ට අපහාස කරලා උන්ව නවත්තන්න හදනවා.

      හැම එකාම එක සැරේට මුළුරටම හදන්න යන්න ඕන ද? පුලුපුලුවන් විදියට තමන්ගේ ළඟ ඉන්න අසරණ මිනිස්සුන්ට උදව්වක් කරාම තියෙන වැරැද්ද මොකද්ද?

      Delete
    5. පින් අතේ වැඩ කරන්න නම් මූට ආණ්ඩුවෙන් පඩි ගෙවන්න ඕනැ නැහැනෙ. ඔය ඉන්න හැටියට කළා දෙන්. කිරි හරකුන්ට සලකන එකත් හොඳයි. තමන්ගෙ නෑදෑ සනුහරේනෙ.

      Delete
    6. //එකම ප්රශ්නය තමයි ඔහු තාමත් ඔපරේට් වෙන්න දන්නේ ඉතාමත් ප්රාථමික තලයේ, එනම් අර සීගිරීයට ගඩොල් කපනවා වගේ, ඌවේ ප්රශ්නය ඉතිහාස පාඩමෙන් හෝ කිරි එළදෙන්නු දෙන්නෙකුගෙන් විසඳනවා වාගේ, වීමයි.//
      තමන්ගේ සෙල් ෆෝන් එක ගැනයි කන දේවල් වල ෆොටෝයි දම දමා ප්රාතමික තලයේ බ්ලොග් ලියන එවුන්ට වඩානම් සමන්ත හොදයි

      Delete
    7. // අනේ සා රසෝ, රුපියල් සත වෙනුවෙන් හොරුන්ව, මිනී මරුවන්ව උඩදාන උඹ ට, මේ ලෝකේ අනුන් වෙනුවෙන් කැප කිරීම් කරන මිනිස්සු ඉන්නවයි කියල තේරෙන්නේ නෑ තමයි //

      රුපියල් සත හින්දාද මේ දුක?

      Delete
  10. ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා. පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්‍ෂියක් නැතුව යනවා.///// අහන්න සමන්ත විද්‍යාරත්න ගෙන් කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්‍ෂයේ සිටයේ ද කියා ? ඔහු දෙන උත්තරය අනුව ඔහු අවංක පුද්ගලයෙකු ද කියා ඔබට තක්සේරු කර ගත හැක

    ReplyDelete
    Replies
    1. මං ඒ කතාව එතැනදී ම කිව්වා මෙන්න මෙහෙම.

      /* කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්ෂයේ ප්‍රකාශය නිසායි. */

      ඔහු දුන් පිළිතුරේ ඒ ගැන සඳහනක් තිබුණේ නෑ.

      /* අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. මිල මුදල්, තනතුරු තනාන්තර හමුවේ හෘදසාක්ෂිය පාවා දෙන්නේ නැත්තම්, සමාජ පොදු යහපත වෙනුවෙන් සමූහයක් එකතුවී සහෝදරත්වයෙන් ගමනක් යානම් ඒ ඉතා අගනේය බව පවසමි. එසේ යන අතර මඟ සමහරුන් මඟ නැවතීම, වෙන මංවල යාමද සිදුවන බව ඉතිහාසයම කියාපායි. හෘදසාක්ෂිය එසේ කියන බව ඔබට කාරුණිකව දන්වමි. *?

      !!!

      Delete
    2. පක්ශයකට බැදීම හොද දෙයක් එතකොට අඩුගනනේ ප්‍රතිපත්තියක් වත් තියෙනවා.අනිත් එවුන්ට ප්‍රතිපත්තියක්වත් නැහැ බොරුවට මන් පොර කියලා හිතාගෙන පොර ටෝක් දිදී ඇවිදින එක විතරයි

      Delete
    3. //එසේ යන අතර මඟ සමහරුන් මඟ නැවතීම, වෙන මංවල යාමද සිදුවන බව ඉතිහාසයම කියාපායි. හෘදසාක්ෂිය එසේ කියන බව ඔබට කාරුණිකව දන්වමි. // මහා බ්ලොග් පොලිස් කරු රසික ට මේ වාක්‍ය ටිකේ උත්තරය තියෙනවා කියන එක හිතා ගන්න බැරිද???

      Delete
    4. @ Anonymous 26 September 2016 at 20:55

      නමුත් පක්‍ෂයකට බැදෙනවා කියන්නේ තමන්ට ස්වාධින මතයක් නැතිවෙනවා ය කියන එකයි. පක්‍ෂයේ මතය වෙනුවෙන් මුඛය සහ අධෝමුඛය වසාගෙන ඉන්න වෙනවා!

      ඔබට නම් එය සැප ඇති?

      Delete
    5. @ Anonymous 27 September 2016 at 23:16

      ඒ කියා ඇත්තේ ජවිපෙන් කැඩී ගිය කොටත් ගැනයි, මා කුමාර් ගුණරත්නම් ගැණ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු!

      Delete
    6. ස්වාදීන මතයක් කියලා එකක් කොහේවත් නැහැ.කවුරුහරි ස්වාදීන මතයක් ගැන කතා කරනවා නම් එයා මෝඩයෙක් නැත්නම් අන්ක එකේ තක්කඩියෙක්.පක්ශයකට බැදුන කෙනාට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා.[මා මේ කතා කරන්නේ යම් වාමාන්ශික අදහස් ඇති පක්ශ ගැනයි.]එය වැදගත් දෙයක්.වාමාන්ශික පක්ශයක සාමාජිකයෙකු වීමට යම් කැපකිරීමක් කලයුතුයි.එවැනි දෙයක් කල නොහැකි තක්කඩි තමයි ඔය ස්වාදීන මතය කියන බොරුව කියන්නේ

      Delete
  11. මම නම් ජවිපේ දේශපාලනය කිසි දිනෙක අගය කල කෙනෙක් නෙවෙයි.
    ඒත් මෙතැන පලවෙලා තියෙන සමන්ත විද්‍යාරත්නගේ රසිකට දුන් පිළිතුරු කියෙවූවිට ඔහු ඉතාම නිවැරදි යැයි සිතුනා.
    කොහොම වුනත් දේශපාලකයෙකුගේ චර්‍යාවන් ගැන අගය කිරීමට ඉක්මන් නොවීම සුදුසුයි. මොකද ඔවුන් බොහෝ දෙනෙකු දෙබිඩි චරිත රඟන්නන්. මා පෞද්ගලිකව දන්නා දේශපාලන ප්‍රභලයන් හා අත්දැකීම් වලින් ම ඒක දන්නවා.

    ඒත් ඉතින් ගිලී මලෙත් ඇත දත සුද්දෝ කියන කථාව මම ප්‍රථික්ශේප කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. "ප්‍රථික්ශේප" බුදු අම්මෝ මහප්‍රාණ ගොඩ.මට ලියාගන්නත් අමාරු උනා.

      Delete
    2. @ නයනේ-

      අදාල ලිපිවලට ගොසින් කියවා බලන්න.

      Delete
    3. @ හැලපේ

      කපුටා වැනි ෆොනටියක් අකුරෙන් ලියා යුනිකෝඩ් කරන විට ඔය වගේ අවුල් වෙනවා. මට නිතරම ප වෙනුවට ඵ වගේ දේ වැරදියට වැදෙනවා, ඒ මුල් අකුරු පුරුද්දට කැපිටල්වලින් ටයිප් වෙන නිසා.

      හැලපේටත් මහාප්‍රාණවලින් ලියන්න අවශ්‍ය නම් ෆොනටික් ආකාරයට ලියන්න!

      Delete
  12. ඌවේ ඉතිහාසය ගැන සමන්තගෙ පෝස්‍ට් එකේ කමෙන්ට් ටික කියවල බැලුවාම ඕනෙම ගොබ්බයෙකුට තේරෙනවා සමන්ත කළකිරුණේ ඇයි කියලා.. ඒකෙ හෝදන්න දෙයක් නෑ !!!

    බල්ලොත් එක්ක බෑ !!!!!!

    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකකට කළකිරෙන්න සමන්ත විද්‍යාරත්න බබෙක් නොවේ. විශ්ව විද්‍යාලයක ඉඳලා, ගුරුවරයෙකු ලෙස කට්ට කාලා ජවිපෙ වගේ අමාරු දේශපාලනයක් කරලා උඩට ආපු කෙනෙක්!

      ජවිපෙ පොදු සාමාජිකයින් එහි නායකයින්ට බුදු පසේ බුදු විදියට සළකනවාය සහ එසේ වී, සමන්ත බ්ලොග් පාඨකයින්ගෙනුත් එහෙම එහෙයියා ආකාරයේ සැළකිළි බලාපොරොත්තු වුණාය කියා මා නම් හිතන්නේ නෑ!

      මං හිතන්නේ වෙන්න ඇත්තේ මෙයයි-

      සමන්ත විද්‍යාරත්න බ්ලොගය ඇරඹුවේ පක්‍ෂයෙන් කෙලින් ම අවසරයක් නොමැතිව විය යුතුයි.

      පසුව ඔහුට පක්‍ෂයෙන් යම් තහනමක් පැනවෙන්නට ඇති.

      Delete
  13. රසික,
    ගුරු ගීතය පරිවර්තනය ඔබ ළඟ තිබෙනවානම් එය හැරි හැටි කියවා කතා කරන්න. යම් පොතක් ආශ්‍රයෙන් යම් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ වෙන්න පුළුවන්. නමුත් රව්‍ය දෘශ්‍ය නිර්මාණය ගැන කතා කරන්න අයිතියක් නෑ පොත නොකියවූ අයට එක කොන්දීසියකට යටත්ව ඒ පොත තමන්ට කියවා තේරුම් ගන්න පුළුවන් භාෂාවකට පරිවර්තනය වෙලා නැත්නම්. අන්න එහෙම එමු. උදාහරණයක් විදියට මාටින් වික්‍රමසිංහ ලෙස්ටෙර්ගේ ගම්පෙරළියට එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ,

    මම වික්‍රමසිංහ ගේ ගම්පෙරළියේ ඇතැම් තැන ගැන ලොකු විවේචන තියනව.

    රසික. මගුල් ලියන්න එපා "අර සිංහල ගීතයේ සමලිංගික ලකුණ වගේ". අර පැරා ලඟදි අලුගුත්තේරු පොස්ට් එකක් දාල හුදු හෙලුවෙන්ම කාල තිබුනේ. අර මුඩු හිසැති පිලිස්තෙනුවෙක් කියල දීල තිබුනේ ඔයාට රෙදි ගැලවෙන්න.

    ReplyDelete
    Replies
    1. 1. ගුරු ගීතයට ඵෙර කියවීමට පොත් විශාල සංඛ්‍යාවක් ඇත. මා ඊට පෙර ගුරු තරුව කියවමි.
      https://rasikalogy.blogspot.com/2016/09/writing-and-reading.html

      2. ගම් පෙරළිය ද සෑහෙන කාළෙකින් කියවා නැත! අන්තිම ටෙලි නාට්‍යය නම් බැලුවෙමි. ඒ 1990 දශකයේ දී ය.

      කෙසේ වෙතත්, මා නම් විශ්වාස කරන්නේ පොත සහ සිනමා කෘතිය යනු නිර්මාණ දෙකක් බවයි.

      3. යමෙකු මට බැන්නා ය, අපාහස කළා ය කියා මගේ රෙදි ගැලවීමක් හෝ වෙනත් පාඩුවක් වෙන්නේ නෑ. ඒ අපහාස මා පිළිගන්නේ නැති නිසා, ඔවුනටම ආපසු යනවා!

      එවැනි අපහාසවලට සැලෙන්නේ දෙවෙනි ශ්‍රේනියේ වගේ කුඩා ළමුන්!

      Delete
  14. මේ පෝස්ට් එකේ කොමෙන්ට්ස් වල වැඩිපිර කතා වෙන්නේ සහ ඇනෝ දමන කොමෙන්ට් වලට පිලිතුරු ලැබෙන්නේ ස ර ස තුමා ගේ නමටය.

    එය මට මහත් ආඩම්බරයක් හිටන්!

    ReplyDelete
  15. සාරස යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. "ගොන් පාට් දමන්නා" යන්නයි!

      Delete
    2. මේ සා රසා නම් බ්ලොග්කරුවා තමන්ට එරෙහිව එන ප්‍රතිචාරවලට මුහුණ දෙන ආකාරය අප සැමට ආදර්ශයක් බව සිතේ.

      සා රසා ගේ කබර හම තවත් ගොරහැඩි වේවා යි ඉත සිතින් පතමි!

      Delete
  16. අද ජාතික පවුල් සැලසුම් දිනයයි. රසික කොහොමටත් සැලසුම් සහගතව වැඩ කරන්නෙකි. පවුල සම්බන්ධයෙන්ද රසික එසේය. එබැවින් ...

    "රසිකගේ පවුල රැකේ" යැයි සිතමි.පතමි.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඇනෝගේ රැකේ පවුලක් නැද්ද?
      පව්!

      Delete
  17. චරිත සහතික දීමට තරම් ප්‍රමාණවත් දැනුමක් නොමැති නිසා නෝ කමෙන්ට්

    ReplyDelete
    Replies
    1. නෝ කමෙන්ට් නිසා ද මේ ලිපියේ ප්‍රා ජේ කමෙන්ට් හතක් ම දාලා තියෙන්නේ?

      Delete
  18. මේ පෝස්ටුවට කමෙන්ටුවක් දාන්න ඇවිල්ල සමන්තගෙ බ්ලො‍ෙගේම කියවන්න වුනා.
    සමන්ත සහ ඔහුගේ බ්ලොග් එක ගැන මට හිතෙන්නෙ මෙච්චරයි.
    01.සමන්ත කියන්නෙ සාපේක්ෂව හොඳ දේශපාලනඥයෙක්. ඔහු ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කෑගහන බව පේනව.
    02.සමන්ත කියන බ්ලොග්කරුවා එතරම් සාර්ථක නෑ. අභියෝගාත්මක කමෙන්ට්වලට උත්තර නොදී ලිස්සල යන ගතියක් තියනව. බ්ලොග් ලිවිල්ල දේශපාලනය කිරීම වගේ නෙවෙයි. අඩු ගානෙ රූපවාහිනී සංවාදයක අනෙක් පක්ෂ පතුරුගැහීමත් බ්ලොග් ලිවිල්ලට වැඩිය ඉතාම පහසුයි. මොන වැඩේ කලත් විවේචන එල්ල වෙන සිස්ටම් එක ඇතුලේ තමන් ප්‍රශ්න කිරීම්වලට උත්තර දෙන්න බැරි නං කරන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ දේශපාලනඥයෙකුගේ වගකීම ප්‍රදේශයේ ඉන්න එවුන් වෙනුවෙන් කෑ ගැහීම විතරද? එහෙම නම් බං ලංකාවෙ හොඳ දේශපාලඥයො ලක්ෂයක් විතර ඇතිනෙ. ඔය වහින වෙලාවක කමියුනිකේෂන් එකකට ගොඩ වැදුණත් ඒකෙ ඉන්න එකාත් කතා කරන්නෙ ප්‍රදේශයෙ ඉන්න එවුන් වෙනුවෙන් තමයි.

      Delete
    2. " හොඳ දේශපාලනඥයෙකුගේ වගකීම ප්‍රදේශයේ ඉන්න එවුන් වෙනුවෙන් කෑ ගැහීම විතරද? "

      කවුද එහෙම කියල තියෙන්නෙ?

      Delete
    3. බ්ලොග් ලිවීම දේශපාලනයේ යෙදෙන අයෙකුට අසීරු වැඩක්.

      ඒකනේ අජිත් පී පෙරේරා, කරුණාරත්න පරණවිතාන පාර්ලිමන්ට් ගිය ගමන් බ්ලොග් අතහැරියේ!

      Delete
  19. බ්ලොග්කරුවන් අතර තියන ප්‍රධාන මත දෙකක් මම දැකල තියනව.
    එක පිරිසක් ඉන්නෙ හිත රිදෙන කමෙන්ටු නොදැමිය යුතුයි, බ්ලොග් ලියන්නන් දිරිමත් කලයුතුයි කියන ස්ථාවරයේ. අනෙක් පිරිස ඉන්නෙ ඕනෑම දෙයක් ප්‍රශ්න කල හැකියි කියන ස්ථාවරයේ. (මම ඉන්නෙ දෙවැන්නෙ. හිතමිතුරුකම්, කල්ලි, හමුවීම් නැතත් සංවාදයන් තිබිය යුතුයි. මැරිච්ච බ්ලොග් අවකාශයක් වැඩක් නෑ)

    ReplyDelete
    Replies
    1. සමන්ත විද්‍යාරත්න වගේ ප්‍රශ්න වලට උත්තර නොදී පැනලා යන වගේ කුහක බ්ලොග්කරුවන් නම් දිරිමත් කරලා සතේක වැඩක් නෑ.

      Delete
    2. ////// හිතමිතුරුකම්, කල්ලි, හමුවීම් නැතත් සංවාදයන් තිබිය යුතුයි. මැරිච්ච බ්ලොග් අවකාශයක් වැඩක් නෑ) /////////////
      රාජ්ගේ කමෙන්ට්ස් දෙකම අගයකරනවා. මේක අපේ මිනිස්සුන්ගේ තියෙන බයාදුකම හෝ නිවටකම නිසා වෙන දෙයක්.


      //////මොන වැඩේ කලත් විවේචන එල්ල වෙන සිස්ටම් එක ඇතුලේ තමන් ප්‍රශ්න කිරීම්වලට උත්තර දෙන්න බැරි නං කරන්න දෙයක් නෑ.//////////

      ප්‍රශ්න කිරීම්වලට උත්තර දීම කෙසේ වෙතත්, තෝරාගත් ප්‍රශ්නවලට පමනක් උත්තර දෙන්නද මන්දා කමෙන්ට්ස් මොඩරේට් කරන එකත් එක්තරා බයාදු, නිවට ක්‍රියාවක් නේ.
      අනේ මන්දා බොලව්..... ඒ ඒ ජාතික බන්ස්...ඒ ඒ ජාතික බනානාස්....

      බන්ස් ඇන්ඩ් බනානාස් තමයි අන්තිමට.

      Delete
    3. ඇයි තව පිරිසක් ඉන්නව රාජ් අයියෙ

      තමන් කල්ලියක නෑ පුල් ස්වාධීනයි කියන ගමන් තමන්ගෙ කෙනෙක් බිත්තියට හේත්තුවෙද්දි ඇවිල්ල ලාවට වගේ පොඩි සුදුහුණු පාරක් ගාල මේකප් එකක් දාන ඩෑල් ??

      Delete
    4. ////"තමන්ගෙ කෙනෙක්"//////

      මෙන්න මෙතන තමයි ලොකුම අවුල වෙලා තියෙන තැන. අපේ කෙනෙක්...මගේ කෙනෙක් ....ඕවා තමයි අප්සෙට්.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. යාලුකම් පවත්වාගෙන යාමට වයිබර්, වට්සැප්, ඊමේල්, එකට කෑම බීම ට්‍රිප් යාම, පාටි දැමීම, උදව් කිරීම / ඉල්ලීම ආදී විවිධ ඇත්ත ජීවිතයේ දේවල් ඇත.

      බ්ලොග් ඇත්තේ ලිවීම, කියවීම, කමෙන්ට් කිරීම හා රිප්ලයි කිරීමටය.

      Delete
    7. චෑ චෑ ඇනෝ මචං.. අපේ රාජ් අයියට එහෙම කියන එක හරිද මන්දා :D ඒ උනාට මටත් නිකං එහෙම හිතෙනවා හිතෙනවා වාගෙ බං.

      Delete
    8. බ්ලොග් ඇත්තේ සම්මාන දීමටයි කියලායි මම හිතුවේ

      Delete
    9. පත්තර මල්ලී,
      " තමන් කල්ලියක නෑ පුල් ස්වාධීනයි කියන ගමන් තමන්ගෙ කෙනෙක් බිත්තියට හේත්තුවෙද්දි ඇවිල්ල ලාවට වගේ පොඩි සුදුහුණු පාරක් ගාල මේකප් එකක් දාන ඩෑල් ??"

      ඇයි බං ජනේලෙන් පුක දෙන්නෙ? කෙලිංම කියපංකො. රාජ් අයිය කැමති ඒ ජාතියෙ බුවාලට.
      කමක් නෑ, උඹේ කාරණාව ගැන මෙහෙම කියන්නං. මම බ්ලොග් අවකාශයේ හැසිරෙන්නෙ මගේම වූ ප්‍රතිපත්ති ටිකකට. මගේ කියුම් කෙරුම් ගැන පැහැදිලි කිරීමක් ඕන කෙනෙකුට කරන්න මම ලැහැස්තියි. මගේ ප්‍රතිපත්ති ඇතුලෙ කන්ට්‍රැඩික් නෑ.(මට හැඟෙන තරමට). එහෙම දෙබිඩි ප්‍රතිපත්ති උඹට පෙනිල තියනව නං කෙලින්ම කියපං.

      Delete
    10. මා සම්බන්ධ අපහාසාත්මක ඇනෝ කමෙන්ට් තිබුනට අවුලක් නෑ. ඒවා මට උවමනා නං විතරයි භාරගන්නෙ. තෙවැනි පාර්ශව අපහාසවලින් මාව නිදහස් කලාට අවුලක් නෑ.
      ඒ රසිකට.

      Delete
    11. //////යාලුකම් පවත්වාගෙන යාමට වයිබර්, වට්සැප්, ඊමේල්, එකට කෑම බීම ට්‍රිප් යාම, පාටි දැමීම, උදව් කිරීම / ඉල්ලීම ආදී විවිධ ඇත්ත ජීවිතයේ දේවල් ඇත.
      බ්ලොග් ඇත්තේ ලිවීම, කියවීම, කමෙන්ට් කිරීම හා රිප්ලයි කිරීමටය./////////

      ප්‍රා.....මෙන්න මේක ඉතාම හොඳ දෙයක්. එකිනෙකා පුද්ගලිකව හඳුනාගැනීම ඉතා වැදගත්. නමුත් තම තමන් තුල ස්වාධීන අනන්‍යතාවයක් තියෙන්න ඕන. පොදු ක්‍රියාකාරමකදී එක් වෙනවා මෙන්ම, එකිනෙකාට හුරුවු පොඩි වෙනම තින්කින්ග් එකක්, වෙනම ෆීලින්ග් එකක්, වෙනම විශන් එකක් සහ පර්සනල් මිශන් එකක් තියෙනවා කියලත් අපි හිතන්න ඕන. අන්න එහෙම වුනාම තමයි, අකුරුවලින්, සිතුවිලි වලින් හෝ කායිකව බැඳෙන්න පුලුවන්. අන්න ඒ රෙස්පෙක්ට් එක වැලියුව් එක එකිනෙකා අතර තියෙන්න ඕන. නයි මුගටි ලව් කරනවනම්, ඇයි අපිට බැරි කියලා වෙලාවකට හිතෙනවා සමහරක් දේවල් දැක්කම. ඒත් ඒ ආතල් රසයත් නැතිවුනොත් බ්ලොග්ස් ෆකේම ෆක් වෙනවා. ඒ නිසා අපි කවුරුත් අපහාසය නැති උපහාසයත් එක්ක, සියල්ල රස විඳිමු. ෆුල් ආතල් එකේ ඉන්න වෙලාවක ලියවුනේ. පිස්සු කියවනවා කියලා, බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න එපා. අපි ඉනසන්ට් මිනිස්සු. ෆුල් ආතල් ඕයි.....

      Delete
    12. @ Raj and all
      හිත රිදෙනවා නම් රිදිය යුත්තේ පුද්ගලිකත්වය ගැන සඳහන් කමෙන්ටු නිසායි. ලිපියක අන්තර්ගතය ගැන ප්‍රශ්නයක් ඇසීම හෝ පාඨක අදහස ලිවීම නිසා හිත රිදෙන අය බ්ලොග් ලියන්න ඕනෑ කමෙන්ටු වහලා!

      මං නං හැකි සැම විට ම අනෙක් බ්ලොග් ප්‍රවර්ධනය සඳහා සහ බ්ලොග්කරුවන් උනන්දු කිරීම සඳහා වැඩ කරනවා. ඒ සමගම ඕස්ටේ‍ර්ලියාවේ සිංහල ජනතාව අතර බ්ලොග් ගැන ප්‍රචාරය සඳහාත් මා කටයුතු කර තියෙනවා.

      මා නම් වෙනත් බ්ලොග්වල කමෙන්ට් කරන්නේ අන්තර්ගතය ගැන ප්‍රශ්න ඇසීමට සහ මගේ අදහස් කීමටයි. පිට කසා ගැනීම් සහ පිළිම වන්දනා මගේ එදත් නෑ, අදත් නෑ!

      Delete
  20. සමන්ත යනු ඌවේ ඉපදී ඌවේම ජීවත් වෙමින් ඌවට යමක් කරමින් ඌවේම ජීවත් වන චරිතයකි.බ්ලොග් එකක් නොලිව්වාට සමන්ත ගැන මුලු ලන්කාවම පාහේ දන්නා අතර බ්ලොග් ලියා සමන්තට ගැනීමට දෙයක් නැත.ඌවේ පක්ශ විපක්ශ සියලු දෙනා තුලම සමන්තට ගරුකිරීමක් තිබේ.බ්ලොග් ලිව්වේ නැත කියා සමන්තට නැතිවීමට දෙයක් නැත.මා සිතනා විදියට සමන්තට කිරීමට බොහෝ දේ තිබිය හැක
    දැන් රසික ගැන බලමු.අවුරුදු ගනනාවක් පිටරටක ජීවත් වෙමින් නමුත් එම රට සමග දියුනු සම්භන්දයක් ගොඩ නගාගත නොහැකි කමින් ලන්කාව අස්සේ රින්ගමින් සින්හලෙන් බ්ලොග් එකක් ලියන චරිතයකි.රසිකට ඇත්තේ බ්ලොග් එක පමනි.බ්ලොග් එකත් නැත් නම් රසික යනු තුන් හතර දෙනෙක් පමනක් දන්නා සාමාන්ය පුද්ගලයෙක් පමනකි. එම නිසා රසිකට බ්ලොග් එක යනු මුලු ජීවිතයි.බ්ලොග් නොලියා රසිකට ජීවත් විය නොහැකිය. රසික සමන්තව ප්රශ්න කරන්නේ මේ තත්වය නොතේරෙන නිසාය

    ReplyDelete
    Replies
    1. Ela kathawa ano Rasika Sooriyaarchchi hitha gena inne loke thiyena ekama hapankama blog liyana eka witharayi kiyala . Eya anith minissunta koniththala puduma winodhayak labanawa . Meke thiyena Godak ano comments Rasika , raj , sarasa wage ayage e gollo Samantha wage samajaye piligath charitha walata kamathi naa

      Delete
    2. හරියට හරි ඇනෝ .රසික හිතන් ඉන්නේ මොකක් හරි ගොන්පාර්ට් එකක් බ්ලොග් පොස්ට් එකක් කියලා ලිව්වම ඌ තමයි පොර කියලා . ඔය යකා නියම "ආ. ප. හු. " කෙනෙක්.. මෑන්ස් ගේ පඬි කම අඩු කරන්න මාතලන් ට වත් බැරි වුනා කිව්වම.?

      Delete
    3. ඇනෝලා, යන්න, ගිහින් පහේ පන්තිය පාස් කරලා එන්න!

      Delete
  21. අපි නොදන්න රසික සහ ලංකාවෙන් සිනුවර(එතුමගේ වචන)ට ආපු පරම්පාරවේ අය තාම ගැමි ගොං සුවද යවාගෙන නැ.මෙහෙ චුන් වලට හුරුවෙලත් නැ.

    ReplyDelete
    Replies
    1. සිනුවර යනු මා හැදූ වචනයක් නොවේ!

      එහි නිර්මාතෘ හෙන්රි කුමාරප්පෙරුම නම් ජ්‍යෙෂ්ඨයෙකි.
      https://rasikalogy.blogspot.com/2015/04/sydney-renamed.html

      Delete
  22. //බ්ලොග් ඇත්තේ සම්මාන දීමටයි කියලායි මම හිතුවේ// ඔය සම්මාන කෙළියෙන් තමයි "වසරේ මහා බ්ලොග් කරු" කියලා මොබයිල් ෆොන් අරව මේවා ගැන ගොන් පාර්ට් ලියපු ඒවාට රසිකට තෑගි දීලා මිනිහා මුරුංගා අත්තේ තිබ්බේ . දැන් පොර ඇදගෙන නානවා...

    ReplyDelete
    Replies
    1. නොදන්නා කමට කියූ දෙයක් නිසා ඔබට සමාව දෙමි.

      ඔබ කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙල ගැණ නම් - වසරේ හොඳම බ්ලොග් සම්මානය ලැබුණේ බස්සි ගේ නවාතැන ලියන යසෝධා සම්මානි ප්‍රේමරත්නට ය.


      Delete
    2. අනිත් කරුණ-

      ඒ සම්මාන උළෙල පැවැත්වුනේ 2016 මාර්තු 26 දා ය.

      ඔබ අකමැති බව පෙනෙන ජංගම දුරකථන ගැන මගේ ලිපි මාලාව ඇරඹුණේ මැයි මාසේ මැද දවසක මගේ ජංගම දුරකථනය විනාශ වීමෙන් පසු ය.

      මෙන්න මා ඒ හා සම්බන්ධ සිදුවීම්, ඉතිහාස කතා සහ සිද්ධි ඇසුරෙන් ලියූ ලිපි මාලාව.


      1. බැක් ටු නොකියා - What's so funny, mate?

      2. මගේ ජංගම දුරකථන ඉතිහාසය - Chapter zero

      3. ජංගමේට කලින් ලෝකයේ විසිතුරු - No phone, no worries

      4. එරික්සන් සිට සැම්සුන් දක්වා කථාවේ ඇරඹුම (පුද්ගලිකයි නමුත් රහසිගත නැත)! - Ericson to Samsung

      5. නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading

      6. රතඹලා, දං සහ බ්ලැක්බෙරි - Sour grapes

      7. පිට රට සිට ලංකාවට කෝල් කිරීම - Mr. Watson, come here

      8. සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා! - Oh, what a feeling

      9. මන්දාකිණි සැපේ ආරම්භය! - Kyklos Galaktikos

      10. තුන්වෙනි ගැලක්සිය - Galaxy S3

      11. පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? - No escape form trivial information

      12. අලුත් සැම්සුන් ගැලක්සි -7 ජංගම දුරකථනය සඳහා අලුත් රෙදි සෝදන මැෂිමක්? - Buy one, get another one?

      Enjoy!

      Delete
  23. ශ්‍රංගගේ කතාව හරියටම හරි.

    රසික කියන විධියට, සමන්ත දේශපාලකයෙක් වෙලා බ්ලොග් ලියන්න ආවනම්, දේශපාලනේ ගැන හෝ අදාලව ලියන්න ඕනේ නම්,
    ඇයි රසික, මේ මම දවල්ට කන අන්දම,මා ගිය සංචාරයේ විස්තර ලියන්නේ. ඔයා ඉංජිනේරුවෙක් හා විශ්ව විද්‍යාල ගුරුවරයෙක් බ්ලොග් ලියන්න ආපු. එතකොට මොනවාද ඔයා මේ ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. /* රසික කියන විධියට, සමන්ත දේශපාලකයෙක් වෙලා බ්ලොග් ලියන්න ආවනම්, දේශපාලනේ ගැන හෝ අදාලව ලියන්න ඕනේ නම්, */

      මා එසේ කියා ඇත්තේ කොහේද?

      මේ මොනවාද මේ කියන්නේ? සිංහල කියවා තේරුම් ගැනීම මෙතරම් අපහසු ද?

      අනේ මන්දා?

      Delete
    2. ඔව් නේන්නම්, බලන් ගියාම සිංහල තේරිලා නැහැ වගේනේ.
      එක්කෝ සිංහල තේරිලා නෑ, (නැත්තං තේරෙන විධියට ලියල නෑ, සොරි මෙයා). අනේ මන්දා
      සන්නස්ගලගේ සිංහල පන්තියකට වත් යන්න ඕනේ.

      Delete
  24. ටික දවසක් නිවාඩු පාඩුවේ හිටිය නිසා බ්ලොග් කියවුනේ නෑ.. රසිකට සමන්ත බ්ලොග් ලියන්නේ නැතිව පාළුයි වගේ නේද කියලා මට නම් හිතුනේ... මම සමන්ත ගැන මුලින්ම ලියපු පොස්ට් එක "සමන්ත නම් පුද්ගලයා මට පෙනුන හැටි " ගැනයි. සුරංග කියලා තියෙන කරුනුත් ඒ හා සමපාත වීමක් මට පෙනෙනවා ...මෙන්න ඒ පොස්ට් එක

    http://helmalu.blogspot.com.au/2016/05/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිපිනයක් සඳහන් කිරීමේ දී එය HTML A ටැග් එකක යෙදීම වඩා සුදුසු වේ.

      මෙන්න මේ වගේ!
      http://helmalu.blogspot.com.au/2016/05/blog-post_15.html

      Delete
    2. මා සමන්ත විද්‍යාරත්න නම් දේශපාලනයේ යෙදෙන පුද්ගලයා ගැන කියා ඇති දෙය කල්‍යාණ මිත්‍රට දුන් පිළිතුරේ සඳහන් ය.

      මා ඔහුට කැමති වූ පමණින් ඔහුව වන්දනාමාන කිරීමට, ඔහුව ප්‍රශ්ණ නොකර සිටීමට හෝ ඔහු කියන ඕනෑඟ දෙයක් දේව භාෂිතය සේ පිළිගැනීමට සූදානම් නැත.

      සමන්ත විද්‍යාරත්න හෝ එවැනි දේ බලාපොරොත්තු වෙනවා යැයි කිසිසේත් ම නොසිතමි.

      සමන්ත ඡන්දයෙන් දිනන්නට නම්, මා ඬැනි අය නොව මටත් වඩා රේඛාවේ අනිත් පසින් ඉන්නා අයගේ ඡන්දයට අවශ්‍ය වේ!

      Delete
  25. ලියන්න දේවල් නැතිනම් , කියන්න දේවල් නැතිනම් මේ බොග පඩන්ගුව වහල දාන්න රසික ...
    ඔබ අවුරුදු ගානක් ලිව්ව දේවල් ඔක්කොම ගත්තත් දුෂෙයින් ලියපු ලිපි කීපය අහලින් වත් තියන්න පුලුවන්ද ?
    ඉස්සෙල්ල මොන්ටිසෝරි ඉවර කරලා එන්න එකේ පත්න්තියට .. දෙකේ පන්තියේ කොම්මෙන්ට් දාන්නේ ...
    ලංකාවේ මිනිස්සුන්ට උඹලට වගේ පිං අන්තර්ජාල පහසුකම් පිං පඩි දෙන කන්තෝරු නැහැ , යන එන ගමන්, කන බොන ගමන් ලියන්න කියන්න පුළුවන් ප්‍රවාහන , කාර්යාල පහසුකම් නැහැ ..

    ReplyDelete
    Replies
    1. +++++++++++++

      Delete
    2. @ Anonymous 28 September 2016 at 09:53

      තෑන්ක්ස් මේට්!

      නයිට් ඩියුටි කරලා ෆ්ලැට් එකට ගිහින් ඉන්න වෙලාවේ නේද ඔහේ ඔය කමෙන්ටුව දැම්මේ?

      Delete
  26. ප/ලි:

    කල් දැමිය නොහැකි පුද්ගලික වැඩකට කාලය ගත කිරීමට නොහැකි වුණු නිසා, මේ ලිපියට පසුව ලැබුණු ප්‍රතිචාරවලට නිසි ලෙස පිළිතුරු ලිවීමට නොහැකි විය.

    මේ සැමට පොදු පිළිතුරකි.

    ජවිපෙට සහ සමන්ත විද්‍යාරත්නට දේශපාලන සතුරන් සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    නමුත්, මේ ලිපිය ලිවීම ගැන මට දෝශාරෝපනය කරන ජවිපෙ සහ සමන්ත විද්‍යාරත්න ගේ මිතුරන් වටහා ගත යුතු කාරණය නම්, මා ඒ කණ්ඩායමේ අයෙකු නොවන බවයි.

    වාමාංශිකයින් වටහා නොගන්නේ ද මෙයම ය. තමන් හා සමාන අදහස් ඇති, නමුත්, තමන් සමග එක කණ්ඩායමේ නොමැති අය ඔවුන්ට පෙනෙන්නේ ප්‍රධාන සතුරාට වඩා දරුණු ලෙස ය.

    මට ජවිපෙ සමග හෝ සමන්ත විද්‍යාරත්න සමග හෝ අවුලක් නැත. වෙනත් කිසි කණ්ඩායමක් සමග සම්බන්ධයක් නැත.

    මගේ ගුරුවර, ශාස්තෘ, පිළිම වන්දනා නැත. මම මගේ අවංක මතය ලියමි.

    එය ඒ ඒ පිළිම වන්දනා කරන්නන්ට අජීර්ණ විය හැක. ඒ සඳහා මම වග නොකියමි!

    ස්තුතියි!

    ReplyDelete
  27. /*වාමාංශිකයින් වටහා නොගන්නේ ද මෙයම ය. තමන් හා සමාන අදහස් ඇති, නමුත්, තමන් සමග එක කණ්ඩායමේ නොමැති අය ඔවුන්ට පෙනෙන්නේ ප්‍රධාන සතුරාට වඩා දරුණු ලෙස ය. */

    ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම්ව ද?

    මීට,
    අක්ෂය පාඨකයෙක්.

    ReplyDelete

  28. 1. සමන්ත "පොරක්" කියා හිතන්නේ නැත. ඒ නිසා පොර "අහවල්පොරක්" සේ හැසිරෙයි කියා අමුතු එකක් දාගෙන නැත.

    2. ජෙප්පන්ට ගැඹුරු දර්ශනයක් හෝ වැඩපිළිවෙලක් ඇතැයි හිතන්නේ නැත. අවංකකම [සමහරුන්ට විතරක්] උනන්දුව ශ්‍රමදාන මෙහෙයවීමේ හැකියාව සහ වැරදි ඇවිස්සීමේ හැකියාව ඇත. සදාකාලිකවම විපක්ෂයේ තියාගන්නට නිර්දේශ කරමි.

    3. දේශපාලකයෙක් වුවත් බ්ලොග් ලියද්දි තව මිනිහෙකි. රසික හරිශ්චන්ද්‍ර ලියන එව්වා එයාට ඕනේ තාලෙටනම් සමන්ත විද්යාරත්නටත් එසේමය.

    4. ඉතිහාසය හා ජනප්‍රවාද විෂයක් වන නිසා බ්ලොග් ලිවීම වැනි ලෙෂර් වැඩකදී එව්වා ගැනලිවීමේ වරදක් නැත. ප්‍රාදේශීය ප්‍රවාද ගැන කිව්වොත් අජිත් පී පෙරේරා ගේ බ්ලොග් එකේ නම ම බණ්ඩාරගම වූඅතර අජිත් පටන් ගත්තේ රයිගම් ඉතිහාසයෙනි. සමන්තගේ සටහනේ රසිකට ඇලජික් වූයේ කුමක්දැයි මට නොවැටහේ. ඇත්තෙන්ම එය අසා ඇති ප්‍රවාද රාශියක් අළලා ලියු සාමාන්‍ය බ්ලොග් සටහනකි.

    5. බ්ලොග් ලියා රට හදමු කියන්නේ මා ඇසු ලොකුම විහිලුවයි. බ්ලොග් ලියන්නේ රට හදන්නනම් රසික තරම් ෆේල් වෙච්ච බ්ලොගර් කෙනෙක් තවත් නැත. බ්ලොග් අවකාශය මම සලකන්නේ හිතේ තියෙන මොකක් හරි ලියා යන තැනක් හැටියට පමණි. ඒ නිසා සමන්තගෙන් අනාගත දේශපාලන සැලසුම් බ්ලොග් එකෙන් ඉල්ලීම තේරුමක් නැත. ඒවා කැමති වුනත් නැතත් ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පමණක් ලැබෙන දෙයකි. මේ ඉල්ලීම් වලින් උශාර් වී ඒ වගේ එව්වා බ්ලොග් වල ලියා සමන්ත අනා නොගනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++

      Delete
    2. /* බ්ලොග් ලියා රට හදමු කියන්නේ මා ඇසු ලොකුම විහිලුවයි. */

      මා ද සිතන්නේ එසේම ය.

      විටින් විට කියා ඇති පරිදි, මා නම් බ්ලොග් ලියන්නේ මගේ විනෝදය පිණිසයි. ඒවා කියවන අයට ඉන් යම් වින්දනයක් ලැබෙතොත් එය බෝනස් එකක් ලෙස සළකමි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.