Tuesday 18 August 2015

සෑහෙන කාලෙකට ලියවෙන අන්තිම ලාස්ට් දේශපාලු හෙවත් කාලපාලු ලිපිය - Another episode ends


එක්දාස් නමසිය හැත්තෑ හතේ මැතිවරණයේ් ප්‍රතිඵල නිකුත් වී අප පාසල් ගිය මුල් දිනයේ අපේ සිංහල ගුරුවරයා (ඔහු ගේ නම මට අමතකය, නිතර සුදු අත්කොට කමිසයක් සහ නිල් පැහැති කලිසමක් ඇඳි, ඇසක අක්‍ෂයේ පොඩි අවුලක් තිබුණු, මැදි වියේ පසුවූ පොරකි!) මැතිවරණ ප්‍රතිඵල ගැන රචනාවක් හෙවත් ලිපියක් ලියන්නට අපට පැවරුවේ ය.

ඊළඟ සතියේ අපේ පන්තියේ ළමුන් ලියා ඉදිරිපත් කළ ලිපි කියවා බැලූ ගුරුවරයා, එයින් හොඳම රචනා දෙක තෝරා ගෙන ඒවා ලියූ සිසුන් දෙදෙනාට ඒ ලිපිවල මුල් පරිච්ඡේද පන්තියට ඇසෙන්නට කියවීමට අණ කළේ ය.

ඉන් එක් ලිපියක් මගේ ය.

අනෙක, මගේ උසස් පෙළ සමයේ හොඳම මිතුරෙකු වූ, පේරාදෙණිය විද්‍යාවේදී සහ ශ්‍රී ජයවර්දෙනපුර විද්‍යාපති උපාධිධාරී, දැනට රජයේ සේවයේ හොඳ යැයි සම්මත රැකියාවක නියුතු සරෝජ උදයංග චන්ද්‍රසේන ගේ ය.

අප දෙදෙනාගේ ම ලිපි හොඳයැයි තෝරා ගත්ත ද, අපේ සිංහල ගුරුවරයා එයින් වඩාත් හොඳයැයි කීවේ සරෝජ ගේ ලිපියට ය. එයට හේතුව ලෙස ඔහු දැක්වූයේ, මා ලියූ ලිපිය කරුණු අතින් සම්පූර්ණ එකක් වුවද, කරුණු ඉදිරිපත් කිරීම අතින් සරෝජ ගේ ලිපිය ඉදිරියෙන් සිටීමයි.

උදාහරණයක් ලෙස, මා ලිපිය අරඹා තිබුණේ, "වසර හතකට පසු ශ්‍රී ලංකාවේ පැවත්වූ මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය දැන් අපි දනිමු!" වැනි සරල ආකාරයකින් වුවද, සරෝජ ලියා තිබුණේ, "වසර හතකට පසු ශ්‍රී ලංකාවේ පැවත්වූ මහ මැතිවරණයේ ප්‍රතිඵලය දැන් උණු උණුවේ ම අප හමුවේ ඇත!" වැනි ආකාරයකට සිත් ඇදගන්නා ආලවට්ටම් ද සමග ය.

එදා ඒ මැතිවරණයෙන් යූඇම්පීය අති විශිෂ්ට ජයක් ලැබුවේය. එතෙක් බලයේ සිටි සිරිලංකා එක කුජීත ලෙස පරාජය විය. සිරිලංකා එකේ පාලනයේ පවට වසර පහ, හයක් කර ගැසූ සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ දෙක නැවත තම ස්වශක්තියෙන් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගන්නට නොහැකි වෙන ආකාරයට අතුගෑවී ගියේ ය.

අද වසර තිස් අටකට පසු තවත් මැතිවරණයක් අවසාන වී එහි ප්‍රතිඵල උණු උණුවේ ම අප හමුවේ ඇත!

අපේක්‍ෂිත සිහින ප්‍රතිඵල නොලැබී ඇති මුත් පොඩි ජොලියක් සිතට නැගේ.

එයට හේතු රාශියකි.

ඉන් පළමුවැන්න නම්, එදා සත්වසක ශාපය අවසාන වුණා සේ, අද රාජපක්‍ෂ ශාපය අවසාන වී ඇතැයි සිතීමයි.

දෙවැනි කාරණය නම්, නානසාර සහ ෆොන්සේකා වැනි කොටස් නැති නාස්ති වී යෑමයි.

තුන් වෙනි කාරණය නම් මගේ සිහින පැතුම් සඵල නොවූණමුත්, 1994 දී යළි ප්‍රජාතන්ද්‍රවාදී දේශපාලනයට පිවිසිය ද කාලයක් තිස්සේ නොමග යමින් සිට යළි හරි මග පැත්තට හැරුණා වූ, ජනතා විමුක්ති පෙරමුණ යම් ආකාරයක ජයක් ලැබීමයි.

එසේ වෙතත්, බහුතරයෙන් බලයේ දිගටම රැදෙන යූඇම්පියෙන් ද, බහුතරය නැතිවීම නිසා දිගටම විපක්‍ෂයේ රැදෙන සිරිලංකා එකෙන් ද, දෙපැත්තෙන් ම, විවිධාකාරයේ දුෂිතයින්, ජාතිවාදීන් සහ ජඩයින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නියමිත වීම නිසා පොඩි දුකක් ද දැනේ.

රනිල් කෙසේ වෙතත්, මෛත්‍රීපාල ලොක්කා නම්, සිරිලංකා එකට තරමක හෝ විරේකයක් කර බඩ ශුද්ධ කරන්නට යන බව පෙනේ.

යූඇම්පීයට අවශ්‍ය වෙන්නේ ඉඩකුඩිච්චියකි. ජනතා විමුක්ති පෙරමුණට ද, හදවත වෙනුවට මොළය පාදා දිය යුතුය!

මා දකින ආකාරයට, අප අකමැති වුවත්, කැමති වුවත්, දැන් ඉදිරියට සිදුවන්නේ මෙයයි.

අරුං කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත්වූ තැන සිට කාගෙන කාගෙන කාගෙන යන්නට මුංට අවසර ලැබී ඇත.

නමුත්, අරුං ගේ අන්තිම කාලේ එක කටට ගිල්ල බයිට් සයිස් එකට මුං ගේ බඩවල් ආරන්නට තව කලක් ගත වෙනු ඇත.

එනිසා අප කළ යුත්තේ, ඊට පෙර මුං වෙනුවට නැවතත් බඩ ශුද්ධ වූ අරුං පිරිස ගෙන ඒමයි.

මෙන්න මගේ සටන් පාඨ.
  • අහෝසිකම්ම හෙවත් ඩීල්-කම්ම අහෝසි කරනු.
  • අංගුලිමාලලාට, හොරු හතළිහට මෙන් ම අලිබාබාට ද විරුද්ධව සාක්‍ෂි අනුව නඩු ගොනු කරනු.
  • ලබන සැරේ බැටේ දෙන්නට අවුරුදු පහක් බකං නිලා සිටිමු.

ඊළඟට පැවැත්වෙන 2020 මහ ඡන්දයේ ප්‍රතිඵල ගැන මගේ අපේක්‍ෂාව මෙයයි.
  • බඩ ශුද්ධ කළ සිරිලංකා එක = 81
  • හිසකුඩිච්චිය දැමූ යූඇම්පී එක = 79
  • හදවත වෙනුවට මොළය පාදාගෙන "හෘද සාක්‍ෂිය" වෙනුවට "මස්තිශ්ක සංගුණකය" සමග එන ජනතා විමුක්ති පෙරමුණ = 40
  • දෙමළ පක්‍ෂ = 20
  • මුස්ලිම් පක්‍ෂ = 5
  • විමල් වීරවංශ, චම්පික රණවක ඇතුළු නඩය = 0
  • වාසුදේව, පැරණි සමසමාජ, කොමියුනිස්ට් නඩය = 0

මේ සෑහෙන කාලෙකට ලියවෙන අන්තිම ලාස්ට් දේශපාලු හෙවත් කාලපාලු ලිපියයි

එසේ නම්, ජයවේවා!

-රසිකොලොජිස්ට්

(image: http://www.ibtimes.co.in/dirty-politics-movie-review-roundup-even-mallika-sherawat-couldnt-save-film-625385)

35 comments:

  1. ජවිපෙට සිදුවූ නස්පැත්තිය පිලිබදව කනගාටුවෙමි.2020 වත් ආසන 40ක් ලබාදීමට තරම් කල්පනාකාරී ඡන්දදායකයින් සිටීද යන්නෙ පිලිබදව සැක පලකරමි.

    ReplyDelete
    Replies
    1. මේ මැතිවරණයෙදි ජවිපෙට චන්ද අඩු වෙන්න විශේ ෂ හේතුවක් තිබුනා. සමහර අය, “මගේ චන්දය ජවිපෙට දෙන්න ඕනැ වුනත් මේ පාර යූ ඇන් පී එකට දෙනවා“ කියල මතයක් ඇති කර ගත්තා. ඒකට හේතුව වෙන මොකවත් නෙවෙයි, මහින්ද අගමැති වෙයි කියන භීතිය. බොහෝ විට මහින්ද නොඉල්ලුවානම් මේ පාර සිරි ලංකා එක දිනන්න ඉඩ තිබුන.

      Delete
  2. ඔය 2020 ලිස්ට් එක පොඩ්ඩක් සංශෝධනය කරමුද?
    බඩ ශුද්ධ කළ සිරිලංකා එක = 81
    හිසකුඩිච්චිය දැමූ යූඇම්පී එක = 79
    ජනතා විමුක්ති පෙරමුණ = 30
    දෙමළ පක්‍ෂ = 20
    මුස්ලිම් පක්‍ෂ = 5
    විමල් වීරවංශ, දිනේශ් සහ වාසු නඩය (නොමැරී හිටියොත්) =0
    චම්පික රණවක නඩය = 10
    පැරණි සමසමාජ, කොමියුනිස්ට් නඩය = 0
    එතකොට බාහු (නඩයක් නැත) ?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. දැන් තත්වය
    යූ ඇන් පී: 93
    සන්දානෙ: 83
    ඉලංගෛ තමිල් අරසු කච්චි : 14
    ජ වි පෙ 4
    බොනස් සීටි ටික එක්කල ජාතික ලැයිස්තු ආපුවහම තවත් බරපතල වෙනව.
    රිමෝට් කොන්ට්‍රෝල් එකක් කොහෙන් හරි හොයාගන්න වෙනව.

    දැන් ආණ්ඩුවට තියෙන්නෙ ඔය අහෝසිකම්ම වෙන ඩීල් ගැන කාලය නාස්ති නොකර (ඒව මේ කපේදි අල්ලන්න බෑ) සාමාන්‍ය මට්ටමේ ටෙන්ඩර් මගඩි ගැන හොයන එකත් ඉස්සරහට වෙන්න ඉඩ තියන මගඩි වැඩ වළක්වන්න වැඩ කරන එකත්.

    ඔය යූ ඇන් පී එක කියන්නෙත් අවපාලනයට කැපවුනු පක්ෂයක් ඉස්සරනම්. දැන් ඒක එහෙමට වෙනස් වෙලා කියල හිතන්න අමාරුයි. හැබැයි ඉස්සර යූ ඇන් පියේ හිටපු සෑහෙන ජඩයො ගණනක් දැන් ඉන්නෙ සිරි ලංකා එකේ.

    ReplyDelete
  5. රාජපක්‍ෂ සාපය අවසන්වී නැත. රජ පක්‍ෂ වාදී හොරු සියල්ලෝම සන්ධානයේ ඉහල මනාප ලබා පත්වී දැති අතර . සන්ධානයේ සිටි පොඩි හොරුන් විසිවී ඇත.

    ReplyDelete
  6. AKURU KARAWU GURUNTA PORA KIYA APAHASA KARANNA EPA

    ReplyDelete
    Replies
    1. අකුරු කරවූ ගුරු පොර වැඩ කරනකොට කියන්න වෙන වචනයක් තියනවද? අර වැඩිය, වැළඳුව කියනව වගේ

      Delete
    2. මගේ වදන්කොසුවට අනුව පොරක් යනු එක්තරා ආකාරයක වීරයෙකි. ගෞරවාර්ථ පදයකි!

      Delete
  7. ජෙප්පන්ට ඉගෙන ගන්න විමලේ සහ විමල් ලියපු පොතම ඇති...

    කරුමේ කියන්නේ මට ඒ පොතේ නම මතක නෑ... ඔහේ දන්නවනේ ඉතින් මගේ මතකය ගැන...

    ඒ වගේම මම කිව්වේ ඒකයි... ජෙප්පෝ වගේම කකාත් උන්නේ අධි තක්සේරුවක. කකා එහෙම ඉන්න එක සාධාරණයි, මොකෝ කකා ඉන්නේ මෙහේ නෙමෙයි, කකුල මෙහේ තියෙන අපිට තේරෙනවා ජෙප්පෝ තාම යන්නේ රෝන්ග් සයිඩ් කියලා.. ඒත් උන්ට කියලා වැඩක් නෑ... මොකෝ එයාලා ඇවිල්ලා..

    සිල්ල දත්,
    පුක බිම ඇනගත්...... නිසා....

    ReplyDelete
  8. 2004 දී සන්ධානයේ සිරි-ලංකාකාරයින්ගේ මනාපවලින් ගොඩ ගිහින් ආසන 39 ක් ගත්තු ජෙප්පෝ නැවත කිසි දිනක ආසන 40 ක් ගන්නේ නෑ, රසික (ඔයාගේ ආතල් එක කුඩු කළාට සමාවෙන්න ).

    2020 වෙන කොට අනුර කුමාරලා, ලාල් කාන්තලා 1977 දී සමසමාජ-කොමිනිස් පක්ෂවල හිටපු නායකයින්ගේ වයසට ඇවිත් ඉඳීවි. ඒ කාරණයත් ඒ ඇත්තන්ට තරමක් දුරට හරහට හිටීවි. ඉදිරියේ දී යූඇම්පියෙන් ස්ථාපිත කරයි කියලා හිතෙන අධිපරිභෝජනවාදී ආර්ථිකයට ඇස් නිලංකාර වෙන මේ අසිරිමත් දූපතේ මිනිස්සුන්ට ඔය ජෙප්පන්ගේ හෘදසාක්ෂි කතා නිකං ජෝක්ස් විතරක් වේවි.

    ඉදිරියේ දී යහපත් චේතනාවෙන් යූඇම්පියෙන් ගෙන ඒ යැයි සිතෙන බලය විමධ්‍යගත කිරීමේ පනත්, දිනේෂ් ගුණවර්ධන කමිටුවෙන් අනුමත කරපු අලුත් ඡන්ද ක්‍රමය, ඉඩම් සහ ජල කළමනාකරන පනත්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන යනාදී සෑම එකටම ජෙප්පෝ, බුලත් කොළකාරයින් සමඟ එක්වී "මෙන්න රට බෙදනෝ, මෙන්න අධ්‍යාපනය වනසනවෝ, මෙන්න ජලය විකුණනවෝ" කියා කෑ ගසමින් යූඇම්පී ආණ්ඩුවේ සියළුම දෙයක් ම පදනමක් නැතිව කඩාකප්පල් කරන්න උත්සාහ කරන බවට මෙන්න කැට!

    ඒක නෙවෙයි, අපරාදේ අර මහරගම කොල්ලා -සුනිල් හඳුන්නෙත්ති- මාතර ගිහිල්ලා නිකං පරිප්පු කෑවා නේද?

    ReplyDelete
    Replies
    1. ජාවිපෙටනම් මීට වැඩිය එවී කියලා මාත් හිතන් හිටියේ.. මට පෙන්නේ ජන්දේ දෙන්න ඉඳලා තියෙන ඔක්කොම එවුන් පිටරට ඉන්න ඈයෝද කොහෙද......2020දීවත් පිටරට ඉඳන් ජන්දේ දාන්ඩ ක්‍රමයක් ගෙමු...

      Delete
    2. මිනිස්සුන්ගෙ ගොන්කo වලට ජෙප්පො මොනවා කරන්නද?
      ජවිපෙ ආසන වෑඩි උනයි කියලා ජෙප්පන්ට අමුතුවෙo මුකුත් ලෑබෙන්නේ නෑ නේ.ආසන අඩු උනයි කියලා ජෙප්පන්ට අමුතුවෙo මුකුත් නෑතිවෙන්නෙත් නෑ.
      ජෙප්පො අඩු වීමෙන් කෙලවෙන්නේ රටට තමා.
      මහින්දලා රනිල්ලා ආය සෙට්වෙලා ජනතාවට කලු කෝපි බිබි කෙලිනකොට මේ රටේ මෝඩ මිනිස්සුන්ට අය ජෙ.වී.පී කියන් අකුරු තුන මතක්වෙයි.

      Delete
    3. @ Anonymous 20 August 2015 at 05:13 --------------

      ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පළාත් සභා මන්ත්‍රී තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව අප උදෑසන වාර්තා කළෙමු. එහෙත් මේ වනවිට සිදුවී ඇත්තේ කුමක්ද යන්න හෙළිවී තිබේ.

      ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තු යාමේ සිහිනයෙන් කටයුතු කිරීම නිසා ඔහුට පළාත් සභා රැස්වීම්වලට යාම සහමුලින්ම අමතක වී ගොස් තිබේ. නොකඩවා රැස්වීම්වලට මාස තුනක් සහභාගි නොවීම නිසා ඉබේම ඔහුගේ මන්ත්‍රී තනතුර අහෝසි වී තිබේ. ඉන් අනතුරුව පළාත් සභා කාර්යාලයෙන් මේ බව ඔහුට දන්වා ඇත.

      මෙම සත්‍ය තත්වය මාධ්‍යවලට අනාවරණය වීමට ප්‍රථම ඔහු කර ඇත්තේ මන්ත්‍රී තනතුරින් ඉල්ලා අස්වන බව මාධ්‍යවලට ප්‍රකාශ කිරීමයි.

      පාර්ලිමේන්තු මන්ත්‍රී සිහිනය තුළ ජීවත් වෙමින් දේශපාලනය කරන ලාල්කාන්තලාට සහ ජවිපෙට සත්‍ය ලෙසම සිදුවී ඇත්තේ මෙයයි.

      - Lankanewsweb

      Delete
  9. රසික මේකෙන් පස්සේ ආයේ කාලෙකට දේශපාලනය නොලියා ඉන්නවා කියලා නේද ඔය කිව්වේ? ඒකටනම් මගේ ප්‍රසාදය. දැන් ඔය කෙහෙල්මල ඇති වෙලා. ආයේ ආසාවෙන් කියවන්න පුලුවන් ලිපි බ්ලොග් වලට එනවා කියලා නේද මේ කියන්නේ? මේවා දකිනකොට මොකුත් නොලියා යන්නත් බෑ. ඔන්න මං දේශපාලනේ ලිව්වා කියලා හිතාගන්න.

    ReplyDelete
  10. යන එන මං නැතිවෙන්න ගිය විමල්ලා, ගම්මන්පිලලා ඇතුළු අසූ ගණනක් සාර්ථක ප්‍රොජෙක්ට් එකක් කරලා තව අවුරුදු 5කට දියවන්නාවට සෙට් වුනා. මගේ අදහස රනිල් - මෛත්‍රී අවුරුදු දෙකක් විතර මේ සෙට් එක ඇදින ගමන් ගහපු ගේම් සේරම එළියට දාලා ආයේ පාර්ලිමෙන්තු මැතිවරණයකට ගියොත් යහපත් බවයි.

    නාමල් ට වැඩිම මනාප දිපු දකුණේ ඈයොන් ගේ විලි ලැජ්ජාවට මක්කෙයි වෙන්නේ?

    දවසේ කියමන- මහින්ද නැත්නම් කුරුණෑගල සායමත් යනවා.

    ReplyDelete
  11. ජෙප්පන් කලේ යූ ඇන් පි යේම සබ් කන්ට්‍රැක්ට් එකක්හන්දා එයාලා ඒම හරි ගොඩ ගිය එක ඇතිය. දුක නම් හඳුනා ට පාර්ලිමේන්තු යන්න බැරි වෙනවා නේද සිතෙන එකයි.
    සමහර විට අප්පොච්චා මෙදා පොටේ අගමැති ගේමට ඇන්ටර් නොවී මෛත්‍රී අංතල් එක්ක සහයෝගයෙන් වැඩ කොලා නම් යූ ඇන් පි යට හැරෙන්න වත බැරි වෙන්න ඉඩ තිබුණි. ඒත් බල තණ්හාව ඔක්කටම වඩා වැඩි බැවින්ද මෛත්‍රී ගේ මහින්ද භීතිකාව හන්දාද පක්ෂය ඇතුලෙම පෙන්වූ අසමගිය හින්දාද සන්දානයට කෙලෝගන්නට සිදුවිය.
    ඒ මට හිතෙන හැටිය

    ReplyDelete
  12. ජවිපෙට සිද්ධ වෙච්ච දේ ගැන මටත් තියෙන්නේ මාතලන් ගේ අදහස හරි යි කියන්න තමයි. ජවිපෙ හීනේ බොඳ වෙන්න බොහොම බරපතල විදියට දෙවැනි මහින්දාගමනය හේතුවුනා. එක හින්දා නිදහසේ තමන්ගේ දේශපාලන කැමැත්ත සහ රටේ අවශ්‍යතාවය බලලා සීනුවට කතිරේ ගහන්න ලැස්ති වෙලා හිටපු අලි පාක්ෂිකයෝ බොහොම දෙනෙක් මහින්ද අගමැති වෙන එක වලක්වන්න ආපහු යූඇන්පී වුනා.

    ------

    අපේක්ෂාව බොහොම හොඳයි.

    ----------

    ආපහු දේශපාලනය කතා නොකිරීමත් පොඩ්ඩක් දුකයි ගොඩක් සන්තෝසයි.

    ReplyDelete
  13. දේශපාළුව ගැන ලියන එක කාලෙකට නතර කලාට මගේ මෙවුවා එක...දැන් නම් ඔය ටොපික් එක ඇහෙනකොටත් බඩ ගුරු ගුරු ගාන සයිස් එකක් තියෙන්නේ...
    පටන් ගත්තා විතරනේ ....බලමු බලමු...උන්ගෙයි මුන්ගෙයි වෙනස

    ReplyDelete
  14. අනික්වා නම් බලාපොරොත්තු උනත් ජවිපෙට මෙහෙම අඩු ප්‍රමාණයක් ඒවි කියලා හිතුවේ නෑ.. 2020 වෙනකොටත් ජවිපෙ ගැන මිනිස්සුන්ගේ මතය කොයි විදිහට වෙනස් වෙයිද කියන එක තමයි සැක..

    ReplyDelete
  15. රසික, ඔබගේ 2020 ප්‍රාර්ථනාව සම්පුර්නෙන්ම අමනොඥ එකක්. විය යුත්තේ එජනිස 91/ එජාප 89/ ජවිපෙ 45 ලෙස වෙනස් වීමය. ඔබ දෙමල ජාතික සන්ධානය 2020 දීත් පවතීවා කියා පැතීම මටනම් තේරුම් ගත නොහැක. විය යුත්තේ දෙමල ජනයාගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබී ඔවුන් ප්‍රධාන දේශපාලන ධාරාවට එක්කර ගැනීමය.
    *මම ජේවීපී දර්ශනය ගැන විශ්වාස නොකරන ලිබරල් ධනවාදියෙක් වුවත්.

    ReplyDelete
  16. යූඇම්පිය ගත් සෑම ඡන්ද 48,000 කට ම ආසනයක් ලැබී ඇත.

    බුලත් කොළය ගත් සෑම ඡන්ද 49,000 කට ම ආසනයක් ලැබී ඇත.

    දෙමළ සන්ධානය ගත් සෑම ඡන්ද 32,000 කට ම ආසනයක් ලැබී ඇත.

    මේ අනුපාත අනුව ගණන් බැලුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ආසන 12 ක් හෝ 13 ක් හෝ ලැබිය යුතුව තිබිණි.

    එහෙත්.......

    ජෙප්පන්ට එක් ආසනයක් දිනා ගැනීම සඳහා ඡන්ද 90,000 ක් ලබා ගැනීමට සිදු විය.

    ඇයි ඒ?

    වැටෙන සැම වලංගු ඡන්දයකට ම උපරිම වටිනා කමක් ලබා ගැනීම පිණිස සිදු කිරීමට නියමිතව තිබූ 20 වන සංශෝධනය ආත්මාර්ථකාමී ලෙස කඩාකප්පල් කළ එක් පාර්ශවයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ යි. ඒ අකුසලයේ වන්දිය දැන් ඔවුන් විසින් ගෙවනු ලැබ තිබේ.

    ජෙප්පන්ට ශීර්ෂයක් තිබුණාට මස්තිෂ්කයක් නැති බව මෙවර මහ මැතිවරණයෙනුත් මනා ව පැහැදිලි වී තිබේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගෙ ගොන්කo වලට ජෙප්පො මොනවා කරන්නද?
      ජවිපෙ ආසන වෑඩි උනයි කියලා ජෙප්පන්ට අමුතුවෙo මුකුත් ලෑබෙන්නේ නෑ නේ.ආසන අඩු උනයි කියලා ජෙප්පන්ට අමුතුවෙo මුකුත් නෑතිවෙන්නෙත් නෑ.
      ජෙප්පො අඩු වීමෙන් කෙලවෙන්නේ රටට තමා.
      මහින්දලා රනිල්ලා ආය සෙට්වෙලා ජනතාවට කලු කෝපි බිබි කෙලිනකොට මේ රටේ මෝඩ මිනිස්සුන්ට අය ජෙ.වී.පී කියන් අකුරු තුන මතක්වෙයි.

      Delete
    2. බලාගෙන හිටපං, ජේ.වී.පී. කියන අකුරු තුන මතක් වෙනකං...... අකුරු තුන කෙසේ වෙතත් පාටිය නම් තුනට කැඩෙයි...... ආසන අඩු වීම නිසා ජෙප්පන්ට නැති වෙන ලොකුම දේ ඒකයි.... දැනටම ලප කුමාරයි, මෝල් කාන්තයි කෙළ ගන්නවා ජාතික ලැයිස්තුවේ ආසන දෙකට මන්ත්‍රීවරු නම් කරන්න බැරුව...

      ජාතික ලැයිස්තු බෝනස් ආසන 2 නිසා ජවිපෙ දේශපාලන මණ්ඩලය දෙකඩ බෙදේ

      Delete
    3. @ Anonymous 20 August 2015 at 05:14 --------------

      ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පළාත් සභා මන්ත්‍රී තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව අප උදෑසන වාර්තා කළෙමු. එහෙත් මේ වනවිට සිදුවී ඇත්තේ කුමක්ද යන්න හෙළිවී තිබේ.

      ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තු යාමේ සිහිනයෙන් කටයුතු කිරීම නිසා ඔහුට පළාත් සභා රැස්වීම්වලට යාම සහමුලින්ම අමතක වී ගොස් තිබේ. නොකඩවා රැස්වීම්වලට මාස තුනක් සහභාගි නොවීම නිසා ඉබේම ඔහුගේ මන්ත්‍රී තනතුර අහෝසි වී තිබේ. ඉන් අනතුරුව පළාත් සභා කාර්යාලයෙන් මේ බව ඔහුට දන්වා ඇත.

      මෙම සත්‍ය තත්වය මාධ්‍යවලට අනාවරණය වීමට ප්‍රථම ඔහු කර ඇත්තේ මන්ත්‍රී තනතුරින් ඉල්ලා අස්වන බව මාධ්‍යවලට ප්‍රකාශ කිරීමයි.

      පාර්ලිමේන්තු මන්ත්‍රී සිහිනය තුළ ජීවත් වෙමින් දේශපාලනය කරන ලාල්කාන්තලාට සහ ජවිපෙට සත්‍ය ලෙසම සිදුවී ඇත්තේ මෙයයි.

      - Lankanewsweb

      Delete
  17. බුලත් කොළ සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පත් වෙලා ඉන්නේ එක ම එක සිරිලංකාකාරයෙක් විතරයි. අනිත් අය එක්කෝ ත්‍රීවීල් පක්ෂවල අය, නැත්නම් යූඇම්පීයෙන් පැනපු අය.

    අවුරුදු 21 ක් තිස්සේ 'අත' ලකුණ පාවිච්චි නොකිරීමේ විපාක!

    ReplyDelete

  18. මුතුහෙට්ටිගම විපක්ෂ නායක හා ගීතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කරමු

    ReplyDelete
  19. //ආඬි හත් දෙනාගේ කැඳ හැලිය එන්නේ මෙතැනදීය. අනිකා කැඳ හැලියට හාල් දමාවි යැයි සිතා බොරුවට හාල් දමනවා මෙන් පෙන්නු ආඬින් මෙන් ජවිපෙ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයැයි කිවු බොහෝ දෙනෙක් ජවිපෙට චන්දය දී නැත. ඔවුන් ජවිපෙ මාර හොඳයි කියමින් තමන්ගේ පාරම්පරික දේශපාලන පක්ෂ වන එජාපයට හා සංධානයට චන්දේ දී ඇත. ඔවුන්ගේ කතා අසා ඇන්දුනු ජවිපෙ නායකයින් සිහින ලොවක අතරමං වී සිටි අතර එයින් බිමට වැ‍ටුනේ චන්ද ප්‍රථිපල එන විටය. මේඅනුව බලන විට මෙවර චන්ද දායකයින් විසින් ජවිපෙ රවටා තිබේ . මෙතෙක් කල් සිදු වූ දේශපාලන පක්ෂ විසින් චන්ද දායකයි න් ‍රැවටීම මෙවර කණ පිට හැරවී තිබේ.//
    --- අමාවක බ්ලොගයෙන්

    ReplyDelete
  20. ඈත ඉඳල වෙනසක් කරන්න උත්සාහ කරද්දි සාර්ථකත්වය වැඩියිනෙ. රසිකගෙ බලාපොරෙත්තුව 2020 ඉෂ්ට වේවා කියල ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  21. ජවිපෙට දීපු මගේ ජන්දය අපතේ ගියා යැයි මම කිසිවිටක නොසිතමි.කෙසේ වෙතත් මේ නව පාර්ලිමේන්තුව පසුගිය වරට වඩා නම් හොඳය.

    ReplyDelete
  22. මැදමූලන දුරකථනයක් නාද වේ...........

    ම.රා: හැලෝ!!

    වාර්ථාකරු: හලෝ මේ හිටපු ජනාධිපතිතුමාද?

    ම.රා: ආහ් දැන් මම මේ කුරුණෑගල ආ නෑ ඔව් ඔව් එයා තමයි

    වාර්ථාකරු:යහපාලන කට්ටිය ගත්තු චන්ද ලක්ශ 62 එහෙමම තියෙද්දි ඔබතුමාගේ චන්ද 58 මාස 8 න් 47 ට බැස්සේ මොකද කියල අපේ පාඨකයෝ අහනවා.

    ම.රා:මට පිටරටවල ඉන්න උන් මේ පාර චන්දෙ දුන්නේ නැහැනෙ ඒකයි

    වාර්ථාකරු:ඉතින් ජනාධිපති තුමා පිටරටවල ඉන්න අය ජනවාරි 8 වෙනිදත් චන්දෙ දුන්නෙ නැහැනෙ ?

    ම.රා:කොහෙද හු.... ආ නෑ මේ මං කියන්න ගියේ මේ ලොකු එකාගේ හිල් බල කායෙද මොකද්ද එකේ උන්ට පිටරට ඉන්න උන්ගෙ නමින් හැඳුණුම්පත් ඔක්කොම හදල දීල ජනවාරි මාසේ කොහොම හරි ඒ චන්ද ටික අපිට වැටුනනේ.

    වාර්ථාකරු:ඉතින් ඇයි මේ පාර ?

    ම.රා:ඇයි යකෝ දැක්කේ නැද්ද ? අර මැකෝ රැවුල වෙඩිතියන්න පොල්ලෙන් ගහන්න කියනකොට එදා දවසෙම මුන් ටික ඇඳවල් යටනෙ හිටියෙ.

    වාර්ථාකරු:ඒ ඉතින් ඔබතුමාට තිබ්බනෙ පපුවට ගගගෙන.....

    ම.රා: ඒකනේ උන් ටික මාව කෑවා, උන්ගේ අම්මලාට හු@^%*^@

    වාර්ථාකරු:කොහොමත් උන් ඉපදිලා තියෙන්නෙ එහෙම කියලයි අපේ පාඨකයෝ කියන්නේ

    ම.රා:මොකක් කිව්වා ඒක එහෙම උනාට උඹට එහෙම කියන්න වටිනවද, උඹේ අම්මටත් මට කියලා හු@#^*( ඕනෙද ?

    වාර්ථාකරු දුරකථනය විසන්ඳි කරයි

    ReplyDelete
  23. මැදමූලන දුරකථනයක් නාද වේ...........

    ම.රා: හැලෝ!!

    වාර්ථාකරු: හලෝ මේ හිටපු ජනාධිපතිතුමාද?

    ම.රා: ආහ් දැන් මම මේ කුරුණෑගල ආ නෑ ඔව් ඔව් එයා තමයි

    වාර්ථාකරු:යහපාලන කට්ටිය ගත්තු චන්ද ලක්ශ 62 එහෙමම තියෙද්දි ඔබතුමාගේ චන්ද 58 මාස 8 න් 47 ට බැස්සේ මොකද කියල අපේ පාඨකයෝ අහනවා.

    ම.රා:මට පිටරටවල ඉන්න උන් මේ පාර චන්දෙ දුන්නේ නැහැනෙ ඒකයි

    වාර්ථාකරු:ඉතින් ජනාධිපති තුමා පිටරටවල ඉන්න අය ජනවාරි 8 වෙනිදත් චන්දෙ දුන්නෙ නැහැනෙ ?

    ම.රා:කොහෙද හු.... ආ නෑ මේ මං කියන්න ගියේ මේ ලොකු එකාගේ හිල් බල කායෙද මොකද්ද එකේ උන්ට පිටරට ඉන්න උන්ගෙ නමින් හැඳුණුම්පත් ඔක්කොම හදල දීල ජනවාරි මාසේ කොහොම හරි ඒ චන්ද ටික අපිට වැටුනනේ.

    වාර්ථාකරු:ඉතින් ඇයි මේ පාර ?

    ම.රා:ඇයි යකෝ දැක්කේ නැද්ද ? අර මැකෝ රැවුල වෙඩිතියන්න පොල්ලෙන් ගහන්න කියනකොට එදා දවසෙම මුන් ටික ඇඳවල් යටනෙ හිටියෙ.

    වාර්ථාකරු:ඒ ඉතින් ඔබතුමාට තිබ්බනෙ පපුවට ගගගෙන.....

    ම.රා: ඒකනේ උන් ටික මාව කෑවා, උන්ගේ අම්මලාට හු@^%*^@

    වාර්ථාකරු:කොහොමත් උන් ඉපදිලා තියෙන්නෙ එහෙම කියලයි අපේ පාඨකයෝ කියන්නේ

    ම.රා:මොකක් කිව්වා ඒක එහෙම උනාට උඹට එහෙම කියන්න වටිනවද, උඹේ අම්මටත් මට කියලා හු@#^*( ඕනෙද ?

    වාර්ථාකරු දුරකථනය විසන්ඳි කරයි

    ReplyDelete
  24. සිහින, සිහින සහ සිහින

    ReplyDelete
  25. මේ අන්තිම ලාස් කියලා කිව්වට, දේසපාලනේ ගැන නොලියා ඉන්න නම් බැරිවෙයි රසිකයියාට.

    ReplyDelete
  26. "විමල් වීරවංශ, චම්පික රණවක ඇතුළු නඩය = 0
    වාසුදේව, පැරණි සමසමාජ, කොමියුනිස්ට් නඩය = 0"

    අනාත සෙට් එක 2020 දී කාගේ ඇඟේ එල්ලෙයිද දිවන්නාවට රිංගන්න???
    ජවිපෙට පවතින දේශපාලන ක්‍රමය ඇතුලට එන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ආසන 40ක් ගන්න පුළුවන් වෙයිද???
    ලියමුද අනාගත දේශපාලන වාක්‍යක්...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.