මීට වසර කිහිපයකට පෙර මට ලංකාවේ ජීවත්වන අයෙකු විසින් කරන කතාවක් සයිබර් අවකාශයේදී අසන්නට ලැබුණි.
යම්කිසි ආගමික පසුබිමක් සහිත වූව ද, ඒ දේශනයේ අන්තර්ගතය වූයේ ලංකාවේ සාමය සංහිඳියාව පිළිබඳ ඉතා වැදගත් අදහස් ගොන්නකි. ඒ කතාව ඇසූ මට ඒ දේශකයා පිලිබඳව කෙතරම් ගෞරවයක්, ඒ දේශනය පිළිබඳව කෙතරම් පැහැදීමක් ඇතිවුණා ද කියනවා නම්, ඒ පිළිබඳව වෙනම ම ලිපියක් ලියා මගේ රසිකොලොජි බ්ලොග් අඩවියේ පළ කළෙමි.
එයින් වසර දෙකහමාරකට පමණ පසු දිනයක මට සිනුවර දී ඒ මා ගරු කරන දේශකයා හමුවීමට අවස්ථාවක් ලැබුණි.
එතැනදී කෙරුණු කණ්ඩායම් සාකච්ඡාවෙන් පසුව දහවල් කිස ද නිමකර, දේශකයා පිටව යාමට සැරසුණු මොහොතේ දී, මා හඳුන්වා දී වචන කිහිපයක් කතා කළ මම, මගේ රසිකලොජි බ්ලොගය ප්‍රවර්ධනය කිරීම සඳහා මුද්‍රණය කර තිබෙන කාඩ් පතක් ද ඔහු අත තැබුවෙමි.
එය දුටු විගස ඔහුගේ මුවෙන් පිටවුණේ මා කිසි දිනක නොසිතූ වචන කිහිපයකි.
"ආ! රසිකොලොජි බ්ලොගය ලියන්නෙ ඔබ ද? ඊට කලින් කතන්දර නම් බ්ලොගය ලිව්වේත් ඔබ නොවේ ද?"
මා ගරු කරන උතුම් මිනිසකු එලෙස මගේ බ්ලොග් පඩංගු පිළිබඳව තැන සිටීම පිළිබඳව මම පුදුමයට පත්වීමි.
ඒ සමගම මට දැඩි සතුටක් ද ඇති වුණේ ඔහු ඊළඟට කියූ කරුණ නිසා ය.
"මාත් කාලෙකට කලින් බ්ලොග් එකක් ලිව්වා. ඒ ලිපි කිහිපය පළකර මා ලැබූ අත්දැකීම් ඉතාමත් වටිනවා."
මා එදා ලැබුවේ බ්ලොග්කරුවෙකු වීම පිළිබඳ අවංක සතුටකි.
මා බ්ලොග්කරුවෙකු වී දැන් මේ ගෙවෙන්නේ දාසයවෙනි වසරයි!
-රසික සූරියආරච්චි
මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 10 December 2020
Monday, 7 December 2020
සුනාමිය ගැන සිනා යන කතාවක් - This is NOT what they call "Schadenfreude"...!!!
දස දහස් සංඛ්‍යාත පිරිසකට මරණය ගෙන දුන් 2004 සුනාමිය යනු කිසි ලෙසකින් සිනාවට කාරණයක් නොවේ. නමුත්, මෑතක දී සිට එක්තරා කාරණයක් නිසා දෙසැම්බර් එළැඹී සුනාමිය සිහිවෙන විට මගේ අමුතුම සිනාවක් ද නැගේ.
අමුතුම කියා කීවේ එය හාස්‍යය මුසු හිනාවක් නොව වෙනත් ආකාරයක දුකක් නිසා ඇතිවෙන හිනාවක් නිසා ය.
මෙන්න කතාව. ඔබම කියවා හිනාවට හේතුව තේරුම් ගන්න.
මීට වසර පහ හයකට පෙර, බොහෝවිට ඒ සුනාමියේ දහවෙනි සංවත්සර වසරේදී විය යුතුයි, මා මම ෆේස්බුක් එකේ පහත සටහන දුටුවෙමි.
මා 1995 සිට වාසය කරන්නේ නොරටක නිසාත්, මේ පුද්ගලයා පසුගිය කාලය පුරාවටම හමුවී නැති නිසාත්, ඉහත ප්‍රකාශය දකින තුරු, මම ඔහුගේ ඒ සුනාමි අත්දැකීම ගැන දැන නො සිටියෙමි.
මා කම්පාවට පත් කළ අනෙත් කරුණ වූයේ, ඒ වැදගත් අත්දැකීම ඔහු ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නට ගොස් කර තිබුණු විකාරයයි.
පැරණි හිතවත්කම් නිසා, මම ඔහුට පණිවිඩයක් යවමින් මෙසේ කිව්වෙමි.
ඒ තමන්ට හොඳ සිතින් උපකාරයක් කිරීමට දන්නා හඳුනන අයෙකු ඉදිරිපත් වූ විට මේ පුද්ගලයා එය ප්‍රතික්‍ෂේප කළ ආකාරය දැක ඇති වූ දුක ය. එවැනි පුද්ගලයින්ට උදව් කරන්නට ගිය මා ගැන ඇතිවන දුක ය.
-රසික සූරියආරච්චි
ප/ලි:
පෙර කී සටහන අද ද එලෙසම තිබේ. එකම වෙනස නම් මේ පුද්ගලයා අද වෙනස් ෆේස්බුක් ගිණුමක් භාවිතා කිරීමයි.

2004 Dec 26 I am Never Forgot Day, Because That I was victim Day.I was second Born,I want to go My home (Matara) At that time I was in galle Bus station at 9.15 am. U see 1st picture ,I was sit inside at that bus ,some person was shouting "Water Coming in Sea Side". I saw Very Huge water came in bus station , After I Jumped over the Bus, After bus was arrived in Bus station, I jumped to station roof, i waited 30 second,i saw Broken roof . I jumped yellow building(3rd PIC ) through windows,At that time I remember lord Buddha.........එය යොදා තිබුණේ මා 1992 පමණ සිට දන්නා හඳුනන, එවකට තරුණයෙකු විසිනි. ඔහු එකල සමීපතමයෙකු විය. එක හැලියේ බත් ද කා ඇත්තෙමු. ඊට අමතරව, ඔහු එක්තරා ආකාරයකට මගේ ඥාතියෙකු මෙන්ම ශිෂ්‍යයෙකු ලෙස ද සැලකිය හැකිය.
මා 1995 සිට වාසය කරන්නේ නොරටක නිසාත්, මේ පුද්ගලයා පසුගිය කාලය පුරාවටම හමුවී නැති නිසාත්, ඉහත ප්‍රකාශය දකින තුරු, මම ඔහුගේ ඒ සුනාමි අත්දැකීම ගැන දැන නො සිටියෙමි.
මා කම්පාවට පත් කළ අනෙත් කරුණ වූයේ, ඒ වැදගත් අත්දැකීම ඔහු ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නට ගොස් කර තිබුණු විකාරයයි.
පැරණි හිතවත්කම් නිසා, මම ඔහුට පණිවිඩයක් යවමින් මෙසේ කිව්වෙමි.
There are so many gramertical grammatical and structural errors in your post about Tsunami and its is incomprehensible.මට ලැබුණු පිළිතුර මෙලෙස විය.
Do you want me to correct the text and sent to you so that you can edit what has been posted?
Thank you,don't worry about this.සුනාමිය සිහිවෙන විට මට සිනා එන කාරණය මෙයයි. ඒ හිනාව දුකක් නිසා ඇති වෙන එකකි.
ඒ තමන්ට හොඳ සිතින් උපකාරයක් කිරීමට දන්නා හඳුනන අයෙකු ඉදිරිපත් වූ විට මේ පුද්ගලයා එය ප්‍රතික්‍ෂේප කළ ආකාරය දැක ඇති වූ දුක ය. එවැනි පුද්ගලයින්ට උදව් කරන්නට ගිය මා ගැන ඇතිවන දුක ය.
-රසික සූරියආරච්චි
ප/ලි:
පෙර කී සටහන අද ද එලෙසම තිබේ. එකම වෙනස නම් මේ පුද්ගලයා අද වෙනස් ෆේස්බුක් ගිණුමක් භාවිතා කිරීමයි.
Wednesday, 2 December 2020
තාත්තා එවූ ලිපිය - Nostalgic memories
අවුරුදු දහඅටයි, මාස එකොළහයි, දින හතක් දෙමව්පියන් සමග නිවසේ ගත කර විශ්වවිද්‍යාලයට යාම සඳහා මා ඔවුන්ගෙන් ඈත්වුණු පසු තාත්තා මට එවා ඇත්තේ, මගේ මතකයට අනුව, ලිපි දෙකකි. ඉන් පළමුවැන්න, මට ලැබුණේ මා විශ්වවිද්‍යාලයේ වසර හතරක් ගත කර අවසාන විභාගයට සූදානම් වෙන කාලයේ දී ය.
මේ කෙටි සටහන ඒ ලිපිය පිළිබඳවයි.
පේරාදෙණියේ ජීවත්වීම ඇරඹූ පසු මා මුල් කාලයේ සෑම සති අන්තයේම, නැති නම් අඩු වශයෙන් මසකට දෙවරක් ම, ගෙදර ගියෙමි. ඇඳුම් සෝදා වේලා ගත්තේ ගෙදර දී ය. කටට රසට කෑමක් කෑවේ ගෙදර දී ය.
නමුත් ටික කලක් ගතවෙන විට සති අන්තයේ ද විශ්වවිද්‍යාලයේ නතර වී සිටිය යුතුම වන ආකාරයේ නොයෙකුත් වැඩ කටයුතු යෙදෙන්නට විය. එනිසා, ගෙදර යාම මසකට වරක් දක්වා සීමා විය. එලෙස මසකට වරක් කෙලෙස හෝ ගෙදර යන්නට හේතුව වූයේ මගේ වියදමට අවශ්‍ය මුදල් ලබා ගැනීමටයි.
ඒ දිනවල මාසයක් විශ්වවිද්‍යාලයේ වාසය කිරීමට මට රුපියල් හාරසීයක් පමණ වැය විය. එයින් අතිබහුතර කොටස වැය වූයේ ආහාර පාන සඳහා ය.
පාන් බාගයක්, පරිප්පු දීසියක් සහ තේ කෝප්පයකින් යුතු උදෑසන ආහාරය සඳහා රුපියල් දෙකයි ශත පනස් පහක් වැය විය. දිවා ආහාරය වූයේ හරක් මස්, පරිප්පු/මුංඇට හොද්ද සහ මැල්ලුමක් සහිත බත් පිඟානකි. එහි මිල රුපියල් තුනයි ශත විසි පහකි. ඉඳිආප්ප වැනි කෑම වර්ග තිබුණ ද, ඒ සඳහා වැය කළ යුතු මුදල සාපේක්‍ෂව වැඩි වූ නිසා මගේ රාත්‍රී කෑම ද බත් පිඟානක් ම විය.
ඊට අමතරව දිනකට ඉංජිනේරු පීඨ කැන්ටිමෙන් තේ කෝප්ප දෙකක් සඳහා රුපියලයි ශත විස්සක් ද, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් රාත්‍රියේ බොන තේ කෝප්පය සඳහා ශත පනහක් ද වැය විණි. ඉස්පන්චියකට හෝ ඥානකතාවකට හෝ සිත ගිය දවස් ද එහෙන් මෙහෙන් උදා නොවූයේ නොවේ.
අධ්‍යාපන කටයුතු සඳහා වියදම් ලෙස තිබුණේ ලිපිද්‍රව්‍ය සඳහා ගිය සුළු මුදලක් පමණි. වසර හතරකම අධ්‍යයන කාලය තුළ අපට එකදු පොතක් හෝ මිල දී ගැනීමට සිදු නොවුණි. පුස්තකාලයේ තිබුණු පොත්, පොත් ආශ්‍රයෙන් ඉගෙනීමට උනන්දුවක් දැක්වූ අය සඳහා ප්‍රමාණවත් වූ බව පෙනුණි.
අමතර වියදම් වූයේ, විශ්වවිද්‍යාලයේ දී හෝ ඉඳහිට මහනුවර දී චිත්‍රපටයක් නැරඹීම සහ ඒ හා සම්බන්ධ ගමන් ගාස්තු යනාදියයි. රහමෙර පානයක් සිදුවූවා නම් සාමාන්‍යයෙන් සිදුවුණේ, වාර්ෂික විනෝද චාරිකාව අතරතුර, වසර අවසාන විභාගය අවසානයේ සහ වසර මැද ඊට කලින් වසරේ ප්‍රතිඵල එන දිනයේ දී පමණි.
මගේ වියදම් සඳහා මල්ලිකා පුංචි අම්මා මට රුපියල් සීයක් ලියුම් කවරයක දමා විශ්වවිද්‍යාලයේ ලිපිනයට එව්වා ය. එනිසා, තාත්තාගෙන් ඉල්ලා ගන්නට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයේ ගත කරන මසකට රුපියල් තුන්සීයක් පමණි.
මා අනිවාර්යෙන් මසකට වරක් නිවසට ගියේ ඒ මුදල ලබා ගැනීම සඳහා ය.
අවසන් වසරේ අවසන් සමයේ දී එය වෙනස් විය.
මා බාර ගත් අවසන් පොදු කටයුත්ත වූ අපේ කණ්ඩායමේ සමූහ ඡායාරූපය (batch photo) පිළිබඳ වැඩ කටයුතු ද අවසන් කොට, අවසානයේ, මගේ මේසය අස්පස් කර, දේශන සටහන් එකතු කරගෙන විභාගයට සූදානම් වීම සඳහා වාඩි වූ මට පෙනී ගියේ විභාගයට ඇත්තේ තව හරියටම දින තිස් හයක් පමණක් බවයි. එතැන් සිට විභාගයට සති දෙකක් පමණ ගතවේ. ඉන් පසුව ද, පාඨමාලාවේ වාර්තා සියල්ල සකසා භාර දීමට තවත් දින කිහිපයක් ගතවෙනු ඇත.
ඒ අනුව ගෙදර ගොස් එන්නට දින දෙකක් ගත කිරීම කළ නොහැකි බව මට පෙනී ගියේ ය.
මම තාත්තාට ලිපියක් ලිව්වෙමි.
එහි මූලිකවම ලියවුණේ මට විභාගය අවසන් වී, ශිෂ්‍ය ජීවිතය අවසන් කර නිවසට එන්නට පෙර වෙනදා මෙන් ඇවිත් යන්නට නොහැකි බවත්, සාමාන්‍ය වියදම්වලට අමතරව කණ්ඩායම් ඡායාරූපය සහ තවත් වියදම් සඳහා ද අමතර මුදල් අවශ්‍ය බැවින් රුපියල් හයසීයක් පමණ මනි ඕඩරයකින් එවන ලෙසත් ය.
සතියකින් පමණ මට තාත්තාගෙන් ලියා පදිංචි කළ ලිපියක් ලැබී තිබුණි.
මා මුලින් සඳහන් කළ පරිදි එය මට තාත්තාගෙන් ලැබුණු මුල්ම ලිපියයි.
"මගේ ආදරණීය පුත්‍රයා වෙත" කියා අරඹා තිබුණු ඒ ලිපියේ ඉතා වැදගත් කරුණක් අඩංගු විය.
ඇත්තටම එය ඉල්ලීමකි.
"පංති සාමාර්ථයක් සහිතව විභාගය සමත්වෙන්න සිතට ගන්න."ලිපිය සමග වූ මනි ඕඩරය හෙවත් මුදල් ඇණවුම දෙස බැලූ මගේ ප්‍රීතිය ඉහවහා ගියේ ය. තාත්තා මට රුපියල් දාහක් ම එවා තිබුණි!
පන්ති සාමාර්ථයක් සහිතව හෙවත් ක්ලාස් එකක් සහිතව විභාගය සමත්වෙන ලෙස ඉල්ලමින් තාත්තා එවා තිබුණු ඒ ලිපිය මා එදින පුස්තකාලයේ සිට නැවත දෙවරක්ම කියෙව්වෙමි.
එය ඉටු කිරීමට ලෙහෙසි පහසු ඉල්ලීමක් නොවන බව මට වැටහුණ ද, ඒ ලිපිය මට අත්‍යාවශ්‍ය දිරිගැන්වීමක් ලබා දුන් බව මට අද වැටහේ.
තාත්තා මියගොස් අදට දස වසරක් පිරෙයි.
මේ සටහන ලියන්නට සිතුණේ ඒ නිසා ය.
-රසික සූරියආරච්චි
ප/ලි:
තාත්තා මට එවූ ඒ පළමු ලිපිය මට ලැබුණේ ඔක්තෝබරයේ මුල් සතියේ විය යුතුයි. එයින් මාස දහයකට පමණ පසු අගෝස්තු මස නමවෙනිදා පේරාදෙණියේ තැපැල් කාර්යාලයට ගිය මම තාත්තාට විදුලි පණිවිඩයක් යැවුවෙමි.
සෙකන්ඩ් අපර් එකක් සමග විභාගය සමත්. දින කිහිපයකින් එන්නම්.(ඔව් මාස දහයකට පසුව. පුදුමයි, ඒත් ඇත්තයි. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ පරිපාලනයේ කාර්යක්ෂමතාව එතරම් ඉහළ විය!)
-රසික
ප/ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.
1. තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father https://rasikalogy.blogspot.com/2020/11/remembering-my-father.html
2. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html
3. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html
4. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html
5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html
6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html
7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html
8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html
9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html
10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html
11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html
12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html
13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html
14. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html
(image: my father when he was 36 years old)
Friday, 27 November 2020
"පෙම් ගී" – මගේ ගේය පද එකතුව නැවත ඇරඹුණු වගයි : Pem Gee relaunched
කාලයක් තිස්සේ මා ලියූ කවි ඇසුරෙන් නිර්මාණය කරන ලද "ගේය පද" හෙවත් ගී පදමාලා ඉන්ටර්නෙට් මාධ්‍යයේ පළ කරන්නට මා මේ "පෙම් ගී" අඩවිය ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ දී ය.
නමුත් ගී පදමාලා විසි පහක් පළ කිරීමෙන් පසු එයට අලුතෙන් කිසිවක් එකතු කිරීමට මම නොපෙළඹුණෙමි.
එදා සිට අද දක්වා කාලය ඇතුළත, මගේ "පෙම් ගී" අඩවියේ පළ වූ ගේය පද මෙන්ම, මගේ එකතුවේ තිබුණු සහ අලුතෙන් ලියන ලද ගේය පද දුසිමක් පමණ සංගීතඥයින් විසින් තනු නිර්මාණය කර සංගීතය සැපයීමෙන් අනතුරුව ගායක ගායිකාවන් විසින් තම නිර්මාණ ලෙස සංයුක්ත තැටි හරහා එළි දක්වා ඇත.
"පෙම් ගී" අන්තර්ජාලයේ වපුරා වසර පහළොවකටත් වඩා ගෙවී ඇති මේ 2020 ඔක්තෝබරයේ දී, මේ බ්ලොග් අඩවියට නව මුහුණුවරක් ද ගෙන දී, මගේ වෙනත් ගේය පද නිර්මාණ ද එකතු කරන්නට සිත් විය. එයට මූලික වූයේ ඔක්තෝබර් මස 27 දිනට යෙදී තිබුණු මගේ උපන් දිනයයි. මේ ඔබ කියවන රසිකොලොජි බ්ලොගය ඇරඹුවේ ද ඔක්තෝබර් 27 දිනක නිසා, එය රසිකොලොජි බ්ලොගයේ හයවෙනි උපන් දිනයට සැමරීම සඳහා "පෙම් ගී" බ්ලොගය පුනර්ජීවනය කිරීමක් ලෙස ද සැලකිය හැක.
ඒ සිතුවිල්ල වහාම ක්‍රියාවට නැංවුණු අතර, 2005 අප්‍රියෙල් මාසයේ දී අරඹ, ගේය පද 25 ක් පමණක් පළ කර ඉන්පසු යාවත්කාලීන නොකරන ලද "පෙම් ගී" අඩවියේ පසුගිය මාසය ඇතුළත අලුතෙන් ගේය පද හතළිහක් (40) පළ වී ඇත.
කර්මකාරකයෙන් පළ වී ඇත කියා ලිව්වාට, එය ඉබේ සිදුවූවක් නොවේ. පැය ගණනාවක් ගත කරමින් ඉවසිල්ලෙන් කරන ලද කාර්යයකි.
නමුත්, නිර්මාණාත්මක ශ්‍රමය ගැන සැලකුවහොත් මා කළේ සුලු කාර්යයකි. ශ්‍රමය සහ කාලය වැඩි වශයෙන් ගත වූයේ වෙබ් අඩවිය නැවත සැකසීම සහ අලංකාර කිරීම වැනි දේ සඳහා ය.
මුලින්ම, පාසල් සමය අවසානය සහ විශ්වවිද්‍යාල සමය ආරම්භය අතරතුර මා විසින් සැකසූ "ගී පදමාලා 25" නම් අත්පිටපතේ තිබූ ගී විසිපහෙන් එකක් අතහැර (එය සුනිල් ශාන්ත ගැන ලියවුණු එකක් විය) අනිත් ගී පදමාලා ඉතා සුළු සංස්කරණ සිදු කර පළ කිරීමයි.
එතැන් පටන් අද දක්වාම මා කළේ මූලිකවම මා උසස් පෙළ සමයේ ලියන ලද පෙම් කවි ඇසුරෙන් ගී පද නිර්මාණය කර පළ කිරීමයි.
දැන් මගේ "පෙම් ගී" අඩවියේ ගී පදමාලා 65 ක් පළ කර ඇත.
මගේ අධිෂ්ඨානය වී ඇත්තේ මේ වසර අවසානය වන විට එම සංඛ්‍යාව 100 ක් කිරීමයි.
ඒ සඳහා "පෙම් ගී" අඩවිය නැවත අරඹා මාසයක් පිරෙන අද සිට දිනපතා එක් ගී පදමාලාවක් එකතු කිරීමට අදහස් කරමි.
දින සියයක් ඇතුළත වීඩියෝ සීයක් රසිකලොජි යූ ටියුබ් චැනලයට එක් කළාට වඩා පහසුවෙන් මට එය කළ හැක.
මෙන්න මගේ "පෙම් ගී" අඩවියේ ලිපිනය: https://pemgee.blogspot.com/
එහි පළ වී ඇති, මේ වන විට කිසිදු ගායකයෙකු /ගායිකාවක /සංගීතඥයෙකු විසින් වෙන් කරගෙන නොමැති පදමාලවක් ඔබට නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් කරුණාකර මට ඊ-මේලයක් එවන්න. rasika.suriyaarachchi@gmail
අලුතෙන් පළ කරන ලද ගී පදමාලා පිරික්සා බලා, ඒවා පිළිබඳව තම අදහස් දක්වමින් අඩුපාඩු පෙන්වා දුන් මා මිත්‍ර හේමාල් ජයවික්‍රමට මගේ ස්තුතිය පිරිනමමි.
කවියෙකු, නවකතාකරුවෙකු, ගීත රචකයෙකු, තනු නිර්මාපකයෙකු මෙන්ම, ගායකයෙකු ද වන ඔහු පිළිබඳ මා ලියූ සටහනක් මෙන්න. https://rasikalogy.blogspot.com/2019/02/i-am-yours-for-ever.html
ස්තුතියි.

Wednesday, 11 November 2020
තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father
ජීවත්ව සිටියා නම් අද මගේ පියාගේ වයස වසර සීයක් වෙනු ඇත.
විසිවෙනි ශත වර්ෂයේ දෙවන දශකය අවසානයේ 1920 නොවැම්බර් මස 11 දින උපත ලබා ඇති ඔහු වසර අනූවක් සහ සති තුනක් පමණ ජීවත් වී අවසන් හුස්ම හෙලුවේ 2010 දෙසැම්බර් මස දෙවෙනි දා ය.
පුතුන් තිදෙනෙකුගේ පියා වූ සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර, වෘත්තියෙන් රජයේ ගුරුවරයෙකු විය. ඔහු තම වෘත්තීය ජිවිතය අරඹා ඇත්තේ මා අසා ඇති පරිදි වයස අවුරුදු දහනමයේ දී තලල්ල නම් ග්‍රාමයේ පිහිටි රජයේ පාසලෙනි.
පසු කලෙක මීරිගම ගුරු විද්‍යාලයෙන් ද, කාර්මික විද්‍යාලයේ ද පුහුණුව ලබා ඇති ඔහු, පසුව ස්ව-අධ්‍යයනයෙන් උසස් පෙළ සමත්ව, රජයේ සේවයේ සිටිය දී ම, වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව, ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ ය. කාලයත් සමගම ඔහුට විදුහල්පති විශේෂ ශ්‍රේණිය නම් තනතුරක් සහ වැඩි වැටුපක් ලැබුණු නමුත්, තාත්තා කිසි දිනක පාසලක නිත්‍ය විදුහල්පති තනතුරක් භාර ගත්තේ නැත.
තාත්තා විශ්‍රාම ගියේ ඔහුගේ පනස්අටවෙනි උපන් දිනය දා, එනම් 1978 දී ය. එවකට එකොළොස්වෙනි ශ්‍රේණියේ සිසුවෙකුව සිටි වයස දාසයයි සති දෙකක ගැටවරයෙකු වූ මට ද එදින තාත්තා සේවය කළ බොල්ලත පාසලේ පැවති උත්සවයට සහභාගීවිමට අවස්ථාව ලැබුණි.
ඇත්තටම උත්සව සභා තුනක් පැවැත්වුණි. මුල් උත්සවය පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙනි. පාසල අවසන් වීමෙන් පසු ගුරු මණ්ඩලය විසින් භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. හවස තුනට පමණ ගුරුදෙගුරු සංගමය මගින් වැඩිහිටියන් සහභාගී වූ උත්සවයක් සංවිධානය වී තිබුණි. මේ අවස්ථා තුනේ දී ම තාත්තා කතා පැවැත්වීය. මා ඔහු ප්‍රසිද්ධ සභාවක කතා කරනු දැක ඇත්තේ එදින පමණි. තමන් විශ්‍රාම යන විට ද පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකු සිටින බව දන්නා තාත්තා, විශ්‍රාම දිවියෙන් පසු නිරත වීමට වෘත්තියක් සොයා ගෙන ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ද ඒ වන විට සපුරාගෙන තිබුණි. ඒ ටියුෂන්කාරයෙකු වෙන්නට නම් නොවේ. නොතාරිස්වරයෙකු වීමට ය.
පවුලේ වැඩිමලා වූ මා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ආරම්භ කරන කාලය වෙන විට ඔහු ගනේමුල්ල නගරය කිට්ටුව මිතුරෙකුගේ නිවසේ සිටි නොතාරිස් රැකියාව අරඹා සුළු මුදලක් උපයා ගැනීම අරඹා තිබුණි. පිළියන්දල නැන්දාගේ නිවසේ සිට මොරටුව විශ්වවිද්‍යාලයට යාම වෙනුවට සාපේක්‍ෂව අධික වියදමක් සහිත විකල්පය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාමට මට අවශ්‍ය බව මා පැවසූ විට "උඹ පේරාදෙණියට පලයං, මං වියදම් කරන්නම්!" යනුවෙන් නිර්භයව පවසන්නට තාත්තාට හැකිවුණේ ඒ නිසා ය.
එසේම, තාත්තාගේ අවසාන කටයුතු සඳහා මා ලංකාවට යන විට නිවෙස අසල එල්වා තිබූ බැනරයේ ඔහු විශ්‍රාමලත් විදුහල්පති සහ ප්‍රසිද්ධ නොතාරිස් යනුවෙන් හඳුන්වා දී තිබුණේ ද ඒ නිසා ය.
තාත්තා චරිතවත්, යහපත් පුද්ගලයෙකි. ඔහු මත්පැන් පානය නොකළේ ය. තමන්ට මව් උරුමයෙන් ලැබුණු ඉඩකඩම් ද, තම මුදලින් මිල දී ගත් ඉඩකඩම් ද තම දරුවන් වෙනුවෙන් ඉතිරි කළා සේ ම, ඔහු තම මත්පැන් කෝටාව ද දරුවන් වෙනුවෙන් ඉතුරු කර තැබුවේ ය.
තාත්තාගේ ඥාති සොහොයුරෙකු ද වන, දැන් විශ්‍රාමික ඉංජිනේරුවෙකු, මේ ළඟදී දිනක ෆේස්බුක් හි දී මා සමග තාත්තා ගැන කීවේ මෙසේ ය.
"In our very young days we went to your ancestral home to learn arithmetic from your dad, Mr. Harischandra, who was a true gentleman.
As I saw, he was always a thorough gentleman."
රසික සූරියආරච්චි
ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.
1. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html
2. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html
3. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html
4. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html
5. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html
6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html
7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html
8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html
9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html
10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html
11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html
12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html
13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html
Wednesday, 30 September 2020
අපේ කාලේ කතන්දර - ටැලිගිරැං එක
මේ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලබන අවධියේ වූ සිදුවීමකි.
දිගු කලක් තිස්සේ ඇදී ගිය විරෝධතා ව්‍යාපාරයක් අවසානයේ ශිෂ්‍ය සංගමයේ නායකත්වය යටතේ ශිෂ්‍යයින් කිහිපදෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹූහ. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් වහාම විශ්වවිද්‍යාලය වසා දමන ලද අතර ශිෂ්‍යයින් සඳහා විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් ලෙස නම් කර සියලු දෙනාටම ඉවත් වන ලෙස අණ කරන ලදී.
මාරාන්තික උපවාසය සහ විරෝධතා ව්‍යාපාරය නොනවත්වා පවත්වාගෙන යාමටත්, විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවීමටත් පොදු එකඟතාවක් ශිෂ්‍යයන් තුළ ඇතිවිය.
දෙවන වසරේ ඉගෙනුම ලබන පිරිමි සිසුන්ට විශ්වවිද්‍යාලය තුල නවාතැන් පහසුකම් නොලැබෙන නිසා ඒ වන විට මා ඇතුළු පිරිසක් පදිංචිව සිටියේ ඊරියගම බෝඩිමක ය. එනිසා විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව යාම යනු අපට අදාල වූ කරුණක් නොවී ය.
කෙසේ වුවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමූ බව සහ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් බවට නම් කළ බව ගුවන් විදුලියෙන් සහ පුවත්පත් හරහා නිවසට ආරංචි වෙන බව දන්නා නිසා, මා දිගටම බෝඩිමේ නතර වී සිටීමට අදහස් කරන බව නිවසට දැන්විය යුතුවිය.
මා කළේ, පේරාදෙණිය තැපැල් කාර්යාලයට ගොස් තාත්තාට විදුලි පණිවිඩයක් යැවීමයි.
"දිගටම බෝඩිමේ ඉන්නවා. සති දෙකකින් ගෙදර එන්නම්.
-රසික"
මා සමඟම එහි ගිය, එකම බෝඩිමේ සිටි මගේ මිතුරෙකු ද තම පියාට විදුලි පණිවිඩයක් යැවීය.
දින දෙකක් ගත විය.
විශ්වවිද්‍යාල භූමියේ උපවාසය පැවැත්වෙන ස්ථානය අසල දවස පුරාම රැඳී සිට සවස බෝඩිමට ගිය අප දුටුවේ මිතුරාගේ පියා එහි පැමිණ සිටින බවයි.
"ඇයි තාත්තා ආවේ?" මිතුරා විමසීය.
"අර ට්‍රෙලිග්‍රෑම් එක ලැබුනහම නෑවිත් පුලුවන්ද?" පියා ද ප්‍රශ්නයකින් ම උත්තර දුන්නේ ය "මං හිතුව උඹට ලොකු කරදරයක් වෙලා ඇති ය කියලා!".
මොහොතකින් අප දැනගත් පරිදි අප මිතුරා තම පියාට යැවූ විදුලි පණිවිඩයේ ලියා ඇත්තේ මෙලෙස ය.
"විශ්වවිද්‍යාලය වසා දැම්මා. මට කිසි කරදරයක් නැහැ.
-රෝහණ"
-රසික සූරියආරච්චි
(image: https://arts.pdn.ac.lk/)
Friday, 11 September 2020
ප්‍රගතිය ද, අගතිය ද – හයේ පන්තියේ කතාවක් :: Dux or dud
සාමාන්‍යයෙන් පාසල් වාර පරීක්ෂණ පවත්වා, එහි ප්‍රතිඵල ඇතුළත් කර සකසන වාර්තාව හැඳින්වෙන්නේ "ප්‍රගති වාර්තාව" ලෙසිනි.
මෙය ද එවැන්නකි.
මේ 1973 දී හයවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ ප්‍රගති වාර්තාවකි.
ඒ කාලයේ අධ්‍යාපනය පිළිබඳ මගේ මූලික නිරීක්‍ෂණ මෙසේ ය.
- වසරේ වාර පරීක්‍ෂණ තුනක් ඇත.
- විෂයයන් දොළහකි.
- චිත්‍ර, නැටුම් සහ සංගීතය යන සෞන්දර්ය විකල්ප විෂයයන්ගෙන් එකක් තෝරා ගත යුතුව තිබී ඇත.
- ස්වභාවික සම්පත් යනු වෙනමම විෂයයකි!
- ජ්‍යාමිතික හා යාන්ත්‍රික ඇඳීම ද වෙනමම විෂයයකි!
- මෙහි ඇති ලී වැඩ නම් විෂයය සඳහා විකල්ප වූයේ ලෝහ වැඩ, මැටි වැඩ, කෘෂිකර්මය යනාදියයි.
- සත්ව පාලනය සඳහා විකල්පයන් වූයේ වාණිජ්‍යය වැනි විෂයයන් ය.
- සිසුවාගේ ලකුණු ප්‍රතිශතය මෙන්ම, පන්තියේ පළමුවෙනි ස්ථානය ලබා ගත් සිසුවාගේ ලකුණු ප්‍රතිශතය ද, පන්තියේ සියලුම සිසුන්ගේ ලකුණු ප්‍රතිශතයේ සාමාන්‍ය අගය ද දක්වා ඇත.
තවත් හොඳින් පරීක්ෂා කර බැලුවොත් මේ පන්තියේ සිටි ප්‍රමාණයෙන් හතළිස් දෙනෙකු පමණ වූ සමස්ත සිසුන් පිරිසකගේම අගතිය මෙම වාර්තාවෙන් පෙන්නුම් කරන බව ද පෙනී යනු ඇත.
පන්තියේ පළමුවෙනියා වීම යනු අධ්‍යාපනයේ ප්‍රගතිය මැනීමට කිසිසේත්ම අදාළ නැති නිර්ණායකයක් බව මේ වාර්තාව අපූරුවට විදහා දක්වයි.
මේ වීඩියෝව ද නරඹන්න.
-රසික සූරියආරච්චි
ප/ලි
පාසල් විෂයය මාලාවේ අද තත්වය කෙසේ ද?
තවමත් පාසල් වාර පරීක්ෂණ පවත්වා සිසුන් මුළු ලකුණු අනුව පෙළ ගස්වා ඒ තත්වය වාර්තා කෙරෙනවා ද?
(image: )
Friday, 21 August 2020
ජුකී කෙල්ල හෙවත් සුරඟන කුමරියගේ වාසනාව - Rasika Suriyaarachchi reviews Surangana Kumariya, a novel by Saman Mahanama Dissanayake
"සුරඟන කුමරිය", පලපුරුදු නවකතාකරුවෙක් වන සමන් මහානාම දිසානායක ගේ හත්වන ප්‍රකාශිත නවකතාවයි. මෙය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. ඔහු මින් පෙර රචනා කළ "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "රන්දෙනිගල සිංහයා", "දුරුතු සිහිනය" සහ "ලන්සි කෙල්ල" යන නවකතා ලංකාවේ පාඨකයින් අතර ජනප‍්‍රි‍්‍රයත්වයට පත්වූ අතර එමගින් සිංහල සාහිත්‍යයට වැදගත් සම්මාදමක් ද කෙරුණු බව මගේ අදහසයි. ඒ සමන් දිසානායක විදේශ රටක වෙසෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු වීම නිසා, තමන් ගේ කෘතිවල අන්තර්ගතය මගින් ඔහුට පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට හැකි සුවිශේෂී කරුණු නිසා ය.
"සුරඟන කුමරිය" නවකතාව ගෙතී ඇත්තේ ගම්බද දුප්පත් තරුණියක වූ තේලණී ගේ විවිධ හැලහැප්පීම්වලට බඳුන් වුණු ජීවිතය වටා ය. පවුලේ කරදර මැද අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා රැකියාවක් සොයා යන ඇයට අවසානයේ නොසිතූ ලෙස වාසනාව උදාවෙන අයුරු මේ නවකතාව තුලින් සමන් දිසානායක තම සුපුරුදු භාෂා විලාසයෙන් සහ ඔහුට ආවේණික වූ ඇඹරුම්-පෙරළුම් සහිත රටාවෙන් පාඨකයාට ඉදිරිපත් කරයි.
සමන් දිසානායක ගේ සුරඟන කුමරිය නවකතාවට ලූනු ඇඹුල් ඇතුලත් කරන අනෙකුත් අංග අතර කලක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිට පසුව ශ‍්‍රී ලංකාවේ ධනපති කර්මාන්තශාලා හිමියෙක් බවට පත්වෙන්නෙක්, ඔහු ගේ අනියම් සම්බන්ධතාවයක් සහ අවජාතක දරු දෙදෙනෙක් මෙන්ම එවැන්නෙක් ඇත්දැයි එතෙක් නොදැන සිටියද, තම සැබෑ පියා සමග තේලනී අවසානයේ එකතුවන අයුරු ද වේ. මේ සියල්ල ජනප‍්‍රිය නවකතාවක සාමාන්‍ය වට්ටෝරුව සමතික‍්‍රමණය කරන්නා වූ අංග වේ යැයි මම සිතමි.
සමන් දිසානායක මට පැවසූ පරිදි "සුරඟන කුමරිය" නවකතාව ඔහුගේ ලේඛක දිවියේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එයට හේතුව නම් ඔහු අතින් මෙතෙක් කල් නිරායාසයෙන් කෙරුණු ප‍්‍රභන්ධකරණයෙන් මදකට බැහැර වී සමන් දිසානායක මේ "සුරඟන කුමරිය" කෘතිය ශ‍්‍රී ලංකාවේ සිංහල නවකතා පාඨක පිරිසේ වැදගත් අනුඛණ්ඩයක් වන තරුණ වැඩිහිටි වයසේ කාන්තාවන් ඉලක්කකොට ගෙන සුවිශේෂයෙන් නිර්මානය කිරීමයි.
ගම්බදව ගෙවෙන තේලණී ගේ ළමා ජීවිතය, ඇගේ නගරාගමනය සහ රැකියාව මේ පාඨක පිරිසට කෙලින්ම සමීප විය හැකි ඒවා බව පෙනේ. එසේම, වඩාත් සාර්ථක, ආර්ථික වශයෙන් සුඛිත මුදිත ජීවිතයක් පිළිබඳ සදාකාලීක අපේක්‍ෂාවෙන් කාලය ගතකරන එකී පාඨක පිරිස ගේ ඒ දැඩි අපේක්‍ෂාවන් දිගින් දිගටම නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික ශක්තියද මෙවැනි නවකතාවක් කියවීම තුලින් ලැබීමට ඉඩ ඇත. එය පවතින තත්වය තුල එක්තරා සමාජ සේවයක් ලෙස සැළකිය හැක.
එපමණකුදු නොව ඒ අහිංසක යුවතියන් ගේ ශ‍්‍රමය සූරා කන ධනපතියන්ද, ඔවුන් ගේ රූකඩ ලෙසින් රට කරවන පාලකයින් ද අපමණ සතුටට පත්වෙනු නිසැක ය.
මේ නවකතාව පෙර කී පාඨක අණුඛණ්ඩය ඉලක්ක කොට ගෙන අද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශයට පත්වන අනෙකුත් නවකතා අතර තරගකාරී එකක් වෙන බවට සැකයක් නැත. "සුරඟන කුමරිය" ලිවීමෙන් සමන් දිසානායක අදහස් කළේ මල් කතාවක් ලිවීමට නම් ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බව කිව යුතුයි.
මේ නවකතාව සඳහා සමන් දිසානායක යොදා ඇති "සුරඟන කුමරිය" යන්නෙන් ඔහු අදහස් කළේ නවකතාවේ අන්තර්ගතය තුල අඩංගුව ඇති පරිදි "ෆෙයරි ප‍්‍රින්සස්" යන අරුත දීමට නම් එය "සුර කුමරිය" ලෙස නම් කළ යුතුව තිබුණේ යැයි මට සිතේ.
සමන් දිසානායක නවකතාකරුවෙක් පමණක්ම නොවේ. ඔහු ලියූ කෙටිකතා සිංහල සඟරාවල පලවී ඇති අතර, ඕස්ටේ‍්‍රලියානු සිංහල සංක‍්‍රමණික අත්දැකීම් රැගත් "තිරස තරණ" කෙටිකතා සංග‍්‍රහයේ ද ඇතුලත් වුණි. සමන් ගේ කාව්‍ය නිර්මාණයන් ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ සැකසුණු "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහයේ පලවිය. ඔහු ගේ ගී රචනා සිඞ්නි නුවර වෙසෙන ගායකයින් ගේ හඬින් ගැයෙනු ඇසේ. විවිධ ඓතිහාසික කරුණු ගැන ද සමන් සඟරාවලට ලිපි රචනා කර ඇත. ඔහු නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කෙරෙන "සිංහල" සඟරාවේ හිටපු සංස්කාරයෙකු ද වේ. මෙලෙස සිංහල ලේඛන කලාවේ සියළුම අංගයන් හි තම දස්කම් දක්වා ඇති සමන් දිසානායක වැනි පුරෝගාමී ලේඛකයින් ඕස්ටේ‍්‍රලියාව තුලින් බිහිවෙන නවක ලේඛකයින්ට මහත් වූ ශක්තියක් බව මගේ අදහසයි.
සිඞ්නි මහ නවකතාකරු සමන් දිසානායක අතින් තව තවත් නිර්මාණ බිහිවේවා යැයි අවසාන වශයෙන් පතමි.
-රසික සූරියආරච්චි ප/ලි: සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව https://rasikalogy.blogspot.com/2020/08/2007-rasika-suriyaarachchis-review-of.html
සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව පිළිබඳ විචාරයකි - Rasika Suriyaarachchi's review of Duruthu Sihinaya novel written by Saman Mahanama Dissanayake
නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.
සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.
දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුණු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙණිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකථා හතරක් රචනා කොට ඇත.
"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහළ මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.
නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුළත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියලුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.
"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවණේ හැදී වැඩුණු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදලාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එළිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.
මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයං-භාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුළින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.
"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුළ සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.
මෙම නවකතාවේ එන ආනන්ද මුදලාලි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.
"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමළ ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතා වස්තුව තුළ අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.
මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.
දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකථා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියලු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.
-රසික සූරියආරච්චි
Friday, 7 August 2020
කෙසෙල් මල් නොපිපේවා - Hoping for the best
තවත් මහ ඡන්දයක් අවසන් විය.
එදා 2015 ඡන්දය වෙනුවෙන් මගේ බලාපොරොත්තුව වූයේ මෙයයි.
එක්සත් ජාතික පෙරමුණ = 81
එක්සත් ජනතා නිදහස් සන්ධානය = 79
ජනතා විමුක්ති පෙරමුණ = 40
ද්‍රවිඩ ජාතික සන්ධානය = 20
මුස්ලිම් පක්‍ෂ = 5
මෙවර ද ඒ බලාපොරොත්තුව වෙනස් වූයේ සුළු වශයෙනි.
ජාතික ජන බලවේගය = 40
සජිත් ප්‍රේමදාස කල්ලිය = 45
රනිල් වික්‍රමසිංහ කණ්ඩායම = 35
රාජපක්ෂ සර්ෆ් පිල = 85
දෙමළ සන්ධානය = 20
ඉන් මා අදහස් කලේ ශක්තිමත් විපක්‍ෂයක් සහිත ආණ්ඩුවකි. එයට හේතුව නම් අසීමිත බලය ඇතිවිට ආණ්ඩු පක්‍ෂයේ උංට රටට කළ හැකි විනාශයක ඉමහත් බව අත්දැකීම් මත දන්නා නිසා ය.
නමුත් ඉතිං මගේ බලාපොරොත්තු ඒ ලෙසම ඉටුවෙනවා නම් මා අද ඉන්නේ මෙතැන නොවේ. ඒ බව අමුතුවෙන් කිවයුතු නැත.
කෙසේ නමුත් ජනතාව විසින් තම ඡන්දය නොහොත් කැමැත්ත ප්‍රකාශ කර ඇත. තමන් නියෝජනය කිරීමට තමන් හා සමානයින් පිරිසක් නොව වෙනත් කණ්ඩායමක් බලයට පත් කර ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදය නම් මේ.
තව දින කිහිපයකින් පිහිටුවන ලබන ලංකාවේ අලුත් ආණ්ඩුවේ පාලනය සහ ලංකාවේ අනාගතය පිළිබඳ මගේ අදහස මෙයයි.
අද ලංකාව වැටී ඇත්තේ එදා 1977 දී, ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ යූඇම්පියට තුනෙන් දෙකකටත් වඩා වැඩි හයෙන් පහක බලයක් ලබා දී පත්වුණු ව්‍යවසනයට සමාන තත්ත්වයකට යැයි මට සිතේ.
ජේආර් ගේ ආණ්ඩුවේ මුල් පස් වසර තුළ සිදුවුණු දේ කිහිපයක් මගේ මතකයට අනුව මෙසේ ය.
එතැන් සිට තත්වය තව තවත් දරුණු අතට හැරුණි. උතුරේත් දකුණේත් තරුණ ජිවීත විශාල සංඛ්‍යාවක් විනාශ විය.
එදා 1977 සිට වසර දාසයක්, එනම් 1993 මැයි දක්වා ලංකාවේ පැවතුණු, භිෂණය, දුෂණය, ජඩකම්, මැරකම්, පාදඩකම් කිසිවක් අද සිට එළඹෙන අවාසනාවන්ත අනාගතයේ දී අපට අසන්නට නොලැබේවායි අවංකව ම ප්‍රාර්ථනය කරමි.
මගේ ඡන්ද බලාපොරොත්තු කඩවුණ ද, මේ ප්‍රාර්ථනය ඉටුවේ යැයි සිතමි. -රසික සූරියආරච්චි
ප/ලි:
ජේආර්ගේ ආණ්ඩුවේ එක් ප්‍රෝඩාවක්.
(image: https://www.wisegeek.com/what-is-a-banana-flower.htm)

- මිනීමරුවන්ට ජනාධිපති සමාව ලබා දෙන ලදී.
- රටේ එතෙක් පැවති ආණ්ඩු ක්‍රමය සහමුලින්ම වෙනස් කර විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන ලදී.
- පාර්ලිමේන්තුවේ බලය උපයෝගී කරගෙන ව්‍යවස්ථාව හිතූ හිතූ පරිදි වෙනස් කරන ලදී.
- විටින් විට තැන තැන ජාතිවාදී කෝලාහල ඇති වෙන්න පටන් ගත්තේ ය.
- විවිධ හේතු මත උද්ඝෝෂණවල නිරත වෙන අයට කුලු පොලු හමුදාව වෙනුවට බයිසිකල් චේන් වලින් පහර දෙන මැර හමුදා ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ ඇතිවුණි.
- මේ ආකාරයේ මැර හමුදාවක් බොරැල්ලේ තරුණ බෞද්ධ සංගම් ශාලාව ඇතුළේ පැවති රැස්වීමකට කඩාපැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට පවා පහර දුන්හ.
- පඩි වැඩි කිරිම ඉල්ලා වැඩවර්ජනයක් කළ 40,000 පමණ විශාල පිරිසක් අමානුෂිකව මර්දනය කරන ලදී.
- විජය කුමාරතුංග වැනි විපක්ෂ නායකයින් පිරිසක් සිරගත කරන ලදී.
එතැන් සිට තත්වය තව තවත් දරුණු අතට හැරුණි. උතුරේත් දකුණේත් තරුණ ජිවීත විශාල සංඛ්‍යාවක් විනාශ විය.
එදා 1977 සිට වසර දාසයක්, එනම් 1993 මැයි දක්වා ලංකාවේ පැවතුණු, භිෂණය, දුෂණය, ජඩකම්, මැරකම්, පාදඩකම් කිසිවක් අද සිට එළඹෙන අවාසනාවන්ත අනාගතයේ දී අපට අසන්නට නොලැබේවායි අවංකව ම ප්‍රාර්ථනය කරමි.
මගේ ඡන්ද බලාපොරොත්තු කඩවුණ ද, මේ ප්‍රාර්ථනය ඉටුවේ යැයි සිතමි. -රසික සූරියආරච්චි
ප/ලි:
ජේආර්ගේ ආණ්ඩුවේ එක් ප්‍රෝඩාවක්.
(image: https://www.wisegeek.com/what-is-a-banana-flower.htm)
Monday, 3 August 2020
ඔබේ ඡන්දය සහ මනාප මෙන්න මෙහෙම දෙන්න - How to vote and how not to vote
ලංකාවේ මහ ඡන්දයට ඇත්තේ තව දින දෙකකි. ඡන්ද බලය හිමි පුරවැසියෙකු වුව ද විදෙස්ගතව ජීවන වන මට මෙවර කිසිසේත්තම ලංකාවට එන්නට වෙන්නේ නැත.
මා ලංකාවට පැමිණියොත් මගේ ඡන්දය භාවිතා කරන ආකාරය නම් පෙර සේම ය. වෙනත් වී නැත. ඒ ගැන පසුව ලියමි.
එතෙක් මෙන්න මෙවර ඡන්දය දිමට අදහස් කරන ලාංකිකයින්ගෙන් මා කරන ඉල්ලීම.
ඔබේ ඡන්දය දීමේ දී කරුණාකර මෙලෙස කටයුතු කරන්න.
ස්තුතියි.
-රසික සූරියආරච්චි
මා ලංකාවට පැමිණියොත් මගේ ඡන්දය භාවිතා කරන ආකාරය නම් පෙර සේම ය. වෙනත් වී නැත. ඒ ගැන පසුව ලියමි.
එතෙක් මෙන්න මෙවර ඡන්දය දිමට අදහස් කරන ලාංකිකයින්ගෙන් මා කරන ඉල්ලීම.
ඔබේ ඡන්දය දීමේ දී කරුණාකර මෙලෙස කටයුතු කරන්න.
- අපව නිවැරදිව ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කළ හැක්කේ අප හා සමාන අයට ය. එනිසා නමින් ඇමතිය හැකි, එසේ නොමැති නම් සහෝදරයා සහෝදරිය කියා ඇමතිය හැකි අයකුට පමණක් ඡන්දය/මනාපය දෙන්න.
- ඔබෙන් ඡන්දය ඉල්ලන පුද්ගලයාට ඡන්දයට පෙර සහ නැතිනම් පසුව ඔබ ඇමතිය යුත්තේ මහත්තයා නෝනා හෝ මැතිතුමා තුමිය කියානම් ඔවුන්ට ඔබව නියෝජනය කළ නොහැක. ඔවුන් පාර්ලිමේන්තුවේ දී නියෝජනය කරනු ඇත්තේ ඔවුන් හා සමාන පිරිසකි. එනිසා එවැන්නන්ට ඔබේ ඡන්දය/මනාපය දෙන්න එපා.
- යම්කිසි ඡන්ද අපේක්ෂකයෙකු රට, ජාතිය, ආගම, මව්බිම, දේශප්‍රේමය, මාතෘ භූමිය, අම්මගෙ රෙද්ද වැනි වචන භාවිතා කරයි නම් එවන්නන්ට ඔබේ ඡන්දය මනාපය/දෙන්න එපා. ඉතිහාසය පුරාම අපේ අත්දැකීම නම් එවැනි පුද්ගලයින් අතිශය ජාතිවාදී අවස්ථාවාදීන් බවයි.
- අපේක්ෂක ලැයිස්තුවල සිටින කාන්තාවකට ඔබ ඡන්දය මනාපය දීමට බලාපොරොත්තු වන්නේ නම්, කාන්තා අයිතිවාසිකම් ගැන හඬ නගන අයකුට පමණක් ඡන්දය දෙන්න. එසේ නොමැතිව, "අනේ අපි කාන්තාවන් ලෙස අපිට හිමි තැන දන්නවා, අපිට උඩ මළුවට, පත්තිරිප්පුවට යන්න ඕනෑ නැහැ" වැනි පසුගාමී ප්‍රකාශ කර ඇති අයට ඔබේ මනාපය ඡන්දය දෙන්න එපා.
- සමාජයේ කොටසක් වන සම-රිසි ලිංගිකත්වයක් ඇති (සමලිංගික/හෝමෝසෙක්ෂුවල්) පිරිසට අපහාස කරන හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළි නොගන්නා හෝ කිසිදු අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය මනාපය දෙන්න එපා.
ස්තුතියි.
-රසික සූරියආරච්චි
Saturday, 1 August 2020
සජිත් ප්‍රේමදාස සහ ඉංග්ලිෂ් භාෂාව ඉගෙනීම - Sajith's has good advice for all of us about learning English
මේ ළඟ දී දිනක, මා හොඳින් දන්නා හඳුනන අයෙකු මා සමග කියා සිටියේ ඔහු ඇතුළු මිතුරන් පිරිස පාසල් යන කාලයේ ඉංග්ලිෂ් භාෂාවට කෙතරම් නොසැලකිල්ලක් දැක්වූයේ ද යත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්ලිෂ් විෂය පැවති දිනයේ දී ඔවුන් පිරිස උදෑසන නමයට විභාගය ඇරඹී පැය භාගයක් ගත වුණු පසු පිළිතුරු පත්‍රය ශාලාධිපතිට භාර දී විභාග ශාලාවෙන් පිටවී ගොස් අසල නගරයේ පිහිටි සිනමා ශාලාවේ දී චිත්‍රපටියක් නැරඹූ බවයි.
ඔහු ඇතුළු මිතුරන් පිරිස එදා විභාගයේ දී ලබා ගත් ප්‍රතිඵල පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැත. එකල අප පැවසූ පරිදි ලයිට් කණු ය.
ඊට වසර කිහිපයකට පෙර මා විභාගයට පෙනී සිටි අවස්ථාවේ දී ද, මගේ පන්තියේ සිටි පිරිමි ළමුන්ගෙන් එකෙකු හැර අන් සියලු දෙනාම ඉංග්ලිෂ් විෂයය සඳහා ලබා ගත්තේ ලයිට් කණු ය.
මා මුලින් සඳහන් කළ පුද්ගලයාට පසුව, එදා පාසල් සමයේ පිළිකුල් කළ එම විෂයය ම ඉගෙනගෙන පාසල් ඉංග්ලිෂ් ගුරුවරයෙකු ලෙස ජීවිකාව සොයා ගැනීමට සිදුවීම දෛවයේ සරදමකි.
වෙනස් අදහස් අතින් මෝඩ ගති පෙන්නුම් කළ ද, සජිත් ප්‍රේමදාස මේ වීඩියෝවේ පවසන අදහස එදා මෙදා සිසුන් සියලු දෙනාටම හොඳ අවවාදයකි. ආදර්ශයකි.
සජිත් මෙහි දී අප හොඳින් දන්නා වැදගත් කරුණක් කියයි. එනම් අප නොනවත්වා ම, දිගින් දිගටම ඉගෙන ගත යුතු බය ය.
ඊට අමතරව ඔහු මේ කතාවේ දී පවසන මා අගය කරන දෙය නම්, තමන් සියල්ල දත් ඉංග්ලිෂ් භාෂාවේ පරතෙර ගිය අයෙකු බව නොකියා, තවමත් වාහනයේ තිසෝරස් පොතක් තබාගෙන නිතරම ඉංග්ලිෂ් වචන ඉගෙන ගන්නා බව අවංකවම පැවසීමයි.
-රසික සූරියආරච්චි
ප/ලි:
මෙන්න එදා විශිෂ්ඨ සාමාර්ථයක් සමගින් ඉංග්ලිෂ් විෂය සමත්වූ මට ටික දිනකින් ම සිදුවුණු මහා අකරතැබ්බයක්.
Thursday, 23 July 2020
බයි-ලොජි, බයි-මැත්ස් සහ බයි-memes : From the illiterate to the illiterate
ලංකාවේ සිටින්නේ "අරුං රට කාගෙන කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත් වූ තැන සිට රට කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්නට මුංට බාර දෙන" ඡන්දදායකයින් පිරිසක් බව අප දන්නේ අද ඊයේ සිට නොවේ. හැම ඡන්දයක දී ම පාහේ සිදුවන්නේ එයයි.
දියවන්නාවේ සිටින 225 ක් වූ අති විශාල මන්ත්‍රීලා සංඛ්‍යාව ගැන මොන මොන විහිළු කතා, අපහාස, උපහාස තිබුණ ද, මේ ශෝකී තත්වය මෙවර ද වෙනස් වෙන පාටක් නැත.
නමුත් ප්‍රශ්ණය නම්, එලෙස අරුංට, අරුංගෙන් පසු මුංට, මුංගෙන් පසු නැවතත් අරුංට ඡන්දය දෙන්නේ රටේ මහජනතාව ම වීමයි. ජනතාව කොයි තරම් අණුවනයින් වුව ද, ආණ්ඩුව යනු ජනතාවගේ තේරීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයයි.
ජනතාවගේ මේ අණුවන කම කපටි දේශපාලුවන් සහ ඔවුන්ට කඩේ යන්නන් විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය හොඳින් පැහැදිළිවෙන උදාහරණ දෙකක් පසුගිය දිනවල සමාජ ජාලාවක සංසරණය වෙනු මට දකින්නට ලැබුණි.
මේ ඉන් පළමුවැන්නයි.
ජනතා බදු මුදල් නාස්ති කිරීමට සජිත් ප්‍රේමදාස මෙලෙස යෝජනා කරන්නේ ගම්බද මෝඩ සිංහල බෞද්ධ ඡන්දවලින් කොටසක් කඩා ගැනීම සඳහා බව අමුතුවෙන් කිව යුතු නැත.
නමුත් ඒ අමන ප්‍රකාශය උපහාසයට ලක් කරමින් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් පිළියෙල කර ඇති ඉහත memeය ඊටත් වඩා ජනතාව ගොනාට ඇන්දවීමකි.
සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පොරොන්දුවේ ඇති නිෂ්ඵල බව පෙන්වනු වෙනුවට, ඒ සඳහා මුදල් ලැබෙන්නේ ජනතාව මත පටවා ඇති කවර නම් බද්ද කොයි තරම් ප්‍රමාණයකින් වැඩි කිරීමෙන් ද යන්න ප්‍රශ්ණ කරනු වෙනුවට, කළ යුත්තේ මේ ආකාරයට රට පුරා ගඩොල් ගොඩවල් බැඳීම නොව, පාසල් සිසුන්ට වැසිකිලි සාදා දීම හෝ දුෂ්කර පලාත්වල වැසියන්ට පාලම් සාදා දීම නොවේදැයි ප්‍රශ්ණ කරනු වෙනුවට, ඔවුන් උත්සාහ කරන්නේ එලෙස චෛත්‍ය දහසක් වසර පහක් තුල සෑදිය නොහැකි බව පෙන්වීමට තැත් කිරීමයි.
ඔවුන් එසේ කරන්නේ ඉතා වංචනික ලෙස වීම මෙහි ඇති ලොකුම උත්ප්‍රාසයයි. එයින් හැඟෙන්නේ, එක්කෝ මේ දේශපාලන ක්‍රියාකාරීන්ට ගණිතය නොතේරෙන බවයි, නැතිනම් ඔවුන් උවමනාවෙන් ම ගණිතය නොතේරෙන ජනතාව අරමුණු කරගනිමින් මේ මුලාව කරන බවයි.
මෙය ඇස ගැනුණු සැනින් එම වංචාව මට වැටහුණු නිසා, මම මෙලෙස ප්‍රතිචාර දැක්වූයෙමි.
මේ චෛත්‍ය සැදීම අමන සිංහලබුඩ්ඩාගමේ උංව (බුදු දහම අනුගමනය කරන අය නොවේ!) රවට්ටන්න කියන කතාවක් වුණත් මේ meme එකේ දක්වා ඇති ගණනය කිරීම නම්, කිසිදු තේරුමක් නැති අර වගේ ම අමන කතාවකි.මෙන්න මා දුටු දෙවන meme ය.
අවුරුදු පහක දී අවශ්‍ය නම් චෛත්‍ය 1,000 ක් නොව දහ දාහක් හදන්න පුළුවනි. ඒ හැම එකම හදන්නේ එකම පිරිස නොවේ නේ. වැඩ බිම් 10,000 ක ප්‍රොජෙක්ට් ටීම් 10,000 ක් යොදවා, අවශ්‍ය නම් එකම දවසේ වැඩ අරඹා, අවශ්‍ය නම් වසර පහක් වුව ද කල් ගෙන ඒ ගොඩනැගීම් පහසුවෙන් අවසාන කළ හැකියි.
චෛත්‍ය සංඛ්‍යාව, වසර පහේ ඇති මාස ගණනින් බෙදා ඇත්තේ සජිත් ප්‍රේමදාස රවටන්නට උත්සාහ කරන මෝඩයින් පිරිස නොව වෙනත් මෝඩයින් පිරිසක් රැවටීම සඳහා ය.
පෙර අවස්ථාවටත් වඩා මෙහි ඇති කණගාටුව නම්, මෙය බොහෝවිට නිර්මාණය කර ඇත්තේ සහ බෙදා හරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදීන් වීමයි. ඔවුන් මෙයින් පෙන්වන්නට උත්සාහ කරන්නේ පැවති කණගාටුදායක තත්වය නිමා කර මෙවර මහ ඡන්දයේ දී ඔවුන්ගේ ඡන්ද අපේක්‍ෂකයින් වැනි, දුෂණ චෝදනා නැති, උගත්, සාපේක්‍ෂව තරුණ පිරිසක් ජනතා නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.
ඒ සියල්ල සත්‍යය බව පැහැදිලි නමුත්, ඔවුන් මේ සඳහා උපයෝගී කරගෙන ඇති රූපය දැක මට සිනහව නවත්වා ගත හැකි වුනේ මිනිත්තුවකට දෙකකට පසුවය.
මෙය බෙදා හැර තිබෙනු මා මුලින්ම දුටු මගේ ෆේස්බුක් මිතුරාට මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.
දැන් ඔබ බෙදා හැර ඇති මේ පයි ප්‍රස්තාරයට අනුව:මේ memeය බෙදා හැර තිබෙනු මා දුටු ෆේස්බුක් මිතුරා උසස් පෙළ සඳහා ගණිතය විෂයට උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු බව මා දන්නා නිසා මෙසේ ද ඇසුවෙමි.
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ලෙස සිටි බාර් ලයිෂන් ඇති 110 දෙනාම උසස් පෙළ සමත් තරුණ අය ද?
උසස් පෙළ අසමත් සහ සාමාන්‍ය පෙළ අසමත් සංඛ්‍යාවෙන් 222 ක් බව පෙනෙන හිටපු මන්ත්‍රීන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද? ඔවුන් සියළු දෙනාම තරුණ අය ද?
මහළු මන්ත්‍රීලා 69 දෙනාම උසස් පෙළ සමත් අය ද? ඔවුන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද?
මෙහි පෙනෙන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 401+ සිටියේ කොයි රටේ ද?
වෙන් රූපයක් මගින් පෙන්විය යුතු දත්ත සඳහා මෙලෙස පයි ප්‍රස්තාරයක් යොදා ගෙන ඇත්තේ කවර හෙයින්දැයි ඔබේ සිසුවෙකු ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද?මා සිතන විදියට, මෙය දුටු සැනින් වැඩිදුර නොසිතා මේ සාවද්‍ය අදහස් ඉදිරිපත් කෙරෙන memeය බෙදා හැර තිබූ මගේ ෆේස්බුක් මිත්‍රයා මට ස්තුති කර පිළිතුරු දෙනු වෙනුවට කළේ එය වහාම මකා දැමීමයි.
ඔහුට මොළේ කළඳක් හෝ ඇති බව ඉන් පැහැදිළි විය.
එය එසේ විය යුතුය. මක් නිසා ද යත් ඒ පුද්ගලයා මා ද උගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකු බැවිණි!
මට මෙහි දී අවසානයට කීමට ඇත්තේ මෙයයි.
ගණිතය පිළිබඳ විශාරදයෙකු වන මගේ මිත්‍රයා කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීලා අනූ හය දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බව ඇතුළු වෙනත් කරුණු ඇතුළත් කරමින් පෙර කී පයි ප්‍රස්ථාරය සෑදු පුද්ගලයා, සාමාන්‍ය පෙළ ගණිතය සමත් අයෙකු නම් විය නොහැක!
-රසික සූරියආරච්චි
ප/ලි:
පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් පත්කර ගැනීම සඳහා අප ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මගේ අදහස් පහත වීඩියෝවේ දක්වා ඇත.
(images: (1) https://www.economist.com/international/2014/04/05/making-their-mark (2 & 3) Shared on Facebook. Copyright unknown)
Saturday, 18 July 2020
"පිං අංකේ" හෙවත් බැංකු කතාවේ කඩඉමක් - Wow, what a feeling!
මා කුඩා කාලයේ අම්මා ඇරඹූ තැපැල් කන්තෝරු ඉතිරි කිරීම් ගිණුමේ තිබුණු සුළු මුදළ ආපසු ගෙන උසස් පෙළ අවසාන වූ පසු සමයේ මගුල් ගෙදරකට කළිසම් කමිස ගත් හැටි සහ ඉන්පසුව දිගු කාලයක් බැංකුවලින් බේරී සිටි මට අවසානයේ ගිණුමක් ඇරඹීමට සිදු වූ හැටි මීට කලින් පළ කළ සටහන් දෙකේ මම ලිව්වෙමි.
නොකරම බැරිවුණු නිසා සිකුරාදාවක එලෙස ලංකාවේ බැංකුවක ගිනුමක් අරඹා, ඉන් පසුදාම පශ්චාත් උපාධියක් සඳහා විදෙස් ගත වූ මට ඊළඟ සඳුදාම නැවත බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සිදුවිය.
මගේ බැංකු ගිණුම් ඉතිහාසයේ කඩඉමක් ලෙස සැළකිය හැකි ඒ අවස්ථාව පිළිබඳ අතුරු කතාවක් මෙලෙස කෙටියෙන් ලියන්නට සිත්විය.
එලෙස මා විදේශයක දී ඇරඹූ ගිණුම කඩඉමක් වන්නේ මා මුලින්ම ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ලැබුවේ ඒ ගිණුම සඳහා වූ නිසා ය.
මේ 1988 වසර විය. එවැනි කාඩ් ලබා දෙන බැංකුවක් එකල ලංකාවේ ද තිබුණු බව මම දැන සිටියෙමි. ඒ විදෙස් බැංකුවක් වූ හොංකොං සහ ෂැන්හයි බැංකුවයි. ඔවුන්ගේ ශාඛා පිහිටියේ එකක් පමණක් නිසා සහ එය ද පිහිටියේ කොළඹ කොටුවේ නිසා අප වැනි ගම්බයියන්ට එවැනි සීමිත වූ පහසුකමක අවශ්‍යතාවක් එකල නොතිබුණි.
නමුත්, මේ විදේශයේ දී මට මෙලෙස බැංකු ගිණුමක් ඇරඹීම අනිවාර්ය වූයේ පශ්චාත් උපාධිය හදාරන කාලයේ දී මට ලැබෙන ශිෂ්‍යත්ව මුදල ගෙවන්නේ ගිණුමකට පමණක් වීම නිසා ය.
මා සමග ඒ උපාධිය හැදෑරීමට ගොස් සිටි පිරිස අතර ලංකාවේ වෙනත් සිසුන් තිදෙනෙකු ද විය. අප තිදෙනා සඳුදා ඇරඹූ බැංකු ගිණුමට අපට එදින ම හෝ පසුදා පෙර කී පරිදි ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද ලැබුණි.
මේ සටහන කියවන සෑම දෙනෙකුට ම අද මෙය අති සරල කරුණක් ලෙස පෙනී ගිය ද, එය අප ලැබූ නවමු අත්දැකීමක් විය. ඒ සමගම අපට කාඩ් එක සමග භාවිතා කිරීමට පර්සනල් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් හෙවත් රහස්‍ය "පිං අංකයක්" ද ලැබුණි.
ඒ රහස්‍ය අංකය ඉලක්කම් හතරකින් සමන්විත විය.
එය මතකයේ තබා ගන්නා ලෙසත්, ප්‍රසිද්ධියේ ලියා නොතබන ලෙසත්, අන් කිසිවෙකුට ලබා නොදෙන ලෙසත් අපට උපදෙස් ලැබුණි.
මෙහි දී මා ලද විනෝදජනක අත්දැකීමක් මෙසේ ය.
අප ලාංකික සිසුන් සිව්දෙනා මේ කාඩ් එක ගැනත් පිං අංකය ගැනත් කතාබහ කරමින් සිටියෙමු. මේ සිව් දෙනාම ගණිතය හැදෑරූ මැවිසුරු උපාධිය ලද අය වූහ.
දැන් මේ "පිං අංකයේ" තියෙන්නේ ඩිජිට්ස් හතරයි නේ. එතකොට කොච්චර කම්බිනේෂන් තියෙන්න පුළුවනි ද එකෙකු ඇසීය.
ගණිතයේ කෙල පැමිණි සිටි අනෙකෙකු වහා ගණං හැදීම ඇරඹීය.
"පළමුවෙනි ඩිජිට් එකට බින්දුවේ ඉඳලා නමය වෙනකං ඔප්ෂන්ස් දහයක් තියෙනවා. දෙවෙනි තැනටත්, තුන්වෙනි සහ හතරවෙනි තැන්වලටත් එහෙමයි, එතකොට දහය වැඩිකිරීම දහය වැඩිකීරීම... .... ....."
"මොනවද මචං ඔච්චර ගණං හදන්න තියෙන්නේ, බින්දුවේ ඉඳලා 9999 දක්වා තියෙන්නේ හරියටම දහ දාහයිනේ!" මම කියා සිටියෙමි.
ඊට තත්පර කිහිපයකට පසු මගේ මිතුරා ද, තම කම්බිනේෂන්ස් සහ පර්මියුටේෂන්ස් ගණනය කිරීම මගින් ඒ පිළිතුර සොයා ගත්තේ ය!
හදිස්සියට කොරහේ අත දාන්න බැරිවෙනවාය කියන්නේ එවැනි අවස්ථාවලට යැයි සිතමි.
නැවතත් ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද සහිත ගිණුම පිළිබඳ කතාවට යතොත්, මේ ගිණුමේ මාසික සුළු අය ප්‍රමාණයට සමානවම මාසය පුරා වැය සිදු වූ නිසා, එහි රැඳුණු මුදලක් නැති වුව ද, උදේ පාන්දර, සවස් කාලය, රාත්‍රිය, මැදියම කියා වෙනසක් නොමැතිව ද, බැකුවේ විශ්වවිද්‍යාල ශාඛාව, අසල කඩ මංඩියේ ශාඛාව හෝ මහ නගරයේ ඇති විවිධ ශාඛා ද කියා වෙනසක් නොමැතිව තියෙන තුට්ටු දෙක අපට ඉතා පහසුවෙන් ආපසු ලබා ගත හැකි වීම අප ලැබූ විශාල පහසුකමක් විය.
මා ඒ ගිණුමට මෙන්ම, බැංකු කාඩ් එකට ද කෙතරම් ඇළුම් කළේ ද යත්, අධ්‍යාපනය නිමවා, පශ්චාත් උපාධිය ලැබ, ආපසු ලංකාවට ඒමට පෙර ගිණුමේ ඇති මුදල් සියල්ල රැගෙන එය වසා දැමීමට මට නොසිතුණි. ඒ, එවිට මගේ බැංකු කාඩ් එක ද බැංකුවටම ආපසු දෙන්නට වේ යැයි සිතුණු නිසා ය.
එනිසා ගිණුමේ ඉතා සුළු මුදලක් ඉතුරු කර මගේ සිහිවටනය වූ බැංකු කාඩ් එක ද රැගෙන ලංකාවට පැමිණියෙමි.
මෙයින් වසර හතර හමාරකට පසු, මා වෙනත් ගමනක අතර මැද මේ නගරයේ ද දින දෙකක් ගත කිරීමට සිදුවෙන බව දැන මගේ සිහිවටන බැංකු කාඩ් එක ද රැගෙන ගියෙමි.
අහෝ!
ගිනුමේ ගණුදෙනු කටයුතු සිදු නොවන බැවින් අවම ශේෂය නැති මාස සඳහා සුළු මුදලක් බැගින් කපා ගෙන, ඒ වන විට ඔවුන් මගේ ගිණුම අහෝසි කර දමා තිබුණි.
-රසික සූරියආරච්චි
Thursday, 16 July 2020
පඩි පැකට්ටුව සහ බැංකු ගිණුම - Do we need banks?
පොඩි කාලේ අම්මා විසින් අරඹන ලදුව තැපැල් කාර්යාලය හරහා ගනුදෙනු කටයුතු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් මට තිබුණි. ශත විසිපහ, පනහ, රුපියල බැගින් ගෙවා බැංකු පොතේ විශේෂ මුද්දර වර්ගයක් අලවා මේ ගිණුමේ මුදල් තැන්පත් කරණ ලදී. සල්ලි දැමීම මිස ආපසු ගැනීමක් ගැන එකල නොසිතුවෙමි.
ඒ සුවිශේෂී අවස්ථාව උදාවුණේ මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පසුවය. එදා, මගේ ළමා ගිණුමේ තිබූ මුදලින් කොටසක් රැගෙන පුංචි අම්මාගේ මංගල උත්සවය සඳහා මයුරා (ජිල්) සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිසයක් මිලට ගත් බව මට අද ද හොඳින් මතකයේ ඇත්තේ එතෙක් ටේලර්-මේඩ් කලිසම් සහ කමිස ඇඳී මා මුලින් ම මිලට ගත් රෙඩි-මේඩ් ඇඳුම් ගත්තේ එලෙස නිසා ය.
විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ද, ඉන්පසුව, පළමුවෙනි, දෙවෙනි තුන්වෙනි රැකියාවේ නිරතවෙන කාලයේ ද මට බැංකු ගිණුමක අවශ්‍යතාවක් ඇති නොවුණි.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමයේ නිවසෙන් ද, ඥාතීන්ගෙන් ද ලැබුණේ මුදල් ය, තැපැල් ඇණවුම් ය. භාවිතා කළේ සල්ලි කොළ සහ කාසි ය. අතට ලැබෙන තුට්ටු දෙකට බැංකු ගිණුම් අවශ්‍ය නොවුණි.
රැකියාවට ගිය පසු ද, අපට මාසික පඩි ලැබුණේ මුදල් කොළවලින් ලියුම් කවරයක බහා පඩි-පැකට් එකක් ලෙසිනි. ඒවා නැවත බැංකුවට දැමීමට යෑම කාලේ කා දැමීමක් විය.
ඒ දිනවල මා මගේ ආදායම කළමනාකරණය කළේ මෙලෙසයි.
පඩි දිනයේ දී ලැබෙන පඩි පැකට්ටුව කමිසයේ උඩ සාක්කුවේ දා ගනිමි.මා කළ තුන්වෙනි රැකියාවේ දී, මා සමග මැවිසුරුවන් දහ දෙනෙකු සේවය ඇරඹූහ. ඔවුන්ගෙන් සමහරෙකුට බැංකු ගිණුම් තිබෙන්නට ඇත. එලෙස නොතිබුණු අයගෙන් මා හැර අන් අය සේවා ස්ථානය නුදුරින් තිබුණු අතුරුගිරියේ ලංකා බැංකුවට ගොස් ගිණුම් ඇරඹූහ.
එයින් රැගෙන වියදම් කරමි.
මාරු කාසි පර්ස් එකට දමමි.
නවාතැනට ගිය විට, පඩි පැකට්ටුව මේසය මතට දමමි.
පසුවදා සේවයට යන විට එදින අඳින කමිසයේ රුවා ගනිමි.
ඇතැම් මාසවල සීයේ කොළයක් දෙකක් ඉතිරිවේ. ඒ වන විට පඩි පැකට්ටුව හෙවත් ලියුම් කවරය ද නැමී, ඉරී, කල් ඉකුත් වී ඇත. එසේ ඉතිරිවන මුදලක් වෙහොත් එය ඊළඟ මාසයේ පැකට්ටුවට එකතු කරමි.
ජරාජීර්ණ වූ පසුගිය මාසයේ පඩිය බහා තිබුණු ලියුම් කවරය කාර්යාලයේ කුණු බක්කියට දමමි.
ඒ පඩියෙන් කොටසක් ඉතුරු කිරීම සඳහා විය යුතුයි. මක් නිසා ද යත්, අපට පඩි ලැබුණේ මුදලින් බැවිනි.
එසේ නමුදු මගේ ඒ බැංකු රහිත සරල ජීවිතය වෙනස් කිරීමට වසර එකහමාරකට පමණ පසුව සිදුවිය.
එයට හේතුව වූයේ, මට පශ්චාත් උපාධියක් හැදෑරීම පිණිස, විදෙස්ගතවීමට අවස්ථාවක උදා වීමයි. මා සේවය කළ ලංකා වානේ සංස්ථාව රාජ්‍ය ආයතනයක් වූ නිසා ඒ කාලය සඳහා පඩි සහිත අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට ද මට ඉඩකඩ තිබුණි.
මගේ පාඨමාලාව ඇරඹීමට නියමිතව තිබුණේ සඳුදාවක ය. මට ඒ අධ්‍යාපන ආයතනයට යාමට ගුවන්ටිකට් පත් ලැබී තිබුණේ ඉන් දින දෙකකට පෙර සෙනසුරාදා ය. කල් තියාම අයැදුම් කළ නමුදු, පඩි සහිත නිවාඩු අවසරය මට ලැබුණේ බ්‍රහස්පතින්දාවක දිවා කාලයේ ය. මේවන විට සංස්ථාව අසල තිබුණු ලංකා බැංකු ශාඛාව දේශප්‍රෙමී කඩතුරාවකට මුවා වී ජනතාව අතර ජාතිවාදය ඇවිස්සූ ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් ගිනිබත් කර තිබුණු අතර මට අධ්‍යයන නිවාඩු කාලයේ වැටුප් ලබා ගැනීම සඳහා පිරිස් පරිපාලන අංශයට තොරතුරු ලබා දීම සඳහා බැංකු ගිණුමක් එදින ආරම්භ කළ නොහැකි විය.
දැන් ඉතිං මක් කරන්නද?
පසුදා නවාතැන අතහැර නිවෙසට යා යුතුය. සෙනසුරාදා උදේ පාන්දරින් ගුවන් තොටුපොළට යෑමට සිටියේ නිවසේ සිට දෙමව්පියන් ද සමග ය.
ළඟම බැංකුව පිහිටියේ කඩුවෙල නගරයේ වූ අතර අපේ ජ්‍යෙෂ්ඨ සගයෙකු වූ සුමනසිරිගේ බිරිඳ සේවය කළේ එහි නිසා, පසුදා උදෑසන එහි ගොස් ඇයගේ ද උපකාරයෙන් එහි ගිණුමක් ඇරඹුවෙමි. මට මතක ආකාරයට ඒ දිනවල (1988) ගිණුමක් ඇරඹීමට නම් වෙන අයෙකුගේ ද අත්සනක් අවශ්‍ය විය. මා උදක් ම කඩුවෙල ගියේ ඒ නිසා ය.
ඒ මාසයේ සිට තවත් මාස විස්සක කාලයක් පුරා මගේ පඩිය සංස්ථාව විසින් ඒ ගිණුමට බැර කරණ ලදී.
මගේ බැංකු ගනුදෙනුවල ආරම්භය එලෙස විය.
-රසික සූරියආරච්චි
ප/ලි
බැංකුවක සිද්ධියක් ගැන මා ලියූ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, මගේ බැංකු ඉතිහාසය ද, බැංකු අත්දැකීම් ද, ඒ හා සම්බන්ධ වෙනත් දේ ද, ලියා රසිකොලොජියේ පළ කිරීමට සිතුණි.
මේ ඒ ලිපි මාලාවේ දෙවෙනි ලිපියයි.
මෙන්න මුල් ලිපිය:
බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා - Know your rights
https://rasikalogy.blogspot.com/2020/07/know-your-rights.html
(image: )
Tuesday, 14 July 2020
බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා - Know your rights
මීට වසර දෙකකට පමණ පෙර මට ලංකාවේ දී හදිසියේ මුදල් අවශ්‍යතාවක් ඇති වූ අතර ඒ මොහොතේ මට මා ලංකාවට මුදල් යැවීම පිණිස සාමාන්‍යයෙන් භාවිතා කරන මගේ ඕස්ටේර්ලියානු බැංකු ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් උද්ගත වී තිබුණි.
එයට හේතුව වූයේ නම් ලංකාවේ ජංගම දුරකථන සඳහා සැපයෙන එස්එම්එස් හෙවත් කෙටි පණිවිඩ සේවාවේ ඇති සීමාකම් ය. උදාහරණයක් ලෙස අපට ඕස්ටේර්ලියාවේ දී එස්එම්එස් එකකට ඡායාරූපයක් හෝ ලියවිල්ලක් හෝ වෙනත් ගොනුවක් අමුණා යැවීමට හැකි නමුදු (මෙය එම්එම්එස් ලෙස හැඳින්වේ) ලංකාවේ එසේ කළ නොහැක. ඒ සඳහා වයිබර් හෝ වට්ස්ඇප් භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී මට සිදු වූයේ මට අවශ්‍ය මුදල් හුවමාරුව අනුමත කිරීමට සඳහා මගේ ඕස්ටේර්ලියානු බැංකුවෙන් ලංකාවේ මගේ ජංගම දුරකථනයට එවන රහස් අංකය (One Time Authorisation Code) සහිත එස්එම්එස් එක මට නොලැබීමයි.
එවිට මට සිහිවුනේ මගේ පරණ රුපියල් ගිණුමක සුළු මුදලක් ඉතිරිව තිබෙන බවයි. එය ලබා ගැනීමට මම ඒ බැංකුවේ පිළියන්දල පිහිටි ශාඛාවට ගියෙමි.
මේ ගිණුම සඳහා මට විසිපස් වසරකට පෙර නම් ඒටීඑම් කාඩ් පතක් තිබුණ ද, දැන් එය වලංගු නැත. එනිසා, අදාළ ෆෝර්මය පිරවූ මම කවුන්ටරයක පොඩි පෝලිමක ද මද වේලාවක් ගත කර කවුන්ටරයේ සිටි බැංකු සේවකයාට එය මගේ ජාතික හැඳුනුම්පත ද සමග භාර දුන්නෙමි.
ඒටීඑම් කාඩ් එකක් නැති නිසා, මගේ අත්සන දෙවෙනි තට්ටුවේ මැඩම්ගෙන් සහතික කරගෙන ඇයගේ අත්සන යොදාගෙන එන ලෙස කවුන්ටරයේ සිටි බැංකු සේවකයා මට පැවසීය.
එවිට මා ඔහුට පවසා සිටියේ මෙයයි.
ඒ ආකාරයට මැඩම්ලාගෙනන් අත්සන් ගැනීම මගේ අවශ්‍යතාවක් නොවේ. එය බැංකුවේ අවශ්‍යතාවක් නම් එය සපුරා ගැනීම ඔබේ වගකීමයි. පාරිභෝගිකයා වෙන මට එය ඉටු කිරීමට කියා සිටීම වැරදි කටයුත්තකි.මගේ කතාව ඇසුණු බිම් මහලේ ම සිටි වෙනත් මැඩමෙකු විසින් කවුන්ටර සේවකයා ලවා එම ෆෝර්මය ගෙන්වාගෙන අදාල අස්සන ගසා දුන්නා ය.
ඔබට අවශ්‍ය නම් මැඩම්ගෙන් නොව සභාපතිගෙන් හෝ අත්සන ගෙන එන්න.
මට මගේ සල්ලි දෙන්න. තෑන්ක් යූ!
මම මුදල් රැගෙන මගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට ගියෙමි.
මට වැටහුණු පරිදි මෙය මෙකී බැංකුවේ සේවා සැපයිමේ ක්‍රියා පරිපාටියේ ඇති වරදක් නොව, සේවකයා තමන්ගේ කම්මැලිකම නිසා තමන්ගේ රාජකාරියේ කොටසක් මා ලවා කරවා ගැනීම කළ උත්සාහයකි.
මා දන්නා පරිදි, බැංකුවල මැඩම්ලා හෝ සර්ලා හෝ වෙනත් බාස්ලා නැත. එහි ඇත්තේ දෙපිරිසකි. ඒ පාරිභෝගිකයින් සහ බැංකු සේවකයින් ය.
පාරිභෝගිකයින් එහි යන්නේ සේවාවක් ලබා ගැනීමටයි. එම සේවාව සැපයීමට බැංකුව බැඳී සිටී. බැංකු සේවකයින්ගේ යුතුකම එම සේවාව ඉටු කිරීමයි.
තමන්ගේ මුදල් ආපසු ගැනීමට ඉල්ලා අයදුම්පත සම්පූර්ණ කර අත්සන් කර එය ලබාදීම පාරිභෝගිකයාගේ වගකීමයි. එය ඉහළ නිලධාරියකු විසින් අනුමත කළ යුතු නම්, එය බැංකුවේ අවශ්‍යතාවකි. බැංකුවේ අභ්‍යන්තර වැඩ කටයුතු කිරීම පාරිභෝගිකයින්ගේ වගකීම නොවේ.
-රසික සූරියආරච්චි
ප/ලි:
මේ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, රසිකොලොජියේ ද පළ කිරීමට සිතුණි.
(image: http://www.legalserviceindia.com/legal/article-557-consumer-rights-.html)
Saturday, 27 June 2020
දින සීයයි, වීඩියෝ සීයයි - Celebrating a double century with Rasikalogy on YouTube
ඊයේ මගේ ජීවිතයේ වැදගත් දිනයකි.
එයට එකම හේතුව වූයේ මා මෑත ඉතිහාසයේ යම් අරමුණක් වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර, ඇති වූ විවිධ සුළු සුළු බාධක මගහැර ගනිමින් නොනැවතී ක්‍රියාත්මක වී, අවසානයේ මා බලාපොරොත්තු වූ කාරණය ඉෂ්ට කර ගැනීමයි.
වෙනත් වචනයෙන් කියනවා නම්, පසුගිය මාර්තු මස 19 දින ඇරඹුණු මගේ Rasikalogy නම් යූටියුබ් වීඩියෝ නාලිකාවේ දින සියයේ සංවත්සරය යෙදුණු ඊයේ දිනයේ දී මට එහි සියවන වීඩියෝව පළ කරගත හැකි විය.
මේ "දින සීයයි, වීඩියෝ සීයයි" යන අධිෂ්ඨානය මා මේ ව්‍යාපෘතිය ආරම්භයේ දී මා සිතේ තිබූ එකක් නොවේ.
මා මුලින් සිතා සිටියේ (දිනකට එකක් ලෙස නොවුණත්) වීඩියෝ පනහක් පමණ සාදා, පළ කර, ඉන්පසු තවදුරටත් කුමක් කරන්නේ ද යන්න සිතා බැලීමයි. වීඩියෝ පනහේ කඩඉම පසු කරන විට ඒ සඳහා දින පනස් තුනක් ගත වී තිබුණි. වීඩියෝ සීයක් දක්වා සාදන්නෙමි ය යන අධිෂ්ඨානය ඇති වූයේ එදා ය. නමුත්, දින ගණන සහ වීඩියෝ ගණන අතර පැවති ඒ වීඩියෝ තුනක හිඟය පියවා ගැනීම සිතුවාට වඩා දුෂ්කර කටයුත්තක් විය.
මේ කෙටි සටහනේ අරමුණ පසුගිය දින සියයක කාලය තුළ මා නිරත වූ ඒ ව්‍යායාමය අතරතුර මා ලත් අත්දැකීම් විස්තර කිරීම නොවේ. එය වෙනම තැබිය යුතු සටහනකි. බොහෝ විට තවත් වීඩියෝවකි.
දින සියයක්, වීඩියෝ සියයක් අවසානයේ උදාවුණු මේ කඩඉමේ මා මටම ප්‍රදානය කර ගත් තාවකාලික ඉසුඹුව අතරතුර මේ සටහන පළ කරන්නේ, වීඩියෝ විසිපහේ, වීඩියෝ පනහේ සහ (හැත්තෑ පහේ කඩඉම අමතක වූ නිසා) වීඩියෝ අසූවේ කඩඉම් පසු කළ විට මා කළාක් මෙන් ඒ වීඩියෝ ලයිස්තු බ්ලොග් අඩවියේ පළ කිරීමයි.
මෙන්න ඒ වීඩියෝ සියයය, සියවැන්නේ සිට මුල්ම වීඩියෝව දක්වා අනුපිළිවෙලට.
100. පාරේ ඉන්න ගණිකාවක් හඳුණා ගන්නේ කෙසේ ද?
99. චීන කෑම දෙජාතියක්
98. "වරම් නැත මට" (ජයනාත් සමන් ජිනදාස සමග ධම්මිකා දේවසුරේන්ද්‍ර)
97. තිස්සප්පච්චිගේ ආගම් මාරුව
96. කෝවිඩ්19 ගමන් තහනම් ඉවත් කළ පසු විනෝද චාරිකාවක් ගියෙමු
95. ළමයින්ට එන ලියුම් දෙමව්පියන් විසින් හොරෙන් කැඩීම
94. හාමුදුරුවෝ සරෙන්ඩර්
93. රෂ්මිගේ ඊසි-පීසි නවකතාව
92. කවුද අද පාන් නොකා
91. තේ එකක් බොමුද මචං හෙවත් ආගන්තුක සත්කාරය
90. ඔබ සාරි අඳින පුටු දැක තිබේ ද?
89. "මළ කෙලියයි" පරිප්පු මැල්ලුම
88. Unboxing and Wine Tasting - Rasika the Connoisseur
87. සම්මුඛ පරීක්‍ෂණයක ජොලි කතාවක්
86. මදක් විවෘතව තැබීම
85. ධර්මිෂ්ඨ සමාජය
84. සදය උපහාසය සහ හිටපු මිතුරා
83. අවසානය (මාටින් නීමොලර්) : First they came (Martin Niemöller)
82. ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම
81. කන අයට කන්න, නොකන අයට කෙළ ගිලින්න - ගව මස් ව්‍යංජනය
80. ගව මස් කන අයට කුණුහරුපෙන් බැනීම
78. යෝධයෝ සහ කුරුමිට්ටෝ - අපේ වීරයින් කුරුමිට්ටන් වූ හැටි
79. ලංකේණ්ඩියා - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්
77. ජා-ඇල ඇන්ටිගේ චීන මොලේ
76. Street Music from suburban Sydney in Australia.
75. කොල්ලා ලොකු වෙලා
74. වින්ටරයේ මුල් දවසේ ඔසී ගමක පොඩි රවුමක්!
73. විස්ස විජ්ජාජලය සහ දුටුගැමුණු කයිය
72. රෑට කන්න කොරෝනා ටින් මාළු ඉව්වා!
71. පිට රට දේ, සිරි සැප දේ...!!!
70. නොට්ටිගේ පුතාගේ ජාන
69. මටාටා ටිටා ද ටිටාටා මටා ද?
68. Heavy rain and blue train in Sri Lanka - April 2019 - A very short video.
67. වලියට බරද? - Me no fighter
66. ඇන්ටිගෙ කතාව
65. විජේසේනගේ පෙම් ගී ප්‍රශ්ණය
64. ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා
63. බීෆ් ස්ටර් ෆ්‍රයි - හරක් මස් තීරු තෙම්පරාදුව
62. ලඞ්කාණ්ඩුවේ අටපට්ටම් පැන්සල
61. පුතා පන්තියේ කී වෙනියා ද? - Dux or Dud
60. අරක්කු ඕනා, කෝක් වානා - A classic case of economics
59. සීලවතී සිල් අරගෙන
58. මා ලියූ කවි පන්තියක් හැකි අයුරින් ගායනා කර, වීඩියෝවක් ලෙස බෙදා හැරියෙමි!
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?
57. කාලෝ ෆොන්සේකාට බස් එකේ සීට් එක දන්දුන් කතාව
56. මී හරක් ගිනියම කුමක්දැයි දන්නවා ද?
55. මගේ මේ උස්සාහය අමුතුම අමුද්‍රව්‍යයක් යොදා හාල්මැස්සන් උයන්නයි.
54. සුද්දට පාර කියපු හැටි - Giving directions in English
53. ශිෂ්‍ය නායකයින් කාගේ නායකයින් ද? මෙය පාසල් සමයේ දී මට ඇති වූ ප්‍රශ්ණයකි.
52. අක්කිගෙ නුවණ
51. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදරයක් ගැන ගැයෙන ගීතයක්
50. ලොකු වුණාම මොකද කරන්නේ? - Loku Vunama Mokada Karanne - What do you want to be when you grow up?
49. කොහෙද මේ යන්නේ - Koheda Yanne - Where are you going?
48. සන්ග්ලාස් දාගෙන පන්සල් ගියොත් පව් සිදු වෙනවා ද? Is it OK to wear Sunglasses to a Buddhist temple?
47. පිරිමින්ට ක්‍ෂණික ආහාර - Quick Egg Sandwich
46. සෑබෑ වෙසක් සිතුවිලි - Preethi Vesak but not for everyone
45. රයිස් ෆ්ලයිස් හෙවත් හාල්මැස්සෝ - Rice Flies aka Halmesso aka Sprats
44. කටුබැද්දේ කුකුළු අන්දරය - Katubedde Kukula
43. රත්නායක ජෝක්ස් යනු මොනවා ද? - Rathnayaka Jokes
42. කොරෝනා මැකරල් තෙම්පරාදුව හෙවත් ඇයි පිරිමි අපිට උයන්න බැරිද? - Cooking Corona Mackerel
41. කොරෝනා කාලේ ගෙදර හිරවී ඉන්නා අයට අපූරු විනෝදාංශයක් - One cool thing to try during Corona lock-down
40. මගේ ඔසී ගමේ ඇති වැව වටා රවුමක් යමු ද? Let's walk around the Lake in Glenmore Park, NSW, Australia
39. කටට රහට චිකන් කරියක් ඉව්වෙමි - Chicken Curry with a difference
38. තුන් තේරවිලි - Thun Theravili - Sinhala Riddles
37. COVIDSafe App - An Australian Government Initiative
36. ගෙදර එක්ක තරහ වුණාම - Best way to protest
35. ඉන්දියන්කාරයාට ආ සුබපැතුම් පණිවිඩය - Indian Birthday Card
34. දුටුගැමුණු සහ සාලිය - Dutugemunu and Saliya
33. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත් කතාවක් - It is all Greek to me
32. වයිෆ් එක්ක කේන්ති ගියාම - When you get angry with your wife
31. චක්කරේ Chakkare - Generation to Generation
30. පොඩි කාලේ ලියපු කවි - Nostalgic Stories
29. කොරෝනාවෙන් පසු ලෝකය ගැන මගේ ප්‍රාර්ථනා - What I expect to see in the Post Corona World
28. What an exemplary husband - මෙන්න මිනිස්සු - නිබ්බුතා නූන සා නාරී
27. Wall Hangings in our home - එල්ලපු කලා නිර්මාණ සහ එල්ලීමට නියමිත ඒවා
26. My Gotukola Experiment - කලින් කාලා නැති විදියකට ගොටුකොළ හැදුවෙමි!
25. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music
24. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි
23. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!
22. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?
21. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්
20. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්
19. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී
18. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි
17. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්
16. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්
15. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?
14. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි
13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?
12. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!
11. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම
10. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)
9. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම
8. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි
7. Why did I start vlogging : මේ කුමක් සඳහා ද
6. Jokku Size : ජොකාගේ සයිස් එක
5. Jokku Kathandara : ජොක්කු කතන්දර
4. Jangi Hora : ජංගි හොරා
3. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?
2. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?
1. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්
යන්න නරඹන්න. කරුණාකර Rasikalogy යූටියුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.
ස්තුතියි.
-රසික සූරියආරච්චි
විජේසේනගේ පෙම් ගී ප්‍රශ්නය - It was a difficult situation to manage in 2005
අවුරුදු දාසයයි මාසයේ දී මා මුලින්ම ගී පදමාලාවක් ලියුවේ පාසල් යනෙනවිට දුම්රියේ දී ඇසු ගැටුණු මානවිකාවියක් පිළිබඳව ඇතිවුණු පෙම් සිතුවිලි නිසා ය. කලක් තිස්සේ ඒ ආකාරයෙන් පෙම් කවි ලියවෙමින් තිබුණු අතර මට වැටහී ගියේ ඒ ඇතැම් කවි පන්තිවල යම් විරිතක් ඇති නිසා ඒවා ලෙහෙසියෙන් ම පෙම් ගී පදමාලා ලෙස නිර්මාණය කළ හැකි බවයි.
සාමාන්‍ය අච්චුවේ සිංහල ගීතයක ඇත්තේ කොටස් තුනකි. ස්ථායි හෙවත් කෝරස් නමින් හැඳින්වෙන මුල් කොටස සහ අන්තරා හෙවත් වර්ස් නමින් හැඳින්වෙන සාමාන්‍යයෙන් එකම තාලයකින් යුතු දෙවෙනි සහ තෙවැනි කොටස් දෙකයි.
මා කළේ ඒ ආකාරයෙන් සැකසූ ගී පදමාලා විසිපහක් එකතු කර ඒ නමින් ම අත් පිටපතක් සාදා (ඊට පෙර සහ පසුව මා ගී එකතු තුන හතරක්, කෙටිකතා එකතු දෙකක් සහ කෙටි නවකතාවක් සම්බන්ධයෙන් කළාක් මෙන්) එය ලාච්චුවකට දැමීමයි.
වෙනත් විකල්ප පිළිබඳව සිහිනයකින් හෝ මට කිසිවක් සිතුණේ නැත.
ඊට දශක කිහිපයකට පසුව ද, මේ ආකාරයේ ම අවස්ථාවක්, එනම් යළිත් කවි සිත් පහළ වී ගී පදමාලා ලියවෙන්නට පටන් ගත් කල් හී, අත්පිටපතක් සෑදීමට අමතරව මට විකල්පයක් තිබුණි.
එය නම් ඒ වන විට (2005) මා හඳුනා ගෙන තිබුණු නවතම ඩිජිටල් ප්‍රකාශන මාධ්‍යයක් වූ බ්ලොග් අඩවියක් අරඹා එහි මගේ මේ දෙවන ඉනිමේ ගී පදමාලා පළ කිරීමයි.
ඒ බ්ලොග් අඩවිය මා හැඳින්වූයේ පෙම් ගී (pemgee.blogspot.com) ලෙසිනි. පුරා වසර පහළොවක් ගතවුණ ද අද ද එය නිරුපද්‍රිතව ඇත.
ඒ මුල් කාලයේ පෙම් ගී අඩවිය හා සම්බන්ධ මගේ අත්දැකීමක් පහත වීඩියෝවේ දැක්වේ.
එදා පෙම් ගී අඩවිය අරඹා, මා සැකසූ පෙම් ගී පදමාලා විසිපහක් පමණ එහි පළ කිරීමේ දී මගේ අදහස වුණේ, අන්තර්ජාලයේ සැරිසරන ගායනට ප්‍රිය කරන කවරෙකු හෝ ඒවා දැක ඒවා සඳහා තනු නිර්මාණය කර ගීත ලෙසින් ඉදිරිපත් කරාවිය කියා ය.
මගේ ඒ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වෙන්නට තවත් සෑහෙන කලක් බලා සිටිය යුතු විය.
ඒ ගැන තවත් වැඩි විස්තර පසුව ලියමි.
එතෙක් හැකි නම් මා ඉහත එකතු කර ඇති විජේසේනගේ පෙම් ගී ප්‍රශ්නය නම් වීඩියෝව නරඹන්න. එය පළ කර ඇති මගේ නම් යූටියුබ් නාලිකාවට සම්මාදම් වෙන්න, එනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.
මගේ නාලිකාව ගැන ආරංචිය ඔබේ මිතුරන්ට ද පවසන්න.
මේ වන විට මගේ ඒ වීඩියෝ නාලිකාවේ පළ කර ඇති වීඩියෝ ඔබට සමාජ ජාලා ඔස්සේ බෙදා හැරීමට ද හැක. ෆෙස්බුක් හි මෙන් ලයික් සහ කමෙන්ට් කිරීමේ පහසුකම් ද ඇත.
ස්තුතියි.
-රසික සූරියආරච්චි
Tuesday, 9 June 2020
තවත් කඩුල්ලක් පැන්නෙමි - A forgotten milestone
තවත් කඩුල්ලක් පැන්නෙමි.
ඒ මගේ Rasikalogy යූටියුබ් නාලිකාවේ හැත්තෑපස්වෙනි (75th) වීඩියෝව විකාශය වීමේ අවස්ථාවයි.
නමුත් මා විසිපස්වෙනි (25th) වීඩියෝවේ කඩඉමේ දී, පනස්වෙනි (50th) වීඩියෝවේ කඩඉමේ දී කළ ආකාරයට මේ හැත්තෑපස්වෙනි වීඩියෝ කඩඉම ගැන සටහනක් රසිකොලොජි බ්ලොගයේ පළ කිරීම අතපසු වී ඇත.
එක් දිනකින් හෝ දෙකකින් නොව දින පහකින් ම අතපසු වී ඇත.
එය කෙතරම් විශාල අතපසු වීමක් ද යත්, අද පස්වෙනි දිනයට ද එය අතපසු වූ මොහොතේ නාලිකාවේ අසූවෙනි (80th) වීඩියෝව ද පළ වී ඇත.
එනිසා ඒ වීඩියෝ අසූව ගැනම සිහිවටනයක් මෙලෙස පළ කිරීමට සිතුවෙමි.
දැන් මෙන්න මා මෙතෙක් පළ කළ වීඩියෝ අසූව පිළිබඳ විස්තර, ඊයේ දිනයේ සිට ආපස්සට.
80. ගව මස් කන අයට කුණුහරුපෙන් බැනීම
78. යෝධයෝ සහ කුරුමිට්ටෝ - අපේ වීරයින් කුරුමිට්ටන් වූ හැටි
79. ලංකේණ්ඩියා - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්
77. ජා-ඇල ඇන්ටිගේ චීන මොලේ
76. Street Music from suburban Sydney in Australia.
75. කොල්ලා ලොකු වෙලා
74. වින්ටරයේ මුල් දවසේ ඔසී ගමක පොඩි රවුමක්!
73. විස්ස විජ්ජාජලය සහ දුටුගැමුණු කයිය
72. රෑට කන්න කොරෝනා ටින් මාළු ඉව්වා!
71. පිට රට දේ, සිරි සැප දේ...!!!
70. නොට්ටිගේ පුතාගේ ජාන
69. මටාටා ටිටා ද ටිටාටා මටා ද?
68. Heavy rain and blue train in Sri Lanka - April 2019 - A very short video.
67. වලියට බරද? - Me no fighter
66. ඇන්ටිගෙ කතාව
65. විජේසේනගේ පෙම් ගී ප්‍රශ්ණය
64. ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා
63. බීෆ් ස්ටර් ෆ්‍රයි - හරක් මස් තීරු තෙම්පරාදුව
62. ලඞ්කාණ්ඩුවේ අටපට්ටම් පැන්සල
61. පුතා පන්තියේ කී වෙනියා ද? - Dux or Dud
60. කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්, නමුත් අරක්කු නැතුව අරක්කු බොන්න බෑ!
අරක්කු ඕනා, කෝක් වානා - A classic case of economics
59. සීලවතී සිල් අරගෙන
58. මා ලියූ කවි පන්තියක් හැකි අයුරින් ගායනා කර, වීඩියෝවක් ලෙස බෙදා හැරියෙමි!
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?
57. කාලෝ ෆොන්සේකාට බස් එකේ සීට් එක දන්දුන් කතාව
56. මී හරක් ගිනියම කුමක්දැයි දන්නවා ද?
55. මගේ මේ උස්සාහය අමුතුම අමුද්‍රව්‍යයක් යොදා හාල්මැස්සන් උයන්නයි.
54. සුද්දට පාර කියපු හැටි - Giving directions in English
53. ශිෂ්‍ය නායකයින් කාගේ නායකයින් ද? මෙය පාසල් සමයේ දී මට ඇති වූ ප්‍රශ්ණයකි.
52. අක්කිගෙ නුවණ
51. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදරයක් ගැන ගැයෙන ගීතයක්
50. ලොකු වුණාම මොකද කරන්නේ? - Loku Vunama Mokada Karanne - What do you want to be when you grow up?
49. කොහෙද මේ යන්නේ - Koheda Yanne - Where are you going?
48. සන්ග්ලාස් දාගෙන පන්සල් ගියොත් පව් සිදු වෙනවා ද? Is it OK to wear Sunglasses to a Buddhist temple?
47. පිරිමින්ට ක්‍ෂණික ආහාර - Quick Egg Sandwich
46. සෑබෑ වෙසක් සිතුවිලි - Preethi Vesak but not for everyone
45. රයිස් ෆ්ලයිස් හෙවත් හාල්මැස්සෝ - Rice Flies aka Halmesso aka Sprats
44. කටුබැද්දේ කුකුළු අන්දරය - Katubedde Kukula
43. රත්නායක ජෝක්ස් යනු මොනවා ද? - Rathnayaka Jokes
42. කොරෝනා මැකරල් තෙම්පරාදුව හෙවත් ඇයි පිරිමි අපිට උයන්න බැරිද? - Cooking Corona Mackerel
41. කොරෝනා කාලේ ගෙදර හිරවී ඉන්නා අයට අපූරු විනෝදාංශයක් - One cool thing to try during Corona lock-down
40. මගේ ඔසී ගමේ ඇති වැව වටා රවුමක් යමු ද? Let's walk around the Lake in Glenmore Park, NSW, Australia
39. කටට රහට චිකන් කරියක් ඉව්වෙමි - Chicken Curry with a difference
38. තුන් තේරවිලි - Thun Theravili - Sinhala Riddles
37. COVIDSafe App - An Australian Government Initiative
36. ගෙදර එක්ක තරහ වුණාම - Best way to protest
35. ඉන්දියන්කාරයාට ආ සුබපැතුම් පණිවිඩය - Indian Birthday Card
34. දුටුගැමුණු සහ සාලිය - Dutugemunu and Saliya
33. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත් කතාවක් - It is all Greek to me
32. වයිෆ් එක්ක කේන්ති ගියාම - When you get angry with your wife
31. චක්කරේ Chakkare - Generation to Generation
30. පොඩි කාලේ ලියපු කවි - Nostalgic Stories
29. කොරෝනාවෙන් පසු ලෝකය ගැන මගේ ප්‍රාර්ථනා - What I expect to see in the Post Corona World
28. What an exemplary husband - මෙන්න මිනිස්සු - නිබ්බුතා නූන සා නාරී
27. Wall Hangings in our home - එල්ලපු කලා නිර්මාණ සහ එල්ලීමට නියමිත ඒවා
26. My Gotukola Experiment - කලින් කාලා නැති විදියකට ගොටුකොළ හැදුවෙමි!
25. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music
24. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි
23. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!
22. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?
21. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්
20. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්
19. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී
18. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි
17. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්
16. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්
15. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?
14. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි
13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?
12. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!
11. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම
10. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)
9. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම
8. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි
7. Why did I start vlogging : මේ කුමක් සඳහා ද
6. Jokku Size : ජොකාගේ සයිස් එක
5. Jokku Kathandara : ජොක්කු කතන්දර
4. Jangi Hora : ජංගි හොරා
3. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?
2. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?
1. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්
යන්න නරඹන්න. කරුණාකර Rasikalogy යූටියුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.
ස්තුතියි.
-රසික සූරියආරච්චි
Subscribe to:
Posts (Atom)