Tuesday 17 May 2016

බැක් ටු නොකියා - What's so funny, mate?


මා ලංකාවේ ඉන්නා කාලයේ දී "ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" නම් වැඩසටහනක් නරඹා ඇත. මෙහි අඩංගු වූයේ වීඩියෝ කැමරා හිමි අය විසින් තමන් ගේ පවුලේ සාමාජිකයින් ගේ විවිධ ක්‍රියාකාරකම් පටිගත කරද්දී අහම්බෙන් සිදුවුණු අතපසුවීම්, වැරදීම්, ලිස්සා වැටීම් සහ වෙනත් අනතුරුදායක අවස්ථාවල දර්ශන විය.

නරඹන්නන් විසින් රූපවාහිනී නාලිකාවට එවා තිබුණු ඒ සෑම දර්ශනයක් ම විකාශය වෙද්දී ඒවාට උසුළු විසුළු හඬ එකතු කර තිබුණු අතර, ඊට අමතරව ඒවා ශාලාවක නරඹන්නන් ඉදිරියේ පෙන්වා පටිගත කරගත්තාක් සේ හැඟුණු සිනාසෙන හඬ ද අඩංගු විය.

මෙහිදී මා නිරීක්‍ෂණය කළ වැදගත් කාරණයක් නම්, වඩාත් හොඳින් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණේ (හෝ ලැබුණා සේ හැඟවෙන්නට හඬ එක් කර තිබුණේ) බොහෝ විට මිනිසුන් ගේ කකුල් පැටලෙන, ලිස්සා යන, බිම ඇද වැටෙන දර්ශනවලට බවයි.

ඇද වැටෙන පුද්ගලයා ගේ ශරීර ප්‍රමාණය විශාලවත්ම, එකතු කර තිබුණු උසුළු-විසුළු හඬ මෙන්ම සිනා-අත්පොළසන් ප්‍රතිචාරය ද තීව්‍ර විය.

මේ වැඩසටහන නරඹද්දී මට සිහිවුනේ මා කුඩා කළ වූ සිදුවීමකි.

මා හත්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ දී සම වයසේ මිතුරන් කිහිප දෙනෙකු ඉන්නා තැනක මා පා පැකිලී ඇද වැටුණු අතර, මගේ වැලමිට තුවාල වී තරමක් ලේ ගලන්නට ද විය. මා වේදනාවෙන් නැගිටින විට දුටුවේ, මට වුණු අනතුර එහි සිටි බොහො දෙනෙකුට හාස්‍යයක්, සිනහවක් ගෙන දෙන කාරණයක් වී ඇති බවයි.

මට නැගිටින්නට අත දෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර, වැලමිටෙන් ගලන ලේ පිළිබඳව ද කිසිවෙකු උනන්දු වූයේ නැත.

මට ඇති වුණේ කලකිරීමකි, කෝපයකි.

"ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" යනු මා අකමැති ම වැඩ සටහනක් බවට පත් විය. ඕස්ට්‍රේලියාවට මා සංක්‍රමණය කළ සමයේ ද ඒ "ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" හි කොපිකැට් වැඩ සටහනක් "ඕස්ට්‍රේලියාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" නමින් ප්‍රචාරය වුණු අතර මම එය ද වර්ජනය කළෙමි.

මේ සියල්ල මට සිහි වුයේ පසුගිය ඉරිදා මට සිදුවුණු ඇබැද්දියක් නිසා ය.

කෙටියෙන් කියනවා නම් සිදුවීම මෙසේය.

සෙනසුරාදා උදේ, අපේ පුත්‍ර රත්නයට පුස්තකාලයට යන්නට අවශ්‍ය යැයි මම උදෑසන ඇඟපත සෝදා මගේ ප්‍රියතම ඩෙනිමෙන් ද, ටී ෂර්ටයකින් ද සැරසුණෙමි. අවසාන මොහොතේ සැලසුඟ වෙනස් වී, මා වෙනුවට බිරිඳට ඒ රාජකාරිය පැවරුණේ, හවස අපේ නිවසට පැමිණීමට අනුෂ්කලාට ආරාධනා කෙරුණු නිසා, ඒ සඳහා කඩේ යාමට ද අවශ්‍ය වූ බැවිනි.

නිවසේ සිටිමින් මා කළේ රෙදි තොගයක් වොෂින් මැෂිමේ සේදෙන්නට දමා පරිගණක ගත වීමයි. ඒ තොගය සේදුණු පසු ඒවා නිවස පිටුපස අදාළ පරිදි ස්ථානගත කර තවත් රෙදි තොගයක් මැෂිමට දැම්මෙමි. උදේ මා ඇඳි මගේ ප්‍රියතම ඩෙනිම ද, එයට එකතු කළෙමි.

ඒ තොගය සේදෙන අතරේ නැවතත් පරිගණක ගත වී "පුතාගෙන් අතීතය දකින තාත්තා ගේ කතාව" ලියා පළ කළෙමි. තේ කෝප්පයක් බීමට කුස්සිය දෙසට එන විට වොෂින් මැෂිමෙන් අමුතු සද්දයක් ඇසුනද මම එය නොසලකා සිටි බව ද පසුව සිහිවිය.

තේ බොන අතරේ, ආපසු පරිගණක ගත නොවී මගේ සැම්සන් ගැලක්සි මොබයිලයෙන් බ්ලොගය පිරික්සීමට සිතා මොබයිලය සෙවුවද, සොයා ගත නොහැකි විය.

මේ අතර බිරිඳ ද නිවසට පැමිණියා ය. ඇය සමග මදක් කතා බහ කරමින් සිට, වොෂින් මැෂිමේ හේදීම අවසාන වෙන්නට තව කෙතරම් වේලාවක් ඇතිදැයි දැන ගැනීමට ඒ දෙසට ගිය විට මා දුටුවේ, මැෂිමේ කැරකෙන කොටසින් එළියක් විහිදෙන බවයි.

මට වහා සිදු වී ඇති දේ පසක් විය.

ඩෙනිම් කලිසමේ සාක්කුවේ තිබුණු මගේ සුරුබුහුටි සැම්සන් ගැලක්සි මොබයිලය ඇඳුම් තොගය සමග පැයක් පමණ වොෂින් මැෂිමේ හොඳින් සේදී දැන් වතුර ඉවත්වීමට 1400 වේගයෙන් කැරකෙමින් පවතී! එනමින් ම යුතු කාටූන් විත්‍රපටයේ වොලී නම් චරිතය සිහිපත් කරමින් මොබයිලයේ ෆ්ලෑෂ් ලයිට්ටුව පත්තු වී ඇත.

වොෂින් මැෂිම නවතා, මොබයිලය ඉවතට ගත්තද, ඒ වන විට එය මිය පරලොව ගොස් අවසාන වී තිබුණි. එයට නැවත පණ දීම සඳහා මා කළ සියලුම ප්‍රයත්න ව්‍යවර්ථ විය.

වසර තුනහමාරක් මගේ එදිනෙදා ජීවිතයේ කොටසක් මට අහිමි වී ගියේ එලෙසය. ආර්ථික පාඩුව මෙන්ම, සිතට ද දැඩි දුකකි. මගේ බැක්අප් නොකළ සති තුනක පමණ වැදගත් ඡායාරූප රාශියක් ද අහිමි වී ඇත. ඊට අමතරව, සිය ගණනක් දුරකථන අංක සහ අනෙකුත් විස්තරද නැවත සොයා එකතු කර ගත යුතුව ඇත.

මට ඇතිවූ ප්‍රශ්නය මෙයයි.

මේ කතාව ඇසූ සියලු දෙනාම පාහේ එයින් විනෝදයක් ලබනු මට පෙනුණි. හරියටම අර ඇමරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස් හි මිනිසුන් පය පැකිලී ඇඳ වැටී පස්ස බිම ඇනෙන දර්ශන නරඹන්නන් මෙනි!

අඩු වශයෙන් එක් අයෙකු හෝ මගේ දුක මා හා විඳගන්නට එක් වුණේ නැත.

මම ද පාඩමක් ඉගෙන ගතිමි.

දැන් මා ඒ අවාසනාවන්ත සිදුවීම විස්තර කරන්නේ මෙලෙස ය.

"මං සති අන්තයේ දී මගේ ෆෝන් එක කිලුටු වෙලා තියෙනවා දැකලා වොෂින් මැෂිමේ දාලා හොඳට හෝදා ගත්තා!"

එවිට අප සියලු දෙනාටම එක්ව සිනාසිය හැකිය.

-රසිකොලොජිස්ට්

ප/ලි
පසුවදා වසර දහයක් පමණ පැරණි නෝකියාවක් සොයා ගෙන එයට සිම් පත දා ගත්තෙමි.


(image: https://www.youtube.com/watch?v=K_1vDrWl88Y)

45 comments:

  1. ඇඩෙන වැඩේ,බැටරිය ගලවලා මාසයක් විතර වේලෙන්න තියන්න. සමහර විට දැන් පරක්කු වැඩි ඇති .දත්ත ටිකවත් බේරගන්න උත්සාහයක් දෙන්න තිබ්බා.මගේ සාතිශය සංවේගය

    ReplyDelete
  2. ඔය තමයි තමන්ට කිට්ටුම කව්ද කියල දැන ගන්න පුලුවන් අවස්ථා.
    දැන් මමත් හිනාවක් දාගෙන මේක ජොලියෙ කියෙව්වෙ.
    ඒ උනාට මගෙ දුව දවසක් ෆෝන් එක කොමෝඩ් එකට වැටිල කියල කෙඳිරි ගානකොට මට ඇත්තටම දුක හිතුනා. ඒ එයා මගේ නිසා.
    ඒක තමයි වෙනස මම හිතන්නෙ.

    ReplyDelete
  3. අනේ ඕවා ගණන් ගන්න එපා රසික පුතේ. දැන් බලන්න ඔය වගේ දේවල්ද අපිට වෙන්නෙ? බලන්න රසික පුතේ අපි අවුරුදු ගණනාවක් අපේ පණ දෙවනි කොට රැක ගත්තු සිංහල බෞද්ධ අභිමානය මේ ජහපාලන ආණ්ඩුව කාල දානවා නේද? අපේ සිංහල බෞද්ධ අභිමානය කොයි තරම්ද කියනවා නම් පුතේ අපිට පුළුවන්කම තිබුණා නේද අර පොරබාකොරන්ගේ අවුරුදු දොළහේ යස්ස පැටියා මරලා, රාසප්‍රියා කියන කොටි කෙල්ල සමූහ දූෂණේ කොරළා මරලා, සැර ලුණු මිරිස් කිරිබතක් කාලා, ගල් කාලකින් අනුමත වෙලා පිරිතක් කියලා අපේ සිංහල බෞද්ධ අභිමානය ජාතිකත්වය සුරකින්න? මේ ජහපාලන ආණ්ඩුව ඒක කාල දැම්මා. පුතේ මට මුන් එක්ක මරා ගන්න තරම් තරහයි. ඒ එක්කම අර අලුත් පරපුර කියන කොණඩයො දකින කොටත් මට අර්ෂස් තදවෙනවා පුතේ මොකද ඔය වයසෙදි මට කෙළින්න බැරි වෙච්චි පිස්සු උන් කෙළිනවා. ඉතින් පුතේ ඕවා දිහා බලන කොට පුතාගෙ මොබයිල් එක මොකද්ද? ඔන්න ඕක අල්ලලා දාන්න.

    මීට කුමාර අන්කල්

    ReplyDelete
  4. කෙනෙකුට කරදරයක් වුනාම මට නං (කලාතුරකින් හැර) හිනා යන්නෙ නෑ. ඔය ෆනී වීඩියෝ නං ඇත්තට‍ම අහිතකරයි. ඊටත් හපං අර බයකරල පස්සෙ කරට අතදාගන්න සීන්....

    ReplyDelete
    Replies
    1. තමංගෙ අනුමැතියක් නැතුව එහෙම පාරෙ යද්දි බයකරල වීඩියෝ කරන එක අසාධාරනයි නේදැ..මොන මගුලක්ද එක එකාට බයිට් වෙන්නයැ අපි ඉන්නෙ . හැක්

      Delete
    2. ඔය ගෑල්ලමයෙක් කාරිය කීවොත් සලකල බලනව මිසක් නෑ තමා :D

      Delete
    3. බයිට් වීම හා බයිට් කෑම පිලිබඳව විසේසඥ්ය යාලුවෙක් ඔබතුමාට ඉන්නවනෙ

      Delete
    4. තව යාලුවෙක් ඉන්නව හොඳට තියන ෆෝන් කඩන :D

      Delete
    5. ඇයි බපර් පේන්න බැරි යාලුවෙකුත් උඹට ඉන්නවා නේද??

      Delete
  5. වෝටර් පුරුෆ් ඒවා තියෙනවා නේද....?

    සියල්ල අනිත්‍යයි කිව්වේ රසිකද වෙන කව්ද කියලා දැන් මට මතක නෑ...

    අර වැඩ සටහන් වල මට නම් අවුලක් නෑ... මොකෝ ඕන දේකට හිනා වෙලා ඉන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්... අපේ පොඩි එකෙක් බිම වැටුනම තුවාලයක් නැත්ත් නැඟිටින්නේ අඬන්න බලාගෙන. (රසිකත් තාම ඉන්නේ ඒ මානසිකත්වයේ).. ඒත් සුද්දෝ පැටව් (වෙනස් උන්) නැගිටලා හිනා වෙවි ආයෙත් වැටෙනවා... සිඳු විය යුත්තේ ඒකයි... කෙනෙක් පීඩාවට පත් වන දේ ඒ වැඩ සටහන් වල මම නම් දැකලා නෑ... අනික ටිකක් අනතුරුදායක ඒවල... ඕඅ නෝඅ කියන ප්‍රතිචාරයත් නිතරම එනවා.. ඊට පස්සෙ ඩැමේජ් එකක් නැත්නම් විතරයි හිනා වෙන්නේ...

    ReplyDelete
  6. මගේ සුරුබුහුටි සැම්සුන් ගැලැක්සියත් මැරුන සතියකට කලින්. දැං නොකියෙක්වත් නෑ..... බුකියට එන්න බැරිවීම තමයි පාඩුව. නමුත් මාසයක් දෙකක් ෆෝන් පාවිච්චියෙන් තොරව ඉන්නයි හිතං ඉන්නෙ.

    ReplyDelete
  7. කලින් දවසක කිව්වා නේද කොතැන හෝ දැං මගේ සැම්සුන් ගැලැක්සියත් වෙනස් කරන්න කාලේ හරි කියලා.. එහෙනං හරි වෙරි ෆනී..

    ReplyDelete
    Replies
    1. http://akurublog.blogspot.com/2016/04/116.html?showComment=1460079420211#c2025702842216657967

      Delete
  8. ෆෝන් එකක් නැති වීම දුක් වෙන්න කාරණයක් නෙමෙයි, ෆොටෝ ටිකයි නොම්බර ටිකයි නම් ටිකක් දුක් බර සිද්දියක් තමයි.
    තරහ අවසර , මටනම් හිනා ගියේ උදේ ඇදල ගලවපු ඩෙනිම හෝදන්න දාපු එක, රසික එකපාරක් ඇදපු ඩෙනිම හෝදන්න දැම්මට ,යටිහිත දන්නව ඩෙනිම තව 5 පාරක්වත් අදින්න ඕනෙ කියල. එකයි ෆෝන් එක අමතක කරවල තියෙන්නෙ.

    ReplyDelete
  9. I can't believe that there are people (and Galaxy users) who don't back up their mobile devices to some online service for e.g. Onedrive or google drive, specially in this so called developed country.

    ReplyDelete
  10. ෆෝන් නම්බර් ටිකනම් ගුගල් දෙයියෝ ළඟ ඇති.

    ReplyDelete
  11. Losing a phone is like breaking a limb. Know the pain mate. If photos were saved in the SD card, most probably they are still recoverable. Try on a local mobile service outlet, as they got some handy methods of recovery. Contacts should also be in Google, in case you’re not deliberately saving them either in phone or SIM. Isn't it?

    ReplyDelete
  12. AFV එකේ කැමති දේ වුනේ සත්තුන්ගේ ක්‍රියාකාරකම්.

    කැනේඩියානු Just for Laughs එකට රසික කැමතිද? සමහර gags හුඟක් නිර්මාණාත්මකයි. සමහර බය කරන ඒවානම් හිංසනයටත් ලඟයි

    ReplyDelete
  13. හපෝ..යි.. ගස්ලබ්බටත් ඕකම උනා.හැබැයි සුපියල් 3500ක නොකිය කට්ටක්.සබ්බ සකල කොනැක්ට් ලිස්ට් එක සේදිලා.දැන් ෆෝන් කට්ටක් ගන්නවත් යන්න විදිහක් නෑ වැස්සට හිරවෙලා..කතා කරන්නෑ කියල මිනිස්සු තරහ වෙලා
    ඔක්කොට්ම වඩා ගස්ලබ්බට හිනාගියේ කකාගෙ ෆෝන් එක හෝදපු එක පෝස්ට් එකක් මට්ටමට මස් දාල ගත්ත හැකියාව දැකලා. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  14. චැහ්.. දණිපණි ගාල අල්ල අල්ල ඇවිදින පොඩි එව්වො වැටෙන හැටියි ,වැටිල විරෝපට්ටං ගහගෙන ඉන්න ඒවයි සී සෝ පදින්න ගිහිල්ල ඇට දෙක බාර් එකේ වැදිල ජිල් වෙන්න කඳුලු පනින සීන් බලල හිනායන්නෙ නැති හැටියක්..

    නොදෝකිං මගෙ නොලැබීම !!!!

    ReplyDelete
  15. ෆීලීං සොරී ෆො යූ ( කම්පියුටර් ස්ක්‍රීන් එකට සිනාසෙමින්)......

    ReplyDelete
  16. රසිකගේ දුරකතනය වෙනුවෙන් මගේ සාතිශය කඳුලු බිංදුව.

    ReplyDelete
  17. බ්ලොග් ලෝකයේද එක් අයෙකුට විස්මයක් වූ ( කතාබහට ලක් වූ )මගේ සැම්සුන් ගැලක්සි ෆෝනය මිය පරලොව ගියේ පසුගිය දෙසැම්බර් 18 වෙනිදාය. ඒ සමග මගේ සියළු සමාජ සම්බන්ධතා අවසන් විය. එදා හවස පිකටින් එකක් නිසා ඩාලි රෝඩ් එකේ බස් ධාවනය නිසි ලෙස සිදුනොවූයෙන් මම කොටුවටම ගියෙමි.එයද මා සාමාන්‍යයෙන් නොකරන දෙයකි. එක්ස්ප්‍රස් ට්‍රේන් එක මිස් වී බංගදෙනියේ යන විට රෑ බෝ වී තිබිනි. අනෝරා වැස්සය. මම බස්සේ සාමාන්‍යයෙන් බසින වේදිකාවෙන් නොව අනෙක් පැත්තෙනි. මම බිමට කියා බැස්සේ වතුර වලකට ය. මම වැටුනි. නැගිට පාරට එන විට උඩ සාක්කුවේ තිබූ ඉහල වටිනාකමක් සහිත ෆෝන් එක වතුර වලේය.කලුවර නිසාත් දනක් වතුර දමා ඇති නිසාත් එවෙලේ සොයන්නට බැරිය. මා පසුදා පැමින පරීක්ෂා කලද සොයාගත නොහැකි විය. සොයාගත්තත් වැඩක් නැත.

    ReplyDelete
  18. පැරමටාවල විල්සන් ඩී පෝල් ගේ කඩේ ඔය ජාතියේ සෙකන් හෑන්ඩ් ෆෝන් තියනවා අඩු ගානට කේවල් කරලා ගන්නත් පුළුවන්

    ReplyDelete
  19. රසිකත් සිඩ්නිවල ඉන්න සිංහලෙන් ලියන ලේඛකයන්ගෙන් එක්කෙනෙක් කියල සුනිල් ගෝවින්නගේ පත්තරේට කියල තිබුනෙ.දැන් ඉතිං දුක වෙන්න එපා.

    ReplyDelete
  20. මගේ බිරිඳගේ ජංගම දුරකථනයටද මෙවැන්නක් සිදු විය. "දැන් මොකක්ද කරන්න පුළුවන්?" කියා ඇසූ විට මා යෝජනා කළේ දැන් හොඳින් සේදී ඇති නිසා ඊළඟට කළ යුත්තේ ඩ්‍රයරයට දැමීම බවයි. (උයන්න දන්නා නිසා කෑම ප්‍රශ්නයක් මතු වුනේ නැත.)

    ReplyDelete
  21. I feel sad about your phone.but washing a denim jeans that did not wear at one day is weird .

    ReplyDelete
  22. I feel sad about your phone.but washing a denim jeans that did not wear at one day is weird .

    ReplyDelete
  23. ෆෝන් එකේ ඉරණම ගැන මගේ සාතිශ්‍ය සංවේගය පිලිගන්න.

    මගෙ යාලුවෙක් දවසක් සැම්සුන් ගැලැක්සිය වොශ්‍ රූම් එකේ බිම වැටුනා කියල පටාර් ගාල සින්ක් එකට දාල හේදුවා.

    හැබැයි අත්දැකීමෙන් කියන්නෙ, නොකියා ගඩොල්බාගෙ නං අපරාදෙ කියන්‍ට බෑ හේදුවත් පාවිච්චි කලෑකි. යාන්තං වොෂින් පවුඩර් රහක් එනව කී බෝඩ් එකෙන්. ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නෑ.

    ReplyDelete
  24. ෆෝන් එකේ ඉරණම ගැන මගේ සාතිශ්‍ය සංවේගය පිලිගන්න.

    මගෙ යාලුවෙක් දවසක් සැම්සුන් ගැලැක්සිය වොශ්‍ රූම් එකේ බිම වැටුනා කියල පටාර් ගාල සින්ක් එකට දාල හේදුවා.

    හැබැයි අත්දැකීමෙන් කියන්නෙ, නොකියා ගඩොල්බාගෙ නං අපරාදෙ කියන්‍ට බෑ හේදුවත් පාවිච්චි කලෑකි. යාන්තං වොෂින් පවුඩර් රහක් එනව කී බෝඩ් එකෙන්. ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. //වොෂින් පවුඩර් රහක් එනව කී බෝඩ් එකෙන්// :o

      Delete
  25. If it was a Nokia most probably you could continue.

    ReplyDelete
  26. Pone braking funy. I think today simple pone bye to use the goodest thing. That cheep and no brake easy too.

    ReplyDelete
  27. S3 දුරකතනයක් බව පෙනේ. පිරිසිදු වතුරෙන් සේදී ඇති නිසා බොහෝ විට නැවත පණගැන්වීමේ හැකියාවක් තිබිය හැක. contact cleaner හෝ WD40 තිබේනම් මවුපුවරුව සීරුවෙන් ගලවා හොඳින් spray කරන්න. නැතිනම් තිනර් වලින් පැරණි බ්‍රුෂ් එකක් යොදා හොඳින් සෝදන්න. තිනර් ගලා යනලෙස යොදන්න. පසුව හෙයාර් ඩ්‍රයර් එකක් ගෙන එහි උපරිම උෂ්ණත්වයට දමා අඟල් 3ක් පමණ උඩින් අල්ලා වියලන්න එකම ස්ථානයට දිගු වෙලාවක් අල්ලාගෙන ඉන්න එපා. සොයාගන්න පුලුවන්නම් https://en.wikipedia.org/wiki/Flux_(metallurgy) මවු පුවරුවේ තැනින් තැන තවරා පෙර ලෙසම අඟල් 1 පමණ දුරින් අල්ලා හොඳින් රත් කරන්න. නැවත ඕන වීමට 60% පමණ අවස්ථාවක් ඇත. බොහෝ විත බැටරිය ඩෙඩ් මට්ටමේ ඇති. එම නිසා හැකිනම් වෙන බැටරියකින් පරික්ෂා කරන්න.

    ReplyDelete
  28. ඔය විදියට කිලුටු වෙලා තිබ්බ රුපියල් 50 මම ඊයේ හොඳලා දැම්මා

    ReplyDelete
  29. ෆෝන් එකටයි කම්පියුටරේටයි මොනවා හරි වෙනවා කියන්නේ අතක් පයක් කැඩුනට වඩා දුක හිතෙන කේස්.

    ReplyDelete
  30. ෆෝන් එක වෙනුවට පෙන් ඩ්‍රයිව් එකක් පාවිච්චි කරන්න. මම ඒවා හත් අට වතාවක් රෙදි සෝදන මැෂිමෙන් සෝදා ඩ්‍රයි කර අත්හදා බලා තිබේ. කිසිවක් සිදු වන්නේ නැත. දත්ත එහෙමම තිබේ. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

    ReplyDelete
  31. Go to IPhone ,ICloud will save your data if something happen to the phone

    ReplyDelete
    Replies
    1. I was about to say tha. You can back up everything in I cloud. I pay .79p per month for extra storage to save all the pictures as well.

      Delete
  32. ඩේටා ටික අරගන්න පුළුවන් වේවි සමහරවිට. හොඳට වේලලා ආපහු බැටරි එක දාලා, කම්පියුටර් එකට කනෙක්ට් කරලා බලන්න. නැත්තම් රිකවරි කරන තැනකට දීලා බලන්න. සමහරවිට පුළුවන් වේවි. මගෙත් පරණ නොකියා 6220 ෆෝන් එක දැන් එක්තැන් වෙලා. මෙමරි කාඩ් ඒකත් පිච්චිලා. මම දන්නවා කොහොමද දැනෙන්නේ කියල.

    ReplyDelete
  33. මගේ ජංගම දුරකතනයට සිදුවූ අකරතැබ්බය ගැණ කණගාටු වුණු, උපදෙස් දුන් සියලු දෙනාටමත්, මේ ලිපිය කියවූ, ප්‍රතිචාර දැක්වූ අන් සැමටත් මගේ ආදර ස්තුතිය හිම්වේ.

    වෙන් වෙන් වශයෙන් ස්තුති කිරීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි!

    ReplyDelete
  34. කන්ටැක්ට්ස් ටික ගූගල් ඒකෙ සින්ක් වෙලා නැද්ද? ඊළඟට ගන්න ඒකෙ ෆොටෝස් ඔටෝ බැකප් වෙන්න දාන්න ගූගල් ඩ්‍රයිව් එකට.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.