Thursday 6 October 2016

විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey?


වෑන් ෆ්‍රෝසම් සහ වෑන් ඔයුඩියුස්ඩන් නම් බෙල්ජියන් ජාතික ආචාර්යවරුන් ගැන මා ලියූ ලිපි ද්වයේ සඳහන් වුණු, මා පශ්චාත් උපාධියක් ලබාගත් තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හෙවත් ආසියානු තාක්‍ෂණික ආයතනය, අද වන විට වසර හැටකට කිට්ටු ඉතිහාසයක් ඇති විශ්ව විද්‍යාලයකි. සියැටෝ ග්‍රැජුවේට් ස්කූල් ලෙස මෙය ඇරඹී ඇත්තේ වසර 1959 දී ය.

සියැටෝ (SEATO) යනු සවුත් ඊස්ට් ඒෂියා ට්‍රීටි ඕගනයිසේෂන් හෙවත් අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය නම් නේටෝ (NATO) ආකාරයේ ආරක්‍ෂක එකමුතුවකි.

තායිලන්තයේ පිහිටා තිබුණද ආසියානු තාක්‍ෂණික ආයතනය ජාත්‍යන්තර ආයතනයකි.

කොටින් ම එකල මේ ආයතනයේ සේවය කළ විදෙස් රටවලින් පැමිණි කාර්ය මණ්ඩලයට තීරු බද්දෙන් තොර මත්පැන් පවා මිලට ගත හැකි විය. ආයතනය තුළ පිහිටුවාගෙන තිබුණු අපේ ශ්‍රී ලාංකික සංවිධාධනය විසින් අධ්‍යයන වාරයකට දෙවරක් සංවිධානය කළ, පිළිගැනීමේ සාදය සහ සමුගැනීමේ සාදය යන උත්සව ද්වයට තමන් ගේ තීරු බදු රහිත කෝටාවෙන් ලබා ගන්නා විස්කි බෝතලයක් දෙකක් පරිත්‍යාග කිරීමට අධ්‍යයන මණ්ඩලයේ සිටි ශ්‍රී ලාංකික ආචාර්යවරු ත්‍යාගශීලි වූහ.

ලංකාවේ දී පොල්, ඕල්ඩ්, මෙන්ඩිස් යනාදී අරක්කු වර්ග සහ බියර් පමණක් පානය කර තිබූ මා මුලින් ම විස්කි පානය කළේ ආසියානු තාක්‍ෂණික ආයතනයේ දී ය. ඒ බැලන්ටයින් නම් ස්කොට්ලන්තයේ නිෂ්පාදිත විස්කි වර්ගයයි.

ඒ කඩඉම් අත්දැකීමෙන් අද මගේ මතකයේ රැඳී තිබෙන්නේ, අයිස් සහ කෝකා කෝලා සමග පානය කළ මුල් ම විස්කි වඩියේ මට දැනුණේ "පිදුරු රහක්" බව පමණකි.

දැන් ඔබ ඒ ප්‍රශ්නය මගෙන් අසන්නට පෙර ම අදාළ පිළිතුරු දෙනවා නම්, එදා බැලන්ටයින් විස්කි වඩිය බිව් දිනයට කලින් හෝ ඊට පසු හෝ මා පිදුරු අනුභව කර හෝ පිදුරුවලින් නිපදවනු ලැබූ දෙයක් පානය කර හෝ නොමැත.

මෙහිදී, බැලන්ටයින් විස්කි වඩියේ පිදුරු රසයක් දැනුණා ය යන්නෙන් මා අදහස් කරන්නේ අපේ ආච්චී තමන් ගේ කුඹුරු ලියදි කිහිපය විකුණන්නට පෙර මා ළමා කාලයේ දී වසරකට දෙවරක් මුලින් ම කමත පිහිටි බදුවත්තේත්, පසුව බැත නිවසට ගෙනා පසු නිවස පුරාත් පැතිරුණු, අපූරු සුවඳ එහි තිබුණු බව ය.

ආසියානු තාක්‍ෂණික ආයතයේ උපාධිය නිමවා, සමුගැනීමේ සාදයේ දී ද විස්කි වඩියක් පානය කර පෙරළා ලංකාවට පැමිණි පසු, යළිත් -සියරට දේ සිරි සැප දේ- යන්න අකැමැත්තෙන් නමුත් පිළිපදින්නට වීම නිසා ඒ ස්කොට්ලන්ත විස්කි රස මට ක්‍රමක්‍රමයෙන් අමතක ම වී ගියේ ය.

යළි ඒ නැවුම් "පිදුරු රසය" විඳගන්නට මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණේ තවත් වසර තුනකට පමණ පසුව ය.

එය වෙනම ම ලිවිය යුතු කතාවක් හෙයින් අදට මෙයින් නවතිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පාරිභෝගික අවවාදය.
  • මත්පැන් බීම ශරීර සෞඛ්‍යට අහිතකර ය.
  • ස්කොට්ලන්ත විස්කි බීම බැංකු ගිණුම් ශේෂයට අහිතකර ය.

ප/ප/ලි:
විස්කි වර්ග ගැන කතා කරන විට මේ යර්ස් මිනිස්ටර් කතාංගය අමතක කරන්න බෑ!



(image: https://www.linkedin.com/pulse/whisky-ballantines-shirley-yuan)

70 comments:

  1. බ්ලැක් ඇන්ඩ් වයිට් විස්කි නම් මම බොන්නෙ නැහැ. කෘමිනාශක රසක් එන්නේ. ජොනි වෝකර් රෙඩ් ලේබල් පිදුරු රසයි. සාමාන්‍යයෙන් ටීචර්ස් හොඳයි. බැලන්ටයින් වැනි මිල අධික විස්කි නොබොන්නේ සල්ලි නැති නිසා.

    NATO සහ SEATO යන දෙක ගැන හමුදාවේදී කියන්නේ මෙහෙමයි. (හමුදාවේ පවත්වන සමහර සාකච්ඡා පසුබිම් කරගෙන කියන්නේ)

    NATO = No Action Talk Only.

    SEATO = Short Eats Ant Talk Only.

    ReplyDelete
    Replies
    1. Ant නෙවෙයි And

      Delete
    2. මහා බරපතල වැරුද්දක් රසික කරල තියෙන්නේ anti කියල තිබුන නං කමක් නෑ..

      Delete
    3. @ විචාරක
      බැලන්ටයින් එතරම් මිල වැඩි බීමක් ද? මං නං වැඩිය දන්නේ නෑ ඒ ගැන. මේක පරණ කතාවක් නේ!

      ලංකාවේ නම් ජනප්‍රියම ජොනී වෝකර් නේද? මෙහෙත් ලංකාවෙන් ආ අය අතර එය එලෙසමයි!

      Delete
    4. බැලන්ටයින් මිළ මෙතනින් බලන්න

      http://www.wine-searcher.com/find/ballantine+finest+scotch+whisky+scotland/1/sri+lanka

      ජොනී වෝකර් මිල මෙන්න

      http://www.wine-searcher.com/find/johnny+walker+red+scotch+whisky+scotland/1/sri+lanka

      Delete
  2. රසික,

    මගෙ නම් පුද්ගලීක මතය විස්කි බොන්න ඕනෑ සෝඩා එක්ක හරි අයිස් එක්ක හරි කියන එක. සම්ප්‍රදායත් එහෙමයි නේද ? Whisky with soda, Brandy with ginger, Vodka with orange juice, Rum with Coke, Gin with Tonic නේද සම්ප්‍රදාය?

    මගෙ නම් ඉතිං brand එක ගල්.සෙම නෑනෙ මුසුව ඇල්වතුර. සැපුම නම් ගන්නෙම නෑ. කොහොමත් බොහෝවිට හවසට 200 ක් විතර ගන්නව ගෙදරදි. හැබැයි 200 ය 400 පනින වෙලාවලුත් තියනව. දැන් ලංකාවෙ ගල් බෝතලේ 1350 ක්. ඉතිං මෙහෙදී හැමදාම හවසට විස්කි බොන්න නම් Central Bank Primary Dealer කෙනෙක් වත් වෙන්න ඕනෑ.

    තායිලන්තෙ ගැන මතක් වෙනකොටම ඒ මතකය Smooth as Silk කියන වැකිය එක්ක බැඳෙනවා. හැබැයි මගෙ අත්දැකීම නම් ඔය කිව්වට තායිලන්තෙ හැමදේම සුමුදු නෑ කියල.

    තායිලන්තෙදි මම මුලින්ම බිව්වේ අඩු ගානට තියෙන 100 Pipers විස්කි. මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා පහුවදාට කියල වැඩක් නෑ. පහුවදා ඉඳන් TIGER beer වලට බැස්ස.

    රසික මෙහෙම සම්ප්‍රදයකුත් තියනව නේද?

    මම කියන්නෙ මගුල් ගෙදරක යද්දි ගෙදරින් බත්මුලක් බැඳගෙන යන්නෙ නැති එක ගැන.

    ReplyDelete
    Replies
    1. එකතුකිරීමයි.

      "ලංකාවට පැමිණි පසු, යළිත් -සියරට දේ සිරි සැප දේ- යන්න අකැමැත්තෙන් නමුත් පිළිපදින්නට වීම නිසා..."

      ඔය කතාවනම් සහතික ඇත්ත. නමුත් දුර තියෙන මොණර මසට වඩා ළඟ තියන කපුටු මස හොඳයි කිව්වලු. නමුත් කුමාරතුංග මුනිදාස මෙහෙම කියල තියනව.

      "අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර - ගී"

      Delete
    2. //දැන් ලංකාවෙ ගල් බෝතලේ 1350 ක්.// ළගදිද වැඩි කලේ. අපේ පැත්තෙනං තවම 1200 යි.

      Delete
    3. Empty නැතුව අපේ ගෙවල් ළඟ වයින් ස්ටෝස් එකේ 1350 ක් ගත්තනේ බෝතලේකට. ජුබිලි කණුවෙ ඉඳන් ඔහාට කොච්චර දුරද?

      Delete
    4. @ Anonymous 6 October 2016 at 15:23

      මිතුර,

      බොන්න පුරුදු වෙන්න නම් එපා රජෝ! හැමදාම බොනවාය කියන්නේ විනාශයට මුළ කියලයි මට නම් හිතෙන්නේ.

      එහෙම බීපු මගේ (යාළුවෙක් නොවේ) නෑ කෙනෙක් අන්තිමේ දී මළා!

      ඔබ කළ යුත්තේ ඔය පුරුද්ද කෙමෙන් කෙමෙන් අඩු කර ගැනීමයි. මුලින් හිතන්න තනියම බොන්නේ නෑ කියා. ඒක වැඩ කළාම, ඊළඟට 200 සිය 100 දක්වා අඩු කරන්න ක්‍රම ක්‍රමයෙන්. ඊට පස්සේ හිතන්න ගල් බොන්නේ නෑ බ්‍රැන්ඩි විතරයි කියලා. ඒ ආදී වශයෙන් ගොඩ එන්න. නැතිනම් ටික ටික ප්‍රපාතයටම තමයි යන්නේ!

      Delete
    5. @ Praසන්ன

      අපේ ආතා ලඟ තිබුණා පරණ හිස් අරක්කු බෝතලයක්. ලේබලය සුදු කළු. පොල් සහ සහ කොටියා එකක්. මිල රුපියල් 18 කියා ගහලා තිබුණා ලේබලේ!

      මං හිතන්නේ 70 දශකයේ මුල කාලේ එකක්.

      Delete
  3. බුදු අම්මෝ විස්කි.. ඒ මදිවට සෙල්ටික් ඒවා..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ..

      Delete
    2. අනේ උඹ කෝක් ටිකක් බීල ඉඳහං ඔය නොදන්න බ්‍රෑන්ඩ් ගහන්න යන්නැතුව. හැක්..

      Delete
    3. මේ කතාවේ එන විස්කි බීම ගැන සින්දු පදයක්

      මට නිකං ලැබුණෙ බං
      ඒකයි ටිකක් බිව්මෙ මං
      නාඩා මට බත්ටික බෙදපං!

      Delete
  4. අයිරිෂ් නිශ්පාදන වන ජේම්සන් ට්‍රිපල් ඩිස්ටිල්ඩ් හා බුෂ්මිල්ස් විස්කි ස්කොටිශ් නොවූවත් smooth සහ ස්මෝකි පරාසයේ අන්තයන් හොඳට පෙන්වනවා.
    ඒ දෙකම මිල ඉතා අධික ඒවා නොවේ.ඒත් ලංකාවෙ අපිට නම් බදු නිසා ආස තරම් බොන්න බෑ. රසිකලාට පුලුවන්නේ. smooth වලට කැමතිනම් ජේම්සන් ට්‍රයි කරලා බලන්න. smoky / peaty නම් බුෂ්මිල්ස්. (මං හොඳින් දන්න ඒවා පමණයි ඔය. තව ඕනෙතරම් ඇති. පුද්ගලික palate අනුවත් වෙනස්වෙනවා ඒත් මං ඔය කියපු ගුණයන් ලේසියෙන් ඔය දෙකෙන් ඕනෙ කෙනෙකුට අත් විඳින්න පුලුවන්)

    වයින්වල රස හා සුවඳ ගැන කලාවක් වන තරමට විෂයයක් තිබුනට, විස්කිත් එහෙමයි කියලා ගොඩක් අය හිතන්නේ නෑ. විස්කිවල ලොකු වෙනස්කම් හා subtle වෙනස්කම් ගොඩක් හඳුනාගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. p.s. අනේ ප්ලීස් අඩු ගණනෙ ට්‍රයි කරන පලමු වෙලාවෙවත් කෝක් දාන්න එපා. ඕනෙමනන් අයිස් දාන්න. ඒත් අයිස් දියවුනාම අප්සෙට්. මොනවත් නැතුව තමයි අයිඩියල් - රසය ගැන අදහසක් ගන්නනම්.

      Delete
    2. හොඳ smokey, peatyස්කොච් එකක් තමයි LAGAVULIN . පවුම් 60-70ක් බෝතලේ. ටේස්ට් කරන්න ලැබුනා ඩිස්ටිලරි එකක් බලන්න ගිය වෙලාවක.

      Delete
    3. @ Pra Jay

      බුෂ් මිල්ස් ගැන මං අහලා තියෙන්නේ ජැක් හිඟින්ස් ගේ අලුත් පොත්වල ඉන්න ෂෝන් ඩිලන් නිතරම ඒ වර්ගය බොන නිසයි. ජීවිතේට අයිරිෂ් වර්ග ට්‍රයි කරලා නැත!

      අපිත් හොඳ බඩු ගන්නේ බදු නැතුව ඩියුටි ෆ්‍රී ලැබුණොත් තමයි. මේ වසරේ තුන් පාරක් ම ඉඩ ලැබුණා!

      Delete
    4. @ අරුණ
      මගේ එක සිහිනයක් තමයි, දවසක යූකේ ඇවිත් ස්කොටිෂ් ඩිස්ටිලරීස් ටුවර් එකක් යන එක!

      Delete
  5. අමත්‍ය ජෝන් අමරතුංග ගේ අවවාදය : "සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න."

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දෙකම බොන ජාති නේ!

      Delete
  6. බීපු දවසක් වත් මතක නෑ.. ඉතිං කෝමෙයි රස නොරස කියන්නේ.. පිදුරුවත් කාලා බලන්නෝනේ වෙලාවක..

    ReplyDelete
    Replies
    1. පුන්නක්කු අමතක කරන්නෙපා, හොඳේ!

      Delete
  7. DCSL, EXTRA SPECIAL ...ඔයිට වැඩිය හොඳයි...

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවා ද, ලේබල් එකේම ගහලා තියෙනවා නේ අති විශේෂ කියලා!

      Delete
  8. Watch Ralfystuff youtube channel. It shows how to'enjoy' your whiskey. He is reviewing mainly single malts. But you can find almost all single malts, blended scotchs, bourbons etc.

    ReplyDelete
  9. House of Bourbon? A branch of the Capetian dynasty?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++
      How about a shot of Valois? :-D

      Delete
    2. Margaret of Valois ?

      Delete
    3. House of Bourbon තියා මොනවා වුනත් මම Bourbon නම් ප්‍රිය නොකරමි. පහුවදාට වතුර කළගෙඩියක් බීමට අවශ්‍ය වේ!

      Delete
    4. ඔයිට වැඩිය හොඳ නැද්ද
      දෙවරප්පෙරුම
      තෙවරප්පෙරුම
      කාරියප්පෙරුම
      සුරියප්පෙරුම
      වර්ධරාජපෙරුම
      ලා ගැන කතා කිරීම?

      Delete
  10. අනේ අපිට මොන විෂ්කි ද? ඔන්නොහෙ ගල් ෂොට් එකක් දල විෂ්කි රහ එන්න පිදුරු මිටක් කනව. හැක්..

    ReplyDelete
    Replies
    1. අන්න හරි අයීයා..

      Delete
    2. යකෝ මේවා නිකං හම්බු වුණු ඒවා!

      Delete
  11. Director’s Special,8 PM,Haywards Fine,Imperial Blue,Old Tavern,Original Choice,Bagpiper,Royal Stag,Officers Choice,McDowell’s No 1
    මෙන්න විස්කි......
    විස්කි කඩේ පූසා වගේ තමයි බීලා දවසක් විතර යනකං. අරාබියේ ඉන්න කොට පර්මිට් එක ශේප් කරගන්න ගහපු ඉන්ඩියන් විස්කි තමයි ඔය. මගේ අම්මෝ උදේට ටොයිලට්ස් ඇමෝනියා ෆැක්ටරිස් වගේ. ඇත්තටම අපේ සංස්තා ගල් තාමත් හොඳයි මට නම් ඊට වැඩිය.

    ReplyDelete
    Replies
    1. ගල් වලට අත නොතබනු !!!!

      Delete
    2. ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ අයිතිවාසිකම් වලට අත නොතබනු !!!

      Delete
    3. ගල්වලට මෙන්ම ගල් අසළ ඇති වළවල් වලටත් අත නොතබනු!!!

      Delete
    4. @ Aruna

      සමහර ඉන්දියන් විස්කි වර්ග තියෙනවා නේද ස්කොච්වලටත් වඩා මිල අධික? ඇම්රූට් වගේ?

      Delete
    5. රසික.....අමෘතෙ සින්ගල් මෝල්ට් එකක්. අමෘත් කියලා නම දාලා තියෙන්නේ ඒ අර්තයෙන්ම තමයි කියලා මට ඉන්දියන් බුවෙක් කිව්වා. ඇත්තද දන්නේ නැහැ. ඔමාන්වල තිබුනා. පර්මිට් කෝටා එක බේරගන්න ඕන නිසා ගණන් ඒවා ගන්නේ නැහැ. අඩු මිලට ජරාවම තමයි බිව්වේ.

      Delete
  12. ඉස්සර මම හොර සප්ලයර් කෙනෙක්ගෙන් බැලන්ටයින් ගත්තා 2,900/- ට විතර වගේ. දැන් මිනිහ ගාව ඒවා නැහැ ...
    වෙන වෙන ඒවානම් තියෙනවා 3,400/- වගේ ගණන් වල ඉඳලා...
    පහුගිය දවස් වල ගණන් යන්න කලින් බාඩිනෙට් කියන බ්‍රැන්ඩි වර්ගය තිබුනේ 2,900/- ට. ඒකත් හොඳ බීමක්. මට දැනෙන්නේ කෝපි රහක්...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතේ....හොර සප්ලයර්ස්ලා ගාව තියෙන්නේ හොර ප්‍රඩක්ට්ස් වෙන්නත් පුලුවන්. ඉස්සර එබ්‍රහිම් ඩාවුඩ් මාෆියා කිංපිංගේ නැවක ඔය වගේ ෆේමස් බෝතල් හොරාට හදලා තියෙනවා තොග පිටින්. මිඩ්ල් ඊස්ට් රටවල් වලට හොරෙන් විකුණන්න ආවේ ඒ බඩු කියලා කියනවා. මම කියන්නේ අසූ ගණන්වල කතාවක්.

      Delete
    2. අරූ,
      මේකා එයාර්පෝට් එකේ කස්ටම් හරහා බඩු පන්නන එකෙක්, ළඟටම ගෙනත් දීල යන්නේ...
      එක එක දවස් වලට එක එක වර්ග තියෙන්නේ, අපි ඉල්ලන වර්ග ගන්න නැහැ, බුවා ගාව තියෙන වර්ග වලින් අපි කැමති ඒවා තමයි අපි ගන්නේ...
      පහුගිය දවස් වල කස්ටම් කචල් ගිය දවස් වල බඩු තිබුනේ නැහැ...

      Delete
    3. සුරාමේරය සහ අදින්නාදානය දෙකම එකවර!

      Delete
  13. මම දැනට බීලා තියන වර්ගවලින් smooth ම කියන්න පුලුවන් ජේම්සන් අයිරිෂි විස්කි - අපරාදේ කියන්න බෑ 40% මධ්‍යසාර ප්‍රතිශතයක් තිබ්බත් බෝතලේ කටේ තියන් අමුවෙන්ම වුනත් හලා ගන්න පුලුවන් - කැමති නම් වතුර ටිකක් හෝ සෝඩා ටිකක් මිශ්‍ර කරල නැත්තං නීට් වුනත් අවුලක් නෑ -

    ReplyDelete
    Replies
    1. හොඳ සින්ගල් මෝල්ට් smooth අයිරිශ් විස්කි වගේම, හොඳ ස්මූත් ස්කොච් විස්කි එකක් තමයි The Glenlivet Founders Reserve.වැඩි ගානකුත් නැහැ ඉඳලා හිටලා බොනවානම්.

      Delete
    2. Glenlivert රස බැලීමට සිතා සිටින වර්ගයක් - මොකද මේ තාක් බී ඇත්තේ Blended විස්ති පමණක් නිසා

      Delete
    3. අරූ මොකද Blue Label ගැන හිතන්නේ...

      Delete
    4. මම විස්කි ගහන්නේ ඉඳලා හිටලා කොහෙදි හරි ඔෆර් කෙරුවොත් විතරයි...මම වොඩ්කා..වයින් බුවෙක්. ඒ මොනවම නැත්නම් කසිප්පු වුනත් ගහනවා. එහෙම භේදයක් නැහැ. ඒත් ඔය ජොනි වෝකර් බ්ලු ලේබල් එක බ්ලෙන්ඩඩ් විස්කි අතරෙ ස්මූත් එකක් කියලා බොන අය කියනවා. උඹට කියන්න මම ඉන්න රටේ ජොනි වෝකර් එහෙම ජනප්‍රිය සහ විකිනෙන බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ඉල්ලුම හරි අඩුයි.රට පටවන්න හදනවා වෙන්න ඇති. රට ඇතුලේ ෆේමස් ග්‍රවුස්, බෙල්ස් වගේ තමයි ගොඩක් අය බොන්නේ. ජැක් ඩැනියල්ස් බර්බන් විස්කි එකට හොඳ ඉල්ලුමක් තියෙනවා. JD කියලා ඉල්ලන සයිස් එකට ජනප්‍රියයි. ඒත් මේ රටේ එවුන්ට වඩා වෙන අය අතරේ. වැට් 69, ජොනි වෝකර්, ටීචර්ස් වගේ ඒවා හදන්නේ එක්ස්පෝට් මාකට් එකට කියලා මට හිතෙන්නේ.

      ස්කොට්ලන්ඩ් පැත්තට ගියාම හොඳ හොඳ විස්කි රහ බලල තියෙනවා. ඒවා එහෙම ලොකුවට මාකට් එකේ විකිනෙන ඒවා නෙමෙයි.

      Delete
    5. අයිරිෂ් රස බැලිය යුතුය!

      Delete
    6. මේ කමෙන්ටු නිසා ඩොලර් කීපයකට තට්ටු වෙන හැඩයි. පාප මිත්‍රයින්!

      Delete
    7. Mr ජැමිසන් තෙවරප්පෙරුම මහ සැරයි සහෘදයනි.

      Delete
  14. "සුදුවා, සීනි කරිඤ්ඤං, බොකු දිරාස්, මොලටොප්, අලසුදිය, ගල්බමුණ, හිටපං මචං" වගේ දේශීය නිෂ්පාදන ගැනත් ලියමුකො රසික.

    ඔය ගල්බමුණ කියන්නෙ නම් ටෝච් බැට්රි කෑලිවල මැද කූර දෙහි ඇඹුලින් ගලක උරච්චි කරල දිවේ ගාගන්න එක කියල අහල තියනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රසික...මාරවිල, මහවැව පැත්තේ ඕඩර් කරපුවාම පහුවදාට හදලා දෙන ෆෘට් ෆ්ලේවර්ඩ් ගමේ බඩු ගැනත් ලියන්න. මම නම් ඒ පැත්තේ ගියාම බාර්වලින් බොන්නේ බියර් විතරයි. අනිත් සියල්ල ගෙවල්වල හදන ඉස්තරම් බඩු. කොත්තමල්ලි ෆ්ලේවර්ඩ්, නෙල්ලි ෆ්ලේවර්ඩ්. ඉල්ලන ඕන ෆ්ලේවර් එකක්. දවසකට කලින් ඕඩර් කරන්න ඕන.

      Delete
    2. වාසනාවට හෝ අවසානාවට කසිප්පු බීමට අවස්ථාවක් ලැබී නැත. ඉදිරියේ දී ලැබේදැයි සැක සහිතය.

      අර තොම්සන් ඒ වැන්දබෝනා පරළොව ගියා නේද හොරපොළකින් මීතයිල් ඇල්කොහොල් බීලා!

      Delete
  15. විස්කි බොන්න බෑ දැන් නම් ඉස්සරහට...රා පොට් වලටවත් යන්න වේවි.. දැන් යන හැටියට..

    ReplyDelete
  16. වරක් කසිප්පු බී සිරෝසිස් හැදුනු රෝගියෙකු සර් බ්රැන්ඩි තේ හැඳි දෙකක් රෑට බිව්වොත් මේ ලෙඩය සනීප වෙයිද කියා මගෙන් ඇසුවා

    ReplyDelete
    Replies
    1. බෝතලයක් දෙකක් බීවා නම්, ඉක්මනටම සදාකාලික සුවය ලබන්න තිබුණා!

      Delete
  17. ජාතික ප්‍ර‍ශ්නය මෙන්ම ඊට වඩා දැනට රටට බලපා ඇති ආර්ථික ප්‍රශ්න විසඳාගතයුතුය. පසුගිය අන්ත දූශිත රාජපක්ෂ කල්ලිය පළවාහැර අප විසින් පත්කරගත් නූතන යහපාලන රජයේ ආර්ථික ප්‍රවේශය මදක් සලකා බලමු. උදාහරණයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5.1ක් හෙවත් ලක්‍ෂ 51,000ක් තරම් අති විශාල මුදලකි. ගෙවුණු මාස කීපය තුළ එය තවත් වැඩි වී තිබීම අනිවාර්යකි. ඊට පෙර වසරේ එය හුදු මිලියන 767ක් විය.

    පර්පර්චුවල් ට්‍රෙෂරීස් යනු පසුගිය සමයේ බැඳුම්කර මගඩියට සම්බන්ධ මතභේදාත්මක සමාගම ය. රනිල් වික්‍රමසිංහගේ අතිජාති මිත්‍ර අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ අධිපති ව සිටි කාලයේ දෙවරක් ම සිදු වූ ඉහත වංචාව ලංකා ඉතිහාසයේ විශාලතම මගඩිය ලෙස සැලකේ. මෙහි විශේෂය වන්නේ අදාළ මගඩියෙන් වන පාඩුව වසර 30ක් තරම් අනාගතයට ද විහිද යෑම ය. මේ අතර, මහේන්ද්‍රන් මහතා දැන් වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා වේ. සියළු ආර්ථික තීරණ ගැනෙන්නේ ඔහු හා මලික් සමරවික්‍රම හරහා ය.

    ප්‍රාථමික බැඳුම්කර ගැණුම් සමාගමක් වන පර්පචුවල් සමාගම වැඩිම ලාභ උපයාගෙන ඇත්තේ ප්‍රාග්ධන ලැබීම්වලින් බව ද වාර්තා වේ. ඉහළ පොළියක් සහිත කාලයක බැඳුම්කරයක මිල පහළ යන අතර එහි දී ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් අඩු ඒකක මිලකට විශාල බැඳුම්කර ප්‍රමාණයක් මිළට ගෙන පසුව ඒවා ලාභයක් සහිත ව ද්විතීයික ගැණුම්කරුවන්ට යළි විකුණනු ලැබේ. බැඳුම්කර ගණුදෙනුවේ ස්වභාවය වන්නේ පොලී අනුපාත පහළ යන විට බැඳුම්කර මිළ ඉහළ යාම වන අතර පොලී අනුපාත ඉහළ යන විට බැඳුම්කර මිළ පහළ වැටීම ය. ව්‍යාජ ඉහළ පොලී අනුපාතයක් නියම කොට බැඳුම්කර මිළ කෘතිම ලෙස පහළ යැවීමට සලස්වා හරහා මගඩියක් කිරීමේ විශාල හැකියාවක් ඇත. ඇත්තට ම අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදුවූයේ ද එය ම ය. ස්වභාවික පොලී අනුපාත 8 දශම ගණනක තිබිය දී පර්පර්චුවල් සමාගමට ඒවා විකුණා තිබුණේ 11.28ක් වැනි ප්‍රමාණයකට ය. මේ අනුව, ද්විතීයික ගැණුම්කරුවන්ට තම බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගැනීමට ඉහත සමාගමට හැකිවූවාට සැක නැත. ඔවුන්ගේ ලාභාංශ සියයට 400% ඉක්මවා ඉහළ ගියේ එහෙයිනි.

    රටේ ආර්ථික අර්බුදයේ මුල සොයන්නෙකුට ඒ පාදා ගැනීම දැන් ඉතා පහසු ය. දුර්වල ආර්ථික කළමනාකරණ මතට රජයට රුපියල් කෝටි 6000කට පාඩුවක් සිදුකළ බැඳුම්කර මගඩිය පතිත වීම ගැන මදක් සිතා බලන්න. එහි ප්‍රතිඵලයක් ලෙස මෙන් ම විදෙස් ආයෝජන රටින් බැහැර යාමෙන් රුපියල කඩාවැටීම සීග්‍ර ලෙස සිදු වූ අතර ඒ හරහා ආනයන භාණ්ඩ මිළ ඉහළ යාම හා ‍ඩොලර්වලින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස ඉහළ ගියේ ය. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පමණක් කිසිදු නව සංවර්ධනයක් නොකර තිබියදීත් වැඩි වූ විදෙස් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 2500කට අධික ය. තවද දූශිත මහින්ද රාජපක්‍ෂ විසින් ඩොලර් බිලියන 10ක පමණ මුදලක් බාරදී තිබියදීත් තිබූ විදෙස් සංචිත එක් වරම බිලියන 2.5ට කඩා වැටුණේ මේ හේතුව නිසා ය. මේ අනුව, ණය හා ආනයන සඳහා වැඩි වැඩියෙන් ඩොලර් යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. යාන්තම් හෝ රටේ ආර්ථිකය පණ අදිමින් හෝ තිබෙන්නේ අන් හේතුවක් නිසා නොව ලෝක වෙළඳපලේ බොරතෙල් මිිළ පහළ බැස තිබෙන නිසා ය. වැට්බදු වැඩිකිරීම වැනි ජනපීඩක ක්‍රියාමාර්ග හරහා රටේ ජනයා පිට පටවන්නේ මේ මහා ඛේදවාචකයේ විපාක හැර අන් කවරක් ද?

    ReplyDelete
    Replies
    1. මාමගෙ පින බෑනට පලදෙන හැටි! අනේ ඉතිං ඒ වුනාට ලොතරැයි ටිකට් එකෙත් ගහල තියෙන්නෙ "ලොතරැයි මණ්ඩලයේ සේවකයන්ට හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහභාගී විය නොහැකිය" කියල.

      Delete
    2. අරුං රට කාඝෙන කාගෙන ගිහින් නවත්තපු තැන ඉඳලා මුං කාගෙන කාගෙන යෑම!

      https://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

      Delete
  18. 1.අරක්කු සහ බ්‍රැන්ඩි බීල පුරුදු මටත් විස්කි නං බොන්න කැමතිම නෑ.
    2.ඔය රසයට අපි කියන්නෙ මකුළු රස කියල. කැරපොතු රස කියලත් කියනව. (මගේ කලින් කාර්යාලෙ බොසා කිව්වෙ වහතු රහ කියල)
    3.එංගලන්තෙ ඉන්න අපේ අයිය කෙනෙකුගෙන් අවුරුදු තුන හතරකට කලින් ලැබුන විස්කි බෝතලය සති දෙකක් විතර තිස්සේ බීල ඉවර කලේ ලඟදි. බීපු විස්කි වර්ගවලින් අප්‍රියජනකම විස්කිය තමයි ඒ Bells කියන බ්ලෙන්ඩඩ් විස්කිය.
    4.රසික, "රා කට්ටෙ" ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. රා බී ඇත්තේ එක දවසයි. ඒ කිතුල්ගල ගිහින් රැයක් සිටි දිනක. වීශ්වවිද්‍යාල කාලේ!

      Delete
  19. බෙල්ස් නුයි වොඩ්කයි කලාවන් වෙලා හොස්පිට්ල් එකෙත් හිටිය. ඊට පස්සේ කටේ තිබ්බේ නැහැ බෙල්ස්. glenmorangie කියලා සින්ගල් මෝල්ට් එකක් තියනවා නියමයි රසික.

    ReplyDelete
    Replies
    1. Glenmorangie රස බලා නැත. ග්ලෙන්ෆිඩිච් සහ ග්ලෙන්ලිවට් නම් ඩියුටි ෆ්‍රී නිසා රස දනිමි.

      අපේ ගමේ (Glenmore Park) නමින් නම් කිසිම බීමක් නැත.
      https://rasikalogy.blogspot.com/2015/04/grass-for-my-feet.html


      Delete
    2. අජිත්,
      පාප මිත්‍රයින් නිසා glenmorangie නොමිළේ බොන්න ලැබුනා කීප වතාවක්ම...
      මටනම් ඒ තරම් අල්ලලා ගියේ නැහැ...

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.