Tuesday 27 September 2016

අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?


අද තම උපන්දින සමරන, ලංකාවේ ප්‍රථම (සහ එකම) වෘත්තීය බ්ලොග්කරු ලෙස විරුදාවලි ලැබ සිටින, W3Lanka බ්ලොග්කරු මා මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ කලකට පෙර ජනරළ පත්තරයට "සුන්දර ඉංග්‍රීසි" නමින් කොලමක් ලිව්වේ ය. ඔහු ඒ සමගම ඒ ලිපි පෙළ තම බ්ලොගය හරහා ද බෙදා ගත් බැවින් මා වැනි තවත් පිරිසකට ද ඒවා කියවන්නට ඉඩ ලැබුණි.

මගේ රසිකොලොජියේ ද ඉංග්ලිෂ් භාෂාව පිළිබඳව ලිපි කිහිපයක් ම පළ විය.

ඒ කිහිපයෙන් මා ඉතා ප්‍රිය කරන්නේ, අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් ආකාරය ගැන කියවෙන ලිපියටයි.
http://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html


මේ තවත් ඉංග්ලිෂ් භාෂාව හා සම්බන්ධ කතාවකි.

මෙය "අසුන්දර ඉංග්ලිෂ්" ලෙස වර්ගීකරණය කරමි!

මේ කතාවට වස්තු බීජය සැපයූවේ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Dirk Van Oudheusden) ය. ඔහු, මා පෙර ලිපියක ලියූ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් මෙන් ම, මා පශ්චාත් උපාධියක් හැදෑරූ ආසියානු තාක්‍ෂණික ආයතනයේ සේවය කළ බෙල්ජියන් ජාතික කථිකාචාර්යවරයෙකි. ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් මගේ උපාධි තීසීසය සඳහා මා කළ පර්යේෂණයේ උපදේශකයා ද විය.

ආසියානු තාක්‍ෂණ ආයතනය (Asian Institute of Technology) 1959 දී තායිලන්තයේ අරඹා ඇත්තේ ආසියානුකරයට ම පොදු අන්තර්ජාතික පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයක් ලෙසිනි. එය පවත්වාගෙන යාමට විවිධ යුරෝපීය සහ ආසියානු රටවලින් විශාල ලෙස අරමුදල් ලැබුණි. ඒ ප්‍රතිපාදනවල ම කොටසක් ලෙස අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය සඳහා ද යුරෝපීය රටවලින් උගතුන් අනුයුක්ත කර තිබුණි.

අපට ඉංග්ලිෂ් භාෂාවෙන් තම විෂයයන් ඉගැන්නුව ද, වෑන් ෆ්‍රෝසම් ගේ මෙන් ම, වෑන් ඔයුඩියුස්ඩන් ගේ ද මුල් භාෂාව ඩච් මිස ඉංග්ලිෂ් නොවේ. මා දන්නා පරිදි ඔවුන් කුඩා කළ සිටම ඩච් භාෂාවට අමතරව මූලිකව ෆෙන්ච්, ජර්මන් යනාදී යුරෝපීය භාෂා උගත් අය වෙති. එනිසා, ඔවුන් ගේ ඉංග්ලිෂ් භාවිතය තරමක් වෙනස් විය. අප කරනවාක් මෙන්, මුලින් තම මව් භාෂාවෙන් සිතා, දෙවනුව එය ඉංග්ලිෂ් භාෂාවට සිත ඇතුළේ දී පරිවර්තනය කර එළියට දමන ආකාරය තරමක් හෝ පෙනුණි. ඔවුන් දෙදෙනා ගේ ඉංග්ලිෂ් උච්චාරණය ද සුවිශේෂී විය.

ආසියානු තාක්‍ෂණ ආයතනයේ පශ්චාත් උපාධිය නිමවා ආපසු ලංකාවට පැමිණි මම, මා පෙර සේවය කළ රාජ්‍ය ආයතනයේ (වානේ සංස්ථාව) ම සේවය ඇරඹූවෙමි. මද කලක් එසේ සේවය කරන අතරතුර, ඉදිරියටත් අධ්‍යාපන කටයුතු සහ පර්යේෂණ කිරීමට කැමැත්තක් මගේ සිත තුළ ඇති වූ නිසා, මට ලංකාවේ විශ්ව විද්‍යාලයක බැඳී සේවය කිරීමට කැමැත්තක් ඇති විය.

ඒ බව සඳහන් කළ ලිපියකින්, ආචාර්ය ඔයුඩියුස්ඩන් ඇමතූ මම, ඒ සඳහා විශ්වවිද්‍යාලයක සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවීමක් ලැබුණහොත් ඉදිරිපත් කිරීම සඳහා මට රෙකමදාරු ලිපියක් එවන ලෙස ඉල්ලා සිටියෙමි.

සති දෙකකින් පමණ මට ඔහුගෙන් ලිපියක් ලැබුණි.

ආසියානු තාක්‍ෂණ ආයතයේ දී මා කළ අධ්‍යාපන කටයුතු ගැන විස්තරයක් ද සහිතව ආචාර්ය ඔයුඩියුස්ඩන් ඔහු විසින් ලියා තිබුණු ඒ ලිපියේ සඳහන් වුණු එක් වගන්තියක් මගේ සිත ගත්තේ ය.

අයි සස්පෙක්ට් රසික කැන් ටීච් වෙල් (I suspect Rasika can teach well).

මා සිතන පරිදි, ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන්ට මෙහි දී කියන්ට අවශ්‍ය වූයේ, මා ආසියානු තාක්‍ෂණ ආයතයේ දී අධ්‍යයන කටයුතු මිස ඉගැන්වීමේ කටයුතු නොකළ නිසා ඔහු ඒ සඳහා මගේ ඇති හැකියාව ගැන නොදන්නා නමුත්, මට ඉගැන්විය හැකිය කියා ඔහු සිතන බවයි, එසේ නැතහොත් උපකල්පනය කරන බවයි.

සස්පෙක්ට් යන ඉංග්ලිෂ් පදයේ නිරුක්තිය මෙසේ වේ.



මෙහි දී, ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන්, "සස්පෙක්ට්" යන වචනය යොදාගෙන ඇත්තේ ඒ මුල් අරුතින් විය යුතුය.

නමුත්, අප පුරුදු වී ඇත්තේ "සස්පෙක්ට්" යන ඉංග්ලිෂ් වචනය නරක දෙයක් සඳහා සැක කරනවා ය යන සෘණාත්මක අරුත ගෙන එන්නට භාවිතා කිරීමටයි. ඒ, "සස්පෙක්ට්" යන වචනය නාමපදයක් ලෙස භාවිතා වෙන විට එය ලබා දෙන අරුත (සැකකරු) නිසා යැයි සිතමි.

එසේ නැතිනම්, "අයි සපෝස්" යනුවෙන් ලියනු වෙනුවට ඔහු "අයි සස්පෙක්ට්" යැයි කියන්නට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වසර අවසානයේ දී මට විශ්වවිද්‍යාලයක රැකියාවක් ලැබුණු අතර එය, 1977 දී යූඇම්පීයට රට ගියා සේ, දාහත් වසරක සාපයක් ම විය!

ඒ විශ්වවිද්‍යාල රැකියාවේ දී මා ලද අපූරු අත්දැකීම් ගැන රසවත් විශ්වවිද්‍යාල කතා කිහිපයක් ම ලිවිය හැක.

අයි සස්පෙක්ට් අයි කැන් බ්ලොග් වෙල්?

(image: https://www.mech.kuleuven.be/en/cib/about/news/emeritaatdvo)

37 comments:

  1. Replies
    1. බ්ලොග් ලියපු කාලෙකුත් තිබුණා නේද?

      Delete
  2. Maathalan too suspects he can blog well.

    ReplyDelete
  3. මෙය ඉංගිරිසියෙහි එතරම් දුලබ යෙදුමක් නොවේ - තරමක් උත්ප්‍රාසය දැනවීම සඳහා මේ ලෙස භාවිතා කරන අවස්ථා මා දැක තිබෙනවා - කෙසේ වුවත් කිසියම් නුහුරක් දැනෙන්නේ ඒ නිසා

    ReplyDelete
    Replies
    1. නුහුර ඇත්තේ නාමපදයේ අරුත, ක්‍රියාපදය සඳහා ද සිතට එන නිසයි!

      Delete
  4. I suspect under the anubhoothika facts that maathalan is a homo.

    ReplyDelete
  5. I prefer the use of "reckon".
    But, I suspect others may differ.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ නිතර ඇහෙන වචනයක් තමයි "රෙකොන්".

      Delete
  6. /ලංකාවේ ප්‍රථම (සහ එකම) වෘත්තීය බ්ලොග්කරු ලෙස විරුදාවලි ලැබ සිටින, W3Lanka බ්ලොග්කරු/

    වෘත්තීය බ්ලොග්කරුවකු යනු තමන්ගේ පළමු වෘත්තිය සේ බ්ලොග් ලිවීම කරන, එයින්ම උපයන මුදලින් ජීවත් වෙන කෙනෙක්. එවැනි බ්ලොග්කරුවකුට පාඨකයින් ලක්ෂයක්වත් සිටිය යුතුයි. වෙන රටවල එවැනි බ්ලොග්කරුවන් බ්ලොග්කාරියන් හිටියත් ලංකාවේ මාකට් එක කුඩා නිසා එවැන්නන් නැහැ. කවුරුත් එවැන්නන් වීමට උත්සාහ දරා වත් නැහැ. සමහර විට පැරා උත්සාහ දැරුවොත් පුළුවන් වේවි. නමුත් තවම ඔහු එතැන නැහැ.

    යම් ආයතනයක් වෙනුවෙන් (ලොකු පාඨක පිරිසක් නැති) බ්ලොග් එකක් ලියා එයින් ගෙවීමක් ලබා ගැනීමෙන් පමණක් කෙනෙක් වෘත්තීය බ්ලොග්කරුවකු වන්නේ නැහැ.

    නිතරම, බොහෝ වෙහෙස මහන්සි වී බ්ලොග් ලියන අය අතර පැරා පමණක් නෙවෙයි, මාතලන්, හැලපේ, විචාරක, ඉකොනොමැට්ටා, වෛද්‍ය රුවන් ජයතුංග වැනි තවත් බොහෝ අය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මාතලන්... මෙයා ලියන එව්වට කවුද ගෙවන්නෙ...

      Delete
    2. තමන්ට ලැබිය යුතු නිසි තැන ලබා ගන්න මාතලන් වගේ කෙනකුට තවත් කෙනකුට මුදලින් ගෙවන්න ඕනෑ කියන සිතිවිල්ලම වැරදියි නේද ඇනෝ?

      Delete
    3. @ Anonymous 27 September 2016 at 14:14

      වෘත්තීය බ්ලොග්කරුවෙකු යනු රැකියාව ලෙස බ්ලොග් ලියන්නෙකි!

      Delete
    4. වෘත්තීය සහ professional කියන්නෙත් අර කිව්ව වගෙම ටපලගන්න වචන දෙකක්නෙ.

      Delete
  7. Rasika

    I suspect that some anonymous commentator is trying to divert this discussion in another direction, possibly in anticipation of a food fight of the kind we have seen before. Hence you have much to gain by entirely blocking such commentators from your blog - :)

    ReplyDelete
    Replies
    1. I suspect you suspect him as a suspect for anonymous commenting?
      :-DDD

      Delete
    2. ලක්ෂාන්27 September 2016 at 14:17,

      I suspect that you suspect there will be a food fight if another will suspect Rasika’s intentions. But I suspect that you don’t suspect anyone else for suspecting Rasika for the comment. So I suspect that your suspicions are baseless.

      Delete
    3. I suspect some wait in suspense for others to suspect.

      Delete
    4. මේ මහත්තුරු ඉංගිරිස් වලින් කෙළින්නෙ අපට තේරෙන්නෙ නෑ කියල හිතාන වෙන්ටැ. අපිත් මෙව්ව කියවනවා ගූගල් ට්‍රන්ස්ලේට් වලට දාලා.

      Delete
    5. @ ලක්ෂාන්

      ප්‍රතිචාර සම්බන්ධයෙන් මගේ ප්‍රතිපත්තිය මෙලෙස වේ!
      https://rasikalogy.blogspot.com/2016/08/hear-ye-hear-ye-hear-ye.html

      Delete
  8. මගේ උපන් දිනේ මතක් වීම ගැන රසිකට බොහොම ස්තුතියි. සුන්දර ඉංගිරිසි ලිපි පෙළ නැවත ලියමු ද? මම විතරක් නෙමෙයි අපි හැමෝට ම කතා කරන්න දේවල් එහි තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා ලියන්න. අපි කියවන්නම්. ඇනෝ කමෙන්ට් දාන්නම්.

      Delete
    2. ලියන්න පැරා ඒක ලියන්න.

      Delete
    3. පැරා ඒක අපි ආසාවෙන් කියවපු ලිපි පෙළක්.

      Delete
    4. ලියන්න පැරා. මං නැවත එහි ගොස් ලිපි කිහහිපයක් ම කියවා බැලුවා!

      Delete
  9. රසිකයාණෙනි,

    English = ඉංග්ලිෂ් වූයේ කෙසේද? එය ශාස්ත්‍රානුකූලව "එංග්ලිෂ්" විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් මා මුලින් ලීවේ කවුරුත් වගේ ඉංග්‍රීසි කියායි, පසුව ආනන්ද මෛත්‍රි පොතේ පරිදි ඉංගිලිසි ලෙස ලිව්වා. සමහරු ඉංගිරිසි කියාත් ලියනවා.

      අවසානයේ මා ඉංග්ලිෂ් ලෙස ලියන්න පුරුදු වුණා. එංග්ලිෂ් කියා ලිවීම ඇසට නුහුරුයි.

      නමුත් සමහරු Engineer යන්න එංජිනියර් කියා ලියනවා. මා නම් ලියන්නේ ඉංජිනියර් කියායි!

      Delete
  10. මම සැක කළෙමි - මම දැන ගතිමි
    සිංහ බා ///

    ReplyDelete
    Replies
    1. ගල්ලෙන බ්‍රෝකන්, ලෙන් දොර ඕපන්?

      Delete
  11. අපි බොහෝ දෙනකුට සුද්දන් සියල්ලම ඉංග්‍රීසි සුද්දන් ලෙස සිතා සිටියත් නියම ඉංග්‍රීසි සුද්දන් සිටින්නේ සීමිත ප්‍රමාණයකි . එංගලන්තයේ හැරුනකොට යුරෝපා රටවල බොහමයක ඉංග්‍රීසි හුරුව එම රටට අවේනික වේ . ඔවුන් බොහෝ දෙනෙක් තනිකරම හෝ බාගෙට රැජිනව මර මරා තම අදහස් ප්‍රකාශ කරයි . කොටින්ම ඔවුන්ගේ ඉංග්‍රීසි බාවිතය කෙසේද යත් වරක් මා හට ප්‍රන්සයේදී Star Wars ප්‍රංශ බසින් නැරබීමට හැකි විය . ඉන්පසු මා කෙදිනකවත් යුරෝපා රට වලදී චිත්‍රපට නැරබීමට නොගියෙමි . යුරෝපයේ සියලුම රටවල් සියලුම ඉංග්‍රීසි චිත්‍රපට ඔවුන්ගේ බසින් පමණක් නරබන අතර ලංකාවේ එසේ නොවන බව මා ප්‍රකාශ කලවිට අප කෙතරම් ඉංග්‍රීසි ප්‍රවීණ දැයි ඔවුන් මවිත විය. එමෙන්ම මෙම නගර කෙතරම් සංචාරක පුරවර වුවත් ඉංග්‍රීසි කතා කරන්නෙකු සොයා ගැනීම කිසිවකු නොකළ ගෙයකින් අබ ඇටයක් සොයා ගැනීම හා සම වේ . නිතරම හීනමයෙන් අප වර්ගයා දෙස උපහාසයෙන් යුතුව බලන අප අපගේ මෙම ප්‍රවීනත්වය සැබවින්ම අගය කල යුතුය. මා හට වාසනාවකට මෙන් හමුවූ බොහෝ ගුරුවරු එංගලන්ත අත්දැකීම් සපිරි ගුරුවරුන් වීම නිසාවෙන් අපගේ වචනද බොහෝ විට රැජිනගේ ඉංග්‍රීසි හා සමපාත විය. කොළඹ සහ නුවර නගරවල නාගරික හා මධ්‍යම පාන්තික ඉංග්‍රීසි පරිහරනය (අනෙක් නගර පිලිබදව අත්දැකීමක් නොමැත) සහ එහි ගුණාත්මක අගය දෙවෙනි වන්නේ එංගලන්තේට පමණක් ලෙස මා හට හැගී යයි. කුමාර් සංගක්කාර සාදකය ගත්විට රැජිනටත් නළල රැලි ගන්වන යෙදීම් ඔහු සතුව ඇත . සැසදීමට මා හට හමුවූ සීනුවර තරුණියක සමග සංවාදයකින් පසුව ක්ෂණිකවම ම හට හැගී ගියේ ඇය තුල එංගලන්ත බසට වඩා ඇමෙරිකානු වචන හුරුවක් තිබු බවයි . රැජින තමාගේ බස පිළිබධව කෙතරම් සැලකීමත් වන්නේ නම් වරක් ඇය පැවසුවේ "There is no such thing as 'American English'. There is English. And there are mistakes."එංගලන්තය හැරුනුකොට එක්සත් රාජදානිය ගත්විට තනිකරම එකිනෙකට වෙනස් බස් ආකාර ගණනක් දැක ගත හැක. නමුත් සැම දෙනාම රැජිනව නොමරා ගුණාත්ම ඉංග්‍රීසි බාවිතා කරයි. මෙම බෙදී යාම මානව පෙන්නුම් කරන සාදකයක් ලෙස "Game of Thrones " කතා මාලාවේ එක් එක් ප්‍රබු පවුල් වල වචන බාවිතය ගත හැක . උතුරේ එක් අයුරිනුත් කිංග්ස් ලෑන්ඩ් වල එක් අයුරිකිනුත් බස හසුරුවන අතර වෙස්ටෝරෝස් වලින් පිට සියල්ලන් ම ඩොත්රකි අන්දමේ වචන බාවිතා කරයි . වයිල්ඩින්ස් යනු බොහෝ විට එක්සත් ජනපද නියෝජනයක් ලෙස මිනිය හැක . මෙම පොස්ටුව කියවන ඔබ සැලකිලිමත් විය යුත්තේ තව දුරටත් ගුණාත්මක සහ නිවැරදි ඉංග්‍රීසි ප්‍රගුණ කිරීමයි . මේ සදහා

    ReplyDelete
    Replies
    1. යුරෝපයේ ඉංග්‍රීසි භාවිතා කරන්නේ සංචාරක ක්‍ෂේත්‍රයේ පමණයි නේද? මා ගොස් ඇති රෝම්, ෆ්‍රෑන්ක්ෆර්ට්, හයිඩල්බර්ග්, සූරිච්, ෆ්ලොරන්ස්, වෙනීස්, මැඩ්රිඩ් වැනි නගරවලදී නම් කිසි ප්‍රශ්නයක් වුනේ නෑ අපේ වැඩ කර ගන්න.

      ඔය ඇක්සන්ට් ගැන කියන කොට මට හොප සිදුවීමක් මතක් වෙනවා. මා මෙල්බර්න්වල සිටියදී අපේ නිවසේ කාපට් පිරිසිදු කිරීමට පැමිණි මනුස්සයා කතා කරන හැටි අසා සිට මා ඔහුගේ ඇක්සන්ට් එක මොකක්දැයි ඇහුවා.

      ඔහු ලන්ඩන්වල සිට පැමිණි සංක්‍රමණිකයෙක්!!!

      Delete
    2. ලන්ඩන් වල ඉදල කැන්ගරු දේශයට යන්න නම් එක්කෝ උට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ අනික ලන්ඩන් වල දැන් ඉන්නෙම යුරෝපා සංගමයෙන් සංක්‍රමණික වෙච්ච අය . උදේට වැඩට යද්දී කවදාවත් ඉංග්‍රීසි වචනයක් ඇහෙන්නේ නැහැ ඇහෙන්නෙම මැන්ඩරින් කතාවල් . Brexit එකට මුලිකම හේතුව වුනෙත් Take London(Country) Back කියන එක

      Delete
  12. ආයි උඩ යට යන කොට දැක්කේ.. පින්තුරේ හැටියට මේ රසිකට කෙස් ඇවිල්ල වයසට ගියපු කාලෙක වගේ නේද?

    ReplyDelete
    Replies
    1. කෙස් ඇවිල්ලා?
      මගේ හිසේ අද ඩර්ක්ට වඩා කෙස් ඇත!

      Delete
  13. Suspect යන්න මෙම භාවිතයේ දී සෑම විටම positive අදහසක් ලබා දේ. Eg - I suspect I can learn.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.