Tuesday, 25 April 2017

උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud : Unique style


විශ්වවිද්‍යාලයෙන් පිටවී වසර එකොළහකට පමණ පසු මා ලංකාවෙන් පිට සිටිනා සමයක, ලංකාවෙන් පැමිණ සිටි තරුණයෙකු මුණ ගැසුණි.

මෙවැනි අවස්ථාවක දී සාමාන්‍යයෙන් මුලින් ම කෙරෙන්නේ "ඔයා ලංකාවේ කොහේද? කොහෙද ඉස්කෝලේ ගියේ?" ආදී වශයෙන් එකිනෙකා පිළිබඳව මූලික තොරතුරු හුවමාරු කර ගැනීමයි.

ඊළඟට එළැඹෙන්නේ "අරයව අඳුනනවා ද? එයාව දන්නවා ද?" වශයෙන් විමසමින් දෙදෙනාම දන්නා පොදු මිතුරන් සිටීදැයි සොයා බැලීමයි.

ඒ අවස්ථාවේ දී, අප දෙදෙනා ම දන්නා, එක් අයෙකු නොව කිහිප දෙනෙකු ම ඉන්නා බව පෙනී ගියේ ය.

ඉන් එක් අයෙකු වූ සුනිල් මා ඉතා හොඳින් දන්නා පුද්ගලයෙකි.

එහි දී නම් සඳහන් වුණු තවත් දෙදෙනෙකු වූ අරවින්ද සහ කමල් ද මම සාමාන්‍යයෙන් දන්නා පුද්ගලයින් ය.

සුනිල් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් බව මම හොඳින් දැන සිටියෙමි. ඒ ප්‍රවේශය සඳහා ලකුණු ඉතා වැඩියෙන් ම අවශ්‍ය පාඨමාලාවක ය.

අරවින්ද සහ කමල් ද එම පාඨමාලාව ම සුනිල්ට පසු වසරේ හදාරන්න වරම් ලැබූ අය වූහ.

අලුත හමුවුණු මිතුරා එදා මා සමග කීවේ මා කිසිසේත් ම බලාපොරොත්තු නොවූ කාරණයකි.

"දන්නවා ද, ඒ සුනිල් තමයි අරවින්දයි සහ කමලුයි දෙන්නාට ම ඒ-ලෙවල් විභාගේ ලිව්වේ!"

"මොනවා?"

"ඔව්, දන්නවානේ සුනිල් ඉගෙනීමට හොඳ දක්‍ෂයෙක්. අරවින්ද සහ කමල් තමයි සුනිල් ගේ හොඳම යාළුවෝ. ඉතිං, සුනිල් ඊළඟ අවුරුද්දේ හොර අයිඩී හදාගෙන අරවින්ද සහ කමල් විදියට විභාගේ ලිව්වා."

"කොහොමද එකම විභාගේ දෙන්නෙකුට ලියන්නේ?"

"මතකනේ ඒ පස්සේ අවුරුද්දේ විෂයය නිර්දේශ මාරු කරපු නිසා විභාග දෙකක් තිබුණු බව. එකක් අප්‍රියෙල්, අනික අගෝස්තු. අරවින්ද අප්‍රියෙල් විභාගේ පාස් වුණා. කමල් අගෝස්තු විභාගේ පාස් වුණා. නිකං නොවෙයි දෙන්නාම අර ඉහළ ලකුණු අවශ්‍ය පාඨමාලාවම කරන්න තරම් හොඳන් පාස් වුණා!"

මේ කතාව ඇත්තක් යැයි සිතමි.

කෙසේ වෙතත් කමල්ට නම් ඒ සමර්ථ වීම එතරම් ප්‍රයෝජනවත් වුණේ නැත. පළමු වසර අවසායේ පැවති කඩඉම් විභාගය ජය ගනු නොහැකි වූ නිසා දෝ ඔහු පාඨමාලාව හැර ගියේ ය.

"අරවින්දත්, මං හිතන්නේ නෑ ඒ විශ්වවිද්‍යාලේ වැඩ ඉවරයක් කළා කියලා!" අලුත් මිතුරා පැවසීය "මිනිහා වෙන ජොබ් එකක් කරන්නේ මං දන්නා තරමට!".

තම මිතුරන්ට උදව් කරන්නට වෙනත් දෙදෙනෙකු ගේ විශ්වවිද්‍යාල වරම විනාශ කළ සුනිල් කර ඇත්තේ හොරකමටත් එහා ගිය පාපයක් බව පැහැදිලි ය.

කෙසේ වෙතත්, සුනිල් යනු එසේ මෙසේ අයෙකු නොවේ.

මිතුරුකම නිසා, තමන් ගේ අනාගතය ද අවදානමකට ලක් කර, ඔහු මේ අනන්‍යතා හොරකම කළා පමණක් නොවේ, තමන් විභාගයට පෙනී සිට වසරක් යන තුරුම ඒ උසස් පෙළ විභාග දැනුම එක සේ ම පවත්වා ගත්තේ ය.

කොටින් ම තුන්වරක් ම, එකම විශ්වවිද්‍යාල පාඨමාලාවට සුදුසුකම් ලැබුවේ ය.

එවැනි වෙනත් අයෙකු සිටීයැයි මම නොසිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
විභාග අක්‍රමිකතා පිළිබඳව කතා කිහිපයක් පළ කරමින් මේ ලිපියේ සඳහන් සිදුවීම පිළිබඳ පැරණි මතකය අවදි කළ "අධ්‍යාපනයේ රසකතා" බ්ලොග්කරු දයාවීට මගේ ස්තුතිය පිරිනමමි.

(image: http://www.bbc.com/news/world-asia-india-31960557)

39 comments:

  1. ++++
    ඇයි නීති විද්‍යාලෙ එක්කෙනෙක් 99% ගත්තෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රනාන්දුපුල්ලේ ගැන ද මේ කියන්නේ?

      Delete
  2. අය්යෝ කකා ඕව මොනවාද
    Fake lecturers at University of Moratuwa Engineering faculty

    http://elakiri.com/forum/showthread.php?t=1794527

    ReplyDelete
  3. owa monavada mevane vada

    Fake lecturers at University of Moratuwa Engineering faculty
    http://elakiri.com/forum/showthread.php?t=1794527

    ReplyDelete
  4. කැම්පස් විතරක් නෙවී, පරිපාලන සේවා, නීති පිවිසුම වගේ විභාග වලත් වෙනවා, ගොඩක් වෙලාවට වෙන්නේ දෙන්නම එකම තැනින් විභාගෙට වාඩි වෙලා ශාලා සහයකයන්ගේ සහාය ඇතිව හෝ නැතිව පිළිතුරුපත් මාරුකරගැනීමයි. කැම්පස් ඉන්න ගමන් ඒඑල් ටියුෂන් කරන සමහරු පේපර් එක බලාගන්න ලියනවා කියල නැවත නැවත ඒඑල් ලියන රහස ඕකයි, විභාග දෙපාර්තමේන්තුවට තැපැල් හැඳුනුම්පත් කාලේ අල්ලගන්න බැරිවුනාට දැන්නම් ලෙසියෙන්ම ඩෙටාබේස් එකෙන්ම අල්ලගන්න පුළුවන් වංචාවක්.

    ගෙවල් ළඟ දොස්තරයෙක් ඉන්නවා, පවුලේ දොස්තරලා 3යි, වැඩිමලා හැබෑම දස්සයා අනෙත් දෙක සුපිරි මැට්ටෝ/ බේබද්දෝ, ඒඑල් නම් අය්යකාරයලු ලීවේ ඒත් ෆැකල්ටියෙන් කොහොම ගොඩ ආවද මන්දා, හැබැයි ඉතින් ටවුමේ පිපි කරන අනෙත් අයත් එච්චරම තමයි.

    ReplyDelete
    Replies
    1. උනන්දුව තියෙනවා නම් විශ්වවිද්‍යාල විභාග ලේසයි නේ. තරගයකුත් නෑ. ලකුණු 40 යි අවශ්‍ය පාස් වෙන්න!

      Delete
  5. මගේ ප්‍ර‍තිචාරයේ සංයමය ගැන අදහසක් ගන්න හෙට විතර ආපහු එන්නම්.

    ReplyDelete
    Replies
    1. කවුදෝ අසහනකාරයෙකු පැමිණ කුණුහරුප කතා ලියන්න ගත්තු නිසායි කමෙන්ට් මොඩරේට් කරන්න දාන්න වුනේ. ඊයෙත් එකක් තිබුණා!

      Delete
  6. සමහර විභාග මධ්‍යස්ථාන වල බ්ලැක් බෝඩ් එකේ උත්තර දාපු එකේ, ගුරුවරු ගණන් හදල දීපු එකේ ඔව්ව සුළු දේවල්.ජන වර්ගය අනුව කඩඉම් ලකුණු වෙනස් කරන සහ ඒවා සාධාරණ වෙන නීතිනෙ මෙහෙ තියෙන්නෙ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. විභාග ශාලාවල සේවය කරන අය හොර කරනවා නම් කාට කියන්නද?
      හැබැයි, ඒ ගැන අවංක විභාග අපේක්‍ෂකයෙකු හිටියා නම් පැමිණිළි කරාවි!

      Delete
  7. හැබැයි "දයාවී" කියන විදියට විභාගවල අක්‍රමිතා සිදු කෙරුවත් එව්වා බොහෝමයක් හෙළිදරව් කරගන්නවා ලු නේද?

    ReplyDelete
    Replies
    1. හෙළිදරව් කර ගත් ප්‍රමාණය බොහොමයක් කියා කියන්නට නම්, හෙළිදරව් කර ගත් ඒවාට අමතරව කර නොගත් ඒවායේ ප්‍රමාණයත් සංඛ්‍යාත්මකව දැන ගෙන ඉන්න ඕනෑ නේද?

      මං හිතන්නේ හෙළිදරව් කර ගන්නේ අයිස්බර්ග් එකේ උඩ කොටස පමණයි!

      Delete
  8. මම කැම්පස් එකේදි හොඳම මිතුරෙකුට විභාගෙ එක විෂයක් ලියන්න ගිහින් අහු වුණා. අහුවුණේ පේපර් මාකින් එකේදි. කොහොම අහු වුණාද කියල හිතා ගන්න බෑ, සමහරවිට අත් අකුරුවලින් වෙන්න ඇති. පස්සෙ අපි දෙන්නවම කැම්පස් එකෙන් එලියට දාන්න ගිහින් ලෙචා හොඳ එකෙක් නිසා වැඩේ ගොඩින් බේරුණා. ඒ කාලෙ යාළුකමට නොකරන දෙයක් නෑ. ඒවා ගැන ඕනෙනම් වෙනම බ්ලොග් එකක් ලිව්වැකි.

    ReplyDelete
    Replies
    1. හැක් රොබට කැම්පස් ගියා?
      ඒ වෙලාවෙ මහා වැස්සක් වැස්සද?
      මගේ ඩිග්‍රිය ආපහු දෙනව අම්මප

      Delete
    2. මා විශ්වවිද්‍යාලයක දේශකයෙකු ළෙස වැඩ කළ අවසාන කාලයේ හොරකම් අල්ලන්න සහ ඒවායේ ඇකඩමික් මිස්කන්ඩක්ට් පරීක්‍ෂණවලට පවත්වන් සිටින්න සෑහෙන කාලයක් ගතවුණා!

      ලංකාවේ නොවේ, ඕස්ටේ‍ර්ලියාවේ!

      Delete
    3. රොබට්ටත් තරහකාරයින් ඉන්න පාටයි!

      Delete
    4. තරහාකාරයන්ට වඩා ඉන්නෙ ඉරිසියාකාරයො, කොහොමත් ඒක ලාංකිකයන්ගෙ ලක්ෂණයක්.

      Delete
  9. oi රසික, කෝ oi මම දාපු ඇනෝ කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. අසභ්‍ය දේ තිබුණු ප්‍රතිචාර ස්පෑම් ගොනුවට යවා ඇත!

      Delete
    2. රසික, මම අසභ්‍ය දෙයක් ලියලා තිබ්බේ නෑ. මම ඇහුවේ මේ කැත වැඩේ කළ පුද්ගලයාගේ වර්තමාන තත්වයයි.

      මොකද බුදු දහමට අනුව මේක දෙලොවම විපාක දෙන පවක්. දිට්ඨදම්මවේදනීය අකුසලයක් ලෙස මේ පුද්ගලයාට මෙලොවම මේ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතුයි.

      Delete
    3. සමාවෙන්න එවැනි කමෙන්ටුවක් මේ ලිපියට ලැබී නැත.

      අවසානයට ස්පෑම් කරන ලද කමෙන්ටුව ලැබුණේ අප්‍රියෙල් 24 වෙනි දිනයේ දී ලොවි ගසින් වැටීම නම් ලිපියටයි!

      Delete
  10. ඇටමැස්සාගේ අඩවිය නැවත පල කිරීමට අප තීරණය කලෙමු. වර්ඩ්ප්‍රෙස් කට්ටියගේ සහය ඇතිව එය පුනරුත්තාපනය කිරීමට හැකි විය. එන්න අප සමග එක්වන්නhttps://hanthana.wordpress.com/

    ReplyDelete
  11. චන්දන කත්‍රිආරච්චි වෙනුවෙන් මහියන්ගනේ ඉඳන් O/L ලියපු එකා අහු වුනා..
    බෝක්කු කටා, චතුර සේනාරත්නත් Campus ගියේ වෙන එකෙක් A/L ලියල, ඒ වුනත් ඌට Campus එකෙන් පාස් වෙන්න බැරි වුනා
    ගම්පහ හරක් රැල නිසා ඌ ගොඩ ගියා

    ReplyDelete
    Replies
    1. චතුර සේනාරත්න ලෙසින් වෙන අයෙකු පෙනී සිටියා ද නැතිනම් චතුර වෙනුවෙන් ඔහු විශ්වවිද්‍යාලය මගහැර තවත් වසරක් විභාගය කළා ද?

      ඒ සිසුවා දැන් වෙනත් විශ්වවිද්‍යාලයක ඉගෙනීම හමාර කර ඇති නේද?

      Delete
    2. ගම්පහ හරක් රැලක් නිසා ම පමණක් නොවෙයි, කුල ගෝත්‍ර සළකා ඡන්දය දීමක් තියෙනවා නේද එතැන?

      Delete
  12. මේ කොමෙන්ට් එක ජාතිවාදීයිද දන්නේ නැහැ.
    යාපනයේ උසස් පෙළ විභාග ශාලා වල ශාලාධිපතිවරු උත්තර බ්ලැක් බෝර්ඩ් එකේ ලියල තියෙන්වා කියලා මගේ යහළුවෙක් කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔබේ යහළුවා එවැනි විභාග ශාලාවකදී එය සියැසින් දැක ඇත්නම් එය සත්‍යයක් විය යුතුයි!

      ජාතිවාදය යනු ජාතිය අනුව සිතා එකෙකු විසින් අනෙකෙකුට සිතා මතා වෙනස්කමක් හෝ අසාධාරණයක් හෝ කිරීමයි.

      Delete
  13. 77දි හා 78 දී මගේ පියා දෙවරක් ම වෙන අය වෙනුවෙන් උසස්පෙළ ලියා තිබෙනවා. ඒ වන විට ඔහු විශ්වවිද්‍යාලයේ. හැබැයි ඒ මිතුරන්ට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ සමත් වීමට පමණයි.

    ReplyDelete
    Replies
    1. වංචාව වංචාවමයි!
      නමුත් ඉන් වී ඇති බලපෑම තරමක් අඩුයි!

      Delete
  14. //උනන්දුව තියෙනවා නම් විශ්වවිද්‍යාල විභාග ලේසයි නේ. තරගයකුත් නෑ. ලකුණු 40 යි අවශ්‍ය පාස් වෙන්න!//
    ෆේල් වෙන අය කොයි තරම් ඉන්නවද? රසිකලා බ්‍රයිටො නිසා තේරෙන්නෙ නෑ. සමහරුන්ට 40 ගන්න කොයි තරං කට්ටක් කන්න ඕනෙද කියලා...

    ReplyDelete
    Replies
    1. හෙන්රි ගේ කතාවේ වැරදි නිවරද කර නොකී කෑල්ලත් එකතු කරනවා නම් මෙහෙමයි.

      අමාරු විභාගය උසස් පෙළ සහ ඊළඟට සිලෙක්ට් වෙන එක. මගේ වසරේ 141,000 ක් විභාගය කළා. එයින් 41,000 ක් සමත්, නමුත් විශ්ව විද්‍යාලයට ගත්තේ 5,500 විර. එයින් ඉංජිනේරු පීඨ දෙකට 550 යි. ඉතිං විශ්ව විද්‍යාලයේ යන්නේ ම බ්‍රයිටන් නේද?

      නමුත් ඒ යන අය ෆේල් වීම වෙනම ම කතාවක්.

      නමුත් ඒ ගුණ්ඩලාගේ ජයසේකරලාගේ, සිවාලා ගේ, සැමුවෙල්ලා ගේ, ජයතිලකලා ගේ කාලේ. එච්චර පරිසක් අසමත් වීම ගැන ඔවුන් කිසි ම සොයා බැලීමක් කළා ද?

      මතකනේ 150 සිට 250 කළායින් පසු 60 කණ්ඩායම් බැච් මිස් වුණු හැටි?

      නමුත් 2001 න් පමණ පසු සෙමීස්ටර් ක්‍රමය ආ සසු ඒ තත්වය දැන් ෆැකල්ටියේ නෑ කියලාය ආරංචිය!

      Delete
    2. ඊ-ෆැක් මෙමොරීස් බ්ලොගයේ ෆැකල්ටි සමය ගැන කතා කිහිපයක් ම ඇත. කියවන්න!

      http://efacmemories.blogspot.com/

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.