Saturday 29 April 2017

මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!


අපේ වැඩිහිටි පරම්පරාව පාසල් ගිය කාලයේ ගමේ පාසලේ පහළ ම ශ්‍රේනිය, එනම් කුඩා ළමයෙකු තම පාසල් අධ්‍යාපනය හා හා පුරා කියා අරඹා ආරම්භ කර පුරා වසරක් ගත කරන ශ්‍රේණිය, හැඳින්වී ඇත්තේ හෝඩිය කියා ය. හෝඩිය සමත් වූ පසු සිසුන් පිවිසෙන්නේ පළමුවෙනි ශ්‍රේණියටයි.

"මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්" නම්, ෆෙඩී සිල්වා ගයන විකට ගීතයේ "හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි මං පළවෙනියට ආවේ" යැයි කියවෙන්නේ ඒ කතාවයි.

සමහර වැඩිහිටියන් කියන කතාවලට අනුව නම්, ඔවුන් ගිය පාසල්වල පහළ බාලාංශය සහ ඉහළ බාලාංශය යනුවෙන් පන්ති දෙකක් තිබී ඇත. ඒ පෙර කී හෝඩිය සහ පළමුවෙනි ශ්‍රේනියම යැයි සිතමි.

පළමුවෙනි ශ්‍රේණියෙන් පසු දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි යනාදී වශයෙන් වසරක් බැගින් අධ්‍යාපනය ලබා දෙන අප දන්නා සාමාන්‍ය ක්‍රමයට සකස් වී තිබී ඇත.

එසේ පාසල් අධ්‍යාපනය හදාරන සමහර දෙනෙකු එය අවසාන කර ඇත්තේ අටවෙනි ශ්‍රේණියේ දී ය. අටවැන්න සමත් අයට, රජයේ සේවයේ පොලිස් කොස්තාපල්, හමුදා සෙබළ වැනි රැකියාවලට යාමට අවස්ථාව පසු කලක් වන තුරුම තිබී ඇත. පොලිස්කාරයින් සඳහා "අට පාස් කොස්සන්" වැනි පරිභවාත්මක යෙදුම් එකල භාවිතයේ පැවතුණේ ඒ හෙයිනි.

මගේ තාත්තා සහ ලොකු නැන්දා ගේ පරම්පරාවේ වැඩිහිටියන් තම පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ පැවති ප්‍රාරම්භයක් සහ අවසානයක් ගැන මා අසා තිබේ. මේ දෙවසර, පිළිවෙලින් නමවෙනි ශ්‍රේණිය සහ දහවෙනි ශ්‍රේණියට සමාන වෙන්නට ඇතැයි මම සිතමි.

නමුත් ඒ කාලයේ දී මේ ප්‍රාරම්භයට ගොස් අවසානය සමත් වී ඇත්තේ වයස අවුරුදු පහළොවේ කොලු ගැටයින් ගැටිස්සියන් නොව ඊට වඩා වයසැති තරුණ තරුණියන් ය.

ඒ නම්වලින් ම පැවසෙන පරිදි ප්‍රාරම්භයට පසු එළැඹෙන අවසාන වසරේ පැවැත්වෙන අවසාන විභාගයට පෙනී සිටීමෙන් පසු පාසල් අධ්‍යාපනය නිමා වේ. එකල ගම්බද සහ නගරබද වුව, දිළිඳු සිසුන් සඳහා පැවති වර්නකි්‍යුලර් අධ්‍යාපන ක්‍රමයේ අවසානය එය ම වුණි. අවසාන විභාගය සමත් වුණු පසු ශිෂ්‍ය ගුරු පත්වීමක් ලබා පසුව රජයේ උපගුරුවරයෙකු වීමට ඉඩ ලැබුණේ යැයි ද කියවේ.

තාත්තා සහ ලොකු නැන්දා ගුරුවරුන් වී ඇත්තේ ඒ ක්‍රමයටයි. ඒ කාලයේ ලංකාවේ ගම්බද තරුණ තරුණියන්ට රජයේ අධ්‍යාපනය හදාරා ලබා ගත හැකි වූ හොඳම රැකියාව ගුරු පත්වීම බව මම පෙර ලිපියක ද සඳහන් කළෙමි.

අපේ අම්මා සහ චූටි නැන්දා තම පාසල් දිවිය ගැන සඳහන් කරන විට ප්‍රෙප් එක සහ ෆෝම් එක යනුවෙන් හැඳින්වෙන අධ්‍යයන වර්ෂ දෙකක් ගැන සඳහන් කරනවා මා අසා ඇත. මේ සටහන සඳහා අම්මාගෙන් ඒ ගැන දුරකථනයෙන් විමසා බැලූ කළ මට තේරුම් ගියේ, ඒ කියන්නේ ද, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණි පිළිබඳව ම බවයි.

වසර කිහිපයකට පසු කාලයක, සිංහල රාජ්‍ය භාෂාව වූ පසු, දහවෙනි ශ්‍රේණිය අවසානයේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම ලිපිකරු වැනි වෙනත් රජයේ සුදු කරපටි රැකියා ලබා ගැනීමේ මූලික සුදුසුකම වී ඇත.

ඒ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දී ඇත්තේ විද්‍යා, වාණිජ හෝ කලා නමැති මූලික විෂයය ධාරා තුනෙන් එකකට අදාළ විෂයන් අටක් වසර දෙකක් තිස්සේ, එනම්, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණිවල දී, ඉගෙන ගැනීමෙන් අනතුරුව ය. එලෙස, විද්‍යා, වාණිජ හෝ කලා යන විෂයය ධාරා සඳහා සිසුන් තෝරා ගැනීම සඳහා අටවෙනි ශ්‍රේණිය අවසානයේ දී තරග විභාගයක් පැවැත්වී ඇති අතර මා දන්නා පරිදි මේ විභාගය වර්ෂ 1973 දක්වා ම පැවැත්වී ඇත.

අපේ පාසල් කාලයේ දී රජයෙන් ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා පෙර පැවති අටේ පන්තියේ විභාගය සහ ඉන් පසු දෙවසරක් තිස්සේ කෙරෙන සාමාන්‍ය පෙළ විද්‍යා / වාණිජ / කලා ඉගෙනීමේ ක්‍රමය අහෝසි වී ගියේ ය. හයවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වාම සෑම සිසුවෙකුම එකම විෂයමාලාව හදාරන්නට සිදුවුණේ ඊට පසුව ය.

මේ වෙනස පිළිබඳව විස්තර මා ජැක්සන් ඇන්තනි ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලියූ ලිපියක ද දීර්ඝ වශයෙන් සඳහන් කළෙමි.

-රසිකොලොජිස්ට්

මෙය කියවන ඔබ, ඔබේ වැඩිහිටි පරම්පරාවේ විවිධ වයස් කාණ්ඩවල අයගෙන් ඔවුන් ගේ පාසල් සමය පිළිබඳ මේ ආකාරයේ විස්තර අසා දැන තිබේ ද?

එසේ දැන ගත් විස්තරයක් වෙතොත් මෙහි සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි!

(image: https://www.facebook.com/sonduru.sitha)

19 comments:

  1. DEAR KAKKA,
    OUR BROTHER-LIKE-FRIEND, WICHARAKA HAS PASSED AWAY.....!

    ReplyDelete
    Replies
    1. Kakka is kakka karanawa

      Delete
    2. උදේ පාන්දරම ආරංචිය ලැබුණා.
      කාටත් ඔය ගමන යන්න වෙනවා!

      Delete
  2. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

    කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

    ReplyDelete
    Replies
    1. THANKS BROTHER!

      Delete
    2. ඒම දුකකි,
      යාම දුකකි,
      ඒම යාම අතර දුකකි!

      Delete
  3. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

    කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

    ReplyDelete
  4. පරණ OK අවසන් වරට කවදා තිබ්බා දැයි නොදනිමි. නමුත් අවසන් වරට 1974 දෙසැම්බර් මස මා එම විභාගය ට ප්‍රථම වරට පෙනී සිටියේ එසේ ප්‍රථම වරට පෙනී සිටින අවසාන කණ්ඩායමේ සිසුවෙකු ලෙසිනි.

    ReplyDelete
    Replies
    1. නැවත සොයා බලන්න. මා දන්නා පරිදි 1978 දී ත්, පැරණි සාමාන්‍ය පෙළ (රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ශුද්ධ ගණිතය, උසස් ගණිතය, ව්‍යවහාරික ගණිතය වැනි විෂයයන් සහිත) විභාගය පැවැත්වුණා.

      නමුත් ඒ නැවත පෙනී සිටින අයටයි.

      මුල්වරට පෙනී සිටින අය සඳහා ඒ පැරණි සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුනේ 1966 දී පාසල් අධ්‍යාපනය ඇරඹූ කණ්ඩායම සඳහා යි. ඒ කියන්නේ 1975 වසරේ දී.

      Delete
  5. “පාසල් අධ්‍යාපනය හදාරන“ කියන ප්‍රකාශයට මං විරුද්ධයි. අපි හදාරන්නේ යම් විෂයයක් හෝ කිහිපයකි. “අධ්‍යාපනය“ විෂයයක් වශයෙන් හදාරන අය “අධ්‍යාපන පීඨ“ හෙවත් එඩියුකේෂන් ෆැකල්ටි“ වල සිටිති. මා අධ්‍යාපනය හදාරා නැත. අධ්‍යාපනය දිය යුත්තේ කෙසේද යන්න ගැන මට විධිමත් දැනුමක් නැත. මා සහ ඔබ හැදෑරූ
    මව්බස, ස්වභාව අධ්‍යයනය, ඉතිහාසය, භූගෝලය ආදියත් අනතුරුව හයවැනි ශ්‍රේණියෙන් පසුව සිංහල, බුද්ධාගම, ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යයනය යනාදියත්, එයිනුත් පසුව ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය, රසායන විද්‍යාව ආදියත්, පසුව ද්‍රව්‍ය විද්‍යාව, ද්‍රව්‍යයන්ගේ ශක්තිය, යාන්ත්‍රික ඇඳීම ආදියත් “අධ්‍යාපනය“ යන විෂයයට අයත් ඒවා නොව වෙන වෙනම වූ විෂයයන් වේ.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි.

      ඒ යෙදුම "පාසල් අධ්‍යාපනය ලබන" කියා වෙනස් විය යුතුයි!

      Delete
  6. "ඔවුන් ගිය පාසල්වල පහළ බාලාංශය සහ ඉහළ බාලාංශය යනුවෙන් පන්ති දෙකක් තිබී ඇත. ඒ පෙර කී හෝඩිය සහ පළමුවෙනි ශ්‍රේනියම යැයි සිතමි."

    I believe this means Lower Elementary and Upper Elementary. Not just kindergarten and 1'st grade.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ සිංහල තේරුම ගැනයි. නමුත් ප්‍රායෝගිකව එය ළමයෙකු පාසල් යන මුල් වසර සහ දෙවෙනි වසර නොවේ ද? වැඩිහිටියන් සමග කළ කතා බහෙන් මට නම් තේරුණේ එලෙසයි.

      ඒ ආකාරයට ම ප්‍රෙප් (prep) සහ ෆෝම් (form) කියා ඇත්තේ නමවෙනි සහ දහවෙනි ශ්‍රේනිවලටයි.

      Delete
  7. මා පාසැල් අධ්‍යාපනය පටන් ගත්තේ වසර 1958 දී. පළමු පන්තිය 'පහළ බාලාංශය' (Lower Kindergarten - LKG). ඉන් පසු 'ඉහළ බාලාංශය' (Upper Kindergarten - UKG). ඉන් පසු දෙවන පන්තිය.
    ඒ වාගේම නව ශ්‍රේණියට යාම සඳහා වෙනම විභාගයක් අප පාසලේ පැවැත් වූයේ නැත. අට වන පන්තියේ අවසාන වාර පරීක්ශණයේදී විද්යා හා ගණිත විශයන්ට ළකුණු 35ට වඩා ගත් අය විද්යාව කිරීමට තෝරා ගනු ලැබිණි. ඔවුන්ට කැමති නම් ස්වෙච්චවෙන් කලා විශයයන් හැදෑරීම තෝරා ගැනීමට අවකාශ ලැබුණි.

    ReplyDelete
    Replies
    1. මා දන්නා පරිදි ඔය අටවැන්නේ විභාගය 1973 දක්වා පැවැත්වුණා. ඒ අය තමයි අවසාන වරට විද්‍යා/කලා/වාණිජ ලෙස බෙදී වෙන්වුණු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය කණ්ඩායම. ඒ සාමාන්‍ය පෙළ විභාගය දෙවන තුන්වන වරටත් පෙනී සිටින අය සඳහා 1979 දක්වාම වාගේ පැවැත්වුණා.

      Delete
  8. මේ දිග නම් වසන්තයට අවාසියි :D

    ReplyDelete
    Replies
    1. මේවා ස්ටොක් ලිපි. මං හිතන්නේ මං ලිව්වේ ගිය වසරේ අවසාන කාලයේ. ඉන්න බලන්න.

      Delete
    2. ඔව් මේක ඒ කාලේ මං ලියපු මෙන්න මේ සටහන ලියන්න ගිහින් ආපු අතුරු කතාවක්

      https://rasikalogy.blogspot.com/2016/11/some-poor-mothers-miss-out.html

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.