බ්ලොග් අවකාශයේ ද, ෆේස්බුක් එකේ ද, පසුගිය දිනවල කුණු ඇවිස්සෙනවා දුටුවත්, කුණු කේස් ගැන අලුතෙන් දෙයක් ලියන්න මා නම් නොසිතුවේ කලින් කුණු ගැන සටහන් කිහිපයක් ම ලියා තිබුණු නිසා ය.
නමුත් ඊයේ වෙනත් තැනක සටහනක් තබද්දී ලියවුණු පහත කාරණය රසිකොලොජියේ ද පළ කරන්නට සිතුවෙමි.
මේ ලිපියේ අමුතු හෝ අලුත් දෙයක් නැති බව මුලින් ම පවසමි.
කතාව කෙටියෙන් මෙය යි.
නගර සභාවෙන් හෝ පාරේ ඇති හිස් ඉඩමකින් හෝ පාරේ පාළු වංගුවකින් හෝ කිසිදු උදව්වක් නොමැතිව අපට අපේ කුණු අප ඉන්නා නිවස පිහිටි ඉඩමේ දී ම කළමනාකරණය කර ගත යුතුව ඇතැයි සිතන්න.
දැන් මෙය අප කරන්නේ කෙසේ ද?
කුණු යනු කුණුවෙන කුණු සහ කුණු නොවන කුණු ලෙස මූලිකව ම කොටස් දෙකකි. එනිසා අප මුලින් ම කළ යුත්තේ මේ කුණු වර්ගීකරණය කර ඒ ආකාරයට බෙදා එකතු කිරීමයි. ඉන් පසුව ඒ වෙන් කර ගත් කුණු සහ නොකුණු ඒ ඒ වර්ගවලට යෝග්‍ය ආකාරයට කළමනාකරණය කිරීමයි.
- කුණු නොවන කුණුවලින් කොටසක් කෙළින් ම නැවත පාවිච්චි කළ හැකි ඒවා ය.
- කුණු නොවන කුණුවලින් තවත් කොටසක් නැවත නිෂ්පාදන ක්‍රියාවලියක දී අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කළ හැකි ඒවා ය.
- කුණු නොවන කුණුවලින් තවත් කොටසක් ආරක්‍ෂාකාරී ලෙස පුළුස්සා දැමිය යුතු වෙනු ඇත.
- කුණු නොවන කුණුවලින් ඉතිරි කොටස ආරක්‍ෂාකාරී ලෙස වළලා දැමිය යුතුය.
- කුණු වෙන කුණුවලින් මූලිකවම පොහොර සෑදිය හැක.
- එසේ පොහොර සඳහා භාවිතා කළ නොහැකි කුණු වෙන කුණු ද, එක්කෝ ආරක්‍ෂාකාරී ලෙස පුළුස්සා දැමිය යුතුය, නැතහොත් ආරක්‍ෂාකාරී ලෙස වළලා දැමිය යුතුය.
ඒ කුණු කළමනාකරණයට යන වියදම, භාණ්ඩ පරිභෝජනය කරන්නන් විසින් ඒ ඒ භාණ්ඩයේ මිලේ කොටසක් ලෙස ගෙවීම වඩාත් සාධාරණ ක්‍රමය වේ!
-රසිකොලොජිස්ට්
ප/ලි:
මා 2015 වසරේ ලියූ කුණු කතා කිහිපය මෙසේ ය.
1. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html
2. පරණ කුණු කතා - Latter day litter, later!
http://rasikalogy.blogspot.com/2015/06/latter-day-litter-later.html
3. ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයින් බිහිවෙන හැටි - - Garbage regime in Australia
http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html
4. අන්තිම කුණු කෑලි දෙක (ලෝකල් ඒවාය, ෆොරීන් නොවේ!) - Local rubbish
https://rasikalogy.blogspot.com/2015/06/local-rubbish.html
(image: http://media.gettyimages.com/photos/sri-lankan-man-walks-past-a-poster-bearing-portraits-of-president-picture-id459409154)
මගේ පෝස්ට් එකේ කියපු එක වෙන්නෝනි.. කුණු නොවන කුණු හා කුණු වෙන කුණු කලවං කර ගත්තම වැඩේ පට්ට කුණු වෙනවා..
ReplyDeleteහැබැයි කුණු නොවෙන කුණු කවදාවත් කුණු වෙන්නේ නෑ. ඉලෙක්ට්‍රොනික් වේස්ට්, නියුක්ලියර් වේස්ට්
Deleteකුණු ගැන කුණු නැති කතාවක් ජයවේවා !!
ReplyDeleteකුණු කුණු නොගා ඉම්මු.
Deleteසමහර යුරෝපා රටවල ෂොපින් බෑග් නොමිලේ දෙන්න තහනම් එකක් යුරෝ සත 25 යි. අපේ සල්ලි වලින් රුපියල් 40 ක් විතර වෙනවා. වක හොඳ ක්‍රමයක් ෂොපින් බෑග් පාලනයට
ReplyDeleteමෙහේ සමහර කඩවල බයෝ ඩිග්‍රේඩබල් බෑග් දෙනවා.
Deleteපර් 7 ඉඩමේ කුණු වලදාන්ෙන් කොහොමෙයි?
ReplyDeleteමේ ලිපියේ අරමුණ එය නොවෙයි.
Deleteකුණු කුනු කරගන්නෙ නැතුව එළියට දාන්න පුලුවන්නං පස්සෙ කුනුකුනු ගාන්න වෙන එකක් නැතිවෙයි.
ReplyDeleteකුණුකුණු ගානවා ද, කුනුකුනු ගානවා ද, කුணுකුணு ගානවා ද නැති නම් කුனுකුனு ගානවා ද?
Deleteරසික සූරියආරච්චි සිංහල සාහිත්‍යයෙ තිබුණු සරලකම අගය කළා. කුමාරතුංග කවියකු ලෙස කව් සිළුමිණ අගය කළත් රසික සූරියආරච්චි එය අගය කෙළේ නැහැ. කව් සිළුමිණ භාරතීය මහා කාව්‍යවල අනුකරණයක් බව සූරියආරච්චි කදිමට පෙන්නුම් කළා. ඔහු අගය කෙළේ ගුත්තිලය. සිංහල සංස්කෘතියෙත් සාහිත්‍යයෙත් තිබුණ ආටෝප නැති සරලකම ඉවෙන් දැනගත්තත් රසික සූරියආරච්චි එය තේරුම් ගත්තෙ බටහිර ප්‍රවාදවලින්. මෙතන තිබුණෙ අන්තර්ඥානයට (ඉවට) සරිලන අපේ ප්‍රවාද නොතිබීමේ අඩුව. කුමාරතුංගට වගේ ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීමේ හැකියාවක් රසික සූරියආරච්චිට තිබුණෙ නැහැ. ඒ නිසා රසික සූරියආරච්චි සිංහල සංස්කෘතිය මැලිනොව්ස්කි, රූත් බෙනඩික් වැනි බටහිර මානව විද්‍යාඥයන්ගෙ ප්‍රවාදවලිනුත් සාහිත්‍යය ඊනියා යථාර්ථවාදී පැත්තෙනුත් අගය කෙරුවා. ඒ ඔහු බටහිර දැනුමට යට වී සිටි නිසා. ඔහුට තබා ඊට පසුව පැමිණි ගුණදාස අමරසේකරටවත් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් නිදහස් වෙන්න බැරි වුණා.
ReplyDeleteඅපේ ගෙදර ක්‍රියාත්මක වී ඇති සරල ක්‍රම කිහිපයක් :
ReplyDelete1) පොලිතින් සිරි මලු වෙනුවට රෙදි මලු හෝ උර ගෙන කඩේ යෑම
2) මස් , මාළු වැනි දේ කරදාසි ඔතන වල එසේම ගෙදර ගෙන එවෙලේම පිස ගැනීම
3) ප්ලාස්ටික් පෙට්ටි වල අහුරා ඇති පලතුරු, එළවලු, විස්කෝතු වැනි දේ මිලදී නොගැනීම
4) සියලු කාබනික කසළ කොම්පෝස්ට් කර පොහොර සෑදීම.
5) ප්‍රතිචක්‍රීය නොකළ හැකි දේ පමණක් කුණු කසල ලෙස ඉවත් කිරීම
6) පරිභෝජනය අවම කිරීම (මෙය ආර්ථිකයට හොඳ දෙයක් ලෙස පෙනුනත් දීර්ඝ කාලීනව යහපතක් විය හැක)