Wednesday 26 April 2017

වසන්තයේ පියඹා ආ ඇට මැස්සා - Welcome back Gadfly


"ගම ගාල්ල, පුක ලෑල්ල" යන කියමන ඔබ අසා තිබේද?

දැන් ගාලු සෙට් එක කලබල වෙන්න එපා, හරිය?

ගාල්ලේ පමණක් නොව ඕනෑම ප්‍රදේශයක උපත ලැබූ පුක ලෑල්ලක් වැනි අය සඳහා "පුක මැස්සෝ බීලා වගෙයි!" කියා ද සමහරු කියති.

දැන් නම් හුඟ දෙනෙකු කලබල වෙන්නට ඉඩ ඇත!

එනිසා තව වැඩි දුර ලියන්නට පෙර යමක් කිව යුතුය.

"ඔළු සෝදමු!" යනුවෙන් කියවුණු දේශපාලු පෝස්ටරයක් "පුක සෝදමු!" යනුවෙන් වෙනස් කළ සිදුවීමක් මීට වසර තුනකට පෙර (2014 අප්‍රියෙල්) ගාල්ලෙන් වාර්තා විය.

ඒ වෙනස්කම සිදු කළ පුද්ගලයාට විරුද්ධව පොලිසියෙන් නඩු පවරන ලදී. ඒ නඩුවට නිමිත්ත වූ වරද වී තිබුණේ, පුක යන වචනය අසභ්‍ය එකක් යැයි පොලීසිය සිතීම බව පෙනේ.

එහිදී කරුණු දැක්වූ විත්තියේ නීතිඥයා කියා ඇත්තේ පුක යනු ශරීරයේ අවයවයක් බවත්, පුක යන වචනයට වෙනත් තනි වචනයක් නොමැති බවත්, මෙය ශබ්දකෝෂයේ පවා සඳහන් කර අරුත් දක්වා ඇති කිසිසේත් ම අසභ්‍ය නොවන වචනයක් බවත් ය.

ඔහු උසාවියේ දී, ප්‍රකාශ කළේ දැයි මා නොදන්නා අනෙක් කරුණ නම් පුක සේදීම යනු අප බොහෝ දෙනෙකු දවසකට වරක් හෝ සිදු කරන ක්‍රියාවක් බවයි.

ගාල්ලේ එකී සිදුවීම වාර්තාවන්නට වසර තුනකට පෙර 2011 අප්‍රියෙල් මාසයේ දී, පුක යනු කුණුහරුපයක් නොවන බව සිංහල සයිබර් අවකාශයේ දී තර්කානුකූලව ඔප්පු කෙරුණු බව එකල බ්ලොග් කියවූ බොහෝ දෙනෙකු දන්නා කාරණයකි.

මේ සමගම කිව යුතු තවත් කාරණක් වන්නේ, මිනිසුන් ගේ වැරදි චර්යාවන් සහ අදහස් පිළිබඳව කෙතරම් උපහාසයෙන් කතා කළත්, ශරීරාංග පිළිබඳව හෝ උපතින් ලද දේ පිළිබඳව හෝ සරදම් කිරීම කිසිසේත් නොකළ යුත්තක් බවයි.

කෙසේ වෙතත්, මට ඒ මැස්සෝ බීලා වගේ යන කියමන සිහිවූයේ මැස්සෙකු පිළිබඳ සඳහන් කමෙන්ටුවක් ඊයේ රාත්‍රියේ රසිකොලොජි බ්ලොගයට ලැබුණු නිසා ය.

ඒ ගෙමැස්සෙකු හෝ පලතුරු මැස්සෙකු පිළිබඳව නොවේ. ඇටමැස්සෙකු පිළිබඳව ය.

ඇටමැස්සා හෙවත් ගැඩ්ෆ්ලයි යනු හිටපු සිංහල බ්ලොග්කරුවෙකි. ඇටමැස්සා ගේ අඩවිය හෙවත් ගැඩ්ෆ්ලයිසෝන් යනු අදාල බ්ලොග් අඩවියයි.

වසර 2010 සිට 2012 දක්වා කාලයේ සිංහල බ්ලොග් අවකාශයේ ලියවී එක්වරම අතුරුදහන් වූ එක් දේශපාලන බ්ලොගයක් මෙලෙස පුරා වසර පහකට පසුව නැවත ප්‍රාතිභූර්ත වීම සතුටට කරුණකි.

පුනරාගමනය නොහොත් පුනරුත්පත්තිය, පලතුරු මැස්සන් රජයන වසන්ත සමයේ පැවැත්වෙන බ්ලොග් වසන්තය නම් පුනරුද සමයේ දී ම සිදුවීම අපුරු සමපාත වීමක් බව කිව යුතුය.

මෙන්න ඇටමැස්සා ගේ අඩවියේ ලිපිනය.

https://hanthana.wordpress.com/

ඒ ලිපිනයෙන් කිව හැක්කේ එක්කෝ මේ ඇටමැස්සා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් එකෙකු හෝ එසේ නැතහොත් ලිනක්ස්කාරයෙකු බවයි.

ඇටමැස්සා ගේ පැටිකිරිය කුමක් වුවත්, පලතුරු මැස්සන් රජයන වසන්ත සමයේ පැවැත්වෙන බ්ලොග් වසන්තය මැද මෙලෙස නැවත ඇරඹුණු ඇටමැස්සා ගේ අඩවියෙන් අපට හොඳ දේශපාලන සටහන් බලාපොරොත්තු විය හැකි යැයි මම සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි
ගාල්ල උසාවියේ දී විමසුණු ඒ පෝස්ටර් නඩුවට අවසානයේ කුමක් වුණේ දැයි දන්නවා ද?

19 comments:

  1. ඕන පුකක් කියලා ඒකත් කියවමු එහෙනං

    ReplyDelete
    Replies
    1. පත්තරකාරයෙකුට ප්‍රශ්නයක්-

      ගාල්ල උසාවියේ දී විමසුණු ඒ පෝස්ටර් නඩුවට අවසානයේ කුමක් වුණේ දැයි දන්නවා ද?

      Delete
  2. //ගාල්ල උසාවියේ දී විමසුණු ඒ පෝස්ටර් නඩුවට අවසානයේ කුමක් වුණේ දැයි දන්නවා ද?//

    KAKKA WA ALLALA HIRE DAMMA. KUNUHARAPA AWAYAWAYAK SAMAJA GATHA KIREEMA NISA>

    ReplyDelete
  3. //ගාල්ල උසාවියේ දී විමසුණු ඒ පෝස්ටර් නඩුවට අවසානයේ කුමක් වුණේ දැයි දන්නවා ද?//

    පලි - ඒ සම්බන්ධව නැවත පෝස්ට් තුන හතරක් ඇපල්බාගන්න..හැක්.. වර්ඩ්ප්‍රෙස් නිසයි අවුල නැත්නං එල්ලිලාම යනවා.. චියර්ස් රසික

    ReplyDelete
    Replies
    1. නඩුව ගැන කිසි කරුණක් සොයා ගන්න බැරි වුණා පත්තරවලින්!

      Delete
  4. Book and movie


    https://en.wikipedia.org/wiki/The_Gadfly

    ReplyDelete
    Replies
    1. සිංහල පරිවර්තනය සුගතපාල ද සිල්වා නේද?
      පොඩි කාලේ පුස්තකාලෙන් කියෙව්වා මතකයි.

      Delete
  5. මග පෙන්නුවාට තැනක් යූ රසික.
    බලපු ගමන්ම තේරුනා නියම බ්ලොග් අඩවියක් බව.
    බ්ලොග් රෝල්ට දා ගත්තා. ඒ එක්කම මල්ලේ පොල් අයින් කරා.

    ReplyDelete
    Replies
    1. //බ්ලොග් රෝල්ට දා ගත්තා. ඒ එක්කම මල්ලේ පොල් අයින් කරා.//

      YOU! DESHA DROHIYA. KOTI HITHAWADIYA & BATAHIRA GATHI KUMANTHARA KAARAYA. LMAO.

      Delete
  6. මග පෙන්නුවාට තැනක් යූ රසික.
    බලපු ගමන්ම තේරුනා නියම බ්ලොග් අඩවියක් බව.
    බ්ලොග් රෝල්ට දා ගත්තා. ඒ එක්කම මල්ලේ පොල් අයින් කරා.

    ReplyDelete
    Replies
    1. ;-)
      ඉතිං දැන් යන්නේ කොහිද කියා දන්නවා ද?

      Delete
  7. ගාල්ල උසාවියේ දී විමසුණු ඒ පෝස්ටර් නඩුවට අවසානයේ කුමක් වුණේ

    ReplyDelete
    Replies
    1. කිසි ආරංචියක් නැත!

      පත්තරකාරයින්ගේත් කිසි පසු විපමරක් නෑ නේ!

      Delete
  8. මං එරන්දිට දේශපාලනය යනු ග්‍රීක් ය. එහෙත් "වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප ලැබුමයි " කියලා හිතලා follow කරා. ස්තුතී හෝඩුවාවට

    ReplyDelete
    Replies
    1. සැමදා විපක්‍ෂයේ ඉන්නා නිසා දේශපාලන ලිපි මට නම් හරිම ෂෝක්!

      Delete
  9. අර ගාල්ලෙ පොඩි මෑන් ආයෙත් එන්නෙ නැද්ද. නියම බඩුවක්

    ReplyDelete
    Replies
    1. මිනිහා ලිව්වා සුනාමිය ගැන සංවේදනාත්මක කතාවක්!

      Delete
  10. හෝඩුවාවට ස්තූතියි! දිගටම ලියනවානම් හා කියවනවානම් කැමතියි!

    ReplyDelete
  11. මරුනේ, බ්ලොග් ස්පියර් එකේ ගැප් එකක් ෆිල් වෙනවා ආපහු !

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.