Sunday 6 November 2016

රසික උපත නොහොත් පොඩි කතාවක් දෙකක් - In the beginning there was light....!


මගේ අම්මාට අවශ්‍ය වී ඇත්තේ තමන් මෙලොවට බිහිකළ සුපින්වත් පුත් කුමරුවා "රසන්ත" යනුවෙන් නම් කරන්නට ය. නමුත්, මගේ චූටි නැන්දා, එනම් තාත්තා ගේ බාල නැගෙණිය යෝජනා කර ඇත්තේ "රසික" යන නමයි.

ඒ යෝජනා දෙක සලකා බලමින්, දරු උපත ලියාපදිංචි කිරීම සඳහා, දි සොයිසා රෝහලේ කාර්යාලයට ගිය තාත්තා කර ඇත්තේ අදාළ ෆෝර්මයේ ළමයා ගේ නම යන ස්ථානයේ "රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි" කියා ලිවීමයි. "හරිශ්චන්ද්‍ර" යනු මගේ පියා ගේ මැද නම ද වේ.

සතියකට පමණ පසු උප්පැන්නය තැපෑලෙන් නිවසට ලැබුණු විට සිදු වී ඇති දෙය දැනගත් මගේ අම්මා, අපේක්‍ෂා භංගත්වයෙන් ඉතා දුක් වී ඇත.

තවත් සති කිහිපයකට පසු අම්මාට ආරංචි වී ඇත්තේ ඇගේ දුක තවත් වැඩි වෙන කාරණයකි. එනම්, තම සුපින්වත් පුත්‍ර රත්නය සඳහා අම්මා යෝජනා කළ "රසන්ත" යන නම, චූටි නැන්දා විසින් තාත්තලා ගේ පරකන්දෙනියේ මහගෙදර සිටි පුස් පැටියෙකුට යොදා ඇති බවයි!

මට අවුරුදු හතරහමාරේ දී පමණ අප ද ඒ මහගෙදරට පදිංචිව ගිය මුත්, ඒ නිවසේ "රසන්ත" වැනි නමක් ඇති සිටි පූසෙක් සිටි බවට මට කිසිදු මතකයක් නැති නිසා, මට සිතෙන්නේ රසන්ත නම ලද ඒ බිළාලයා වසර කිහිපයක් තුළ මිය ගොස් ඇති බවයි.

මම නම්, තවමත් යහතින් ජීවත් වෙමි.

කෙසේ වෙතත්, බල්ලන්ට, පූසන්ට මෙන් ම කොල්ලන් සඳහා ද "රසන්ත" යන නම මෙන්ම "රසික" යන නම ද එකල අලුත් පන්නයේ දුලබ නම් වී ඇත. කණිෂ්ඨ විද්‍යාලයේ මගේ පන්තියේ සිටි අනෙක් සිසුන් ගේ නම් වූයේ, ආනන්ද, සිසිර, ගාමිණී, නිමල්, ලයනල්, නිහාල්, හේමචන්ද්‍ර, ප්‍රේමසිරි, සරත්, සුගත් වැනි සුලභ ඒවා ය.

ඇත්තටම, මට වඩා වයසැති, "රසික" නමැති වෙනත් අයෙකු මට මෙතෙක් හමු වී නොමැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ පියා මගේ උපත ලියා පදිංචි කර වසර තිස් එකකට පසුව මම ද, ඒ රෝහලේ දී ම, අපේ දියණිය ගේ උපත ලියා පදිංචි කළෙමි.

නමුත්, මා නම් එදා අදාළ ෆෝර්මයේ, ඇලපිල්ලක, පාපිල්ලක, ඉස්පිල්ලක වෙනසකින් තොරව, බිරිඳත්, මාත් එකඟ වී සිටි ආකාරයට ම, අපේ දියණිය ගේ නම ලීවෙමි.

62 comments:

  1. අම්මාගේ අභිමතයට ඉඩ ලැබුනා නම් අපට දිවෙන් රස විඳින්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. රස අන්ත!
      නමුත් රසික කියන්නේත් රස විඳින්නා (connoisseur) යන අරුත නේ!

      Delete
    2. අපේ පරණ මිත්‍රයෙක් හිටියා. අපි කියමු ඩන්ස්ටන් කියලා. අපිටත් වඩා ගොඩක් වයසයි. බ්ලූ ෆිල්ම්ස් මරුවා. කොයි වෙලෙත් බ්ලූ. අපි කිව්වේ "නිලන්ත" කියලා. මරාගන්න එනවා ඒක ඇහුනොත්.

      Delete
    3. නිලන්ත ගේ මැද නම "හස්ත" ද?

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. හොඳ සැමියෙක් කියන්නම් :)

    ReplyDelete
  4. මට සිද්ධ වෙලා තියෙන්නෙත් ඔය වගේ වැඩක්මයි... මගේ අම්ම මට දාන් ඉඳල තියෙන්නෙ දෙවනි නම විදිහට ප්‍රදීශා කියල..

    ඒත් තාත්තට ඒක අමතක වෙලා.. යනකොට දැකපු හෝටලයක නමක් තමයි දෙවනියට දාල තියෙන්නෙ ප්‍රදීපිකා කියල..

    අපෙ අම්ම අදත් තාත්තට ඒ වෙනුවෙන් ලුනු දෙහි කපනව..

    ReplyDelete
    Replies
    1. "දැැකපු හෝටලයක නමක්"
      :-(

      Delete
    2. මොනවා වුනත් හොඳ හෝටලයක් විය යුතුයි.

      මං ගිය දහම් පාසලක් ගෑල්ළමයෙකු හිටියා ප්‍රදීපිකා කියලා මුල් නමක් තිබුණු. දෙවෙනි නම මනෝහාරී වගෙයි මතක!

      Delete
  5. අපේ දුවට වැඩිය සුලභ නැති නමක් දැම්මා "පමුදු" කියල දවස් දෙකක පස්සෙ පාරෙදි දැක්කා ප්‍රයිවෙට් බස් එකක් "පමුදු ට්‍රැවල්ස්"

    ReplyDelete
    Replies
    1. පමිතා සහ පසන්, මං පොඩි කාලේ අහපු තාමත් දුලබ නම් දෙකක්. ප්‍රමිතා සහ ප්‍රසන්(ගිකා) නොවේ!

      Delete
  6. රනිල් ල නම් ඉන්නවා ඊට වඩා වයස..

    ReplyDelete
    Replies
    1. රනිල කුලයේ ශාඛ විය යුතුයි!

      Delete
  7. ඔන්න මමත් මේ පැත්තට ආවා. මටත් ඔය වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ.අම්මල දාන්න ෆෝම් එකේ නම පුරවල තියෙන්නෙ ඉසුරි අයේශ්මි කියල. ඒ වුනාට උප්පැන්න සහතිකයෙ දාල තියෙන්නෙ ඉසුරු කියල. මට ඉස්කෝලෙදි හරි හරි ප්‍රශ්න වෙලා තියනව. තෑගි දෙනකොට පිරිමි ළමයින්ට හම්බ වෙන්න ඕන තෑගි පාර්සලයක් මට දීල තියනව.

    ReplyDelete
    Replies
    1. හැබැයි ආසිරි, මානෙල් වගේ නම් ගැ/පි දෙපක්‍ෂයට යොදනවා නේද?

      Delete
  8. සරණ කියලා දාන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. අපොයි, ලොකු වෙලා මැර මන්තිරියෙක් වෙන්න තිබුණු අවස්ථාව!

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. ගොන් නැන්දයි එයාටම හරියන තාත්තයි. ජානවලින් එන දෙයක් වෙන්න ඕනේ

    ReplyDelete
  11. 1.රසිකට වැඩිය රසන්ත නූතනයි වගේ.
    2.දැං නම් දාන්නෙ අහුබුදු නෝනට සල්ලි ගෙවලනමක් රගෙන.
    3.නම් තැබීමේදී, එවකට පවතින ක්‍රමය මොකක් වුනත්, රැඩිකල් නොවී සාම්ප්‍රදායික නමක් දැමීම හොඳයි. මොකද නම කියන්නෙ අපට තීරණය කරන්න බැරි දෙයක්.

    ReplyDelete
    Replies
    1. 1. දැන් නම් ෆේස්බුකියේ රසන්තලා රසිකලා සෑහෙන්න ඉන්ණවා, අපේ කාලේ වගේ නොවෙයි!

      2. දුවට නම දාපු කතාවත් ලියන්නම්!

      3. රාජ් වගේ නම් නං සදාකාලිකයි නේ!

      Delete
  12. රසිකගෙ නම් තැබීමේ සිද්ධි දාමය අනුමත කරන්න බෑ!

    ReplyDelete
    Replies
    1. මෙනවා කරන්නද, එය එසේ සිදුවිය.

      හැබැයි මං මගේ නමට ඉතා කැමතියි.

      Delete
  13. තිසර සමරසිංහ ගැන දැනගන්නකම් මම හිතුවෙත් මට වඩා වැඩිමල් තිසරලා නෑ කියලා.

    ReplyDelete
  14. දැන් තියන නම් ගැන නම් මට හිතා ගන්න බෑ. ට්‍රෙන්ඩ් එකට අන්කොමන් නම් කියලා දාන්නේ කියවන්න බැරි නම්. අනිත් එක මට තියෙන ප්‍රශ්නේ තමයි, මේ ගොඩක් නම් වලට තියෙන්නේ අවුරුදු 12-13 විතර වෙනකම් විතරක් ගැලපෙන බවක්.

    අවුරුදු තිහක් විතර පැන්නට පස්සේ මේ නම් කියවෙනකොට කිසිම වැදගත් කමක් පේන්නේ නෑ. හිතන්න විදුහල්පති කෙනෙක්, නැත්නම් ආයතනයක ඉහල තනතුරක් දරන කෙනෙක්, රජයේ ඇමති කෙනෙක් වගේ කෙනෙකුට, නැත්නම් ගුරුවරයෙක් වගේ කෙනෙකුට සෙනුත, සෙනුති, සස්මිත, ගිහන්සිත්, ගෙසඳු, ගෙත්මිර, ගනුල, ගිත්මල්, සනුද්මි, වගේ නම් දැම්මාම ඒ දරුවා ලොකු වෙනකොට අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද?

    මම මගේ දුවට දැම්මේ දෙව්මිණි දියානා... ගොඩක් අය කිව්වා‍ දාන්න කලින් ඕක හරි කොමන් නමක් නේ දෙව්මිණි කියන එක කියලා. මට ඕන වුනේ දියානා කියන මුස්ලිම්/පලස්තීන් ඔරිජින් එකක් තියෙන නමක් එක්ක ටිකක් සිංහල උරුවට නමකුත්‍‍... ඉතින් මම කිව්ව‍ා කොමන් නමක් දැම්මා කියලා ප්‍රශ්ණයක් නෑ නේද කියලා. තවත් අය කිව්වා මුස්ලිම් නමක් දාන්නේ ඇයි කියලා. මට ජාති් ආගම් බේද නැති නිසා මට ඒක ප්‍රශ්ණයක් නැති වුනා.

    අපි තමා මේ අතින් වියදම් කරගෙන අමුතු නම් හොය හොය යන්නේ. අපිට වඩා දියුණු ජාතින් තාමත් ජෝර්ජ්, ජෙසිකා, ඇනා, පීටර්, බෙකී, ඉසබෙලා, වගේ නම් දානවා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++

      Delete
    2. /* අවුරුදු තිහක් විතර පැන්නට පස්සේ මේ නම් කියවෙනකොට කිසිම වැදගත් කමක් පේන්නේ නෑ. හිතන්න විදුහල්පති කෙනෙක්, නැත්නම් ආයතනයක ඉහල තනතුරක් දරන කෙනෙක්, රජයේ ඇමති කෙනෙක් වගේ කෙනෙකුට, නැත්නම් ගුරුවරයෙක් වගේ කෙනෙකුට සෙනුත, සෙනුති, සස්මිත, ගිහන්සිත්, ගෙසඳු, ගෙත්මිර, ගනුල, ගිත්මල්, සනුද්මි, වගේ නම් දැම්මාම ඒ දරුවා ලොකු වෙනකොට අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද? */

      මෙහෙම කියන්නේ කොහොමද?

      පරම්පරාවෙන් පරම්පරාවට සිංහල නම් වෙනස් වෙන නිසා, ඒ කාලේ සිරිසේන, කරුණාරත්න වගේ නම් තියෙන වයස තිහ හතලිහේ අය සිටීම තමයි ප්‍රශ්නය වෙන්නේ.

      දැන් ඉන්නේ අධ්‍යාපන ඇමතිම අකිල කියලා. මොකක් ද අවුල?

      Delete
    3. දෙව්මිණි දියානා යනු ඉතා පියකරු නමකි. දියනා යන්න කෙසේ වෙතත් ඩියානා යනු ඩයනා යන්නේ වෙනස් උච්චාරණයක් බව නම් දනිමි!

      Delete
  15. මට යොදන්න කියල මගේ ආච්චි මගේ පියාට කියා ඇත්තේ රංසිරි නීලාක්ෂ නම් නමකි - ඒක අවුල් කියල හිතපු තාත්තා ලක්ෂාන් කියන නම යොදා තිබෙනවා - රංසිරි නමට වඩා අර නම අපේ ජෙනරේෂන් එකට ගැලපුනා කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මගෙන් පස්සේ පරම්පරාවට තමයි ඔය ෂ-යන්න සහ ශ-යන්න ආවේ.

      Delete
  16. මට වඩා වයසක අරුණලා නම නැහැ මගේ හිතේ. නිරංජන්ලා නම් කොහොමත් නැතුව ඇති. මගේ එක සහෝදරයෙම් මාව මතක්වෙන්න කියලා පොඩි එකාට මගේ මැද නම දැම්මා. අනිත් අය හිනාවුනා පරණ නමක් දාලා පොඩි එකාව අවුරුදු හතලිස් ගානක් පස්සට අරන් ගියා කියලා.

    අපේ දුවටත් දැම්මේ අපි දෙන්නා තීරනය කරපු නමක්.

    ReplyDelete
    Replies
    1. //නිරංජන්ලා නම් කොහොමත් නැතුව ඇති.//

      ඇයි අර හිටපු දියවඩන නිළමේ අරුයියාට වඩා බාල කෙනෙක්ද ?

      Delete
    2. අප්පට හුඩු එහෙම කෙනෙක් ඉන්නවා නේන්නං. තව වැඩිමහල් චරිතයක් මතක් වුනා. නිරංජන් දේවාදිත්‍ය Nirj Deva.

      Delete
    3. අරුගේ කමෙන්ටුව දුටු විට මගේත් සිහියට ආවේ හිටපු ඇමති නිරන්ජන් තමයි, නමුත් ඒ එක්කම මට වඩා වසර තුනක්වත් වැඩිමහල් රසික නම් කෙනෙකු හමුවී ඇති බව සිහිවුණා!

      අරුණ කෙනෙකු මං දන්නවා අරූට වඩා දෙවසරක් බාල.

      Delete
    4. නිරංජන් දේවාදිත්‍ය කියන්නේ ලන්ඩන්වාසී හිටපු ටෝරි මන්ත්‍රී නේද? පස්සේ ඊයූ ගියා ද?

      Delete
    5. ඔව් දැන් ඊයු මන්ත්‍රී. තව කෙනෙක් හිටියා මතකද ටෙක් ශ්‍රීලංකා හාදයා.

      නිශ්ශංක විජේරත්න....හිටපු ඇමති. පුතා තමයි නිළමේ.

      Delete
    6. ඒ ටෙක් ශ්‍රී ලංකා නේරන්ජන් මට මතකයි. පොර අරූට වඩා වසරක් වයසයි මං හිතන්නේ.

      Delete
  17. අම්මට සිදු උනේ හරිම අනුවේදනීය තත්වයක්..ඈ සෑහෙන්න දුක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. නමුත් ඇය මගේ නමට අකමැත්තක් නෑ. සෙකන්ඩ් චොයිස්.

      Delete
    2. හැබැයි නම රසන්ත උනා නම් අදට පවා ගැලපෙනවා. රසික මේ වෙද්දි අවුට්ඩේටඩ් නෙ. අම්මා මොනවා උනත් සුපිරි නමක් හිතලා තියෙනවා

      Delete
  18. Habatama Rasika ayye oyada ara uda inna pinthure inne ? black & white films vala inna podi ekek vage lassanata innva.. :)

    ReplyDelete
    Replies
    1. ඒ මං තමයි, වයස එකහමාරේ දී විතර. ඒ කාලේ ෆොටෝ කළු සුදු විතරයි. වර්ණ තිබුණා නම් ඔහොම ඉතුරු වෙන්නේ නෑ!

      Delete
  19. රසිකගේ තාත්තා ඒ ගැන අම්මගෙන් සමාව ඉල්ලුවද පස්සේ?

    ReplyDelete
  20. මගේ යාලුවෙක්ගෙ ලමයෙකුට අහුබුදු නෝන එවපු නම් ලිස්ට් එකේ 'හුමිල', 'හුජිත' කියල නම් දෙකක් තිබුන..

    ReplyDelete
  21. නම කාලානුරූපීව තැබෙන්නක් බවයි මගේනම් අදහස. අන්කොමන් නම් කාලයක් යනකොට කොමන් වෙනවනෙ. අනික නමින් මිනිස්සුන්ව මනින්නත් බෑ නේද ?

    සන්ෆලවර් කණ්ඩායමේ නීල් වර්ණකුලසූරිය කියන්නෙ " පින් මාළු වලේ... " කියල නම් ගැන.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සිංහල නම් කාලයත් සමග වෙනස් වී තියෙනවා. අලුතෙන් එන දෙමල නම් වුනත් සෑහෙන්න නවීනයි. නමුත් කතෝලික සහ මුස්ලිම් ආගමික බලපෑම් නිසා ද මන්දා ඒ අදලා නම් වෙනස් වෙන්නේ නෑ. අදත්, ජෝන්ලා, පිලිප්ලා, මෙහොමඩ්ලා බොහොමයක් ඉපදෙනවා!

      Delete
  22. අලුතින් එන අහුබුදු මොඩල් එකේ නම් කියවන්න දිව දෙකයි දත් ඇඳි හතරයි ඕනෑ. ඒත් සද්දෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැබැයි තිලාපියා වගේ නම් පවා තියෙනවා නේද? කවුද කියා තිබුණා තිමිංගලී, යෝනිකා වගේ ගැහැණු නම් ගැනත්!

      Delete
  23. අපේ ජූනියර් බැච් එකේ රසික කෙනෙක් හිටියට සීනියර් බැච් වල හෝ වෙනත් තැනක සීනියර් රසික කෙනෙක් හමු වෙලා නෑ තමයි. හැබැයි, මට ඒ නම පළමු වතාවට ඇහුව වෙලාවෙ අමුත්තක් දැනුනෙත් නෑ, පෙර නෑසූ නමක් හැටියට.

    ReplyDelete
    Replies
    1. විශ්වවිද්‍යාලයේ දී මට වසර තුනක් කණිෂ්ඨ කණ්ඩායමක රසික කෙනෙකු හිටියා, ඒ රසික දසනායක.

      ට්‍රැ ගේ මේ පහත කතාව නම් මං විශ්වාස කරන්නේ ම නෑ!

      /*.....සීනියර් බැච් වල හෝ වෙනත් තැනක සීනියර් රසික කෙනෙක් හමු වෙලා නෑ තමයි. .....*/


      Delete
  24. රසික මේ වගේ ලිපි වල මම දකින පොදු දෙයක් ඒ කාලේ දෙමාපියන් දෙදෙනාගේ තිබුනු communication errors රසික හදාගෙන යන බවට ඉඟි..ඒ දේවල් රසිකට සෑහෙන්න දැනිලා තියන බවත්..

    අපේ රටේ අම්මලා ගෙදරට සිමා වෙනවනේනෙ රසික ළමයි ලැබුනම තාමත්.. ඇත්තටම මම නෙමේ අපේ පුතාගේ නම රෙජිස්ටර් කරන්න ගියෙත්, නම දැම්මෙත්.. නම තේරුවේ එයාගේ තාත්තගේ අක්කා...ඇය දාපු නම් දෙකටම මම ගොඩක් කැමතියි.."දිලෙන හිරු " තමයි ඒ නමේ තේරුම..

    ReplyDelete
    Replies
    1. නම ලියා පදිංචිය ඉතා කෙටි කාලයක් තුළ කළ යුතු නිසා තමයි, ළමයින් ගේ අම්මලාට ඒ කාර්යයට යන්නට නොහැකි වෙන්නේ.

      අපේ දියණිය ගේ නම හැදුවේ බිරිඳගෙයි මගෙයි නම්වලින් අකුරු එකතු කරළා. හැබැයි පස්සේ බලන කොට එහෙම නම් තියෙන අය ඉන්නවා. දෙවෙනි නම දාන්න නම් ටිකක් උපදෙස් ගත්තා. ඒකත් පොඩි කථාවක් ලියන්න හැකි සිදුවීමක්.

      Delete
    2. ලියන්න රසික, එන්නම් කියවන්න ඉඩ තියන වෙලාවට...

      Delete
  25. Rasantha kiyana nama mallika punchi ammath teruwa.

    ReplyDelete
  26. මමත් මගේ නම කියවන්න ගිහින් ඕන තරම් අමාරුවේ වැටිලා තියෙනවා. විශේෂයෙන්ම මාව අනිත් අයට අඳුන්නලා දෙනකොට. මගේ නම මට හරියට උච්චාරණය කරගන්න බැරි වූණාට වෙන උන්ට නම් මට වඩා හොඳට පුළුවන් 😂😂😂

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.