මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 12 January 2017
මිරිවැඩි සඟලකට හැඬූ කතාවක් - Poor dad, rich dad
අද තත්වය කෙසේදැයි නොදන්නා මුත්, අප කුඩා කාලයේ නම් ලංකාවේ රජයේ සේවකයින්ට පවුලේ සාමාජිකයින් ද සමග, වසරකට තුන්වරක් දුම්රියෙන් රට තුළ ඕනෑම දුරක ගමනක් නොමිලයේ යාමට ගමන් බලපත්‍ර ලැබුණි. මේවා පොදු භාෂාවෙන් හැඳින්වුණේ "වොරන්ට්ස්" යනුවෙනි.
මා පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා සමයේ තාත්තාත් ඔහු ගේ පාසල් සමයේ මිතුරෙකු මෙන් ම තවත් රජයේ සේවකයෙකු ද වූ සාපින් මාමාත් එකතුව තම සුතනඹුවන් ද කැටුව අනුරාධපුර බලා ගිය ගමන, වොරන්ට් භාවිතා කරමින් අප ගිය මුල්ම චාරිකාවයි.
උදේ රැයින් නැගිට, බත්මුල් ද සාදා ගෙන, නිවසේ සිට චාරප්පු ගේ කඩේ හන්දියට පයින් ගොස්, එතැනින් බස් රථයකින් ගනේමුල්ලට ද, එතැන් සිට සාමාන්‍ය දුම්රියකින් වේයන්ගොඩට ද ගොස්, වේයන්ගොඩ දී අප යාපනය බලා දිවෙන සීඝ්‍රගාමී දුම්රියට ගොඩවෙන විට තවමත් සීතල හිමිදිරි පාන්දර කාලය විය.
දුම්රියේ දී ම, උදෑසන ආහාරය සඳහා සීනි සම්බෝල සමග පාන් කා, තර්මෝස් ප්ලාස්ක්වල දමන ලද ඉගුරු තේ බිව් ආකාරයත්, අතරමග දී දුම්රියට ගොඩවුණු ජංගම වෙළෙන්දෙකුගෙන් රට කජු මිලට ගෙන කෑ හැටිත්, මැදි වයසට ඔසුවක් වෙන අතීතකාමය අවුසමින් මට සිහිපත් කරගත හැක.
අනුරාධපුරයේ දී දුම්රියෙන් බැසගත් අපේ නඩය කෙළින් ම ගියේ ඒ අසල ම පිහිටා තිබුණු නමින් "ස්වර්ණමාලී" ලෙසින් හැඳින්වුණු විශ්‍රාම ශාලාවටයි. එහි කාර්යාලයට පිවිස මද වේලාවක් ගත කළ, තාත්තා සහ සාපින් මාමා, එතැනින් අප කැඳවා ගෙන ගියේ විශ්‍රාම ශාලාවේ එක් පසෙක පිහිටි තරමක ශාලාවකට ය.
එතැන අපේ බඩු බාහිරාදිය තැන්පත් කොට, ගෙදරින් ගෙන ගොස් තිබුණු බත් මුල් ලිහා කා, නටඹුන් සහ වෙහෙර විහාර නරඹා ආපසු පැමිණි පසු, එදා රාත්‍රියේ අපේ නවාතැන වූයේ ඒ ශාලාවයි. නිවසෙන් රැුගෙන ගොස් තිබුණු බෙඩ් ෂීට් එහි සිමෙන්ති පොළොව මත එලා අපි නිදා ගත්තෙමු. නිවසේ සිට ගෙන ගොස් තිබුණු එකම කුඩා කොට්ටය, තවමත් වයස තුනක ළමයෙකු වූ සමන් මල්ලීට හිමි විය.
එතැන් සිට ගතවුණු වසර දහයක කාලය තුළ, තාත්තා ගේ හිතවතුන් වූ, සයිමන් මාමා ගේ, රාජපක්ෂ මාමා ගේ සහ මට නම අමතක තවත් දෙතුන් දෙනෙකු ගේ පවුල්වල අය සමග බදුල්ල, කතරගම, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, නැවතත් අනුරාධපුරය මෙන් ම, එයා සිලෝන් යානයකින් කන්කසන්තුරය දක්වා ද ගොස් විවිධ වැදගත් ස්ථාන රාශියක් නැරඹීමට මගේ සොහොයුරන් දෙදෙනාට මෙන්ම මට ද හැකි වුණේ මා පෙර කී රජයේ සේවකයින්ට හිමිවෙන ඒ වොරන්ට්ස් හෙවත් දුම්රිය ගමන් බලපත්‍ර වල පිහිටෙනි.
මේ සෑම චාරිකාවක දී ම, අප සියලූ දෙනාම රාත්‍රී කාලය ගෙවූයේ අපේ මුල් ගමනේ දී නතර වුණු ස්වර්ණමාලී විශ්‍රාම ශාලාව වැනි ස්ථානවල ය. එසේත් නැතිනම්, මුතියංගණයේ දී සහ කන්කසන්තුරේ දී කළාක් මෙන් පන්සලක බණ මඩුවක ය.
කොටින් ම, මා සිතුවේ මෙවැනි දුර ගමනක් ගිය විට රෙද්දක් පමණක් බිම එලා කොට්ටයක් හෝ නොමැතිව නිදා ගැනීම යනු ඒ ගමනේ ම අනිවාර්ය අංගයක් බවයි.
ඒ කතරගම චාරිකාව ගිය දා තෙක් ය.
එවකට දහවෙනි ශ්‍රේණියේ උගන්නා වසර දාහතර හමාරක පමණ කොලුවෙකු වූ මට වෙනදා මෙන් විශ්‍රාම ශාලාවේ අප සිටිනා පැය කිහිපයේ දී දෙමව්පියන් අසලම ගැවසීම අනිවාර්ය නොවුණෙන්, මම කතරගම අප නතර වී සිටි විශාල කාමරය පිහිටා තිබූ ගොඩනැගිල්ලේ ඔබ මොබ මදක් සැරි සැරුවෙමි. එහි එක් කොරිඩෝරයක් දිගේ ගමන් කරද්දී මා දුටුවේ කාමර පේළියකි. ඇතැම් කාමරයක විවර කර තිබුණු ජනේලයක් තුළින් ඒ කාමර සිවිලිම් පංකාවලින් ද, කොට්ට මෙට්ට සහිත ඇඳන් යනා දී ගෘහ භාණ්ඩ වලින් ද සමන්විත බව දැක මා මුලින් පුදුමයට ද, පසුව දුකට ද පත්වීමි.
මා පුදුම වූයේ, චාරිකාවල යන අප වැනි අය සඳහා එවැනි සුවපහසු කාමර ඇති බව මා ඊට පෙර දැන නො සිටි බැවිනි.
මා දුකට පත් වූයේ, මගේ පියා හෝ අප හා චාරිකාවලට සහභාගී වූ ඔහු ගේ එකදු මිතුරෙකු හෝ ඒ ආකාරයේ කාමරයක් කුලියට නොගෙන සිමෙන්ති පොළොව මත බෙඩ් ෂීට් එලා නිදියන අවම විකල්පය ම, සැමවිටක ම, තෝරා ගෙන තිබුණු නිසා ය. ඒ සුවපහසු කාමර අපට හිමි නැති සුඛෝපභෝගී වරප්‍රසාදයක් ලෙස මට හැඟුණි.
කතරගම ගමනින් පසු අපේ පවුලේ උදවිය මේ ආකාරයේ ගමනක් ගියේ තවත් වසරකින් පමණ පසු ත්‍රිකුණාමලය බලා ය. ඒ ගමනේ දී අප නිවසෙන් පිට ගත කළ රාත්‍රී සමය ගෙවුණේ විශ්‍රාම ශාලාවක් තරම්වත් පහසුකම් ඇති තැනක නොවේ. දුම්රිය සේවක නිවසක අපට නවාතැන් ලැබුණද එය ලයින් කාමරයක් වැනි එකක් වූ නිසා, පිරිමි ළමුන් සහ වැඩිහිටි පිරිමින් ට එදින නිදා ගන්නට සිදුවූයේ නවතා තිබුණු දුම්රියක ආසනවල ය.
ඒ අප කුටුම්බයක් ලෙස ගිය අවසාන විනෝද චාරිකාව වූ නිසා, එවැනි ගමනක මැද විදුලි පංකා සවි කෙරුණු කාමරයක සුවපහසු ඇඳක් මත රාත්‍රිය ගත කිරීම, සැබෑ කර ගත නොහැකි වූ සිහිනයක් ලෙසින් මගේ සිතේ රැඳුණි.
කාලය ගත වී ගියේ ය. මම විවිධ විභාග ද සමත් වී, රැකියාවක් කිරීම ද අරඹා, ලොකු ළමයෙකු ද වී, විවාහපත් වීමි.
තවත් කලෙකට පසු, එකල මගේ පියා කළාක් මෙන්, මිතුරන් හා එක්ව සිය සුතනඹුවන් ද සමග විනෝද චාරිකා යන සමයක් මට ද උදා විය. අප ඒ ගමන් ගියේ දුම්රියෙන් නොව මෝටර් රථවල වුව ද, රාත්‍රිය ගත කිරීම සඳහා මොටේල් කාමරයක, කැරවන් උද්‍යානයක පිහිටි කුඩා නිවසක හෝ එවැනි ස්ථානයක නතර වූ විට, පෙර කී මගේ කතරගම අත්දැකීම සිහියට ඒම වැළැක්විය නොහැකි විය.
තාත්තා ගේ වොරන්ට්ස් උපයෝගී කර ගනිමින් ගිය එක ගමනක දී හෝ අපට අර කොට්ට මෙට්ට පිරි ඇඳන් ඇති, සිවිලිමේ විදුලි පංකා කැරකෙන කාමරයක නතර වීමට නොහැකි වූයේ, ඒ සඳහා තාත්තාට අවශ්‍යතාවක් නොමැති වූ නිසාද, ආර්ථික ශක්තියක් නොමැති වූ නිසා ද යන්න මට නිවැරදිව සිතා ගත නොහැක.
වසරකට එක්වරක් පමණක් නිවසෙන් පිට නතරවෙන අවස්ථාවල දී සුව පහසුව ගැන කරදරවීම අනවශ්‍යයැයි තාත්තා සහ ඔහු ගේ මිතුරන් සිතුවා විය හැක. මේ චාරිකාවල අප නිරත වූයේ ද, මූලිකව ම, රජයේ සේවකයින්ට නොමිලයේ දුම්රියේ ගමන් කිරීමට වොරන්ට්ස් පහසුකම ලැබුණු හෙයින් නිසා, සමහර විට විශ්‍රාම ශාලාවල තිබූ මගේ සිහින කාමරයක් සඳහා එක් රැයකට ගෙවිය යුතු වූ මුදල හෝ දරන්නට තාත්තා ඇතුළු පිරිසට ඇත්තට ම හැකියාවක් නොතිබුණා ද විය හැක.
මා මේ පුවත මගේ හොඳම මිතුරියකට පැවසූයේ මගේ දුක්බර කතාවෙන් ඇය මද වශයෙන් හෝ කම්පාවට පත්වෙතැයි සිතා ගෙන ය. නමුත් මගේ කතාව අවසානයේ ඇය පැවසූ වදනින් මට සිහිවූයේ සුනිල් ආරියරත්න ලියූ ”මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි” ගීතයයි.
"රසික, ඔයා පොඩි කාලේ රට පුරාම පවුලේ අය එක්ක ගිහින් තියෙනවා නේ. මං ජීවිතේට අම්මයි තාත්තයි එක්ක ඔහොම ගමනක් ගිහින් නෑ!"
ඒ ප්‍රකාශයේ ඇති කනගාටුදායක තත්වය වූයේ මෙයයි.
මගේ මිතුරිය ගේ මව රජයේ ගුරුවරියක් වූ අතර ඇය අනිවාර්යෙන් ම වොරන්ට්ස් වරප්‍රසාදය හිමි අයෙකි. ඒ කෙසේ වුවද, ඇගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු විය. කුඩා කළ සිටම ඔවුන් සතුව මෝටර් රථයක් ද තිබී ඇත.
විශ්‍රාම ශාලාවල, බණ මඩුවල සිමෙන්ති පොළොවේ බෙඩ් ෂීට් මත නිදාගන්නට සිදුවූවා වුව ද, වසරකට එක් වරක් හෝ රට වටා විවිධ ස්ථාන නැරඹීමට යාමට වරම් ලද මගේ සොහොයුරන් දෙදෙනා සහ මා කෙතරම් වාසනාවන්තයින් ද යන්න ඒ මොහොතේ මට පසක් විය.
-රසිකොලොජිස්ට්
(image: http://sannasa.sinhalajukebox.org/2015/Dec/2015Dec_page33.pdf)
Labels:
අතීතකාමය,
තාත්තා,
මගේ ළමා දිවිය
Subscribe to:
Post Comments (Atom)
දැනුත් වොරන්ට්ස් තියනවා. හැබැයි ගන්න එක අඩුයි මං හිතන්නේ
ReplyDeleteමේ ළඟදී සොදුරු සිත බ්ලොග්කාරිය වොරන්ට් එකකින් බදුල්ලේ ගියා නේද?
Deleteරසික වොරන්ට් වලින් ප්ලේන් එකේ ගිහින් නැද්ද?
ReplyDeleteමිතුර ඒ ගැන මා මේ සටහනේ ලියා තිබේ. ඔබට මග හැරී ඇති බව පෙනේ.
Deleteරසිකගේ අත්දැකීම ඔය ආකාරයටම මමත් විඳල තියෙනව නේද කියල හිතුනෙ පෝස්ට් එක කියෙව්වට පස්සෙයි. මගෙ අත්දැකීම් ගැනත් පෝස්ට් එකක් ලියන්න හිතයි.
ReplyDeleteහැලපේට ළමා කාලයක් තිබුණා ද?
Deleteමං හිතන් හිටියේ ගමේ හිටි තරුණ කාළෙකුයි, කොළඹ, වැලිසර, මදුරාසිය, යුරෝපය සහ ඕමානයේ වැඩ කරපු කාලයි විතරයි තිබුණේ කියලා.
;-)
අපේ පියානන් ඒ කාලෙ ජේස්ටෙ සමත් වෙලා. ගුරු පත්වීමක් ගන්න හොඳටම හැකියාව තිබුණත් අරන් නෑ. ඉන් පස්සෙ සූදු කෙලල කෙලෙල ඉඩකඩම් සේරමත් නැත් බංගස්තාන කරල මැරිල ගියා.
ReplyDeleteපංතියෙ අනිත් උන් වොරන්ට් එකෙන් ගිය ට්‍රිප්ස් ගැන කියද්දි මට පියානන්ව මරන් කන්න හිතුනා ඒ කාලෙ. අපේ පරම්පරාවෙ එකෙක් වත් ආන්ඩුවෙ රස්සා කරල නෑ ඒ කාලෙ.
කාර් තියෙන, වොරන්ට්ස් තියෙන අයත් ට්‍රිප් ගිහිල්ලා නැති ලෝකයක්.
Deleteහැබැයි, කෝච්චි ටිකට් එච්චර මිළ නෑ. බස්සෙකට වැඩිය කොහාමත් අඩුයි!
//මගේ මිතුරිය ගේ මව රජයේ ගුරුවරියක් වූ අතර ඇය අනිවාර්යෙන් ම වොරන්ට්ස් වරප්‍රසාදය හිමි අයෙකි. ඒ කෙසේ වුවද, ඇගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු විය. කුඩා කළ සිටම ඔවුන් සතුව මෝටර් රථයක් ද තිබී ඇත.
ReplyDeleteවිශ්‍රාම ශාලාවල, බණ මඩුවල සිමෙන්ති පොළොවේ බෙඩ් ෂීට් මත නිදාගන්නට සිදුවූවා වුව ද, වසරකට එක් වරක් හෝ රට වටා විවිධ ස්ථාන නැරඹීමට යාමට වරම් ලද මගේ සොහොයුරන් දෙදෙනා සහ මා කෙතරම් වාසනාවන්තයින් ද යන්න ඒ මොහොතේ මට පසක් විය.//
ඇත්තට රසික ඔබ නිදහස් අද්‍යාපනයෙන් උපාදියක් හිමිකර එය පෙන්වා ඔස්ට්‍රේලියාවට රිංගාගෙන එහි වැඩි වැඩක් නැති සුළු රැකියාවක් කරමින් බ්ලොග ලියමින් කාලය කනවා දකින මටද ලංකාවේ ඉන්න අපි ගන්න සුපිරි ආතල් වල හැටියට ඔබ ගැන අවංකවම කනගාටුවක් ඇතිවෙනවා. ඔබ ඔසීවල හිඳ එස් ත්‍රී එකෙන් අවුරුදු තුනකට පසු අමාරුවෙන් එස් සෙවන් වලට එනවිට ලංකාවෙ ඉන්න ළඟදි කැම්පස් වලින් අවුට් වෙන කොල්ලො එස් 3 / 4 / 5 / 6/ 6 එජ් + / 7 එජ් හා දැන් ඇපල් අයි සෙවන් සියල්ලටම මාරු වුණා කලින් කලට ඉතා පහසුවෙන්.
එමෙන්ම ඔබ 1999 වසරේ නිශ්පාදිත ටොයෝටා කැම් රි එකක් වසර 15ක් යූස් කරද්දි මෙහේ ඉන්න එවුන් අලුත්ම ටොයෝටා/ හොන්ඩා හයිබ්‍රිඩ් ෆුලි ලෝඩඩ් එව්වා ජාපනෙන් ගෙන්වාගෙන යූස් කරා. දැන්නම් රජය විශාල බදු දාපු නිසා ටිකක් අමාරු වුණත් කට්ටිය හොඳ වාහන යූස් කරයි.
ට්‍රැවලින් ගැන කිව්වොත් මෙහේ උන් නිතර දැන් නිවාඩුවට සිඟපෝර්/ මැලේශියා/ඩුබායි / බැන්කොක් ගිහින් ආතල් ගන්නව ශ්‍රීලංකන් ස්පෙශල් ඔෆර්ස් වලින්. යුරෝප් 6-7 ඩේ ට්‍රැවල් එකක් ඩොලර් 1500 - 2000 වගේ ගාණට ඔෆර් තියෙනව මේ දවස්වල. ලෝකල් ට්‍රිප් නම් නිතර සෙට් වෙනව. අදත් පෝය දවසෙ අපි ට්‍රිප් එකක් ඇවිත් ඉන්න අතරෙ මේ ලියන්නෙ. අපරාදෙ රසික ඔයා ලංකාවෙ හිටියනම් ඔහොම කට්ට කන්න වෙන්නෙ නැහැ. ඔහොම තමයි. වට් ටු ඩූ? හ්ම්ම්. ලයිෆ් ඉස් ලයික් දැට්.
සිත නිවන කතා. මල්ලි එන පෝයට මීගමුවෙන් බෝට්ටුවක් යනවා. සෙට් වෙමුද?
Delete@ Anonymous 12 January 2017 at 19:41
Deleteඅනේ වාසනාවන්. ඉතා ම සතුටුයි.
මං මගේ සුලු රැකියාව කරගෙන, බ්ලොග් එකක් ලියාගෙන ඉන්නම්. ඔය ගොල්ලෝත් ඔය ආකාරයටම දිගටම සතුටෙන් ඉන්න.
රසික අම්බකිස්සෙ ගිහිං තියනවද? එතකොට වකපුටේ? ඒත් නැද්ද? එහෙනං හිරි වැටුනු කැලේ වත් ගියාද? අඩුගානේ වට ඇල්ල වත් දැකල තියනවද?
Deletepissuda ban ubata
Deleteමගේ පාසල් මිත්‍රයෙකුවූ පාලිතගෙ අම්මගෙ වොරන්ට් එකෙන් පේරාදෙනි ඉඳං කොළඹ යන්න ගිහින් බාප්පලට මාට්ටු වෙලා කැම්පස් සගයින්ගෙ හැට් කලෙක්ෂන් එකකින් දඩ මුදල් ගෙව්ව හැටි මතක් වුණා.
ReplyDeleteඒ අම්මා ගුරුවරියක් ද?
Deleteතමන් ගේ ම ළමයින්ට මිස ළමයින් ගේ යාළුවන්ට තියා වෙන්ඩ බෑණලාටවත් යන්න බෑනේ වොරන්ට්වලින්!
රසික ලියල තියන ඒවායින් බොහොමයක් වන්දනා ගමන් නේ, දුක විඳගෙන ගියාම තමයි පින් වැඩි, ඊළඟ ආත්මයේ ෆැසිලිටි වෙනුවෙන් කරන ආයෝජන, තරමක් දුක් වෙනවා කොච්චියෙන් එන්නැතුව ආදිකාලේ වගේ පයින්ම ගෑටුවානම් පිං කෝටියයි කියලා. කාමරයක් ගන්න ගෙවන සල්ලි පූජාකරල ලව්ස්පීකරෙන් කියවගත්තාම විඳවපු අපහසුතා දුරු වෙනවා.
ReplyDeleteමැදිවියේ දී ෂොට් එකක් දාගෙන අතීතකාමය සිහියට නාඟා සන්තෝෂවුනත් අගවියේදී වොරිවෙන්න පටන් ගන්නවා ඉස්වෙස්ට්මන්ට් කරපු පිං සෑහෙයිද කියා, අගවියේ කාන්තාපාර්ෂවය ටීවී එකේ කොරියන් කෑලි දැක්කාම බොහොම අකම්පලවෙලා පේලි සැදී පාද චාරිකා කරනව කුරුණැගල සිට අනුරාධපුරේටම.
මෙන්න ඒ වගේ වයසට ගියාම පිං කරන කතාවක්.
Deletehttp://rasikalogy.blogspot.com/2016/04/i-dont-get-this.html
මට නම් ඔය පිං කේස් අල්ලන්නේ නෑ. අන්තිම දවසේත් පස්වෙනි ශික්‍ෂාපදය කඩන්නයි අදහස!
අපි පොඩි කාලේ ඔය වගේ ගමන් එක්කන් ගිහින් නැහැ. පොඩිම කාලේ ආච්චිත් එක්ක වට වන්දනාවක් ගියා මතකයි.
ReplyDeleteමිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි......
මේ ලිපිය පළ කළේ ම අරූ වෙනුවෙන්.
Deleteරසික ඔබ මගේ කතාව කියවන කෙනෙක් නිසා මට ඒ බව තේරුනා. මම හැම තිස්සෙම කියන්න උත්සාහ කරන්නේ,මේ කතා තුල හිරවෙලා තිබෙන සත්‍යය. ඒක එලියට දැම්මොත්, කවුරු හරි හිතයි, මෙහෙම සමාජ සත්වයෝත් ලෝකේ හිටියා නේද කියලා. වහලා තියෙන කවර එලියට ගන්න ඕන රසික. ඒවා හරි වෙන්නත් පුලුවන්, වැරදි වෙන්නත් පුලුවන්. ගහන්නත් පුලුවන්, ගුටි කන්නත් පුලුවන්. මම ඔය දෙකටම ඔට්ටුයි.
Deleteඅවුරුද්දෙ රේල්වේ වොරන්ට් තුනම එකතු කරගෙන එයාර් සිලෝන් එකේ යන්න පුළුවන්කම තිබුනා.
ReplyDeleteට්‍රිප් එකක් කාර් එකක යනවට වඩා වෑන් එකක පවුල් දෙක තුනක් එක්ක යන එක හොඳයි. බස් එකක් බුක් කරගෙන පවුල් දහයක් එක්ක යන එක තවත් හොඳයි. කෝච්චියේ යන එක හොඳාාාායි.නිවාඩු සීමාසහිත වීම නිසා මාත් දරුවො එක්ක වන්දනාවෙ යන්නෙ කාර් එකේ. නවාතැන බොහෝ විට දන්න කියන නෑදෑයකුගේ යාලුවකුගෙ නිවසක්. ඒත් මගෙ දරුවො කැමති කෝච්චියේ යන්න. දැන් ළමයි ලොකු නිසා “අම්මත් එක්ක ගිහින් එන්න“ කියල කොටුවෙ ඉස්ටේසමට ගිහින් අරලිනව සමහර දවස් වලට. මොබයිල් ෆෝන් තියන නිසා එන වෙලාවට ගිහින් පික් කරගන්න පුළුවනි. කෝච්චියේ යන්න මටත් ආසාව තිබුනට මේ මගුලෙ රාජකාරියකුත් එක්ක බෑනෙ දවස් ගණන් ගත කරන්න මහ මග.
අපිත් එයා සිලෝන් එකේ කේකේඑස් ගොස් ඇත්තෙමු.
Deleteඒ ගැන ලිපියේ කෙටියෙන් සඳහන් ය!
/* මේ මගුලෙ රාජකාරියකුත් එක්ක බෑනෙ දවස් ගණන් ගත කරන්න මහ මග. */
Deleteඅපොයි ඔව් ජාතියටම අහවල් දියරය සපයන්න තියෙනවානේ.
මචං, ඇත්තටම නිවාඩු ඇත්තෙම නැද්ද? නැතිනම් කම්මැලිකම ද?
මතක අළුත් කලා. ස්තූතියි. පියාගේ වොරන්ට් වලින් වැඩිපුරම ගියේ මඩු පල්ලියට.
ReplyDeleteවොරන්ට් නං තාම තියනව. ඉඳහිට තමයි කෙනෙක් ගන්නෙ. මම පහුගිය අවුරුදු දහයටම වොරන්ට් අරගෙන නෑ.
ReplyDeleteබිම නිදි කරවලා හරි රට තොට පෙන්නපු එක ගැන නම් පින් දෙන්න වටිනවා.
ReplyDeleteYou are lucky to have caring parents
ReplyDeleteඇතැම් විට මගේ කතාවත් ඔබේ මිතුරියගේ කතාව සම විය . යනවා නම් ගියේ අප්පච්චිගේ ගමේ පමණි . මේ ගැන කියූ විටෙක , මා මිතුරෙක් කීවේ . යකෝ උඹට එහෙම හරි තිබුනා . අපේ තාත්තා ගේ ගම බත්තරමුල්ල , අම්මා නුගේගොඩ කියලාය ..
ReplyDeleteදුම්රියෙන් ඇතිවන තුරු ගමන් ගොස් තිබේ. නමුත් අනුරාධපුරයෙන් එපිටට දුම්රියෙන් ගොස් නැත. තාත්තා ඒ කාලයේ වැඩ කලේ නානුඔය නිසා නිතරම ගියේ උඩරට දුම්රිය ගමන්ය. රැකියාව වෙනස් වී වාහන ගත් පසුවද නිතර ගමන් බිමන් ගියේ, රටේ ඈත පලාත් වල සේවය කිරීමට තාත්තාට සිදු වූ නිසාය.
ReplyDeleteමගේ මිරිවැඩි සඟල වන්නේ පවුලක් වශයෙන් එකට ජීවත් වීමට අප ලද කාලය අවම වීමය...
වොරන්ට් එකෙන් Observation car එකේ සීට් ගන්න පුලුවන් වුනා
ReplyDeleteඅපේ අම්ම ගත්ත වොරන්ට් වලින් අපි නම් කීප සැරයක් තාත්තාගේ ගම වෙච්ච හපුතලේට කෝච්චියේ ගියා. කොළඹින් රෑ 8.15ට ද කොහෙද තියෙන නයිට් මේල් එකේ නැගල ඉස්සර හපුතලේ යන්නේ.. පාන්දර වෙද්දී කඳුකරේ මාර ලස්සනයි නේ. මට මතකයි සැරයක් අපි නිදන මැදිරිත් බුක් කරගෙන ගියා. මම නම් හරිම ආස වැඩක් කෝච්චියේ යන එක.
ReplyDelete“ඥාති සංග්‍රහය” ඛෙදවාචකයක් නම් “සමරිසි සංග්‍රහයද” ඛෙදවාචකයකි.
ReplyDelete(1/2)
පසුගිය ජනාධිපති මැතිවරණ කාලයේ “යහපාලකයන්” විසින් උස් හඬින් කතාබහට ලක් කළ කාරණයක් වනුයේ “ඥාති සංග්‍රහය” යයි. ඒ අනුව ඥාති සංග්‍රහය යනු එක්තරා ආකාරයක ඛෙදවාචකයකි. රටේ වාසනාවකට දැන් නම් කිසිදු ඥාති සංග්‍රහයයක් නොමැති බව ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරය , එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ධූරය වැනි ඉතා වැදගත් තනතුරු ආශ්‍රයෙන්ම පෙන්වා දිය හැකිය.
තම ඥාතියකු වීම නිසාම යම් පුද්ගලයකු වෙත වරප්‍රසාද සැලසීම ඥාති සංග්‍රහය වේ. එසේම සමරිසියකු විසින් තවත් පුද්ගලයකු සමරිසියකු වීම නිසාම එම පුද්ගලයා වෙත වරප්‍රසාද සැලසීම සමරිසි සංග්‍රහය වේ. ඥාති සංග්‍රහය වරදක් නම් සමරිසි සංග්‍රහයද වරදකි. පෙර සඳහන් කළ පරිදි රටේ වාසනාවකට මේ පිළිබඳ උදාහරණ බේතකටවත් මේ යහපාලන දේශපාලනය යටතේ සොයාගත නොහැක.
සතර අගතියෙන් තොරව රට කරවන හැටි පාලකයන්ට කියාදීමට මෙතරම් සමත් “සිවිල් සමාජයක්” මෙරට තිබුනද ඇමෙරිකාවේ නොතිබීම එරටේ සැබෑ අවාසනාවයි. තම විෂය ක්ෂේත්‍රය සම්බන්ධව අවුරුදු දහයකින්වත් පර්යේෂණ පත්‍රිකාවක් එලි නොදැක්වූ ආචාර්ය උපාධිය රහිත මහාචාර්යවරු, Ward Master විභාගය සමත්වීමට අසමත් පිරිමි මිසීවරු, ප්‍රයිවට් බස් මුදලාලිවරු, ඇණ මුරිච්චි තද කිරීමවත් ඉගෙනගැනීමට බැරිව පරණ පිනකින් උපගුරු වී විශ්‍රාම ලබා කුලියට ලියන මහත්තුරු ඇතුලු මේ ආශ්චර්යමත් “සිවිල් සමාජය” සමරිසි සංග්‍රහය පිළිබඳව නිහඬය. ඇතැම්විට එය “ලිබරල්කමේ” ලක්ෂණයක් ද විය හැකිය. මේ “සිවිල් සමාජයටම” අයත් “කොලුගැටයකු” ආශ්‍රයෙන්ම සමරිසි සංග්‍රහය පිළිබඳව සාකච්චාවක යෙදීම මේ සටහනෙහි අරමුණයි.
This comment has been removed by a blog administrator.
ReplyDeleteThanks Sa Rasa!
Deleteමේක කියෙව්වහම මම පොඩි කාලේ අම්මත් එක්ක ගමේ ගිය හැටි මතක් උනා. අපි රාගමින් මඩකළපු/තිරිකුණාමල කෝච්චියේ නගින්නේ. හරි පෙට්ටිය හොයල නගින්න ඕනේ. මොකද මහවින් මේ කෝච්චිය දෙකට කැඩෙනවා. පෙට්ටි ටිකක් මඩකළපු යනවා, ඉතුරු ටික තිරිකුණාමල යනවා. මහවදී අළුත් එන්ජිමක් ඇවිත් කෝච්චියේ පස්සෙන් අමුණනවා. දැන් කෝච්චිය හරියට ඔළු දෙකේ මකරෙක් වගේ. ඊට පස්සේ ලොකු ගැස්සිල්ලක් එනවා, එකත් එක්කම කෝච්චිය දෙකට කැඩෙනවා, පණුව දෙකට කැඩුන වගේ.
ReplyDeleteමහව එනකන් ඉස්සරහට ගියපු පෙට්ටිය මහව ඉඳල යන්නේ පස්සට. මොකද මඩකලපු යන පෙට්ටි ටිකට එන්ජිම හයි කරන්නේ කෝච්චියේ පස්ස පැත්තෙන් නිසා. මුල දවස් වල පොඩි අපි හිතන්නේ අය්යෝ ආයෙත් ගෙදර යනවා කියල. ඔහොම ගිහින් කැකිරාවෙන් බැහැල, තව බස් එකකත් යන්න ඕනේ අපේ ගමට.
ඒ කාලේ වොරන්ට් එකේ ගියා වගේ මේ ලඟදි අපේ කොම්පැනියෙන් ප්ලේන් ටිකට් දෙකක් දුන්නා ඕනේ රටකට ගිහින් වරෙල්ලා කියලා. එත් එකම ප්‍රශ්නේ ලෝකෙන් උතුම් රටේ පාස්පෝර්ට් එක තියාගෙන බුරුන්ඩි, සුවාසිලන්තේ වගේ දියුණු රටවල් කීපයක් ඇරෙන්න වෙන කොහෙවත් වීසා නැතුව යන්න බැරි එකයි.
ada kale warrent eken yanawa adui.
ReplyDelete