Wednesday 22 June 2022

ගණ දෙයියා මිත්‍යාව - Oh My Goat



මේ පාසල් දරුවන් අතර මිථ්‍යාව පැතිරවීමේ කූඨ වැඩ පිළිවෙළක් පිළිබඳ කතාවකි.

උඩින් එකතු කර ඇති රූපයේ පෙනෙන්නේ කුමක්දැයි දන්නවාද? ඒ ගණ දෙයියා නම් මිනිස් අර්ධයක් ඇති අලි පැටියාගේ ඇඹූ රූපයකි.

මෙය පිහිටා ඇත්තේ කොහේදැයි දන්නවාද? මා ද හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් ගනේමුල්ල ගලහිටියාවේ මධ්‍යම විද්‍යාල භූමියේ ය.

මට දැන ගැනීමට ලැබුණු පරිදි මීට අවුරුදු හතරකට පමණ පෙර ගම්පහ ප්‍රදේශයේ පාසැල් පනහක් අතර මෙම අලි පැටියාගේ ඇඹූ රූප නොමිලේ බෙදා දී ඇත. එයට මූලික වී ක්‍රියා කර ඇත්තේ චතුර සේනාරත්න නම් හිටපු මන්ත්‍රී දේශපාලුවෙකු බව ද කියවේ.

මොකා දුන්නත් මේ පිළිල පාසල් තුළට වැද්දා ගැනීමේ දෝෂාරෝපණය කෙළින් ම එල්ල විය යුත්තේ විදුහල්පතිට ය.

මෙය පාසලේ දී ගුරුවරුන්ගෙන් සහ පත පොතින් ළමුන් ලබාගන්නා අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවතක්සේරු කරන ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සමහරවිට දැනටම විභාගවලට පෙර මෙම ස්ථානයේ පූජා සංවිධානය කෙරෙනවා ද විය හැක.

මා දහවැනි ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබූ මරදානේ පිහිටි ආනන්ද විද්‍යාලයේ ගුරුවරුන් ද විභාගයට පෙර නිවසේ මැටි පිළිමයක් අබියස අබතෙල් පහනක් පත්තු කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන බව පසුගිය දිනවල මට ආරංචි විය.

මේ ගැන මගේ ප්‍රතිචාරය එක වචනයකින් පහත පරිදි දැක්විය හැක.

නොදකින්.

මෙන්න මේ සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු කිහිපයක්.

පාසැල්වල ඇති සියලුම ආගම් වලට අදාළ පිළිම කඩා ඉවත් කළ යුතුද?

පිළිම වන්දනාව යනු මොළේ ඇති මිනිසෙකු කරන වැඩක් නොවේ.

ගෞතම බුදුන්, සැරියුත් මුගලන් හාමුදුරුවරු පිළිම වන්දනා කළ අය නොවේ. පිළිම වන්දනාව යනු පසු කලෙක රජාලා සහ හොර ගනයින් විසින් එකතු කරන ලද දෙයක්.

නමුත් මේ ගණදෙයියා පිළිමයක් පාසලක පිහිටුවීම කියන එකේ විශේෂත්වයක් තිබෙනවා. මෙයින් ඉගෙනීමට අධිපති දෙයියෙකු ඉන්නවා ය, ඌ මේ අලි පැටියා ය කියන මිථ්‍යා සංකල්පය ළමයින් ගේ සිත් තුළට අනියමින් නොව කෙළින්ම කාවද්දනවා. පාසලේ ඉන්නා අමන ගුරුවරු ළමුන් ලවා ඔය පිළිමයට වන්දනාමාන කරවනවා.

අවසානයේ සිදුවන්නේ ඉගෙනීමෙන් දැනුම සහ සහ නිවැරදි චින්තනයක් ලැබීම වෙනුවට මිථ්‍යා විශ්වාසයෙන් හිත පිරුණු කොන්ද පණ නැති අනාගත පරම්පරාවක් බිහි වීමයි.

දැක්කෙ නෑ වගේ ඉන්න.

ලෝකයේ වැරදි කරන එවුන්ට වඩා සමාජ හානියක් කරන්නේ ඒ වැරදි දැක නිහඬව ඉන්නා බහුතරයයි.

මේ පිළිම වලින් තමන්ට හරි ගියා කියන අය ඉන්නව ඒ වගේම ඔක නිකම්ම මැටි ගොඩක් කියල හිතාගෙන වැඩ කරන අය ඉන්නවා. ඒත් පිළිමෙ නිසා තමයි මට වැරදුණේ කියන අය නෑ නේද?

ඔබේ තර්කය අර දෙයියො ඉන්නවා පුළුවන් නම් නැහැ ය කියා ඔප්පු කරන්න කියා අභියෝග කිරීමට සමානයි.

බුදුදහමේ සඳහන් වන්නේ "අත්තාහි අත්තනෝ නාථෝ, කෝහි නාථෝ පරෝසියා" කියා මිස අපේ පිහිටට දෙයියෙකු හෝ යකෙකු හෝ මල පෙරේතයකු හෝ ඉන්න බව නොවේ.

පාසල් අධ්‍යාපනය හරහා දැනුම සහ ස්වාධීන චින්තනයක් ගොඩ නගනු වෙනුවට මේ ආකාරයේ මිත්‍යා විශ්වාස කෙරෙහි දරුවන් යොමු කිරීමෙන් බිහිවන්නේ කොන්ද කැඩුණු එක එකාට වැඳ වැටෙන අසරණ චින්තනයකින් යුත් පිරිසක් පමණයි.

මේ දෙයියට වැඳලා විභාගයට ගියවුන් පාස් වුණොත් දෙයියා නිසා කියා හිතනවා ෆේල් වුණොත් හිතන්නේ තමන්ගේ අපලයක් බවයි. සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ විදිහටයි.

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දැනුම ලබා දීම සහ නිදහස් චින්තනයක් බිහි කිරීමයි. මේ මිථ්‍යා විශ්වාස හෙට ළමුන් යොමු කිරීමෙන් සිදු වන්නේ කොන්ද කැඩුණු අසරණ අනාගත පරම්පරාවක් බිහි වීමයි.

අමනයින්ගෙ ඡන්දයෙන් බලයට පත් වීමට බලාපොරොත්තු වෙන කපටි දේශපාලුවන්ට ඊට වඩා හොඳ දෙයක් නැහැ.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ මා මීට දෙවසරකට පෙර 2020 ජූනි 20 දින ෆේස්බුක් අවකාශයේ පළ කළ සටහනකි. එය ඊයේ උපන්දිනය වෙනුවෙන් උඩට ගත් පසු 2020 දී ඇති වූවාට වඩා විශාල ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් ලැබුණි. මෙය මේ වන විට 300+ වරක් බෙදා හැරී ඇත. මෙහි වැදගත්කම් නිසා, ඊයේ ඇතිවුණු සාකච්ඡාවෙන් කොටස් ද එකතු කර, මෙලෙස නව සංස්කරණයක් ලෙස රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

තවත් අදහස්:

පාසලේ ආදී ශිෂ්‍යයෙකු / දෙමව්පියෙකු මෙසේ පවසා ඇත.

මේක චතුර සේනාරත්නගෙ අපලක් කියල කරපු එකක් කියලයි කියන්නෙ. මේ ගැන කියල වැඩක් නෑ මම මේක දැක්ක දවසෙම ගිහිල්ල හිටපු ව්දුහල්පති තිසේරට වැරද්ද කිව්ව මිනිහ ගණන් ගත්තෙ නෑ පස්සෙ පාසල් සංවර්ධන සමිතියෙ මහ සභාව වෙලේ මම මේක ඇද්දා. ඉවර වුණා මාව. මුලු හෝල් එකම මට විරුද්ධව කතා කළේ. ගුරුවරියක් ඇඬුව. මං ගමේ හිංද බේරුණා.

(image: from Facebook,exact location not recorded.)

16 comments:

  1. ඇයි ඇතැම් පාසල් වල හමුදා සෙබළුන්ගේ පිළිමත් සාදා තියෙන්නේ.

    ගණදෙවි හෑල්ල නමින් දෙවියන් යදිනා කවි පෙළක් එකල මා 6 වැනි වසරේදී ඉගෙන ගත්තා මතකයි. සිංහල පොතේද, වෙනින් පොතකද තිබුනේ කියා නම් මතක නැහැ. එකල පාඩමට තිබුනේ සම්පුර්ණ කවි මාලාවෙන් තෝරා ගත් කවි සුළු ප්‍රමාණයක්. හැබැයි එම සම්පුර්ණ කවි මාලාවම මට හොදට මතක තිබුනා. එම වයසකදී එලෙස මතකයක් තිබීම නිසා පාසල් වැඩවලටත් පහසුවක් උන බවත් කියන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. සාහිත්‍ය, කලා ශිල්පවල නොවේ අවුල, චින්තනය මොට වීම

      Delete
  2. ඉස්ලාම් ආගමේ නම් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරනවා නේද.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ, ඒකනේ තලේබාන් ලා පැරණි පිළිම කඩා දැම්මේ

      Delete
  3. මහත්තුරු සමලිංගිකද

    ReplyDelete
    Replies
    1. මහත්තුරු - පුරුෂ ලිංග බහුවචන නාම පදයකි

      Delete
  4. Ape rate pasalaka ohoma pilimayak thiyenawa kiyala mama danagaththeth adayi.Eka dakala wasa lajjawak athi una.

    ReplyDelete
    Replies
    1. මට නම් කෙන්තියක් ද ආවා.
      පඩ දේශපාලුවන් සහ උංගේ වහලුන්ගේ වැඩ.

      Delete
  5. ඕස්ට්‍රේලියාවේ සාන්ත ජෝසප් වැනි නම් සහිත රෝහල්, පාසල් වල සාන්ත ජෝසප් සාන්තුවරයාගේ - දිව්‍ය පුත්‍රයාගේ biological පියා- යයි පිළිබිඹු වන පිළිම සවිකර ඇත්තේ එම රෝහල් සහ පාසල් සාන්ත ජෝසප් සාන්තුවරයා විසින් මුදල් වියදම් කර සාදා ඇති නිසාද? එසේ නැතිව එයට යනවිට එතුමාගේ ආශීර්වාදය ලැබී ලෙඩ ඉබේම හොඳ වෙනවා/ ඉගෙනීම වැඩි දියුණු වෙනවා යයි කියා ඔබත් සිතනවාද? එම ස්ථානවලටත් ඔබ දැක්කෙ නෑ වගේ ඉන්නවාද? ඔබ ජේසු තුමාගේ පියාගේ නියම පින්තුරය ඔස්ට්‍රේලියාව සතුද? ප්‍රශ්න වැලක්!

    ReplyDelete
    Replies
    1. විවිධ කතෝලික සේන්ට්ලාගේ නම්වලින් රෝහල් ඇත්තේ ඒවා අරඹා තිබෙන්නේ කතෝලික පල්ලිවලින් සුබසාධනය නිසා බවයි මා හිතන්නේ. ආණ්ඩුවලි හැදූ රෝහල්වලට නම් යොදා ඇතිනම් ඒ රජාලාගේ නම් ය.

      ඉහත ගණ දෙයියා පිළිමය ඇති පාසලේ නම ද ඒ ආකාරයේ එකකි. එනම් ගලහිටියාව පරාක්‍රමබාහු මධ්‍ය විද්‍යාලය.

      ඒ මගේ දෙවෙනි පාසලය්.

      මගේ මුල් පාසල සහ තුන්වෙනි පාසල් සඳහා යොදා ඇත්තේ බෞද්ධ භික්ෂූන් නම් ය.

      Delete
  6. රසික බ්‍රෝ, දැන් බටහිර වෙද ශිල්පයට අනුව සර්පයෙක් දෂ්ට කරලා රෝහලට ගෙන එන රෝගියෙකුට ප්‍රති විෂ එන්නත් දෙනවානේ. එතකොට විසෙන් විස නැසීම නේ වෙන්නේ. ඒ වුනාට ඔය ප්‍රති විෂ එන්නත් නිෂ්පාදනය වෙන්නේ පිටරටක. ඒ රටේ සර්පයින්ගේ විස ගැන පරීක්ෂණ කරලා හදන ප්‍රති විෂ එන්නත ඒ රටේ නයාගේ විසට හරි ගිය පමණින්ම මේ රටේ නයාටත් හරි යනවාද ඒ කියන්නේ, ඔය ප්‍රති විෂ එන්නත් කරලා සනීප වුනොත් ගෞරවය බටහිර වෙද ශිල්පයට හා එන්නතට. ඒත් ප්‍රති විෂ එන්නතේ විෂෙන් අසාධ්‍ය වෙලා මැරුණොත් කියන්නේ අර මුලින් ගහපු නයා ගහලා මැරුණා කියලා මිසක් එන්නත නිසා මැරුණා කියලා නෙවෙයි නේද, ඒ විදිහට නේද ඒ සිස්ටම් එකත් හැදිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ප්‍රතිවිෂ නිසා ලෙඩුන් මැරෙන බවක් අසා නැත. ඉතා විසකුරු සර්පයින් ඉන්නා ඕස්ට්‍රේලියාවේ ද දශක ගණනාවකින් මිනිසෙකු සර්ප විෂෙන් මියගොස් නැත.

      Delete
  7. ඔය හන්දියක් හන්දියක් ගානේ පිළිම,සුරුවම් තියෙන එකත් අපහාසයක් තමයි.

    ReplyDelete
  8. ආගම්වාදය නැති ගැටලු ඇතිකරවන තැනක් සියලු ආගම් ම අද මාෆියාවක්. සිවිල් බලයක් ආරුඩකරගන ඉන් වැජබෙන්නේ වත්මන් ආගමික නායකයන්.
    විවිධ වූ පුද්ගල අසහන ලෙඩරෝග හා තවත් හේතු දඩමීමා කරගනිමින් ආගමික නායකයන් යැයි කියාගන්නා දැනට සිටින බහුතරය කරන්නේ ජනතාවගේ මුදලින් යැපීම් මාර්ගයක් සකසා ගැන්මයි.

    ReplyDelete
    Replies
    1. "පිං"ගුත්තරයින් යැයි මුංව හැඳින්විය හැක!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.