Wednesday 6 January 2021

ගැහැණියකට බුදුවිය නොහැකි ද? - Dogmatic idiots






















පරණ පිනක් පළ දී මට බුඩ්ඩාගං කල්ට් එකකට අයිති ෆේස්බුක් කණ්ඩායමකට එකතු වෙන්නට අවස්ථාවක් ලැබුණු බව සහ එහිදී ධර්මලොජිස්ට්වරයෙකු මෙන් ධර්ම ගැටලු විසඳන්නට අවස්ථාව ලැබුණු බව මම මීට කලින් පළ කළ සටහනේ දී සඳහන් කළෙමි.

එම ෆේස්බුක් කණ්ඩායමේ සාමාජිකාවක විසින් අසා තිබුණු ඉතා වැදගත් ප්‍රශ්නයක් මෙලෙස විය.
බුද්ධත්වය ලබන්න නම් අනිවාර්යයෙන්ම පිරිමි ආත්මයක් ම ලබන්න ඕනෑ ද?
මම එම ප්‍රශ්නයට මෙලෙස පිළිතුර දුන්නෙමි.

ගෑනුන්ටත් බුදු වෙන්න පුළුවන්. තාරා නමින් හැඳින්වෙන්නේ බුදුකෙනෙකු නේද? හැබැයි කසාද බැඳලා රාහුල ඉපදුනාට පස්සේ ගිහිගෙයින් නික්මෙන කොට නම් තරමක දුකක් දැනේවි.

හාමුදුරුකෙනෙකු යැයි සිතෙන නමක් ඇති අයෙකු මට ප්‍රතිචාර දක්වා තිබුණි. එහි දී ඇතිවුණු අදහස් හුවමාරුව මෙලෙස විය.
කාන්තාවන්ට බුදුවිය නොහැකී. තාරා යනු මහායාන ඇදහිල්ලකි
ඇයි ඉතින් මහායාන කියන්නේ බුද්ධාගම නොවේද?

අම්මා බුදු වේවා කියා පපුවේ පච්චයක් කොටා ගෙන සිටි මරුසිරාගේ අම්මත් මේ වෙනවිට බුදු වෙලා ඇති.

මහායානය බුදු දහම වුණත් ඒක ගොඩක් වෙනස් විදියට සකස් කර ගත්ත එකක්
ඉතිං මොකක්ද ප්‍රශ්නේ? හීනයෙ හානියත් ඒ ආකාරයටම වෙනස් විදියකට සකස් කර ගත්තු එකක් නොවේද?

ගෑනුන්ට බුදු වෙන්න බෑ කියලා කියන්නේ බුදුන් කියපු කතාවක් ද, එහෙම නැත්තං බුද්ධාගම විකෘති කරලා දෙයියායි අරවයි මේවයි දාගත්තු බමුණන් විසින් ඇතුළත් කරන ලද පුරුෂෝත්තමවාදී අමන තකතීරු මරිමෝඩ කතාවක් ද?

නැ බුදුවෙන්න නම් අභිනීහාර ධර්ම අට සම්පූර්ණ වෙන්න ඕන. ඒකෙ සදහන් ස්ථිර වශයෙන්ම පුරුෂයෙක් වෙන්න ඕන කියල.
ඔය කතාව කවුරු හරි තකතීරු බමුණෙකු විසින් එකතු කරන ලද එකක් බව ඉතා පැහැදිලියි.

හාමුදුරුවරුන් ක්‍රියාකළ යුත්තේ එවැනි ජරා කතා අදාළ ලේඛන වලින් ඉවත් කිරීමට නොවේද?

අනිත් එක, කොහේ හරි තැනක ලියලා තිබුණා කියා ගැහැණියෙකුට බුදු වෙන්න ඕනේ නම් බුදු වීම වළක්වන්න බැහැ.

මොකද බුදු වෙන්න කලින් අහවල් කොලේ මෙහෙම ලියලා තිබුණා කියා ඒකට තහනම් දාන්න කවුරු හරි ඉන්නවායැ මේ ලෝකෙ?

කොහොමද පැහැදිලි හේතුවක් කියන්න එය එසේ නොවේ කියන්න
හේතුවක් අවශ්‍ය වෙන්නේ එය එසේ යැයි කීමට මිස එය එසේ නොවේ යැයි කීමට නොවේ.

බුද්ධත්වය යනු උපරිම බුද්ධි මට්ටම ලබා ගැනීම නම් සමාන මොළ ඇති ගැහැණියෙකු සහ පිරිමියෙකු අතරින් එය ගැහැනියට බැරිය කීම තමයි ඔප්පු කර පෙන්විය යුත්තේ.

වෙනත් උදාහරණයක් කියනවා නම් ඇසට නොපෙනෙන දෙවියන් භූතයන් ඇති යැයි විශ්වාස කරන අය තමයි එවන්නං ඇති බව ඔප්පු කර පෙන්විය යුත්තේ. එවැන්නන් නැති බව අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් නැත.

ආ හරි ඔබේ මතය එයනම් ම් හොදයි එයට අනුව කටයුතු කරන්න යහපත අයහපත් තම තමා මත රැදෙන එකක්නෙ නේද
මගේ අදහස නම් බුදු වීමට ඔබට සහ මට ඇති හැකියාව මගේ මවට මෙන්ම ඔබේ මවට ද ඇති බවයි.

එය එසේ නොවේ යැයි කියන්නා වසල සූත්‍රය අනුව වසලයෙකු වෙනු ඇත.

හරි හොදයි හොදයි මන් වසලයෙක් වෙන්නම්කො
අනේ එහෙම වෙන්න එපා.

නිවැරදි අවබෝධය ලබාගෙන ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචනයෙන් සංවර වී හොඳ ජීවිතයක් ගතකරන්න.

ඔබට බමුණු මතයෙන් තොර නිවැරැදි දැක්ම ලැබේවා යි සිතමි.

මතුදිනක පිරිමියෙකු ලෙස හෝ ගැහැනියක ලෙස හෝ ලිංග භේදය මත පදනම් වූ අසාධාරණයෙන් තොරව බුදු බව ලැබීමට ද ඉඩ ලැබේවායි ප්‍රාර්ථනය කරමි.


මගේ නම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ විට කියවිය හැකි ආකාරය නිසා මෙන්ම සහ මා කාන්තාවන්ට බුදුවීමට ඇති අයිතිය ගැන කතා කරන නිසා ද, වෙනත් අයෙකු මා කාන්තාවක ලෙස වරදවා වටහා ගෙන මෙලෙස කියා තිබුණි.
සමාවෙන්න මිස්. ධර්මාවබෝධයෙන් යුතුව ධර්මය ගැන කතා කරන්න. කාන්තාවකට බුදුවෙන්න බෑ. රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ජීවිතේ කාන්තා උත්පත්තියක් ලබන්නෙකත් සසරේ පෙර කළ පවට. තෙරුවන් සරණයි. උතුම් ධර්මාවබෝධය ලැබේවා.
මම ඇයට මෙලෙස පිළිතුරු දුන්නෙමි.

තක්කඩි බමුණන් විසින් පසු කලෙක එකතුකර ඇති එවැනි පුරුෂෝත්තම වාදී අගතිගාමී කතා සාධාරණීකරණය කරන්නේ ඇයි?

අප කළ යුත්තේ එවැනි පදනම් විරහිත තක්කඩි මුසාවාද ඉවත් කොට පිරිසිදු බුදු දහම වටහා ගෙන නිවන් මග අවබෝධ කර ගැනීම නොවේද?


පසුව වෙනත් භික්‍ෂු නාමධාරියෙකු පැමිණ මෙසේ කියූවේය.
ඇඩ්මින් මහත්මයා මේ කමෙන්ට්ස් ටික බලල ඉවත් කරල දාන්න.

මේ වගේ බුදු දහම ගැන දන්නෙ නැති අය ගෲප් එකට විතරක් නෙවෙයි බුදු දහමටත් හානියක් කරන්නෙ
ඒ දුටු උපාසකයෙකු එය අනුමත කළේ මෙසේ ය.
ඒක ඇත්ත ස්වාමීන්වහන්ස පුළුවන් නම් ගෘප් එකෙන් පවා ඉවත් කළත් කමක් නැ.
තවකෙකු මට මෙලෙස උපදෙස් දී තිබුණි.
වයසට ගියාට නුවණ පෑදිලා නෑ අපරාදෙ මනුෂ්‍යය ජීවිතේ, නොදන්න මඟුල් කතා නොකර දන්න දෙයක් කරන් ඉන්න මහත්මයා සමාජෙට විහිළුවක් නොවී
මගේ අවසාන පිළිතුර මෙලෙස විය.

කුරානය වැනි පොත්වල ලියා තියෙන දේට විරුද්ධ මතකයක් ප්‍රකාශ කළොත් මරා දමන්නට පවා ඉඩ තියෙනවා ලු. අර සල්මන් රෂ්ඩිට පවා මරණ දණ්ඩනය නියම කළේ පූජකයෙක්. නමුත් බුදු සාදු නම් කර ඇත්තේ විවිධ මත දරන බමුණන් පවා තමන් හමුවීමට පැමිණ මතවාදී අභියෝග කරන විට පළවා දැමීම නොව අදහස් හුවමාරු කර ගැනීමයි.

මේ බුඩ්ඩාගම් පොතේගුරලා යෝජනා කරන්නේ බුදුන්ට පවා නිගා කරමින් මා කණ්ඩායමෙන් පන්නා දැමීමයි.

නොම දකින් මෙවැනි අමන මිනිසුන්!


මා අනුමාන කළාක් මෙන් අවසානයේ එකී තලේබාන් අයෙතුල්ලා කණ්ඩායම විසින් මාව බ්ලොක් කර දමන ලදී.

බ්‍රව්සරය නොවැසීම නිසා නොමැකී කේෂ් වී තිබුණු පිටුවෙන් ස්ක්‍රීන් ෂොට් ලබා ගැනීම මට හැකිවිය.

පැය කිහිපයක තාවකාලික විනෝද සමයක් එසේ නිමාවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මෙකී ෆේස්බුක් කණ්ඩායමක් ඇති බව දැන ගත්තේ ද එහි සාමාජිකයෙකු විසින් එයට මා එකතු කරනු ලැබූ බව දැඛ එහි ගිය විට ය. එසේ නොමැතිව මා අනාරාධනයෙන් එහි ගොස් අනාචරේ හැසිරුණා නොවේ!

(image: Female Buddha by Arturo Rhodes - https://www.pinterest.com.au/pin/423197696213323544/)

26 comments:

  1. බුදුන් පවා පුරුෂෝත්තමවාදයට යම් කිසි තරමක යටපත් වීමක් දැක්වූ බව මෙහෙණි සස්න පිහිටුවීමට පැකිළීමෙන් සහ ඊට පසු අෂ්ට ගරු ධර්ම නියම කිරිමෙන් පේනවා.

    "බුදු වීම යනු" ම පසුකාලිනව උත්කර්ෂයට නැංවුණු දෙයක් බව මගේ විශ්වාසයයි. බුදුන් හුදෙක් ම සිත දියුණු කළ දාර්ශනිකයෙක් මිස සර්වඥ ලෝකෝත්තරභාවයකට නැංවුණු උපරි ආත්මයක් නොවේ. උන්වහන්සේ ගේ දර්ශනය ලොව ඇති ඒකාන්ත ම සත්‍යය ද නොවිය හැකියි. ඒ නිසා යි එතුමා කිව්වේ "මා කියූ දේ යැයි කියන පලියට හෝ ගුරුවරුන් කියන පළියට හෝ නොගෙන තම තම නැණ පමණින් විභාග කොට විමසා පිළිගන්න" කියා.

    එසේ උපරි භවයක් ගැන ඇති සංකල්පය ම "බුදු වීම" යමෙකුට කළ හැකි / නොහැකි බව ගැන තර්ක උපදවන්නක්.

    සෙන් අනුව බුදු වීම ඕනෑම අයෙකුට විය හැක්කකි.

    ReplyDelete
    Replies
    1. ඉහත දක්වා ඇති දෙබස්වලින් සහ උපුටා නොදැක්වූ දෙබස්වලින් පැහැදිළි වූයේ මේ පුද්ගලයින් කොතරම් දැඩිමතධාරීන් බව ද යන්නයි. "මා කියූ දේ යැයි කියන පලියට හෝ ගුරුවරුන් කියන පළියට හෝ නොගෙන තම තම නැණ පමණින් විභාග කොට විමසා පිළිගන්න" වැනි දේ නම් උං අසාවත් නැත.
      නැතිනම් අමතක කොට ඇත!

      Delete
  2. When you have too much time to waste :(

    ReplyDelete
    Replies
    1. විදෝදාංශයකට කාලය සොයා ගැනීම අසීරු නැත.

      Delete
  3. හැබැටම කතෝලික ආගමේ එන දෙවියන් වහන්සේත් පිරිමියෙක් නේද? ඇයි දන්නේ නැහැ ගෑනු කෙනෙක්ට සර්වබල ධාරී අල්ලා දේවතාවිය වෙන්න බැරි.

    ReplyDelete
    Replies
    1. දෙයියා යනු මිත්‍යාවකි. එනිසා මිත්‍යාවක් ගැහැණුද පිරිමි ද කියා කිව නොහැක.

      මොකක්දෝ චිත්‍රපටයක නම් දෙයියා ලෙස රඟපෑවේ මෝගන් ෆ්‍රීමන් ය.

      දෙයියා පිරිමි කියා සිතීමට ඇති හේතුව ඔහු තම ඇටයකින් ඇඩම් මැවීම නිසා නම්, ඊවාව මැව්වේ ඇඩම්ගේ ඇටයකින් නේද?

      Delete
  4. පොතේ තිබ්බත් - බණේ කිව්වත් මොකද වෙන්නේ කරල බැලුවම
    උවමනා අය - ජය ගනීවී සටන දිගටම ගෙනිච්චොත් හෙම
    ගැහැනු ලෝකෙන් තුරන් වෙයි නම් පිරිමි උපදිනවාද දිගටම
    විකාරනෙ මේ, මොනා වේවිද ගැහැනු බුදු පදවියක් ලැබුවම

    ReplyDelete
  5. බුදු වෙන්න කලින් ආනාපානසති වඩමු.

    ReplyDelete
    Replies
    1. ජිවත්වෙන්නත් හුස්ම ගන්න ඕනි නේ!

      Delete
  6. ථෙරවාද බුදුන් හා මහායාන බුදුන් කියලා දෙන්නෙක් හිටියා ද?

    ReplyDelete
  7. බුදු වීමෙන් කෙනෙකුට ලැබෙන වාසිය මොකක්ද?රහත් වෙලා නිවන් දුටුවාම මදිද?

    ReplyDelete
    Replies
    1. නිවන් නොදැක්කත් මොකද?

      දැන් ජනාධිපතිවුණා ය නොවුණාය කියා කාටවත් පාඩුවක් නොවුණාට, ජනාධිපති වෙන්න පුළුවන් මිනිහෙකුට විතරයි කියා නීතියක් තිබුණා නම් කොහොමට තියෙයිද?

      මේ ළඟදී කවුදෝ එකෙක් කියලා තිබුණා නේද, කසාද බැඳලා, ළමයින් ඉන්න පිරිමිේ‍රකුට විතරක සීමා වෙන්න නීති හදන්න ඕනෑ කියා?

      Delete
  8. හොඳට දීලා තියනවා ලෙලි යන්නම. දැන් උන් එක එකා මරා ගන්නවා ඇති. හා හා කොහෙවත් තියන භ්රහ්මන මත ගෙනත් බුද්ධාගමට කා ගහනවා. වැඩේ කියන්නේ උපාසකම්මල සාදු සාදු කියනවනේ ගැහැණු විධිහට ඉපදෙන් එක පවක් කීවම

    ReplyDelete
    Replies
    1. කාන්තාවන්ට වැඩිම නීති දාන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ ගෑනුම තමයි!

      Delete
  9. බුද්ධ ධර්මය ගැන මූලික දේවත් නොදන්න, මහායාන - ථේරවාද දහම් පටලවගත්ත කෙනෙක් ලියපු ලිපියක් මේක. ලියා තියෙන කිසිම දේක පදනමක් නෑ.

    ස්ත්‍රියකට බුදු වෙන්න පුළුවන් ද නැද්ද කියන එක බුදු දහමේ පැහැදිලිව සඳහන් වෙනවා. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් බුද්ධ වංශ පාලියේ මේ ගැන පැහැදිලි ව සඳහන්. ඒ,

    "මනුස්සත්ථං ලිංග සම්පත්ති - හේතු සත්ථාර දස්සනං
    පබ්බජ්ජාගුණසම්පත්ති - අධිකාරෝච චන්දතා
    අට්ඨධම්මසමොධානං - අභිනිහාරෝ සමිජ්ඣති"
    යනුවෙන්.


    කාන්තාවකට බුදු වෙන්න බෑ කියන සංකල්ප බමුණන්ගේ එකතු කිරීමක් කියා මොහු කියන්නෙ මොනන පදනමක් මත ද කියා ඔහු දක්වනවාද? නෑ. ථේරවාද සම්ප්‍රදායේ පමණක් නෙවෙයි මුල් කාලීන මහායාන සම්ප්‍රදායකවත් කාන්තා බුද්ධත්වය ගැන සඳහනක් නෑ.


    ගෞතම බෝධිසත්වයන් බුදු බව ප්‍රාර්ථනා කරන්නෙ මීට විසි අසංඛ්‍ය කල්පයකට පෙර බ්‍රහ්මදේව නම් බුදුන් කාලයේ. ඊටත් පෙර ගෞතම බෝධිසත්වයන් කාන්තා ආත්ම භවයන්හි සිටි බව සඳහන් වෙනවා. එහෙත් කාන්තා භවයක සිටි බැවින් බුදුවීමට විවරණ ලැබෙන්නෙ නෑ. කාන්තා ආත්ම භවයක සිට පෙර බුදු කෙනෙකුගෙන් විවරණ ඉල්වූ අවස්ථාවේ ඒ බුදුන් දේශනා කරන්නේ බුද්ධත්වය පැතීමට තවත් බොහෝ කාලයක් ගුණධර්ම පිරිය යුතු බවත්, එසේ කළ පසුව යම් අවස්ථාවක අෂ්ඨ ධර්ම සමෝධානයෙන් යුක්ත වූයේ නම් එවිට විවරණ ලබාගත හැකි බවත්. එමගිනුත් කියවෙන්නේ විවරණ ලැබීමට පුරුෂ භවයක් ලැබිය යුතු බව.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඉහත සටහනේ පදනම් නැති දේවල් කිහිපයක්ම ඇත.

      1. කාන්තාවන්ට බුදුවිය නොහැකී.

      2. මහායානය බුදු දහම වුණත් ඒක ගොඩක් වෙනස් විදියට සකස් කර ගත්ත එකක්

      3. නැ බුදුවෙන්න නම් අභිනීහාර ධර්ම අට සම්පූර්ණ වෙන්න ඕන. ඒකෙ සදහන් ස්ථිර වශයෙන්ම පුරුෂයෙක් වෙන්න ඕන කියල.

      4. කාන්තාවකට බුදුවෙන්න බෑ. රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ජීවිතේ කාන්තා උත්පත්තියක් ලබන්නෙකත් සසරේ පෙර කළ පවට.

      5. ඇඩ්මින් මහත්මයා මේ කමෙන්ට්ස් ටික බලල ඉවත් කරල දාන්න. මේ වගේ බුදු දහම ගැන දන්නෙ නැති අය ගෲප් එකට විතරක් නෙවෙයි බුදු දහමටත් හානියක් කරන්නෙ

      6. ඒක ඇත්ත ස්වාමීන්වහන්ස පුළුවන් නම් ගෘප් එකෙන් පවා ඉවත් කළත් කමක් නැ.

      7. වයසට ගියාට නුවණ පෑදිලා නෑ අපරාදෙ මනුෂ්‍යය ජීවිතේ, නොදන්න මඟුල් කතා නොකර දන්න දෙයක් කරන් ඉන්න මහත්මයා සමාජෙට විහිළුවක් නොවී

      Delete
  10. බුද්ධ ධර්මය ගැන මූලික දේවත් නොදන්න, මහායාන - ථේරවාද දහම් පටලවගත්ත කෙනෙක් ලියපු ලිපියක් මේක. ලියා තියෙන කිසිම දේක පදනමක් නෑ.

    ස්ත්‍රියකට බුදු වෙන්න පුළුවන් ද නැද්ද කියන එක බුදු දහමේ පැහැදිලිව සඳහන් වෙනවා. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් බුද්ධ වංශ පාලියේ මේ ගැන පැහැදිලි ව සඳහන්. ඒ,

    "මනුස්සත්ථං ලිංග සම්පත්ති - හේතු සත්ථාර දස්සනං
    පබ්බජ්ජාගුණසම්පත්ති - අධිකාරෝච චන්දතා
    අට්ඨධම්මසමොධානං - අභිනිහාරෝ සමිජ්ඣති"
    යනුවෙන්.


    කාන්තාවකට බුදු වෙන්න බෑ කියන සංකල්ප බමුණන්ගේ එකතු කිරීමක් කියා මොහු කියන්නෙ මොනන පදනමක් මත ද කියා ඔහු දක්වනවාද? නෑ. ථේරවාද සම්ප්‍රදායේ පමණක් නෙවෙයි මුල් කාලීන මහායාන සම්ප්‍රදායකවත් කාන්තා බුද්ධත්වය ගැන සඳහනක් නෑ.


    ගෞතම බෝධිසත්වයන් බුදු බව ප්‍රාර්ථනා කරන්නෙ මීට විසි අසංඛ්‍ය කල්පයකට පෙර බ්‍රහ්මදේව නම් බුදුන් කාලයේ. ඊටත් පෙර ගෞතම බෝධිසත්වයන් කාන්තා ආත්ම භවයන්හි සිටි බව සඳහන් වෙනවා. එහෙත් කාන්තා භවයක සිටි බැවින් බුදුවීමට විවරණ ලැබෙන්නෙ නෑ. කාන්තා ආත්ම භවයක සිට පෙර බුදු කෙනෙකුගෙන් විවරණ ඉල්වූ අවස්ථාවේ ඒ බුදුන් දේශනා කරන්නේ බුද්ධත්වය පැතීමට තවත් බොහෝ කාලයක් ගුණධර්ම පිරිය යුතු බවත්, එසේ කළ පසුව යම් අවස්ථාවක අෂ්ඨ ධර්ම සමෝධානයෙන් යුක්ත වූයේ නම් එවිට විවරණ ලබාගත හැකි බවත්. එමගිනුත් කියවෙන්නේ විවරණ ලැබීමට පුරුෂ භවයක් ලැබිය යුතු බව.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඉහත සටහනේ පදනම් නැති දේවල් කිහිපයක්ම ඇත.

      1. කාන්තාවන්ට බුදුවිය නොහැකී.

      2. මහායානය බුදු දහම වුණත් ඒක ගොඩක් වෙනස් විදියට සකස් කර ගත්ත එකක්

      3. නැ බුදුවෙන්න නම් අභිනීහාර ධර්ම අට සම්පූර්ණ වෙන්න ඕන. ඒකෙ සදහන් ස්ථිර වශයෙන්ම පුරුෂයෙක් වෙන්න ඕන කියල.

      4. කාන්තාවකට බුදුවෙන්න බෑ. රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ජීවිතේ කාන්තා උත්පත්තියක් ලබන්නෙකත් සසරේ පෙර කළ පවට.

      5. ඇඩ්මින් මහත්මයා මේ කමෙන්ට්ස් ටික බලල ඉවත් කරල දාන්න. මේ වගේ බුදු දහම ගැන දන්නෙ නැති අය ගෲප් එකට විතරක් නෙවෙයි බුදු දහමටත් හානියක් කරන්නෙ

      6. ඒක ඇත්ත ස්වාමීන්වහන්ස පුළුවන් නම් ගෘප් එකෙන් පවා ඉවත් කළත් කමක් නැ.

      7. වයසට ගියාට නුවණ පෑදිලා නෑ අපරාදෙ මනුෂ්‍යය ජීවිතේ, නොදන්න මඟුල් කතා නොකර දන්න දෙයක් කරන් ඉන්න මහත්මයා සමාජෙට විහිළුවක් නොවී

      Delete
  11. ඔය වගේ කට්ටිය අවුස්ස ගන්න හරි ලේසියි.. රසිකත් ගන්න ආතල්.. :)
    ආගමකින් ඔලුව පුරෝ ගත්ත කෙනෙකුට යමක් කියල තේරුම් කරනවට වඩා ලේසි ඇති ගෑනු කෙනෙකුට බුදු වෙන එක .. හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් නියම කතාව!

      නමුත් බුදුවීමට ඇති ලේසිකම හෝ අමාරුකම ගැහැණියෙකු ද, පිරිමියෙකු ද වීම මත වෙනස්වෙනවා යැයි සිතීම අතාර්කිකයි.

      Delete
  12. @ රාසිකෝලොජි

    //නමුත් බුදු සාදු නම් කර ඇත්තේ විවිධ මත දරන බමුණන් පවා තමන් හමුවීමට පැමිණ මතවාදී අභියෝග කරන විට පළවා දැමීම නොව අදහස් හුවමාරු කර ගැනීමයි.//

    මෙතන 'බුදු සාදු' ලෙස යෙදීම විකාරයක් වගේ. ඒ කුඩා ළමයින්ට කියන හුරතල්/ පොස් වදනක්. ඊට වඩා කෙටියෙන් සරලව සහ අර්ථවත්ව බුදුන් යැයි පැවසීම වඩාත් නිවැරදියි. ඒ වගේම ගෞතම බුදුන් බුදු දහමේ ප්‍රාරම්භකයා ලෙස මෙන්ම ලෝකයේ ප්‍රසිද්ධම spiritual අධ්‍යාත්මික ගුරෙක් වුණත්
    ලංකාවේ තලේබාන් බෞද්ධයන්ට අනුව ගෞතම බුදුන් යනු වර්තමානයේ මේ ගෙවී යන මහා භද්‍ර කල්පයේ හතරවන අන්තං කල්පයේ ලොව පහලවී වදාළ, තුන්ලොවට උතුම් වූ අසහාය වූ ගුරුවරයෙකු වූ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේය කියලා ටෝක් දෙන නිසා බුදුන් මනුෂ‍්‍යයෙක් ද, අමරණීය තත්ත්වයට (නිර්වාණයට) පත් වූ වෙක්ද, දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරුණු ස්ථවිරවාද හා මහායාන නිකායන් අනුව සෑහෙන වෙනස් වීම් වලට හේතු වෙන්නේ ථේරවාදි බුදු ධර්ම කරුණු අනුව බුදුන් අති මහත් ඥානයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් වෙනකොට මහා යාන බුදු දහම අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය සහ දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමූර්තියක්. කොහොම හරි බුදුන් ගේ උපත සිදුවූයේ ඉපැරණි භාරතයේ ලුම්බිණි නුවර සිද්ධාර්ථ් ගෞතම් (ගෝතම්) රාජ් කුමාර් විදියට, ඒත් ඉතින් සාක්‍යමුනි (මාගධී) නැත්නම් සංස්කෘතයෙන් ශාක්‍ය මුනි (ශාක්‍ශාක්‍ය කුලයේ මුනි වරයා) ලෙසද ගෞතම බුදුන් හඳුන්වයි. ඔහුට බුදුන් ලෙස ඇමතීම වඩාත් සුදුසු බව පේනවා නේද?

    ReplyDelete
  13. මොනවා උනත් රාසික්ලොජි මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ පුච්චද්දී ඒවා පණ පිටින් පිච්චීමක් සේ දැනෙන බව ACMA පක්ෂ (All Ceylon Makkal ArasukKatchi - සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරල තියෙන බව දන්නවා ඇති නේද මචන්?

    ඒ අනුව රාසික්ලොජි ඉතාමත් පැහැදිලියිනේ ලංකාවේ අහිංසක මුස්ලිම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හරහා එම ජනතාවගේ අහිංසක හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් අමානුෂික ලෙස පලිගැනීමටත් එම මෘතදේහයන් කුරිරු ලෙස ආදාහනය කිරීමට ලංකාවේ අන්ත දූෂිත රාජ පක්ෂ සිංහල බෞද්ධ ජාතිවාදී ජඩ රජය කටයුතු කරන බවට ද ඔහු කරන චෝදනා නිවැරදියි කියල?.

    ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ආකාරයට පසුගිය අවුරුද්දේ මුල ඉඳන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මියගිය මුස්ලිම් ආගමික මෘතදේහ සියල්ලම අනිවාර්යයෙන්ම භූමදානයට අවසර දිය යුතුව තිබූ බවද පැහැදිලි බව ඔහුගේ අදහසයි.

    ගරු මන්ත්‍රී බදුර්දීන් මහතා මේ සියලුම අදහස් ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමට අටවා ඇති බොරු පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මේ ගැන ලංකාවේ අමන සිංහල ජාතිවාදී රජයට එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි නේද ඔබතුමා වැනි ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරීන්?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.