
මගේ ජීවිත කාලය තුළ මම අවමංගල්‍ය උත්සව තුනක කතා කර ඇත්තෙමි. ඉන් එකක් මට ලැබුණු අවස්ථාවකි, ආරාධනයකි. අනිත් අවස්ථා දෙකම මා මගේ උවමනාව නිසා ලබාගත් අවස්ථා ය.
මුල්ම අවස්ථාව මට ලැබුණේ අප විශ්වවිද්‍යාලයෙන් පිට වී අවුරුදු එකහමාරකට පමණ පසු අපේ කණ්ඩායමේ සිටි සගයෙකුගේ වැඩිමහල් සොහොයුරෙකු අවාසනාවන්ත ලෙස මරණය සොයා ගිය පසු ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගි වුණු අවස්ථාවේ දී ය.
දෙවනුව මා කතා කළේ මගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දී ය. පවුල වෙනුවෙන් කවුද කතා කරන්නේ යැයි එදා දහවලේ එම සභාව මෙහෙය වූ තැනැත්තා විමසනවා ඇසූ විගස මා කතා කළ යුතු යැයි මට සිතුණු බැවින් ඒ අවස්ථාව මම ලබා ගත්තෙමි. එය මා සිතමින් සිටි දෙයක් නිසා කිව යුතු කරුණු ද මගේ සිතේ ගොනු වී තිබුණි.
තුන්වෙනුව සහ අවසන් වරට මා කතා කළේ මගේ මවගේ අවමංගල්‍යය උත්සවයේ දී ය. එය ද කිසිදු පෙර සූදානමකින් තොරව එහි සිටියදී මංගල්‍ය උත්සවය අවසානයේදී සභාව මෙහෙය වූ තැනැත්තා වෙනත් කවුරුහරි ඉන්නවද කතා කරන්නට යැයි පැවසූ විට මා ලබා ගත් අවස්ථාවකි.
ඒ අවස්ථා තුනේ දී මා කියූ කතාවල සාරාංශය ඉදිරිපත් කිරීම පසුවට තබා සටහන ලිවීමට තුඩු දුන් මූලික කාරණය වූ, මාලිනී පොන්සේකා නම් සිනමා නිලියගේ අවමංගල සභාවේ දී සෞම්‍ය ලියනගේ විසින් කරන ලද කතාව ගැන මගේ අදහස කියනවා නම් එය මෙසේය.
මංගල උත්සවවල දී මෙන්ම, අවමංගල සභාවල දී ද කතා පවත්වෙන්නේ කවුද යන්න තීරණය කිරීමේ පරම අයිතිය ඇත්තේ මියගිය තැනැත්තාගේ ඥාතීන්ටය. බොහෝ අය මියගිය තැනැත්තාගේ හතර පරම්පරාවේ අය නියෝජනය වන පරිදි කතා බෙදා හරිති. සේවා ස්ථානයේ අය වෙනුවෙන්, මිතුරන් වෙනුවෙන් ද කතා ලැබේ.
මා ඉහත සඳහන් කළ මුල් අවස්ථාවේ දී මට කතා කිරීමට ආරාධනා කෙරුණේ මියගිය පුද්ගලයාගේ සොහොයුරා වෙනුවෙනි.
මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය සභාවේ දී සෞම්‍ය ලියනගේ කතා කළේ ඒ පවුලේ අවශ්‍යතාව පරිදිය. ඔහු ඒ පවුලේ ඥාතියකි. එනම් අප බොහෝ දෙනෙකු දන්නා පරිදි සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක වන සමන්ලී ෆොන්සේකාගේ සැමියාගේ සොහොයුරා ය.
සමනලීගේ සැමියා වන ඉන්ද්‍රචාපා ලියනගේ විසින් මාලිනී ෆොන්සේකාගේ සිරුර දවාලූ සොහොනට ගිනි අවුලනු අවසානයේ අපට පෙනුණි.
ඊළඟ වැදගත් කරුණ නම් මෙලෙස කතාවක් පවත්වන්නට ආරාධනා කළ පසු කිසිවකු "මෙන්න මේවා කියන්න ය, මෙන්න මේවා නම් කියන්න එපා ය" කියා නීති පනවන්නේ නැති බවයි.
මා කතා කළ අවස්ථා තුනේ දී මම ද මට ඕනේ දේ කීවා මිස වෙන අයට අවශ්‍ය දේ කියන්නට හෝ නොකියන්නට හෝ ගියේ නැත. (අවමගුලක දී නොව වෙනත් අවස්ථාවක මට කතාවක් කරන්නට ආරාධනය කළ අයෙකු ඉන් පසුව හැබැයි රසික එක කොන්දේසියක් තියෙනවා යනුවෙන් කියන්නට පටන්ගත් සැණෙන්, මා කළේ අනේ මේ මට අපහාස කරන්නට එපා යැයි කෙළින්ම පවසා සිටීමයි.)
ඉතින් සෞම්‍ය ලියනගේ ඊයේ කතා කිරීම ගැන ඒ පවුලේ අයට නැති ප්‍රශ්නයක් අපට තිබිය යුතු නැත.
එසේම ඔහු එහි දී කීවේ ඔහුට අවැසි දේ මිස ඒ කතාව අසා සිටි එක එක බයි-නොබයි සිපයියන්ට අවශ්‍ය දේ ද නොවේ.
අසා සිටි ඔබ සැමට ස්තුතියි.
- රසික සූරියආරච්චි
##^&*+**$#!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDelete???........!!!!!!
Delete🤔
නියම තථාව
ReplyDeleteසෞම්‍ය ගේ කතාව ද
Deleteමා ලියූ සටහන ද
රසික සූරියආරච්චිෙග් මව මිය ගියාම නිවන් සැප කියලා ප්‍රදර්ශනය කරේ ඇයි. බෝර්ඩ් ගැහුවට නිවන් යනවද?
ReplyDeleteඔයා මේ ප්රශ්නය වෙන තැනක අහලා මං උත්තර දුන්නා දැක්කේ නැද්ද?
Deleteමෙන්න නැවතත් දීර්ඝ පිළිතුරක්.
1. හදවත නැවතුනු විට ජීවිතය අවසාන වේ
2. නිවන් යන්න නම් නිවන කියා දෙයක් තිබිය යුතුය. සමහරු එලෙස විශ්වාස කරතත් එවැනි තැනක් තිබේදැයි ඔබ ද නොදනී මමද නොදනිමි.
3. නිවනක් තිබුණත් නැතත් බෝඩ් ගැසීමෙන් නිවන් ගිය නොහැක.
4. මගේ අම්මා නම් බොහෝ විට නිවනක් තිබුනා යයි විශ්වාස කරන්නට ඇත.හැක දිනක එහි යන්නට ද ප්‍රාර්ථනා කරන්නට ඇත.
5. අම්මාට නිවන් සැප ලැබේවා ්කියා දැන්වීම් ප්‍රදර්ශනය කළේ ඇයි ද කියා මගෙන් විමසා තේරුමක් නැත.
සෞම්‍ය ඉයනගේ තමන්ට හරියන කතාව කලේ මම හිතන්නේ . මම නම් පුළුවන් තරම් සරලව තමා බ්ලොග් වුනත් ලියන්නේ. එක එක එක්කෙනාට අවශ්‍ය විධිහනේ
ReplyDeleteoh
ReplyDeleteඋඹ ලියන එවයේ හැටියට උඹට සෙට් වෙන්නෙ මල ගෙවල් වල කතා තමයි
ReplyDeleteඅම්මප රසික, කොහොම කමෙන්ට් වැටිච්ච බ්ලොග් එකක්ද මේ? දැන් නිකං රෑට කුරුඳුවත්තෙ මලගේ වගේ. 😪😪😪
ReplyDeleteHariyata hari
ReplyDeleteනියම කතාව
ReplyDelete