මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Wednesday, 13 May 2015
රොබට් නොක්ස් සංකීර්ණය - When the oppressor gains from the suffering of the oppressed
මා මුහුණ දුන් සම්මුඛ පරීක්‍ෂණයක අත්දැකීම පදනම් කරගෙන, මින් දින දෙකකට කලින් මවිසින් ලියා පළ කරන ලද ලිපියේ දී මා සාකච්ඡා කළේ, අතීතයේ දී අප ලැබූ ඉතා සුඛදායක අත්දැකීම් අද අපට ප්‍රයෝජනවත් නොවී, එදා අප දුඛදායක අත්දැකීම් නොලැබීම ගැන අද පසුතැවිලි වෙන්නට සිදුවීම ගැනයි.
ඒ සංසිද්ධියේ එක් නිසැක දිගුවක් වන්නේ, වත්මනෙහි අප ලබන ඉතා සුඛදායක අත්දැකීම් ද අනාගතයේ කිසි දිනයක අපට ප්‍රයෝජනවත් නොවී, අප අද නොලබන දුඛදායක අත්දැකීම් ගැන එදිනට අපට පසුතැවිලි වෙන්නට සිදුවීමට ඉඩකඩ ඇතිය යන්නයි.
මේ ගැන සිතීමේ දී මට සිහිවුනේ, ශතක තුනකට පමණ කලින් ජීවත්වූ අයෙක් වුවද, නම කියූ පමණින් අප බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් වන රොබට් නොක්ස් ය.
නොදන්නා වෙතොත් ඔවුන් ගේ දැන ගැනීම පිණිස කෙටියෙන් කියනවානම්, වසර 1641 දී ඉපිද, නැව් කප්පිත්තෙකු වූ සිය පියා ගේ අඩි පාරේ යමින් වයස 14 වැනි කුඩා වයසේදී ම (ඒ කාලයේ එය ළමා අපයෝජනයක් නොවේ!) පියා ගේ නැවේ සේවයට බැඳුණු රොබට් නොක්ස්, 1659 දී ඔවුන් ගේ නැවට වුණු හානි නිසා එය පිළිසකර කරගැනීම පිණිස ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා ඇත.
එහිදී දෙවෙනි රාජසිංහ රජුගේ සිරභාරයට පත් වූ රොබට් නොක්ස් ට එළිමහන් සිරකරුවෙකු ලෙස ලංකාවේ වසර දහනමයක්ම ගත කිරීමට සිදුවිය. තම පියා රොගී වී මිය යාම නිසා ඔහුට ඉන් වැඩි කාලයක් ගත කරන්නට වූයේ තනිවමය. ඒ සමගම නිසි ආදායමක් නොමැතිවීම නිසා විවිධ කර්මාන්ත කරමින් රෙබට් නොක්ස් ගතකර ඇත්තේ සාපේක්‍ෂව දුක්මුසු දිවියකි. ඔහු අවසානයේ සගයෙකු සමග උඩරටින් පලා ගොස් එවකට මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ලන්දේසීන් ගේ උදව්වෙන් ආපසු එංගලන්තය බලා ගොස් ඇත. ඒ වසර 1680 දී ය.
එතැන් සිට කාලයක් නැවතත් නාවික වෘත්තියේ ද, ඉන් පසු විශ්‍රාමිකයෙකු ලෙසද ගතකළ රොබට් නොක්ස් ඒ කාලයේ දී තමා ලංකාවේ ගත කළ කාලයේ ලද අත්දැකීම් පදනම් කරගෙන එක් ප්‍රධාන කෘතියක් සහ වෙනත් ලියවිලි ගණනාවක් පළ කර ඇත.
ඒ කෘතිය නම් "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න අතින් සිංහලයට පෙරළී සිංහල පාඨකයින් අතර අති මහත් ප්‍රසිද්ධියක් ලද ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන් නම් ග්‍රන්ථයයි.
දහහත්වෙනි සියවසේ ලංකාව ගැන ලියවී ඇති ප්‍රශස්තම ග්‍රන්ථය මෙය වේ යැයි සිතමි. පුරාණයේ ලියවී අද ද ඉතිරි වී ඇති ග්‍රන්ථ ගැන සලකා බලන කල, ඒවා සෑමවිටම පාහේ රජවරුන් සහ ඔවුන් ගේ වැඩ කටයුතු සහ අකටයුතු, රජුන් ගේ බිසෝවරුන් ගේ ගර්භණී තත්වයන් වැනි කරුණු ගැන පමණක් ලියවුණු ඒවා බව අපි දනිමු.
රටේ සාමාන්‍ය ජනතාව දිවි ගෙවූ ආකාරය පිළිබඳ වැදගත් විස්තර ගෙන එන රොබට් නොක්ස් ගේ එකි ග්‍රන්ථය ලංකාවේ ඉතිහාසය ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක ඇති අපට ඉතා වැදගත් එකක් වන්නේ එනිසා ය.
මා මුලින් සඳහන් කළ කරුණට, එනම් සුඛදායක අත්දැකීම් සහ දුඛදායක අත්දැකීම් වල පසුකාලීන වැදගත්කම සම්බන්ධයෙන්, මේ රොබට් නොක්ස් උදාහරණය අදාළ වෙන්නේ මෙ ලෙසයි.
එදා දෙවන රාජසිංහ රජු ගේ සිරකරුවෙකු ලෙස රොබට් නොක්ස් ලැබූ දුඛදායක අත්දැකීම පසු කලෙක ඔහුට යම් ප්‍රයෝජනයක් ගෙන එන්නට ඇත. ඔහු ලියූ පෙර කී ග්‍රන්ථය ඉතා නිසා රොබට් නොක්ස්ට විශාල ප්‍රසිද්ධියක් සහ සමාජයේ පිළිගැනීමක් ලැබුණු බව කියවේ. ලෝක ප්‍රසිද්ධ රොබින්සන් කෲසෝ නවකතාව රොබට් නොක්ස් ගේ අත්දැකීමෙන් උත්තේජනයක් ලැබී ලියවුණු එකක් බව ද කියවේ. නොක්ස් ඇතුළු පිරිස තම නැව පිළිසකර කරගෙන වහා ලංකාවෙන් පිටව ගියේ නම් ඒ පසුකාලීන ප්‍රතිලාභ ඔහුට නො ලැබෙන්නට ඉඩ තිබුණි.
එය එසේ නමුත්, රොබට් නොක්ස් ගේ දුඛදායක අත්දැකීමෙන් විශාලතම ප්‍රයෝජනය මෙතෙක් ලැබුවේත්, අදත් හෙටත් නොනැවති ලබන්නේත්, වසර දහ නමයකට පසු පලායන තෙක් ම ඔහුව සිරකරුවෙකු ලෙස අසාධාරනව සිරගතකොට ගෙන සිටි දෙවන රාජසිංහ රජුගේ රාජධානිය ද ඇතුළත් වුණු අද ශ්‍රී ලංකාව ම ය! ලංකාවේ වැසියන් ම ය!!
මේ පීඩිතයා ගේ දුකෙන් පීඩකයා ලාභ ප්‍රයෝජන ලැබීම ගැන සම්භාව්‍ය ආකාරයේ උදාහරණයකි.
මේ සුවිශේෂී තත්වය ගැන කලින් හැදෑරූ අය වෙතොත් ඔවුන් එය යම් ආකාරයකට වර්ගීකරණය කොට, ලේඛනගත කොට, තිබෙනවා විය හැක. එවැනි කරුණු ගැන නොසොයා නොබලා ම, මම මේ තත්වය රොබට් නොක්ස් සංකීර්ණය ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි.
-රසිකොලොජිස්ට්
(image: http://daladamaligawa.org/78.htm)
Subscribe to:
Post Comments (Atom)
"ඔවුන් ගේ නැවට වුණු හානි නිසා එය පිළිසකර කරගැනීම පිණිස ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා ඇත"
ReplyDeleteඅයිසෙ රසික, මෙ යකා ආපදාවක් වෙලානෙ ගොඩබැහැල තියෙන්නෙ.
ඒකට සිරගත කරනව කියන්නෙ රාජසිංහගෙ රාජ තාන්ත්‍රිකභාවය අන්තිමයි.
මෙතැන පැටලැවිලි ගොඩාක් තියෙනවා. නැවට වුණු හානි නිසා ගොඩ බැහැපු එක ඇත්ත. නමුත් මේ නාවිකයින් රටේ කිහිප දිනක් ගත කරනවා. ඒ එක්කම ඒ කාලෙ මේ රටේ රජු නැව අයිති රට ගැන කිසිම දැනුමක් නැහැ. ඔහුගේ නිලධරයන් උත්සාහ ගන්නෙ නැවේ ඇති වස්තුව කොල්ල කන්න. පසුව කපිතාන් මිය යනවා. ඉතිරි පිරිස කරන්න දෙයක් නැතුව මහනුවරට ගෙන එනවා. 'සිර කරනවා' කියන්නෙ සිර කුටියක දැමීම නෙවෙයි කන්ද උඩරට ගමක ජීවත් වෙන්න ඉඩ දුන්නු එක. පිට වෙන්න ඉඩ නොදෙන්නෙ ඔවුන් ඔත්තුකරුවන්ද නොදන්නා නිසා. මේ ඒ කාලෙ සාමාන්‍ය හැසිරීම්. වර්තමානයෙදි වගේ රාජ්‍යතාන්ත්‍රික භාවයක් එදා පාලකයින්ගෙන් බලාපොරොත්තුවීම වැරදියි.
Deleteඒ කාලේ උඩරට රජු පිටරැටියන් සමග යුධ වදිමින් සිටියේ. අනික ඉඟුරු දී මිරිස් ගත්තු කේන්තියෙන්. යුරෝපීය සිරකරුවන් සෑහෙන්න උඩරට ඉඳලා තියෙනවා.
Deleteරසිකට පුළුවන් නම් කරන්න පුළුවන් දෙයක් තියෙනවා.. අපේ රට පිළිබඳව පෘතුගීසී කාරයෝ ලන්දේසී කාරයෝ බොහෝ දේ ලියලා තියෙනවා. මම මෑතකදි මාස කීපයක් ගත කලේ, පුරුතුගීසී කාරයගෙ රටේ සංචාරයකදි අතීත ලංකාව පිළිබඳ කියවපු ස්පාඤ්ඤ ජාතිකයකු සමඟ. ඔහු ළඟ තිබුනු ළිපි ලේඛන සියාලම වෙනත් භාෂාවන් වලින් ලියවුනු දේ නිසා, අපි කාටවත් ඒවයෙන් ප්‍රයෝජනයක් උනේ නෑ. මම හිතන්නේ ඔහු කියපු විදියට රොබට් නොක්ස්ගේ කරුණු වලල වලට වඩා කරුණු එම පොත් වල අඩංගු වෙනවා. පුළුවන්නම් හොයලා බලන්න.
ReplyDeleteපෘතුගාලයේ සහ වර්තමාන නෙදර්ලන්තයේ ප්‍රාන්තයක් වන ඕලන්දයේ රාජ්‍ය ලේඛනාගාර සහ කෞතුකාගාර ඇසුරෙන්, ලංකාව ගැන පර්යේෂණාත්මක කෘතිය කළහැකිනම්, එය මිලකළ නොහැගි අගනා කෘතියක් වනු ඇති.
Deletehonda adahasak
Deleteඅමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ලංකාව ගැන පෘතුගීසි ලන්දේසි ජාතිකයින් ඇතුළු විදේශිකයින් ලියපු පොත් රාශියක් ජාතික ලේඛණාරක්ෂාගරයේ තියෙනවා. මේ පොත් සාරාංශ ගත කොට නුවරඑළියේ හේමපාල මහතා ලියූ පොතක් තියෙනවා 'සිරිලක සිරි විදෙස් ඇසින්' කියලා.
Deleteකොහොමත් ලංකාව ගැන වැඩිපුරම තොරතුරු අැත්තේ පෘතුගාලයේ, නෙදර්ලන්තයේ සහ ඒංගලන්තයේ තමා... මොකද ඉතින් මේකෙන් කාපු හරියක් කරෙත්... මේකට කරපු හරියක් කරෙත්.... මේකේ හදපු දෙයක් අැත්නම් ඒක හැදුවෙත් උන් විතරනේ.......
Deleteමාතා මෑතදි මාස කිහිපයක්ම ස්පාඤ්ඤ කාරයෙක් එක්ක ගතකරලා තියෙන්නේ. හොදට සැප ගත්තද? ලොල්.
Deleteලංකාවේ පෘතුගීසි හා ලන්දේසි යුගවල ලියවුණු පොත්පත් හා ජන ජීවිතය ගැන ගැඹුරටම හැදෑරූ විද්වතෙක් හිටියා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ. මීට වසර කීපයකට කලින් ඔහුගේ දෙසුමක් අසන්නට මට වාසනාව ලැබුනා. ඔහු මහාචාර්ය පරණවිතාන ( සුපතල පුරා විද්වතා නෙවෙයි) මේ විෂය ගැන මොනා හරි ලියන්න කැමති උදවිය ඔහුව හමු වීම වටිනවා කියා හිතනවා. රසිකගේ ලිපිය හා මාතලන් මතු කළ අදහස හරි අගෙයි
Deleteපෘතුග්‍රීසින්, ලන්දේසීන් තමන්ගේ මව්රටවල්වල රජවරුන්ට යැවූ වාර්තාවල කරුණු ඒ කාලය ගැණ ඉතිහාසය ලියන අය උපයෝගී කරගෙන තියෙනවා.
Deleteරොබර් නොක්ස් ගේ පොතේ තියෙන වැදගත්කම වෙන්නේ පොර අවුරුදු 19 ක්ම රට ඇතුලේ ගම් වැසියන් එක්ක ඒ ජීවිතයම ගෙවමින් සිටිය කෙනෙක් වීමයි. ආණ්ඩුවේ නිලධාරීන් ලියන රිපෝට්වලට වඩා මේ පොත නිවරැදි විය යුතුයි.
ඇත්ත මාතලන්, පෘතුගාලයේ සහ ඕලන්දයේ විතරක් ලංකාවේ කෞතුකාගාර ලේඛනාගාරයටත්, රාජ්‍ය ලේඛනාගාරයටත් වඩා ලංකාවේ තොබ්බු විතරක් තියෙනවා. ඒ වායේ ඇති සමහර වාර්තාවල තොරතුරු වලට අනුව අපේ ඉතිහාසයේ සමහර කරුණු අපි දන්නවාට වඩා වෙනස්. එක උදාහරණයක් තමයි එක් පළාතකින් තව පළාතකට යන්න අවසර ගන්න ඕනෑ. හරියට වීසා ගන්නවා වගේ.
Deleteමාකස්,
Deleteමෙය නම් අප දන්නා කරුණක්. මේ "වීසා" දෙන තැන තමයි කඩවත කියන්නේ. හැම පළාතකම වාගේ තාමත් කඩවත නමින් ගමක් ඇත්තේ එනිසායි.
//රජවරුන් සහ ඔවුන් ගේ වැඩ කටයුතු සහ අකටයුතු, රජුන් ගේ බිසෝවරුන් ගේ ගර්භණී තත්වයන් වැනි කරුණු ගැන පමණක් // මේ ටිකත් බොහෝම ප්‍රශස්ත විදියට ලියල තියෙනවා.. හැක්.
ReplyDeleteපෙරළි පෙරළි හැපි හැපී බාධක මැද්දෙන් ගලන ගඟ තමයි හැමදාමත් ලස්සන..
සාමාන්‍ය මිනිහෙකුට රැවුල කපන්න අවසර ගන්න ඕනෑ වුණු, ගෙයි බිත්තිවලට සුදු හුුණු ගාන්න තහනම් වුණු කාලයක සාමාන්‍ය මිනිසුන් ගැන පොත් ම ලියයි!
Deleteඅනික පොත් ලිව්වේ හාමුදුරුවරු නේ! එක්කෝ බණ, නැතිනම් වන්දිබට්ට කවි!
අතීතයේ ලැබූ කටුක අත්දැකීම්, පසුකාලීනව ඕනෑම කෙනෙකුට සුන්දර මතකයන්. උදාහරණ ඕන තරම් තියනව. ඉන්ද්‍රනාථ තේනුවරගෙ බ්ලොග් සටහන් බලන්න. ඔහු කොතරම් කටුක ජීවිතයක් ගතකරපු කෙනෙක්ද කියල ඒ සටහන් වලින් තේරුම්ගන්න පුළුවන්. නමුත් ඒ අත්දැකීම් දැන් සුන්දර මතකයන් විදියට සහ කියවන අපට කියවන්න ආස හිතෙන ලියවිලි විදියට තියනව.
ReplyDeleteරෝබින්සන් කෲසෝ ගැන අසූ ගනන් වල ශ්‍රී සඟරාවක තිබුන. ඒ කතන්දරය ලියල තිබුනෙ ඉංග්‍රීසි ජාතිකයෙකුගෙ අත්දැකීම් අලලාය කියලයි එ‍්කෙ තිබුනෙ නං. දූපතක අතරමං වූ ඉංග්‍රීසි සෙබලෙක් එවකට තමන්ගේ සතුරන් වූ ස්පාඥ්ඥ නාවිකයන්ගෙන් බේරී අවුරුදු කිහිපයක් ගතකල ජිවිතය ගැනයි කියලයි එ‍්කෙ තිබුනෙ.
ඉතිං අපට පාන් ද?
Deleteඕවා ලේඛණ ඉතාහාසය හොයන අයගේ තියරි විතරයි. දෙපැත්තටම තර්ක තියෙනවා. නමුත් ඩැනියෙල් ඩෙෆෝ සහ නොක්ස් එකවරක් හෝ හමුවී තියෙනවා ලු!
Deleteමේ සන්ඩේ ටයිම්ස් ලිපියක්.
Was Robert Knox the real Robinson Crusoe?
http://www.sundaytimes.lk/100131/Plus/plus_22.html
ලිපියේ මම කැමතිම කොටස //පුරාණයේ ලියවී අද ද ඉතිරි වී ඇති ග්‍රන්ථ ගැන සළකා බලන කල, ඒවා සෑමවිටම පාහේ රජවරුන් සහ ඔවුන් ගේ වැඩ කටයුතු සහ අකටයුතු, රජුන් ගේ බිසෝවරුන් ගේ ගර්භණී තත්වයන් වැනි කරුණු ගැන පමණක් ලියවුණු ඒවා බව අපි දනිමු. //
ReplyDeleteපීඩිතයාගේ දුකෙන් පීඩකයා ලාබ ප්‍රයෝජන ලැබිමම නේද එක්තරා අාකාරයකට ජයග්‍රාහකයා සහ පරාජිතයා අතර වෙන්නේත්?
//ඔහු ලියූ පෙර කී ග්‍රන්ථය ඉතා නිසා රොබට් නොක්ස්ට විශාල ප්‍රසිද්ධියක් සහ සමාජයේ පිළිගැනීමක් // ????
උඹ මොකාද බන්ග අලුතෙන්ද?
Deleteඉතිං අපට පාන් ද?
පාන් ඇනෝ,
Deleteමචන් උඹේ කමෙන්ට් එක "ඉතිං අපට පාන්ද?" වෙනුවට "ඉතින් මට පාන්ද?" යනුවෙන් වෙනස් කර ගන්නේ නම් ඉතා මැනවි.
අවවාදයයි: පාන් යනු සවුක්කියට එතරම් හිතකර ආහාරයක් නොවේ. පාන් වලට ඇබ්බැහි වීම පසුකාලීනව රෝග රාශියකට අත වැනීමකි.
මේ පාන් කතාව ඇරඹුනේ රයියාගේ ලොකු ටෝක් සහිත කතාවක් නිසායි.
Deleteපහත ලිපිනයෙන් ඔබට එය නැරඹිය හැකියි;
http://rasikalogy.blogspot.com/2014/10/off-we-go.html
Anonymous13 May 2015 at 16:21 >> බෑ වෙනස් කරන්නෙම නෑ
DeleteAnonymous13 May 2015 at 16:38 >> හා හා කට කට. රසික හාමුදුරුවෝ කියාපන්. අනික එයා හරි මධ්‍යස්ථයි බං, ඒ අහිංසකයාගේ ලොකු ටෝක් නෑ,
ඉතිං අපට පාන්ද?
KAKA KOHOMATH LIYANNE PADA KATHA CHU KATHAA THAMAYI. EAKATA VEDIYA MEKA HONNDAYI.
DeleteThis comment has been removed by the author.
Delete@ Prageeth Liyanarachchi
Deleteපීඩකයා සහ පීඩිතයා ගැන ඔබ කියන විදියට සැම විටම කතාව ඒක තමයි.
නමුත් මෙතන සිද්ධිය තරමක් වෙනස්. නොක්ස් හිරෙන් පැනලා ගිහින් ඒ පොත නොලියා සාමාන්‍ය ඬිදියට ජීවත් වී මැරිලා ගියා නම් අද අපි නොක්ස් ගැන දන්නේත් නෑ, ඒ කාලේ ගැන ඔය කියන විස්තර දන්නේත් නෑ.
සේරටම වැඩිය වටිනා දේ තමයි ඒ ඇඳලා තියෙන චිත්‍ර ටික. නිකං ෆොටෝ අරං Web එකට දැම්මා වගෙයි නේ!
ලංකාව ගැන නොක්ස් ලියූ මේ පොත සහ අනෙක් ලියවිලි නිසා ඔහුට එංගලන්තයේ දී හොඳ පිළිගැනීමක් ලැබුණු බවයි කියවෙන්නේ. එය සමහර විට සාමාන්‍ය වෙළඳ සේලරුවෙකුට නොලැබෙන ආකාරයේ එකක් විය යුතුයි. රාජකීය සංගමයේ උසස් අය, වෘත්තිකයින්, ලේඛකයින් සමග ආශ්‍රය වැනි දේ.
Deleteමෙතන තියෙනවා නෝක්ස් එංගලන්තයට අාපසු යාමෙන් පසු ජීවිතය ගැන කෙටි විස්තරයක්. හැලප කඩේ කමෙන්ට් කර තිබෙන පොතක් ගැන ගූගල්කිරීමෙන් තමයි මේක දැක්කේග
Deleteඇසි දිසි මානය
ලංකාවෙන් පලාගිය
රොබට් නොක්‌ස්‌ගේ ලන්ඩන් ඉරණම
රසිකයියේ.................
ReplyDeleteමේ දවස් ටිකේ මටත් අවස්ථාවක් ලැබුණා දැනට පදිංචි වෙලා ඉන්න ප්‍රදේශය ගැන අතීත විස්තර වගයක් හොයන්න.... හත්තිලව්වේ හම්බුණ දේවල්...... ඒ කාලේ සුද්දෝ ගත්තු ඡායාරූප දැක්කා ම පුදුමත් හිතෙනවා..... අැත්තට ම ලංකාව කොයි තරම් සුන්දර ද කියලා තේරෙන්නේ ඒවා දැක්කා ම ... ඉතින් රොබට් නොක්ස් දැක්ක දේවල් ගැන මොනවට කතා කරනවාද????
නොක්ස් ගේ පොතේ ඇති රට, මිනිසුන්, කෑම බීම, ගස්වැල්, සමාජය ගැන විස්තර එක්ක තියෙන සේරටම වැඩිය වටිනාම දේ තමයි ඒ ඇඳලා තියෙන චිත්‍ර ටික. ඒ ගැන නම් කියලා වැඩක් නෑ!
Deleteමේ තියෙන්නේ එයින් දෙකක්. වද දී මරණ හැටි මගේ ලිපියකදී භාවිතා කළා.
http://rasikalogy.blogspot.com/2015/04/stop-killing-humans-in-name-of-law.html
rasika ayya kiyanawata miniha kemathi naa.
ReplyDeleteoya mr rasika ho rasika mahaththaya kiyanna
මමනම් කියන්නෙ පොරට අපි අනෙත් බ්ලොග් වල අමතන රයියා නම සුදුසුයි කියායි. මොකෝ ඔසී ගිහින් රට ටොයියෙක් වෙන්න හැදුවට මිනිහ තාම (මරා විරෝධී) බයියෙක් නෙව. කොහොමත් මිනිහ ලංකාවෙ ක්‍රමේට අයියා, මල්ලී කියනවට විරුද්ධයි. ඔසී සිරිත් සාධුකාර දී මුදුනෙන් පිළිගමු - ලංකා සිරිත් කුජීත ලෙස ගරහමු ! රයියා ගනන් ගන්න එපා පුංචි විහිලුවක් කලේ හරිය :D
Deleteකකා. ජොක්කු ගැන හෙම ලගකදි ලියන්න අදහසක් නැද්ද?
ReplyDeleteඉතිං අපට පාන් ද?
අයිසෙ පාන් ඇනෝ,
Deleteඋඹට පාන් නම් අහවල් එකකටෙයි ඌ ජොක්කු ගැන ලියන්නෙ?
හලෝ මචං අයිසේ ඇනෝ.
Deleteඉතිං අපට පාන් ද? කියලා ඇහුවේ ඒක මගේ අනන්‍යතාවය හින්දනේ බන්
කකාගෙන් ජොක්කු පෝස්ට් ලියන් නැද්ද කියලා ඇහුවේ ජොක්කු පෝස්ට් කකාගේ අනන්‍යතාවය නිසා.
ඉතිං අපට පාන් ද?
සංඛීර්ණය නොවැ සංකීර්ණය විය යුතුය.අනවශ්‍ය මහප්‍රාණ?
ReplyDeleteහඃ හා. යූ ස්පොට් ඔන් මේට්. දැට්ස් රියලි අ හිලේරියස් කමෙන්ට්. වට රිඩිකියුලස් රයිටිං බයි රයියා (රසිකොලොජිස්ට් උන්නැහේ) !
Delete@ Anonymous13 May 2015 at 16:29
Deleteඒයි රයි බයියා. පලකො යන්න වැඩක් බලාගෙන බාකලන් මුස්සා.
OW. SANKEERNAYA KIYANA VACHANAYA VERADYI. KAKA ISKOLE GIYE KOHEDHA YANA PRASHNAYA MATHUVENAVA.
Delete@ Helapa Kade
Deleteචැහ්, එහෙම සංකීර්ණය කියා ලිව්වාම වැඩේ සරලයි සංකීර්ණ බවක් තේරෙන්නේ නෑ. ඒකයි සංඛීර්ණය කියා ලිව්වේ!
ආයෙ වැරදි පෙන්නල නොදී හිටියම ඉවරනෙ.
Delete@ Helapa
Deleteමං ඒ විහිළුවක් කළේ.
කමෙන්ට්ස් කියෙව්වාට මේ දිනවල හැම එකටම පිළිතුරු ලියන්න කාලයක් නෑ.
පිළිතුරු ලියන්න පුලුවන් තත්ත්වයක් නැ රසික කරලා තියෙන ගොං වැඩවලට.
Deleteහැලපේ (සහ පසුව ප්‍රා ජේ) දක්වා තිබූ අයුරින් මේ ලිපියේ සංඛීරණ කියා ලිවීම වරදක් බව මා දනැගත්තා.
Deleteඑයට ප්‍රතිචාරය ලෙස මා කළේ අර ප්‍රසිද්ධ විහිළුවක් වෙන "Why is the word abbreviation so long?" වගේ එකක්.
කෙසේ වෙතත්, සංඛීර්ණය ==> සංකීර්ණය යන්නට අමතරව, මේ ලිපියේ තිබූ පහත සඳහන් වචනත්, සුබස මෙවළම භාවිතයෙන්, නිවැරදිව හැදුවා.
http://subasa.ambitiouslemon.com/spellerweb.py
1. හඳුණන ==> හඳුනන
2. පළා ==> පලා
3. පෙරලී ==> පෙරළී
4. සළකා ==> සලකා
5. අසාධාරණව ==> අසාධාරනව
6. ඇතුලත් ==> ඇතුළත්
7. ලේඛණගත ==> ලේඛනගත
ස්තුතියි.
රොබට් නොක්ස්ගේ පොත internet වලින් PDF කොටස් වශයෙන් බැලුවා. ඒකෙ තියෙනවා නොක්ස්ගේ සේවක වහලෙකුත් ඔහු සමඟ ලංකාවේ සිටිය බවටත් පසුව නොක්ස් ඔහුට ලංකාවේ කාන්තාවක් සරණපාවාගෙන නිදහසේ ඉන්න ඉඩ ඇරිය බවටත් . මම තවම මෙම සිද්දිය ගැන ලංකාවේ කිසිම පොතක වත් පත්තරයකවත් දැකලා නැහැ. ඔය කියන වහලා ගෙන් පැවතඑන සිංහලයෝ ගැන කව්රුහරි දන්නවද ?
ReplyDeleteඕක නං මචං උඹ අහපං මාතලංගෙන්. මොකද මිනිහා තමා ඔය සුද්දෝ එක්ක එක එක හුට්ටප්පර කනෙක්ෂන් තියාගෙන ඉන්නේ.
Deleteඉතිං අපට පාන් ද ?
@ Anonymous13 May 2015 at 15:39
Deleteඇයි බං උඹලගේ පරම්පරාව ඒ ජාතියේ එවුන් නේද
KAKALA MATHALANLA OKKOMA NIKAN BORU SADDA DANAWA WITHARATI. WEKA NAE.
Delete@ Anonymous 13 May 2015 at 15:39
Deleteවහල්ලු නම් ඉන්නවා නේ තාමත් ලංකාවේ ලක්‍ෂ පනස් අටක් ද කොහෙද නේද? ඇයි අර ෙඟෙත්‍රිපාල ලඟදී කතාවක කිව්වේ!
කියන්න දෙයක් නෑ.. තැන්කුයි.. සංකඛිර්ණය.. ඉප්පෙලින් හරිද? ආං එක තැනක් තිබුනා “ඉතා“ හිස් තැනක් ඉතිරි ටික..
ReplyDeleteමේ කමෙන්ටුව දැක්කේ දැනුයි. මං මුලින් හිතුචේ හැලපේ සහ ප්‍රා ජේ පමණයි ඒ වරද දැකලා කමෙන්ට් කළේ කියලායි.
Deleteඒ වරදත් පහත වැරදිත් නිවරදි කළා සුබස අනුව.
1. හඳුණන ==> හඳුනන
2. පළා ==> පලා
3. පෙරලී ==> පෙරළී
4. සළකා ==> සලකා
5. අසාධාරණව ==> අසාධාරනව
6. ඇතුලත් ==> ඇතුළත්
7. ලේඛණගත ==> ලේඛනගත
ස්තුතියි.
දුක ලගම සැප ඇත කියන්නේ එක වෙන්නේ ඇතිනේ.
ReplyDeleteඒක කෙසේ වෙතත් අට ලෝ දහම නම් මා දන්නවා, නමුත් මෙතනට ඒක අදාල වෙන්නේ කොහොමද?
Deleteරොබට් නොක්ස් සම්බන්ධ පොත් දෙකක් සිංහලෙන් පළවී තිබෙනවා.එකක් එදා හෙළදිව.අනික රොබට් නොක්ස් ලංකාවෙන් පැනගොස් එංගලන්තයේ ගතකළ ජීවිතය ගැන පොතක්.
ReplyDeleteමොකද්ද හැලපයියේ ඒ දෙවනියට කිව්ව පොත? අපිටත් කිව්වනම්, අපිත් කන බොන පොත් කියවන මිනිස්සු.
Deleteඉතිං අපට පාන් ද ?
නොක්ස්ගේ එංගලන්ත ජීවිතය වගේ මට මතක.මම කලින් ලිව්වෙත් නැත්තෙ නම මතක තිබ්බෙ නැති නිසායි.සූරිය එකේ බලන්න.
Deleteඑදා හෙළදිව යනු නොක්ස් ලියූ "ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන්" පොතේ සිංහල පරිවර්තනයයි. ඔය කියන දෙවෙනි පොත, නොක්ස් ගැන ලියවුණු පොතක පරිවර්තනයකි.
Delete["රොබට් නොක්‌ස්‌ගේ ලන්ඩන් ජීවිතය" නමින් යසපාල වනසිංහ මහතා සිංහලට පරිවර්තනය කොට ඇති අතර එය සූරිය ප්‍රකාශනයකි.]
මේ ඇනෝලා දෙන ආතල් පට්ට.
ReplyDeleteආ බ්‍රෙෂියර් මලයා. අපි දැන් මේකෙනේ පදිංචිය. ඔහෙත් ඕං ඔහොම හිනා වෙලා ඉන්න
Deleteඉතිං අපට පාන් ද ?
@ Anonymous13 May 2015 at 21:25
Deletethamange awajaathaka kama pennana thopi wage sakkili ballange puke paan gediyak gahanna ona
අෑහ්? ඒ මොකද යකෝ ඒ? ඒකටනම් සුට්ටක් සිත රිදුනා. මෙන්ඩා අැනෝ අැවිල්ලද? නෑ නෑ ඒක වෙන්න බෑ ඌ හොද එකා. අපි මේ පාඩුවේ අාතල් එකක් අරගන්න අතරේ රසිකතුමාගේ හිට්ස් වැඩි කරලා දෙද්දි උඹට මොකද්ද හැදිච්ච හිතේ අමාරුව. දැන් මොකෙන්ද බං උඹට අපි අවජාතකයි කියලා පෙනුනේ? පාන් පෙති දෙකක් කපලා අරගෙන ඒක මැදින් රතු ලුණු මිරිස් තලියක් තියාගෙන ඒක උඹ ගහගං පුකේ. (හොද වෙලාවට පුක යනු කුණුහරපය් නොවේ.)
Deleteඉතිං අපට පාන් ද ?
අනේ නෑ මම කවදාවත් ඇනෝ ඇවිල්ලා නෑ. මට ගිනුමක් නැති කාලේත් කමෙන්ට් එකට යටින් නම දැම්මා.
Deleteඑල ද බ්‍රා
"සංකීර්ණය" නේද?
ReplyDeleteඑහෙම ලිව්වාම වැඩේ සරලයි නේ, ඒකයි "සංඛීර්ණය" කියා ලිව්වේ!
Deleteඔන්න බලන්න මහත්වරුනි මේ රසික හාමුදුරුවන්ගේ තියෙන (මන්ද) බුද්ධිය. සංකීර්ණය කියන නිවැරදි සිංහල වචනේ 'සරලයිලු' සංකීර්ණය අැත්තටම සංකීර්ණ වෙන්න නම් ඒක ලියන්න ඕන 'සංඛීරණය' කියලාලු. එතකොට පුක කියන එක පුකක් ම වෙන්න ඒක කොහොමද ලියන්න ඕන. රෂික ෂූරයාරච්චි, ඔයාට අැත්තමට ඔය වචනේ වැරදුනා. ප්‍රා ඒක පෙන්නුවම අැයි උඹට ඒක පිළිඅරගෙන නිවැරදි වෙන්න බැරි?
Deleteඉතිං අපට පාන් ද ?
ප.ලි - මේ රසිකතුමා වගේ පෘථුල දැනුමක් තියෙන බුද්ධිමතෙක් සිංහල බ්ලොග් ලෝකේ වෙන පහළ වෙලාම නෑ, ටිකක් හරි මේ මට්ටමට ලඟට එන්න පුලුවන් අයට ඉන්නේ මතලන් සහ රාජ් විතරයි.
Delete(අපරාදේ ගූගල් එක බ්ලොගර් සර්විස් එක නොමිලේ දෙන්නේ)
ඉතිං අපට පාන් ද ?
I say, that was just a joke.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteහැලපේ (සහ පසුව ප්‍රා ජේ) දක්වා තිබූ අයුරින් මේ ලිපියේ සංඛීරණ කියා ලිවීම වරදක් බව මා දනැගත්තා.
Deleteඑයට ප්‍රතිචාරය ලෙස මා කළේ අර ප්‍රසිද්ධ විහිළුවක් වෙන "Why is the word abbreviation so long?" වගේ එකක්.
කෙසේ වෙතත්, සංඛීර්ණය ==> සංකීර්ණය යන්නට අමතරව, මේ ලිපියේ තිබූ පහත සඳහන් වචනත්, සුබස මෙවළම භාවිතයෙන්, නිවැරදිව හැදුවා.
http://subasa.ambitiouslemon.com/spellerweb.py
1. හඳුණන ==> හඳුනන
2. පළා ==> පලා
3. පෙරලී ==> පෙරළී
4. සළකා ==> සලකා
5. අසාධාරණව ==> අසාධාරනව
6. ඇතුලත් ==> ඇතුළත්
7. ලේඛණගත ==> ලේඛනගත
ස්තුතියි.
ඔය නොක්ස් කාරයා ලංකාවේ හිටිය මිනිස්සුන්ගේ නොදියුණුකම ඕනෑවටත් වැඩිය උලුප්පල දක්වනවා කියල සමහරු කියන්නෙ.
ReplyDeleteඔය කියන සමහරු නොක්ස් ගේ සමකාලීන ලංකාවාසීන් ද?
Deleteනොක්ස් ගේ පොතේ තියෙන්නේ ඔහු ගේ ජීවිත කතාව පමණක් නොවේ. ලංකාව ගැන විශාල විස්තර ගොඩක් ඇතුළත්. පොත හොයාගෙන බලන්න.
නොක්ස් තමන්ව හිර කරගෙන හිටපු නිසා යම් වෛරයක් සහිතව පොත ලිව්වා කියන මතයක් තියෙනවා.
ReplyDeleteමමත් හිතනවා ඒක ඇත්ත විය හැකියි කියල. කෙසේ නමුත් ගොඩක් ආසාවෙන් කියවපු පොතක්, ඊය පෙරේද දවසක ආපහු කියවන්න කියල පොත අතට ගත්තත් තාම පටන් ගන්න බැරි උනා.
නොක්ස් ගේ පොතේ තියෙන්නේ ඔහු ගේ ජීවිත කතාව පමණක් නොවේ. ලංකාව ගැන විශාල විස්තර ගොඩක් ඇතුළත්. පොත නැවත කියවන්න.
Deleteඩවුන්ලෝඩබල් ඊ බුක්
ReplyDeletehttp://books.googleusercontent.com/books/content?req=AKW5QadMPopTmSdd0-ZZ1h6tInyUC5VywHwaie_KaA1lHSBO_YONuA2FWIDeumBmOGLceT99kL1tvnQyY2L0Tk2kYgWjEbVgKiFSNUN4hfV5NNeh83xtBpMiqTaKAvparoTvZlZkctomhK7KumYpKRIy6lRPeyFzuon2gR8mlBqvtcyTJF0JEUz_f4f7cWNGcLePLVhMfumFUzc-qNsADA_DvInhzfHWzphjzkh6CZXORFyvdOrF-vuYCVUtFgBEMt7KjPYGMtP-
ඒක ඔබේ ගූගල් එකවුන්ට් එක සමග පමණක් වැඩ කරන ලින්ක් එකක්. ඔය පොත ගන්තන්බර්ග් එකේ තියෙනවා. මෙන්න ලින්ක් එක.
Deletehttp://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm
ලින්ක් එකට ස්තුතියි රසික. කින්ඩල් එකට දාගත්තා
Deleteනොක්ස් ලොක්ක ටිකක් හිතෙ අව්ලෙන් ලියල වෙන්න පුලුවන්.අවුරුදු ගානක් හිරකරන් හිටපු එක නෙ.අනික පොරගෙ රටේ මහා හෙන සභ්‍යත්වයක් ද මොකක්දෝ ප්‍රචලිත කරන්න ම්ලේච්ඡ රටවල් හොයාගන ගිය ලොකු සුදු අයියලානෙ ඔය කස්ටිය.
ReplyDeleteමං නං හිතන්නේ ඒ මිනිස්සු මිනිස්සු වශයෙන් ගිහිල්ලා තියෙන්නේ බොහෝ විට වික්‍රමාන්විතයන් (adventure) සඳහායි.
Deleteනමුත මූලික අරමුණ වෙළඳාම. රොබට් නොක්ස් වැඩ කලේ වෙළඳ සමාගමකට අයිති නැවක. ඒ කියන්නේ මර්චන්ට් සේලර් කෙනෙක්!
ඇත්ත තමයි.. සමහර දේවල් වෙද්දී ඇයි එහෙම වෙන්නේ කියලා හිතුවට කාලයක් යද්දී ඒවා ජීවිතේ හොද අත්දැකීම් වගේම ජීවිතේ වෙනස් කරපු සිදුවීම්..
ReplyDeleteමගේ කලින් ලිපියේ තිබුණේ නරක අත්දැකීම් නැති එක අපිටම අවාසි වෙන එක ගැනයි!
Deleteමම හුඟක් කැමති පොතක්. කියෙව්වේ 9යේ හෝ 10 යේ පන්තියේදී විතර.
ReplyDeletehttp://nelumyaya.com/?p=2370
නෙළුම් යායේ දැම්මා කියන්නත් එක්ක ගොඩ වැදුනේ .
මේ අජිත් අයියා. ඔයාගේ ඔය ලෝටස් යායේ මේ අාර්ටිකල් එක දාන්න තරම් තියෙන රීසන් එක මොකද්ද කියලා අපිට කියනවද? නෑ මේ දන්නේ නැති නිසායි අැහුවේ.
Deleteකකාත් හොදයි කියලා කියන්න පුලුවන් ඒ්වා ලියලා තියෙනවා. අපි නෑ කියන්නේ නෑ. ඒ වුනාට මේ බඩකඩිත්තුව රොබර්ට් නෝක්ස් සංඛීර්ණය (සංඛීරණය කියලා ලිව්වේ විහිලුවට අෑ, නැත්නම් ඒක සරල වෙනවා.) කියන පෝස්ට එකේ මොනාද තියෙන්නේ. මේක දැම්මේ ඔයා රසිකගේ ලිපිවලට කැමති නිසාද? එතකොට ලෝටස් යායේ යන්නේ ඔයා කැමති ඔයාගේ හිතගත් ලිපි විතරද?
මෙහෙමයි අජිත්. මං බ්ලොගක් ලියන්නෑ. සත්තයි ලියන්නෑ. ඒත් මං කියවනවා. ඔයාට අැත්තටම ඔන සිංහල බ්ලොග් කලාව දියුණූ කරන්න නම් අැයි වැදගත් අර්ථවත් ලිපි එතන දාන්නේ නැත්තේ? ඔන තරම් සිංහල බ්ලොග් තියනවා ඒවාගේ අවධානයක් ලැබෙන් නැති. දැන් අර එක ලමයෙක් එයාට සුරක්ෂිතව ගබ්සාවක් කරගන්න ඔන කියලා බ්ලොග් එකක් ලියනවා. මම දැක්කාක ඔයත් ඒ බ්ලොග් එකට ගිහින් කමෙන්ට් කරලා බුදු ටෝක්ස් එකක් දීලා (රීලා නෙවෙයි දීලා) අැවිත් තියෙනවා. ඒ වගේ ඒවා නෙලුම් යායේ ගියානං ඒකෙන් මේ රටේ ගබ්සාව වගේ සෙන්සිටිව් ටොපික්ස් ගැන සාකච්ඡාවක් අැති වෙනවා නේද? ඒ වගේ සාකච්ඡා නේද මේ රටට අද ඕන. ඒ විදියේ සාකච්ඡාවක් පොදු ජනතාව අතර මෙව්වා වුනාම ඒකට මූළීක වුනේ සිංහල බ්ලොග් කියන එකත් එතනින්ම මතයක් විදියට අැවිල්ලා ඒකෙන්ම සිංහල බ්ලොග් මෙව්වා වෙලා දියුණු වෙනවා නේද? නැතිව මේ රසිකට අර මොකද්ද ප්‍රොජෙක්ට් එකක පෝස්ට් එකක් හම්බුනේ නෑ කියලා ලියන මේ වගේ ගොන් අාතල් මොකටද?
මේක දැම්මේ රොබට් නොක්ස් ගැන ලියල තියෙන නිසා ටිකක් හරි. අනික ඔබතුමා අර්ථවත් ලිපි එවන්න අපි ඒවා දාමු. හැබැයි අර්ථවත් ලිපි කියන්නේ සිංහල ජාතිය දියුණු කරන්න "අරූව මරමු මූව මරමු" ජාතියේ ඒවා නම් නෙවේ. අනික මට ඕන දේ මෙතන වෙලා තියෙනවනේ. ඔබතුමා නෙලුම් යායට ඇවිත් බලල විවේචනයකුත් කරලා. ඒකනේ . පත්තරයක් වෙබ්සයිට් එකක් හොඳට හැදෙන්න නම් මේ වගේ විවේචන ඕන වෙනවා. මොකක්ද ගබ්සා කතාව මම කොමෙන්ට් කරපු? මතක නෑනේ එහෙම එකක් ?
Deleteතව දෙයක්. හුඟක් ඇනොල හොඳයි කියන ලිපි වල කොමෙන්ට් දෙකක් වත් නැහැ. නරකයි කියන මේ ලිපියට කොමෙන්ට් 70 විතර. සංවාදය තිබෙන්නේ කොතනද?
Deleteස්තුතියි අජිත්!
Deleteඇනෝට කියන්න තියෙන්නේ මගේ බ්ලොග් එක තියෙන්නේ මට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන ලිවීමට කියා පමණයි.
එසේම අජිත් සංස්කාරකකම කරන නෙලුම් යායේ අජිත්ට අවශ්‍ය ලිපි දා ගනීවි.
අජිත්ගේ දීකිරට රසිකගේ බලලා. අජිත්, මෙහෙම සංවාද තියෙන්නේම රසිකගේ බ්ලොග්වල විතරයි. මොකක් හරි කුනුහරපයක් දානවා, ඊට පස්සේ එයාම ඇනෝ ඇවිත් කමෙන්ට් කරනවා, වෙන වෙන ඇනෝලා ආතල් එකට දාන කමෙන්ට්වලට කුනුහරපෙන් බනිනවා. ඔවා තමයි සංවාදේ. පොඩ්ඩක් උඩ ඉදන් පහලට කියවලා බලන්නකෝ මේ සංවාදේ කමෙන්ට් කීයක් සංඛීරණය වැරදියි නේද, අනේ නෑ මං එහෙම ලිව්වේ නැත්නම් ඒක සරල වෙන නිසා, ඉතිං අපිට පාන් ද වගේ කමෙන්ට්නේ. මේවට සංවාද කියනවනම් ඉතින් මේවා ඔයාටම තමා හොද.
Delete//ඇනෝට කියන්න තියෙන්නේ මගේ බ්ලොග් එක තියෙන්නේ මට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන ලිවීමට කියා පමණයි. // කියන පඩි ටෝකට උත්තරේ //(අපරාදේ ගූගල් එක බ්ලොගර් සර්විස් එක නොමිලේ දෙන්නේ)//
ඇනෝ,
Deleteමා ඇනෝනිමස් කමෙන්ට්ස් යොදනවා යැයි කරන ඔබේ කීම මුසාවකි. මා කිසි දිනෙක එසේ කර නොමැති බව කියමි. ඔබේ තරමින් මා නොමනින්න.
මගේ බ්ලොගයේ අන්තර්ගතය ගැන මෙය ඇරඹූ දා මා ප්‍රකාශ කළේ මෙයයි. එය හෙඩිමේ යොදා ඇත.
මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit."
තමන්ගේ නමින්ම තමන්ගේ බ්ලොග් එකේ ඇනෝනිමස් කමෙන්ට් දාන බොහෝ දෙනෙකු සිටියත්, එහෙම ඉන්නවා කියලා අපට හිතුනත්, මේ වනතුරු ඒ චෝදනාව සැකයෙන් තොරව ඔප්පු වී තියෙන්නෙ ඉන්දික උපශාන්ත සම්බන්ධයෙන් පමණයි.
Delete@ Anonymous 15 May 2015 at 22:58
Deleteඑහෙම කියන්න පුළුවන්ට ඉන්දික විතරයි. ඔහු ඒ බව කියා ඇත්තේ කොතැනද?
අපි ඒ ලෙවල් කරපු අනූව දශකයේ අග භාගයේ, ටියුෂන් ගුරුවරුන් සම්බන්ධව මේ වගේ කතාවක් තිබ්බා. භෞතික විද්‍යාව උගන්වපු ගුරුවරයෙක් රිය අනතුරකින් කකුල කැඩුනට පස්සේ ලබුණු ප්‍රසිද්ධිය නිසා, ඔහුගේ පංති වල ළමුන් ඉතා විශාල වශයෙන් වැඩි උණාලු. තවත් ගණිත විෂයයන් උගන්වපු ගුරුවරයෙකුටත් මේ වගේම අනතුරකින් කකුල කැඩිලා, ජනප්‍රිය වුණාලු. ඊට පස්සෙ දවසක, වෙනත් ටියුෂන් ගුරුවරයෙක් අනතුරට පත් වුණා කියලා ආරංචිය ලැබුණහම, ඔහුගේ පංති සංවිධායක ඉස්සෙල්ලම ඇහුවේ "කකුල කැඩිලද?" කියලලු.
ReplyDeleteමිනිසුන් ලබපු අමිහිරි අත්දැකීම් පිළිබඳ "ටෙල් ඕල්" වර්ගයේ සාකච්ඡා, මාධ්‍ය වාර්තා දැන් අතිශය ජනප්‍රියයි නේද? සමහර එවැනි සිදුවීම් නම් අනපේක්ෂිත ඒවා. නමුත් දැන් බොහෝ විට තිබෙන ප්‍රවණතාවයක් තමයි, සිතාමතා වැරදි දේ කරන අයගේ අත්දැකීම් පවා අර වගේ අනවශ්‍ය ලෙස ප්‍රචාරය කිරීම. අද මාධ්‍ය වලත් වැඩි ඉඩක් තියෙන්නේ, කරදරයකට පත්වූවෙකු බේරාගැනීම ගැන නෙමෙයි, ඒ කරදරයට පත් වූ අයුරු පෙන්වන වීඩියෝවකටයි.
ඒ අර කුණුවලට ඕපාදූපවලට අපේ ඇති ආසාව.
Deleteමගේ අදහස වුනේ එදා නොක්ස් විඳි දුක නිසා ලියූ පොතෙන් ප්‍රයෝජන ගන්නේ ඔහුව සිරගතකරගෙන සිටි අයගෙන් පැවතෙන අයම කියලායි!
අපි සිංහලය අපේ සිංහල රජවරු හිටි කාලෙ මරු ය කියල හිතන් ඉන්න අය්ය්යලාට ඇත්ත දැනගන්න නම් කියවියයුතු පොතක්.
ReplyDeleteනොක්ස් ලියපු දේවල් රජා එක්ක වෛරයකින් ලිව්වේ නැහැ කියලද හිතන්නේ.
Deleteමිනිහගේ ජීවිතේ හොඳම අවුරුදු 19 ක් හිර කරගෙන හිටපු නිසා රජු ගැන ලියල තියෙන දේවල් වල ගැටළු තිබීමේ හැකියාව උපරිමයි.
ඒ වගේම උන් ඒ දවස්වල හිතාගෙන ඉඳල තියෙන්නේ අපේ රටේ හිටපු මිනිස්සු මිලේච්චයි කියලා, ඒ කෝණයෙන් ලියවුනු සෑහෙන තැන් ප්‍රමාණයක් පොතේ අන්තර්ගතයි.
එහෙම හිතන්න බෑ. ඒ මොකද හුඟක් තැන්වල රටේ හොඳ චාරිත්‍රත් අගේ කරල තියෙනවා. රොබට්ගෙ ඔය විස්තර සනාථ කෙරෙනවා සුද්ද ආව කාලෙ ලියපු තවත් දේ වලින් සහ ඒ වෙනකොටත් උඩුකය නිරුවතින් කතුන් සිටීමෙන්. ..
Deleteනොක්ස් ගේ හිතේ රජු ගැන වෛරයක් තිබුණාට සාමාන්‍ය වැසියන් ගැන එසේ සිතන්නට ඇතැයි මට පේන්නේ නෑ. ඔහු වැද්දන් සහ රොඩී ජන කොටස් ගැන කර ඇති විස්තර කියවන විට පෙනී යනවා ඒවා අදත් අප සත්‍යයැයි සිතන දේ බව.
Deleteඑසේ නම් දස වද දී මැරීම වගේ ම්ලේච්ඡ දේවල් ගැණ කියා ඇති එක පමණක් බොරු වෙන්නේ ඇයි?
"අපේ රටේ හිටපු මිනිස්සු මිලේච්චයි කියලා" - වෙනත් උදාහරණ මොනවාද?
නොක්ස් ගැන මා මේ දැනන් කියවූ ලිපියක මෙලෙස සඳහන්ය.
ReplyDeletehttp://www.divaina.com/2010/09/22/badada01.html
"රොබට් නොක්‌ස්‌ගේ සිරිලක විසි වසරක සිර දඬුවම ඔහු විලාපයක් නොකර ප්‍රලාප නොගොතා රසබර විමර්ශන ගවේෂණ කලාපයක් කරගෙන ජීවත් වූ අයුරු එම ග්‍රන්ථයෙන් අපිට වටහා ගත හැක. ඔහු සිය ග්‍රන්ථයෙන් තම සිරකළ රටට ජාතියට සිදුකළ සාධාරණය නූතන ලෝකයේ කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැක. සැබැවින්ම ඔහු විශිෂ්ට ගණයේ දුර්ලභ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. අවසාන වශයෙන් හා ඔහු මුතු බෙල්ලෙකුට සමාන කරමි. ඒ මන්ද යත් සිය ශරීරය තුළට වැලි කැටයක් ගිය පසු එය මුතු ඇටයක් බවට පත්වන තුරු අසීමිත වේදනාවක් විඳිමින් පසුවෙන මුතු බෙල්ලා, සිය ජීවිතාවසානයේ ඉතා වටිනා මුතු කැටයක් මවා දී ජීවිතයෙන් සමුගැනීම සිදුකරයි. රොබට් නොක්‌ස් ද සිය ජීවිතයේ ඉතා අනුවේදනීය කාල පරිච්ඡේදයක් අප රටේ සිරකරුවකු ලෙස ගත කර අප රට ගැන සිය රචිත ග්‍රන්ථයෙන් ලොවට දුන් පණිවිඩය ඉතා වටිනා මුතු ඇටයක් බඳුය."
රොබට් නොක්ස්ගේ කෘතිය පිළිබඳ විමසුමට ලක් කිරීම වටිනා වැඩක්. මේ ග්‍රන්ථය වගේම පෘතුගීසි ලන්දෛ්සි ලේඛනයන්ගේ වාර්තා සහ ඒ අවදිවල ලංකාවෙන් පෘතුගාලයට, ඕලන්දයට සහ බ්‍රිතාන්‍යයට ගෙන ගොස් ඇති පොත්පත් ලක්ෂ ගණනාවක විස්තර ලැබෙනවා.
ReplyDeleteලංකාවේ ලියවුන පොත් හැටියට අප දන්නේ වර්තමානයේ භාවිතයට ගෙන ඇති මූලාශ්‍ර පොත් පත් කීපයක් පමණයි. එහෙත් තවමත් සැඟව ඇති විස්තර ලේඛන රාශියක් එම රටවල රැස්ව පවතින බව දැන ගැනීමට ලැබෙනවා. රසික මාතලන් වැනි අයට මේවා සොයා බැලීමට අවස්ථාව ලැබේවි.
විවිධ අධ්‍යයනයන් සඳහා ගවේශනය කරන විද්වතුන් මගින් දැනට සිදුවෙමින් ඇත්තේ තමන්ගේ ඉලක්කයට අදාල විස්තර අඩංගු පොත්පත් තොරතුරු වලට සීමාවීම පමණයි. මෑ.තදී මා හමුවූ එවැනි ව්ද්වතකු පැවසුවේ තමා සෙවුවේ මෙරට නිෂ්පාදනය කළ තුවක්කු පිළිබඳ විස්තර පමණක් බවයි. එහෙත් තවත් රාශියක් නිපැයුම් පොත් පත් වගේ දේවල් දැක්කත් ඒවා සොයන්නට නොගියේ තමාගේ ඉලක්කය අවුල්වන්නට ඉඩ තිබූ නිසා බව පැවසෙනවා. ඕලන්දය හා එංගලන්ත කෞතුකාගාරවල රැස්ව පවතින් ලක්ෂ සංඛ්‍යාත ලාංකික පුස්කොල පොත් රාශියක් තමාට දක්නට ලැබුණ ආකාරය තෙන්නකෝන් විමලානන්දයන්(උඩරට මහකැරැල්ල කතු) ද විස්තර කර තිබෙනවා.
මේ නිසා පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි යුගයන්හි මෙරට පැවති සමාජය හා සංස්කෘතිය පිළිබදව ඇත්තේ අප තුළ දැනට ඇත්තේ ඡායාමාත්‍ර දැනුමක් පමණයි. එයද පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි කෝණවලින් නිරීක්ෂණය කර ලබාගත් දැනුමක් පමණක් දැයි සැක සිතෙනවා. රසික මාතලන් වැනි අවස්ථාවන් ලබන සහෘදයන්ට කෙරෙන ආයාචනය වන්නේ මෙවැනි විවිධ දෑ සෙවීම පිණිසද අවස්ථාව වෙන්කර ගන්නා ලෙසයි. ඒවා මේ අයුරින් හෝ සමාජ ගත කරන දැනුම බවට පත්කරන ලෙසයි.
මේ පොත download කර ගන්න බෑනේ අනේ.මම ඔයාලගෙන් ඉල්ලන්නේ මේ පොත download කර ගන්න හදන්න.මේ ලිපිය ලියූ හෑමෝටම තෙරුවන් සරණයි .
ReplyDeleteමෙන්න පොත:
DeleteAn Historical Relation Of The Island Ceylon In The East Indies
Together With An Account Of The Detaining In Captivity The Author
And Divers Other Englishmen Now Living There, And Of The
Author's Miraculous Escape
Download from this link:
https://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm
රසික මා ඔබේ බ්ලොග් එකේ පළවූ ඇතැම් දෑ කියවනවා. මා ලන්ඩනයේ වසර 32 පමණ කලක් ජිවත් වෙනවා.ලේක්හවුස් හි සිළුමිණේ වැඩකළ අවදියේදී පුවත්පත් පිළිබඳ ගත් පන්නරය වුර්තිය නීතිවේදියෙකු වූ නිසා කළක් අතහැර දැමුවා.ලන්ඩනයේදී යලිත් මා එම අතීතයට කැඳවාගෙන ඇවිත් නොදැනුවත්වම. මා ලන්ඩන් කෞතුකාගාරයේ තාරාදෙව් දුව වගේ අපෙන් කෙසේ හෝ ගෙන ගිය පුරාවස්තු ගැන වරින් වර ලන්ඩනයේ හා ලංකාවේ පුවත්පත්වලට වරින් වර ලීවා. මා ලංකායුකේ.පුවත්පතෙන් ඇරඹු ලිපි පෙළක්වූ අතීතයේ ලක්දිව පිලිබඳ මවිතයට පත්වන තොරතුරු ලොවට හෙළිකළ සංචාරකයන් පිලිබඳ පළකරන්නට යෙදුනා.එම පුවත්පත නැවතීම නිසාමා මිතුරු ජනක අලප්පෙරුම හා ලංකා නිවුස් යුකේ නමින් සිංහල හා ඉංග්‍රීසි බසින් පුවත්පතක් ඇරඹුවා. එය කොවිඩ් වසංගතය හමුවේ නැවති යලිදු අප මුහුණු පොතහරහා එය දිග හැරුනා,මගේ ලිපි ඉහතකී ලිපි වලින් පෙලනි .ෆාහියන් ,ඉබන් බතුතා ,මාර්කෝ පොලෝ ,ඇතුළු සංචාරකයන් රැසක ලිපි වරින් වර පළකලා . දැනට මා ඔබ හැම කතාබහ කරමින් සිටින රොබට් නොක්ස් ගැන ලිපි 4 මේ වනවිට පල කළා. මා ඔහුගේ ලන්ඩනයේ තොරතුරුත් ඔහු පිලිබඳ මෙතෙක් පළකර ඇති පොත් රැසක්ම හා මේ දක්වා පළකරතිබු ලිපි කියවා ඒ පිලිබඳ දැනුම ලබාගත්තා. පසුගියදා ඔහුගේ සොහොන තිබෙන විම්බල්ඩන් හි පල්ලියේ සොහොන් බිමට යන්නට යෙදුනා,එහි වත්මන් පල්ලියේ භාරකාර පිය තුමාද මුණ ඇසුනා.තවත් කරුණු රැසක් මෙහි නාවික කෞතුකාගාර වලින් පොත්වලින් මා ලබාගත් දෑ ගැන ළඟදීම අපේ පුවත්පතින් ඒ රසිකයනට කියවීමට අවස්ථාව සලසනව. පොතකට අවශ්‍ය දෑ සඳහා තවත් ලිපි කිහිපයක් ලිවීමට නියමිතයි.ඔබේ බ්ලොගය තුල රසවත් දෑ පලවනවා. ඒ හැමට පිළිතුරු අපේ මිතුරන්ගේ අගෙයි.
ReplyDeleteශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.