
වත්මන් ආණ්ඩුවේ ඇමතියලා නීති ප්‍රකාර ඉදිරිපත් කළ වත්කම් ප්‍රකාශ පිළිබඳව විස්තර මේ දිනවල සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වේ.
එලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති වසන්ත සමරසිංහගේ පුද්ගලික වත්කම් පිළිබඳව ඔහුගෙන් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රශ්න කළ විට ඔහු කළ ප්‍රකාශය දුටු මගේ මිත්‍රයකු තමාගේ වත්කම පිළිබඳව මා සමග පැවසූ කතාවක් මෙසේය.
ඒ ඔහු කිසිදු මහන්සියකින් තොරව, වත්කම අනුව, මිලියන්පතියෙකු හැටිය.
ඔහුගේ පියා 1970 දශකයේ මුල්කාලයේ දී තමන්ට ලැබුණු රුපියල් අට දහසක රක්ෂණ මුදලකින් ඒ කාලේ ගම්බද ප්‍රදේශයක අක්කර තුන්කාලක පමණ ඉඩම් කැබැල්ලක් මිලට ගෙන ඇත. එහි තිබුණු පැරණි රබර් ගස් කිහිපය ගලවා දමා ඒ දිනවලම පොල් පැල සිටවූවද, මේ දක්වා සත පහක ආදායමක් ලැබී නැත.
නමුත් කාලයත් ලංකාවේ බෝහෝ තැන්වල මෙන් සමඟම ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම මුලින් ක්‍රම ක්‍රමයෙන් ද, මෑත කාලයේ දී ඉතා සීග්රයෙන්ද වැඩිවී ඇත.
මගේ මිතුරා පවසන ආකාරයට 1990 දී පමණ, එනම් වසර විස්සකට පසු, මේ ප්‍රදේශයේ පර්චස් එකක මිල රුපියල් 5,000 ක් විය.
පසුව 1996 පමණ වන විට රජයෙන් මේ ඉඩමේ කොටසක් අතපත්කරගෙන ඇත්තේ පර්චසයක් රුපියල් 15,000 පමණ ගෙවමිනි.
පිය උරුමයෙන් ලැබී මගේ මිතුරාට මේ ඉඩමෙන් පර්චස් 70 ක් පමණ මේ වනවිට හිමි ය. එනම් පියා වසර 55 කට පෙර රුපියල් අටදහසකට මිලට ගත් ඉඩමෙන් අඩකට මදක් වැඩි ප්රමාණයකි.
නමුත් මේ වනවිට ඒ පැත්තේ පර්චස් එකක මිල රුපියල් ලක්ෂ 15 කි.
"මං නිකම්ම ඉඳලා කෝටිපතියෙක් වෙලා," මගේ මිතුරා මා සමග සිනහවෙමින් පැවසීය. කැල්කියුලේටරයෙන් බැලූ විට ඇත්තටම කෝටි දහයකි.
මිතුරාගේ වත්කම සහ වසන්ත සමරසිංහගේ වත්කම අතර සමානකමක් මෙන්ම වෙනස්කම් ද ඇත.
වෙනස නම්, වසන්ත සමරසිංහගේ වත්කමින් (එනම්, ඉඩම් උපයෝගීකර ගැනීමෙන්) ඔහුට මාසිකව ආදායම් ලැබේ. මිතුරාට නම් කිසිදු ආදායමක් නැත.
සමානකම් නම්, මේ වත්කම් සියල්ල ඇත්තේ ඔප්පුවේ ය. මගේ මිතුරා වත්කමේ ආකාරයට ඇත්තටම මිලියනපතියෙක් වීමට නම් ඒ ඉඩම විකිණිය යුතුය.
- රසික සූරියආරච්චි
(image: create by gemini.google)
ඔය ලොකු ගානක් නෙම්නේ තියෙන්නේ . මට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ මොකද්ද කියල
ReplyDeleteවසන්ත සමරසිංහගේ ඩොලර් මිලියනයක පමණ වත්කම් වගේම මෑතක දී සුනිල් වටගල ක්ෂණිකව සතු කර ගෙන තිබෙන ඩොලර් මිලියනයකට අධික වත්කම් ආදී දේවල් රාජපක්ෂ පවුල සතු වත්කම් වලින් ඒ අය ජවිපය/ මාලිමාවට ආයෝජනය කරපුවා කියලාත් ගොඩක් අය මේ දවස්වල කතා වෙනවා නේද?
ReplyDeleteලංකාවේ සෝෂල් මීඩියා වල කට්ටිය කියන විදියට කෝටි 27 ක වත්කම් උපයා ගන්නා ආකාරය පියවර 5 කින්
//
1) රටේ වඩාත්ම ජාතිවාදී පොහොට්ටු පක්ෂය හෝ බූරුවන්සගේ ජාතිවාදී පෙරමුණ හෝ සුළුජාතික ජාතිවාදී දේශපාලන පක්ෂයක හෝ ජාතිවාදයට විරුද්ධ නම් රටේ ඉතාම සමාජ වාදී ජනතා හිතවාදී බව ලොකුවටම පෙන්වන පක්ෂ සාමාජිකත්වය අරගෙන ඔබගේ බිරිඳගේ නමින් ඇති යම් දේපළක් ඇත්නම් ඒවා සියල්ල ජනතාවගෙන් සඟවන්න. ඒවා ගැන සමාජය ඉදිරියේ මෝඩයෙකු මෙන් පම්පෝරි නොගසන්න. නයා නොඅරින්න. ෆේස්බුක් නොදමන්න. තමන්ගේ නොවන ගානට වෙනත් අය ලවා ඒවා ෂේප් එකේ වැඩි දියුණු කරවන්න.
2) ව්‍යාපාරිකයෙකුට සෑම රුපියලක් ම වටී. ‘බලු බෙට්ටක ඇති රුපියලත් දිවෙන් ගන්නෙකු’ මෙන් පක්ෂයේ උග්‍ර සාමාජික දිළිඳු ජාතිවාදී බයියන්ගේ හෝ සමාජවාදී රතු සහෝදරයන්ගේ මගුල් ගෙවල් සහ මළ ගෙවල් ගානේ ගොස් ඔවුන්ගෙන් රුපියල් තුන්දාහ පන්දාහ බැගින් එකතු කරගන්න. කෑමට වියදම් නොකරන්න. නිතරම පක්ෂයේ සාමාජිකයන් හෝ පක්ෂ බැතිමතුන්ගෙන් වැනි මෝඩයින් ෆෝම් කර උනුන්ගෙන් ඉල්ලා ගෙන කන්න. ඔබටත් ඔබේ පවුලටත් අඳින්න පළඳින්න වියදම් නොකරන්න. යට ඇඳුමේ සිට පක්ෂයට සම්පූර්ණයෙන්ම වහල් වී ඇති උනුන්ගෙන් ඉල්ලා ගෙන අඳින්න. මුදල් නැති පක්ෂයට පූර්ණකාලීනව කැප ව් වැඩ කරන දිළින්දන් ලෙස උන් ඉදිරිපිට රඟපාන්න
3) හැකි සෑම ව්‍යාපාරික ස්ථානයකට ම ගොස් ඒවායේ නූගත් සේවකයන් ගොනාට අන්දවා වෘත්තීය සමිති හදා ගන්න. එම දුප්පත් කම්කරුවන්ගේ වැටුපෙන් මාසිකව සාමාජික ගාස්තු කියා යම් ගාණක් කපා ගන්න. වසරකට වරක් අදාල ආයතනවල ප්‍රශ්නයක් නිර්මාණය කර සේවකයන් කුපිත කරවා වැඩ වර්ජනයක් කරන්න. වර්ජනය නැගලා යද්දී ආයතනවල හිමිකාරිත්වයට පණිවිඩ යවා ඩීල් දාගෙන ව්‍යාපාර අයිතිකරුගෙන් මේසයට යටින් කප්පමක් ගෙන වර්ජනය නවත්වන්න.
4) රටේ පවතින ජාතිවාදය නිසා හෝ විදේශීය බලපෑම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ හෝ මීට පෙර රට පාලනය කරපු ‘75 වසරක සාපය නිසා හෝ තොපිට දියුණු වෙන්න බැහැ’ යන බොරුව හැකි තරම් ප්‍රචාරය කරන්න. එවිට රටේ දක්ෂ ව්‍යවසායක පුද්ගලයන් ව්‍යාපාර ආරම්භ කිරීමට දුර්මුඛ වේ. ව්‍යාපාර කරගෙන යන අයත් කලකිරේ. ඔබට වඩා දක්ෂ ව්‍යවසායකයන් රටින් පිට වේ. වෙළඳපොළේ තරගකරුවන් වැඩි වුවහොත් ඔබට ඉන් උපයා ගත හැකි ආදායම අඩු වේ. එබැවින් හැකි තරම් අනුන් දුර්මුඛ කරන්න. සෘණාත්මක කථා ම කියන්න.
5) ඉහත ආකාරවලට ඔබ උපයන ආදායමෙන් කොටසක් යොදා ලාභදායි ධනපති ව්‍යාපාරවල කොටස් මිලට ගන්න. තවත් කොටසක් යොදා බිට්කොයින් වැනි ක්‍රිප්ටෝ වගේ දේවල් මිලට ගන්න. ධනයෙන් ධනය උපයන්න. දැන් ඔබට කෝටි ගණනක වත්කම් හිමිව තිබිය යුතු ය. නමුත් තවත් වැදගත් දෙයක් ඔබ කළ යුතු ය. වඳ කොත්තු වඳ බෙසියර සාපි ඩොකාගේ කෝටි ගණනක දේපල, බදියුදීන්ගේ විල්පත්තුව, චිචීගේ රොකට් එක, බල්ලාගේ කරේ පවුම් 90 ගණනක රත්තරන් චේන් එක, නාමල්ගේ ලැම්බර්ගීනි 18, මහින්දගේ ඩුබායි හෝටලය වැනි ටොම් පච ගසා ලංකාවේ ජීවත් වෙන මෝඩ ඊර්ෂ්‍යාකාර හැතිකරයේ ඇස්වහ කටවහ ඔබට වැදෙන්නට නොදී ඒවා විදේශීය බලවේග දෙසට හෝ සාෆිට හෝ බදියුදීන්ට හෝ රාජපක්ෂලා වෙතට හරවන්න.//
මේකත් ඇත්තටම හොඳ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් නේද?
මගේ නිවස ඉදිකොට තියෙන පමුණුව පාරේ (පැති හතකින් යුතු!) පර්චස් නවයහමාරක ඉඩම 1985දී ගත්තේ 87,500/-කට. දැන් පර්චසයක් කෝටියකට කිට්ටුලු.
ReplyDeleteමම සිංගපෝ ඉන්නකාලෙ, 2012 විතර ලක්ෂ 20කට ලංකාවෙන් පර්චස් 50ක් ගත්තා, ඒ කාලෙ වියදම සින්ගපෝ ඩොලර් 23,000ක් විතර. අද ඒ ඉඩමෙ වටිනාකම පර්චස් එකක් මිලියනයි, ඒ කියන්නෙ මිලියන 50යි. අද ඩොලර් රේට් එකට දාලා බැලුවොත් සින්ගපෝ ඩොලර් 211,800ක් විතර. මම මේ ගාන එහෙ වැඩිම පොලී ගෙවන බැංකුවක දැම්ම නම්, අද වෙනකොට මට ලැබෙනවා ඩොලර් 29,000ක් විතර (2% පොලිය ). ලොකුම රිස්ක් එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකකට දැම්ම නම්, අද වෙනකොට ඩොලර් 50,000ක් විතර (6%) ලැබෙයි. හැබැයි ලංකාවෙ අයෝජනය ඉතාම ලාභදායි වෙනවා. මගේ ආයෝජන ඩොලර් මුදල ආසන්න වශයෙන් 9.2 ගුණයකින් වැඩිවෙලා තියෙනවා. රුපියල්වලින් වැඩිවීම 25 ගුණයක්, හැබයි inflation එක අයින් කළත්, සෑහෙන ලොකු වාසියක්
ReplyDeleteමම සිංගපෝ ඉන්නකාලෙ, 2012 විතර ලක්ෂ 20කට ලංකාවෙන් පර්චස් 50ක් ගත්තා, ඒ කාලෙ වියදම සින්ගපෝ ඩොලර් 23,000ක් විතර. අද ඒ ඉඩමෙ වටිනාකම පර්චස් එකක් මිලියනයි, ඒ කියන්නෙ මිලියන 50යි. අද ඩොලර් රේට් එකට දාලා බැලුවොත් සින්ගපෝ ඩොලර් 211,800ක් විතර. මම මේ ගාන එහෙ වැඩිම පොලී ගෙවන බැංකුවක දැම්ම නම්, අද වෙනකොට මට ලැබෙනවා ඩොලර් 29,000ක් විතර (2% පොලිය ). ලොකුම රිස්ක් එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකකට දැම්ම නම්, අද වෙනකොට ඩොලර් 50,000ක් විතර (6%) ලැබෙයි. හැබැයි ලංකාවෙ අයෝජනය ඉතාම ලාභදායි වෙනවා. මගේ ආයෝජන ඩොලර් මුදල ආසන්න වශයෙන් 9.2 ගුණයකින් වැඩිවෙලා තියෙනවා. රුපියල්වලින් වැඩිවීම 25 ගුණයක්, හැබයි inflation එක අයින් කළත්, සෑහෙන ලොකු වාසියක්
ReplyDeleteජෙප්පන්ට කෝටි ගනන් වත්කම් තියෙන එක නෙමෙයි ප්‍රශ්නෙ, වසන්තයා කිව්වා ඌ පූර්ණකාලීන ජවිපෙ දේශපාලනය කරන්නෙ, රස්සාවක් හෝ ව්‍යාපාරයක් කරන්නෙ නෑ, යාළුවන්ගෙ ජොක්කු අඳින්නෙ, පක්ශෙ සමාජිකයෙක් වෙච්ච ජයශාන්ත අයියගෙන් කොණ්ඩෙ කපන්නෙ, බෙහෙත් ගන්නෙ පක්ෂෙ දොස්තර කෙනෙක්ගෙන්, ගමට ගියාම පක්ෂෙ අය කෙහෙල් කැනේ ඉඳන් දෙනවා, තෙල් ගහන්න සල්ලි දෙන්නෙ පක්ෂෙ සමාජිකයො. මෙව්වා කියපු වීඩියෝ යූබටේ ඕනෙ තරම් තියෙනවා. එතකොට මූ කෝටි ගානක් සල්ලි තියාගෙන, එක්කො එව්වා හංගගෙන පක්ෂෙ එව්වො කඩේ යවලා, එහෙම නැත්නම් මහජනතාව වන අපිව කඩේ යවලා. මූ කොතනකත් කියන්නෙ නෑ, ජවිපෙ සංස්කෘතිය පක්ෂෙන් යැපෙන එක, හැබැයි මම එහෙම නෑ, මම ධනවතෙක්, මට ව්‍යාපාර තියෙනවා කියලා. මෙව්වා බලපුවම මට නම් හිතෙනදේ මේකයි, අනුර සහෝදරයට පුළුවන්නම්, මේ අවුරුදු 5 ඇතුලෙ (තව 4යි තියෙන්නේ) සිස්ටම් ටික වෙනස් කරලා,විධායකය අහෝසි කරලා, නීතිය ශක්තිමත්වෙන ස්වාධීන ආයතන පිහිටුවලා, කොටින්ම දියුණු රටක තියෙන සිස්ටම් එක ලංකාවට ගෙනාවොත්, ඊළඟට මොකා ආවත් මේ වගේ හොරා කන්න බැරි ක්‍රමයක් හදලා තිබ්බොත්, මේ අරගල කරලා, මාලිමාව දිනවපු එකේ ප්රථිඵලයක් තියෙයි. හැබැයි මාලිමාව හිතුවොත්, අපි හොරකම් කරන්නෙ නෑ, ඒ නිසා ඔය සිස්ටම් වැදගත් නෑ කියලා, ඊළඟ පාරත් ජනාධිපතිවරණෙකට ගියොත්, ඇත්තටම මේ කරපු අරගලවල ප්රථිඵලයක් නෑ. මොකද, මේ ඉන්න මාලිමාවෙ ඇමතිවරු බාගයක්වත්,අවුරුදු 5ක් යනකොට හොරාකාලා කෝටිපතියො වෙනවා. මොකද, හැමෝම පෘථග්ජනයො, ක්‍රමේ වෙනස් කරන්නෙ නැතුව, මේ විධියට ගියොත්, මුනුත් ටික ටික සැප ගන්න ඇබ්බැහි වෙනවා. මතකනෙ, වීරවංශට ඇමතිකමක් ලැබිලා, ඒකෙ රස වැටුණ ගමන් සෙට් එකක් එක්ක පක්ෂෙ කඩන් ගියා, මේ පාර ඊට වඩා ලොකු කුට්ටි ලැබෙන්නෙ මේ අයට, අනික විපක්ෂෙ දුර්වලවෙලා ඉන්නෙ.
ReplyDelete@ Robert,
Deleteඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත, ඒත් ජනතාව වර්තමාන ආණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කරන්න ඕන ඔයවගේ සිස්ටම් එකක් හදන්න කියලා, මොකද මම කොයි දිස්ත්‍රික්කය තුල පහුගිය මැතිවරණයේදී මාලිමාවට වැඩ කරපු කෙනෙක් මීට ටික කලකට පෙර ඉතාම සාමාන්‍ය විදිහට ජීවත් වූ මධ්‍යම පාන්තික නීතිඥවරයකු වු සුනිල් වටගල ගැනත් කියන්න ඕනේ
වසන්ත විතරක් නෙවෙයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් මිලට අරගෙන, සිනමන් ලයිෆ් මේ වෙද්දී ලංකාවේ මිල අධිකම සහ සුවපහසුම අපාර්ට්මන්ට් සංකීර්ණයක්.
සිනමන් ලයිෆ් පහල, 2 BR අපාර්ට්මන්ට් එකක් පටන් ගන්නේ රුපියල් මිලියන 150 න්. ඒ කියන්නේ කෝටි 15 ක්.
උඩට යන්න යන්න සහ නිදන කාමර ගණන වැඩි වෙද්දි මේ මිල සෑහෙන වැඩි වෙනවා.
සමාන්‍යය අපාර්ට්මන්ට් එකක් මිලියන 350 - මිලියන 450 රේන්ජ් එකක යනවා.
ඉහලම නිවාස මිලියන 600 රේන්ජ් එකේ.
සුනිල් වටගල මිලට ගත්තු අපාර්ට්මන්ට් එක මිලියන 350 - 450 රේන්ජ් එකේ යන අපාර්ට්මන්ට් එකක්.
මිලට අරන් පැය 24 ක් ඇතුලේ මේ අපාර්ට්මන්ට් එක ෆර්නිචර් කරලා ඉතාම සුවපහසු නිවාසයක් බවට පත් කළා.
මෙවැනි අපාර්ට්මන්ට් එකක් ෆර්නිචර් කිරීමත් අවම වශයෙන් මිලියන 5 - 10 අතර වියදම් වෙන වැඩක්.
දැන් වටගල ජීවත් වෙන්නේ, සාද පවත්වන්නේ, ඩීල් සහ ගණුදෙනු කතා කරන්නේ මේ අපාර්ට්මන්ට් එකේ.
කාර් පාර්ක් එකේ වටගල නියෝජ්‍ය ඇමතිතුමාගේ නවීනතම 2025 සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථ දෙකත් හැමතිස්සෙම වගේ නවත්තලා තියෙනවා.
අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ගිහින් බලාගන්න පුලුවන්.
මෙතන ගැටලුව වටගල, සිනමන් ලයිෆ් ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් මිලට ගැනීම හෝ එහි ජීවත් වීම නෙවෙයි.
මෙතන ගැටලුව ඔහුට එක්වරම එවැනි නිවාසයක් මිලට ගැනීමට මුදල් ලැබුණේ කොහෙන්ද කියන කාරණාව.
ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේත් මේ නිවස ඇතුලත් කර නැහැ.
ඔහු පක්ෂය වෙනුවෙන් දේශපාලනය කළා මිසෙක නීතිඥයෙකු ලෙස කටයුතු කළේත් නැහැ.
එසේ නම් මේ කෝටි 35 - 45 අතර මුදල ඔහු උපයා ගත්තේ කොහෙන්ද කියන ප්රශ්නය එනවා.
කෝටි 35 ක් කියන්නේ හිටපු ජනාධිපතිවරු පස්දෙනාම, අවුරුදු තුන හමාරක් නඩත්තු කිරීමට රජය වියදම් කළ මුදලට සමාන මුදලක්.
ආණ්ඩුව අරන් අවුරුද්දෙන් වටගලට නිධානයක් ලැබුණා වෙන්නට බැහැ.
එම නිසා මේ නිවාසය මිලට ගැනීමට ඔහුට මුදල් ලැබුණු ආකාරය හෙළිවිය යුතුයි.
එමෙන්ම ඔවුන් නිර්ප්‍රභූ ලෙස හඳුන්වා ගන්න, සාමාන්‍ය ජනතාවට නොමැති සැපපහසු ජීවිතයක් ගත නොකරනවා ය කියන මිත්‍යාවත් හෙළිදරව් විය යුතුයි.
'සාමාන්‍ය ජනතාව' ජීවිතයම හම්බ කළත්, හම්බ කරන්න බැරි මුදලක් සුනිල් වටගල ගෙයක් වෙනුවෙන් වියදම් කරනවා.
සාමාන්‍ය තරුණයො ජීවිත පටන් ගන්නකොට තම උපරිමයේදී සිහින මවන මුදල වගේ මුදලකින් වටගල ඒ ගෙදර දවසෙන් ෆර්නිචර් කරනවා.
අඩුම තරමේ එය ඔහු ජනතාවගෙන් සඟවාගෙන ජීවත් වෙනවා.
මම හිතන්නේ බලය අරන් අවුරුද්දක් ඇතුලත තමන්ගේ සාමාන්‍ය ජීවිතය මේ තරම් වෙනස් වෙච්ච දේශපාලඥයො පහුගිය ආණ්ඩු වලවත් හිටියේ නැහැ. මේකට ජනතාව විදිහට විශේෂයෙන්ම ආණ්ඩුවට ඡන්දය දීපු අපි හැමෝම ක්‍රියාත්මක වෙන්න ඕනේ.
ඔය වසන්ත සමරසිංහ ඔහොම කියපුව වීඩියෝ හෙම තියනවනම් දාන්නකෝ . මොකද ජෙප්පේ , මාලිමා සෙට් එක වසන්තට සල්ලි තියනවා කියා ඒ කාලේ ඉඳන් දන්නවා . විජිත රණවීරට වගේ . ඒවා එයාට යවල උත්තර දෙන්න කියමු . අනික සමජවාදී විජේවීර උතුරු කොරියන් රාජ්‍යයක් හදනව කියල මාලිමාව පොරොන්දු වුනේ නැහැ . ඒකට වෙන පක්ෂ තියනව . කටවත් මුදල් උපයන්න් බාධාවක් නැහැ . ටැක්ස් ගෙවපල්ල . එච්චරයි
Delete@ Robert
Deleteඔයාගේ කතාවට මමත් එකඟයි. ඇත්තටම වසන්ත සමරසිංහ තමන්ගේ වත්කම් ගැන කතා කරද්දි කියන්නේ ඔහු මේ වත්කම් උපයා ගත්තේ දේශපාලනයෙන් නෙවෙයි කියලා.
ඒ සඳහා ඔහු අපූරු ව්‍යාජ තර්කයකුත් ගේනවා. එනම් තමන්ගේ වසර විස්සක දේශපාලනයේ 2025 ට පෙර ඔහු අමාත්‍යධූරයක් හෝ ආණ්ඩුවක නොසිටි නිසා මේවා තමන් හොරකමෙන්, වංචාවෙන් සහ දූෂණයෙන් අත්පත් කරගත් දේපළ නොවන බව ආඩම්බරයෙන් කියනවා.
මේකත් දේශපාලනය හරියට නොතේරෙන අතාර්කික නූගත් මහජනයා ඉලක්ක කරමින් බැස්ස වූ තවත් එක් බෝලයක්.
දේශපාලනයෙන් හම්බ කරන්න ආණ්ඩු බලය ගන්න ඕනම නැහැ.
දේශපාලනයෙන් ආණ්ඩු බලය නැතිව, විපක්ෂයේ ඉදලත් හම්බ කරන්න පුලුවන්. දැන් රාජපක්ෂ කල්ලිය උනත් ඒකම කරනවා ආණ්ඩු බලය නැතිවත්
විශේෂයෙන්ම වෘත්තීය සමිති 'ව්‍යාපාරයේ' දී. වෘත්තීය සමිති 'ව්‍යාපාරය' ඉතාම ලාභ අධික, හොරකම් කිරීමට අවස්ථා වැඩි ක්ෂේත්රයක්.
එක් පැත්තකින් සමාජික ගාස්තු. හැම මාසෙටම රුපියල් 150 ක් , 200 ක් ආයතන ගණනක සේවකයන් ලක්ෂයකින්, දෙකකින් එකතු වෙද්දී එතන මාසිකව හැදෙන අරමුදල කෝටි ගානක්.
වෘත්තීය සමිති නායකයන් නඩත්තු වෙන්නේ මේ මුදල් වලින්.
ඔබට මතක නම් මෑතක දී ලීක් වූ රංජන් ජයලාල් ගේ හඬපටයේ දී විදුලි සේවකයෙක් කියනවා 'ඔබගේ මෝටර් රථය පවා අරන් දුන්නේ අපි / අපේ මුදලින්' කියලා.
වෘත්තීය සමිති ක්ෂේත්රය වැඩ කරන්නේ එහෙමයි.
මේ වෙද්දි ජවිපෙ තමන්ගේ වෘත්තිය සමිති ජාලය තවත් පුලුල් කරමින් ඉන්නවා.
ඔවුන් සෑම රජයේ කන්තෝරුවකටම පැනලා සේවක සභා හදමින් ඉන්නවා.
එක් පැත්තකින් එය ඔවුන්ගේ දේශපාලනික බලය වැඩි කිරීමට ගත් පියවරක්. අනෙක් පැත්තෙන් රුපියල් 150 / 200 බැගින් රාජ්‍ය සේවකයන් ලක්ෂ පහ, හයකගෙන් ගැලවීම විශාල මුදලක්.
මාසෙකට කෝටි ගානක්.
ඒ විතරක් නෙවෙයි. වෘත්තීය සමිති නායකයන්ට තව තවත් ආදායම් මාර්ග තිබෙනවා.
ඔවුන් වැඩ වර්ජන කරනවා කියලා ආයතන ප්‍රධානීන් බිය ගන්වලා එක මාසෙට මිලියන පහ, දහය ගන්නවා.
ධම්මික පෙරේරා තමන්ගේ ව්‍යාපාර හරහා 'කප්පම්' ගෙවීම ප්‍රසිද්ධ රහසක්.
අවසානයේ නිමල් පෙරේරාට, වසන්ත හරහාම තමන්ගේ ගෙවල් විකුණලා ඕස්ට්‍රේලියාවට පනින්න වුණා.
ඒ විතරක් නෙවෙයි.
කොස්සක්, අවුලක් තියෙන ව්‍යාපාරයක් හොයාගෙන, ඒ ව්‍යාපාරයට එරෙහිව නඩු දාලා, නඩුව අතරමැදදී 'කප්පම්' අරගෙන නඩුව ඉල්ලා අස් කර ගැනීමත් හොඳ ව්‍යාපාරයක්.
වසන්ත විසින් ලංකා ට්‍රාන්ස්ෆෝර්මර්ස් සමාගමට එරෙහිව දැමූ නඩුවක් අතරමැදදී ඉල්ලා අස් කරගත්තා.
එය වසන්තට දිනිය හැකිව තිබූ නඩුවක්. අවසානයේ සමාගමට ලාභයක් අත් වුණා. ඒ වෙනුවෙන් ඔවුන් ගෙවූ මිල දන්නේ සමාගම සහ වසන්ත ලා පමණයි.
මේ ආකාරයේ උපයන කෝටි ගණනක මුදල බෙදෙන සූත්‍රයක් තිබෙනවා.
එතනදි වැඩි කොටසක් පක්ෂයට යනවා. එමෙන්ම වෘත්තීය සමිති මෙහෙයවන පුද්ගලයාටත් කොමිස් එකක් යනවා.
අද වෘත්තීය සමිති නායකයන් යනු 'කොමිෂන්' එකකට මුදල් උපයන 'සේල්ස් පීපල්' ලා.
මේක පැහැදිලිව හොරකමක්.
'කප්පම්' වැඩේදි ව්‍යාපාරිකයො කප්පම් ගෙවන්නේ තමන්ගේ ලාභයෙන් නෙවෙයි.
සේවකයන්ට වැටුප් වැඩි කරන්න, බෝනස් ගෙවන්න තියෙන සල්ලි වලින්.
අවසානයේ වැඩි හොඳට වෘත්තීය සමිති හදාගත්තට, ඒකේ පාඩුවත් සේවකයන්ටමයි.
නමුත් අතීතයේ සිටි වෘත්තීය සමිති නායකයන් 'මේ ව්‍යාපාර' කළේ නැහැ.
එම නිසා ඔවුන්ට දේශපාලනය කරලා අවුරුදු විස්සක් අවසානයේ, 'පරම්පරාවෙන්' එකතු වෙච්ච දේපළ තිබුණේ නැහැ.
ඒවාත් දේශපාලනය වෙනුවෙන් දිය කර තිබුණා.
අතීතයේ වෘත්තීය සමිති මෙහෙය වූ මිනිසුන් තමන්ගේ ඇත්ත පුද්ගලික දේපළ පවා විකුණා දමා දේශපාලනය කළා.
කොල්වින් ලා, එන් එම් ලා සැබෑ පාරම්පරික ධනවතුන්. නමුත් ඔවුන්ගෙන් බහුතරය මිය ගියේ ධනවතුන් විදියට නෙවෙයි.
හැබැයි අන්ත ග්‍රාම්‍ය, දුප්පත් පවුල් පරිසර වලින් ඇවිල්ලා, කීයක් හරි හොයාගන්න කෝච්චියේ වඩේ සිගරට් විකුණලා , සිකුරුටි ජොබ් කරපු මිනිස්සු පාරම්පරික සල්ලිකාරයො කීම විහිලුවක්.
පාරම්පරික සල්ලිකාරයො තමන්ගේ දරුවා කෝච්චියේ වඩේ විකුණන්න, සිකුරුටි රස්සා වලට යවන්නේ නැහැ.
එමෙන්ම වසන්ත තමන් මෙතෙක් ආණ්ඩු බලයක් නොදැරූ නිසා මේ වත්කම් 'හොරකම් නොකළ' දේ බව ආඩම්බරයෙන් කීම විහිලුවක් සහ තක්කඩි කතාවක්.
නැවත නැතතත් කියන්නේ දේශපාලනයේ හොරකම් කරන්න ආණ්ඩු බලය ගන්න ඕන නැහැ.
විපක්ෂයේ ඉදලා වෘත්තීය සමිති පටන් ගත්තොත්, ලංකාවේ ලොකුම බිස්නස් ටික අස්සට රිංග ගත්තොත් කැබිනට් ඇමති ධූරයකට වඩා 'හොරකම්' කිරීමට පහසු සහ ආරක්ෂිත අවස්ථා එහි තියෙනවා.
වසන්තලාගේ දේපළ සහ වත්කම් ගැන ඉතාමත් විනිවිදභාවයෙන් යුතු, සැබෑ පරීක්ෂණයක් අවශ්‍ය ඒකයි.
https://www.facebook.com/watch?v=1131014952429403
ReplyDeleteඅඩේ රොබටා
ReplyDeleteවසන්ත සමරසිංහට හපන් චතුරංග අබේසිංහලා නලින්ද ජයතිස්සලා අනුර කුමාර ලා දීපු ගේම් එක, මරුම ආතල් එක දීල තියෙන්නේ නලින් හෑවගේ, හෑවගේ ගේ දුවගෙ කොටහළු මඟුලට සමාජවාදී පියාට ලස්සම 22 ක් හම්බුනාලු ආපු මිනිස්සුන්ගෙං 🤣🤣 අපි හිම්ගන්නො කියලා හිතන්නත් එපැලු .. අනේ කතා කරණකොට මේ බණ්ඩක්කා බේසිකයම නේත අපිට කිව්වෙ උගෙ කුස්සියට ඉටිකොළ ගහලය තියෙන්නෙ කියලා. ඒක හදාගන්න වත් සල්ලී නෑ කියපු එකාට දැන් කෝටි ගණන් සල්ලි 😝😝 යකෝ ෆයිව් ස්ටා හොටෙල් එකක ගත්ත මගේ මලයාගේ වෙඩින් එකට මීට අවුරුද්දකට කලින් හම්බ වුණේත් ලක්ෂ හතරයි දෙපැත්තෙන්ම, මූට දුවගේ කෝට්කෛවල ලක්ෂ 22 ක් දුන්නාලු හිනා කාල මැරෙන්න වෙන්නේ, අර නාමල් රාජපක්ෂ පල් හොරාගේ මැණික් මලු කතාවේ අනිත් එක
දැන් මූට ඔය පෝසත් නෑයෝ ආධාරයක්වත් එකතු කරලා ඒ කාලේ නොදුන්නෙ ඇයි බන් කුස්සිය පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන මාබල් ටිකක්වත් අල්ලගන්න?
අමො අමො මේවයින් තෙත් වෙන ජෙපි වහල් ජෙපි ඩෝබිලා වගේ අමු මීහරක් නම් ඕනෑම පස්සෙකට අස්පෘශ්‍ය වත්කමක් බන්. 🤣 මැදමුලන වහල්ලු වත් මේ තරමටම චාටර් වුණේ නෑ බලනකොට 😂🤣
නිකමට හිතපල්ලා. කොටහළු මගුල් කියන්නෙ මේ ලංකාවෙන් දැනටමත් තුරන් වෙමින් පවතින බොහොම අසික්කිත අවුට්ඩේටඩ් චාරිත්‍රයක්. උගත් බුද්ධිමත් දෙමාපියො තමුන්ගෙ මල් වගෙ ලස්සන ලමයගෙ පළවෙනි ඔසප් වීම තව දුරටත් බිස්නස් ඩීල් එකක් කරගන්නෑ. එහෙව් එකෙ තමුන්ගෙ දරුවගෙන් ලස්ස 22 කුත් හම්බකරන් ඒක තව උජාරුවෙන් කියන කැත විතරක් ඊයා. යකෝ කාල් මාක්ස්ලා චේගුවෙරා කැස්ත්‍රෝලා දැක්කොත් මුන්ගෙ සමාජවාදෙට පුපෙනුත් හිනාවෙනවා. තමුන්ගෙම ලමයි වෙන්දේසි කරලා මිලියන ගණන් උපයන අශිලාචාර ජෙප්පන්ට මේ ලෝකෙ වෙන කරන්ඩ බැරි පහත් නීච වැඩක් නැ🤮 මූන් අර ජාතිවාදී බයියන්ටත් වඩා අසික්කිත හැත්තක්
එහෙන් වසන්තයගෙ කෝටි 27 ට ඇන්දුනා. වසන්තයා කොමිස් කාක්කා කියලා අවුරුදු විස්සක් විතර තිස්සේ අහලා ඇති හිසේ කෙස් ගානට. සාධාරණව උපයපු මුදල් යැයි යැයි ලු. යකො මං ඉස්සරහම එක්තරා ආයතනයක අධ්‍යක්ශක මණ්ඩලයකින් මීට වසර 6 ට විතර ඈතදි හෙණ ගානක කොමිස් එකක් ඉල්ලුවා ඒ ආයතනයේ යුනියන් එකෙන් මෙහෙයවපු ස්ට්‍රයික් එක නවත්තලා තරඟකාරී ආයතනයක යූනියන් එක ස්ට්‍රයික් එකකට නම්මලා දෙන්නම් ය කියලා 😝😝මේවා අපි ඇස් දෙකට දැකපුවා. පුලුවන් නම් ඌට නෑය කියන්න කියපන්කො.
ඔය මන් දැකපු එකක් විතරයි. වසන්තයා හම්බ කරගත්තෙම යුනියන් අවුලලා කියලා නොදන්නෙ ජෙපි ඩෝබිලා විතරයි🤣මොකද ඒක ප්‍රසිද්ධ රහසක්.
වත්කම් වල කලිනුත් කෝටි 27 ක් තිබ්බලු ඒ කාලේ අපි උනන්දු උන්නැත්තෙ ඇයි අහනවා. අනේ බබා රනිල් අන්තිම කාලේ ගෙනාපු පනතට පින්සිද්ධ වෙන්නයි උබලගෙ වත්කම් මෙහෙම සවිස්තරාත්මක දැන් දැනගන්න අපිට පුළුවන් උනේ.
ඒ මදිවට වම්චාකාර බේම්සිකයා ක්රිප්ටොත් දාලා මිලියනයක්!!
උපයපු විදිය පැහැදිලි කරන්න බැරි වත්කම් වලට කියාපු විදියක් තමයි ක්‍රිප්ටෝ 🤣🤣 කොමිස් ගහපුවායින් දේපළ වත්කම් එක් රැස් කරගෙන ගමේ මලගෙදෙට්ට ගියත් මොළේ කලදක් නැතී ඩෝබි කරත්ත වල රුපියල් 5000 ට ඇරියා.
කයියනායකලාගෙ නරි මොල වලට මැදමුලන අයියනායකලත් පදිරියි බන්.
කියන හැම එකම උණ්ඩුක පුච්චෙ තියන් කනිනීකාව කටේ දාන් සමාජවාදි ජෙප්පන්ට වහල්කම් කරන ජෙපි ඩෝබිලාට මේවා කිව්වට වැඩක් නෑ. උන්ට මුලු ලෝකෙම වහල්ලු.හැබයි උන්ට පේන්නෑ උන් තරම් වහල්ලු පෙරේත ලෝක හතරෙවත් නෑ කියලා🤣🤣
සාධු සාධු!!
ඒක නෙමෙ උබලා කින්ග්ස්බරි හිල්ටන් ශ්‍රැන්ගිල්ලා වල ගත්තු උබලගෙ වෙඩිම් වලදිවත් 500 ට විතර මගුල් කිව්වත් අඩුම ගානේ ලස්ස 20 ක් වත් හොයන් තියේද? 🤣🤣
බලපන් කොටහලුවට මෙහෙම නම් මඟුලට කෝම හම්බෙයිද??
මූ නම් රියල් කොටහළුවා!
ඉටිකොළ ගලෝලා දැන්වත් බ්ලොක් ගල් ටිකක් බැදගනින් හෑවගේ පල් හොරෝ.. 🤣🤣
තොපිලට තරම් පෝසත් නෑයො රනිල්ලටවත් නෑහ්! ටෞකන්ඩ.
ලංකාවේ දේශපාලන වේදිකාව මත බොහෝ කලක් තිස්සේ නාද වූයේ එකම හඬකි. ඒ, "හොරු" යන හඬයි. එම හඬටම අභියෝග කරමින්, "අපි දුප්පත්, අපි නිර්ධන පංතියේ" යන සටන් පාඨය රැගෙන වේදිකාවට පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණ සහ මාළිමාවයි. ඔවුන්ව දුටු කල බොහෝ දෙනා සිතුවේ, මෙතෙක් කල් රටේ සම්පත් සූරා කෑ පාලකයන්ට වඩා වෙනස්, සරල ජීවිත ගත කරන සැබෑ නායකත්වයක් දැන් පහළ වී ඇති බවයි. එහෙත්, ඔවුන්ගේ වත්කම් ප්‍රකාශයන් එළිදැක්වීමත් සමඟම, ඒ මිත්‍යාව බිඳී ගොස්, වෙනස්ම කතාවක් අප ඉදිරියේ දිග හැරෙමින් තිබේ.
ReplyDeleteඅද අප දකින්නේ, මෙතෙක් කල් "හොරු" යැයි චෝදනා කළ දේශපාලකයන්ටත් වඩා වෙනස් ආකාරයකින්, රහසිගතව වත්කම් ගොඩනගා ගත් පිරිසක් බවයි. වසන්ත සමරසිංහ වැනි නායකයන් "ඉස්සර කෝච්චියේ වඩේ වික්කා" යැයි කියූවද, ජීවිත කාලය පුරාම ආදායම් බදු ගෙවා නැති බවත්, TIN අංක පවා ලබාගෙන ඇත්තේ මෑතකදී බවත් පෙනී යයි. අනෙක් පක්ෂවල නායකයන් බැංකු ණය පියවීමට තිබූ බව වත්කම් ප්‍රකාශවල සඳහන් කරද්දී, මේ "නිර්ධන පංති නායකයන්" කිසිදු බැංකු ණයක් නොගෙන, කෝටි ගණන් ව්‍යාපාර කරමින්, මහා ධනපතියන් වී සිටින්නේ කෙසේද යන්න විශාල සැකයක් ඇති කර තිබේ.
රවී කරුණානායක සහ දයා ගමගේ වැනි අය දශක ගණනාවකට පෙර සිට ව්‍යාපාර කර තිබුණත්, ඔවුන්ගේ වත්කම්වලට වඩා ඉහළ වත්කම්, කිසිදු ව්‍යාපාරයක් ලියාපදිංචි නොකළ බව කියන ජවිපෙ නායකයන් සතුව ඇත්තේ කෙසේද? දශක තුනක් මුළුල්ලේ ව්‍යාපාර කළ රවී කරුණානායකගේ සම්පූර්ණ වත්කම් රුපියල් මිලියන 196ක් පමණ වන විට, කිසිදු ව්‍යාපාරයක් නැති බව කියන වසන්ත සමරසිංහට රුපියල් මිලියන 270ක වත්කම් ලැබුණේ කෙසේද යන්න, ජනතාව තුළ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කර ඇත.
මේ ඊනියා ධනපති පක්ෂවලට අයත් දේශපාලනඥයන් තමන්ගේ ව්‍යාපාර හරහා සේවකයන් සිය ගණනකට රැකියා ලබා දී, ETF/EPF වැනි අරමුදල්වලට දායක වී තිබුණත්, ජවිපෙ "සහෝදර ධනවතුන්" කිසිදු සේවකයෙකු යොදවාගෙන නැත. සමහරවිට, පක්ෂයේ සාමාජිකයන් "ස්වේච්ඡාවෙන්" ඔවුන්ගේ ව්‍යාපාරවල වැඩ කළා විය හැකිය! සමන්ත විද්‍යාරත්න වැනි අය ඉඩම් නොමැතිව "වගාවෙන් ලද ආදායම්" ලෙස මිලියන ගණන් පෙන්වද්දී, ඒ සඳහා ඉඩම් බදු ගත්තේ කාගෙන්ද, ඒ සඳහා කුලී ගෙව්වේ කෙසේද යන්න කිසිදු පැහැදිලි කිරීමක් නැත.
"නිර්ධන පංති නායකයන්ට" ඇඳුම්, සපත්තු පවා ආධාරකරුවන්ගෙන් සපයා ගැනීමට සිදු වූ බවට පැවති කතාව ද දැන් බොරුවක් බව ඔප්පු වෙමින් තිබේ. මන්ද, ඔවුන් සතුව ධනපති පක්ෂවල අයටත් වඩා විශාල රන් සංචිත ඇති බව අනාවරණය වී ඇත. කොවිඩ් වසංගතය සමයේදී රටේ ජනතාවට රත්තරන් උකස් කර ජීවිතය ගැටගසා ගැනීමට සිදු වූ විට, මෙම "නායක සහෝදරවරු" තම පවුල් ආරක්ෂා කරගෙන ඇත්තේ කෙසේද යන්න පුදුම සහගතය.
මෙම වත්කම් ප්‍රකාශයන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය, අනාගතයේදී සිදුවිය හැකි දේ පිළිබඳ පෙරනිමිති පෙන්වා දෙයි. මේ ආණ්ඩුව ඉතා සුළු සිදුවීම් අල්ලාගෙන විරුද්ධ පාර්ශවයේ අය පෞද්ගලික පලිගැනීම් සඳහා රිමාන්ඩ් කරන ආකාරය අපි දුටුවෙමු. නමුත් ඊළඟට එන සැබෑ, දූෂණයෙන් තොර ජනතා ආණ්ඩුවක්, ඔවුන්ගේ මේ අයථා ලෙස උපයාගත් වත්කම් පිළිබඳව නඩු පවරන විට, ඔවුන්ම "හොරු හොරු" යැයි කියූ අය සමඟ එකම විත්ති කූඩුවේ සිටින අයුරු දැකගත හැකි වනු ඇත.
මේ තත්ත්වය, පාක්ෂිකයන්ගේ වියදමින් ජීවත් වූ පිරිසක් තවදුරටත් එසේ නොවන බව හෙළි කර ඇති අතර, එය මෙතෙක් ජවිපෙ වෙනුවෙන් තම සොච්චම් ආදායමෙන් විශාල පංගුවක් පරිත්‍යාග කළ ජවිපේ කාඩරයේ බහුතරය වූ සැබෑ නිර්ධන පංති කම්කරුවා ලද විශාල ජයග්‍රහණයකි. දැන් ඒ මුදල් ඔවුන්ට තම දරුවන්ගේත්, පවුලේත් යහපතට යෙදවිය හැකියි. මීට පෙර 2023 IMF නිර්දේශ මත දේශපාලකයන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය කී යෝජනාවට ජවිපෙ ජාජබ මන්ත්‍රීලා තිදෙනාම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතුව මේ අනුව පැහැදිලියි නේද?
මාලිමාවේ වත් පෝසත්කම් ගැන කියවෙන කියවන කයි කතන්දර අහං ඉද්දී මට නිකමට මතක්වුනේ, ‘යකෝ බුලත් කඩයක්වත් කරලා නැති මුන්දලා කරන ආර් තිකේ....‘ ගැන ඡන්ද කාලේ කතා.
ReplyDeleteඒක ඇත්ත, ඇත්තටම බුලත් කඩයක් වත් කරලා නැති ජීවත් වෙන්න විදියක් නැතිව ඉස්කෝලෙ යන කාලේ කෝච්චියේ වඩේ විකුණන්න ගියපු දිළිඳුකම හොඳටම විඳපු අය බවට තමන්ම ප්‍රසිද්ධියේ දිගින් දිගටම මාධ්‍ය වල කියපු විදියට එකපාරටම මේ වගේ ලංකාවේ පොහොසත්ම 10,000 දෙනා අතරට එන්න තරම් කෝටි ප්‍රකෝටි ගණනාවක පුදුමාකාර ක්ෂණික වත්කම් ප්‍රකාශ දැක්කම තමයි බය හිතෙන්නේ, අනෙක TIN අංක අරගෙන තියෙන්නෙත් මෑතක දී ලු. නමට ලියාපදිංචි ව්‍යාපාර මොනවත් නෑ, EPF ETF ගෙවන සේවකයෝ නෑ, මේ වගේ විශ්මයජනක විදියට රටේ වත්කමුත් ක්ෂණිකව වැඩි කරන්න පුළුවන් නම් කොච්චර හොඳද නේද?
Delete