Sunday 1 May 2016

පෝස්ටර් නිහාල් (මගේ මිතුරා, හොඳ මුනියා) - Introducing Nihal Rupasinghe's Facebook posters


මීට වසර දහයකට පමණ පෙර, මගේ මතකයට අනුව වෙසක් පෝය දිනයක දී, සිඩ්නි නගරාසන්නයේ ස්කෝෆීල්ඩ් හි පිහිටි ලංකාරාම විහාර උද්‍යානයේ සැරිසරමින් සිටි මා සමග උපැස් යුවලක් පැළඳි, ප්‍රිය මනාප පෙනුමැති අයෙකු කතා කළේය.

"රසික නේද?"

"ඔව්, ඔයා කවුද?"

"මම නිහාල්, නිහාල් රූපසිංහ!"

ඒ නිහාල් රූපසිංහ නමැති මගේ මිතුරා මට මුණු ගැසුණු ආකාරයයි.

එදා මුල්වරට අප කතා කළ දිනයේ සිට අප අතර මිතු දමක් වැඩුණේ මුලින් ම කවි, කෙටිකතා, ලිපි, දේශපාලන කරුණු හරහා ය. එකල මා සංස්කරණය කළ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් පළ කරණ, සිංහල සඟරාවට නිහාල් රූපසිංහ තම නිර්මාණ දායකත්වය සැපයීය. ඒ කවි රචනා මගිනි.

පසු කලෙක ඔහු කෙටිකතාකරුවෙකු ලෙස ද නිර්මාණ එළි දැක්වීය.

සිඩ්නි නගරයේ සමාජ, සංස්කෘතික වැඩකටයුතුවල පුරෝගාමී මෙහෙයක් නිහාල් රූපසිංහ විසින් පසුවගිය වසර ගණනාවක් තිස්සේ කර ඇත. නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ උප සභාපතිවරයෙකු වශයෙන්ද, අපේ ගමට එන්න නමැති සංස්කෘතික කණ්ඩායමේ නියමුවා ලෙසද, මැයි මල් නම් සිංහල සංස්කෘතික විවිධ ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකයා ලෙසද, සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උත්සවයේ සමාරම්භකයා ලෙසද නිහාල් රූපසිංහ ප්‍රශංසනීය කාර්යක් ඉටු කළ බව මගේ අවංක අදහසයි.

නමුත්, මා මේ සටහන ලියන්නේ ඒ නිසා නොවේ.

අප බොහෝ දෙනෙකු මෙන් දේශපාලනිකව සංවේදී පුද්ගලයෙකු වන නිහාල් රූපසිංහ මෑතක සිට තමන් ගේ වත්පොත් ගිණුම හරහා විවිධාකාරයේ පෝස්ටර් එළිදක්වමින් සිටී.

ඉංග්ලිෂ් භාෂාවෙන් මීම්ස් (memes) යැයි හැඳින්වෙන ප්‍රකාශන මාධ්‍යයට ආසන්නයේ ලා සැලකිය හැකි මේ පෝස්ටර්වල ලංකාවේ ද, ඕස්ටේ‍ර්ලියාවේ ද, අප එදිනෙදා අත් දකින, මුහුණ දෙන විවිධාකාර කරුණු කාරණා පිළිබඳව ඔහු ගේ අදහස් ඇතුළත් වේ.

නිහාල් රූපසිංහ ගේ වත්පොත් පිටුවට පිවිසෙන අයට දැක බලා ගත හැකි මේ පොස්ටර් කිහිපයක් පහත දක්වමි.

පසුගිය මා කිහිපය තිස්සේ නිහාල් රූපසිංහ විසින් කරගෙන යන මේ පෝස්ටර් ව්‍යාපාරය දැක මට සිතුණේ, ඔහු බ්ලොග් ලියන්නට පටන් ගත්තොත් කෙතරම් අගනේ ද යන්නයි.

බ්ලොග් වසන්තයක් ගැන කතා කෙරෙන අද දවසේ, මා මෙන්ම සිනුවර හේමන්තයේ ගත කරන්නෙකු වෙතත්, මේ පෝස්ටර් (සහ ඒවායේ අන්තර්ගත දේශපාලනය) බ්ලොගයක් හරහා බෙදා හැරීමට ද නිහාල් රූපසිංහ කටයුතු කළහොත් අගනේ යැයි සිතමි.

සාමන්‍යයෙන් දිගු ලිපි ලියවෙන අද සිංහල බ්ලොග් ලෝකයට මයික්‍රො බ්ලොගින් ද අවශ්‍ය බව මගේ අදහසයි!

නිහාල් රූපසිංහ, වින්ක්, වින්ක්!

ද බෝල් ඊස් නව් ඉන් යුවර් කෝට් මේට්!!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙහි දක්වා ඇති පෝස්ටර් මෙන්ම, ලිපියේ මුඛ්‍ය ඡායාරූපය උපුටා ගත්තේ නිහාල් රුපසිහං ගේ වත්පොත් ගිනුමෙනි. ඒ ඡායාරූපය මා මිත්‍ර රෝයි ගුණරත්න විසින් ගන්නා ලද්දකි.

අද මැයි මස පළමුවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේ දී, මට නිහාල් රූපසිංහ ගේ පෝස්ටර් පිළිබඳව ලිපිය ලියන්නට සිත්වීමත්, ඒ සඳහා කොල්වින් රෙජිනෝල්ඩ් සිල්වා සටන් පාඨයක් කියන දර්ශනයක් ලෙස මට පෙනී යන ඡායාරූපයක් යොදා ගන්නට ලැබීමටත් පුදුමාකාර සමපාත වීමක් බව කිව හැක.

23 comments:

  1. ආවොත් හොඳයි... බලන් ඉඳිමු ....

    ReplyDelete
  2. නිහාල් රූපසිංහ, වින්ක්, වින්ක්! ද බෝල් ඊස් නව් ඉන් යුවර් කෝට් මේට්!!

    ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ තුන්වන ගාථා රත්නය එහි සරල අදහස සිත, කය , වචනය, යන තුන්දොරින් දුසිරිතෙහි යෙදුන පවිටු මිතුරන් ඇසුරු නොකරන්න, ගුණක්, බණක් නොතකන අධමයන් ඇසුරු නොකරන්න. කියලා හිතුනොත් කෙලියා නේද

    ReplyDelete
    Replies
    1. අප්පමාදෝ අමතපදං, මේට්!

      Delete
    2. මෙවර මගේ පෝස්ටුවත් ඔවැනි දෙයක් ගැනමයි. මාතලන්ගෙ හිත ගත් කෙනෙක් ගැනයි. මයික්‍රෝ කවි හෙවත් හබරල කවි.

      Delete
    3. තවම නෑ පමාදෝ මචං ,එහෙනම්

      Delete
  3. I like his posters - better than long articles in blogs as more people will read them while juggling their busy lives, therefore more effective in the task of "SAMAJAYE WAGA KIREEMA".

    ReplyDelete
  4. අමරබංදු රූ..පසිංහ.. අමරබංදු රූපසිංහ..!! ගැන නම් හිටං දන්නවා..
    නිහාල් රූපසිංහ ගැන ඉදිරියේදි දකින්න ලැබෙයි කියා හිතනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බෝ......අමරබංදු රූපසිංහව දන්නවද?

      Delete
    2. තාලෙට කවිකියල හිටං කියලදීපු ටික තමයි.
      (ඇත්තටම දක්ශ නිවේදකයෙක් කියල අහල තිබුනට එච්චරම තමයි.දැනගන්න කැමතියි.) හෙහ් හෙහ් හෙ

      Delete
    3. ගස්ලබ්ස්.....ඔහු මගේ මිතුරෙක්. (මට වඩා වයසින් වැඩිවුවත් මිතුරෙක්..)ඔහු දැන් මියගිහින්. මම ඉස්සර බ්ලොග් එකක් ලිව්වා. ඒකේ තියෙනවා ඔහු හා සම්බන්ද රසවත් සටහන්.

      Delete
    4. ආං දැක්කද කස්ටිය බණින එක කොච්චර සාධාරණයිද කියලා.. අරූගේ අඩවිය තිබුන නම් කියවලා බලන්න තිබුනනෙ..

      Delete
    5. ගස්ලබ්ස් කියවන්න කැමතිනම් ඒවා, තාම තියෙනවා,

      අමරබන්ධු රූපසිංහට පෙර,,පෙරවදනක්

      අරූලා සහ අමරෙලා

      Delete
    6. ආයිශ්ශම්මා ගුණ්ඩූ....
      දෙඤ්ඤං ජම්බූ....

      Delete
  5. අවුරුදු හතරක් එකම පංතියේ හිටි මගේ පංති සගයෙක්. සමහර විට අරූත් දන්නවා ඇති. ඔහුගේ නිර්මාණශීලිත්වය අති ඉහලයි. එමෙන්ම අතිශයින් නිහතමානී කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ජේ ආර්ගේ ඉස්කෝලේ කොල්ලෝ එහෙම තමයි නේද ඉයන්... :)

      Delete
    2. ඉයන්.....පැහැදිලි නැති එක ඡායවක් වගේ මට නම මතකයි. මහේෂ් පද්මපෙරුම එක්ක ඉස්සර ඔමාන්වල සෙට්වුනාම ඔය නම කියවෙනවා.

      Delete
  6. ෂා මරු පොරක්නේ. බොහොමයක් පෝස්ටර්ස්වල කියනදේ එක පාරින් කාවදිනවා. බ්ලොග්ස් පැත්තට ආවොත් හොඳයිනේ.

    ReplyDelete
  7. මේ නිකං ශේප් ඉන්න අපිව රසික උඩ යවනව වැඩියි. කෙසේ හෝ මා ගැන බ්ලොග් සටහනක් ලිවීම ගැන රසිකොලොජිස්ට ස්තූති වන්ත වෙනවා. බ්ලොග් එකක් ලියන්න බලන්නම් මගේ නමින්.
    බ්ලොග් ලෝකයේත් බොහෝමිතුරන් ඉන්න බව පේනවා. ඉයන් මා ගැන කල කොමෙන්ට් එකටත් අරූටත් හැමදෙනාටමත් තුති.
    ඉයන් නම් රැවටී ඇතිබව පේනවා.
    නිහාල් රූ

    ReplyDelete
  8. ඔහුගේ වත්පොත් පෝස්ටර් ෂෙයාර් වෙනවා දැක තිබෙනවා. නිහාල්ගේ බ්ලොගය කියවන්නට බලා සිටිමි

    ReplyDelete
  9. ජෝතිපාලයි කරුණාරත්න අබේසේකරයි මුල්වරට හමුවුනාම වූයේයැ කියන දෙබස මතක් උනා රසික හමුව අහල.

    ReplyDelete
  10. හොද ෆේස්බුක් පේජස් තියෙනවා ඕවා සදහාම..

    ReplyDelete
  11. නිහාල් ගේ ෆේස්බුක් පේජ් එක මත කියවනවා. ඔය රසික දාපු ඒවා එක්කම. විශිෂ්ටයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.