Tuesday 13 December 2016

රණවිරු බයි ආතල් නැවත වරක් කුඩු වෙයි! - People's Patriotic Army


රණවිරු යන සක්ක පදය ඒ දිනවල වාත්තු කර ගෙන නොතිබුණ ද, අසූවේ දශකයේ අග භාගය වෙන විට දේශයේ මුර දේවතා එළි ගැන ලොකු ප්‍රසාදයක් රටේ දකුණේ ඇති වී තිබුණි. විශේෂයෙන් ම, පොලීසියේ විශේෂ කාර්ය හමුදාවේ නොහොත් එස්ටීඑෆ්ෆෙකේ නැගනෙහිර වික්‍රමයන් ගැන විවිධ යාං හෑලි අපට අසන්නට ලැබුණි.

ඒ ආතල් කුඩු වෙන්නට පටන් ගත්තේ දේශප්‍රේමී බැටළු හමෙන් සැරසුණු ජාතිවාදී ජවිපෙ, සිංහල හරක් ගාලට කඩා වැදුණු 1987 දී, ඒ තත්වය මැඩලන්නට රජය විසින් හමුදාව යොදා ගත් විට ය.

දේශයේ මුර දේවතා එළිවලින් දකුණේ දී නිවී ගියේ ජවිපෙ මැටි පහන් පමණක් නොවේ. අහිංසකයින් දහස් ගණනක් ද නිරපරා දේ රටට අහිමි විය. උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී නිකරුණේ පැහැර ගෙන යනු ලැබූ තම බාල සොයුරා ගේ එක් පාදයක් ටයර් සෑයක දැවෙමින් තිබෙනු දැකීමේ වේදනාවෙන් පෙළෙමින් සිටි මගේ හිතවතෙකු ගේ මුවින් පිටවුණු වදන් පෙළ මට අද ද එදා මෙන් මතකය.

මචං, එදා මුං මඩකලපුවේ දෙමළුන්ට වැඩේ දෙනකොට අපි මෙහේ හුරේ දැම්මා. අපේ උං අපිටම මෙහෙම කරනවා නම්, දෙමළුන්ට කොහොම අමානුෂික විදියට සලකන්න ඇති ද කියලා දැන් තමයි තේරෙන්නේ!

ඒ එකල එනමින් නොහැඳින්වුණේ වුව ද, රණවිරු බයි ආතල් කුඩු වුණු මුල් යුගයේ අවස්ථාවකි.

ජවිපෙ ජාතිවාදය ගත් අවියෙන් ම නැසී ගිය පසු අතීතය අමතක කළ අපි නැවත ක්‍රමයෙන් රණවිරු ආතල් ලැබීම ඇරඹුවෙමු. එහි හිරිකිත ම යුගය වූයේ මානෙල් මල් සමය යි.

ආතල් වැඩි වීමේ වේගය හෙවත් ත්වරණය ද එන්න එන්න ම වැඩි වුණු අතර, 2009 වසරේ මැද භාගයෙන් පසු එය එක්ස්පොනෙන්ෂල් ශ්‍රිතයක හැඩය ගත්තේ ය. පාලකයින් ද එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා අයුරු පෙනී ගියේ ය.

ඒ රණවිරු පූජාව වැරදි ලෙස අර්ථ දක්වා ගත් සරත් ෆොන්සේකා, පැවති රෙජීමයට අහියෝග කිරීමත් සමගම රණවිරු ආතලයට කෙළ වීම ඇරඹුණි. ෆොන්සේකා ඇතුළු සමහර රණවිරුවන් දඟගෙට ගාල් කෙරුණේ කංකෙටිවලින් බිම දිගේ ඇද ගෙන ගොස් ය.

රණවිරුවන් අතර සමහර රණවිරුවන් පහත් බවත්, සමහර රණවිරුවන් උසස් බවත් පාලකයෝ අපට පෙන්වා දුන් හ. එනිසා රණවිරු ආතල් තව දුරටත් වැඩි ආපදාවකින් තොරව පැවතුණි.

එකල සිංහල බ්ලොග් ලෝකයේ පෙරළිකාර පෙර ගමන්කරුවෙකු වූ ටැබූ නම් බ්ලොග්කරුවා දැන් සොල්දාදුවා කරෙන් බිම තබන්නට කාලයයි වැනි මාතෘකාවකින් සටහනක් තැබුවේ ය.

එතැන් සිට සිදුවුණු රණවිරු ආතල් කුඩු වීම් මෙසේ ය.
  • එළවළු වෙළදාම
  • මාර්ගස්ථ කුණු අස් කිරීමේ සේවා
  • නිදහස් වෙළඳ කලාපයේ උද්ඝෝෂණයට පහර දී රොෂේන් ශානක රත්නසේකරව මරා දැමීම
  • හලාවත ධීවර උද්ඝෝෂණයට පහර දී ඇන්තනි ප්‍රනාන්දුව මරා දැමීම
  • රතුපස්වල ජනතා උද්ඝෝෂණයට පහර දී නිලන්ත පුෂ්පකුමාර, අකිල දිනේෂ් ජයවර්ධන සහ රවිශාන් පෙරේරා මරා දැමීම
  • ආබාධිත විශ්‍රාමික සොල්දාදුවන් ගේ උද්ඝෝෂණයට පහර දීම
ඒ දීර්ඝ ලයිස්තුවට එක්වෙන අලුත්ම ආතල් කුඩු වීම නම් පසුගිය දා මාගම්පුර වරායේ දී පැවැත්වුණු කම්කරු උද්ඝෝෂණයට කල නාවික හමුදා පහර දීමයි!

පාලිතයා කවුද, පාලකයා කවුද, රාජපුරුෂයා ඉන්නේ කොයි පැත්තේ ද යන්න මතු දිනෙක අපට වැටහෙනු ඇත.

බාලගිරි අද නොවෙයි හෙට?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පින්තූරයේ කතාව ද වැදගත් ය.

(image: https://en.wikipedia.org/wiki/Tank_Man)

38 comments:

  1. මිනිසුන්ගේ සිත් තුල ඇති වනචාරි හැගීම් නිළ ඇදුම් ඇග ලා ගත් පමණින් ඉවත් වන්නේ නැත. ඒවා පපු කුහරයෙන් එලියට ඇද නිළ ඇදුමේ තරු අතර රදන්නට දේශපාලකයන්ට අපුරු හැකියාවක් ඇත. ධනයට, බලයට ඇති කෑදරකම මිනිසුන් නොමිනිසුන් කරවයි.

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා මෙතැන දි වෙන්නේ නිල ඇඳුම නිසා අනවශ්‍ය බලයක් සිතට ගෙන සාමාන්‍ය ජනතාවට ඒ බලය පෙන්වන්නට යෑමකි!

      Delete
    2. hello why cant any one talk about the millions of money and invaluable reputation loss happened to the country cz of these idiotic workers who were politically motivated. can u imagine how outsiders will feel about this country if port staff act as pirates. can you image the fear that would have gone thru the minds of those staff, is not that reputation and monetary loss is bigger to the country when compared with the loss to those staff, its not that they are gonna loose jobs and die the next day, those are not young kids those are men who had done various jobs in their lives and they have given up on their earlier jobs to join the port, if they cant work in the port the same way they found the port find some thing else, dont those illeterate fools read the contract to understand that they are mere contract staff. these petty issues take away the attention from the main issue, while selling the port to china in the other hand is something that is highly questionable given the fact that this government is fool of corruption similar to the previous regime . but who talks about the losses these fiasco made to the common man cz ultimately any loss to the country it has to be suffered by all of us,

      Delete
  2. වැදගත්ම ප්‍රශ්නය; ගහන්න පොලීසිය ඉද්දී හමුදාවෙන් ගැහුවේ ඇයි කියා, නැතිනම් බටයෝ ඉන්දැද්දී ලොක්කම ගැහුවේ ඇයි කියා, නැතිනම් බඩට/පපුවට ගහලා තල්ලු නොකර බෙල්ලෙන් අල්ලා තල්ලු කලේ ඇයි කියා.

    ReplyDelete
    Replies
    1. අමතක වුනා, ගහන්න ගෙජ්ජි එල්ලූ යුනිෆෝම් ඇදන් නාවේ මන්ද කියා, ආන්න ඒ කාරනාවනම් සෑහෙන්න වැදගත්, එහෙම ආවානම් රටට සෑහෙන විදේශ විනිමයක් උපයාගන්න තිබ්බා.

      Delete
    2. මෙය ගැසිය යුතු පුද්ගලයා හඳුණා ගෙන කළ පහර දීමක් බව නාවිකහමුදා ලොක්කා ගේ ප්‍රකාශයෙන් හෙළි වේ.

      "මෙහිදී මාධ්‍යවේදියකුට පහරදීමක්‌ කළා දැයි නාවික හමුදාපතිවරයාගෙන් "දිවයින" කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.

      http://www.divaina.com/2016/12/12/news02.html
      මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා."

      Delete
    3. /* ...... ගෙජ්ජි එල්ලූ යුනිෆෝම්........... */

      ගෙජ්ජි හෙල්ලෙන ඝාන්ටාර මාක් සරම් ගැන නම් දනිමි. ගෙජ්ජි යුනිෆෝම් අඳින්නේ කව් බෝයිස්ලා ද?

      Delete
    4. මගෙ ගෙජ්ජි සරම සිංදුව අහලා නැද් ද? සරම දැකලා නැද්ද?

      Delete
    5. "ගෙජ්ජි සරම මගේ" සින්දුව මට මතකයි. අනූවේ දශකයේ කණ්ඩායම් ගීයක්.

      Delete
  3. එම්.ආර්13 December 2016 at 18:40

    ඇතිවත් බැරි නැතිවත් බැරි රෑකඩ රාජ්ජේ රණවිරැවා
    එම්.ආර් (MR බ්ලොග් ලොවට ලගදීම.......)

    ReplyDelete
    Replies
    1. MR = mentally retarded

      මට පෙනෙන්නේ තමුසේ MR කෙනෙක්. රූකඩ කියන වචනේ රෑකඩ යනුවන් ලීවේ ඒ නිසා නෙවද

      Delete
    2. @ එම්.ආර්

      ඔබෙ ඉදිරි බ්ලොග් ආගමනය ගැන ඇසීම සතුටකි. ඇරඹූ වහාම දන්නවන්න!

      Delete
    3. MR = Moda Rajek

      Delete
  4. මම හිතුවේ එයා එතනට නේවි කියලා : ඒ වුනාට මම ආමි කියාගෙන මැද්දට පැන්නේ. අපි දැන් බොරුව හඳුනගෙන තියෙන්නේ ඇත්ත කියලා. නරක හඳුනගෙන තියෙන්නේ හොඳ කියලා. යුනිෆෝම්, යුධ නැව්, ඉස්කෝල, හමුදා, තග, චන්ඩිත්වය ඔක්කොම පැටලිලා. දිනපතා පස්සට යන ගතියක් තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නා.හ. පති කිව්වාට මෙයා නාහට නාහන පතියෙකු වගේ!

      අරූ කිවා වගේ විවිධ පක්‍ෂග්‍රාහී කතා පැහැදිළිව පෙන්න තිබුණා, කොටින් ම මං දාපු කමෙන්ටුවක් දැක එකෙක් මට බැණලා තිබුණා මං රාජපක්‍ෂවාදී බයියෙකු කියා!

      Delete
  5. තට්ට කන්නාඩි පොළඟාට දැන් කොමෙන්ට් වැටෙන්නෙම නෑ. අනේ පව්.

    ReplyDelete
    Replies
    1. මුළු ලොවම නැති වුණත් එකම කොමෙන්ටුවක්
      ඇත මගේ නාමයෙන්
      ඇත මගේ නාමයෙන්!

      ඒ ඔබගෙනි, ස්තුතියි ඇනෝනිමසය!

      Delete
  6. මෙහෙමයි, ඕනම කෙනෙකුට හිමි තැනක් තියනවනෙ. අවශ්‍යතාවය අනුව ඉල්ලුම වැඩි වෙද්දි 'තැන' උඩයනව. එපා වෙද්දි යට යනව.
    කැරලි දෙකතුනට පෙර සොල්දාදුවා, නැත්තං හමුදාකාරය‍ා.
    අපට ගහද්දි මිනීමරුවො.
    අපි අකමැති කොටින්ට ගහද්දි රණ විරුවො.
    හරි, දැං කැරලි ඉවරයි. උතුරෙ සීන් එක නිසා රණවිරුව වෙච්ච හමුදාකාරයා ආයෙත් හමුදාකාරයා බවට පත්වෙන්නෙ කොහොමද? අන්න ඒකට තමයි දැං ‍සිදුවන දේවල් වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අස්ථායී සමතුලිතතාවයෙන් ස්ථායී සමතුලිතතාවය කරා....!!!

      ටැබූ නම් බ්ලොග්කරුවා දැන් සොල්දාදුවා කරෙන් බිම තබන්නට කාලයයි වැනි මාතෘකාවකින් සටහනක් තැබුවේ 2010 මැද භාගයේ දී පමණ යැයි සිතමි.

      Delete
    2. අස්ථායී සමතුලිතතාවයෙන් ස්ථායී සමතුලිතතාවය කරා....!!!

      අන්න හරි!

      Delete
  7. කාට උනත් පහර දෙන්න කාටද අයිතියක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මට හිතා ගත් හැකි අවස්ථා එකක් ඇත!

      සිංගප්පුරුව වැනි රටවල උසාවියෙන් වේවැල් පහර දීමේ දඬුවම නියම වූ විට ඒ දඬුවම ක්‍රියාත්මක කරන වධකයාට වැරදිකරරුට වේවැල් පහර දීමට අයිතියක් ඇත!

      කස පහර දීමට උසාවි තීන්දු දෙන රටවල් ද තිබිය හැක. ගල් පහර ද නියම කරන රටවල් ඇත.

      (කෙසේ වෙතත්, ඒ සියළු දඬුවම් තුච්ඡ තිරිසන් දඬුවම් වේ!)

      Delete
    2. @ Pra Jay

      බොක්සිංවල දී දෙන්නා ම සමානයෝ...!!!

      එදා මාධ්‍යවේදියා නේවිකාරයාට අතක් ඉස්සුවා නම් මොනවායින් මොනවා වෙන්න තිබුණා ද?

      Delete
  8. කැන්බරා නුවර ලාංකික බෞද්ධ විහාරයේ 1999 දී විතර මියගිය රණවිරුවන්ට පින් පමුණුවන්න තිබුණු පිං කමකදී මා මිතුරු දායකයෙක් සහ හාන්දුරුවන් අතර ඇති වුනු සංවාදය.

    මිතුරා : හාන්දුරුවනේ , මේ පිංකම ලංකාවේ මේ යුද්ධයෙන් මැරුණු සියලු දෙනා වෙනුවෙන් කළා නම් වඩා හොඳයි නේද ?

    හාන්දුරුවන් : නැහැ මහත්තයෝ මේක අපේ රට ජාතිය වෙනුවෙන් දිවි දෙන විරුවන්ට විතරයි.

    මිතුරා : ඒ කියන්නේ අනික් අයගේ ජීවිත වටින්නේ නැහැ කියලද හාන්දුරුවනේ ?

    හාන්දුරුවන් : එහෙම නෙවේ මහත්තයෝ , මේ යුද්ධය වෙනුවෙන් ජීවිත පරිතාග්‍ය කරන්න ඒ උදවිය නේ ?

    මිතුරා : බුදු හාමුදුරුවෝ කොතැනක වත් යුද්ධය හොඳ දෙයක් කියලා නැහැ නේද ?

    හාන්දුරුවන් : එක නම් එහෙම තමයි මහත්තයෝ ...

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන් වැඩ කරන සර්විස් සෙන්ටර් එකේ මොටෝ එක "කස්ටමර් ඊස් ඕල්වේස් කරෙක්ට්" වගේ!

      Delete
  9. සොල්දාදුවන් පුහුණු කරන්නේ අනුකම්පා විරහිත ලෙස මිනිසුන් මර දැමීමට බව අමුතුවෙන් කිව යුතු නැත .එය ඉතා කැමැත්තෙන් සහ වැඩි උනන්දුවෙන් කරන සොල්දාදුවන්ද සිටිති.කනගාටුවට කරුණ නම් තමන්ගේ අය 60000ක් මර දැම්මේ ත්‍රිවිධ හමුදාව නොව රනිල්/ප්‍රේමදාස යැයි ජවිපෙ ප්‍රකාශ කිරීමයි.
    sudukukula.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඉතින් බූරුවෝ ලෝකයේ කොයි රටෙත් සොල්දාදුවෝ පුහුණු කරන්නේ කිරි දොවන්න නෙවෙයිනේ.

      Delete
    2. Premalal,

      ජවිපෙ පුකත්වය හෙළි වූයේ මානෙල් මල් කේස් එකේ දී ය!

      Delete
  10. සමහර තැන් සමග එකග නැහ

    ReplyDelete
    Replies
    1. මොනවගේ තැන් ද ඒ?

      මොනවා වුනත් අවුලක් නැත!

      Delete
  11. සිරා,

    මේක ඔබ වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ.
    මෙතන මාධ්‍ය කොලුවයි හමුදාපතියි දෙන්නම බොහොම හොඳට අඳුනන දෙන්නෙක්. නැත්තම් කොහොමද 'අහවලාගේ' පුතා කියල ඒ කොලුවට කතා කරන්නේ. සිරාම කල්පනා කොරල බලන්ඩකෝ සිරාට අහවලාගේ පුතා කියල කතාකරන්නේ කොච්චර ලඟින් ඔබව දන්නා අයද කියල.
    ඊට පස්සේ ඒ කොල්ලා එතනින් යන්නේ නැති නිසා ඌව එතනින් අයින් කරන්ඩ හදනවා මොකද ඔය කලබලේ අස්සේ එකාගේ ඔලුවට හරි ඇඟට හරි ගල් පාරක් හෙම වැදිලා තුවාල උනොත්, දන්නා කෙනෙක්ගේ පුතානේ, පරිස්සං කරන්ඩ හදන්නේ. නැතුව මෙතන වෙච්ච ගුටි කෙලියක් නෑ

    ReplyDelete
  12. හමුදා පුද්ගලයින්ට රණවිරු ලේබල් ගහපු අය ඒවා එහෙමම තියනවද ආපහු ගලවනවද කියල තීරණය කරපුදෙන්.. ඒවා එදත් අදත් හෙටත් හමුදාවට අදාල නැත.. නමුත් හමුදාවට අයිති රාජකාරිය කිරීමට හෝ නොකිරීමට බලපෑම් කිරීම ඒ ලේබල් බලකායන්ට හැකියාවක් නැත.. දැන් මරණ බයක් නැති නිසා බූරුවා ගොනා තක්කඩියා කැප්ටන් හැඩොක් වැනි ලේබල් අලවන උන්දලාම ආයේ තමන්ට මර බයක් දැනුනු දවසක රණවිරු හෝ ඊටත් වැඩි නම්බු නාම වලින් ලේබල් කරනු ඇත
    හමුදාවට එදාට ඒකත් අදාල නැත. :)

    ReplyDelete
    Replies
    1. චීනයේ හමුදාවේ නම "පීපල්ස් ආමි" ය.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.