මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Monday, 19 December 2016
කෙමිස්ට්‍රි ටීචර්ලා Chemistry is still a mystery
ඉංග්ලිෂ් වචනයේ සැබෑ තේරුම කුමක් වුව ද, ලංකාවේ දී අප චීටර් යනුවෙන් අදහස් කෙරෙන්නේ කාන්තා ගුරුවරුන් ය.
උස අඩු අයට කම්කරු රැකියා ද, උස වැඩි අයට සෙකියුරිටි රැකියා ද ලැබෙද්දී, කුමක් හෝ එකක් ලොකු හෝ පොඩි නිසා "ටීචිං" සඳහා වරම් ලබා, "ටීචිං" ගොස්, "ටීචිං" කරන පිරිමි ගුරුවරයෙකුට "ටීචර්" කියා ඇමතීම කිසිසේත් ම නොකළ යුතු බව එදා සිට ම අපි දැන සිටියෙමු. ඒ වැදගත් කාරණය හිටපු ගුරුවරයෙකු වූ W3Lanka හි අජිත් පැරකුම් ජයසිංහ ද පසුගිය දිනෙක පවසා තිබුණි.
ටීචිං කරන බොහෝ දෙනා කාන්තාවන් බව මගේ අත්දැකීමයි. වසර දහතුනක පාසල් කාලයේ දී අපට පිරිමි ටීචර්ලා සිටියේ ඉතා ම සුළු ප්‍රමාණයකි. ඒ අය අතරින්, මට කොස්සින්න ශ්‍රී සීලානන්ද ප්‍රාථමික පාසලේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වූ ගුරුවරුන් දෙදෙනෙකු ගැන පෙර දිනයක පළ කළ ලිපියක සඳහන් කළෙමි.
පසුගිය දිනවල, රසායන විද්‍යාව හෙවත් කෙමිස්ට්‍රි ගුරුවරුන් පිළිබඳව පළ වූ, රුවන් ජයතුංග ගේ ලිපිය ද, මෞර්ය රාජ් ගේ ලිපිය ද මා රසායන විද්‍යාව ඉගෙනගත් කාලය තුළ අපට ඒ විෂයය ඉගැන්වූ ගුරුවරුන් පිළිබඳව මතකය ඇවිස්සුණි.
මේ සටහන ඒ මතකය වමාරා කෑමකි.
හයේ පන්තියේ සිට අපේ විෂයය මාලාවට අයත් වූ විද්‍යාව විෂය සඳහා රසායන විද්‍යා සරල මූලධර්ම සමහරක් මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ඉගෙන ගන්නට ඇත. රසායන විද්‍යාවට අමතරව භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව මෙන්ම සත්ව විද්‍යාවේ ද සංකලනයක් වූ ඒ විද්‍යාව විෂය මා ප්‍රිය කළ එකක් නොවුණු අතර ජාතික පොදු සහතික පත්‍ර විභාගයේ දී මට ඒ සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් නොලැබුණි.
මට පළමුවරට රසායන විද්‍යාව වෙනම ම විෂයයක් ලෙස ඉගෙන ගන්නට ඉඩ ලැබුණේ සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය පසුවයි.
ආනන්ද විද්‍යාලයේ දී අපේ මුල්ම රසායන විද්‍යා ගුරුවරයා වූයේ තිරිමුතුගොඩ වැනි නමක් තිබූ අයෙකි. ඔහු ඉගැන්වූ මෙලෝ හසරක් මගේ මතකයේ නැත. මා මෙන්ම, අපේ පන්තියේ සහෝදර සිසුන් ගේ ද හොඳම විනෝදාංශය වූයේ රසායන විද්‍යාව පාඩම අසා සිටිනවාට වඩා ගුරුවරයා විනාඩියකට ඈනුම් කීයක් යවනවාද කියා ගණං කිරීමයි. (මේ පිළිබඳව විස්තරයක් මගේ සිව් වසරක් මරදානේ පොතේ සඳහන් ය).
දහසක් බලාපොරොත්තු සහිතව, ගාල්ලේ සිට කුලියාපිටිය දක්වාද, කොල්ලුපිටියේ සිට බදුල්ල දක්වා ද විවිධ පාසල් හැර දමා වැඩිදුර අධ්‍යාපනය සඳහා ආනන්ද විද්‍යාලයට පැමිණි සිටි අපේ 10-9 පන්තියේ හතළිස් දෙනෙකු පමණ වූ සිසුන් පිරිස ඒ අත්දැකීමෙන් අපමණ කලකිරීමකට පත්වූ බව කිව හැක.
තිරිමුතුගොඩගෙන් අප ගැළවීමෙන් පසු ඊළඟට අපට රසායන විද්‍යාව ඉගැන්වූයේ ගුරුවරියකි. ඇගේ නිවැරදි නම මට අද අමතක වී ඇත්තේ අප එදා ඇය හැඳින්වූයේ "දෝන කැතරිනා" යන සුරතල් නමින් වීම නිසා ය.
දෝන කතරිනාගෙන් පසු එළැඹියේ වෛද්‍යනාථ යුගයයි. එදා, ගණිත අංශය නොහොත් ඉංජිනියරිං බ්ලොක් එක ලෙස හැඳින්වූ බොරැල්ල අන්තයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි 11M4 පන්තියේ දී අප කාබනික රසායනයේ මූලධර්ම උගත්තේ ඇයගෙන් බව මගේ මතකයයි.
දොළොස් වෙනි ශ්‍රේණියට අප තල්ලුවීමත් සමගම, මා සිටි 11M4 පන්තිය ද, 11M1 පන්තිය ද එකට එකතු කර, පස් මහල් විද්‍යා ගොඩනැගිල්ලේ පහළම මාලයේ පිහිටි විශ්වවිද්‍යාලයක දේශනාගාරයක් වැනි ශාලාවට අපව ගාල් කරන ලදී. එහිදී, අපේ සංයුක්ත පන්තිය භාර වූයේ සහ අපේ රසායන විද්‍යා ගුරුවරිය වූයේ (ලියනගේ) නම් තරුණ ගුරුවරියයි. ඇය උසස් පෙළ සිසුන් අතර ජනප්‍රිය වී තිබුණේ "ඇන්ටිමනී" නමිනි.
තවමත් රසානය විද්‍යාවේ දී අප උගත් ආවර්තිතා වගුව මතකයේ ඇති අය දන්නා පරිදි "ඇන්ටිමනී" යනු මූලද්‍රවයකි. නලින්ගෙයි, පද්මිගෙයි ආස්සරේ ඇන්ටි බින්දා යන මතක තබා ගැනීමේ වැකියෙන් කියවෙන පරිදි ඇන්ටිමනී නම් මූලද්‍රවය ආවර්තිතා වගුවේ පිහිටා ඇත්තේ නයිට්‍රජන් වායුව පිහිටි තීරුවේ ඊළඟට එන පොටෑසියම් සහ ආසනික්වලට පහළිනි. බිස්මත් නම් මූලද්‍රව්‍යයට ඉහළිනි!
පෙර කී පස්මහල් විද්‍යා ගොඩනැගිල්ලට ගොස් ඇති අය දන්නා පරිදි එහි පහත මාලයේ අපේ පන්තිය රැස්වූ දේශනාගාරයේ එක් බිත්තියක අති විශාල ප්‍රමාණයේ ආවර්තිතා වගුවක් ඇඳ තිබුණි. එහි ඇන්ටිමනී (Sb) මූලද්‍රව්‍යය පිහිටි ස්ථානය හුණු කූරකින් විශේෂයෙන් ලකුණු කර තිබුණු බව ද මගේ මතකයේ ඇත.
මගේ පියා ගුරුවරයෙකු වූ කාලයේ මෙන් නොව, අපේ කාලයේ, ගුරුවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වුව ද, ටියුෂන් ව්‍යාපාර පවත්වාගෙන ගියේ ගුරුවරුන් පමණක් බව මගේ මතකකයි.
රසායන විද්‍යාව සඳහා මා ටියුෂන් ගියේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ගේ වැල්ලවත්තේ පන්තියටයි. ආනන්දයේ මගේ මිතුරන් වූ සරෝජ "කස්ටම්" චන්ද්‍රසේන සහ අනුර "ආරෝග්‍යා" ද සිල්වා සමග රෙජියා ගේ පන්ති ගිය කාලය පාසල් සමයේ නොමැකෙන මතකයකි.
රෙජිනෝල්ඩ් සෙනෙවිරත්නට අමතරව කොළඹ නගරයේ රසායන විද්‍යා ටියුෂන් ව්‍යාපාරයේ නිරත වූවෝ ද, රන්ජන් ද සිල්වා, දෙව්රුවන් අල්විස් වැනි පිරිමියෝ ම වූහ.
ගම්පහ නගරය ගැන පවසනවා නම්, එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සේවය කළ ප්‍රේමදාස නම් ගුරුවරයෙකු ගේ කෙමිස්ට්‍රි ටියුෂන් කඩයක් තිබුණු බවත්, දැන් ගම්පහ නගරයේ ව්‍යාපාරිකකෙුවන මා මිත්‍ර සරත් "සෙත්මා" ජයසූරිය ද, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ගම්පහ ප්‍රදේශයේ රසායන විද්‍යාව ඉගැන්වූ බවත් මගේ මතකයේ ඇත.
රුවන් ජයතුංග ගේ ලිපියේ වර්ණනා කෙරුණු "වල්ලිපුරම් ටීචර්" වැනි ගුරුවරියන් ටියුෂන් කරන්නට ඇත්තේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්නලා සේ මහා පරිමාණයෙන් නොව කුඩා කණ්ඩායමක් සඳහා විය යුතුය.
දෝන කතරිනා, වෛද්‍යනාථ සහ ඇන්ටිමනී ටීචර්ලා පමණක් නොව ටියුෂන් ව්‍යාපාරික රෙජියා ද කොපමණ හොඳින් ඉගැන්වූවා වුව ද, රසායන විද්‍යාව නම් මට දිරවා ගත හැකි වූ විෂයයක් නොවේ. උසස් පෙළ විභාගයේ දී රසායන විද්‍යාව සඳහා මට ලැබුණේ සම්මාන සාමාර්ථයක් පමණි. මගේ ගණනය කිරීම් අනුව මට ලැබෙන්නට ඇත්තේ ලකුණු සීයෙන් 61 ක් පමණ සංඛ්‍යාවකි!
-රසිකොලොජිස්ට්
(image: http://www.okclipart.com/teacher-and-class-clipart90ssuilygs/)
Labels:
අතීතකාමය,
මගේ ළමා දිවිය
Subscribe to:
Post Comments (Atom)
හරිම අනුවේදනීය කතා පුවතක්.
ReplyDeleteරසායන විද්‍යාවට ලකුණු අඩුවීම ගැන මට නම් එතරම් දුකක් නැත. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සළකා බැලුවේ සමස්ත ලකුණු මට්ටමයි!
Deleteමෙන්න දුක හිතෙන කතාවක්-
http://rasikalogy.blogspot.com/2016/12/my-first-traffic-offence.html
ඇත්තම තමයි. හරිම අනුවේදනීය බ්ලොග් සටහනක්. මේ සටහන කියවලා මට ඇඬුනා. තාම ඇස් දෙකන් කඳුළු ගලනවා. හැබෑටම රසික කොහොමද මෙහෙම ලියන්නෙ?
ReplyDeleteමගේ දුකට මම නාඬමි, නුඹ කුමකට අඬන්නෙදෝ
Deleteවැරදිලාවත් මේ පහත සටහන් එකක්වත් කියවන්න එපා, ළය පැලී මැරෙයි!
1. බැක් ටු නොකියා - What's so funny, mate?
2. මගේ ජංගම දුරකථන ඉතිහාසය - Chapter zero
3. ජංගමේට කලින් ලෝකයේ විසිතුරු - No phone, no worries
4. එරික්සන් සිට සැම්සුන් දක්වා කථාවේ ඇරඹුම (පුද්ගලිකයි නමුත් රහසිගත නැත)! - Ericson to Samsung
5. නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading
6. රතඹලා, දං සහ බ්ලැක්බෙරි - Sour grapes
7. පිට රට සිට ලංකාවට කෝල් කිරීම - Mr. Watson, come here
8. සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා! - Oh, what a feeling
9. මන්දාකිණි සැපේ ආරම්භය! - Kyklos Galaktikos
10. තුන්වෙනි ගැලක්සිය - Galaxy S3
11. පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? - No escape form trivial information
12. අලුත් සැම්සුන් ගැලක්සි -7 ජංගම දුරකථනය සඳහා අලුත් රෙදි සෝදන මැෂිමක්? - Buy one, get another one?
රසික ඔයා ඔය බ්ලොග් පෝස්ට් එක ලියන්න මහන්සි වෙන්නෙ නැතුව ඔය කෙමිස්ට්‍රි ටීචර්ලාගෙ නම් ලැයිස්තුව එක, දෙක, තුන, හතර... කියලා පොයින්ට් ෆෝර්ම් එකෙන් ලියල දැම්මා නම් ඔයාගෙත් කාලය ඉතුරුයි, අපෙත් කාලය ඉතුරුයි නේද?
ReplyDeleteමමත් තවම අඬනවා. කී බෝඩ් එකට කඳුළුයි හොටුයි වැටුණා ලබන සැරේ බ්ලොග් සම්මාන වලට මේ ලිපිය නිර්දේශ වෙන්නම ඕනේ.
Delete@ Anonymous 19 December 2016 at 13:34
Deleteඉස්සෙල්ලා මෙන්න මගේ ප්‍රාථමික පාසල් කාලේ ටීචර්ලාගේ නම් ලයිස්තුව -
https://rasikalogy.blogspot.com/2016/10/primary-memories.html
@ Anonymous 19 December 2016 at 13:54
Deleteඅඬන්න ආසයි නේද? ඒකනේ නිතර ඇවිත් කමෙන්ට්ස් දාන්නේ!
අද මේ ලිපිය හරීඊඊඊඊඊඊඊඊම රසවත්.
ReplyDeleteහරියට කැල්සියම් කාබනේට් වගේ.
එහෙනම් ලෙඩේ හොඳ වෙයි!
Delete//නලින්ගෙයි, පද්මිගෙයි ආස්සරේ ඇන්ටි බින්දා යන මතක තබා ගැනීමේ වැකියෙන් කියවෙන පරිදි ඇන්ටිමනී නම් මූලද්‍රවය ආවර්තිතා වගුවේ පිහිටා ඇත්තේ නයිට්‍රජන් වායුව පිහිටි තීරුවේ ඊළඟට එන පොටෑසියම් සහ ආසනික්වලට පහළිනි. බිස්මත් නම් මූලද්‍රව්‍යයට ඉහළිනි!//
ReplyDeleteවැකි කියවා ආවර්තිතා වගුව මතක තබාගැනීමේ ක්‍රමයේ ප්‍රධානම දුර්වලතාවයට ඔබ හොද උදාහරණයක් සපයා තිබේ.
පොටෑසියම් (K – Kalium) තිබෙන්නේ පළමුවැනි කාණ්ඩයේයි. ඔබ කියනා 15 හෝ v A කාණ්ඩයේ තිබෙන්නේ පොස්පරස් මිස පොටෑසියම් නොවේ.
මගේ රසායන විද්‍යාව ගැන එදා තත්වය මං ලියලා තියෙනවානේ, ඉතිං දැන් අපේ දරුවනුත් උසස් පෙළ කරන කාලේ මතකය ගැන කවර කතා ද?
Delete/* ........ රසායන විද්‍යාව නම් මට දිරවා ගත හැකි වූ විෂයයක් නොවේ. උසස් පෙළ විභාගයේ දී රසායන විද්‍යාව සඳහා මට ලැබුණේ සම්මාන සාමාර්ථයක් පමණි. මගේ ගණනය කිරීම් අනුව මට ලැබෙන්නට ඇත්තේ ලකුණු සීයෙන් 61 ක් පමණ සංඛ්‍යාවකි! */
ඒක ඇත්ත. ඔබට වැඩිය භාවිතයේ නැති දෙයක් එහෙම අමතක වෙන එක බොහොම ස්වභාවිකයි.
Deleteමම ඔය වැකි කවි ගැන පැටලිල්ල උදාහරණයට ගත්තේ වැකිය මතක තිබුනත් සිදුවිය හැකි බොහොම සුලභ පැටලීම් ගැන උදාහරණයක් විදියට.
මීට සම්බන්ධ අයට දෙන්න මට ඕනේ පණිවිඩේ, ඔය වැඩේදී වැකි මත පමණක් යැපෙන එක එතරම් හොද නැති බව. වගුව පිලිබඳ රූපමය මතකයක් තබා ගැනීම තමයි මම හිතන විදියට සාර්ථකම ක්‍රමය.
මට අගුලු වැටී තිබුන දොරටු බොහොමයක් ම මා වෙනුවෙන් විවෘත්ත කර දුන් මගේ ජීවන සගයා තමයි රසායන විද්‍යාව. මුලික රසායනික ප්‍රතිකාරක ද්‍රව්‍ය ටිකක් වත් එහෙ මෙහෙ කරලා බලන්න ළගපාතක ඇත්තේ නැතුව ජීවත් වීම මට නම් හරිම අපහසුයි.
රසායන විද්‍යාව මගේ ප්‍රියතම විෂයක් වීමට මූලිකම හේතුවක් වූයේ එවක උසස් පෙළ රසායන විද්‍යා ගුරුතුමිය වූ ලීලා මහත්මිය නිසා. වයෝවෘද්ධ පළපුරුදු ගුරුවරියක වූ ඇය විවිධ රෝගවලින් පීඩා විදිමින්ම කැපවීමෙන් සිය උගැන්වීම් කටයුතු කළ බව අදටත් මතකය. අප විභාගයට ඉදිරිපත් වූ වසරේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ඊට පෙර ආකෘතියෙන් රැඩිකලි වෙනස් වූවත් (ප්‍රශ්න පත්‍ර සාදන ප්‍රධාන මහාචාර්යවරයා එම වසරේදි වෙනස් වීම නිසා) බී සාමාර්ථයක් හෝ ලබා ගැනීම සඳහා ඇගේ උගැන්වීමද බලපෑ බව සඳහන් කළ යුතුයි .
ReplyDelete/* රසායන විද්‍යාව මගේ ප්‍රියතම විෂයක් */
Deleteඅදහන්න වටිනවා!
රසායන විද්‍යාව උසස් පෙළ කරන සමයේ මගේ ප්‍රියතම විෂය! හැබැයි ඊට පස්සේ සම්බන්ධ උනේ ඊට ඉතා දුරින් සම්බන්ධයක් තියෙන කොම්පීතර පැත්තට!
ReplyDeleteමගේ නම් අප්‍ර්‍රිතම විෂයය! ෆේල් නොවී බේරුණා වාසනාවකට වගේ!
Deleteරෙජිනෝල්ඩ් සෙනවිරත්න ගේ රේල්වේ ඇවනිව් සහ රන්ජන් ද සිල්වාගේ ටෙම්පල් ලේන් පන්ති වල මතක සුන්දරයි.
ReplyDeleteරෙජිනෝල්ඩ් සෙනවිරත්න ගේ රේල්වේ ඇවනිව් රිවිෂන් පන්තියකට මං ගිහින් තියෙනවා.
Deleteවිද්‍යාව සහ ගණිතයට සම්බන්ධ විෂයන්ට මමත් කැමැත්තක් දැක්වුවේ නැහැ....
ReplyDeleteමම ඉතින් ඒ කාලෙම පාර තෝරගත්තා...
ඔය විෂයන්ට ලකුණු ගැනීම ගැන වධ වුණෙත් නැහැ...
ඊට පස්සෙ ඕලෙවල් ඉවර වෙලා ගණිතයයි, විද්‍යාවයි ගැන මෙමරි චිප් එක බේරෙ වැවේ පිරානලාට කන්න දැම්ම....
රසායන විද්‍යාවට අකැමැති නිසා ඉතා කැමති ගණිතය සහ භෙෘතික විද්‍යාව අත හරින්න අපට හැකිකමක් තිබුණේ නෑ!
Deleteසාපෙ විද්‍යාවත් උපෙ රසායන විද්‍යාවත් මගේ අප්‍රියම විශයයන් දෙක කියල බය නැතිව කියන්න පුළුවන්. ඒ දෙකටම ලැබුනෙත් සාමාන්‍ය සාමාර්ථ. කැම්පස් ගිහිල්ල විශයයන් තෝරාගනිද්දි කෙමිස්ට්‍රි අනිවාර්ය වුනා නම් වැඩේ අතහැරල දාල එනව කියලයි හිටියෙ. වෙලාවට පිසික්ස්වලින් ගොඩයන්න පුළුවන් වුනා.
ReplyDeleteඔය පිරිමි ටීචර්ලා විතරක් ටියුෂන්වලට බහින්නෙ ඒකත් දේශපාලනය වගේ ක්‍ෂේත්‍රයක් නිසා. කාන්තාවන්ට ඔලුව උස්සගෙන ඉන්න අමාරුයි ඒකෙ.
අප්‍රිය විෂයය වීමට අමතරව රාජ්ලාට පාසලේ කෙමිස්ට්‍රි උගන්නපු හැටි ගැන කියෙව්වා ම පාස් වුණු එක ප්‍රාතිහාර්යයක් නේද කියා හිතෙනවා!
Deletehmmmm
ReplyDeletehmmmmmmmmmmm x 2
Deleteකෙමිස්ට්‍රි ෆේල් දෙන්නෙක්!
Deleteකෙමිස්ට්‍රි කියල විශයක් තිබ්බ කියල විතරක් මතකයි
ReplyDeletehttps://gaugeuop.wordpress.com/2016/11/08/interview-with-art-circle-president/ U may like this
ReplyDeleteහොඳ ගුරුවරු නම් හිටියා...ඒත් අපි හරියට ඒ වැඩේ කරගත්තේ නැහැනේ. රන්ජන් සිල්වාගේ පියා තමයි ගත් කතුවර ටී.ජී.ඩබ්.සිල්වා . ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුසිරන් සිල්වා මල්ලි.
ReplyDeleteරසායන විද්‍යාව බොහොම කැමති විෂයක්. දැනුත් කියවනවා ලිපියක් ලැබුනොත්.
ReplyDeleteභෞතික විද්‍යාව හා ශුද්ධ මෙන්ම ව්‍යවහාරික ගණිතයටද පෙම් බැඳි කොච්චියාට නම් එදා රසායන විද්‍යාව පට්ට කම්මැලි විෂයක්ය.
ReplyDeleteඅප්‍රියතම රසායන විද්‍යාව ප්‍රියතම එක බවට පත් කරන්න සමර්ථයෙක් වේ නම් ඔහු රංජන් ද සිල්වා වේ. රෙජියගේ පන්තිය තිබුනේ දෙහිවල වෛද්‍ය පාරේ නේද? මමත් ගියා නොවැ .
ReplyDelete"පසුගියදා සා.පෙ. ලියපු ළමයි, හෝමාගම පිහිටි රසායන විද්‍යා ටියුෂන් කඩයකට ඇතුල් වෙන්න රාත්‍රී 12.00 සිට ටීචර් ගේ නිවස ළඟ පෝලිම් ගැහිලා සිට ඇති අතර පසුදා උදයේ නොම්මර දී ඇත්තේ 60 ට පමණක් වූ අතර සෙසු අය හිස් අතින් හැරී ගියෝය". හෝමාගම සමූහ වාර්තාකරු-රසිකලොජි. (ජම්බුර්ණ සත්‍ය සිද්ධියකි)