Sunday 15 April 2018

එසේ ම නොවේවා, වෙනත් විදියකට වේවා! - Dhananjaya Karunarathne's new year wish


ජනවාරි මුල් සතිය මෙන් ම, අප්‍රියෙල් මස මැද සතිය ද, "එසේම වේවා!" යන්න පට්ට පතුරු ගැසෙන යුගයකි. දිගු කලකට පෙර වෙනත් බ්ලොගයක ද ඒ ගැන ලිපියක් පළ වී තිබුණි.

http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html

මේ පිළිබඳව මගේ මෑත කාලීන ප්‍රතිචාරය වූයේ ඕනෑ එකක් වේවා යැයි පැවසීමයි.



එහි සෑබෑ ම අරුත, "ඕනෑ කෙහෙල්මලක් වේවා!" යන්නයි.

නාට්‍යවේදී ධනංජය කරුණාරත්න දැන් උදා වී ඇති එසේ ම වේවා සමය පිළිබඳව පහත ප්‍රතිචාරය දක්වා තිබෙනු මම ඊයේ ෆේස්බුක් අවකාශයේ දී දුටුවෙමි.



සම්මතයෙන් පිට පනිනවා තබා එසේ කිරීමට සිහිනයකින් හෝ නොසිතන අයට ඒ ප්‍රකාශය ඇස් ඇරවන්නක් වෙනු ඇත.

අරුංගෙන් නොලැබුණු දේ මුංගෙන් හෝ මුංගෙන් නොලැබුණු දේ අරුංගෙන් බලාපොරොත්තු වෙමින් අරුං වෙනුවට මුං පත්කර ගෙන හෝ මුං වෙනුවට අරුං පත්කරගෙන, අවසානයේ දී අරුංගෙන් ද, මුංගෙන් ද බැට කන මෝඩයින්වන අපට අනාගතයේ දී බලාපොරොත්තු විය හැකි හොඳම දේ නම් එසේ ම නොවී වෙනත් දෙයක් වේවා යන්න බව පැහැදිලි ය.

මෙලෙස කයිය ගැසුවාට මේ ලියන මා ද, බොහෝ විට හැසිරෙන්නේ සම්මත සීමා තුළ ය.

ඊයේ සිනුවර පැවති සූර්ය සැණකෙළිය හෙවත් සම්මත ආකාරයේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ දී සම්මත සැකිල්ලේ කවි රැගත් සම්මත ආකාරයේ කවි කොළයක් විකුණමින් මම ඒ බව මොනවට ප්‍රදර්ශනය කළෙමි.



හැම වසරකම බක් මස මස රැව් දෙවනා
ගම සිරිලක සුවඳ අප අතරට ගෙනෙනා
මෙම අවුරුදු උළෙල නැරඹීමට තුටිනා
මම පිළිගනිමි මෙහි ආ ඔබ සියලු දෙනා

අද මෙම "ප්‍රදර්ශන භූමිය" වෙත එක් වී
හොඳ එකමුතු කමින් බැඳි එක පවුලක් වී
ලද ඉඩ පරිදි අවුරුදු සිරිතෙන් පේ වී
සිඳ ආතති සියලු සැමසෙමු සන්සුන් වී

හොද්දට මිටි කිරක් තෙල් දමලා කන්න
සද්දෙට රතිඤ්ඤා කරලක් දල්වන්න
සවසට සයිකලෙන් පොඩි රවුමක් යන්න
ඇත්තට මට හිතෙනවා හෙට ගම යන්න

උපයන විට ගෙවන බදු බර අඩුවේවා
නිවසට ගත්තු මෝගේජය නිමවේවා
බැංකු ගිණුම් හැම හොඳ හැටි තරවේවා
ලැබු නව වසර සැමටම ජය අත්වේවා!

-රසිකොලොජිස්ට්

(image: Photo by Mark Newsham, 2017 for Merrigong Theatre Company. Thanks to Edie Watt.)

29 comments:

  1. සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා
    විචාරක දියණිය

    ReplyDelete
  2. නිදුක් නිරෝගී සෞභාග්‍යමත් නව වසරකට ආසිරි !

    ReplyDelete
  3. එසේම නොවී වෙනත් විදිහකට වේවා...

    ReplyDelete
  4. Great delivery. Outstanding arguments. Keep up the great work.

    ReplyDelete
  5. Do you mind if I quote a few of your articles as long as I
    provide credit and sources back to your site? My blog is in the exact same area
    of interest as yours and my users would genuinely benefit from some of the information you provide here.
    Please let me know if this alright with you. Thank you!

    ReplyDelete
  6. මේ අන්තිම එක එකෙන්ම අනුමත කරමි.
    උපයන විට ගෙවන බදු බර අඩුවේවා
    නිවසට ගත්තු මෝගේජය නිමවේවා
    බැංකු ගිණුම් හැම හොඳ හැටි තරවේවා
    ලැබු නව වසර සැමටම ජය අත්වේවා!

    ReplyDelete
  7. This is a topic that is near to my heart...
    Cheers! Where are your contact details though?

    ReplyDelete
  8. Every weekend i used to go to see this web site, because i want enjoyment, as this this
    web page conations in fsct pleasant funny information too.

    ReplyDelete
  9. එසේම වෙන ගමං වෙනස් විදියකටත් වේවා !

    ReplyDelete
  10. වෙනත් විදිහකට වේවා...

    ReplyDelete
  11. මේක unseen poem එකක් මට හිතෙන විදයට ලංකාවේ ඉන්න හුඟක් දෙනා හිතන හිටියට "රට " ඉන්න උදවියට කිරියෙන් පැණියෙන් ඉතිරිලා කියල එහෙම නොවන බව මේකේ යටි අර්ථයෙන් පේනවා ගමට යන්න රතින්න්ය කරලක් පත්තුකරන්න ගමේ අවිදින්න තියන අසාවට ඉඩක් නැති හින්ද කවි කාරය මනසින් ලංකාව ස්පර්ශ කරනවා කොහේ හිටියත් මේ රට තරම් හොඳ රටක් නැහැ මේ රට කාල තියෙන්නේ මේ කාලකන්නි දේශපාලුවෝ උන් ගෙන් මිදිලා වෙන රටක ඉන්න එක සැපයි එක අතකට බැලුවම

    ReplyDelete
  12. නව වසරකට පමණක් නොවෙයි ඕනෑම දිනයක ආශීර්වාද කරන්නට තිබෙන්නේ ඔබ සිතන ආකාරයට බව පෙනෙනවා.
    ඔබට ඔබ පතන ආකාරයේ නව වසරක් වේවා!

    ReplyDelete
  13. ඕනේ කෙහෙල්මලක් වේවා! :D

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.