Monday 23 May 2022

"ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" - Feeling sick


මීට වසර තිහකට පමණ පෙර මට තායිවාන චීන ජාතිකයෙකු හමුවිය. මා ලාංකිකයෙකු බව දැනගත් විට ම ඔහු ඉතා සතුටින් මා සමඟ පැවසුවේ ශ්‍රී ලංකාවේ මිනිසුන් විසින් පරිත්‍යාග කරන ලද අක්ෂි කුණිත ඔහුගේ රටට ලැබෙන බවත්, ඒවා බද්ධ කරගෙන ඇස් පෙනීම නැවත ලබා ගත් සෑහෙන පිරිසක් එරට වෙසෙන බවත් ය.

ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු මෙලෙස මියගිය පසු ඇස් කුණිත දන් දීමට කැමැත්ත පළ කරන බව අප දනිමු. එය එක් අතකින් දාන පාරමිතාවක් පිදීම ලෙසද අර්ථ දැක්විය හැකිය.

නමුත් සත්‍යය නම් ඕස්ට්‍රේලියාව වැනි රටවල ද මිනිසුන් මියගිය පසු තම සිරුරේ කොටස් වෙනත් අයට දීම සඳහා කැමැත්ත පළ කරන බවයි. විශේෂයෙන්ම හදිසි අනතුරකින් මිය ගිය පසුව ඇස් පමණක් නොව තමන්ගේ සිරුරේ කොටස් ද වෙනත් අයගේ ප්‍රයෝජනය පිණිස භාවිතා කිරීමට කැමැත්ත පළ කිරීම රියදුරු බලපත්‍රයක් ගන්නා අවස්ථාවේදීම කළ හැක. මම ද ඕස්ට්‍රේලියානු වාහන බලපත්‍රය ලබාගැනීමේ දී එසේ කළෙමි.

යමෙකු එසේ කරන්නේ අන් අයගේ යහපත ගැන සිතා ය. එසේ නොමැතිව තමන්ගේ ලොකු කමකට නොවේ.

ලංකාවේ ඇස් කුණිත තායිවානයට යවන්නේ ඇස් නොපෙනෙන තායිවාන් ජාතිකයින් ගේ ප්‍රයෝජනය පිණිස මිස ලංකාවේ ලොකුකමක් පෙන්වීමට නොවේ.

ලෝකයේ විවිධ රටවල ගංවතුර භුමිකම්පා වැනි විවසන ඇතිවී ජනතාවට උන්හිටි තැන් නැති වූ සමහර අවස්ථාවල ඔවුනට ආධාර පිණිස ශ්‍රී ලංකාවේ තේ කොල පරිත්‍යාග කරන බව මම ලංකාවේ සිටිය දී පුවත්පත්වලින් දැක ඇත්තෙමි. ලංකාණ්ඩුව එසේ කරන්නේ තමන්ගේ ලොකුකමක් පෙන්වීමට නොව වෙනත් අයෙකු අසරණ තත්ත්වයට පත්වූ විට පිහිට වීම සඳහා ය.

ලංකාව මේ වන විට මුහුණ පා සිටින අසරණ තත්ත්වයට යම් කිසි ආකාරයකින් මුදල් වීම පිණිස දකුණු ඉන්දියානු තමිල්නාඩු රජයෙන් මේ වන විට ආධාර ලබා දී තිබේ. ඒ සඳහා එකතු කරන අරමුදලට කුඩා ඉන්දියානු දැරියක් තම කැට එකතු කර මුදල් ද, හිඟන්නෙකු විසින් අනුන්ගෙන් තම අසරණකම පෙන්වා ලබාගත් මුදල් ද ප්‍රදානය කර තිබෙන බව ප්‍රවෘත්ති සටහන් මගින් දැනගත්තෙමි.

තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් එසේ කරන්නේ ඔවුන්ගේ ලොකුකම පෙන්වීමට බවත්, ලංකාවට සමච්චල් කිරීමට බවත්, ලංකාවේ අසරණ බව මුළු ලෝකයටම පෙන්නවා ලංකාව පහත් තත්ත්වයකට ඇද දැමීමට බවත්, ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන වාසි සඳහා බවත් අපේ සමහර අයියලා ගේ අදහසයි.

එසේ නොව, ඔවුන් එලෙස ආධාර උපකාර කරන්නේ ලාංකිකයින් වැටී ඇති අසරණ තත්වය ගැන ඔවුන්ගේ සිතේ ඉපදුනු අනුකම්පාව නිසා සහ ඔවුන්ගේ දානමය සිතුවිලි නිසා බව පිළිගැනීමට සමහරු පැකිළෙති.

එවැනි අදහස් පිළිබඳව මට ඇති වන්නේ පිළිකුලකි.

මේ අර "ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" යන අමන මානසිකත්වය ම ය.

-රසික සූරියආරච්චි

13 comments:

  1. අපේ අයට අනුව ඉන්දියාවේ ඉන්නේ පාරේ කක්ක කරන හිඟන්නෝ .....ඒකයි ගන්න මැලි වෙන්නේ. නමුත් ඔය ආධාර ටික පස්ස දොරෙන් කොහේ යයිද දන්නේ නැහැ.

    ReplyDelete
  2. 'තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් එසේ කරන්නේ ඔවුන්ගේ ලොකුකම පෙන්වීමට බවත්, ලංකාවට සමච්චල් කිරීමට බවත්, ලංකාවේ අසරණ බව මුළු ලෝකයටම පෙන්නවා ලංකාව පහත් තත්ත්වයකට ඇද දැමීමට බවත්, ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන වාසි සඳහා බවත් අපේ සමහර අයියලා ගේ අදහසයි.'

    කවුද එහෙම කියන්නේ? මම නම් දැක්කේ නැහැ එවැන්නක්. ඇතැම් මාධ්‍ය වල නම් සදහන් කර තිබුනා රට බංකොලොත් උනාම පස්සේ මෙහෙ නිලධාරීන් ල, දේශපාලන නායකයන් මේ වගේ ආධාර ගන්න ටයි කෝට් දාගෙන උජාරුවට යන්නේ ලැජ්ජාවක් නැතුවද කියලා. එහෙම නැතුව ආධාර දෙන අයට දොස්කියනවා මා දැක්කේ නැහැ.

    ReplyDelete
  3. රියදුරු බ්ලපත්‍රය ලබාගන්නා අවස්ථාවේදී ම, හදිසි අණතුරකින් බලපත්‍රලාභියා මියගියහොත්, ඇයගේ/ඔහුගේ ශරීරයේ අවයව දන් දීමට එකඟත්වය ප්‍රකාශ කිරීමේ පහසුකම, ලංකාවට ද හඳුන්වා දිය යුතුයි.

    ReplyDelete
  4. බලති දනෝ රිසි රිසි ලෙස තමාහට
    දකිති තමන් රිසි දේවල් රිසි ලෙසට
    කියති කතා ලෙළවා 'දිව නොමැති ඇට'
    එව්වත් වැඩද? ලොව කැරකෙයි එක දිගට!

    ReplyDelete
  5. ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ.

    ReplyDelete
  6. මට මතකයි අපි පුංචිම කාලෙ 50 දශකයේ කොණ්ඩෙ බැඳපු මහළු පිරිමින් "එරියල් මයිනා" ලෙස හැඳින්වුනා. තවද... කොණ්ඩය බැඳපු පිරිමින් "සෝමපාල" ලෙසත්
    කොණ්ඩය කැපූ ස්ත්‍රීන් "මාග්‍රට්" ලෙසත් හැඳින්වුනා. තාමත්
    මතකයට එනවා...

    "සෝමපාල දන්නවාද කාරියක්
    මාගරට්ගෙ කොන්ඩෙ කපල බාගයක්!"

    ReplyDelete
  7. ඔව්. ඒක පදනමක් තිබෙන තර්කයක්.

    ReplyDelete
  8. ඩොලර් මිලියන ගණන්වලින් වත්කම් ඇති ලංකාවේ රටවැසියන්ට (ඔව්, එහෙම අය ඉන්නවා) තරඟකාරී වූ සහ විනිවිදතාවයෙන් යුතු ටෙන්ඩර් හරහා රජය පාඩු ලබන ආයතන විකුණා දමන්නට පුලුවන. එයින් දින 40 ක් තිස්සේ වරායේ බාගන්නට බැරිව සිටින තෙල් සඳහා ගෙවන ආදායම් හොයාගත හැකියි. ඒ ආයතන විකුණා දැමුවාට පසු ඒවා ලාබ උපයද්දී නැවත ජනසතු නොකරන බව පොරොන්දු විය යුතුයි. එසේම මිල දී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ටත් විවෘත කරන්නේ නම්, පාඩු ලබන ආයතන ලාබ උපයන ආයතන බවට හැරෙද්දී, එයින් රටේ ජනතාවගේ බදු බර අඩු වී යයි.

    එහෙත් සමාජවාදී දැක්ම ඇති නායකයන් පමණක් සිටින රටකින් එවැනි යෝජනාවක් දකින්නට ලැබේ යැයි කියා හිතන්නට හෝ නොහැකියි. ණය ආධාර ලබාගන්නට පමණක් කියන කරන දේවල්වලින් රටක් සමෘද්ධිමත් වේයැයි නොසිතන්න.

    ඉතින්, ඔබ විසින් කළ යුත්ත කුමක්ද?

    ReplyDelete
  9. *Alfabet (1934)
    Said the poor man with a twitch:
    Were I not poor, you wouldn’t be rich
    The Collected Poems of Bertolt Brecht, translated by David Constantine and Tom Kuhn (New York: Liveright, 2018)

    ReplyDelete
  10. ලෝකෙන් උතුම් රට තමන්ගේ රට කියන එක ලෝකේ කොහේ උනත් තියෙනවා.
    නමුත් අපි තමා හොඳටම කළේ කියන එක තනිකරම ස'ගේ වැඩක් මිස මුළු ලංකාවටම අදාළ නෑ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  11. කෝ බොල පෝස්ට්??

    ReplyDelete
  12. අර අදානි ගැන මම ලියන්නෙත් ඒකමයි . මොකක් හරි exit එකක් තියෙන්න ඕනේ නිසා. නැත්නම් මේක කෙළවරක් කරලම දාන්න ඕනේ ලොකු විප්ලවයකින්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.