Showing posts with label ආතතිය. Show all posts
Showing posts with label ආතතිය. Show all posts

Monday, 16 December 2019

අමු කවියක් - A raw poem


ආතතිය කියන්නේ
උසස් පෙළ ගණිතයේ පාඩමක දී ඇසුණු
වචනයක් පමණක් ම වූ සොඳුරු කාලයට

විෂාදය කියන්නේ
යුරෝපා බසක සිට සිංහලට පෙරළිච්ච
නවකතාවක දි හෝ හමු නොවුණු
අත්භූත වචනයක් සේ දැනුණු කාලයට

විරහ වේදනා පොදි කැටි ගැසූ
කවක් පබැඳීම යනු
දුක නිවන, සිත සතුට ඇති කරන
කාරියක් වුණු අරුම කාලයට

හෙට දිනය අද දිනට වඩා හොඳ වේවි යැයි
ඇත්තටම හිතුණු ඒ කාලයට
සිතුවිල්ල සැබෑ වුණු කාලයට

කාල යානයක නැග
හැකියාව ලැබේ නම් නැවත යා ගන්නට
කිසි දිනක ආපසු
නොම පැමිණ ඒ ලොවම ඉන්නට!

-රසික සූරියආරච්චි

(image: https://pelhamcommunications.com/art-pr-agency/blog/art-on-this-day-vincent-van-gogh/)