Monday 16 December 2019

අමු කවියක් - A raw poem


ආතතිය කියන්නේ
උසස් පෙළ ගණිතයේ පාඩමක දී ඇසුණු
වචනයක් පමණක් ම වූ සොඳුරු කාලයට

විෂාදය කියන්නේ
යුරෝපා බසක සිට සිංහලට පෙරළිච්ච
නවකතාවක දි හෝ හමු නොවුණු
අත්භූත වචනයක් සේ දැනුණු කාලයට

විරහ වේදනා පොදි කැටි ගැසූ
කවක් පබැඳීම යනු
දුක නිවන, සිත සතුට ඇති කරන
කාරියක් වුණු අරුම කාලයට

හෙට දිනය අද දිනට වඩා හොඳ වේවි යැයි
ඇත්තටම හිතුණු ඒ කාලයට
සිතුවිල්ල සැබෑ වුණු කාලයට

කාල යානයක නැග
හැකියාව ලැබේ නම් නැවත යා ගන්නට
කිසි දිනක ආපසු
නොම පැමිණ ඒ ලොවම ඉන්නට!

-රසික සූරියආරච්චි

(image: https://pelhamcommunications.com/art-pr-agency/blog/art-on-this-day-vincent-van-gogh/)

9 comments:

  1. Replies
    1. ඒ කියන්නේ ජීවිතයට තේරුමක් තිේ‍රනවා කියා ද?

      Delete
  2. යන්නට ලැබේවා ආයෙත් අතීතෙට
    පතනෙමි සුබ පැතුම් හිතවත ඔබ වෙතට
    හැබැයි, නැවත පැමිණිනු පසු වත්මනට
    කියාදෙන්න මට ගුරුකම, එහි යන්ට

    ReplyDelete
    Replies
    1. යන්නට හැකි විදිය සොයමි
      දැන ගත්තොත් යන්නට යමි
      හැබැයි ගියොත් ආයෙ නොඑමි
      ඔබේ නිවන ඔබටය හිමි!

      Delete
    2. නොයනු මැන අතීතයට
      රාවණා ද පැමිණ සිටී කොළඹට
      තාප්පය පුරාවට
      ඔරවමින් සිටී අනේ මට

      Delete
  3. කාල යානයක් මදිවෙයි. Raw වුනත්.
    බාග යානයක්වත්....

    ReplyDelete
    Replies
    1. සෙන්ටිමීටරයක් ප්‍රමාණවත් කාලයක් තිබුණා, දැන් නම් සෙන්ටිමීටර් දෙකේ ඒවා දෙකකුත් මදි!

      Delete
  4. අතීතයට කවුරුත් කැමතියි. ඒත් කාලය වේගෙන් ඉගෙලෙනවා
    විචාරක දියණිය

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.