Friday 30 January 2015

ආනන්දය, "කළු හංසයා" දුටුවෙහි ද? එසේය ස්වාමීනී! - Warning, warning, beware of "Black Swans"!


ලෝකයේ සර්වජන ඡන්දබලය පාවිච්චි කර රට ආණ්ඩු කරන්නට ජනතා නියෝජිතයින් තේරූ රටවල් අතරින් ලංකාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඡන්දය දීම ඇරඹී ඇත්තේ ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1931 දී ය.

ඒ කාලයේ රටේ ජනතාව ගේ සාක්‍ෂරතාවය, එසේ නැති නම් අකුරු කියවා වටහා ගැනීමේ හැකියාව, අඩු වූ නිසා එක් එක් ඡන්ද අපේක්‍ෂකයින් සඳහා වෙනස් වර්ණයෙන් යුතු ඡන්ද පෙට්ටි භාවිතා වී ඇත. ඡන්දදායකයින් කළ යුතුව තිබුණේ තමන් ගේ ඡන්ද පත්‍රිකාව තමන් කැමති අපේක්‍ෂකයා ගේ වර්ණය සහිත ඡන්ද පෙට්ටියට දැමීමයි.

මේ ඡන්දයේ දී සිල් පාට (එනම් සුදු) හෝ සිවුරු පාට (එනම් කහ) වර්ණය සහිත අපේක්‍ෂකයින් ඒ වර්ණවලට ආකර්ශණීය අරුත් සපයමින් බෙෘද්ධ ඡන්දදායකයින් ගේ ඡන්දය ඉල්ලා සිටියේ යැයි පැවසේ.

පසු කලෙක රටටම සාපයක් වූ, කූප්‍රකට කුරහන් වර්ණය ගැන ඇත්තේ ද (1936) මෙ වැනිම වූ කතන්දරයකි.

ඡන්ද අපේක්‍ෂකයින් සඳහා විවිධ සලකුණු භාවිතා කරන්ට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. එයට හේතුව ද අපේ කලින් පරම්පරාවල තිබුණු සාක්‍ෂරතාවයේ අඩුපාඩුය.

පසුව දේශපාලන පක්‍ෂ ලංකාවේ බිහි වීමත් සමගම, ඒ ඒ පක්‍ෂ සඳහා ඡන්ද සලකුණු ලියාපදිංචියේ දී ම වෙන් කරන්නට යෙදුණි. යූඇම්පීයට අලියා ලකුණත්, සිරිලංකා එකට අත ලකුණත් සින්නවී ඇත්තේ ඒ ආකාරයටයි.

මීට අමතරව, ප්‍රධාන පක්‍ෂ දෙක විසින් අප දන්නා පරිදි කොළ පැහැය සහ නිල් පැහැය තමන්ම අයිති කරගෙන ඇත.

මෙහිදී විහිළුවට කාරණයක් වන්නේ, අද අඩ සියවසකට පසුව ලංකාවේ සාක්‍ෂරතාවය ඉතා ඉහළට නැග ඇති සමයක දී ද තවමත් අර සලකුණු සහ වර්ණ ඡන්දය හා අදාළ කටයුතු සඳහා භාවිතා වීමයි.

එපමණක් නොව, ප්‍රතිපත්තිමය කරුණු ගැන කෙරෙන සාකච්ඡාවලට වෙන් විය යුතු, ඡන්දය හා සම්බන්ධ කතා බහෙන් සෑහෙන කොටසක් වැයවන්නේ මේ විවිධ වර්ණ සහ සංකේත ගැන පල් හෑලි සඳහා ය.

උදාහරණයක් දැක්වුවහොත්, පසුගිය ජනාධිපති ඡන්දයේ දී යූඇම්පී පාක්‍ෂිකයින් ට අලියා ලකුණ සහ කොළ පාට අහිමි වී ඇතැයි වඩාත් දුක් වුණේ සිරිලංකා පාක්‍ෂිකයින් ය. නමුත් පුටුව හෝ බුලත් කොළය මිස, සිරිලංකා එකට හිමි අත ලකුණ වසර විසි පහකින් මෙහා භාවිතා වී නැති බව ඔවුන්ට අමතක වී තිබුණි.

පක්‍ෂ සලකුණු නිසාම ගොඩ නැගෙන මේ ආකාරයේ තවත් කතන්දර බොහෝ ඇත.

රනිල් වික්‍රමසිංහව කාටූන්කාරයින් අඳින්නේ හෙණ්ඩුවක් සහිතවය. ඡන්ද සමයේ හංසයින් ගැන කවි, ගීත, විකට කතා මෙන්ම අපහාස, උපහාස ද ඇසේ. හංසයින් ගේ ශ්වේත වර්ණය නිර්මලත්වයේ සංකේතයක් ලෙස ද, හංසයා කිරි, දියෙන් වෙන්කර බොන්නට ඇති යැයි කියන ජනප්‍රවාදිත හැකියාව ඉහළ කොලිටියක් ලෙස ද, දේශපාලනික අරුත් දැක්වීම් කෙරෙනු මා අසා ඇත.

ජනාධිපති ඡන්ද උණුසුම ඉහළට නැග තිබුණු 2009 දෙසැම්බරයේ මා ලංකාවේ ගත කළ කාලයේ, අපේ එක් නෑදෑ නිවෙසක දී මහින්ද රාජපක්‍ෂ ගේ යම් යම් ක්‍රියා පිළිබඳව මා දෝෂාරෝපණය කරනු අසා සිටි අපේ ඥාතියෙක් "ආ! රසික පුතා හංසයෙක් වගේ?" යැයි පැවසීය.

මෙලෙස මා හංසයෙකුට සමාන කරන්නේ ඇයි දැයි මට වැටහුණේ සාමාන්‍ය තරමේ ටියුබ් ලයිට් ප්‍රමාදයකින් පසුවයි.

"අපොයි, හමුදා පාලනයක් වෙනුවෙන් නොවෙයි මං කතා කරන්නේ!" කියා මම වහා පැවසූ විට, මගේ ඥාතියා නැවතත් සලකුණුවලින් කතා කරමින් ඇසුවේ, "එහෙනං ඇයි ඔහේ බුලත් කොලේට විරුද්ධව කතා කරන්නේ?" කියායි.

ඔය පරණ කතා මට සිහිවූයේ පසුගිය දිනවල නවසීලන්තයේ දී දුටු එක්තරා සත්වයෙක් නිසා ය.


මේ කළු හංසයෙකි.

නිකං කළු හංසයෙක් නොව "කළුම කළු, කට්ට කළු, ලිපේ තියෙන දැලි අඟුරු, අහසේ පාවෙන කළු වලාකුළු" මෙන් කළු හංසයෙකි.

මේ ආකරයේ කළු හංසයින් නවසීලන්තයේ පමණක් නොව ඕස්ට්‍රේලියාවේ ද සිටිති. ඕස්ට්‍රේලියාවේ ඔවුන් වැඩියෙන්ම ඇති ප්‍රදේශය නම් බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර අසලින් ගලා බසින ස්වෝන් ගංගාධාරයයි. පර්ත් වාසී සිංහල කවියෙකුවන සුනිල් ගෝවින්නගේ ගේ කවිවල මේ කළු හංසයන් නිබඳව සරති!

දැන් අර හංසයින් යනු ශ්වේත හංසයින් පමණක් ය කියා හිතමින් ඡන්ද සමයේ හංසයින් ගැන කවි, ගී, කතා ගෙතු, කාටූන් ඇඳි අය, මේ කළු හංසයින් කෙලෙස අර්ථ නිරූපණය කරයිද?

ලංකාවේ ද කළු හංසයින් දුටුවොත් පුදුම නොවෙනු මැනවි!

-රසිකොලොජිස්ට්

(image: http://www.divaina.com/2015/01/13/news26.html)

21 comments:

  1. දැනටද පෙනේ.

    ReplyDelete
    Replies
    1. ලිව්වේ දිනුක at 11:59 AM
      ඇති යංතං....

      පහුගිය කාලේ පුරාවටම හරියට රෑට නින්දක් නැත.නින්ද ගියත් මහ රෑ එක පාරට නින්දෙන් අවදි වෙනවාය.බය හිතෙන හීන පේනවාය.හරියට කෑමක් කන්න බැරිය.එන්ඩ එන්ඩ කෙට්ටු වෙද්දී අම්මාත් කම්පා වෙලා හිටියාය.උත්තරයක් නැති ප්‍රශ්නයක් හිතට ආවම කොල්ලෙක් කොච්චර අපහසුතාවකට පත්වෙනවාද කියා තේරුම් ගන්න නම් එහෙම උත්තරයක් නැති ප්‍රශ්නයකට මුහුන දීලාම බලන්ඩ ඕනෑය.
      කොහොම වෙතත් මට තිබුණු ඒ හිත ඇතුලේ බුර බුරා තිබුණු ගැටළුවට උත්තරයක් අද උදේ හම්බ උනේය.මීට කළිං තිබුණේ ඔක්කොම උපකල්පන විතරය.දැං හරි උත්තරය ලැබිලා තියෙන හින්දා කන්ඩ පුලුවංය.නින්දත් යනු ඇත.මගේ මූනත් සිරියාවන්ත වෙලා කියලා අපේ උන්දෑත් කිව්වාය.මේ ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන්ඩ ඇති නිසා කාගේත් දැන ගැනීම සඳහා මෙසේ සටහන් කර තබමි.

      R. දුමින්ද සිල්වාගේ 'R' එකෙන් කියවෙන්නේ රොමෙලෝ යන නම මිස රේප් නොවේ.


      අරුමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා යනු සම්පූර්ණ නමය.
      මෙය දැන ගැනීමට ලැබීමෙන් වීරසංගිලි පණික්කියලාගේ විමලසේන යන්න දැනගත්තාටද වඩා මහා සහනයක් සැනසිල්ලක් හිතට දැනේ.දැං ඉතිං ඉතිරිව ඇත්තේ කොණ්ඩේ ක්‍රේල් හම කළු චීනෙක් දකින්ඩ ලැබීම විතරය.ඒකත් ලැබුණොත් මට එහෙම්මම නිවන් යා හැක.
      Ajith DharmaJanuary 28, 2015 at 6:30 PM

      වීර සංගිලි පනික්කිය කියල ගරහන එක වැරදියි නේද? මිනිසුන්ගේ කුල අරගෙන. ලංකා ඊ නිව්ස් එක තම පටන් ගත්තේ. විවේචනයේත් සදාචාරාත්මක බවක් තිබෙන්න ඕනේ නේ.
      AnonymousJanuary 30, 2015 at 12:16 AM

      කුලවාද ඇදලා ගන්න එපා. ඒක හරි පහත් දෙයක්. අපි හැමෝම එක විදියකට බිහි වෙන්නෙ.ඇයි ඔයාලා පිරිමි වෙලත් ලිඳ ලඟ සංගමය වගේ මේ වගේ කුනු අවුස්සන්නේ.විමල් වීරවංශ කරන වැඩ ඔයාලට අල්ලන්නේ නැත්නම් ඒවාට බනින්න, එයාගෙ කුලය අල්ලාගන්න එපා. ඔය කවුරු හරි ඒ වගෙ පවුලක ඉපදුනා නම්, අද අපි ඔයාට ගරහනවට කැමතියිද? තමන්ගෙ කුලය තමන්ට තීරනය කරන්න බැහැ.අපි මොන කුලයක ඉපදුනත් ඒක අපිට ගෞරවයක් වත්, අවමානයක් වත් නෙවෙයි. හේතුව ඒක අපේ දක්ශ කමකට වූ දෙයක් නොවන නිසයි.
      එතකොට සූරියාච්චි දේව රසික හරිස්චන්ද්‍ර ( කකා), එතකොට මාතලන්, එතකොට අරූගෙ අඩවිය ලියන අරූ,සිකුරාදිපති(ඕනයා) වගේ අය ගැනත් ඔයාල හිතන්නේ ඔහොමයි.මෙතන හිනාවෙන ඔක්කොම ගොවිගමද? විශේශයෙන් තංගල්ලෙන් ආපු මෞර්ය රාජ්?
      DineshJanuary 29, 2015 at 2:40 AM

      අම්මපා උඹට වෙන ප්‍රශ්ණ ඇත්තෙම නැත්නම් මට තියෙන ඒවයින් ටිකක් දෙන්නම් ණයට අරං හිතපන්කෝ..
      දිනුකJanuary 29, 2015 at 9:53 AM

      හා හා මේවා හරි වැගත් සාමාජීය ප්‍රශ්න
      රාජ්January 28, 2015 at 8:50 PM
      අජිත් මෙතන කුලවාදයක් නෑ. ඒක ඔහුගේ වාසගම. වාසගම අනුව කාස්ට් එක කියවෙන වෙලාවක් විතරයි මේක.

      Delete
  2. තෙවරක් පෙරන ලද කළු හංසයෙක් ළඟදි විලෙන් අරගෙන කූඩූ කලා..

    ReplyDelete
    Replies
    1. බයි හංසයන් සහ ටොයි හංසයන්

      Delete
  3. ආනන්දය සබ්බෙ ලබං

    ReplyDelete
  4. //මෙහිදී විහිළුවට කාරණයක් වන්නේ, අද අඩ සියවසකට පසුව ලංකාවේ සාක්‍ෂරතාවය ඉතා ඉහළට නැග ඇති සමයක දී ද තවමත් අර සලකුණු සහ වර්ණ ඡන්දය හා අදාළ කටයුතු සඳහා භාවිතා වීමයි.//
    එහෙමම කියන්න එපා රසික. මේ අපේක්ෂකයන්ගෙ නම් වල ගැටළු තියනව.
    මෑත උදාහරණය තමයි “ආර් ඒ සිරිසේන“ කියල ගොබිලෙක් ඉදිරිපත් වීම.
    මහින්ද නෙමෙයි අරය පර්සි මහේන්ද්‍ර.
    එතකොට ඔසී මතකද? එයාගෙ නම තිබුනෙත් නෑනෙ චන්ද පත්‍රිකාවෙ.
    අකුරු දැන උගත් කෙනකුට වුනත් ටැපලෙන්න ඉඩකඩ වැඩියි.
    ඒක නෙමෙයි මං හිතුවෙ කළු හංසයා කිව්වහම අළුත්කඩේ සීන් එක ගැන කතාවක් කියල.

    ReplyDelete
    Replies
    1. //තවමත් අර සලකුණු සහ වර්ණ ඡන්දය හා අදාළ කටයුතු සඳහා භාවිතා වීමයි.//

      ඇයි චන්දෙ කාලෙට එන රට බෙදුම් හා බටහිර කුමණ්ත්‍රන?

      Delete
  5. //මෙහිදී විහිළුවට කාරණයක් වන්නේ, අද අඩ සියවසකට පසුව ලංකාවේ සාක්‍ෂරතාවය ඉතා ඉහළට නැග ඇති සමයක දී ද තවමත් අර සලකුණු සහ වර්ණ ඡන්දය හා අදාළ කටයුතු සඳහා භාවිතා වීමයි.//

    ගොන් කතා කියන්න එපා රසික.

    පහුගිය ජනාධිපතිවරණයෙදිත් සමහර ප්‍රදේශ වලට ලැබිල තිබුණු ඡන්ද පත්‍රිකා වල තීන්ත බොඳවුණු අවස්ථා තිබුණා. සමහරවිට ඕනැ කමින් කරන්න ඇති. සමහරවිට අතපසුවීමක් වෙන්න ඇති. (වෙන දේවල් වගේ නෙවෙයි ඡන්ද පත්‍රිකා, මුදල් නෝට්ටු වගේ දේවල් මුද්‍රණය කරද්දි වැරදුණා කියලා විසි කරන්න බැහැ. ඒකට වෙනම ක්‍රියාවලියක් තියෙනවා. සමහරු ඒක කරන්න කම්මැලිකමට කොලිටිය අඩු වුණත් යවන අවස්ථා ඇති.) එහෙම අව්ස්ථාවල ඡන්ද දායකයින් තමන්ගේ අපේක්ෂකයා තෝරා ගන්නේ ලකුණින්.

    ඒ වගේම (මම වගේ) ඇස් පෙනීමේ දුබලතා ඇති අයට කණ්නාඩියක් නැතුව කුඩා අකුරු කියවන්න අමාරුයි. මහලොකු දෙයක් කියවන්න නැහැනෙ කියලා කණ්නාඩිය ගෙදර තියලා යනවා. ඡන්දෙ දෙන්න ගියහම තමයි තේරෙන්න ගොන්කම. ලකුණ නැත්නම් වැරදි මිනිහට ඡන්දය වැටීමේ ලොකු අනතුරක් තියෙනවා.

    ඕස්ට්‍රේලියාවෙ නම් එහෙම නැතිව ඇති. නමක් ඉංග්‍රීසි block capital letters වලින් මුද්‍රණය කළාම ප්‍රමාණය කුඩා වුණත් කණ්නාඩියක් නැතුව වුණත් කියවන්න පුළුවන්. සිංහල දෙමළ එහෙම නෙවෙයි.

    ReplyDelete
  6. කලුයි නම් කලුයි කියනවා... දෙපාරක් හිත හිත ඉන්නේ නැහැ..... කොහොමත් රසික කිසිම දෙයක් සර්වසාධාරණ නැහැනේ.... කලු හරි හංසයෙක් ගෙනාවා.. උෟ කලුනම් කලුයි කියනවා...............

    ReplyDelete
  7. මහෙ කළුද , සුදුද ,ඇලිද ,බයි කලර් ද හංසයින් සිටිති. ඕකුන්ගේ පාට වැඩක් නෑ , කිරි, දියෙන් වෙන්කර දෙන හංසයයි වැදගත් .

    ReplyDelete
    Replies
    1. එහෙම අය ඉන්නවද? මම හිතාන උන්නේ හංසය වතුර ටික අපට ඉතුරු කරලා කිරිටික බිලා යනවා කියලා.

      Delete
    2. එහෙම හිතන එක අරුමයක් නෙවෙයි , කිරිටික බීල වතුර ටිකට වහ දාල දුන්න එවුන් ටිකක් හිටපු කාලෙ ජීවත් උන හින්ද ඔහොම හිතෙනව.

      Delete
  8. 01.//මෙහිදී විහිළුවට කාරණයක් වන්නේ, අද අඩ සියවසකට පසුව ලංකාවේ සාක්‍ෂරතාවය ඉතා ඉහළට නැග ඇති සමයක දී ද තවමත් අර සලකුණු සහ වර්ණ ඡන්දය හා අදාළ කටයුතු සඳහා භාවිතා වීමයි.//

    සලකුණ සම්බන්ධයෙන් නම් එකඟ නැත.
    1.අකුරු කියවන්න බැරි උදවිය තාම ඉන්නව. ඒ වගේම පේන්නෙ නැති අයත් ඉන්නව.
    2.ත්‍රිභාෂාවෙන් මුද්‍රණය කරල තියන නම් (මේ නම් අතරෙ සිරිසේනලා රාජපක්ෂලා එකකට වැඩි ගණනකිනුත් හිටියනෙ) විස්සක් විතර තියන ඡන්ද පත්‍රිකාව කියව කියව සලකුණු කරන්න උනොත් ලේසි නෑ අපිට උනත්.
    3.ගණන් කිරීමටත් ලෙහෙසියි සලකුණ තිබුනොත්.

    අනෙක්වා එක්ක එකඟයි.

    02.කළු හන්සයො මෙහෙත් ඉන්නව.

    03.මේ අපේ පැත්තෙ ඉන්න කලු හංසයෙක්

    ReplyDelete
  9. //පහුගිය ජනාධිපතිවරණයෙදිත් සමහර ප්‍රදේශ වලට ලැබිල තිබුණු ඡන්ද පත්‍රිකා වල තීන්ත බොඳවුණු අවස්ථා තිබුණා.//

    ඇත්ත ඡන්ද පත්‍රිකා ව දැක්කම දුක හිතෙනවා, රෝනියෝ කරලා වගේ. හේතුව මහ දිග අපේක්ෂක ලැයිස්තුව වෙන්න ඇති. ජාතික ඡන්දයක් ජාවාරමක් වශයෙන් යොදාගන්නා විහිළුකාර අපේක්ෂකයන්ට දැඩිසීමා ව්‍යවස්තාවෙන්ම ගෙන්න ඕන නේද? මම හිතනවා අඩුගානේ ලක්ෂයකවත් ජනපදනමක් පෙන්වන්න බැරි අයට අපේක්ෂකත්වය දිය යුතු නෑ කියලා.

    ReplyDelete
  10. මේ හංසයා සුදුම සුදු ශ්වේත වර්ණ හංසයෙක් නොවන බව අපි දන්නවා.නමුත් සාපේක්‍ෂ වශයෙන් මේ හංසයා කළු දැනට අඩුයි.බලමුකෝ ඉදිරියට,ජන්ද ලකුණු අපේ විතරක් නෙමේ එක්සත් ජනපදයෙත් තියෙනවා නේද ?

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. චන්දෙ කාලෙට Trumpeter Swan
    http://en.wikipedia.org/wiki/Trumpeter_swan

    ඊට පස්සෙ Mute swan
    http://en.wikipedia.org/wiki/Mute_swan

    ඒවුනාට අපි ආස පාස්පෝර්ට්දෙකේ රිලා නැටුම්, අප්පච්චිගේ මිනියේ කටයුතු ආදී ෆන් දේවල් වලට

    ReplyDelete
  13. කළු හංසයෝ ගැන කිවුවම ඉතින් මට නම් මතක් වුනේ Black Swan ෆිල්ම් එක..

    ReplyDelete
  14. මෙදා සැරේ කළු හංසයා නෙවෙයි කොල හංසයා

    ReplyDelete
  15. හංසය කළු උනාම ඌ නෙත්කළු හංසයෙක්. සුදුනම්, සුසුදු හංසයෙක්. පාට මොක උනත්, සතා අපේනම් අපි දන්නව ඌව දකින්න ඕන විදිහ.

    ReplyDelete
  16. එක කළු හංසයෙක් නම් ළඟදී ඇතුලට ගියා. තව කට්ටිය එලි බහියි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.