Monday 5 January 2015

රට කාගෙන කාගෙන යන්න අපටත් චාන්ස් එකක් දෙන්න! - que sera sera?


මේ කාලයේ පවතින ජනාධිපති ඡන්ද උණුසුම නිසාම අද මට තවත් පරණ මැතිවරණක් හා සම්බන්ධ සිදුවීමක් සිහියට නැගුණි. මේ කතාව සමහරවිට මීට කලින් ඔබ අසා තවමත් මතකයේ තියෙන්නට ද ඉඩ ඇත.

ඒ වසර 1994 දී පැවැත්වුණු මහ මැතිවරණ සමයයි. වසර 1977 දී බලයට පත්වූ එක්සත් ජාතික පක්‍ෂ රජය ඒ වන විට මහා ජන අප්‍රසාදයකට පත්ව තිබුණි. එයට අමතරව ඔවුන් ගේ එදා 1977 දී සිටි නායකත්වයෙන් ඉතිරිව සිටියේ ද කීප දෙනෙකි. ප්‍රේමදාසගේ මරණයෙන් පසු ඩීබී විජේතුංග ජනාධිපතිවරයා ලෙසද රනිල් වික්‍රමසිංහ රටේ අගමැති ලෙසද කටයුතු කරමින් සිටියහ.

මහජන පක්‍ෂය, බහුජන නිදහස් පෙරමුණ ආදී වශයෙන් පක්‍ෂ හදමින් අයාලේ ගිය චන්ද්‍රිකා ද, නැවත ශ්‍රීලනිප මහගෙදරට පැමිණ, කොළඹ පලාත් සභා ඡන්දය දිනා, මහ ඇමති ලෙස කටයුතු කරමින් සිටියාය. මේ මැතිවරණයේ දී, වාමාංශික පක්‍ෂ හා එකතුව පිහිටුවා ගත් පොදු පෙරමුණට නායකත්වය දුන්නේ ඇයයි.

ජනතා විමුක්ති පෙරමුණ, එදා තරග වැදුණේ ආරිය බුලේගොඩ ගේ නායකත්වයෙන් පැවති ප්‍රගතිශීලි පෙරමුණු නම් පක්‍ෂයෙනි.

අද තරම් නොවූව ද, රූපවාහිනී නාලිකාවල දේශපාලන විවාද පැවැත්වුණි. ඊට අමතරව, විවිධ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් අපේක්‍ෂකයෝ විනාඩි පාලහේ කතා ද පැවැත්වූහ. ඒ දිනවල, සන්ධ්‍යා යාමයේ මගේ විනෝදාංශය වූයේ, ඒ දේශපාලන කතා-විවාද ඇසීමයි.

එදා සන්ධ්‍යාවේ ජවිපෙ නියෝජනය කරමින් තම විනාඩි පාලහේ කතාව ඉදිරිපත් කළේ තරුණියකි. ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්‍ෂිකවක් ලෙස පැවසිණි.

ආ, මේ අපේ ෆැකල්ටියේ හිටි චම්පා නේ මගේ බිරිඳ ඒ වෙන්ඩ-මන්ත්‍රීවරියව පහසුවෙන්ම හඳුණා ගත්තාය.

ලංකාවේ මෑත ඉතිහාසයේ පැවති තට්ටු මාරු දේශපාලනය ගැන මා මෙකෙත් අසා ඇති උපහාසාත්මකම නිර්වචනය දුන්නේ ඇය එදා ඒ කතාවෙනි.
සහෝදරවරුනි, සහෝදරියනි, ඔබ සැම දන්නවා, පසුගිය වසර දාහතක කාලයක් තිස්සේ දුෂණයෙන් සහ භීෂණයෙන් රාජ්‍යය කරමින් එක්සත් ජාතික පක්‍ෂය මේ රට කාගෙන, කාගෙන, කාගෙන යමින් සිටින බව.

ඒ අතර අද පොදු පෙරමුණ කියන කල්ලියත් ඇවිල්ලා මේ ඡන්දේ දී ඔබෙන් ඡන්දය ඉල්ලනවා. සහෝදරවරුනි, සහෝදරියනි, ඒ මොකටද දන්නවද ඔවුන් අද ඔබේ ඡන්දය ඉල්ලන්නේ?

ඒ අර එක්සත් ජාතික පක්‍ෂය විසින් රට කාගෙන, කාගෙන, කාගෙන ගිහින් නතර කරන තැන ඉඳලා අපිටත් කාගෙන, කාගෙන, කාගෙන යන්න අවස්ථාවක් දෙන්න කියලායි අද ඔවුන් ඡන්දේ ඉල්ලන්නේ.
ඇගේ ඒ කතාවට මා එකඟ වුවද, රටේ බහුතරයක ගේ තිබුණේ වෙනත් අදහස් ය. අවසානයේ එජාපය නැවැත්වූ තැන සිට රට කරගෙන යාමට ශ්‍රීලනිපයට බාරවුණි.

සිදුවූයේ කුමක් දැයි අපි හොඳින් දනිමු. රට කාගෙන, කාගෙන, කාගෙන යාමේ රිලේ තරගය නොකඩවා ඇදී ගියේය.

අද නැවතත් අප එළැඹී ඇත්තේ ද, ඒ ආකාරයේ ම සන්ධිස්ථානයකටයි.

මෙවර ද බැටන් එක අතකින් අතකට මාරුවූව ද, රට කාගෙන, කාගෙන, කාගෙන යන රිලේ එක නොනවැතී ඉදිරියට යන්නට ඉඩ ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි
අද සිට ඉදිරියට දින දොලහක පමණ කාලයක් තුල මේ බ්ලොගය සඳහා අලුතින් ලිපි එකතු කිරීමට හෝ කමෙන්ටු සඳහා පිළිතුරු දීමට මට ඉඩකඩ බොහෝ විට නොලැබෙන්නට ඉඩ ඇතිබව කණගාටුවෙන් දැනුම් දෙමි.
rasikologist@gmail.com

44 comments:

  1. හරියට හරි... මයිත්‍රී ආවා කියලා මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒ උනට එකම හොරාට හැමදාම ඉන්න දෙනකොට අනිත් ගොඩක් අතින් සමාජය පිරිහෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපේ පැරාටත් දිනමිණ කර්තෘ වෙන්න චාන්ස් එකක් දෙන්න ඕනැ.

      Delete
    2. මහින්ද රාජපක්ශ දිනනවාමයි. ප්‍රතිශතය 51.8. ගයාත්‍රි.

      Delete
  2. රසික ලංකාවට එනවද ,මැතිවරණ චිත්‍රපටියේ රූගත කිරීම් සජීවීව නරඹන්න

    ReplyDelete
  3. Who was that Champa??????????

    ReplyDelete
  4. කාගෙන යාම ප්‍රගුණ කරපු කෙනෙකුට වඩා, අඩුවෙන් කන්න පුරුදු වෙලා ඉන්න එකෙක් හොඳා... කෑමට විරුද්ධව නැගෙන හඬ තමයි වැදගත්ම...

    ReplyDelete
  5. අද තිබෙන තත්වය ටිකක් වෙනස්.
    කාගෙන කාගෙන යන එකා පිඟානත් කාලා හැලි වලං ටිකත් කන්න ඉස්සෙල්ල සාමාන්‍ය ගානට කන එකෙකුට බාර දෙන්න ඕනැ.
    අනිත් එක, තනියම නොකා කට්ටිය ගොඩක් ඉන්න තැනකදි කනකොට ටිකක් සංයමයෙන් යුක්තව කන්න සිද්ද වෙනවා.
    යාළුවො එක්ක කනවට වැඩිය සංවර විදිහට කන්න වෙනව බාහිර පුද්ගලයො ඉන්න තැනකදි.

    ReplyDelete
  6. එයාලා ඉස්මුරුත්තා වෙනකන් කාලා, ඕන නම් තව වටලප්පමක් වගේ එකක් විතරලු කන්න පුළුවන්.. කුසගින්නේ ඉන්න එකෙකුට කන්න දෙන එක, වටලප්පන් දන් දෙනවට වඩා පුණ්‍ය කර්මයක් කියලයි මාතලන් නම් හිතන්නේ..

    කෑවා ඇති..
    දැන් නැගිටින්න..
    තව කට්ටිය කන්න ඉන්නවා...

    ReplyDelete
  7. මා කලින් පොස්ටුවේ දැමු කමෙන්ටුව මෙයටද අදාළ බව හැඟේ .
    යහපාලනයේත් පොඩි හිලක් ඉතුරු කරන්න කියලා මේ මයිත්‍රිපාලටත් කට්ටිය නොකියාවිද ?

    රසික කොහෙද යන්නේ ? ඕස්ට්‍රේලියාවේ කෙස් නැති කෙනෙක් ඇවිත් චන්දෙ වැඩට දැනටම ...තවත් කෙනෙක් එන්නද යන්නේ ? :)

    ReplyDelete
    Replies
    1. ඉහත සඳහන් වෛද්‍යවරිය (1994 කථාව පැවැත්වූ) මේ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි කෙස් නැති පුද්ගලයාගේ බිරිඳයි. මේ 1994 වසර විස්සකට පසු නැවත ප්‍රතිනිර්මාණය වූ අවස්ථාවක් බව ම‍ගේ විශ්වාසයයි. වසර 66ක් තිස්සේ අප ලැබූ අත්දැකීමම තවදුරටත් එලෙසම ලැබෙනු ඇත.

      Delete
    2. මාත් දන්නවා ඕස්ට්‍රේලියාවෙ ඉන්න කෙස් නැති මිනිහෙක්. හැබැයි එයාගෙ වයිෆ්ගෙ නම චම්පා නෙවෙයි වෙන මොකද්ද පා කෙනෙක්.

      Delete
    3. මේ කෙස් නැති පුද්ගලයා රසිකගේ යුනි සගයෙක් වන අතර ඇගේ බිරිඳ චම්පා සෝමරත්න රසිකගේ බිරිඳගේ මෙඩි සගයාවකි. දැන් රසික එන්නේ මොකටදැයි පැහැදිලිද?

      Delete
    4. අනේ අනේ ඉන්දිකගෙ කැත හිතටත් හිතෙන දේවල්!

      Delete
  8. Que sera sera යනු ප්‍රශ්නයක් නොව ප්‍රකාශයකි එය ප්‍රශ්නයක් වීමට නම් Que sera ese-ce que que sera? (විධිමත්) හෝ Quoi que sera sera? (කොලෝකියල්) විය යුතුය.

    ReplyDelete
    Replies
    1. සමාවන්න. Que sera est-ce que que sera? (කේ සරා එස් කේ කේ සරා?) විය යුතුයි. මෙහි que que ලෙස දෙසැරයක් යෙදේද හරියටම ෂුවර් නැත.

      Delete
    2. It is a Spanish phrase, not a French one - "qué será será: - has the open "kay" sound as in Spanish and not the closed "ker" as in French - Agree that it is statement and not a question. In French it would perhaps be "quelques sera, sera être ..."

      Delete
    3. Meyka Spanish yedumak - qué será será-

      Pransa basin : "quelque sera, sera être" wagey ey magey hithey ...

      Delete
  9. මෙන්න ප්‍රවෘත්ති...

    ජනාධිපතිවරණයේ ලේ වැකි ප්‍රචණ්ඩ අවධිය ආරම්භ වූ අතර මෛත්‍රීපාල සිරිසේන සිය ගම් ප්‍රදේශය වන පොළොන්නරුවේ දෙවන අඩව්ව අල්ලා තිබේ. නායකත්වයට සුදුසු තමන් යයි පෙන්වීමේ වෑයමක යෙදී සිටින සිරිසේන ජනාධිපතිවරණ සමයේ පළමු මාධ්‍ය බිල්ල ගැනීමේ 'ගෞරවයට' හිමිකම් කියයි. බීබීසී සංදේශය වැඩසටහනේ පොළොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂිට සිරිසේනගේ මැරයන් පහර දුන් අතර ඇගේ උපකරණ ද පැහැර ගන්නා ලදී. පසුව ඇය රෝහල් ගත කරන ලදී.

    වාර්තා කරන්නේ මතුගම අජිත් පැරකුම් ජයසිංහ

    රැඳී සිටින්න නීරස නිව්ස් ෆස්ට් සමඟ...

    ReplyDelete
    Replies
    1. තක්ශිලා කියන්නේ මගේ යාළුවෙක්. මේ වෙද්දි මෙහෙම දෙයක් වෙලා නෑ. නිකම් බොරු චෝදනා කරන්න එපා. 2010 සිදුවීමක් හා 2015 සිදුවීමක් සමාන වෙන්නේ කොහොමද?

      Delete
  10. එකාම කනකොට එපා වෙනවානේ. අනික දැන් මූට පොඩියට කාල හරියන්නේ නෑ.. ඉතින් අලුත් එකෙක් එනව කියන්නේ කන වේගෙ බාල වෙන එක.. ඌත් ටික කාලෙකින් වේගෙන් කන්න ගත්තොත් එලවමු.. වෙන කරන්න දෙයක් දැන් නෑ.

    ReplyDelete
    Replies
    1. //ඌත් ටික කාලෙකින් වේගෙන් කන්න ගත්තොත් එලවමු.. වෙන කරන්න දෙයක් දැන් නෑ.//

      :D :D

      Delete
  11. මෙසේ අදහස් දක්වන ඔබ මවු රටට ආදරේද, ඔබ වාචාව සහ දුෂණයෙන් තොර කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් සුයන්නෝ යන්න. උඹ දන්න මව් රට.

      Delete
    2. ඔන්න ඉතින් මේකටත් අවා !!!

      Delete
    3. කෝ කකා නිදිද?

      Delete
    4. රසිකොලොජිස්ට් කොහිද?

      Delete
  12. මේ කාගෙන , කාගෙන යන කතාවේ යම් ඇත්තක් ඇති නමුත්, එය මේ ආණ්ඩුව නැවත බලයට පත් කිරීමට හේතුවක් විය යුතු නැත.

    මෛත්‍රී සහ නඩය බලයට පත්වුවහොත්, කාගෙන , කාගෙන යාවිද, ගම කාවිද , පොරොන්දු ඉ‍ටු කරාවිද දන්නේ නැත. ඒත් අපට යම් බලාපොරොත්තුවක් ඇත. බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවන, ඉදිරියට ගෙන යන බලවේගයකි.

    අසීමිත බලය. අසීමිත දූෂණයට මඟ පාදයි. එයට එකදිගට වාර තුනහතරක කාළයකුත් දුන්විට, ප්‍රතිඵල බෝනස් සමඟම ලැබේ. අපට ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳම ලකෂණය වන, ‍තෝරා ගැනීමේ අයිතිය ඇත. එය භාවිතා කර,මේ යන නැඹුරුව නැවැත්වීම නරක දෙයක් විය නොහැක.

    රටක් දියුණු කිරීමට නම්, ශක්තිමත් පාලකයෙක්, ඔහුට එක දිගට යම් කාළයක් අවශ්‍ය බවට කෙනෙක්ට තර්ක කල හැක. නමුත් ලංකාව සිංගප්පූරුව නොවේ, මහින්ද ලී-ක්වාන්-යූ ද නොවේ, අපි චීන්නුද නොවෙමු. එබැවින් මේ ශෂ්‍ය මාරු ක්‍රමය හැර වෙනත් විකල්පයක් අපට ඇති බවක් නොපෙනේ

    ReplyDelete
  13. මීට පෙර මාරුවෙන් මාරුවට , කාගෙන කාගෙන ගියානම් දැන් වෙලා තියෙන්නේ රට එහම පිටින්ම ගිලගන්න යන එකයි , තව කෙනෙකුට කන්න ඉතුරු වෙන්න නැහැ මහින්ද රාජපක්ෂ පවුල එකතුවෙලා රට ගිල ගන්නයි මේ සැරේ කලගුණ සලකන්න කියන්නේ .

    ReplyDelete
  14. මෛත්‍රීට කඩේ ගිහිල්ලා ගිහිල්ලා දැන් පරදින්න ඔන්න මෙන්න හින්දා දවස් දොලහකට එන්න වෙන්නේ නැහැ කියලා පැන්නා නේද තට්ටයා.

    ReplyDelete
  15. Thattaya hariyata awruddata ena Koha wage, Chanda kaleta ewith baila dekathunak kiyala maru wenawa.Meyata chandawalata Balapemak karanna hekiyawak ne.Handa witharai weda ne.

    ReplyDelete
  16. අපි මාරු නොකලොත් උන් මාරු වී රට කන්නට ගනියි. උදා, ග්‍රේරෝ, තිස්ස.

    ReplyDelete
  17. මෛත්‍රීත් කන්න පුළුවන්.සමහරවිට මහින්දට වැඩියෙන් කාවී.නමුත් දැන් මහින්ද සහා නඩය රට කෑවා ඇති.අපිවත් කන්න කලින් මහින්දගේ මේ කෑම නවත්වන්න ඕනේ.

    ReplyDelete
  18. මේ යකා නං කාගෙන කාගෙන ගිහිල්ල බඩ පැලිලයි මැරෙන්නෙ. ඒ නිසා අපි එයා ගැන හිතල අලුත් එක්කෙනෙකුට කන්න දෙනව. ඕනම නං රෙස්ට් එකක් ගත්තම ආයෙ කන්න චෑන්ස් එකක් දෙන්න බැරිය

    ReplyDelete
  19. පින්වතුනි,
    තංගල්ලේ පදිංචි රාජ්ය සේවකයකු වන රාජ් මහතා මළ ගෙවල් වලදී කරන ලද සමීක්ෂණයකට අනුව මෛත්රිපාල සිරිසේන මහතා මුළු ඡන්ද සංඛ්යාවෙන් 61.54% ක් ලබා ගන්නා බව පෙනී යයි. බත්තරමුල්ලේ සීලරතන හිමි, දුමින්ද නාගමුව මහතා, ආර්. කේ සිරිසේන මහතා, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා වැනි අනෙක් අපේක්ෂකයින් 17 දෙනකු ගැන මළ ගෙවල් වලට සහභාගි වන ඡන්ද දායක ජනතාව අසා නැති බවද රාජ් මහතා සොයාගෙන තිබේ. එනිසා ඔවුන්ගේ ඇප නැති වන්නට පවා ඉඩ ඇති බව රාජ් මහතාගේ මතයයි.

    ReplyDelete
  20. පින්වතුනි යහ පාලනේ නොවෙයි "යහනේ පාලනේ"

    ReplyDelete
  21. චම්පා ගෙ කතාව විතරද මතක? "වෙට්' එකේ හිටපු මැතිවු ගෙ කතාව මතක නැතෙයි?

    ReplyDelete
  22. කාගෙන යන එක නවත්වන්න එන පක්ෂ වලත් ප්‍රශ්නයක් තියෙනවනේ.

    ReplyDelete
  23. Bawuddayo hetiyata bedahadagena kanna ona mara thaniyen kanawa.

    ReplyDelete
  24. My3 dinuwama wiparama liyanne kawda?Hadusan kawruwewida?

    ReplyDelete
  25. මචං මේ වෙලාවේ අපිට වෙන්ඩ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බේරීමට එකම මග ඇනෝ කොමෙන්ට් දැමීමයි. මුහුණුපොත අක්‍රීය වෙමින් පවතී. එම නිසා දිනපාත මොනවාහරි දමා මුහුනුපොතේ ශෙයාකරන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.