ෆෙඩරල් රාජ්‍යයක් වන ඕස්ටේර්ලියාවේ පාසල් අධ්‍යාපනය යනු ප්‍රාන්ත රාජ්‍යවලට අයිති විෂයයකි. එනිසා, සමස්තයක් ලෙස රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ මූලික සමානතා තිබුණ ද, එක් එක් ප්‍රාන්තයේ සුළු වෙනස්කම් ද තිබේ.
ඒ සඳහා එක් උදාහරණයක්, එනම් පාසල් අධ්‍යාපනය ඇරඹීම සඳහා ළමුන් සපුරා තිබිය යුතු අවම වයස පිළිබඳ නීතියේ වෙනස පිළිබඳව මම "හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son" ලිපියේ සඳහන් කළෙමි.
තවත් උදාහරණයක් සඳහන් කරතොත්, අප මුලින් ජීවත් වූ වික්ටෝරියා ප්‍රාන්තයේ ඒ වන විට ද පැවතියේ ප්‍රෙප් නොහොත් ප්‍රිපෙයාටරි නම් වූ වසරෙන් ඇරඹෙන පාසල් අධ්‍යාපනය එක එල්ලේ වසර දහතුනක් ලැබූ පසු ළමුන්ට ලංකාවේ උසස් පෙළ විභාගයට සමාන වූ වීසීඊ (වික්ටෝරියන් සර්ටිෆිකේට් ඔෆ් එඩියුකේෂන්) නම් වූ විභාගයට පමණක් මුහුණ දෙන්නට සිදුවෙන ක්‍රමයකි.
ලංකාවේ සාමාන්‍ය පෙළ වැනි විභාගයක් කලකට පෙර වික්ටෝරියාවේ දහවෙනි ශ්‍රේණියේ සිසුන්ට සඳහා ද පැවැත්වී ඇති නමුදු ඒ කාලය වන විට එය අහෝසි කර තිබුණි.
ඒ ගැන මා එකල මගේ පර්යේෂණ නියාමක ආචාර්ය ඇන්ඩෘ වර්ත්ගෙන් විමසූ විට ඔහු කීවේ, දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගය අවසානයේ පාසල්වලින් හැලෙන සිසුන් සංඛ්‍යාව, ඒ විභාගය අහෝසි කළ පසු, විශාල වශයෙන් අඩු වූ බවයි. වෙනත් වචනවලින් කිවහොත් දහවෙනි ශ්‍රේණියේ විභාගය අහෝසි කිරීමෙන් පසු දහතුන් වසරක් පුරා පාසල් අධ්‍යාපනය ලබා ගන්නා ප්‍රතිශතය ඉතා ඉහළ ගොස් ඇත.
එනම්, ඕ ලෙවල් පමණක් සමත් වික්ටෝරියානු වැඩිහිටි පිරිස අඩු වී ඇත!
නමුත් අප සිඩ්නි නගරය පිහිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණි පසු දුටුවේ, මෙහි පාසල්වල දහවෙනි ශ්‍රේණිය අවසානයේ පාසල් සහතිකය (ස්කූල් සර්ටිෆිකේට්) නමින් විභාගයක් පැවැත්වෙන බවයි. අපේ දියණියට ද එයට පෙනී සිටීමට සිදුවිය.
පෙර කී හේතුව නිසා ම දෝ, අපේ දියණිය පෙනී සිටි වසරෙන් පසුව ඒ පාසල් සහතිකය විභාගය නැවත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවැත්වුණේ නැත.
ඇත්තටම ඒ පැවති පාසල් සහතික විභාගය කිසි වැදගත්කමකින් යුතු වූ එකක් නොවුනේ එහි ප්‍රතිඵල කිසිදු කාරණයක් සඳහා ඒ වන විටත් උපයෝගී කර ගැනුණේ නැති වීමයි!
විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්ති සඳහා සිසුන් තම විෂයයන් තෝරා ගන්තේ ඒ දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගයේ ප්‍රතිඵල මත නොව තම තමන් ගේ කැමැත්ත අනුව ය. වසර කිහිපයකට පෙර, ඒ දහවැන්නේ ඕ/ලෙවල් විභාගය අහෝසි කළායින් පසුව වුවද, උසස් පෙළ සඳහා දහවැන්නේ දී හැදෑරු විෂයයන් මත පදනම් නොවී තමන්ට කැමති විෂයයන් තෝරා ගත හැක. නමුත්, විෂය නිර්දේශයේ ඇති හැට-හුටහාමරක් වූ සෑම විෂයයක් ම, සෑම පාසලක ම උගන්වන්නේ නැති බව ද කිව යුතු ය.
පුතා ගේ අද වයසේ මා එදා සිටියදී, මගේ අම්මා ගේ කැමැත්ත වූයේ මා උසස් පෙළ සඳහා ගණිතය නොව ජීව විද්‍යා විෂයයන් තෝරා ගැනීම වුව ද, මම ඒ විකල්පය පිළිබඳව දෙවරක් තියා එක් වරක්වත් නොසිතුවෙමි. වෘත්තියෙන් ගුරුවරයෙකු ද, ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වූ, මගේ තාත්තා නම් කීවේ උඹට කැමති දෙයක් උඹ කරපන් කියා ය. ඔවුන් කුමක් කීව ද, උසස් පෙළ සඳහා ගණිතය හැදෑරීමට මා ගෙන තිබුණු තීරණය වෙනස් වෙන්නට ඉඩක් නොතිබුණි.
එනිසා, මගේ පුතා, තම සොහොයුරිය කළ පරිදි ම, විද්‍යා විෂයයන් හැදෑරීම සහමුලින් ම ප්‍රතික්‍ෂේප කිරීම ගැන මට කිසිසේත් ම ප්‍රශ්නයක් වූයේ නැත.
මා ප්‍රිය බිරිඳ, අද පුතා ගේ වයසේ සිටිය දී මේ උසස් පෙළ විෂයය තීරණය ගන්නට සිදු වුණු අවස්ථාවේ දී, ඇගේ පාසලේ ගුරුවරියන් මෙන් ම, මා අසා ඇති පරිදි ඇගේ දෙමව්පියන් ද පවසා ඇත්තේ, ඇය සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති නිසා, ජීව විද්‍යා විෂයයන් නොව, ගණිතය තෝරා ගන්නා ලෙසයි. කෙසේ නමුත්, ඇය ගේ කැමැත්ත වූයේ ජීව විද්‍යාවයි.
පසු කලෙක ඇය කළ තවත් එක් වැදගත් තේරීමක් මෙන් ම, උසස් පෙළ සඳහා ජීව විද්‍යා ධාරාව (එනම්, උද්භිද, සත්ව, රසායන සහ භෞතික විද්‍යාව) තෝරා ගැනීම ද, ඉතා නිවැරදි, ජීවිත කාලය පුරා අතිශය සතුටුදායක ප්‍රතිඵල ලබා දෙන තීරණයක් විය.
පුතා විද්‍යා විෂයන් තෝරා නොගැනීම පිළිබඳව ඇයට මද කනස්සල්ලක් ඇති වුණේ යැයි මට සිතේ.
අඩු තරමේ රසායන විද්‍යාවවත්?
අපේ පුතා එච්.එස්.සී නමින් හැඳින්වෙන උසස් පෙළ සඳහා තෝරා ගත් විෂයයන් මෙසේ ය.
ගණිතය (විෂයය ඒකක තුනක්)මේ ගෙවෙන්නේ ඔහුගේ එකොළොස් වෙනි ශ්‍රේණියේ අවසන් වාරයේ අවසන් සති දෙකයි. ඔක්තෝබර් දෙවන සතියේ යළි පාසල ඇරඹුණු විට එළැඹෙනු ඇත්තේ පුතාගේ අවසන් පාසල් වසර ය.
භාෂාව (විෂයය ඒකක දෙකක්)
ආර්ථික විද්‍යාව (විෂයය ඒකක දෙකක්)
ඉතිහාසය (විෂයය ඒකක දෙකක්)
සමාජය සහ සංස්කෘතිය (විෂයය ඒකක දෙකක්)
ආගම් අධ්‍යයනය (විෂයය ඒකක එකක් පමණි)
ඒ වසරේ අවසානය ඔහුගේ මෙන්ම දෙමව්පියන්වන අපේ ජීවිතවල ද සුවිශේෂී කඩඉමක් වෙනු ඇත!
-රසිකොලොජිස්ට්
(image: )
වික්ටෝරියා වල නම් අමුතුම subjects කිහිපයක් තියෙනවා. රසික අහලා තියෙනවද Curry 5 ගැන. Maths methods, Specialist maths, Chemistry, Physics, Biology කියන VCE subject 5 හඳුන්වන්නේ කරි 5 කියලා. ඒකට හේතුව තමයි මේ විෂය 5 තෝරගන්න වැඩි දෙනෙක් indian srilankan chinese වගේ asian රටවල්වල ළමයි. ඒ තමයි මේවා තෝරගන්න තවත් හේතුවක් තමයි ATAR මාක්ස් hadanawa හදනකොට ලකුණු scale up වෙන එක.
ReplyDeleteඅප 2001 දී වික්ටෝරියාවෙන් නිව් සවුත් වේල්සයට සංක්‍රමණය කළ නිසා ඒ විස්තර ගැන දන්නේ නෑ. මා දන්නා අයගේ ළමුන් ගොඩ දෙනෙකු ගණිතය ඉගෙන ගන්නා බව නම් දන්නවා, මගේ මිතුරෙකු වෙන රුක්මින් ටියුෂන් පන්ති පවා පවත්වනවා.
Deleteමෙහේ ගණිතය විෂයය නම් කර ඇත්තේ වෙනස් ආකාරයකටයි.
http://www.boardofstudies.nsw.edu.au/syllabus_hsc/course-descriptions/mathematics.html
දැනට පුතා කරන්නේ Mathematics (Two units) සහ Mathematics Extension 1 (One unit)යනුවෙන් ඒකක තුනක බර ඇති විෂයන් දෙකක්. සමහර විට තවත් ඒකකයක් එකතු කරගන්නටත් ඔහුට අදහසක් තියෙනවා.
රසික ලියා ඇති පරිදි පුතා ආගම් අධ්‍යයනයත් දුව සංසන්දනාත්මක ආගම් විෂයයත් තෝරාගෙන තිබේ. එය ඔවුන්ගේ සුවිශේෂී කැමැත්තක්ද නැත්නම් ඕස්ට්‍රේලියාවේ සිසුන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් කරන තේරීමක්ද?
ReplyDeleteවැදගත් ප්‍රශ්නයක් ඉකොනොමැට්ටා!
Deleteමුලින් ම පැහැදිළි කිරීමක්. පුතා ගැන ආගම් අධ්‍යයනයත් දුව ගැන සංසන්දනාත්මක ආගම් කියාත් මා ලියා ඇති වුනත් ඒ එකම විෂය, එනම් Studies of Religion යන්නයි. එම වෙනස සිදුවුනේ මා විෂයයන් ගැන වැඩි විස්තර නොකියා ඉතා සංක්‍ෂිප්තව ලිවීම නිසයි. මා දන්නා පරිදි Studies of Religion විෂයේ ඉගැන්වෙන්නේ එක ආගමක් ගැන නොව බුදු දහම, යුදෙව්, කතෝලික, ඉස්ලාම් ඇතුළු සියළුම ආගම් ගැනයි.
දුව සහ පුතා ඉගෙන ගන්නා ඉංග්ලිෂ් භාෂාව මා ලියා ඇත්තේ භාෂාව ලෙස පමණක් නිසා (ඒ කියන්නේ ඉංග්ලිෂ් බව තේරුණත්) ඒ විදියටම ආගම කියා ලිව්වා නම් එන්නේ වැරදි අරුතක් නිසයි මුලින් මා සංසන්දනාත්මක ආගම් කියා විෂයයේ නම නොව අන්තර්ගතය සඳහන් කළේ.
Studies of Religion විෂයයේ course description සඳහා
http://www.boardofstudies.nsw.edu.au/syllabus_hsc/course-descriptions/hsie.html#studies-religion-1
ඒ ධාරාවේ (Human Society and its Environment) අන් විෂයයන් ගැනත් විස්තර එහි තියෙනවා.
සියලුම Higher School Certificate විෂයයන් පිළිබඳ විස්තර-
Deletehttp://www.boardofstudies.nsw.edu.au/syllabus_hsc/course-descriptions/
ඒ වෙබ් පිටුවේ විස්තර කෙරෙන පරිදි, සෑම විෂයයකටම නියමිත බරක් (ඒකක එකයි, ඒකක දෙකයි යනුවෙන්) තියෙනවා. විශ්විද්‍යාලයට යාමට ඒකක දහයක විෂයන් කළ යුතුයි. ඊට වැඩි ඒකක ගණනක් කළ හැකි නමුත් එවිට ඒවායින් හොඳම ලකුණු ඇති ඒකක දහය පමණක් සළකා බැලෙනවා.
Deleteදියණිය කළ විෂයයන් අතර
භාෂාව (ඒකක හතරකි)
ඉතිහාසය (ඒකක තුනකි)
නාට්‍යය (ඒකක දෙකකි)
තෝරාගෙන තිබුණු නිසා ඇයට තව එක් ඒකක විෂයයක් තෝරා ගත යුතු වුණා. ඒ සඳහා සිසුන් අතර ප්‍රියතම විෂයය (එක් ඒකකෙය්) සංසන්දනාත්මක ආගම් විෂයයි. දියණිය ඉතිහාසය ඒකක තුනක් හැදෑරු නිසා, ආගම් අධ්‍යයනය ඒ එකතුවට ගැලපෙනවා.
පුතාත් ඒ (එක් ඒකකෙය්) සංසන්දනාත්මක ආගම් විෂය තෝරා ගන්නට ඇත්තේ ඒ හේතුව නිසාමයි. එනම් ඔහු ගණිතය ඒකක තුනක් හදාරණ නිසා සංසන්දනාත්මක ආගම් එකතු කළ විට ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙනවා.
එසේ නැතුව මේ දෙදෙනාට ආගම් ගැන සුවිශේෂී කැමැත්තක් ඇති යැයි මා සිතන්නේ නෑ. නමුත්, ඉතිහාසය සහ වෙනත් ඒ හා සමාන දේ ඉගෙන ගන්නා විට සමානතා නිසා ආගම් ගැන ඉගෙනීම ලේස් ඇති.
හරියට අපි ෆයිනල් ඉයරයේ B course තෝරා ගන්නවා වගේ.
I really like your blog.. very nice colors & theme. Did you make this website yourself or did you hire someone to do it for you?
ReplyDeletePlz respond as I'm looking to construct my own blog and would like to know where
u got this from. thank you
This is my first time pay a visit at here and i am truly pleassant
ReplyDeleteto read everthing at single place.
Hello there, There's no doubt that your website could possibly be having browser compatibility issues.
ReplyDeleteWhenever I take a look at your blog in Safari, it looks fine but when opening in Internet Explorer, it's got some overlapping
issues. I just wanted to provide you with a
quick heads up! Aside from that, fantastic blog!
Link exchange is nothing else but it is just placing
ReplyDeletethe other person's blog link on your page at appropriate place and other
person will also do same in favor of you.