මගේ දියණිය උසස් පෙළ විභාගය සඳහා කලා විෂයයන් තෝරා ගැනීම ගැන මීට වසර කිහිපයකට පෙර මා ලියූ ලිපියක සරදම් බසින් මා නෝක්කාඩුවක් ලියූවේ මේ ආකාරයටයි.
මගේ හදවත බරය. සිත දුකෙන් පිරී ඇත. වෙලාවෙන් වෙලාවට හෝස් ගා සුසුමක් පිටවේ. මුළු ඇඟම කඩා වැටෙන්න යනවා සේ දැනේ.ඒ එදා මා පළ කළ ලිපියේ ව්‍යාකරණ සඳහා සංස්කරණය කළ පිටපතකි.
ඒ මදිවාට මගේ නෙත් දෙක ද තෙත් වී ඇත!
අනේ ඇයි මේ වගේ දුක්බර දෙයක් සිද්ධ වුණේ?
අපේ දියණියට උසස් පෙළ විභාගයට කලා විෂයයන් ඉගෙන ගැනීමට අවශ්‍ය වී ඇත!
විද්‍යා විෂයද කලාවද?
කලාව කිව්වොත් මළා වගේ!
චී, චී, චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නේ?
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු තරමේ වාණිජවත්?
(ඉතිං පුතේ නම්බුවක් නේ
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කරලා!)
අනේ, සෝමලතා සුබසිංහ වටහාගෙන හිටි ඒ සත්‍යය, දූගේ අම්මයි, මායි දෙන්නම හොඳින් වටහාගෙන පිළිපැදපු ඔය සත්‍යය, අනේ, ඒ සත්‍යය අපේ දුවගේ හිතට කා-වද්දන්න.
අනේ දුවේ මේ මොකක්ද ඔයා කරගන්න යන්නේ?
ඔයා පොඩි කාලේ ම, අම්මා ඔයාට සෙල්ලම් කරන්න මෙව්වා එකක් අරං දුන්නා ඔයාට මතකද?
සීයාගේ වයස මගේ වයස වගේ දෙගුණයයි. ඔයා ගේ වයස මගේ වයසෙන් හතරෙන් එකයි. තව අවුරුදු දහයකින් සීයා ගේ වයස ඔයාගේ වයස වගේ කී ගුණයක්ද? වගේ ගණං ප්‍රශ්න අහලා මං ඔයා ගේ හිතේ ගණිතයට තියෙන උනන්දුව වැඩි කරන්න හැදුවා මතකද?
මෙගා ෆැන්ටා බෝතලේ දාන්න ඕනෑ, ෆ්‍රිජ් එකේ දොරේ කොයි කෙළවරේද, හැන්ඩ්ල් එක තියෙන පැත්තේද, සරනේරුව තියෙන පැත්තේද? වගේ එදිනෙදා සරල ගැටලු ගැන කතා කරලා මං ගූර්ණය වගේ භෞතික විද්‍යා සංකල්ප ඔයාට වටහලා දෙන්න හැදුවා මතකද?
ඉස්සෙල්ලා තාත්තා වගේ කැම්පස් යනවා, ඊට පස්සේ අම්මා වගේ හොස්පිටිතාලේ යනවා කියලා ඔයා පොඩි කාලේ කියනවා අහලා අපේ බබාත් අපි වගේමයි හිතන්නේ පතන්නේ කියලා ඔයාගේ අම්මත් මාත් කොච්චරක් කියලා සතුටු වුණාද?
"තාත්තේ, මට ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඕනෑ!" ය කියලා මේ ළඟදී දවසක ඔයා කිව්වහම මං මුලින්ම හිතුවේ ඔයා නිකං විහිළුවක් කරනවා කියලයි.
ඒත් අවස්ථාව ලැබුණු ගමන් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ විෂයයන් ඔයා අලුයම ඉවත ලූ කෙළ පොදක් වගේ බැහැර කරද්දී මට තේරුණා වැඩේ කපෝතියි කියලා දුවේ.
මේ සුව පහසු කොට්ටේ ඉන්නේ නැතුව කූඩැල්ලෙක් වගේ ඉවතට ඇදිලා යන්නේ ඇයි දුවේ?
අඩු තරමේ වාණිජවත්?
ප/ලි
සෝමලතා සුබසිංහ ඇය ගේ ඉහත ගීතයේ කෙලෙස ලිව්වද අන්තිමේ දී ඇගේ දුව කෞෂල්‍යා ෆර්නැන්ඩු ඉගෙන ගත්තේ කලා විෂයයන් ය. ඒ මදිවාට නියමිත අවුරුද්දේ උසස් පෙළ විභාගය නොකළ ඇය ඒ වෙනුවට සුගතපාල ද සිල්වා ගේ මරාසාද් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නට ගියා ය. ඇය කොළඹ විශ්ව විද්‍යාලයට ගියේ ඉන් පසුවයි. ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම චිත්‍රපටයේ රඟපානවා දුටු පසු මා ඇය දැක නැත.
ප/ප/ලි
මගේ පියා ජීවත්ව සිටියා නම් ඔහු තම ලොකු මිනිපිරිය තමා මෙන් ඉතිහාසය, භාෂාව වගේ කලා විෂයයන් ඉගෙන ගැනීම ගැන සතුටු වෙනු නොඅනුමාන ය.
-රසිකොලොජිස්ට්
පසු විපරම
ලිපියේ අන්තර්ගතය ගැන
මා එදා ඉහත දැක්වූ ලිපිය ලිව්වේ සරදම් ස්වරයෙනි. නමුත්, එය කියවූ කිහිප දෙනෙකු ම අපේ දියණිය උසස් පෙළ සඳහා ගණිතය හෝ විද්‍යාව හෝ තෝරා නොගැනීම ගැන මා ඇත්තටම දුක් වෙනවා යැයි සිතා මගේ සිත සැනසීමට විවිධ ප්‍රතිචාර දක්වා තිබුණි.
අපේ දියණිය ද උසස් පෙළ සඳහා විෂයයන් තෝරා ගත්තේ මගේ බිරිඳ සහ මා අප ඒ වයසේ දී කළ ආකාරයට ම, තම කැමැත්ත අනුව යි.
මගේ දියණිය
ඇය උසස් පෙළ සඳහා හැදෑරූ විෂයයන් මෙසේ ය.
භාෂාව (ඒකක හතරකි)
ඉතිහාසය (ඒකක තුනකි)
නාට්‍යය (ඒකක දෙකකි)
සංසන්දනාත්මක ආගම් (එක් ඒකකයකි)
ඇය ඒ විභාගයේ දී මගේ මිම්මට අනුව අති විශිෂ්ට ප්‍රතිඵල (එනම් විෂයය ඒකක දහයෙන් එකකය පමණක් 88% ක් ද, අන් සියල්ලටම 90%ට වඩා ද ලබා ඒටාර් (ATAR) නම් ඕස්ට්‍රේලියානු තෘතියික අධ්‍යාපන රෑන්කයේ 97.45) ලබාගත් බව සඳහන් කළ යුතු ය.
සන්නිවේදනය (Communications) පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (Bachelor of Arts) හදාරන කාලයේ ම, මුලින් අර්ධකාලීනව ග්‍රීන්පීස් (Greenpeace) ආයතනයේ ඩිජිටල් මාධ්‍ය සහායක (Digital Assistant) තනතුරක සේවය ඇරඹූ ඇය පසුව පුර්ණ කාලීනව සේවය කරමින් ම පසුගිය වසරේ අග දී උපාධිය නිම කළා ය. ඇය දැන් යුනිසෙෆ් (UNICEF Australia) ආයතනයේ ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදක (Digital Content Producer) ලෙස සේවය කරයි. වෙනත් වචනවලින් කියන්නේ නම් ඇය වෘත්තීය බ්ලොග් ලියන්නියකි.
මෙන්න ඇය ලියූ බ්ලොග් ලිපි කිහිපයක්.
ග්‍රීන්පීස් ආයතනය: https://www.greenpeace.org.au/blog/author/rsuriyaa/#.WaipX8ax9OQ
යුනිසෙෆ් ඕස්ට්‍රේලියා: https://www.unicef.org.au/blog?author=3e024094-1069-4696-9d22-744a2aa15735
කෞෂල්‍යා ප්‍රනාන්දු
ආකාස කුසුම චිත්‍රපටයෙන් පසු මා ඇය බොරදිය පොකුණ චිත්‍රපටයේ ද, මීට වසර දෙකකට පමණ පෙර කොළඹ දී මා නැරඹූ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයේ අධ්‍යක්‍ෂකවරිය ලෙසින් ද දුටුවෙමි.
තාත්තා
මගේ පියා ජීවත්ව සිටියා නම් තම මිනිපිරිය තමා මෙන් කලා විෂයයන් තෝරා ගැනීම ගැන සතුටු වෙන්නට ඉඩ තිබුණේ ඔහු ගේ යටි සිතෙනි.
මා එසේ කියන්නේ මක් නිසා ද යත්, ඔහු කිසි දිනක මගේ මල්ලිලා දෙදෙනාට හෝ මට හෝ ඔහු මෙන් කලා විෂයයන් ඉගෙන ගන්නට යැයි කියා නැති හෙයිනි. එසේ කීවා නම්, මුලින් ජීව විද්‍යාව හදාරා පසුව භාෂා, නීතිය සහ පුරා විද්‍යාව කරා යොමු වුණු මගේ සමන් මල්ලී අධ්‍යාපනයට ගත කළ කාලය මීට වඩා ඵලදායීවන්නට ඉඩ තිබුණි.
තාත්තා මිය ගොස් මේ වසරේ දෙසැම්බරයට වසර හතකි!
(image: https://www.youtube.com/watch?v=jyyPTOEpcH8)
අස්සලාම් අලයිකුම් රාසික් බයියා,
ReplyDeleteබිස්මිල්ලහිර් රහුමානිර් රහීම්...!
රාසික් බයියාගේ දුව ආගම් ගැන හදාරන නිසා ඇය ඉස්ලාම් දහම ඉගෙන එය වැලඳගැනීමට යොමු කරන්න. එකම සත්‍ය දහම ඉස්ලාම් දහමයි. විද්‍යාත්මක ක්‍රමවලින් සත්‍ය සෙවිය නොහැක. සත්‍ය සහ මිත්‍යාව සොයා ගත යුත්තේ කුරානයට අනුව යි. කුරානය පිළිනොගන්නා අය මිත්‍යා දුෂ්ඨිකයන් ය.
ලෝකයේ විද්‍යාව සොයා ගෙන ඇති දේ, මහ මුහුදේ ඇති ජලයෙන් අංශු මාත්‍ර යක් බදු ය. සියලුම දේ දන්නා අල්ලාහ් ගේ දැනුම මහ මුහුදු වැනිය. මහ මුහුද අත්හැර, එහි අංශු මාත්‍ර යක් වැනි දැනුම ඇති විද්‍යාවෙන් ලෝකය දෙස බැලීම මුලාවකි.
විද්‍යා වෙන් ගුවන් යානා සෑදීමට බොහෝ කලකට පෙර, මොහොම්ම්ද් නබිතුමා පියාඹන අශ්වයෙකුගේ පිට නැගී දිව්‍ය ලෝකයට ගියේ ය. කුරානයේ ලිය වී ඇති මේ සත්‍ය විද්‍යාවෙන් ප්‍රශ්න කරන්නන් මෝඩයන් ය. විද්‍යාවට අනුව සියල්ලම බලන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ කර අවසාන නිගමන වලට පැමිණීමෙනි. කුරානයේ ඇති සත්‍ය විද්‍යාත්මක ක්‍රම වලින් සෙවිය නොහැක. ලෝකයේ ඇත්තේ එක දෙවිකෙනෙක් පමණි. ඒ අල්ලාහ් ය.
දෙවියන් විශ්වාස කරන්නාට විද්‍යාත්මක ක්‍රම වැඩක් නැත. 'කුරානය' කියවීමෙන් සත්‍ය සෙවිය හැක. කුරානයේ ඇති කිසිවක් බොරු විය නොහැක. බුද්ධිය අඩු මිනිසුන්ට දෙවියන් වහන්සේගේ මහා දැනුම අසලටවත් පැමිණිය නොහැක. විද්‍යාව ඉගෙන ගෙන ඒ අනුව ආගමික දේ සත්‍ය ද අසත්‍ය ද කියා තීරණය කළ නොහැක. විද්‍යාව අනුව ආගම ප්‍රශ්නකර, ආගම අත්හරින්නන් සැබෑම මිත්‍යා දුෂ්ටිකයන් ය.
ඔවුන් සමාජයේ කෙතරම් හොදින් ජීවත් වුනත් වැඩක් නැත. පල්ලි යන්නේ නැති නම්, දෙවියන් විශ්වාස කරන්නේ නැති නම් ඔවුන් ඉන්නේ මිත්‍යාවෙහි ය.
විද්‍යා වෙහි ඇති සියල්ල බොරු නොවේ. විද්‍යවේ යම් යම් සත්‍ය දේ ද ඇත. එහෙත් ආගමට අභියෝග වන විද්‍යාවෙන් උගන්වන දෑ බොරු ය. 'පරිනාමවාදය' එවැනි මහා බොරුවකි.
කුරානයේ ඇති සත්‍ය ය ට අභියෝග කරන විද්‍යාත්මක කරුණු බොරු ය. විද්‍යාව ඉගෙන ගත යුතු ය. එහෙත් කුරානයේ ඇති දහමට අභියෝග වන දේ විද්‍යාව ඔස්සේ සොයා ගන්නා විට ඒවා ප්‍රතික්ෂේප කළ යුතු ය. එවිට විශ්වාස කළ යුත්තේ. කුරානයේ ඇති දහම පමණි.
විද්‍යාව වෙනස් වන දෙයකි, වෙනස් වන දේවල් බොරුය.. ඉස්ලාම් දහම වෙනස් නොවේ. එය සත්‍ය ය. විද්‍යාව බොරු වේ, සැමදා වෙනන්ස් වේ. කුරානය සත්‍ය ය. සත්‍ය සෙවිය යුත්තේ කුරානයෙනි. කුරානයේ ඇති සියල්ල සත්‍ය ය.
අල්ලා හු අක්බර් !!
ඔබ ඔබේ ලොවේ, මා මගේ ලොවේ!
Deleteපැරඩියක් ද මන්දා
Deleteජzසාකල්ලහ් රාසික් බයියා,
Deleteඇත්තෙන්ම ඔබේ මගේ කියා ලෝක දෙකක් නැත. ඇත්තේ එකම සර්වබලධාරී අල්ලාහ් තාලා විසින් මවා ඇති එකම ලෝකයකි. ශුද්ධ වූ අල් කුරානය නොදත් ඉස්ලාමය ගැන නොදැනුවත් අල්ලාහ් ගැන විස්වාසයක් නැති මුග්ධ මිසදිටු තකතිරුවන් විවිධ බහුබූත මනෝලෝකවල මනෝ ගසමින් පිස්සු කෙලමින් කාලය නාස්තිකර නිකරුණේ නිරයේ වැටෙති.
නමුත් සැබෑ ලෝකයේ විසීමට නම් සර්වබලධාරී අල්ලාහ් ගැන විස්වාසය ඇතිකරගත යුතුය. ඉන් පමණක් සැනසීම ලැබෙනු අත්දුටු ප්‍රත්‍යක්ෂ සැබෑ සත්‍යයයි. ඔබේ දියනිය ඉස්ලාම් දහමට යොමුකර සැබෑ පියෙක් වන්න.
අල්ලාහු අක්බර් !
ඔබගේ දියණියගේ වෘත්තීය මගට සුභපැතුම්. ඇය විද්‍යා, ගණෛත, වානිජ වෘත්තියක නියැලෙනවාට වඩා සතුටින් වෘත්තියේ නිරත වෙයි.
ReplyDeleteස්තුතියි,
Deleteනමුත් තමන් කැමති කාර්යයක් රැකියාව ලෙස කිරීමට ලැබීම තමයි හොඳම දේ.
නමුත්, නොකළ උපාධියක් හෝ නොකරන රැකියාවක් ගැන නම් කළ හැක්කේ උපකල්පන පමණයි.
රසික . පළමුවෙන්ම ඔබට සහ දුවට මගේ සුභ පැතුම් . මගේ දියනියගේකතාව ටිකක් වෙනස් . ඇය ජීව විද්‍යාව හැදෑරීමට හැකි A/L Z අගයක් ලැබුවා. මා ඇයට දුන් උපදේශය නම් වෛද්‍යවරියක් වීමට ඔබ ඇත්තටම ආසානම් පමනක් නැවත විභාගය කරන්න. ඇත්තටම doctor කෙනෙක් නම් රෝගියන් වෙනුවෙන් කැපවම සහ එයින් තෘප්තියක් ලබන්න පුළුවන් වෙන්න ඕන ඒ බව මා ඇයට කීවා. එසේම වෘත්තිය වශයෙන් එහි ඈති අවධානම (occupational hazard) ගැනත් . ජීව විද්‍යාව කිරීමෙන් වෘත්තීය වශයෙන් විවිධත්වයක් ලබාගත හැකි බවත් ඇයට පැවසුවා.
ReplyDeleteවෛද්‍ය වෘත්තිය යනු සරලව ගත් විට නිල් කරපටි රැකියාවකි. උසස් පෙළ කඩඉම පන්නා ගත්ත ද, විශ්වවිද්‍යාලයේ ද, ඉන් පසුව සීමාවාසිඛ කාලයේ ද දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේ.
Deleteතවත් ඉහළ ඉගෙනීමට යොමු වීම ඒ හා සමානවම දුෂ්කර ක්‍ර්‍රියාවකි.
//යුනිසෙප් (UNCEP Australia) ආයතනයේ //
ReplyDeleteයුනිසෙප්ද (https://unicep.com/) UNCEPද (http://uncep-edu.org/) යුනිසෙෆ්ද (UNICEF)? පහළින් ඇති ලින්ක් එක අනුව යුනිසෙෆ් (UNICEF) ලෙස නිවැරදි විය යුතුයැයි සිතමි.
ඔබ හරි.
Deleteඒ බ්ලොග් පළ වී ඇති අඩවියේ ලිපිනයෙන් හැඟෙන නම (UNICEF) තමයි නිවැරදි.
Corrected.
සුභ පැතුම්. අපි තවම දන්නේ නැහැ අපේ අය කොහි යයිද කියල. පොද්ද නම් ගණිතය ට කොහොමත් කැමතියි. ලොක්ක චිත්‍ර අඳින එක තමා හැම වෙලේම කරන්නේ.
ReplyDeleteමීට වසර තිහකටත් එපිට පෙර කාලයක මා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් ගැන පොතක් කියවන විට ෆැබ්‍රික් ඩිසයින් වැනි විවිධාකාර විෂයයන් ගැන පවා උපාධි පාඨමාලා තියෙන බව දැක පුදුම වුණා මතකයි.
Deleteදැඩි රාමුවලට හිරවී අධ්‍යාපනය හැදෑරූ අපට එය පුදුමයක් ම තමයි!
තමාගේ දියණිය කලා විෂයන් හැදෑරීම ලැජ්ජාවක් වෙන්නේ කොහොමද රසික? ඔන්න තමුන්ගේ දියණිය කඅවුරුදු 16 දීම සල්ලන් වෙලා අතින් අතට යට, අඩ නිරුවත් පින්තුර වල පෙනී ඉන්නා කෙනෙක් උනොත් නම් ලැජ්ජාවක්.
ReplyDeleteමුලින් මා ලියා ඇති දේ හොඳින් කියවන්න. එසේ නොකර ප්‍රශ්න ඇසීමේ තේරුමක් නෑ!
Delete/* මා එදා ඉහත දැක්වූ ලිපිය ලිව්වේ සරදම් ස්වරයෙනි. නමුත්, එය කියවූ කිහිප දෙනෙකු ම අපේ දියණිය උසස් පෙළ සඳහා ගණිතය හෝ විද්‍යාව හෝ තෝරා නොගැනීම ගැන මා ඇත්තටම දුක් වෙනවා යැයි සිතා මගේ සිත සැනසීමට විවිධ ප්‍රතිචාර දක්වා තිබුණි. */
රසික, දුවගේ විස්තර දැමීමෙන් ඔබත් එක්ක ඇරියස් තියන ඇනෝලා, එක දුවගෙන් කවර්කර ගන්න හදයි කියලා හිතෙන්නේ නැද්ද?
ReplyDeleteමොනව උනත් ඔබට පහර දෙන නින්දිත විදිහ දැක්කම දුවට ෆේස්බුක් එක එහෙම පබ්ලික් එකට බ්ලොක් කරන එක හොදයි වගේ. (unless she is thick-skinned and can handle those cheap attacks)
මානසික රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. ඒ මිස, අප අපේ ජීවිත ඔවුන් අනුව සීමා කරගත යුතු නෑ!
Deleteළමයින්ට තමන් කැමති හැමදේම නැතිඋනත් සමහර අවස්ත්වල ස්වාධීන තීරණ ගැන දීම වැදගත් වේ. එසේ නොකිරීම තුල බලහත්කාර දොස්තරවරු හා ඉංජිනේරුවරු බිහිකිරීමට ගොස් ඇනගත් දෙමාපියන් රැසක් සිටිති ඔවුන් විසින් විනාශ කරන්නේ ලමටින්ගේ මුළු අනාගයතමය.
ReplyDeleteවිචාරක දියණිය
අනිවා ඩෙෆා!
Deletehttps://rasikalogy.blogspot.com/2017/09/my-son-is-entering-his-last-year-at.html
ළමයින්ට ස්වාධීන තීරණ ගැන දීම වැදගත්
ReplyDeleteඒ සමගම තමන් ගැන තමන්ට වගකීමක් ඇති බව සිහිපත් කිරීම!
Deleteමමනං ආසයි මගේ කෙල්ල ඩොක්ටර් කෙනෙක් වෙනව දකින්න.. ඒක එහෙම නොවුනත් ඉගෙනගෙන හොඳ තැනකට යනව දකින්න ආසයි.. ඒත් ඒවා මගේ ආසාවල් විතරයි සමහරවිට එයාට වෙන ආසාවල් ඇති.. මොනාටත් තව අවුරුදු හත අටක් තියෙනවා .. :)
ReplyDeleteවෛද්‍ය වෘත්තිය යනු සරලව ගත් විට නිල් කරපටි රැකියාවකි. උසස් පෙළ කඩඉම පන්නා ගත්ත ද, විශ්වවිද්‍යාලයේ ද, ඉන් පසුව සීමාවාසිඛ කාලයේ ද දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේ.
Deleteතවත් ඉහළ ඉගෙනීමට යොමු වීම ඒ හා සමානවම දුෂ්කර ක්‍ර්‍රියාවකි.
රසික ,
ReplyDeleteඉහත කතා සියල්ල සාපේක්ෂව සත්‍යයන් විය හැකිය. එහෙත් මිනිස් වර්ගයාගේ සිහින යතාර්තයන් බවට පත් කලේ ඉංජිනේරු ශාස්ත්‍රය බවට මම තර්ක කරමි. මේ පූර්ව නිගමනය සදොස් නම් පෙන්වා දෙන්න.
+CP
CP,
Deleteඉංජිනේරු ශාස්ත්‍රය/විද්‍යාව ගොඩනැගී තිබෙන්නේ බටහිර (වෙස්ට් - යුරෝපා/ ඇමරිකන් සංස්කෘතික දැනුම මූලික වූ) භෞතික/ රසායනික සහ ජීව විද්‍යා සහ ගණිත ශාස්ත්‍රය පදනම්වය. කෙසේ නමුත් විද්‍යාවෙන් කෙරෙන්නේ විධිමත් හා ක්‍රමානුකුල අධ්‍යයනයක් තුලින් භෞතික දේවල් ගැන තේරුම් ගැනීමට උත්සාහ කිරීමක් බව ඔබ දන්නවාද?
ඇත්තෙන්ම එය අගය කළ යුතුය. අද විද්‍යාව මගින් කාර්මික ක්ෂේස්ත්‍රයේ අති විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එහෙත් විද්‍යාඥයින්ගේ සීමිත දැනුමෙන් විශ්වයේ ආරම්භය ගැන හෝ ජීවයේ මූආරම්භය ගැන හෝ සම්පුර්ණයෙන්ම හැදැරීමට හැකිවී නැත. එබැවින් විද්‍යාඥයින් ඉදිරිපත් කරනු ලබන වාදයන් කාලයෙන් කාලයට වෙනස් වන්නේය. එසේම විද්‍යාවට මරණයෙන් මතු ජීවිතය පිලිබඳ හැදැරීමට හැකියාවක් නොමැත. එම කරුණු අපට දැනගත හැකි එකම ක්‍රමය දෙවියන් පහළ කළ දහම තුලින් පමණි.
අල්-කුරානය දෙවියන්ගෙන් පහළ වූ පණිවිඩයකි. එහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති කිසිම කරුණක් විද්‍යාත්මක උපකරණ වලින් හෝ මිනිසාගේ පංචේන්ද්‍රියන්ගෙන් ලබාගෙන නොතිබීමයි. තවද එහි ඇති කිසිම කරුණක් මෙතෙක් අභියෝගයට ලක්වී නොමැත. අප අතර ඇතැම් අය කුරානය ගැන විමර්ශනය කරනේ අරාබි බස හෝ එය පහළ වූ හේතු හෝ දැන ගෙන නොවේ. එහෙත් අරාබි බස හොඳින් දන්නා යුදෙව්වන් කුරානයේ ඇති අහියෝග ජය ගැනීමට කොතෙක් උත්සාහ කලත් ඵලක් වී නොමැත. ඉදිරි අනාගතයේදීත් එසේම වනු නො අනුමානය.
අල්-කුරානයේ අරමුණ මිනිසාට විද්‍යාව ඉගැන්වීම නොවේ. එහෙත් එහි දෙවියන්ගේ මැවීම් සහ ක්‍රියාවන් පිලිබඳ බොහෝ කරුණු ඇතුලත් කොට තිබෙමෙන් දෙවියන් ගැන අවබෝදයක් ලබා ගත හැකිය. උදාහරණයක් වශයෙන් පෘථිවියට යකඩ ලොහකය ලැබුණු අන්දම, මිනිස් කළලය විකසනය වන අකාරය, විශ්වයේ ප්‍රසාරණය, කඳුවලින් පෘතුවියේ ස්ථායිතාව කෙරෙහි බලපෑම, අපට දෘශ්‍යමානවන සහ අදෘශ්‍යමාන දේවල් සෑම එකක්ම යුගල වශයෙන් මවා තිබීම සහ තවත් බොහෝ දේවල් කුරානයේ සඳහන් වීමෙන් එය දේව පණිවිඩයක් බව දැනගත හැකිය. මෙම කරුණු විද්‍යාවෙන් සොයාගනු ලබුවේ ඉතා දියුණු උපකරණ භාවිතා කරමින් විසිවන සියවසේය.
අල්-කුරානයේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ සුර්යාගේ සහ චන්ද්‍රයාගේ ගමන, පෘථිවිය පිලිබඳ විස්තර, ජලචක්‍රය, සාගර විද්‍යාව සම්බන්ද කරුණු එහි අඩංගු කොට තිබීමය. තවද ඉතා ප්‍රාථමික ප්‍රවාහන ක්‍රමයක් තිබෙන හත්වන සියවසේදී අභ්‍යාවකාශතරණය පිලිබඳව අල්-කුරානයෙන් අභියෝගය කොට තිබීම සුවිශේෂී කරුණකි. එහෙත් අභ්‍යාවකාශ තරණය සිදු කරනු ලැබුවේ විසිවන සියවසේදීය.
ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කලේ විසිවන සියවසේදී වුවත් අල්-කුරානයේ කාලයේ විස්තාරණය පිලිබඳ සංකල්පය සඳහන් වීම සැබවින්ම විමතියට හේතුවකි. මේවායින් ගම්‍යවන්නේ අල්-කුරානය මිනිසාගේ නිර්මාණයක් නොවන වගයි.
නවීන විද්‍යාවේ සොයා ගැනීම් වලින් කුරානයේ ඇති විද්‍යාත්මක සංකල්ප 100% සනාථ වී ඇත. ඉන් නිගමනය කළ හැක්කේ එහි ඇති අනෙකුත් සියළුම කරුණු සත්‍ය විය යුතු බවයි. එනම් මරණයට පසුව ඇති ස්වර්ගය සහ නිරය පිලිබඳව එහි ඇති සියළුම කරුණු අනිවාර්යයෙන්ම සත්‍ය කරුණු විය යුතු බවයි.
By Fasy Ajward, B.Sc. Sp. (Phy) Hons., J.Pura,
Ex. Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
රසික ,
ReplyDeleteඉහත කතා සියල්ල සාපේක්ෂව සත්‍යයන් විය හැකිය. එහෙත් මිනිස් වර්ගයාගේ සිහින යතාර්තයන් බවට පත් කලේ ඉංජිනේරු ශාස්ත්‍රය බවට මම තර්ක කරමි. මේ පූර්ව නිගමනය සදොස් නම් පෙන්වා දෙන්න.
+CP
ඒ තර්කයේ දොසක් මා දකින්නේ නෑ.
Deleteනමුත් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ දැනුම නැතිනම් ඒ ඉංජිනේරුවැඩ කරන්නට හැකියාවක් නෑ!
රසිකට දියණියන් දෙදෙනෙක් ඉන්නේ කියලා කලින් කොහේ හරි කියෙව්වා මතකයි. කොහොම උනත් එයිනුත් එක දියණියක් උසස් පෙළ කරනවා කියන්නේ දැන් එයාගේ වයස අවුරුදු 20 කිට්ටු කරලා ඇතිනේ.
ReplyDeleteමං හිතං හිටියේ රසික මෙහි දාන ඔබගේ ජයාරූප අනුව විචාරකගේ දියණියන් වගෙ අවුරුදු 30 ට කිට්ටු කරපු වයසේ ළමයි ඔබට ඇති කියලා. ඇතැම් විට රසික කසාද බැඳ ළමයි සෑදුවේ වයස අවුරුදු 40 කිට්ටු කර වෙන්නට ඇති.
ඇත්තටම මට උඹ ගැන දුකයි නිර්නාමික මචං!
Deleteමා ගැන සිතා අනවශ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් ලත වෙන්නට වීම අර පාරුවේ පුවක් වැනි දෙයක් විය යුතුයි.
අඩු වශයෙන් මේ ලිපියවත් හරියට කියලා හිටපං කො මචං?
උඹට වෙඩින් එක කියන්න නම් බැරිවුණා, නමුත් මං බැන්දේ මට වයස 29 දී, මගේ බිරිඳට වයස 27 දී.
දැන් ගිහින් ශරීතර කෘතයන් කරලා, දත් මැදලා දොයියා ගන්න, ප්ලීස්.
උඹට අද රෑට නපුරු හීන නොපෙනී, සුන්දර සිහින පෙනේවා කියා මං ප්‍රාර්ථනා කරන්නම්.
පරකන්දෙණියේ අඩු ජාතියේ පවුලක උපත ලැබූ රසිකගේ දුවත් යුනිසෙප් එකේ රස්සාවකට ගියා හෙනං.
ReplyDeleteඒකෙත් හැටි නේද?
Deleteමචං උඹ අපේ ගම පැත්තේ හෙම යන්න එපා. මං නං ඕවා ගනං ගන්නේ නැති වුණාට, තාමත් එහේ ඉන්න අපේ සීයාගේ නෑයින් උඹව අල්ලලා හම ගහයි!
ෆාසි,
ReplyDeleteඔබේ පිලිතුරට ස්තුතියි. ඔබේ දීර්ඝ පිලිතුර අනිවාර්යය ප්‍රශ්න කිහිපයක් ජනිත කරවයි.
1. මා අදහස් කලේ මිනිස් වර්ගයාගේ ලෞකික සිහින යතාර්තයක් කිරීමෙහිලා ඉංජිනේරු ශිල්පය අන් කවරකටත් වඩා මහඟු කාර්යයක් ඉටු කල බවයි. නුදුරේදීම වෛද්‍ය විද්‍යාව පවා සැලකිය යුතු මට්ටමකින් ඉංජිනේරු ශිල්පය මත රඳා පවතිනු ඇත.
2. මිනිස් සමාජයේ ලෞකික , වාස්තවික ගොඩනැංවීම් සියල්ල සිදුවූයේ නිශ්චිතවම ඉංජිනේරු මූලධර්ම මතය.ගණිතය සහ දර්ශනයේ සීමාසහිතකම් අසීරුවෙන් හෝ ජය ගත්තේ ඉංජිනේරුවන් විසිනි.
3.විද්‍යාවේ ගතිකත්වය රඳා පවතිනුයේ එය මූලික වසයෙන් අසත්‍යකරණයට ලක් කල හැකි නිසාවෙනි. යම් හෙයකින් විද්‍යාව අසත්‍යකරණයට ලක් කල නොහැකි වූයේ නම්, නිදසුනක් ලෙසට, Black body radiation ගැටලුව විසඳා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ පදනම දැමීමට මක්ස් ප්ලාන්ක් ට හැකි වේවිද? Philosophy of Science ප්‍රාමානික ලෙස හැදෑරු අයෙක් මෙය වඩාත් හොඳින් පැහැදිලි කරනු ඇත.
4. ඉහත අදහස දැන් කෝරානයට/ඉස්ලාම් දහමට ගලපා බලන්න. යම් හෙයකින් කෝරානයේ ද සඳහන් වන නූතන භෞතික විද්‍යාව මඟින්ද තහවුරු කරගෙන ඇති යම් සංසිද්ධියක්/ප්‍රපංචයක් නිවැරදි නොවන බවට භෞතික විද්‍යාව නැවත ප්‍රකාශ කලහොත් කෝරානය ඊට අනුව තම ස්ථාවරය වෙනස් කර ගන්නවාද?
+CP