Monday 6 November 2017

ෂොපින් සෙන්ටරයේ දී ය - Kuch Kuch Nahee Hota Hai


ජිවීතයේ විවිධ වකවානුවල අපට සතුටක් ලැබෙන්නේ වින්දනයක් ලැබෙන්නේ විවිධාකාර දේ නිමිති කොට ගෙන ය. උදාහරණයක් ලෙස අප කුඩා කාලයේ සඳ දැක, සමනලුන් දැක, දේදුනු දැක සතුටු වූයෙමු. තරුණ කාලයේ අප සතුටු වූයේ ඒ දේවලින් නොව වෙනත් ආකාරයේ, එනම් සඳමාලී, සමනලී සහ දේදුනු වැනි සිත, නෙත පිනවල දසුන්වලිනි.

අප තරුණ කාලයේ දැක සතුටු වූ සමහර දේ පිළිබඳව වයසට ගිය පසු අපට සිතෙනු ඇත්තේ ඒවා විසූක දස්සන කියා වීමට බොහෝ ඉඩ ඇත.

තරුණ කාලයේ නෙතට ලැබුණු දසුනකින් අපට ලැබුණු හැඟුමක්, වින්දනයක්, පසුව නොදැනී තිබී නැවතත් එක් දිනයක ලැබුණොත්, එය කෙතරම් අපුරු අත්දැකීමක් වෙනු ඇති ද?

මේ කවිය පසුගිය ජූලි මාසයේ මුල සතියේ මා අතින් ලියවෙන්නට ආසන්නතම හේතුව වූයේ එවැනි සුන්දර නොස්ටැල්ජියානූ අත්දැකීමකි.

එදා ලියවුණු මේ කවිය අද කියවන දුමිදු දොඩම්තැන්න රසිකයින්ට, එහි එන කුහුඹුවන් සහ පායනා කාලයේ වැනි යෙදුම් නිසා, අනවශ්‍ය දේ සිතීමට ඉඩ තිබේ. නමුත් මේ නිර්මාණය පාතාල ලෝකය සමග හෝ චංචනිකයින් සමග හෝ සම්බන්ධකර නොගත යුතු බව තරයේ පවසමි.

නුපුරුදු ය, නුරාගික කිතිකැවුම
ඩොලර් ශත ඇද හැලෙන
ණයපතෙන් මිණි කිකිණි හඬ නැගෙන
පායනා කාලයේ කුහුඹුවන් සැරි සරන
වස්සාන කාලයට ගබඩාව පුරවන්න දේ සොයන
හන්දියේ මහ කඩය මැද මහා දහවලේ, ගිලන් හද කිති කැවිණ
දශක දෙක හමාරක කාලයක අත් නොවිඳි අයුරකින්, සිත නුරාවෙන් පිරිණ

ඉලිප්සාකාර වූ වුවනතක දෙතොල් පට දිග හැරී මද සිනාවක් නැගිණ
පෙළෙන සිත සුව කරන, ගිලන් හද පණ වඩන, අමා ඔසුවක් ලැබිණ
දෙනෙත නෙත, නෙත දෙනෙත, නිමේෂයකට ගැටිණ
විදුලි සර පැන නැගිණ, නෙක රිදී රූ ඇඳිණ
ගත පුරා පියාඹා යනු දැනිණ
ශ්වේතවන් වූ සමනල් රෑන!

-රසිකොලොජිස්ට්


(image: sannasa.com)

21 comments:

  1. මේකෙත් කූඹියෙක් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. එකෙක් නොවෙයි ගොඩක් හිටියා!

      /* පායනා කාලයේ කුහුඹුවන් සැරි සරන
      වස්සාන කාලයට ගබඩාව පුරවන්න දේ සොයන ....*/

      Delete
  2. නාකි විසේ....

    ReplyDelete
  3. දුමිදු ? නොව,
    තුමිදු ?

    ReplyDelete
  4. දුමිදු ? නොව,
    තුමිදු ?

    ReplyDelete
  5. //"අප තරුණ කාලයේ දැක සතුටු වූ සමහර දේ පිළිබඳව වයසට ගිය පසු අපට සිතෙනු ඇත්තේ ඒවා විසූක දස්සන කියා වීමට බොහෝ ඉඩ ඇත"// එහෙම හිතෙන්න එපැයි ,

    කුහුඹුවෝ බලන්නේ තුමිඳු දොඩම්තැන්න රසිකයෝ නෙවේ , යුරේනි නොෂිකා රසිකයෝ

    ReplyDelete
    Replies
    1. ඔය යුරේනිගේ ද අර යට ඇඳුමක් ගැන කතාවක් ගියේ කාලෙකට කලින්?

      Delete
    2. ඒ ගැහැණු ළමයා ලස්සනයි නේ බන් මල්ලියේ . මොකද මේ මිනිස්සු එකේ එක ඒවා කියන්නේ. එයට තරහ ගියහම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ.

      Delete
  6. මොනාද මේ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. රසිකට නුරා සිතක් පහල වී ඇතිය.

      Delete
  7. //ණය පතෙන් මිණි කිකිණි හඬ නැගෙන // කොච්චර කිකිණි හඬ නැගුනත් වස්සනයට පෙර ආහාර රැස්කළ යුතුය.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩු ගත්තා වගේ නොවෙයි බිල ගෙව්වේ නැතිනම්!!!

      Delete
  8. //නමුත් මේ නිර්මාණය පාතාල ලෝකය සමග හෝ චංචනිකයින් සමග හෝ සම්බන්ධකර නොගත යුතු බව තරයේ පවසමි.// කුම්බියෝ ගැන රසිඅක ගේ අදහස ටිකක් මතු පිටින් විතරක් බලල ලියපු එකක්ද කොහෙද? ආනන්දේ තාප්පෙන් එහා පැත්තට ගියා නම් ටිකක් ඉගෙන ගන්න තිබුනා සැබෑව

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.