Friday 17 November 2017

විවාහ වීමේ සම අයිතිය සහ ඔසී-සිංහලයෝ - Australian marriage equavility and Australian Sinhala people


ඕස්ට්‍රේලියාවේ මෙතෙක් කල් ලිංගිකව පුරුෂයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා අයෙකු සහ ලිංගිකව ස්ත්‍රියක ලෙස තමන්ව හඳුන්වා ගන්නා අයෙකු යන යුගලයක් අතර පමණක් කළ හැකිව තිබූ නීතිමය විවාහයට එළැඹීමේ අයිතිය, කිසිදු වෙනසක් නොමැතිව, එකී නිශ්චිත යුගලයෙන් පරිබාහිර යුගල සඳහා ද ලබාදීම සඳහා නීති සම්පාදනය කළ යුතු ද යන කරුණ පිළිබඳව මහජන මතය පිරික්සීම සඳහා පසුගිය දිනවල මාසයකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති තැපැල් ඡන්ද ජනමත විචාරණයේ ප්‍රතිඵල පේරේදා නිකුත් කෙරුණි.

ඡන්දය හිමි ජනතාවගෙන් ඡන්දය පාවිච්චි කළ 80% පමණ පිරිසෙන් 61% පමණ බහුතරයක් දෙනා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ඔවුන්ගේ ලිංගික නැඹුරුව නොසලකා, ලබා දීමට තම එකඟත්වය පළ කර ඇත.

එදින සවස් වරුවේ ම, කාලයක් තිස්සේ සාකච්ඡා මගින් කෙටුම්පත් කරමින් තිබුණු, නව විවාහ නීති පනතක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, වාද, විවාද, සංශෝධන යනාදියෙන් පසුව අවශ්‍ය නීති දෙසැම්බර් මාසය වන විට සම්මත වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එයින් පසු, දැනට සිවිල්-එකමුතු නම් නිතිමය අවසරය පමණක් හිමි, විෂම ලිංගක නොවන ජෝඩුවලට, එනම්, ලිංගික පිරිමින් දෙදෙනෙකුට ද, ලිංගික ගැහැනුන් දෙදෙනෙකුට ද, සංක්‍රාන්ති ලිංගිකයින්ට ද, නීතිමය විවාහයට ඇතුළත් වීමට හැකිවෙනු ඇත.

දිගු කාලයක් තිස්සේ මා වාසය කරන ඕස්ට්‍රේලියාවේ සාකච්ඡා කෙරෙමින් තිබුණු විවාහ සමානතා ප්‍රශ්නයේ ඉතිහාසය හෝ අනාගතය පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට වඩා, මේ ඓතිහාසික අවස්ථාවේ දී මා අදහස් කරන්නේ, පෙර කී තැපැල් ජනමත විමසුම පැවති කාලයේ දී අපේ ඕස්ටේ‍ර්ලියානු සිංහලයින් අතර මා නිරීක්‍ෂණය කළ කරුණු කිහිපයක් විස්තර කරන්නටයි.

මූලික ම මට කීමට යුත්තේ, තැපැල් ජනමත විමසුමේ දී විවාහ සමානතාවයට අකමැති යැයි ඡන්දය දුන් මා දන්නා ඕස්ට්‍රේලියානු සිංහලයින්, ඒ පිළිබඳ දරන මතවාද මට සිහිකළේ අන්-සාන්-සුකී ගේ ද නිරුවත හෙළි වූ බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී පොදුවේ අපේ සිංහලයින් පෙන්වූ පුකත්වය ම ය. එය හොමෝෆෝබියාවේ ද, නොදන්නාකමේ ද, තක්කඩිකමේ ද සංකලනයක් විය.

තමන් විවාහ සමානතාවට විරුද්ධව ඡන්දය දීම සාධාරණීකරණය කිරීමට අපේ අයියලා (සහ අක්කලා) විසින් ගෙන ආ හේතු කිහිපයක් සහ ඒ කරුණු අසා මා (සහ අනෙකුත් අය) දැක්වූ ප්‍රතිචාර මෙලෙස ය.


මචං, සමලිංගික කපල්ස් ළමයි හදනවාට මං විරුද්ධයි. ඒ හින්දා මං ඡන්දෙ දුන්නේ නෝ කියලායි.

ඉතිං බං, දැනටත් ළමයි අවශ්‍ය සමලිංගික ජෝඩුවලට ළමයි ඉන්නවානේ. හදන්න කිසිම නීතිමය ප්‍රශ්නයකුත් නෑනේ. ඒ ජෝඩු විවාහ වුණා කියලා මොකක්ද ඇතිවෙන වෙනස?


අනේ ඔය නීතිය ආවොත් මගේ ළමයි හෝමෝ සෙක්ෂුවල් වේවි, ඒ හින්දා මං විරුද්ධයි.

ඔයාගේ ළමයින්ට ජාන එන්නේ ඔයාගෙනුයි ඔයාගේ හබියාගෙනුයි නේද? ළමයි දැන් ඉපදිලා ලොකු වුණු අය. රටේ නීතියකින් කොහොමද ඒ අය හෝමෝසෙක්ෂුවල් වෙන්නේ? එහෙම නීති රීතිවලින් මිනිස්සුන්ගේ ජාන වෙනස් කරන්න පුළුවනි කියලා ද ඔයා කියන්නේ?


මං බුද්ධාගමට අනුකූලව ජීවත්වෙන නිසා මං ඔය නීතිය ගේනවාට විරුද්ධයි.

ඔයාගේ බුද්ධාගමේ කොයි ධර්ම පාඨයෙන් ද, සමලිංගික විවාහය විරුද්ධවෙලා තියෙන්නේ? මං දන්න බුද්ධාගමේ නම් එහෙම දෙයක් නෑ.


මචං මං විරුද්ධවයි ඡන්දේ දෙන්නේ.

මචං, ඒ බයිබලේ නිසා නේද? උග්‍ර කතෝලික රටවල් වෙන අයර්ලන්තයේ, ප්‍රංශයේ සහ රෝමයේත් හොමෝසෙෂුවල් අයට විවාහ වෙන්න පුළුවන් නම්, ඇයි උඹේ අවුල?

අපොයි නෑ, ආගම නිසා නොවෙයි. ඒත් මං විරුද්ධයි.


ඊළඟට කියාවි සත්තු එක්කත් විවාහ වෙන්න ඕනෑ කියලා. ඒ නිසා මං විරුද්ධයි.

මේ ජනමත විචාරණයේ නැති විකාර දේවල් මේකට ඈඳා ගන්නේ ඇයි බං? ඉතිං සත්තු එක්ක විවාහ වෙන එකට විරුද්ධ වෙයං එහෙම ජනමත විචාරණයක් ආවාම. මේ යෝජනා කරන නීති වෙනස කරන්න යන්නේ මිනිස්සු සඳහානේ.


පෙර කී සංවාදවලට සහභාගී වූ අය ලංකාවේ දේශපාලනය ගැන දරණ මත පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බලන විට මට එක් අතිශය වැදගත් කරුණක් පෙනී ගියේ ය.

එනම්, ඕස්ට්‍රේලියාවේ විවාහ නීතිය සැමට සමාන කිරීමට විරුද්ධවෙන අයගෙන් අති බහුතරය, ලංකාවේ දේශපාලයේ දී පසුගිය වනචර දශකය පිළිබඳ තවමත් ළතැවෙන මරාවාදීන් බවයි!

එහි පුදුමයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සිනාසීමට (හෝ ඇඬීමට) අවශ්‍ය නම් ඉහත දැක්වූ එක් සාකච්ඡාවක් දිගට ම ඇදුණු පසු අදාළ පුද්ගලයා කියු මේ පහත කතාව බලන්න.

මිනිසුන් කරන දේ පව් (ද පින් ද කියා) තීරණයවන්නේ බොහෝ විට රටේ නීතිය අනුවයි.
(Most of bad karma will depend on the legal situation in the country)

තේරුණා ද?

මට ද එහි අදහස වැටහුණේ දෙවරක් කියවූ පසුව ය.

84 comments:

  1. This was the first time I have ever commented on any of your posts. Such a timely topic.

    I can relate to this so well. Once one of my friends said that if they ever had a gay kid, they would banish the kid from the family. Feeling sorry, I said I will offer the kid to stay at my place if they ever did that. A week later, a mutual friend very shyly asked me “are you bisexual?” When asked why would he need to know, apparently those friends have told him that since I offered my house to their HYPOTHETICALLY LESBIAN daughter- that I must be gay too. I wasn’t ashamed to be named as a lesbian, but I felt ashamed to be friends with such homophobic bigots. To think that these are the people representing Sri Lanka!

    Anyway good topic Rasika. All the best!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.

      ලෝකේ ඉන්න අනිත් අයත් තමන් වගේ තමන්ගේ වාසියට පමණක් කටයුතු කරන, අනුන් ගැන නොසලකන අය කියා තමන්ගේ මිම්මෙන් අනුන්ව මණින ඒ වගේ අය මටත් හමු වී තියෙනවා.

      නමුත්, ඒ මේ තරම් බරපතල කාරණා ගැන නොවෙයි. එනිසා, ඔබේ කතාව අසා මා තරමක පුදුඟයට පත්වුණා!

      Delete
  2. ඔයා කැනබරා වල නේද.. වැඩිම හා ප්‍රතිශතය ඔවාලගෙ නේද අයියෙ..

    මට දුක දඩුවම් විඳපු ඇලන් ට්යුරින් වැනි අය ගැනයි

    ReplyDelete
    Replies
    1. රටවල (යුරෝපය ඇමරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව etc ) නීති හා බහුතර මහජන මතයන් කාලයත් සමග (බොහෝ දුරට ප්‍රගතිශීලී ලෙස ) වෙනස් වෙනවා.

      ප්‍රශ්නය වෙන්නේ ඒවාට සංක්‍රමණය වෙන සමහර අය හා සුළු ජනයා ගේ ඇති පසුගාමී/ අන්තවාදී/නොදන්නාකම නිසා කරන කියන දේ නිසා ඒවාට ප්‍රතික්‍රියා ලෙස ඒරටවල (විශේෂයින් යුරෝපීය )ස්වදේශීය/ බහුතර අයත් ක්‍රමයෙන් සමහර දේවලදී අන්තවාදී වීමට දැන් කාලයේ ඇති ප්‍රවණතාවය. ඒත් තාම බහුතරය ලිබරල්.

      Delete
    2. ඔව්.. ඇමරිකාවේ දිශානතිය බැලුවත් දැං ලංකාවේ තියෙන බහුජන (හැංගුනු) මතයන් හා ඉතා සමපාත වෙනවා. මොකද මේ බෝසතුන් වගේ ඉන්න මිනිස්සු තනිකර ජාතිවාදී, ආගම්වාදී, නොහික්මුණු, කිසිම දෙයක් සිහි බුද්ධියෙන් සොයා නොබලන පිරිසක්.

      සතුටට කරුණ මේ වගේ ප්‍රගතිශීලි මතයන් ලෝකය තුල වැඩීමයි..

      Delete
    3. ටියුරින් ගේ කතාව මම පොඩි කාලේ ලොකු කම්පනයක් ඇති කලා.

      වික්ටෝරියා ප්‍රාන්තයේ අපි ඉන්න කොට්ටාසේ YES vote එක 73.5%. ඒ ගැන සතුටුයි.
      ලංකාවේ කට්ටිය වැඩියෙන්ම ඉන්න සමහර පැති වල YES vote එකගොඩක් අඩු උන එක ගැන නම් දුකයි.

      Delete
    4. මා ඉන්නේ සිඩ්නිවලයි. සිඩ්නි සමහර ප්‍රදේශවල තමයි සම විවාහ අයිතියට අකැමැති යැයි ඡන්දය දුන් අය වැඩිම. ඒ වැඩි වශයෙන් මුස්ලිම් ඊළඟට හින්දු සහ සහ විදේශවලින් ආ කතෝලික අය නිසා!

      Delete
  3. ලිංගිකත්වය පිළිබඳ පර්‍යේෂකයෙකු වූ ඇල්ෆ්‍රඩ් කිංසි 1943 - 1953 අතර කාලයේදී Sexual Behavior in the Human Male / Sexual Behavior in the Human Female නමින් සුප්‍රකට ග්‍රන්ථ දෙකක් එළි දක්වන ලදි. කින්සිට අනුව සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකු සමකාමියෙකු වෙයි. පුද්ගලයන් සමකාමීන් ලෙස වර්ග කිරීමටද කින්සි විරුද්ධ විය​. ඔහුට අනුව ලිංගික දිශානතිය ස්ථායී නොවේ. එය යම් යම් සාධක මත වෙනස් විය හැකිය​. උදාහරණයක් ලෙස දීර්ඝ කාලයක් පුරා සිරගත කරන ලද විශම ලිංගික සිරකරුවන් තුල ඇතැම් විට සමලිංක රුචිය වර්ධනය වූ අවස්ථාවන් ඔහු පෙන්වා දුන්නේය​. සමලිංගිකත්වය දෙස වඩාත් විද්‍යාත්මකව බැලීමට ඇල්ෆ්‍රඩ් කිංසි ගේ පරියේෂණ ඉවහල් විය​.

    Read More : http://transyl2014.blogspot.ca/2017/01/blog-post_55.html

    ReplyDelete
    Replies
    1. //උදාහරණයක් ලෙස දීර්ඝ කාලයක් පුරා සිරගත කරන ලද විශම ලිංගික සිරකරුවන් තුල ඇතැම් විට සමලිංක රුචිය වර්ධනය වූ අවස්ථාවන් ඔහු පෙන්වා දුන්නේය​. // මාත් අහල තියනවා විතරක් නෙමේ. පොඩි වරදකට හිරේ ඉඳල ඇවිත් ඉන්න ගැහැණු කෙනෙක් දැන් ඉන්නෙත් තවත් ගැහැනියක් එක්ක මමත් ටිකක් දන්නා කෙනෙක්. හිරේ ඉඳිද්දී වෙච්චි හොඳම දේ එයා "නිදහස් වීම" ලු

      Delete
    2. හැම සිරුරකම පිරිමි (testosterone) සහ ගැහැණු (estrogen) හෝමෝන දෙවර්ගයම තියෙනවා නේද?

      අජිත් කොණ්ඩේ යන්නේ නම් testosterone වැඩිවුණාමයි!

      Delete
    3. :) මට දැන් මතක් වුනා. රසික ගේ කොණ්ඩේ ගිහිල්ල නේද?

      Delete
  4. //ඒ පිළිබඳ දරන මතවාද මට සිහිකළේ අන්-සාන්-සුකී ගේ ද නිරුවත හෙළි වූ බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී පොදුවේ අපේ සිංහලයින් පෙන්වූ පුකත්වය ම ය.//

    මේක ගැන නම් කියන්න තියෙන්නේ,

    රසික, මේ විදියටම වගේ අනිත් මිනිස්සුන්ට නැති දර්ශනයක් තියෙනවා කියල හිතාගෙන ඉන්න මිනිස්සු අද කාලේ සමාජ මාධ්‍ය වලින් දකින්න පුළුවන්. ඔය ඔයා කියන එකත්වයක් වත් තක්කඩි කමක්වත් නෙවෙයි. ඔස්ට්‍රේලියාව සරණාගතයෝ නිවුගිනියාවට එලවල දානවා වගේ තමයි අනිත් රටවල් වල මිනිස්සුත්. හැම රටම සැහෙන දුරට එහෙමයි. හැම රටේම මිනිස්සුත් එහෙමයි.

    දැන් ඔය සර්වේ එක සිටි හෝල් එකකට එන්න කියල අත උස්සන්න කියනවා වගේ කරන්නේ නැතුව ශිෂ්ට විදියට රහසිගත විදියට පුද්ගලිකව ජනමතය විචාරන්න හරිගස්සල තියෙන්නේ එකනේ. ඉතින් පුද්ගලිකව අනිත් මිනිස්සු දක්වපු මතයක් ගැන එකෙන් පස්සේ එ වැඩේ ඉවර වුණාටත් පස්සේ තැන තැන කුටු කුටු ගැන එක එතකොට රසිකගේ #කත්වය නෙවෙයිද ? ඒ සර්වේ එකේවත් හේතුවක් අහල නෑනේ. මොන හේතුව නිසා වුනත් කැමැත්ත අකමැත්ත ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව පිලිගන්නවා නම් ඔයා ඒ මිනිස්සුන්ට හොමෝෆෝබියාවේ ද, නොදන්නාකමේ ද, තක්කඩිකමේ ද සංකලනයක් කියන එක රසිකගේ #කත්වය නෙවෙයිද ?

    අතින් ලැජ්ජාව වහගෙන ඉන්න ගමන් අනිත් මිනිස්සුගේ ඒවා පෙනන්න අත දික්කරනකොට තමුන්ගේ ඒවත් පේනවා. ඒක ඉතින් රසිකට විතරක් නෙවේ අපි හැමෝටම සිද්ද වෙන දෙයක් හැබැයි.

    ReplyDelete
    Replies
    1. පුකත්වය යනු කුමක්දැයි ඔබට නිසි අදහසක් නැති බව පෙනේ.
      මුලින් ඒ ගැන අධ්‍යයනක් කරන්න.
      මෙන්න සරල ගූගල් විමසුමක්-

      පුකත්වය on Google

      Delete
    2. //ඒ පිළිබඳ දරන මතවාද මට සිහිකළේ අන්-සාන්-සුකී ගේ ද නිරුවත හෙළි වූ බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී පොදුවේ අපේ සිංහලයින් පෙන්වූ පුකත්වය ම ය.//

      මෙන්න ඉහත කාරණය විස්තර කරමින් මා ලියූ ලිපියට පාර, එය ද කියවන්න.

      http://rasikalogy.blogspot.com.au/2017/09/arseholedness.html
      අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම - Arseholedness

      Delete
  5. What is wrong with saying 'no' for equal-marriage rights ?People have right to express their personal views. Everybody don't want to agree with homosexuality.There are supporters and opponents for any matter or policy.
    Before we discuss about 'Rohingya' issue we should have understand about' impartiality' of western media and international organisations. None of these are impartial.

    ReplyDelete
    Replies
    1. There shouldn't even be a vote on it. It's a personal decision among two adults. Votes should be held for things that affects everyone like tax law changes, infrastructure projects, etc...
      This is like a town is having a vote on whether a what a family should eat for dinner. It's none of their business.

      Delete
    2. ඕනෑම දෙයක් ගැන ඕනෑම අයෙකුට තමන් කැමති මතයක් දැරිය හැක.එය පුද්ගල අයිතියයි.

      මේ ලිපිය ද, රොහිංගා සරණාගතයින් ගැන ලිපිය ද නැවත කියවා බලන්න.

      මා මේ ලියා ඇත්තේ විවාහ සම අයිතියට යම් අය තමන්ගේ තක්කඩිකම, නොදන්නාකම සහ සෙනෆෝබියාව නිසා අකමැති වීම ගැන නොවේ. ඒ බව පිළිනොගෙන ලොවෙත් නැති අදාල නොවන හේතු දැක්වීම ගැන යි.

      Delete
    3. @ Anonymous 18 November 2017 at 09:52

      උදාහරණය මගින් දැක්වෙන ඔබේ අදහස නිවැරදි නෑ.

      මේක තමන් රෑට කන්නේ මොනවාද හෝ තමන් ලිංගිකව හැසිරෙන්නේ කවරෙකු සමග ද යන්න පිළිබඳව පැවැත්වුණු තැපැල් ජනමත විචාරණයක් නොවේ. මෙය සමලිංගික සම්බන්ධතාවල, සිවිල් යූනියන් නම් යම් නීතිමය බලයක් ද ඇතිව දැනටමත් ජීවත්වෙන, පිරිසට සාමාන්‍ය නීතිය යටතේ සැමට ඇති විවාහ වීමේ අයිතිය ලබා දීමේ නිති වෙනස ගැන ජනමතවිචාරණයයි.

      Delete
  6. සමරිසි විවාහ ගැන මටත් අවුලක් නැහැ. හැබැයි මට තේරුම් ගන්න බැරි දෙයක් තමයි සමරිසි යුවලක් හදා වඩා ගන්නා දරුවෙකුගේ තත්වය. පාසලේදී/සමාජයේදී තමන්ට ඉන්නේ තාත්තලා දෙන්නෙක් හරි අම්මලා දෙන්නෙක් හරි කියන එක සමග ඔවුන් ගනු දෙනු කරන ආකාරය හිතා ගන්න අමාරුයි. මට හිතෙනවා ඔවුන් කොන් වීමේ, විහිළුවට ලක්වීමේ ඉඩකඩ වැඩි බව.

    ReplyDelete
    Replies
    1. This is true, specially in SL. I don't know about Australia, but in USA the situation is changing. I live in a large, diverse city, so my experience might not be the same as what someone would get in rural Alabama.
      For example, one of the teachers in my Daughters daycare is a lesbian. She is happily married and they have a daughter together. Even the kids books, movies displays diversity.
      There are straight , same-sex couples, inter-racial families in kids stories. There are characters of kids from various ethnicity, various disabilities in them. So the situation is changing. I know gay/lesbian individuals from my work and at my university. Even one of my professors at the university was a trans-gender and he was undergoing hormone therapy at that time to be a woman.
      So the situation is changing. That is the correct thing to do. You should not deny basic human rights for individuals based on wrongdoings of others.

      Delete
    2. එක ඇත්ත. සමහර ළමයි කියන්නේ නැහැ. හැබැයි ලන්දැන් වල වගේ ඔය තත්වය නැහැ.

      Delete
    3. මගේ අත්දැකීම් අනුව අලුත් පරම්පරාව තම වැඩිහිටියන්ට වඩා ඉතා ප්‍රගතිශීලියි.

      සමාජය වෙනස් වෙනවා!

      Delete
  7. කලින් ලිපියේ සිංහලයින් පෙන්වූ පුකත්වය ගැන මගේ අදහස් සමපාත වෙන්නේත් රාජ්ගේ සහ අජිත්ගේ අදහස් සමගයි. එහෙම බැලුවම මම ඉන්නෙත් රසික ඔය කියන පුකත්ව සිංහල category එකේ :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔබ -

      සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නීරෝගී වෙත්වා යනාදී වශයෙන් සිතනකොට,
      සියළුම මනුශ්‍යයින් එක හා සමානය කියා කියනවිට

      වරහන් ඇතුලේ (රොහිංගා/දෙමළ/අරාබි/මුස්ලිම්) යනාදී වෙනත් උප කුලක අයින් කරලා ද, සියළු සත්වයින් කියන සර්වත්‍ර කුලකය අර්ථදක්වා ගන්නේ?

      සියළු සත වෙත මහා කරුණාව පෑ ලොව්තුරා බුදුනුත්, රොහිංගලා, අරුංලා, මුංලා, අයින් කරලා ද සියළු සත්වයින් කියා කියන්ණ ඇත්තේ?

      Delete
  8. /ඊළඟට කියාවි සත්තු එක්කත් විවාහ වෙන්න ඕනෑ කියලා. ඒ නිසා මං විරුද්ධයි./ දැනටමත් බල්ලෝ පුසෝ එක්ක ම ජිවත් වෙන මිනිස්සු ඉන්නේ, නීතිමය බැඳීමක අවශ්‍යතාවක් නැත්තේ ඒ සත්තුන්ගෙන් තවම එහෙම ඉල්ලීමක් ඇවිල්ලා නැති නිසානේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කතා නම් නියම පුකත්වය තමයි.

      මං සමලිංගිකයින්ට විරුද්ධයි, උංට සමතැන දෙනවාට මං අකැමැතියි කියන අය ඇත්තටම මේ විහිළුකතා කියන උංට වඩා ගොඩක් හොඳයි නේද?

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැදගත් කමෙන්ටුවක් නේ.
      ඇයි මකා දැම්මේ?

      Delete
  10. කාලයක් ඇනෝල කීප දෙනෙක් (හෝ එක්කෙනක්) රශික යන යන පස්සෙන් ආව නේද, උන්ට ඇතිවෙලා වගේ.
    නැත්නම් අද මෙතන ඩෙඟා නටයි ඇවිදින් හිටන්, එයාලට නියම ටොපික් එකක්නෙ

    ReplyDelete
    Replies
    1. මා අදහස් වාරණයට අකැමැති වුනත්, ඒ දෙලොවටම නැති පිස්සු කෙලින ඇනෝලා නම් නැති එක හොඳයි කියා සිතෙනවා.

      Delete
  11. 'Yes'! Yes... :)

    පෝස්ට් එකෙන් පිට නිකමට ටිකක් දුරට හිතුවා.. මට එහෙම gay feelings ඇතිවෙලා නැති නිසාද මංදා මෙච්චර කාලෙකට හිතිච්චි නැති දෙයක්.. නිකමට හරි ලංකාවෙත් සමලිංගික විවාහ නීතිගත වෙලා තිබ්බනං.. පෞද්ගලිකව මම 'කොල්ලෙක්ව' කසාද බැඳගෙන ආතල් එකේ ඉන්නවා.. :)) ඌත් හම්බ කරලා මාත් හම්බ කරලා ළමයෙකුත් ඕනිනම් අරගෙන හදාගන්ඩ ඩේ කෙයාර් එහෙකට හරි දාල.. ඌටත් නිදහස් මටත් නිදහස්.. හැක්. අම්මෝ එතකොට අපේ රටේ ගෑණු! උන්ටත් තව 'ගැහැණියක්'ම කසාද බැඳලා ඉන්න පුළුවන් වෙයිද? වැරදිලාවත් ගෙදර ටැප් එක කැඩුනොත්.. වාහනේ ස්ටාට් නොවී තිබුනොත්.. බල්බ් එකක් පිච්චුනොත්.. රෑ කළුවරේ ලයිට් නැතුව ඉන්න උනොත්.. වෙන එකක් එපා කුස්සියට කැරපොත්තෙක් ආවොත්.. හෙක්..

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ කමියටත් හිතෙන දේ?

      Delete
    2. //වැරදිලාවත් ගෙදර ටැප් එක කැඩුනොත්.. වාහනේ ස්ටාට් නොවී තිබුනොත්.. බල්බ් එකක් පිච්චුනොත්.. රෑ කළුවරේ ලයිට් නැතුව ඉන්න උනොත්..// මෙන්න male chauvinisට කෙනෙක් :)

      Delete
    3. හරි..හරි.. නිකම් මොකටද කතා අහ ගන්නේ.. කෙල්ලනේ.. උඹල උඹල බැඳලා බැරිනම් ලිහල හරි කැමති විදියකට හිටපල්ලා.. :)))))))))))))))

      Delete
    4. සැමියන් ඉන්න කාන්තාවන් තමයි ඔය කියන වැඩ තමන්ගේ මිනිහාට පවරන්නේ. සැමියන් නැති කාන්තාවන්ව ඒ අනුව මනින්න බෑ.

      ඒ නැතිම වුනත් මේ වගේ සර්විසස් පවා තියෙනවා.

      Hire a Hubby

      Delete
  12. අපට හිරිහැර කරන්නෙ නැත්තං ඕනැ ස්ත්‍රී ලිංගයක් නීතිගත වුණාට කමක් නෑ මටනම්.

    ReplyDelete
  13. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්ටලුනේ!
    රසිකත් ඉතින් කොල්ලෙක් බැඳ ගත්තට ඔය ප්‍රතිචාර දැක්වූ අය මොකුත් කියන එකක් නැහැ.

    ReplyDelete
  14. // ඒ පිළිබඳ දරන මතවාද මට සිහිකළේ අන්-සාන්-සුකී ගේ ද නිරුවත හෙළි වූ බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී // මේවා එකතු කරනවට මම විරුද්ධයි රසික. මේක මම ඔයාව ලන්ඩන් වල හමුවුන වෙලෙත් කතා කලා. දැන් අර සිවාජි ගනේෂන් බලන්න. සිංහල එවුන් ට එපා නම් පොර කියනවා රෝහින්ගියා කට්ටියට යාපනේ එන්නලු. එයාට බැරිද අර ප්‍රභාකරන් එලවල දැන් පුත්තලම් පැත්තේ අවුරුදු ගානක් ඉන්න මුස්ලිම් මිනිසුන්ට එන්න කියන්න ඇවිල්ල පදිංචි වෙන්න කියන්න ඊට කලින්. රෝහින්ගියා වැඩේට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි බුරුම ආමි එකට. නමුත් උද්දහරෙනට බලන්න. බිබිසි එක කවදාවත් මුස්ලිම් ත්‍රස්තවාදීන් කියල ලියන්නේ නැහැ. නමුත් බෞද්ධ ත්‍රස්තවාදීන් හා බෞද්ධ මැරයින් කියල ලියනවා. ඔයා හොඳටම දන්නවා මගේ ඔය බෞද්ධ අන්තවාදයක් නැහැ. නමුත් ඔය මාධ්‍ය වල දෙබිඩි කමට මම අකැමතියි. මුස්ලිම් එවුන් පාකිස්තානේ ක්‍රිස්තියානි එවුන්ට ගහන ඒවා මරණ ඒවා ලියවෙන්නේ කොහෙද? පක්ස්ථානය හිතවත් නිසා එව්වා ලියන්නේ නැහැ. මහේ ඉන්නව ක්‍රිස්තියානි පක්ස්තනු එවුන් බොහොම අමාරුවෙන් පැනල ආපු. මුළු පවුලම ගැහැණු දුෂණය වෙලා ළමයි ගිනි තියල මරල පන බේරන් ආපු එවුන්. ලියවෙනවා අඩුයි,


    සමලිංගික කතාව ගත්තොත් මම කොහොමත් ඕවට පක්ෂයි. එංගලන්තේ සම්මත කලේ හුඟක් කලින්. වැඩිහිටි මිනිසුන් සමාජයට කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ නීතිමය විධිහට ජිවත් වෙනවා නම් එක කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැනේ.

    ReplyDelete
    Replies
    1. අජිත්, එදා ඔබ මට ඔබ දන්නා බංගියෙකු ගැනත් කීවා මතකයි.

      ඒ සේරම විස්තරවලින් මට පැහැදිලි වුනේ ඔබේ මතය ඒ බංගියා, ෂිවාජි ගනේෂන් ඇතුළු අන් අය ගේ හැසිරීම් සහ දක්වන අදහස් මත තීරණය වෙන එකක් කියායි.

      මා නම් මගේ මතයක් දරනවා, අන් අයගේ කතාබහ හැසිරීම් නිසා එය වෙනස් කරන්නේ නෑ.

      මගේ ඒ ලිපිය නැවත කියවන්න. මා ලියූ දේ සමහරු නිවැරදිව තේරුම් ගෙන නෑ.

      http://rasikalogy.blogspot.com.au/2017/09/arseholedness.html
      අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම - Arseholedness


      !!!

      Delete
    2. //ඒ සේරම විස්තරවලින් මට පැහැදිලි වුනේ ඔබේ මතය ඒ බංගියා, ෂිවාජි ගනේෂන් ඇතුළු අන් අය ගේ හැසිරීම් සහ දක්වන අදහස් මත තීරණය වෙන එකක් කියායි.// ඔබ වැරදියි. මගේ මතය පැහැදිලි කර බ්ලොග් ලිපියක් ලියන්නම්. සිවාජි ලා වත් දාල

      Delete
    3. මෙන්න එදා ඔබ පළ කළ අදහස -
      http://rasikalogy.blogspot.com/2017/09/arseholedness.html?showComment=1505466858633#c1391789202635135071

      මා ඉහත පිළිතුර ලිව්වේ ඒ අදහස සහ මෙහි ලියා ඇති දේ මට තේරුම් ගිය ආකාරය අනුවයි.

      එයට වඩා වෙනස් අදහසක් ඔබට සවිස්තරාත්මකව ලිවීමට හැකි නම් අගෙයි.

      Delete
    4. මෙන්න මගේ සවිස්තරාත්මක පිළිතුර දුන්න රසික. එදා දුන් පිළිතුරට අමතරව. මට මෙයට සාක්ෂි සොයා ගන්න සැහෙන කල් ගියා .
      රෝහින්ගියා ප්‍රශ්නයේ තවත් පැත්තක්

      Delete
  15. සමලිංගික ළමයි දරුවන් හදනවා කියන්නේ කොහොමද එහෙම වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබ අසන්නේ සමලිංගික යුවලත් දරුවන් හදන්නේ කොහොමද කියා විය යුතුයි.

      කාන්තා සමලිංගික යුවලක නම්, එක් අයෙකු තමන්ගේ ඩිම්බයක් සහ පරිත්‍යාග කරන ලද ශුක්‍රාණු මගින් කළලයක් සාදා තම ගර්භාෂයේ තැන්පත් කරනවා. මෙය දරුවන් නැති විෂම ලිංගික අයත් කරන (IVF) දෙයක්.

      ඕස්ටේ‍ර්ලියානු සෙනෙට් සභික පෙනී වොංග් (Penny Wong) සහ ඇගේ බිරිඳට ඉන්නේ එවැනි දරුවෙක්.

      සමලිිංගික පිරිමි දෙදෙනෙකුගෙන් එක් අයෙකුට තම ශුක්‍රාණු බාහිර ඩිම්බයක් හා කෘතිමව සංසේචනය කර කළලයක් සාදා එය ගර්භාෂයක තැන්පත් කර දරුවෙකු බිහිකර ගත හැඛියි. පෙර සේමයි.

      බොහෝ දෙනෙකු දරුවන් හදා ගන්නවා (adopt).

      Delete
  16. ලෝකයේ දියුණුව සිද්ධ වෙනකොට වනචාරි යුගයට නැවත යාමක් සිදුවෙයිද යන්න හිතෙන තරමට සමාජයේ තිබෙන විවිධ ගැටළු උත්සන්න වෙනවා. සදාචාරය සාරධර්ම සුණු විසුණු වෙලා තියනවා. ළමා විවාහය වැනි දෑ තිබුණි පැරණි ඉන්දීය බ්‍රාහ්මණ සමාජය ඉතා තදින් විවේචනයට ලක්වුණා. නමුත් වර්තමාන බටහිර සංස්කෘතිය මේ සියල්ල අබ්භිබවමින් ඉදිරියට යන බවක් තමා පේන්න තියෙන්නේ. සමලිංගික විවාහ නීතිගත වුනාට පස්සේ තව ඉස්සරහට කුමන උප සංස්කෘතීන් බිහිවේවිද ? යන්න ගැටළුවක්
    හැබැයි සුද්දා කරන ඕන වැඩක් හරි කියන අයට මෙය ගැටළුවක් නොවේවි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ලෝකයේ සමලිංගිකයින් ඉන්නේ 10% අඩුවෙන්. එයින් සම්මත විවාහ වීම ඉල්ලන්නේ සමහරුන් පමණයි.

      මේ නිතිය විවාහය සඳහායි. ලිංගික හැසිරීම් හැමදාම සිදුවුණා, සිදුවෙනවා!

      Delete
    2. රටක සැමට සමාන මානව අයිතිවාසිකම් තිබිය යුතුයි. සම අයිතිය නැතිවීමයි මෙහි තිබුණු ප්‍රශ්නය.

      දැන් Australiaවේ විෂමලිංගික, සමලිංගික වෙනසක් නැතුව කැමති උං බඳියි, නැති උං නිකං ඉඳියි.

      Delete
  17. එතකොට ඔය ඕස්ට්‍රේලියාවේ විවාහ නීතිය සැමට සමාන කිරීමට කලවිට ඔය රටේ ඉන්න විෂම ලිංගක නොවන ජෝඩුවලට, එනම්, ලිංගික පිරිමින් දෙදෙනෙකුට ද, ලිංගික ගැහැනුන් දෙදෙනෙකුට ද, සංක්‍රාන්ති ලිංගිකයින් ඔකොමලා කසාද බඳී ද නැති නම් ඔය දැන් සිටින සේ "ලිවින් ටු ගෙදර්" විදිහම ඉඳීවිද අවම වචයෙන් 10% ක් වත් කසාද බැන්දොත් ලොකු දෙයක්. විරුද්ද ලිංගිකයින් කොපමන සිටිනවද කසාද නොබැඳ "ලිවින් ටු ගෙදර්" ආකාරයට

    ReplyDelete
    Replies
    1. රටක සැමට සමාන මානව අයිතිවාසිකම් තිබිය යුතුයි.
      කැමති උං බඳියි, නැති උං නිකං ඉඳියි. සම අයිතිය නැතිවීමයි මෙහි තිබුණු ප්‍රශ්නය.

      Delete
  18. තේරෙන්නේ නෑ සමලිංගික මිනිස්සු ගැන ඇයි මෙච්චර වෛරයක් කියලා. එහෙම මිතුරන් ඉන්නවා නම් තේරේවි ඒ අයත් හැඟීම් දැනීම් තියෙන අපි වගේම මිනිස්සු කියලා.
    බුට් කතා/ෆිල්ම් හොටු පෙරාගෙන අඬ අඬ බලන මිනිස්සු සමලිංගික කෙනෙක්ට තමන් ආදරේ කෙනා එක්ක ඉන්න, විවාහ වෙන්න බැරි වෙන එකට සංවේදී වෙන්නේ නැත්තේ ඇයි?
    අවුරුදු 15-16 දරුවෙක් කාලේ මට තේරුණු මේ දේ අවුරුදු 30-40-50 පැනලත් සමහර අය තේරුම් නොගන්නේ ඇයි?
    හදවත විවෘත නොවීම නිසා... අනෙකා කෙරෙහි empathy නැති නිසා...

    ReplyDelete
    Replies
    1. ඔයා ලෙස්බියන්ද

      Delete
    2. @ නීරෝ

      මා අවබෝධකරගත් පරිදි අපට තේරෙන දේ මේ කියන අයට නොතේරෙන්නේ නොදන්නාකම, හෝමෝෆෝබියාව සහ ඒ වගේම තක්කඩිකමත් නිසායි!

      Delete
    3. @ Anonymous 20 November 2017 at 01:01

      ඔබේ ප්‍රතිචාරය මට සිහිකළේ මේ ලිපියේ මුලින් ම යොදා ඇති ප්‍රතිචාරයයි!
      https://rasikalogy.blogspot.com/2017/11/australian-marriage-equavility-and.html?showComment=1510889628363#c2622751772923244735

      Delete
  19. මාතලන් නමැති බ්ලොග් ලියන්නා නැවතත් කෙහෙවලු පටලවාගෙන බුකියේ අසුචි ගඳ ගස්සමින් සිටී. මේ පුද්ගලයාට අප අනුකම්පා කල යුතුය.මේ හීනමානයයි.රියලිටියේ ටුවර් ගයිඩ් කෙනෙකුට සයිබර් ෆැන්ටසිය තුල කාඩ්බෝඩ් විචාරක විශ්ලේෂක පොරක් වීමට පුළුවන . ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ඇත්නම් පොල් කඩන සිමයියටද දේශපාලන විචාරකයෙකු විය හැක.එසේ වූ පමණින් සයිබර් ෆැන්ටසිය හා මහපොළොවේ රියලිටිය අතර වෙනස හඳුන නොගතොත් සිදු වන්නේ සයිබර් ජෝකරයෙකු බිහි වීම පමණකි.

    ReplyDelete
  20. තමන්ගේ හැඟීම් ගැන පමණක් නොව අනෙක් අයගේ හැඟීම් ගැනත් සංවේදී වූ ඔබ රටේ ජනතාවට මගේ ප්‍රණාමය. මගේ පරණ පෝස්ට් එකක ලිවූ කොටසක් එකතු කරන්න අවසර.

    //ඔබට සමලිංගික සහෝදරයෙක්, සහෝදරියක්, දියණියක් හෝ පුතෙක් සිටින කෙනෙක් යැයි මොහොතකට සිතන්න. ඔබ විරුද්ධ ලිංගයක අයට ආකර්ෂණය වෙන කෙනෙක් නම් ඔබට බලයෙන් සමලිංගික අයකු සමඟ එකට නිදා ගැනීමට, සංසර්ගයේ යෙදීමට සැලැස්වුවහොත් හෝ සිදුවුවහොත් ඔබ පත්වන ජුගුප්සාජනක තත්ත්වය ගැන මොහොතකට හිතන්න. සමලිංගික අයෙක් සාමාන්‍ය විවාහයකට බලයෙන් තල්ලු කිරීමෙන් ඒ අයට මුහුණ පාන්න වෙනෙනෙත් ඒ හා සමාන දේකට නේද? එවිට ඔබගේ සහෝදරිය, ඔබගේම දියණිය එවන් තත්ත්වයකට පත් කරන්නේ ඔබම නේද යන්න කියා සිතා බලන්න. //

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඉයන්.
      විවිධ සමාජ බලපෑම් නිසා විෂමලිංගික විවාහ කරගෙන ජීවිත කඩාකප්පල්කරගත් අය ලංකාවේ එමට ඉන්නවා නේද?

      Delete
  21. " එනම්, ඕස්ට්‍රේලියාවේ විවාහ නීතිය සැමට සමාන කිරීමට විරුද්ධවෙන අයගෙන් අති බහුතරය, ලංකාවේ දේශපාලයේ දී පසුගිය වනචර දශකය පිළිබඳ තවමත් ළතැවෙන මරාවාදීන් බවයි!

    එහි පුදුමයක් නැත.

    -රසිකොලොජිස්ට් "

    වනචර දසකෙ ඉවර වුනා මෙයා. දැන් ඔයාටයි මටයි පුක් පාරක් ගහගෙන, ලොලිපොප් කාගෙන ඉන්න පුළුවන් සුන්දර රටක් අpita යහපාලනෙන් උදා කලා
    UNP කාරයෝ කොලුකාරයෝ නිසයි අපිට මෙහෙම ආතල් එකේ ඉන්න පුළුවන් සුන්දර රටක් ඇති වුනේ. අපිත් බඳිමු රසී.

    ReplyDelete
    Replies
    1. ඔබ පිරිමියෙකු යැයි උපකල්පනය කරමි.

      විවාහ යෝජනාවට ස්තුතියි. නමුත්, මා සමලිංගිකයෙකු නොවන නිසාත්, විවාහකයෙකු නිසාත්, ඒ යෝජනාව කාරුණිකව ප්‍රතික්‍ෂේප කරමි.

      ඔබේ ප්‍රශ්න නිමා වී ජීවිතයට සහනයක් ලැබේවා!

      Delete
  22. //ඡන්දය හිමි ජනතාවගෙන් ඡන්දය පාවිච්චි කළ 80% පමණ පිරිසෙන් 61% පමණ බහුතරයක් දෙනා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ඔවුන්ගේ ලිංගික නැඹුරුව නොසලකා, ලබා දීමට තම එකඟත්වය පළ කර ඇත.//
    කොහෙද මේ survey එකේ ලිංගික නැඹුරුවක් ගැන අසා තිබුණේ ?
    ඔවුන් ඇසුවේ ' Should the law be changed to allow same-sex couples to marry?" පමණයි නේද?

    ඔබ කොමෙන්ට් එකක ලියා තිබෙනවා //මා ඉන්නේ සිඩ්නිවලයි. සිඩ්නි සමහර ප්‍රදේශවල තමයි සම විවාහ අයිතියට අකැමැති යැයි ඡන්දය දුන් අය වැඩිම. ඒ වැඩි වශයෙන් මුස්ලිම් ඊළඟට හින්දු සහ සහ විදේශවලින් ආ කතෝලික අය නිසා!//
    ඔබ කොහොමද මේ නිගමනයට ආවේ, survey එකේ ඉහත ප්‍රශ්නය හැර වෙන කිසිවක් (ආගම්, පැමිණි තැන ආදිය) ගැන සෙවුවේ නැහැ නේද?

    //පෙර කී සංවාදවලට සහභාගී වූ අය ලංකාවේ දේශපාලනය ගැන දරණ මත පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බලන විට මට එක් අතිශය වැදගත් කරුණක් පෙනී ගියේ ය.
    එනම්, ඕස්ට්‍රේලියාවේ විවාහ නීතිය සැමට සමාන කිරීමට විරුද්ධවෙන අයගෙන් අති බහුතරය, ලංකාවේ දේශපාලයේ දී පසුගිය වනචර දශකය පිළිබඳ තවමත් ළතැවෙන මරාවාදීන් බවයි! // විශ්ලේෂණාත්මකව බලන්නට ඔබ කී දෙනෙක් සමග සංවාදවලට සහභාගී වුනාද? කොපමණ ප්‍රතිශතයක් ලාංකිකයන් සමගද? research/ surveys ගැන ඔබ මැවිසුරුකම් අධ්‍යනයේදී ඉගනගන ඇතියි සිතමි. p -value (පුකත්වය නොවේ) වැනි දේ ගැන ඔබ අසා ඇතැයි සිතමි.
    කෙසේ වෙතත් ඔබම ලියු පහත පලවන දෙය ඔබටම කොපමණ අදාළ වේ දැයි සිතන්න.

    //ලෝකේ ඉන්න අනිත් අයත් තමන් වගේ තමන්ගේ වාසියට පමණක් කටයුතු කරන, අනුන් ගැන නොසලකන අය කියා තමන්ගේ මිම්මෙන් අනුන්ව මණින ඒ වගේ අය මටත් හමු වී තියෙනවා.// අනුන්ට කීවාට ඔබත් එසේම නේද?.

    (මිලියන අටක් කැමතියි කියන විට) මිලියන පහකට කිට්ටු ඕස්ට්‍රේලියානුවන් මෙයට අකමැත්ත ප්‍රකාශ කර තිබේ. තවත් විධියකින් කියනවානම් දහයක් පමණ කැමතියි කියනකොට හයක් පමණ අකමැතියි කියා තිබේ.
    ඔබ හැර අනෙකුත් සියලුම ලාංකික හා ලාංකික සම්භයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මෙයට අකමැතියි කීවත්, තවත් මිලියන හතර හමාරක් පමණ රටවැසියන් මෙයට අකමැති වෙලේ, ඔබ "අපේ අයියලා (සහ අක්කලා)" කිහිප දෙනෙක් ගැන පමණක් කතා කරන්නේ ඇයිද?
    මේක ඔබගේ පුකත්වයේ, නොදන්නාකමේ හා තක්කඩිකමේ සංකලනයක් ද?

    ReplyDelete
    Replies
    1. රසිකට මෙව්වට උත්තර නෑ. කොටින්ම කිව්වොත් ඕස්ට්‍රේලියානු හමුදාව ගිහිං ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ කරපු මිනීමැරීම් ගැන වචනයක් නොකියපු රසික බුරුමය ගැන කතා කිරීමට කට ඇරීම?

      Delete
    2. 1.
      "//ඡන්දය හිමි ජනතාවගෙන් ඡන්දය පාවිච්චි කළ 80% පමණ පිරිසෙන් 61% පමණ බහුතරයක් දෙනා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ඔවුන්ගේ ලිංගික නැඹුරුව නොසලකා, ලබා දීමට තම එකඟත්වය පළ කර ඇත.//
      කොහෙද මේ survey එකේ ලිංගික නැඹුරුවක් ගැන අසා තිබුණේ ?"

      එහි අදහස ලිංගික නැඹුරුව නොසලකා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ලබා දීමට බහුතරයක් දෙනා ඡන්දය දුන් බවයි.

      ඔවුන් ගේ යනු රටේ සෑම පුරවැසියෙකු ගේ යන්න ය.

      දැනට විවාහවීමට අවසර ඇත්තේ විෂමලිංගිකයින්ට පමණි.

      මා ඒ වැකිය ලියූ රටාව නිසා මගේ අදහස ඔබට තේරුම් ගොස් නැති බව පෙනේ.

      Delete
    3. 2.
      "ඔබ කොමෙන්ට් එකක ලියා තිබෙනවා //මා ඉන්නේ සිඩ්නිවලයි. සිඩ්නි සමහර ප්‍රදේශවල තමයි සම විවාහ අයිතියට අකැමැති යැයි ඡන්දය දුන් අය වැඩිම. ඒ වැඩි වශයෙන් මුස්ලිම් ඊළඟට හින්දු සහ සහ විදේශවලින් ආ කතෝලික අය නිසා!//
      ඔබ කොහොමද මේ නිගමනයට ආවේ, survey එකේ ඉහත ප්‍රශ්නය හැර වෙන කිසිවක් (ආගම්, පැමිණි තැන ආදිය) ගැන සෙවුවේ නැහැ නේද?"

      එය මා පමණක් කියූවක් නොවේ.

      එක් එක් මැතිවරණ කොට්ටාශවල ඡන්දය දුන් ප්‍රතිශතයන් සහ ඒ ඒ කොට්ටාශයේ ඡන්දදායකයින් ගේ මව් භාෂාව/ආගම/උපන් රට වැනි දේ සංසන්දනය කරමින් කළ විශ්ලේෂණ අනුව සහ ඒ ඒ ජන කණ්ඩායම්වල නියෝජිතයින් කළ ප්‍රකාශ අනුව ලියූ වැකියකි.

      මෙන්න එක ලිපියක්. තවත් බොහෝ ලිපි ඇත. සොයා කියවන්න.

      http://www.smh.com.au/federal-politics/political-news/samesex-marriage-result-why-multicultural-communities-registered-huge-no-votes-20171115-gzltjr.html

      Another one:
      http://www.illawarramercury.com.au/story/5064447/the-yes-and-no-city-why-sydney-is-so-divided-on-same-sex-marriage/?cs=7

      Delete
    4. Another one:

      http://www.smh.com.au/federal-politics/political-news/samesex-marriage-the-multicultural-communities-that-voted-yes-20171116-gzn7hb.html

      Delete
    5. මේ ලිපියේ අදහස රසික ගේ අදහසට වෙනස් නේද? මෙහි කියන්න ශ්‍රී ලංකික චන්ද සංඛ්‍යාවක් සිටින තැනකත් දිනුම් කියල.
      Further south, Liberal MP Julia Banks, who counts large Malaysian and Sri Lankan populations among her Chisholm constituents, said she was "incredibly proud" of her electorate recording a 61.6 per cent "yes" vote.

      Delete
    6. 3.
      "විශ්ලේෂණාත්මකව බලන්නට ඔබ කී දෙනෙක් සමග සංවාදවලට සහභාගී වුනාද?"

      විශ්ලේෂණය සහ සංඛ්‍යානය ටපලා ගන්න එපා.

      එක නිරීක්‍ෂණයක් පවා විශ්ලේෂණය කළ හැකියි. එක කමටහනක් නිසා මිනිසුන් අතීතයේ රහත් වූ බව කියවෙන්නේ!

      මා ඉහත දක්වා ඇත්තේ, මා සහභාගී වූ සාකච්ඡාවලදී විවාහ සම අයිතියට විරුද්ධ අය තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්නට දැක්වූ අදහස් ගොන්නයි.

      එසේ විරුද්ධ වූයේ මගේ මිතුරන් සහ මගේ ෆේස්බුක් සටහනට අදහස් දැක්වූ අය අතුරින් සුළුතරයක් පමණයි.


      Delete
    7. 4.
      //ලෝකේ ඉන්න අනිත් අයත් තමන් වගේ තමන්ගේ වාසියට පමණක් කටයුතු කරන, අනුන් ගැන නොසලකන අය කියා තමන්ගේ මිම්මෙන් අනුන්ව මණින ඒ වගේ අය මටත් හමු වී තියෙනවා.// අනුන්ට කීවාට ඔබත් එසේම නේද?.

      මා සර්වසම්පූර්ණ පුද්ගලයෙකු නොවේ, නමුත් මා මගේ වාසිය ගැන සිතා අනුන්ට අවාසි/පාඩු/හිරිහැර වෙන ලෙස කටයුතු කරන්නේ නෑ. කොටින් ම මා දේශපාලනිකව ඡන්දය දී ඇති පක්‍ෂවල ප්‍රතිපත්ති සමහරක් නිසා මට ආර්ථික වශයෙන් පාඩු වී තියෙනවා.

      මා ලියූ ෆේස්බුකයියා නම් ලිපියත් මෙයට (අනුන් ද තමන් සේ යැයි සිතීම) අදාලයි!
      https://rasikalogy.blogspot.com.au/2017/08/499.html

      Delete
    8. 5.
      "(මිලියන අටක් කැමතියි කියන විට) මිලියන පහකට කිට්ටු ඕස්ට්‍රේලියානුවන් මෙයට අකමැත්ත ප්‍රකාශ කර තිබේ. තවත් විධියකින් කියනවානම් දහයක් පමණ කැමතියි කියනකොට හයක් පමණ අකමැතියි කියා තිබේ.
      ඔබ හැර අනෙකුත් සියලුම ලාංකික හා ලාංකික සම්භයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මෙයට අකමැතියි කීවත්, තවත් මිලියන හතර හමාරක් පමණ රටවැසියන් මෙයට අකමැති වෙලේ, ඔබ "අපේ අයියලා (සහ අක්කලා)" කිහිප දෙනෙක් ගැන පමණක් කතා කරන්නේ ඇයිද?
      මේක ඔබගේ පුකත්වයේ, නොදන්නාකමේ හා තක්කඩිකමේ සංකලනයක් ද?"

      කැළුම් රියන්සි යාපා,
      ඔබ කවුදැයි මම නොදනිමි. මට ඔබ ගැන කිව හැකි එක් දෙයක් තිබේ. එනම්, ඔබට යමක් කියවා අවබෝධ කර ගැනීමේ දැඩි ප්‍රශ්නයක් ඇති බවයි.

      මේ අහන්න-

      මා හැර අනෙකුත් සියලුම ලාංකික හා ලාංකික සම්භයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මෙයට අකමැතියි යැයි මා කියා නැත. ඒ අයගෙන් මා දන්නා අති බහුතරය මේ වෙනසට කැමති අය සහ ඡන්දය දුන් අය ය. අකැමති අයගේ ඡන්දය හිමි දරුවන් ද ඡන්දය දී ඇත්තේ කැමතියි කියා බව මගේ මිතුරන් මට පැවසූහ.

      මේ ලිපියේ මා කළේ ඒ අකැමති අය දැක්වූ අදහස් සටහන් කර තැබීමයි.

      ඒ සමගම, ඔබට උපුටා දක්වා ඇති පරිදි අකැමැති යැයි ඡන්දය දුන් වෙනත් ජනකොටස් ගැන ද මා සඳහන් කර ඇත.

      ඔබ හොමෝෆෝබියාවෙන් පෙළෙන්නෙකු නම්, එයින් ඉක්මනින් ම මිදීමට ලැබේවා යි පතමි.

      Delete
  23. ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔය සමරිසි විවාහයට විරුද්ධ හැම ජාතියකම අය එයට විරුද්ධ වන්නට හේතු ලෙස ගෙනහැර දැක්වුයේ ඔබ ඔය කියන හේතු. බලන්න මුස්ලිම් ජාතිකයින් වැඩිපුර ඉන්න පලාත්වල No
    ප්‍රතිශතය වැඩියි. ලාංකිකයින් වගේ සංවුර්ත සමාජවල හැදුනු මිනිස්සු ඔයවගේ අදහස් දැරීම පුදුමයක් නොවෙයි. බොහෝ ලාංකිකයින් ඕස්ට්‍රේලියාවේ ජීවත්වුණත් ඕස්ට්‍රේලියානු සංස්කෘතිය සහ හර පද්ධතීන් වැළඳ ගන්නේ නැහැ. විශේෂයෙන්ම පසුගිය වසර දහය අතර කාලයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අය අතර මේ ගතිය මා බොහෝ දකිනවා. ඔය සමරිසි විවාහයට විරුද්ධ පක්ෂය තැපැල් ජනමත විචාරණය කාලයේ මතුකළ ප්‍රධාන සාධකය 'ආරක්‍ෂිත පාසල්' (Safe Schools). නමුත් බහුතර ඕස්ට්‍රේලියානුවන් ආගම, සංස්කෘතිය වගේ පටු අදහස් වලට සීමා නොවුණු වඩාත් ප්‍රගතිශීලී පිරිසක් බව මේ ජනමත විචාරණ ප්‍රතිපලයෙන් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ලාංකික සම්භවය ඇති සෑහෙන පිරිසක් මේ වෙනසට පක්‍ෂව ඡන්ය දුන්නා කියායි. මා දන්නා අති බහුතරය මේ වෙනසට කැමති අය සහ ඡන්දය දුන් අය යි. අකැමති අයගේ ඡන්දය හිමි දරුවන් ද ඡන්දය දී ඇත්තේ කැමතියි කියා බව මගේ මිතුරන් මට පැවසූවේ.

      ප්‍රංශය සහ අයර්ලන්තය වැනි රටවල සම විවාහ සඳහා දැන් අනුමැතිය ඇති නිසා, මෙහි වෙසෙන උග්‍ර කතෝලික අයගේත් අදහස් වෙනස් වෙන්න ඇති. මුස්ලිම්අයට අමතරව හින්දු සමහර අයත් විරුද්ධව ඡන්දය දෙන්න ඇතැයි සිතනවා.

      Delete
  24. රසිකගේ ඉතාම කැත සිරිතක් තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවට, ලාංකිකයන්ට සහ සිංහලයන්ට හැකි හැම විටම පහර ගැසීමට හා හෙලා දැකීමට ඔහුගේ බ්ලොගය පාවිච්චි කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. ඔහු ඒ අයිතිය පාවිච්චි කරනවා. නමුත් ඔහු හේතු දැක්වීමේදී ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ නැහැ. ඔහුට හිතෙන හිතෙන දේ ලියනවා. ඔහු වගේම තමාට හිතෙන දේවල් කියන අයව පමණක් උපුටා දක්වනවා. මේක ඔබගේ පුකත්වයේ හා තක්කඩිකමේ සංකලනයක් කියා මම යෝජනා කරනවා.

    ඇහුවේ "Should the law be changed to allow same-sex couples to marry?" පමණයි. නමුත් රසික එය තමාට ඕනෑ විධියට අර්ථ දක්වනවා මෙලෙසින් : 'එහි අදහස ලිංගික නැඹුරුව නොසලකා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ලබා දීමට බහුතරයක් දෙනා ඡන්දය දුන් බවයි. ඔවුන් ගේ යනු රටේ සෑම පුරවැසියෙකු ගේ යන්න ය.'

    Australian Bureau of Statistics ඔතරම් මෝඩ යයි ඔබ සිතන්නේ ඔබගේ ' පුකත්වය' නිසා නේද?. නැතිනම් ABS ඔය වාක්‍යය තවත් දික් ගස්සා 'regardless of their sexual orientation ....' ආදී දේ එකතුකර ඕක අහන්නට තිබුනා නේද?. ෆෝම් එකේ එයට ඇතිතරම් හිස් ඉඩකඩ තිබුනානේ.

    'බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී පොදුවේ අපේ සිංහලයින් පෙන්වූ පුකත්වය ම ය' : රසික නොදන්නවාට ලංකාවේ සිංහලයින් ප්‍රමාණය සියයක් පමණ නොවේ. මිලියන කීපයකි. රෝහින්ගා ජනතාව සිටි තැන රඟ දුන්නේ සිංහල ජනතාවගෙන් සියයට දශම බිංදුවයි බිංදුවයි බිංදුවයි ප්‍රමාණයක්, අනෙක් සිංහල ජනතාව ඕකට කිසි ලෙසකවත් සම්බන්ධ උනේ නැහැ. එම නිසා ඔය චෝදනාව සම්පුර්ණයෙන්ම අසත්‍යයි.
    අනික ඔබ දන්නවාද මුලින්ම ඔය 'රෝහිංගා' ලෙසට ජන කොට්ටාශයක් මුලින්ම ඇතිවුනේ කෙලෙසද, එදා සිට බුරුමයේ අනෙක් ජනතාව සහ ඔවුන් අතර අසමගිය ඇතිවුනේ කෙසේද කියා.

    ඔබ '24 November 2017 at 15:23' Udaya Dissanayake ට පිළිතුරක් දෙනවා. වලිගෙ පෑගිලාද? සිංහලයා ගැන කියද්දී බෞද්ධයන්ගේ ඇදහීම් ගැන පිළිතුරු ලියන්නේ.

    රසික ඔබට මතකද "ඉතිහාසයේ හොරනෑව පිඹිමින් පමණක් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඌව සඳහා ඔබේ සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත!" කියා සමන්තට කොමෙන්ට් කළා.

    එමෙන්ම 'අපේ අයියලා (සහ අක්කලා) ගේ ක්‍රියා කාරකම් ගැන පමණක් කියමින් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඔවුන් 'යහ මගට' ගැනීම සඳහා සඳහා ඔබේ ප්‍රයෝගික සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත

    ReplyDelete
    Replies
    1. කැළුම් රියන්සි යාපා,
      ඔබ කවුදැයි මම නොදනිමි. මට ඔබ ගැන කිව හැකි එක් දෙයක් තිබේ. එනම්, ඔබට යමක් කියවා අවබෝධ කර ගැනීමේ දැඩි ප්‍රශ්නයක් ඇති බවයි.

      මේ අහන්න-

      මා කියා ඇත්තේ මෙයයි. මෙන්න ඉතා සරලව.

      විවාහ සම අයිතියට පක්‍ෂව ඡන්දය දී ඇත්තේ සම ලිංගික අය පමණක් නොවේ. එසේ නොවන බහුතරයක් ද විවාහ සම අයිතියට පක්‍ෂව ඡන්දය දී ඇත.

      මේ දක්වා විවාහ වීමට අයිතිය තිබුනේ විෂම ලිංගික ජෝඩුවලට පමණි. ඡන්ද ප්‍රතිඵල අනුව නීති වෙනස් කළ පසු, ඒ "ලිංගික නැඹුරුව" (sexual orientation) කුමක් වුනත්, එනම් (GG, GB, GT, LL, LB, LT), විවාහවීමට අයිතිය ලැබේ!

      ඡන්ද පත්‍රිකාවේ දී යනුවෙන් අදහස් වෙන්නේ පුද්ගලයෙකු ගේ උප්පැන්නයේ ඇති Male / Female දෙයයි. මා කියන්නේ Gay, Lesbian, Bi-sexual, Trans-gender වැනි ලිංගික නැඹුරුව ගැනයි.

      මීට වඩා තේරුම් කර දීමට මට කාලයක් නැත. මේ පිළිතුරු සඳහා සති කිහිපයකට පසු කාලය සොයා ගත්තේ ද ඉතා අසීරුවෙනි!

      I am sorry about that and I sorry about you as well.

      Delete
    2. සමන්තගේ ලිපියේ මා දැමූ කමෙන්ටුවේ මා ලීවේ:

      "ඉතිහාසයේ හොරනෑව පිඹිමින් පමණක් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඌව සඳහා ඔබේ සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත!"

      Thank you Chanchala.

      කියා පමණක නොවෙයි,

      මා මෙසේ ද ලිව්වා.

      "ඊළඟට මව්බිම සූරැකීම, වීර කැප්පෙටිපොළ බලකාය.... ඕවායින් තමයි අපේ ඇස් ඉදිරිපිටම අප දැන සිටි ජවිපෙට කෙලවුණේ!"

      Delete
    3. "මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඔවුන් 'යහ මගට' ගැනීම සඳහා සඳහා ඔබේ ප්‍රයෝගික සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත"


      ඔබේ දැන ගැනීම පිණිස ලියනවා නම් -

      මේ ලිපියේ මා ඇතුළත් කර ඇති ප්‍රකාශ මා සමග කළ ලිව් සැමට මා කරුණු පහදා පිළිතුරු දුන්නා.

      ඔබට අවශ්‍ය නම් මේ ලිපිය ද කියවිය හැකියි.

      හොමෝෆෝබික් දොස්තරලා! - Homophobic doctors
      http://rasikalogy.blogspot.com.au/2017/02/homophobic-doctors.html


      ;-)

      Delete
    4. යමක් කියවා අවබෝධ කර ගැනීමේ දැඩි ප්‍රශ්නයක් ඇති රසිකෝලොජිස්ට් නමැති ග්‍රෝතික වර්ගවාදී ජාතිවාදියාට මේ තර්කවලට උත්තර නැතිනිසා දවස් 5-6 හැංගී සිට පසුව තවත් බහුබූත දේ ලියනවා. රසිකෝලොජිස්ට් වගේම තමාට හිතෙන බහුබූත දේවල් කියන අයව පමණක් උපුටා දක්වනවා. මේක රසිකෝලොජිස්ට්ගේ පුකත්වයේ හා තක්කඩිකමේ සංකලනයක්.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.