
"රසික මචං උඹ මේ පලාබබා ඡන්දෙ දී උඹේ ඡන්දෙ දෙන්න හිතං ඉන්නේ කාට ද?"
ඒ ප්‍රශ්නය මගෙන් ඇසුවේ රජීව් ය.
ඔව් අර සහෝදරයා නම් වූ රූපවාහිනී මාලා නාට්‍යයේ සහාය චරිතයක් වන රජීව් ය.
අජන්තලාට පමණක් නොව ජීවත්වෙන ඕනෑම අයෙකුට රජීව් හමුවිය හැකි ය. එය වෙනම කතාවකි.
දැන්, "ඇත්තටම රජීව් මළා ද මෙයා, නැතිනම් ඕස්ටේර්ලියාවට පැනලා ගිහින් එහේ ජීවත්වෙනවා ද?" කියා මගෙන් නොඅසන්න. එය ද වෙනම කතාවකි.
මේ ලියන්නේ ඒ වෙනම කතා අකුරු කරන්නට නොවේ. හෙට පැවැත්වෙන ඡන්දය ගැන රජීව් මගෙන් විමසූ ප්‍රශ්නයට මා දුන් පිළිතුර කියන්නට ය.
"මට කොළඹ නගර සභා සීමාවේ ඡන්දයක් තිබුණා නම් මං දෙන්නේ වික්‍රමබාහු කරුණාරත්න ද ඡන්දය ඉල්ලන යහපාලන ජාතික පෙරමුණටයි!" මම රජීව්ට පිළිතුරු දුන්නෙමි.
"ඉතිං, උඹේ ඡන්දය තියෙන්නේ කොළඹ නගර සීමාවේ නොවෙයි එයින් පිටත නේ?" රජීව් කීවේ ය.
"ඔව්, ඒ හින්දා මං ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි!" මම කීවෙමි.
"ඒ ඇයි? උඹටත් මට වගේ ම උංව එපා වෙලා නේද හිටියේ?"
"ඔව් බං, ඒ අද ඊයේ නොවෙයි 1984 තරම් ඈත කාලෙක ඉඳලායි. උංගේ පජාත වැඩ හින්දා මට උංව එන්න එන්නම එපා වුණා."
"අවුරුදු දහයකට විතර පස්සේ ආයෙත් පණ ගහලා එනකොට නම් යම්කිසි ප්‍රසාදයක් ඇතිවුණා. පස්සේ චන්ද්‍රිකා එක්ක සභාග ආණ්ඩුවකට ගියා වුණත් එච්චර අප්පිරියාවක් ඇතිවුණේ නෑ. නමුත්, මහින්දට කඩේ යන්න පටන් ගත්තාම සහ ඊට පස්සේ වෙන් වුණාම එපා වුණා. අන්තිමට උං කුජීතම වෙලා ගියේ 2015 ජනාධිපතිවරණයෙදි මිලිටරිකාරයෙකුට කඩේ යන්න පටන් ගත්තාම යි."
"ඉතිං ඊට පස්සේ?"
"ඉතිං ඊට පස්සෙ කියන්නේ හැත්තෑව දශකයේ අග දී සිත්තර කියන චිත්‍රකතා පත්තරේට සරත්මධු ඇඳපු දේදුණු-කැළුම් ආදර කතාවේ නම. උඹ ඒවා කියවලා තියෙන්න විදියක් නෑ!"
"නෑ බං මං අහන්නේ 2015 න් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ගැන උඹට මොනවාද හිතෙන්නේ කියලයි."
"මචං මෙහෙමයි, ඒ දවස්වල, අසූවේ දශකයේ මුල මං දන්න කාලේ ඉඳලාම, ඉඳලාම ජනතා විමුක්ති පෙරමුණේ කොටස් දෙකක් හිටියා."
"එක පිරිසක් මොළ. අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් පිරිස. අනිත් පිරිස නිකම් බාහුබලීලා. ලොක්කන් කියන විදියට විතරයි වැඩ."
"පෙරටුගාමීන් තමයි ජවිපෙ මොළේ. මොළේ නැතුව වැඩේ කචල් වුණත්, අර සෝමවංශකාරයා ගියාට පස්සේ ජවිපෙ කවන්ධය කලින් තිබුණට වඩා හොඳයි කියලයි මං හිතන්නේ."
"කොටින්ම, මං 2015 අගෝස්තුවේ ලංකාවේ හිටියා නම් ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට තමයි!"
"උඹ බීප්බීප්බීප්බීප්!"
"මචං රජීව් පොඩ්ඩක් මං කියන එක අහපංකෝ!"
"පලයං බීප්බීප්බීප් යන්න."
"මං කොහේ යන්න ද බං, එහෙනං උඹ බීප්බීප්ගන්නේ නැතුව පලයං!"
මතු සම්බන්ධ නැත.
-රසිකොලොජිස්ට්
ප/ලි:
ටෙලිනාටක අධ්‍යක්‍ෂකවරුන් සිටී නම් විමසන්න!
(+61-2-47333918)
(image: https://i.ytimg.com/vi/vLB2yf3Jlyk/maxresdefault.jpg)