Friday 9 February 2018

මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018


"රසික මචං උඹ මේ පලාබබා ඡන්දෙ දී උඹේ ඡන්දෙ දෙන්න හිතං ඉන්නේ කාට ද?"

ඒ ප්‍රශ්නය මගෙන් ඇසුවේ රජීව් ය.

ඔව් අර සහෝදරයා නම් වූ රූපවාහිනී මාලා නාට්‍යයේ සහාය චරිතයක් වන රජීව් ය.

අජන්තලාට පමණක් නොව ජීවත්වෙන ඕනෑම අයෙකුට රජීව් හමුවිය හැකි ය. එය වෙනම කතාවකි.

දැන්, "ඇත්තටම රජීව් මළා ද මෙයා, නැතිනම් ඕස්ටේ‍ර්ලියාවට පැනලා ගිහින් එහේ ජීවත්වෙනවා ද?" කියා මගෙන් නොඅසන්න. එය ද වෙනම කතාවකි.

මේ ලියන්නේ ඒ වෙනම කතා අකුරු කරන්නට නොවේ. හෙට පැවැත්වෙන ඡන්දය ගැන රජීව් මගෙන් විමසූ ප්‍රශ්නයට මා දුන් පිළිතුර කියන්නට ය.

"මට කොළඹ නගර සභා සීමාවේ ඡන්දයක් තිබුණා නම් මං දෙන්නේ වික්‍රමබාහු කරුණාරත්න ද ඡන්දය ඉල්ලන යහපාලන ජාතික පෙරමුණටයි!" මම රජීව්ට පිළිතුරු දුන්නෙමි.

"ඉතිං, උඹේ ඡන්දය තියෙන්නේ කොළඹ නගර සීමාවේ නොවෙයි එයින් පිටත නේ?" රජීව් කීවේ ය.

"ඔව්, ඒ හින්දා මං ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි!" මම කීවෙමි.

"ඒ ඇයි? උඹටත් මට වගේ ම උංව එපා වෙලා නේද හිටියේ?"

"ඔව් බං, ඒ අද ඊයේ නොවෙයි 1984 තරම් ඈත කාලෙක ඉඳලායි. උංගේ පජාත වැඩ හින්දා මට උංව එන්න එන්නම එපා වුණා."

"අවුරුදු දහයකට විතර පස්සේ ආයෙත් පණ ගහලා එනකොට නම් යම්කිසි ප්‍රසාදයක් ඇතිවුණා. පස්සේ චන්ද්‍රිකා එක්ක සභාග ආණ්ඩුවකට ගියා වුණත් එච්චර අප්පිරියාවක් ඇතිවුණේ නෑ. නමුත්, මහින්දට කඩේ යන්න පටන් ගත්තාම සහ ඊට පස්සේ වෙන් වුණාම එපා වුණා. අන්තිමට උං කුජීතම වෙලා ගියේ 2015 ජනාධිපතිවරණයෙදි මිලිටරිකාරයෙකුට කඩේ යන්න පටන් ගත්තාම යි."

"ඉතිං ඊට පස්සේ?"

"ඉතිං ඊට පස්සෙ කියන්නේ හැත්තෑව දශකයේ අග දී සිත්තර කියන චිත්‍රකතා පත්තරේට සරත්මධු ඇඳපු දේදුණු-කැළුම් ආදර කතාවේ නම. උඹ ඒවා කියවලා තියෙන්න විදියක් නෑ!"

"නෑ බං මං අහන්නේ 2015 න් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ගැන උඹට මොනවාද හිතෙන්නේ කියලයි."

"මචං මෙහෙමයි, ඒ දවස්වල, අසූවේ දශකයේ මුල මං දන්න කාලේ ඉඳලාම, ඉඳලාම ජනතා විමුක්ති පෙරමුණේ කොටස් දෙකක් හිටියා."

"එක පිරිසක් මොළ. අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් පිරිස. අනිත් පිරිස නිකම් බාහුබලීලා. ලොක්කන් කියන විදියට විතරයි වැඩ."

"පෙරටුගාමීන් තමයි ජවිපෙ මොළේ. මොළේ නැතුව වැඩේ කචල් වුණත්, අර සෝමවංශකාරයා ගියාට පස්සේ ජවිපෙ කවන්ධය කලින් තිබුණට වඩා හොඳයි කියලයි මං හිතන්නේ."

"කොටින්ම, මං 2015 අගෝස්තුවේ ලංකාවේ හිටියා නම් ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට තමයි!"

"උඹ බීප්බීප්බීප්බීප්!"

"මචං රජීව් පොඩ්ඩක් මං කියන එක අහපංකෝ!"

"පලයං බීප්බීප්බීප් යන්න."

"මං කොහේ යන්න ද බං, එහෙනං උඹ බීප්බීප්ගන්නේ නැතුව පලයං!"

මතු සම්බන්ධ නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ටෙලිනාටක අධ්‍යක්‍ෂකවරුන් සිටී නම් විමසන්න!
(+61-2-47333918)

(image: https://i.ytimg.com/vi/vLB2yf3Jlyk/maxresdefault.jpg)

18 comments:

  1. ඔවුන් දොස්තර කුහකයන් වෙනුවෙන් කළ දේවල් වලින් පාරවල් බ්ලොග් කරගෙන කරන පෙළපාලිවලින් ඔස්ට්‍රේලියාව පැත්තට ප්‍රශ්ණයක් නැති බව පිළිගන්නවා.

    ඔවුන්ට රටේ බලය ලැබුණොත් ඔවුන් අනික් දෙගොල්ලට වඩා අවංක වෙන්න ඉඩ තියෙනවා. ඒවුණාට ඔවුන් අවංකව කරන්නේ සමාජවාදයද? අවංක සමාජවාදීන් නායක්ත්වය දුන් එක රටක් ලෝකේ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ජේආර් පවා පාරවල් බ්ලොක් කරගෙන පෙලපාලි ගිහිම් තියෙනවා බම්!

      Delete
  2. නොදන්නරෙද්දවල් කියවන්න යන්පො බං .....

    ReplyDelete
    Replies
    1. "පලයං බීප්බීප්බීප් යන්න. උඹ බීප්බීප්බීප්බීප්!"

      Delete
  3. "ටෙලිනාටක අක්‍ෂකවරුන්" ???

    ReplyDelete
    Replies
    1. අධ්‍යක්‍ෂකවරුන් ලෙස නිවැරදි කළා!

      ඒක තමයි එහෙනම් තාම එක කෝල් එකක්වත් ආවේ නැත්තේ!

      Delete
  4. මෙයට පෙර මැතිවරණ දෙකේදීම ජවිපෙට දුන්නා.මේ ගමන දුන්නේ යු.එන්.පි අපේක්ෂකයාට.
    වික්‍රමබාහු මෙයට පෙර වතාවක දෙහිවල-ගල්කිස්ස අපේ නගර සභාවත් නියෝජනය කෙරුවා.මගේ මතය නම් වික්‍රමබාහු ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ජනප්‍රිය අයෙකු වුවත්, විජය කුමාරණතුංගටත් කිසි දිනයක පාර්ලිමේන්තුවට යන්න බැරිවුණා. බාහුගේ දේශපාලනයට සාමාන්‍ය මිනිසුන් ඉතා අකමැතියි!

      Delete
  5. //මගේ මතය නම් වික්‍රමබාහු ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ කියන එකයි.// I do agree!

    ReplyDelete
    Replies
    1. ස්ථාන මාරු නිසා මට ඡන්දය තිබුණේ නෑ 1994 දී. තිබුණා නම් ජනාධිපති ඡන්දයේ දී බාහුට ඡන්දය දෙන්නයි හිටියේ!

      Delete
    2. 94 වෙනකොට මට ඡන්දය නෑ :) තිබුනා නම් දෙන්නේ එකල නැගී එන තරුව සැටලයිට් නෝනාට.

      Delete
    3. චන්ද්‍රිකාට දෙවෙනි මනාපය. ඒත් අවශ්‍ය වුනේ නෑ නේ, කොහොමටත්!

      Delete
  6. බීප්බීප්බීප් බීප්බීප්බීප් බීප්බීප්බීප් බීප්බීප්බීප්

    ReplyDelete
    Replies
    1. අකුරු තුනේ එකම කුණුහරුපය ද ඔය නැවත නැවත ලියා තියෙන්නේ!

      Delete
    2. ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?
      (අද කාලෙ කොල්ලන්ගෙ ගණන් පාඩම්)

      පස්වන වසරේ ඉගෙනුම ලබන තම පුත්‍රයා මධ්‍ය වාර්ෂික පරීක්ෂණයෙන් ගණිතය විෂය සඳහා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ඇතිබව දැකීමෙන් වික්‍රමසූරිය මහතා අතිශයින් කෝපයට පත්විය. වහා තම පුතා කැඳවූ...

      වික්‍රමසූරිය මහතා -

      උඹට කිව්ව් නේද අර සිරිවර්ධනලගේ කොලුව එක්ක දඟල දඟල ඉන්නකොට ඔය ටික වෙයි කියල. බලපන් අර රාජසූරියගේ පුතා ගණන් වලට 100 න් 80 ක් අරන්ලු. බලපන් උඹට කීයද ?

      පොඩි වික්‍රමසූරිය -

      100 න් 45 යි.

      වික්‍රමසූරිය මහතා -

      හඃ, කියන අපූරුව. එතකොට සිරිවර්ධනලගෙ කොලුවට කීයද?

      පොඩි වික්‍රමසූරිය -

      100 න් 40යි.

      වික්‍රමසූරිය මහතා -

      හඃ, බලපන් උඹල දෙන්න කරගෙන තියන විනාසෙ?

      පොඩි වික්‍රමසූරිය -

      මොන විනාසයක්ද ?

      වික්‍රමසූරිය මහතා -

      ඇයි මිනිහො දඟල දඟල ඉඳල ගණන් වලට උඹල දෙන්නම අඩු ලකුණු ගන්න එක
      විනාසයක් නෙමෙයිද? බලපන් හොඳට වැඩ කරපු පොඩි රාජසූරියට 80 යි.

      පොඩි වික්‍රමසූරිය -

      හඃ හඃ හඃ. තාත්ත මේ පිස්සු කතාකරනව. මට 45යි . පොඩි සිරිවර්ධනට 40. අපි දෙන්නටම 85යි.

      ඉතින් වැඩ කරපු පොඩි රාජසූරියට වඩා දඟල දඟල හිටිය අපේ ලකුණු වැඩි නැද්ද ?

      ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?
      මෙයට වික්‍රමසූරිය මහතාගේ ප්‍රතිචාරය කුමක් වන්නට ඇද්ද?

      Delete
  7. ඔය රතු අකුරින් ලියාපුවා, ඇත්තටම උඹේ අදහස්ද? නැත්නම් උඹ නිර්මාණය කරපු චරිතයක අදහස්ද? මම හිතාගෙන හිටියේ උඹ උපන් ගෙයි JVP විරෝධියෙක් කියලා. අර කැපුවත් කොල, කැපුවත් නිල් කියන කට්ටියක් ඉන්නවනේ ඒ වගේම තව කට්ටියක් ඉන්නවා කැපුවත් JVP විරෝධී කියලා. උන් වැටෙන්නෙත් අර මැටි ගොඩටම තමයි. උන් කයි දෙන්නේනම් JVP එකේ හුජ්ජ කොල්ලෝ මොනවාද දන්නෙ? අපිනේ පොරවල්, උන් 71 කලේ අරමයි, 89 කලේ මෙහෙමයි, බස් ගිනිතිබ්බේ මෙහමයි, උන් ආවත් කරන්නේ හොරකම් කරන එක තමයි කියලා. හැබැයි උන්ට 71 SLFP කරපු ඒවයි, 89 රනිල් බටලන්දේ කරපු ඒවයි, රාජිතයා ප්‍රා එකත් එක්ක කරපු ඒවයි අමතකයි. ඔහොම කියලා අන්තිමට අර හොරු රැලෙන් එකෙකුටම තමයි චන්දෙ දෙන්නේ. ( ඔය Block Vote කියන එකට ඇත්තටම කියන්න ඕන මැටි ඡන්ද කියලයි, මොකද උන් වෙනෙස් වෙන්නේ නැහැනේ උන්ට බීප් බීප් ඇරියත්)

    ඔය අදහස් වලටනම් මමත් බොහෝ දුරට එකඟයි, මමත් ඡන්දේ දෙන්නේ JVP එකට තමයි ලංකාවේ හිටියනම්. අර බාහු ගැන කියන කතාව නම් අදාළ නැහැ. පෙරටුගාමීන් තමයි මොලේ කියන කතාවටත් එකඟවෙන්න අමාරුයි ලඟින් ආශ්‍රය කරලා නැති නිසා. හැබැයි කරන වැඩ දිහා බැලුවම නම් මට පෙනෙන්නේ ඕකේ අනිත් පැත්ත.

    ReplyDelete
    Replies
    1. මගේ අමුතු පක්‍ෂ විරෝධතා හෝ එකඟතා නැත.

      මම මගේ අදහස් දරමි. දේශපාලන පක්‍ෂ තම මත විවිධාකාරෙයෙන් වෙනස් කරමින් තම දිවි පෙවත සරිකර ගනිති. සමහර විට උංගේ වක්‍ර මාර්ග මගේ සරල රේඛාව ක්‍ෂණයකට සමග සමපාත වේ!

      සුදුසු විකල්පයක් නැතුව ඡන්දය දෙන විට ඒ මොහොතේ ඇති කුණු ගොඩවල් කිහිපයෙන් එකක් තෝරා ගැනීමට ඡන්දය දීමට සිදුවේ. මට 1999 දී ජිවිතයේ පළමු සහ අවසාන වතාවට දක්‍ෂිණාංශික අපේක්‍ෂකයෙකුට ඡන්දය දෙන්නට සිදුවුනේ එනිසා ය.
      https://rasikalogy.blogspot.com.au/2015/08/my-shameful-and-regrettable-behaviour.html

      !

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.