Saturday 23 July 2016

ඕස්ට්‍රේලියාවේ දී සිංහල කුණුහරුප ඉගෙන ගන්නේ කෙසේ ද? - Can Google God help?


ඕස්ට්‍රේලියාවේ දී සිංහල කුණුහරුප ඉගෙන ගන්නේ කෙසේ ද යන්න මට ඇති වූ ප්‍රශ්නයක් නොව මගේ පහළොස් හැවිරිදි පුත්‍රයාට ඇති වී තිබෙන තත්කාලීන දැවෙන ප්‍රශ්නයකි.

පෙරේදා ලියා පළ කළ "ඊයා හලෝ කුණුහබ්බත් කියනවා ද?" යන ලිපියේ සඳහන් කළ පරිදි කුණුහරුප ලෙස සැලකෙන සිංහල වචන සියල්ල ම පාහේ මා දනිතත්, ඒ එකක්වත් මා උගත්තේ අපේ දෙමව්පියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් නොව සමාජයෙනි. ඒ ද කුඩා කාලයේ දී ම ය.

ඉංග්ලිෂ් කුණුහරුප සම්බන්ධයෙන් නම් කතාව මුළුමනින් ම වෙනස් එකකි.

මා එෆ් වචනය සහ එහි නොයෙකුත් වරනැගීම් උගත්තේ මූලිකව ම හොලිවුඩ් චිත්‍රපටවලිනි. ඒවා මා තරුණයෙකු ලෙස කියවූ ඉංග්ලිෂ් පොත් පත්වල ද සඳහන් නොවීය.

වරෙක, හැඩ්ලි චේස් නවකතාවක සොනෝෆාබිච් (sonofabitch) නම් ජර්මන් වචනයක් තිබෙනු දැක ඒ කුමක්දැයි සොයා ගැනීමට මට මද වේලාවක් ගත විය. හැඩ්ලි චේස් එලෙස අකුරු එකට ඈඳා ලැජ්ජාවෙන් මෙන් ලියා තිබුණු ඒ වචනයේ සිංහල අරුත වන බැල්ලිගේ පුතා යන්න කෝපවී කෙරෙන රණ්ඩු සරුවල්වලදී පාවිච්චි වූවද, සාමාන්‍යයෙන් දරුණු කුණුහරුපයක් ලෙස නොසැලකේ.

දරුණු කුණුහරුපයක් ලෙස සැලකෙන who**ගේ පුතා යන්නේ ඉංග්ලිෂ් යෙදුම ද, එහි මුල් පදය වන දරුණු ඉංග්ලිෂ් අකුරු හතරේ කුණුහරුපයක් ලෙස සැලකෙනවා යැයි මට හැඟී ඇති C*** යන්න ද කුණුහරුප ලෙස මා දැන ගත්තේ මීට විසි වසරකට පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළායින් පසුව ය.

එසේම සරල වචනයක් වන වැන්කර් යන වචනය ද, එහි තේරුම ද මා දැන ගත්තේ 1996 දී පමණ එක් දින ක්‍රිකට් තරගයක් නරඹන්නට මුලින් ම එම්සීජීයට ගිය දිනයේ දී ය.

අද ඕස්ට්‍රේලියාවේ මා නිරීක්‍ෂණය කර ඇති ආකාරයට එක්තරා මිනිසුන් කොටසක ගේ දෙතොලේ නොගැවී පිටවෙන එෆ් පදය සහ එහි විවිධාකාර වරනැගීම් ගැන ලංකාවේ දී මා ඇසූ අපූරු කතාවක් මෙසේ ය. මෙය මා සමග පැවසුවේ මා සේවය කළ ආයතනයේ ඒජීඑම්වරයෙකි. ඔහුට එය කියා ඇත්තේ නමින් බර්ගර් ජාතිකයෙකු වූ ජීඑම් ය.

"දැන් බලනවා මේ ඉංග්ලිෂ්වලින් එෆ්-ඕෆ් කියන එක සිංහලෙන් කියන්න වෙන්නේ තනිකරම වැරදි අර්ථය දෙන්න නේ" යැයි කී අපේ ලොක්කා එය වැඩිදුරටත් විස්තර කළේ "ඉංග්ලිෂ්වලින් අහවල් වැඩේ කරලා පලයං කියන එක සිංහලෙන් කියන්නේ ඒ වැඩේ කරන්නේ නැතුව හිටපං කියලා නේ, තනිකරම විරුද්ධාර්ථය!" කියා ය.

කතාව තනිකරම ඇත්ත බව මට තේරුණේ එවිට ය.

ඒ විස්තර කළ ආකාරයට, මා පොඩි කාලයේ දී ම සිංහල කුණුහරුප ද, වැඩිහිටියෙකු ලෙස ඉංග්ලිෂ් කුණුහරුප ද ඉගෙන ගෙන ඇතත්, ඒ දැනුම් සම්භාරයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට මට මේ දක්වා වැඩි ඉඩක් ලැබී නැත. එයට හේතුව, කුඩා කළ සිටම මා පුරුදු වූ සම්මා වාචාව යැයි සිතමි.

නොදන්නා අයගේ දැන ගැනීම පිණිස කියනවානම් සම්මා වාචා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් අටෙන් එකකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු දුක නැති කිරීමේ නිවන් මාර්ගයයි!
සම්මා වාචාව අනුගමනය කරන්නෙකු ගේ මුවින් පරුෂ වචන පිට නොවෙයි.

දුක තමයි රංජනී!

මට ලංකාවේ නිවසෙන් පිට පරිසරයේ දී සිංහල කුණුහරුප ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණු නමුදු, ඉංග්ලිෂ් කුණුහරුප ඉගෙන ගන්නට නොලැබුණා සේ ම, අද පහළොස් වෙනි වියේ පසුවන මගේ පුතාට, ඔහු සමාජ ආශ්‍රයෙන් ඉංග්ලිෂ් කුණුහරුප ඉගෙන ගන්නට ලැබී ඇතැයි මා සැක කළ ද, නිවසේ දී හෝ පිටදී ශ්‍රවණය කර නැති නිසා, තවමත් සිංහල කුණුහරුප ඉගෙන ගන්නට නම් අවස්ථාවක් ලැබී නැත.

"තාත්තේ, සිංහල කුණුහරුප මොනවාද?" කියා ඔහු මගෙන් ටික දිනකට පෙර කෙළින් ම විමසීය. මා සිනා සී නිහඬව සිටි නිසා, ඔහු ඒ ප්‍රශ්නය ම මගේ බිරිඳගෙන් අසා ඇත.

පසු දින මා දුටුවේ ගුගල් ට්‍රාන්ස්ලේටර් සේවාව ආශ්‍රයෙන් ඔහු දන්නා ඉංග්ලිෂ් කුණුහරුපවලට සමාන පද සොයන පුත්‍රයා ය.

ඊටත් සතියකට පමණ, එදා සාකච්ඡාව සිහිවී, ගූගල් ට්‍රාන්ස්ලේටර් සේවාව විමසා බැලූ මට පෙනුණේ එෆ්-පදය සඳහා ගුගල් දෙයියා දී ඇති තේරුම "අපොයි" යන්න බවයි.

අපේ පුතා, වරක් දෙවරක් අපොයි කියා කී බව මට එවෙලේ සිහි විය.

"අපොයි" ගූගල්, ඔබ නම් දෙයියෙක් ම ය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලාව, කුණුහරුප සහ සිංහල සමාජය යන මැයෙන් ප්‍රවීන නාට්‍යවේදී සහ රචක ධනංජය කරුණාරත්න විසින් පවත්වන ප්‍රසිද්ධ දේශනය් සහ සාකච්ඡාව ජූලි 31 ඉරිදා සවස 300 ට සිනුවර තදාසන්නයේ පෙමුල්වේ හි දී පැවැත්චේ.

මෙහෙයවීම ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

සැමට ආරාධනා!


(image: https://en.wikipedia.org/wiki/French_Connection_(clothing))

49 comments:

  1. ගූගල් දෙයිය කොහෙන් සිංහල ටියුෂන ගත්තදම මන්ද හැබෑටම.
    F*** You = ප්රෙහේලිකා

    ReplyDelete
    Replies
    1. F ing = මගුලේ
      F off = වැඩිත්
      F ed = අවිවාදයෙන් ම

      Delete
  2. අය්යෝ රසික.. මමනම් අපේ මෑන් කියන දෙඅ අහන්නේ එහෙම නැතිකොට ඔය වචන් ඔක්කොම වගේ පාවිච්චි කරනවා. අඩෝ උඹ බන් තෝ වගේ වචනත් පාවිච්චි කරනවා. එහෙම කරන්නේ පුතාට ඇති තරහකට නෙවෙයි.. දවසක ලංකාවේ ගිහිල්ලල ඉද්දි මිනිහෙක් කුණුහරුපෙන් බැන්නොත් එහෙම පොර දැනගන්නවා මේ මට ආදරේ කරනවා නෙවෙයි බනිනවා කියලා...මම මිනිහට මී හරකා කියලා බනිනවා අහගෙන ඉන්නවා අපේ ලංකවේ ඉන්න නෑදෑයෝ වෙලාවකට ...හි.. හි..

    ReplyDelete
  3. අපොයි... මදැයි ඔයින් ගියා. පොඩි එකාට ලංකාවෙ යාලුවො එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය ලංකාවේ ඉන්න බය්යාලත් එක්ක අපේ ළමයි නෑ අපි හරි පොෂ් කට්ටියක්.

      Delete
    2. මගේ මල්ලිගේ පුතාලා දෙන්නා තමයි. ඒ දෙන්නාත් සම වයසේ.

      Delete
  4. දැන් මේ ලිපි මාලාව ධනංජය කරුණාරත්න උන්නැහේගෙ දේශණයට ඇඩ් එකක්ද?

    මේ ලිපිය කියවද්දි මට මතක් වුනු කාරණයක් තමයි (සහ තවත් නොයෙක් වෙලාවලදි මතක් වෙන) “පෙරළූ නැවුම් පස“ කෘතියේ එන කොටසක්. මේ කතාවේ එක වීර චරිතයක් වන ෂුකාර් ට ධනවතෙකු සමග බහින් බස් වෙද්දි ධනවතා බනිනවා “තෝ නම් සමාජවාදියෙක්“ කියල. සමාජවාදියා කියන එක කුනුහරුපයක් කියල හිතාගෙන ෂුකාර් කරන්නෙ ධනවතාට “තොත් සමාජවාදියෙක්“ කියල බනින එකයි.

    ReplyDelete
    Replies
    1. වැරදුනා “තොත්“ නෙවෙයි “තෝත්“

      Delete
    2. ෂුකාර් සියට බඩ ගිය හැටි මතක් උනා.

      Delete
    3. එහෙම බැන්නේ ෂුකාර් නෙවෙයි ගමේ කම්මල්කරු වන ෂාලි.

      Delete
    4. වෙන්න ඇති හැලපයා, මට තියෙන්නෙ අඩමාන මතකයක්.
      ඒක නෙවෙයි, ගූගල් සිංහල පරිවර්තනයම කුනුහරපයක් වගේ.
      hooker = මචං
      whore=වැටළේ
      cunt=කළේ ඇයි
      bitch=බැල්ලිගෙ (මේකෙ ගෙයන්න කොහෙන් ආවද දන්නෙ නෑ)

      Delete
    5. මරු කතාව ශනියෝ!

      Delete
    6. ධනංජය ගේ දේශනය සහ සාකච්ඡාව සංවිධානය කිරීමට මාත් හවුල්. නමුත් රසිකොලොජි ලිපි සහ ඒ අතර සම්බන්ධයක් නෑ. සමපාතවීමක් පමණයි.

      Delete
  5. අපොයි අපොයි ආපොයි

    හැක් හැක්..

    අපොයි ගැන මං පොඩි කාලේ ලිව්ව එකක් මේ..


    අපොයි යූ මෑන්

    ReplyDelete
    Replies
    1. දේශකයා පොඩි කාලෙ හිටං හොඳ දේවල් ලියල තියනවනෙ.

      Delete
    2. තැන්ක්ස් ශණි..

      Delete
    3. ලොකු වුණාම ලියන්න දෙයක් ඉතුරුවෙලා නෑ නේද?

      Delete
  6. හික්ස් හික්ස්

    ReplyDelete
  7. සර්වළෝක පුට්ටුව(Universal joint) නිකං කුණුහරපයක් වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. එතකොට "උණ්ඩුක පුච්ඡය"?

      Delete
    2. කෘමි සදෘශානු බද්ධය ?

      Delete
    3. පැනයන ඇදහැලෙන වහරුව

      Delete
  8. සර්වලෝක පූට්ටුව කියන්නෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. Universal Joint.

      Delete
    2. ඕනෑම අතකට බලය යෙදවිය හැකිවන පරිදි සකසා දඬු දෙකක් සම්බන්ධ කිරීමයි. මෝටර් රථවල යෙදේ.

      Delete
  9. ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ සිංහල පරිවර්තනනම් තනිකරම විකාරයක් ඒක ගූගල්ගේ වැරැද්ද නෙමෙයි ඒක පරිවර්තනය කරන්න දායකත්වය දීපු අපේ අයගේ වැරැද්ද. පුළුවන්නම් ගූගල් ට්‍රාන්ස්ලේටර් එකට ගිහින් වැරදි වචන නිවැරදි කරන්න උත්සාහ කරන්න ඒක හරිම වටින දෙයක්.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔය F වචන පරිස්සමෙන් පෙරලපු ඒවා. ඒ කියන්නේ F පදයේ එක තේරුමක් පමණක් ගෙන ඒවා සිංහලට හරවලා.

      අපොයි කියන අරුතෙන් එෆ් පදය භාවිතා වෙනවා තමයි.

      Delete
  10. ගොඩ දෙනෙකුට මඟ ඇරිච්ච ලස්සන කවියක් තියෙනවා මෙතන

    ReplyDelete
  11. සිරා,

    බලන් යනකොට සිනුවර සිංහල කුණුහබ්බ ටියුෂන් පන්තියක් දැම්මොත් ගානක් හොයාගන්න පුළුවන් වෙයි වගේ.

    ReplyDelete
  12. සිරා,

    බලන් යනකොට සිනුවර සිංහල කුණුහබ්බ ටියුෂන් පන්තියක් දැම්මොත් ගානක් හොයාගන්න පුළුවන් වෙයි වගේ.

    ReplyDelete
  13. පුණ්්ඩ අඩි කියන දෙමල වචනය කුණුහරපයක් බව මම අවබෝධ කර ගත්තේ සෑහෙන කාලයකට පසුවය

    ReplyDelete
  14. සමාජය විසින් කුණුහරුප යැයි සම්මත කරන ලද වචන සමූහයක් භාවිතා නොකර සිටීමෙන් තමන් සම්මා වචා රකිනවා යැයි සිතා ගැනීම පට්ට් ගොන් වැඩකි......

    වචනයක් කුණුහරුපයක් වන්නේ අසන්නාට සාපේකශවය....

    ReplyDelete
    Replies
    1. මා කියා ඇත්තේ එය ම නොවේ.

      /*....., කුඩා කළ සිටම මා පුරුදු වූ සම්මා වාචාව යැයි සිතමි.

      .....සම්මා වාචාව අනුගමනය කරන්නෙකු ගේ මුවින් පරුෂ වචන පිට නොවෙයි. */



      Delete
  15. කුණුහරප කියන්නෙ වැරදියට ඝණ පිහිටවූ වචන කියල මොකක් හරි පොතක තිබ්බ....හරියටම මතක නෑ...

    ReplyDelete
    Replies
    1. කුණු හරුප = පිලුණු වචන = rotten words

      Delete
  16. World Taekwondo Federation !

    ReplyDelete
  17. https://en.wikipedia.org/wiki/User:RitigalaJayasena/Sinhala_Slang

    ReplyDelete
  18. http://www.dailymotion.com/video/x26zues_baba-rajneesh-words-for-the-wise-the-word-fuck_fun

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.