Wednesday, 6 July 2016

සම්මාන ගන්න විභාග ලිවීම සහ සම්මාන ගන්න පොත් ලිවීම - Here I come


"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මගේ මිතුරෙකු වන ජගත් ජේ එදිරිසිංහ තම මානව බ්ලොගයේ ලියා පළ කළ ලිපියක් කියවද්දී මගේ සිතට ආ පරණ කතන්දර සහ වත්මන් අදහස් කිහිපයෙන් සමහර දේ ඒ ලිපියේ ම ප්‍රතිචාර ලෙස දැක්වුවද, නැවතත් බ්ලොග් ලිපියක් ලෙස ද ගොනු කරන්නට සිතුණි.

කනගාටුවට කරුණක් වනුයේ තම අදහස නිසි පරිදි ලියවී නැත යන පදනම යටතේ, ජගත් ජේ එදිරිසිංහ විසින් ඒ ලිපිය මේවන විට ඉවත් කර තිබීමයි. ඔහු එය නැවත ලියා මතු දිනක පළ කරනු ඇතැයි මම සිතමි.

මගේ තවත් මිතුරෙකු වන නැවතත් "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ හෙන්රි වර්ණකුලසූරිය ද මේ ආකාරයේ ම අදහසක් මින් පෙර දිනයක ඔහු කළ පුවත්පත් සාකච්ඡාවක (හෝ එවැනි තැනක) දී දක්වා තිබුණි.

ඒ ලිපි/සම්මුඛ සාකච්ඡා සටහන් කියවද්දී එහි ලා ඔවුන් පවසා ඇතැයි මට වැටහුණු අදහස් මගේ ම වචනයෙන් නැවත කිවහොත් මෙසේ වේ.
ලංකාවේ සම්මාන සඳහා පොරයක් පවතී. සමහර ලේඛකයෝ සම්මාන බලාපොරොත්තුවෙන් ම පොත් ලියති. බහුතරයක් ලේඛකයෝ තම මුද්‍රිත කෘති සඳහා සම්මාන නොලැබුණු විට කුපිත වෙති. රණ්ඩුවට යති.

එනිසා හෝ එනිසා ම නොවුණත්, සම්මානයක් බලාපොරොත්තුවෙන් පොතක් ලිවීම වරදකි. නොකළ යුත්තකි.

මට වැටහුණු පරිදි, ජගත් එදිරිසිංහ සහ හෙන්රි වර්ණකුලසූරිය දෙදෙනා එකී සම්මාන පොරය පිළිකුල් කරති, ප්‍රතික්‍ෂේප කරති.

ජගත් ජේ එදිරිසිංහ පවසා තිබුණේ, තමන් සම්මාන පසුපස නොයන බව සහ නමුත් තමන් ගේ ග්‍රන්ථයකට සම්මානයක් ලැබුණොත් එය ප්‍රතික්‍ෂේප නොකරන බව ය.
කිසිම සාහිත්‍ය සම්මානයක් සඳහා තම කෘති ඉදිරිපත් නොකරන කැත්ලීන් ජයවර්ධන නම් වූ ලේඛිකාවක් අද ලංකාවේ සිටියි. අවාසනාවකට මෙන් ඒ ගැන අසා තිබුණද, මම ඇය විසින් ලියන ලද එකදු නවකතාවක් හෝ මේ දක්වා කියවා නැත්තෙමි.
හෙන්රි වර්ණකුලසූරිය පවසා තිබුණේ අද ලංකාවේ නවකතා සඳහා පිරිනමන ප්‍රධානතම සම්මානයක් වන පොත් ප්‍රකාශකයින් ගේ සංගමය මගින් පිරිනමන ස්වර්ණ පුස්තක සම්මානය යනු ප්‍රෝඩාවක් බවයි.
හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර වාඩිය සහ දඩ කඳවුර යන එකට ඇඳුණු නවකතා ද්වය ම ප්‍රකාශනය කෙරුණේ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) සමාගම විසිනි. ඒ සමාගම ස්වර්ණ පුස්තක සම්මානය පිරිනමන පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ සාමාජිකයෙකු නිසා, සුරස ප්‍රකාශිත පොත් සියල්ලම ඉහත සම්මානය සඳහා සුදුසුකම් ලබයි. හෙන්රි වර්ණකුලසූරිය තම කෘති ඒ තරගයට ඉදිරිපත් නොකරන ලෙස ප්‍රකාශක ප්‍රේම් දිසානායකට විශේෂයෙන් ම කියන්නට ඇතැයි මම සිතමි.
තම ලිපියේ දී ජගත් ජේ එදිරිසිංහ සඳහන් කර තිබුණේ එක් වසරක ඩී. ආර්. විජේවර්ධන නම් වූ සම්මානය සඳහා නවකතාවක් රචනා කර ඉදිරිපත් කළ නම සඳහන් නොවුණු ප්‍රකට ලේඛකයෙකු ගැනයි. ජගත් ජේ එදිරිසිංහ කියන්නට උත්සාහ කළේ, එලෙස සම්මානයක් සඳහා ම පොතක් ලිවීම යනු කළ නොයුත්තක් ය කියා යැයි මට සිතුණි.
ඩී. ආර්. විජේවර්ධන සම්මානය යනු, මා අසා ඇති පරිදි, ප්‍රකාශයට පත් නොකළ අත් පිටපත් සඳහා වූ තරගයකි. එයින් ජය ගන්නා නවකතා අත්පිටපත මුද්‍රණය කෙරෙන අතර, මුදලින් ද ත්‍යාගයක් පිරි නැමේ.

දයාවංශ ජයකොඩි සමාගමෙන් ද, මේ ආකාරයේ ම නවකතා අත්පිටපත් තරගයක් පැවැත්වෙන අතර, මගේ මතකය නිවැරදි නම් එක් වසරක ඒ ත්‍යාගය ලැබුණේ ජගත් ජේ එදිරිසංහට ම ය.

සෑම වසරකම ස්වර්ණ පුස්තක සම්මානය, ගොඩගේ පොත් සම්මාන, ජයවර්දෙනපුර විවියේ සම්මාන මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද පිරිනැමෙන්නේ ඊට පෙර වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථ වෙනුවෙනි.

මේ සම්බන්ධයෙන් මගේ අදහස මෙයයි.

සම්මානයක් බලාපොරොත්තුවෙන් පොතක් ලිවීම යනු සම්මානයක් බලාපොරොත්තුවෙන් විභාගයකට ලිවීම වැනිම පුද්ගල ප්‍රගමනයට මෙන්ම සමාජ ප්‍රගමනයට ද තුඩු දෙන, එනිසා පැසසුමට ලක්විය යුතු ක්‍රියාවකි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය ලියද්දී මට ඒ ගැන නිසි අවබෝධයක් නොතිබුණ ද, මා උසස් පෙළ විභාගය ලීවේ විශිෂ්ට සම්මාන හතරක් (A-A-A_A) බලාපොරොත්තුවෙනි. එය නිකං ම නිකං සිත ඇතුළේ සිර කර ගෙන සිටි බලාපොරොත්තුවක් නොව, ලොකු අකුරෙන් ඇඳී, මගේ පාඩම් මේසට මත ඇස් ඉදිරිපිට සෑම තත්පරයකම හොඳින් දර්ශනය වන්නට තබා තිබුණු පුවරුවක් ලෙස භෞතික ලෝකයේ ද ජීවත් වුණු බලාපොරොත්තුවකි.

මේ පිළිබඳ දීර්ඝ විස්තර සහිත විත්ති කතාවක් මගේ සිව් වසරක් මරදානේ (දයාවංශ ජයකොඩි ISBN:9789555478304) නම් කෘතියේ ඇතුළත් වේ.

මා බලාපොරොත්තු වූ ඒ ප්‍රතිඵලය වූ A-A-A-A මට නොලැබුණ ද, ඊට තරමක් ආසන්න ප්‍රතිඵලයක් කරා මට ළගාවීමට හැකි වූ බැවින් මගේ අවසාන අරමුණ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට මට හැකිවිය.

සම්මාන ගන්න විභාගය ලිවීමෙන් මට නම් වූයේ සෙතක් ම ය. අද වුව ද උසස් පෙළ විභාගය ලියන සියලුම සිසුන් සියලුම විෂයන්ට විශිෂ්ට සම්මාන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ කරා යොමු විය යුතු යැයි මම සිතමි.

අඩු වශයෙන් සියලු දෙනාටම තම තමන් ගේ විෂයන් පිළිබඳ ඉහළ දැනුමක් ලබා ගැනීමටත්, සමස්ත ලංකාවේ ම විභාග ප්‍රතිඵල ඉහළ යාමත් එයින් බලාපොරොත්තු විය හැක.

මා මේ ලිපිය ලීවේ මේ පහත කාරණය ද පැවසීමටයි.

යම් කිසි දිනක මා නවකතාවක් රචනා කරන්නේ නම්, එසේ කරන්නේ ද එක සම්මානයක් නොව විශිෂ්ට සම්මාන හතරක් ම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

මෙහි ප්‍රථම පියවර ලෙස දැන් මා සයිමන් නවගත්තේගම විසින් භාවිත කරන ලද ආකාරයේ තොප්පියක් පැළඳීම ආරම්භ කර ඇති බව සතුටෙන් දැනුම් දෙමි.

එය "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මිතුරෙකුගෙන් මට ලැබුණු ත්‍යාගයකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපියට සම්බන්ධව පසුව ලිවිය යුතු සෝ ඔබ්වියස් දෙයක් මෙහි අන්තර්ගතයේ ඇත. නමුත් ඒ ගැන මේ ලිපිය කියවන අයෙකු ඇසුවොතින් පමණක් ලියන්නට සිතා දැනට නොලියා සිටිමි.

74 comments:

  1. ගම්බත්තෙ කුදසායි.

    ReplyDelete
    Replies
    1. නන්දෙ?

      Delete
    2. ප/ලි:
      මේ ලිපියට සම්බන්ධව පසුව ලිවිය යුතු සෝ ඔබ්වියස් දෙයක් මෙහි අන්තර්ගතයේ ඇත. නමුත් ඒ ගැන මේ ලිපිය කියවන අයෙකු ඇසුවොතින් පමණක් ලියන්නට සිතා දැනට නොලියා සිටිමි.


      ප/ලි:
      මේ ලිපියට සම්බන්ධව පසුව ලිවිය යුතු සෝ ඔබ්වියස් දෙයක් මෙහි අන්තර්ගතයේ ඇත. නමුත් ඒ ගැන මේ ලිපිය කියවන අයෙකු ඇසුවොතින් පමණක් ලියන්නට සිතා දැනට නොලියා සිටිමි.
      When are you publishing your first navel? now post your answer.

      kaps


      You might also

      Delete
    3. @ Anonymous 7 July 2016 at 14:56

      මෙහි අන්තර්ගතයේ ඇති සෝ ඔබ්වියස් දෙය මේ වැකි දෙකෙන් කියවේ.

      1. /* මේ පිළිබඳ දීර්ඝ විස්තර සහිත විත්ති කතාවක් මගේ සිව් වසරක් මරදානේ (දයාවංශ ජයකොඩි ISBN:9789555478304) නම් කෘතියේ ඇතුළත් වේ. */

      2. /* යම් කිසි දිනක මා නවකතාවක් රචනා කරන්නේ නම්, එසේ කරන්නේ ද එක සම්මානයක් නොව විශිෂ්ට සම්මාන හතරක් ම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. */

      එනම්, සිව් වසරක් මරදානේ යනු නවකතාවක් නොවන බවයි. එය මා ආනන්ද විද්‍යාලයේ සිටි සිව් වසර පිළිඹඳව ලියවුණු තීරු ලිපි එකතුවකි.

      Delete
  2. //මෙහි ප්‍රථම පියවර ලෙස දැන් මා සයිමන් නවගත්තේගම විසින් භාවිත කරන ලද ආකාරයේ තොප්පියක් පැළඳීම ආරම්භ කර ඇති බව සතුටෙන් දැනුම් දෙමි.// :D

    ReplyDelete
    Replies
    1. ඔය තොප්පිය අම්පයර් ඩැරල් හෙයාර්ගේ නෙමෙයි නේද ?
      you followed Ravi or he followed you ? BOTH - Berty Gunathilake

      Delete
  3. රසික පුතා මේ රටේ හිටියෙ එකම එක විශිෂ්ඨ ලේඛකයායි. ඒ තමයි පියදාස සිරිසේන මහත්මා. ඒ මහත්මා සිංහල රට ජාතිය ජාතිකත්වය නඟා සිටුවීම ගැන පොත් ලිව්වා. ඊට පස්සෙ හිටපු එක පඟර නැට්ටකුටවත් බැරි වුණා රට ජාතිය ගැන හිතලා එක පොතක් ලියන්න. අද අපි අවාසනාවන්ත ජාතියක් වෙලා තිබේ නම් ඒ පියදාස සිරිසේන මහත්මා වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයින් අප අතර නැති නිසා. මාලින්ද සෙනෙවිරත්න මහත්මා වැනි රට දැය හිතැති ජාතිකවාදී ලේඛකයින් අප අතර සිටියත් අපේ කරුමයකට ඒ මහත්මා නවකථා ලියන්නේ නැහැ. මාලින්ද සෙනෙවිරත්න මහත්මා පොතක් ලිව්වොත් පියදාස සිරිසේන මහත්මාගේ පොත් වගේම ලක්ෂ ගණන් විකිණෙනවා සහතිකයි. ඒ වගේම නිදාසිටි සිංහල ජාතිය යළි ඔද වැදී නැඟිට සිට තමන්ට අහිමි වුණු අභිමානය දිනා ගන්න බවත් ඉරහඳ වගේ සහතිකයි. ඒ මහත්මාගේ අවධානය මීට යොමුවේවා!

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. කුමාර අන්කල් දැන් කවි ලියන්නේ නැහැ වගේ.

      Delete
    2. අමරසේකර මහතාගේ පොත් ජාතිවාදී මදි වගේ

      Delete
    3. * correction ජාතිකවාදි

      Delete
    4. අහ්. පුතේ අමරසේකර ශූරීන් අමතකව ගියා නෙවැ! ඇත්ත. ඇත්ත. ඒ මහත්මාත් බොදු රට දැය සමය වෙනුවෙන්ම කැපවූ ජාතිකවාදී පතපොත ලියූ මහා වියතෙක්. යුග පුරුෂයෙක්. නමුත් ඒ ජාතිකවාදී මහත්මා ඊට කලින් ලියපු කුණුහරුප වලට නම් මගේ කැමැත්තක් නැහැ. එතුමාගේ විශිෂ්ඨ නිර්මාණ ශක්තිය දැකිය හක්කේ ගමනක මුල නවකතාවෙන් පටන් ගත් ඈඳුතු නවකතා වලයි. නමුත් අපේ රටේ සම්මාන සඳහා පොත් තෝරණ මණ්ඩල වල සිටින බ්‍රෂ්ටයෝ ඒ ජාතිකවාදී මහත්මාගේ පොත් එකකට වත් සම්මාන දුන්නේ නැහැ නේද? ඒ මහත්මා බටහිර රටක උපන්නා නම් සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය හිමි කර ගන්නවා සහතිකයි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    5. කුමාර දිප්පිටිය මාමේ. ඔබේ වදන් වලින් හමන්නේ කුරහන් සුවදයි. ඉතින් රට දැය නැගුමට ඔබේ උපදෙස් අගෙයි. එන් ජී ඕ කාපුටන් වගේම ඇන්කර් බුද්ධි මතුන් බ්ලොග් වලත් වැහි වැහැල. ඉතින් ඒ සියලු බාදක ජය ගැනීමට පෙර පින් බලෙන් ඔබේ වෙර වීරීය වැඩි වේවා. ආ අමතක වුනා. අමරසේකර මහත්‍තයගෙ කවි කියවල නැද්ද . අපේ මලින්ද සෙනෙවිරත්න සෙනවියත් කවිනම් ලිය තියෙන වා නේද? ඒත්
      ඔද වත් තෙද වත් හෙල බසින්නම් නොවේ.
      මීට පොඩි පුතා
      දෙකේ ඇල ,
      යාය හතර,
      සීපී පුර,
      මින්නේරිය .

      Delete
    6. බුදුම සරණ වේවා දේකේ ඇල පුතාට!

      මීට, (රියල්) කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    7. ඇනෝලාටත් අනන්‍යතා ප්‍රශ්න ඇවිත් වගෙයි!

      Delete
  4. සමහර පොත් ලියන්නේ කතෘගේ තෘප්තිය හා ඔහුට වැනි ඉන්ටරෙස්ට්ස් ඇති අයගේ ප්‍රයෝජනය හා රසවිඳීම සඳහා පමණි

    ReplyDelete
    Replies
    1. //සමහර පොත් ලියන්නේ කතෘගේ තෘප්තිය හා ඔහුට වැනි ඉන්ටරෙස්ට්ස් ඇති අයගේ ප්‍රයෝජනය හා රසවිඳීම සඳහා පමණි//

      එහෙනං, නැතුව, නැතුව? පොත් විතරක්ම නෙමෙයි, සමහර පෝස්ට් පවා එහෙමයි. ඇයි අර හැලපයා එහෙම පෝස්ට් එකක් ලියලා ඇනෝවෙක් කැකුණ තලනවයි කියල තර්ජණය කලේ?

      Delete
    2. @Pra Jay
      මාත් නිට්ටැවෝ පොත රස වින්දා. අනෙත් පොතත් ලඟඳීම කියවන්නම්.

      Delete
  5. රසික නවකතාවක් ලියාගෙන යන හැඩයි.! ඉක්මනට පලකරපන් මචෝ පස්වෙනි විශිෂ්ට සම්මානය මගෙන්.
    KAPS

    ReplyDelete
    Replies
    1. තාම තියෙන්නේ සයිමන් මොඩලයේ තොප්පිය විතරයි!

      Delete
  6. සම්මාන බලාගෙන ලිව්වත් පොතක් ලියා පලකරන එක සමාජ ප්‍රගමනයට හොඳ දෙයක් රසික කියනවා වගේ.කොහොම හරි සයිමන් නවගත්තේගමගේ අනන්‍යතා ලක්ෂණයක් වගේ වෙච්චි තොප්පියක් රසික පැළදීමෙන් රසිකගේ අනන්‍යතාවක් ඒ යට සැඟවෙනවා වගේයි.

    ReplyDelete
    Replies
    1. Nawagaththhegama මහතාගෙන් ගත්තේ තොප්පිය විතර ද ?ඔහුගේ අනිත් ජීවන බාවිතය නු ත් අනු යන්නේ ද ?
      නැත්නම් අර චේ ගෙන් ගත්තේ තොප්පියයි සුරුට්ටු වයි විතරක් වගේ නොවේ වා ! ඒත් අවුලක් නෑ හැබැයි .

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ අනන්‍යතාවය රසිකොලොජිස්ට් තොප්පියෙන් හැංගෙනවා තමයි.

      Delete
  7. කියවන්න හිතෙන නවකතාවක් එළියට ආවොත් පංකාදුයි කොහොමත්....

    ReplyDelete
    Replies
    1. ඒ හතරක් ලැබෙනවාය කියන්නේ පංකාදුයි නේන්නම්!

      Delete
  8. සමනළ විප්ලවේ ජාතියේ නවකතාවක් කියවන්නත් ආසයි..කොහෙද ඒ මනුස්සයා ඒකයිනේ ලියුවේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ, මිනිහා බොදු බල තොට ලියන එක අතහැරියා. සමහර විට පසුව ලියයි!

      Delete
  9. අර ඔබ්වියස් එක කියනකං මොකුත් නොකියා ඉන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. සිව් වසරක් මරදානේ කියන්නේ නවකතාවක් නොවෙයි කියන එකයි සෝ ඔබ්වියස් දේ!

      Delete
  10. thoppiya thuwala wuna neda female condom ekak nisa?

    ReplyDelete
  11. මා විසින් ලියන ලද මානසික රෝගියාගේ පරිකල්පනය කෘතියට සම්මාන මණ්ඩලයේ අවධානය යොමු වූවද මගේ පොත් වලට පොලු තැබූ ප්‍රකාශක මහතෙක් විසින් එය යටපත් කරන ලදි . නමුත් මම කිසිම ආරෝවකට නොගියෙමි.

    ReplyDelete
    Replies
    1. අනේ රුවන් මහත්තයො, ඔබතුමාගෙ ඔය පොත වැදගත් වෙන්නෙ අපේ රසික පුතාට. කරුණාකර පිටපතක් රසික පුතාට යවා ගාස්තුව දිප්පිටිය මහතාට යවන්න. එතුමා තරුණ බෞද්ධ සංගමයට එම කුවිතාන්සිය ඉදිරිපත්කර ඔබගේ මුදල් පියවනු ඇත.

      Delete
    2. ඇතුවත් බැරි, නැතුවත් බැරි ප්‍රකාශකලා!

      Delete
  12. බ්ලොග් ලියන්නෙත් සම්මාන ගන්න බලාගෙන නේද?

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් ලිවීම ඇරඹුනේ මීට එකොලොස් වසරකට පෙර ය.
      https://rasikalogy.blogspot.com/2015/04/blogging-for-ten-years.html

      Delete
  13. අර හැමෝම කියනවා වගේ ජනතා සම්මානය තමයි වටිනම සම්මානය කියලා ඉන්නයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ජනතා කියන පත්තෙරෙන් දෙන සම්මානයක් ද?

      Delete
  14. ලෙනින් වගේ

    ReplyDelete
    Replies
    1. මෙව්වට මට හිනා .. ඔච්චරම මිරිකන්න පුක කහන්න යන්න එපා

      Delete
    2. අනේ එහෙම දෙකට නෙමේ. ඇත්තටම පින්තුරේ දිහා දැක්කම හිතුන දේ.

      Delete
    3. මං වඩාත් කැමතියි ට්‍රොට්ස්කි වගේ නම්!

      Delete
  15. අනේ රසිකයෝ...
    ඔන්න ඔය සුද්ද්නන්ගේ කොම්පුටර් වල ප්ලග් එකක් ගහගෙන හිටපන්..
    උඹ ලියන හෑලි වලට මොන සම්මානද ..
    ලියනවනම් එක එකාට මඩ නොගහ හොද දෙයක් ලියහන්
    එහෙම නැතිනම් මිරිකන මිරිකිල්ලට මාතලන් බොට සම්මානයක් දුන්නොත් තමයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මේට්. නියත විවරණ ලැබුණා වගෙයි!

      පොතක් ලියලා මුද්‍රණය කළ දවසක ඔහේව හමුවෙලා ම පිටපතක් දෙන්නම් කෝ.

      Delete
    2. අනේ රසික පුතේ, මේට් මේට් කියන්න එපා පුතේ. එතකොට අපිට මතක් වෙන්නෙම හවුස් මෙට්ල පුතේ.

      Delete
    3. ඇයි බැච් මේට්ලාව මතක් වෙන්නේ නැද්ද?
      හවුස් මේට් ලා ඉන්නේ චමරියක හිටපු අයට විතරයි නේ!

      Delete
  16. රසික පුතේ,
    ඕට්ටේලියාවෙ පල් හෑලි ලිව්වට කවුරු පුතාට සම්මාන දෙන්නද ? ඒත් පුතා සම්මාන ගැන ලොකු දුකකින් පෙලෙනවා කියලා අපිට තේරෙනවා. අඩු ගානෙ මේ පල් හෑලි කියවල වයසක අපි කාලෙ හරි ගෙවන එකේ, මම අපේ සංගමේට යෝජනාවක් දාල බලන්නම් සම්මාන උළෙලක් කරන්න කියලා. එහෙම වුණොත් පුතාගෙ අර ආනන්දෙ ගැන ලිව්ව පොතට හොඳම සාහිත්‍ය සම්මානෙත් , "සිව් සිත් කවි" පොත හොඳම කවි පොත වශයෙනුත් සම්මාන දෙකක්ම දෙන්න බැරියැ. අනික අපි පුතාට විචාර දේශනයකටත් ආරාධනා කරන්නම්. අර නෙළුම් යායෙ වගේ මයික් සෙට් කරනකම්, වේදිකාව හදනකම් හිස්තැන් පුරවන චූටි චූටි කතා නෙවෙයි මෙව්වා. අනෙක පුතා නෙළුම් යායට ආවා වගේ අතින් කයිට් ඕනෙ නෑ, මැල්බොන් ඉඳල බිසිනස් කැලෑසියෙ එන්නම අපි ටිකට් එකට අනුග්‍රාහක භවතෙක් හොයල දෙන්නම්.
    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. රසික පුතේ,
      තව දෙයක් අමතක වුණා, මේ පොටෝ එකේනම් පුතා තනිකරම (නාකි ) සුද්දෙක් වගේනෙ. ඕක ගත්තෙ අර ළඟදි ගත්ත සැම්සුන් පෝන් එකෙන් වෙන්ටැ. නියමෙට තියෙනවා. අපිට කොහෙද ඉතින් ඔය වගේ පෝන්!! අපිට තියෙන්නෙ ඉතින් අඩුවට ගත්තු චීන කටු තමා.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    2. රසික පුතේ, ඉහත කෙමෙන්ට් මා විසින් ලියන ලද්ද ඒවා නෙවෙයි. උදේ හවස සියළු සත්ත්වයින්ට මෙත් වඩන මා වැන්නෙක් මේ වගේ වෛරී කමෙන්ට් ලියන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.

      ජාතිකවාදීන් ලියනවා වගේ ඕවා ලියන්නේ මේ රට විනාශ කරන්න බලාගෙන ඉන්නා විජාතික පරයි.

      මීට, (රියල්) කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. රසික පුතේ,

      මේ පිංතූරෙ පුතාගෙ නහය , හොඳට මෝරපු කජු පුහුලමක් වගේමයි. මට මතක් වුනේ සයිමන්ව නෙමෙයි ජේ.ආර් ව. සයිමන් ගොයියගෙ තොප්පිය දාගත්තට කමක් නෑ පුතේ, උන්දැගෙ අනිත් විශේෂ හැකියාව වෙච්ච " වටේටම නෙලිල්ල" එහෙම අනුගමනය කරන්න යනව එහෙම නෙමෙයි.

      Delete
    4. සිනුවර සිට මෙල්බර්න් යන්නත් ටිකට් එකක් දෙනු ඇතැයි සිතමි!

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මා මිත‍්‍ර රසික සූරියාරච්චිගේ උත්සාහය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථකවේවායි පතමි. :)

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. රසික සූරියආරච්චි ශූරීන් පැළඳ සිටින සයිමන් නවගත්තේගම ශූරීන්ගේ තොප්පිය දුටු විට මට එතුමා හමුවූ අවස්ථාවක් සිහිපත් විය. ඒ මගේ පළමු කෙටිකතා පොත මුද‍්‍රණය කළ අවදියේ සාර ප‍්‍රකාශන ආයතනයේදී රෝලන්ඩ් අබේපාල මහතා සමග කතා බහක නියැලී සිටි දිනයකය. ඒ කතාව පසුව මගේ මානව බ්ලොගයේ ලියන්නට දැන් සිතට ගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. රසික සූරියආරච්චි ශූරීන්???

      අපිට නං"එතුමා " එදත් කකා, අදත් කකා :)

      Delete
    2. නිවැරදි යෙදුම සූරීන් ලු!

      ඒ කෙසේ වෙතත් මට කිහිප දෙනෙකු සූරි කියා නම් කතා කරලා තියෙනවා.

      Delete
  21. දැන්නෙ දැක්කෙ, අපේ රසික පුතා දාගෙන ඉන්නෙ සයිමන් නවගත්තේගමගෙ තොප්පියනෙ. පුතාටත් එතුමාගේ තොප්පි විතරක් නෙවෙයි එතුමාගේ හැකියාවත් ලැබී හොඳ පොත් ලියා සාහිත්‍ය සම්මාන ලැබීමටත්, ඔසී පල් හෑලි එපිටින් හරවත් දේ ලියා හොඳම බ්ලොග්කරු ලෙස නෙළුම්යාය සම්මාන ලැබීමටත් හැකියාව ලැබේවා!! සාදු කියන්න පින්වතුනි. සාදු..සාදු...තව දෙයක් අමතක වුණා, නෙළුම් යාය සම්මාන උළෙලේ හරවත් දේශනයක් කරන්න ලැබේවා !!!!!

    මීට, (රියල්) කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  22. රසික පුතා දාගෙන ඉන්නෙ සයිමන් ශූරීන්ගෙ තොප්පිය විතරක් නෙවෙයි, එතුමගෙ වවුල් ජොකත් ඇඳගෙන ඉන්නෙ.

    ReplyDelete
  23. රසික පුතාගෙ තට්ටෙ වැහුවට සයිමන්ගෙ තොප්පියෙන්, රසික පුතාගෙ බ්ලොග් හෙළුව වහන්නනම් සයිමන් ඇඳපු සේරම ඇඳුම් ගෙනාවත් මදි....

    ReplyDelete
  24. රසික පුතාට අපහාස කරන්නන් දැඩිලෙස හෙලා දකින අතර අප සංගමයේ කාරුණික අවධානය ඒ සඳහා යොමුවී ඇති බව මෙයින් දැනුම් දෙමු. මෙවැනි ඇනෝකරුවන් නැති භංගස්ථාන වේවායි කියා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට අදහස් කරගෙන සිටිමු. වැඩි විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

    මීට, (රියල්) කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  25. සීරියස් කියවගෙන ආවා... අන්තිමේ මාර හිනා...

    ReplyDelete
    Replies
    1. තරු දුවට හිනා යාන්නෙ අපේ රසික පුතාගෙ ලියවිල්ලටද ? එහෙම නැත්නම් ෆන් ඇනෝ කොමෙන්ටුවලටද ?

      Delete
    2. සම්මාන ලැබුණු දිනයේ මට නම් සතුටු සිනා නැගෙනු ඇත!

      Delete
  26. එහෙම හිතුවාම රසිකට වාසියක් තිබුනට, ඒ වාසිය ඕනේ නෑ කියලත් හොඳ පොත් ලියනවා නම් ඒකෙ වරදක් නෑ නේ.
    මේ ඒක නෙවෙයි, පොත් ලිව්වම ලැබෙන A හතර මොනාද?

    ReplyDelete
    Replies
    1. A = විශිෂ්ඨ සම්මාන
      විද්‍යෝදය, ස්වර්ණ පුස්තක, රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ!

      Delete
  27. රසික පුතේ නව කතාවක් ලියපං

    ReplyDelete
  28. //හෙන්රි වර්ණකුලසූරිය තම කෘති ඒ තරගයට ඉදිරිපත් නොකරන ලෙස ප්‍රකාශක ප්‍රේම් දිසානායකට විශේෂයෙන් ම කියන්නට ඇතැයි මම සිතමි.//
    මඟුලක් කතා කරනව. මම ඕව කියන්න ගියෙ නෑ...අහම්බෙන්වත් සල්ලි ටිකක් ලැබුණොත් එපා කියන්නයැ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොකටද ස්වර්ණ පුස්තක කියන්නේ ප්‍රෝඩාවක් කියලා පත්තර ඉන්ටර්වීව් එකකට කීවේ???

      Delete
    2. Toggle navigation
      search sri lanka, info lanka
      ධම්මපදය - පකිණ්ණක වග්ගය
      සුප්පබුද්ධං පබුජඣන්ති
      සදා ගෝතමසාවකා,
      යෙසං දිවා ච රත්තෝ ච
      නිචචං සංඝගතා සති
      යම් කෙනෙකුන්ට රෑ දාවල් දෙකෙහි නිතර සංඝයා ගේ ගුණ සිහි කිරීම පවතී නම් ඒ ගෞතම ශ්‍රාවකයෝ හැම කල් හී මනා පිබිදීමෙන් පිබිදෙත්.
      සොයන්න sinhala typing help
      Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව

      Home | About | Features | FAQ"s | Webmasters | Technology | Advertising | Contact
      \"ස්වර්ණ පුස්තක\" කියන සෙප්පඩවිජ්ජාවට මම කැමැතිම නෑ _ \"විල්ලරවාඩිය\" ලියූ හෙන්රි වර්ණක
      \"ස්වර්ණ පුස්තක\" කියන සෙප්පඩවිජ්ජාවට මම කැමැතිම නෑ _ \"විල්ලරවාඩිය\" ලියූ හෙන්රි වර්ණකුලසූරිය කියයි 0 July 7, 2014 2:05 am Hits(132) වයඹ පළාතේ කතෝලික ජනතාව වැඩි වශයෙන් ජීවත් වුණු ප්‍රදේශයක් පාදක කොට ගනිමින් එකී සමාජයීය ජීවිතය, චින්තනය හා ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබිඹු කරන \"විල්ලරවාඩිය\" නම් වූ නවකතාව මේ සමාජයටද සහයෝගිතාවයේ අරුත කියාපාන අපූර්ව නවකතාවකි. ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව සහයෝගීව අත්වැල් බැඳගෙන ජීවත් වන ජනතාවගේ ජීවිතවල ඇතැම් සන්ධිස්ථාන මොනවට නිරූපණය කරන \"විල්ලරවාඩිය\" නවකතාව සාමාන්‍ය නවකතාවලින් ඔබ්බට ගිය සුවිශේෂී නවකතාවක් ලෙස හඳුනාගත හැකිය. මේ නවකතාවේ කතුවර හෙන්රි වර්ණකුලසූරිය තමන්ගේ නවතම කෘතිය පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසකි.ද මේ නවකතාවට පාදක වන්නේ ඔබගේ පෞද්ගලික ඇත්දැකීමක්ද?පෞද්ගලික අත්දැකීම් වගේම මේක සත්‍ය අසත්‍ය අතර දෝලනය වන එක් ප්‍රදේශයක් පාදක කොටගෙන ලියැවුණු කතාවක්. මම පුංචි කාලෙ ඉඳන්ම ජීවත් වුණු පරිසරය ගොඩක්ම මේ නවකතාවට පාදක වෙලා තියෙනවා.ද මේ කතාවෙන් මොකක්ද කියැවෙන්නෙ?ජාති, ආගම්, කුල බේදයක් නැතිව ජීවත් වන ජනතාවක් ඉන්න, වයඹ පළාතේ තිබෙන කතෝලික ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශයක් ගැනයි කතාව ලියැවෙන්නෙ. ඒ වගේම මේ ගම ආරම්භක කාලයේ පටන්ම පැවැතුණු හැටි සහ ඒ ගම ලංකා සිතියමේ ස්ථානගත කිරීම දක්වා වූ දීර්ඝ ගමනක් ගැන මේ කතාවේ ඇතුළත් වෙනවා.ද ඔබ ඇයි මේ නවකතාවට \"විල්ලරවාඩිය\" කියන නම යොදන්න හිතුවේ?1940 ගණන්වල කැලෑවට ගිය ඉඩම් යායක් මිලදීගෙන ඒ ඉඩම් යාය ගමක් කරන්න දහදිය වගුරුවපු සිද්ධියක් ගැන මට අත්දැකීම් තියෙනවා. ඒ දහදියවල වටිනාකම හැටියට ඒ ඉඩම් යාය අන්තිමේ ගමක් වුණා. ගම වෙනත් නමකින් හැඳින්වුවට ඒ ඉඩම් යායට මුල් ඔප්පුවේ තියෙන නම \"විල්ලරවාඩිය\". ඉතින් මම හිතුවා මන--කල්පිත චරිතවලින් ගොතපු මේ කතාවට පාදක වුණු ගම්මානයේ නම ම නවකතාවටත් යොදාගන්න. ඒ නිසයි \"විල්ලරවාඩිය\" වුණේ.ද මේ ඔබගේ පළමු නවකතාවද?නැහැ. මේ දෙවැනි නවකතාව.ද ඇයි ප්‍රේමණීය නවකතාවක් නොලියා මේ වගේ එකක් ලියන්න හිතුවේ?මේ වගේ පරිසරයක් පාදක කරගෙන පොත් ලියැවුණෙත් නැහැ. සීමිතයි. 1948 ඉඳන් 1968 වෙනකල් ලාංකික ජන සමාජයේ දේශපාලන, සමාජ, ආර්ථික තත්ත්වය ගැන මේ පොතෙන් ආවර්ජනය කෙරෙනවා. මම හිතනවා ප්‍රේමණීය නවකතාවක් ලිවීමට වඩා මේ වගේ තේමාවකින් නවකතාවක් ලිවීමට ලැබෙන තෘප්තිය වැඩියි කියලා.ද ඒ කියන්නෙ ඔබ ප්‍රේමණීය නවකතා විරෝධියෙක්ද?අනේ නෑ. බොළඳ ප්‍රේම කතා පිළිබඳව මගේ විරෝධතාවක් නෑ. ඒ වගේ එකක් ලියල නැති එක විතරයි. නමුත් පරිශීලනය කළේ ඒවා කියවලා. එහෙමයි කියල එතැනින් නවතින්න ඕන නෑනෙ. ඒකෙන් කියන්නෙ ප්‍රේම කතා විරෝධියෙක් කියන එක නෙවෙයි.ද ඔබ නවකතාවක් ලියන්නෙ සම්මානයක් බලාපොරොත්තුවෙන්ද?සම්මාන ගැන කිසිම වුවමනාවක්වත්, උනන්දුවක්වත් මට නැහැ. එහෙම බොළඳ ලෝකෙක නෙවෙයි මම ජීවත් වෙන්නෙ. අනෙක දේශපාලනය, සිනමාව, කලාව කියන කිසිම තැනක අද තිබෙන සම්මාන පිරිනැමීම් ක්‍රමවේදය ගැන මගේ විශේෂත්වයක්වත්, කැමැත්තක්වත් නෑ.ද ඒ කියන්නෙ ඔබ සම්මානයක් ලැබුණොත් ප්‍රතික්‍ෂේප කරනවද?සම්මානයක් කියන්නේ ඇගැයීමක්. එවැන්නක් ප්‍රතික්‍ෂේප කිරීමේ කුහකත්වයක් නෑ. නමුත් ඒක බලාපොරොත්තුවෙන් නම් ඉන්නෙ නෑ. කොටින්ම කියනවා නම් මම \"ස්වර්ණ පුස්තක\" කියන සෙප්පඩවිජ්ජාවට කැමැතිම නෑ.

      මුලාශ්‍රය: http://mawbima.lk/1-62612-news-detail.html

      Delete
    3. පත්තර ඉන්ටර්වීව් වල කියන එව්වා කවුද අප්පා ඒ විදියෙන්ම පිළිගන්නේ...:D

      Delete
  29. මෙහි ප්‍රථම පියවර ලෙස දැන් මා සයිමන් නවගත්තේගම විසින් භාවිත කරන ලද ආකාරයේ තොප්පියක් පැළඳීම ආරම්භ කර ඇති බව සතුටෙන් දැනුම් දෙමි.

    එය "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මිතුරෙකුගෙන් මට ලැබුණු ත්‍යාගයකි!ඔයාට තොප්පිය දීපු මිතුරාගේ අරමුණ ඔයාව තොප්පි කාරයෙකු කරන්න ද

    මා දන්නා අන්දමට මාටින් වික්රමසිංහ සූරීන් ද තොප්පි දමා ගත් පින්තූර මා දැක ඇත නමුත් එතුමා තොප්පි දමා ගත්තේ ගමිපෙරලිය ද ලියූ පසු බව මගේ දැනුමයි ඔබෙි මරදානේ සිවි වසරක කිය වූ පසු මා අවබෝධ කර ගත්තේ ඔබට ද මා වි සූරුන් ගේ උපන්දා සිට මෙන් ලිවිය හැකි පොරක් බවත් නිදා ගැනීම අඩුවෙන් කරන ඉන්සොමිනියා රෝගියකු බවත් ය තැතිනමි නිර්මාන කරවකු කුණුහරුප සහ වෙනත් ජොග් කැන කතා නොලියා මෙබඳු බෙිාලොග් ලියා සතුටු වන්නේ මක් නිසා ද කියනු මැනවි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.