මා උගත් කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ තුනේ පන්ති තුනක් පැවැත්වුණ ද හතරේ පන්ති පැවැත්වුනේ දෙකක් පමණි. මේ නිසා, ඊට කලින් වසරේ දී මා සමග එක පන්තියේ නොසිටි සිසුන් කීප දෙනෙකු සමග වසරකට හෝ දෙකකට පසු එකම පන්තියේ ඉගෙනගැනීමට මට අවස්ථාව ලැබුණි.
ඉංගිරිසි භාෂා ගුරුවරයෙකු වන නාලන්ද පියතිලක, කුමන ජීවනෝපායක යෙදෙන්නේ දැයි මා නොදන්නා සිසිල් පුෂ්පකුමාර මෙන්ම හෘද රෝග විශේෂඥවරියක වන රානිකා කිරිබත්ගොඩ ද මේ පන්තියේ දී සිසුන් අතර සිටි බව මගේ මතකයේ ඇත. ලයනල්, සුගත් සහ නිමල් යන (මේවා නම් සැබෑ නම් ය) නම් ද ඒ සමගම සිහියට නැගේ.
දිනක් අපේ පන්තිය භාර මැ.පෙ. රූපසිංහ ටීචර් අප අමතා, මසකට වරක් පන්තියේ සමිතියක් පැවැත්විය යුතු බව අපට දැනුම් දුන්නාය.
සමිතියක් යනු කුමක්දැයි මා නම් දැන ගත්තේ එදා ය. අපේ ටීචර් අපට විස්තර කර දුන් ආකාරයට, එය පන්තියේ සිසු සිසුවියන් ගේ රැස්වීමකි. මෙහිදී ඔවුන් විසින් කවි, ගීත ගැයීම සහ කතා පැවැත්වීම යනාදිය කළ යුතුය.
සමිතියේ මූලාසනය හෙවත් සභාපති තනතුර නිල බලයෙන් හිමිවූයේ ටීචර්ටයි. සමිතිය සඳහා ලේකම්වරයෙකු සිසු-සිසුවියන් අතරින් පත් කර ගත යුතු යැයි ද චීචර් අපට සැළ කර සිටියා ය.
පන්ති කාමරයේ පිරිමි ළමුන් ගේ පැත්තේ ඉදිරිපස ආසනවල සිටියේ නාලන්ද, සිසිල් සහ මා බව මට මතක ය. ලේකම්වරයෙකු ගැන ටීචර් කියූ සැණින් තම කට විවර කළ දෙවෙනි පේළියේ සිටි ලයනල් "රසික හොඳයි" යැයි පවසා එලෙසින් මගේ නම මේ තනතුර සඳහා යෝජනා කළේය. කිසිවෙකු වෙනත් නමක් යෝජනා නොකළ හෙයින් මා සමිතියේ ලේකම් තනතුරට පත් වුණෙමි.
පන්තියේ සමිතියේ ලේකම් ලෙස මගේ කාර්යභාරය කුමක් දැයි මැ.පෙ. රූපසිංහ ටීචර් මට විස්තර කර දෙන්නට ඇත.
ඊළඟට පන්තියේ සිසුන් ඇමතූ අපේ ටීචර් ඉල්ලා සිටියේ අද සමිති වාරයේ දී කවි, ගී ගායනා කරන්නට, කතා පවත්වන්නට කැමති සිසුන්ට ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන ලෙසත්, ඊළඟ සමිතියේ දී එසේ කරන්නට කැමැත්තේ නම්, තමන් ගේ නම් සහ විස්තර සමිතියේ ලේකම් රසිකට පවසන ලෙසත් ය.
ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් කිහිප දෙනෙකු ම එදා කවි ගායනා කළහ. සමිතියේ ඒ විස්තර සහ ඊළඟ මාසය සඳහා ඉදිරිපත් වූවන් ගේ තොරතුරු ද මම අභ්‍යාස පොතක අග පිටුවේ සඳහන් කර ගත්තෙමි.
එදා නිවසට ගිය පසු මා කියූ මේ විස්තරය ඇසූ අම්මා කියා සිටියේ මා ලේකම් ලෙස සමිතියේ වාර්තාවක් ඊළඟ සභා වාරයට ඉදිරිපත් කළ යුතු බවයි.
එකී වාර්තාව ලිවිය යුතු ආකාරය පිළිබඳව තාත්තා මට උපදෙස් දුන්නේ ය.
"මැයි මස දහතුන්වෙනි සිකුරාදා, කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ හතර වෙනි ශ්‍රේණිය ඒ පන්තියේ දී පවත්වන්නට යෙදුණු ශිෂ්‍ය සමිතියේ වාර්තාවයි මේ.""දැන් ඔය විදියට එදා සමිතියේ දී වුණු සේරම විස්තර ලියපං. අන්තිමට වාර්තා කළේ කියලා උඹේ නම එකතු කරපං!" තාත්තා කීවේය.
"මෙදින රැස්වීමේ මුලසුන උසුලන ලද්දේ පන්තිය භාර ගුරු මැ.පෙ. රූපසිංහ මහත්මිය විසිනි. ශිෂ්‍ය සමිතිය ආරම්භ කිරීමේ වැදගත්කම ගැන සිසුන්ට කියා දුන් ඇය, සෑම මසකටම වරක් සමිතිය පැවැත්වෙන බවත්, මෙහිදී කවි, ගීත ගායනා කිරීමට හෝ කතන්දර කීමට හෝ විවිධ මාතෘකා යටතේ කතා පැවැත්වීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බවත් පැවසූවා ය."
"සමිතියේ ලේකම් තනතුරට, රසික හරිශ්චන්ද්‍ර ගේ නම ලයනල් රණසිංහ විසින් යෝජනා කරන ලද අතර නාලන්ද පියතිලක විසින් ස්ථිර කරන ලදී. වෙනත් නාම යෝජනා නොවූයෙන් හතරවෙනි ශ්‍රේණියේ ඒ පන්තියේ ශිෂ්‍ය සමිතියේ ලේකම් තනතුරට රසික හරිශ්චන්ද්‍ර නිතරඟයෙන් තේරී පත්විය."
මේ වාර්තාව ලිවීම මට, අකුරු, වචන, වාක්‍ය සහ භාෂාව සලකන කළ ලොකු දෙයක් නොවීය. අලුත් අභ්‍යාස පොතක් ගත් මම, පෙර කී මුල් විස්තරයට අමතරව තවත් වාක්‍ය කිහිපයකින් එතැන් සිට සමිතියේ අවසානය දක්වා සිදුවුණු දේ, කවි, ගීත ගායනා කළ, කතන්දර කියූ සිසු සිසුවියන් ගේ නම් සහ විස්තර ද සහිතව ගලපා ලියූවෙමි.
මාසයක් ගෙවී අපේ සමිතියේ දෙවන සභා වාරය උදාවිය.
"කවුද අපේ සමිතියේ ලේකම්, රසික නේද? දැන් එහෙනම්, රසික ඉස්සරහට ඇවිත් ගිය වාරේ සමිතිය ගැන ලියපු වාර්තාව කියවන්න!" මැ.පෙ. රූපසිංහ ගුරුවරිය සමිතිය ආරම්භ කරමින් කීවා ය.
හිඳගෙන සිටි ආසනයෙන් නැගිට පන්තියේ ඉදිරියට යාමට මට කිසිසේත් ම සිත හදා ගත නොහැකි විය. ස්ටේජ් ෆ්‍රයිට් හෙවත් සබකෝලය කියන්නේ මේ අපහසුතාවයට බව මම පසුව දැන ගතිමි!
මා ලියූ වාර්තාවේ අඩුපාඩුවක් තිබේද? මා එය ලියා අවසාන කළා මිස පන්ති භාර ගුරුවරියට හෝ අඩු වශයෙන් තාත්තාට හෝ පෙන්නුවේ නැත. මා මේ වාර්තාව පන්තියේ ඉදිරියට ගොස් කියවන්නේ කෙසේද?
මා පැකිළෙනු දුටු මැ.පෙ. රූපසිංහ ගුරුවරිය "ඇයි රසික වාර්තාව ලිව්වේ නැද්ද?" කියා මගෙන් විමසූවා ය.
සිතේ පිරි සබකෝලය, බිඳ වැටුණු ආත්ම විශ්වාසය, ලැජ්ජාව, බිය, බඩේ සමනල්ලු යනාදී සියලු අකලංචි මැදින් ම මට මගේ ගැලවුම් මාර්ගය ඒ වචන තුළින් පෙනුණි.
"ඔව් ටීචර්!" මම කීවෙමි.
"හොඳයි, අද මුල් දවසනේ, කමක් නෑ, අද වෙන දේවල්වල විස්තර හොඳින් ලියා ගෙන අද වාර්තාව ඉක්මනටම ලියන්න!" ඇය මා බේරා ගත්තාය.
මේ සිද්ධිය හා සම්බන්ධව මගේ මතකයේ හොඳින් රැඳී ඇත්තේ තව එක දර්ශනයක් පමණි.
පිටුපස පේළියේ සිටි ලයනල් රණසිංහ දෙසට හැරුණු නාලන්ද පියතිලක සහ සිසිල් පුෂ්පකුමාර දෙදෙනා, මගේ ඒ අසමත් වීම තමන්ට වූ මහා ලජ්ජාවක් සේ සිතා දෝ "මේ ලයියා තමයි සේරම කළේ!" යැයි ලයියාට දෝෂාරෝපණය කරන්නට පටන් ගැනීමයි.
සමිතියේ ලේකම් වීම විශාල ගෞරවණීය කාරණයක් බවත්, ඒ අවස්ථාව තමන්ට නොලැබීම ගැන නාලන්ද පියතිලක සහ සිසිල් පුෂ්පකුමාර දෙදෙනා ඉතා කණගාටුවෙන් පසුවෙන බවත් මට එවෙලේ වැටහිණි.
මම එදිනම සවස් වරුවේ, මුල් වර කළාටත් වඩා හොඳින්, අක්‍ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ ගැන දන්නා තරමින් සැලකිලිමත් වෙමින් දෙවෙනි සමිතියේ වාර්තාව ලියූවෙමි.
නාලන්ද පියතිලක සහ සිසිල් පුෂ්පකුමාර දෙදෙනා ගේ බලාපොරොත්තු කවරාකාරයේ වූවද, ඒ වසරේ අවසානය දක්වාම මම මගේ ලේකම්කම රැක ගත්තෙමි!
පසු කලෙක විශ්ව විද්‍යාලයේ දී, මා පේරාදෙණිය ඉංජිනේරු පීඨ කලා කවයේ ද, ඉංජිනේරු පීඨ සමාජ විද්‍යා සංගමයේ ද ලේකම් ලෙස කටයුතු කළ මුත් මේ ආකාරයේ සමිති වාර්තා ඉදිරිපත් කිරීමක් හෝ ලිවීමක් හෝ ඒ තනතුරුවල වගකීම්වලට ඇතුළත් නොවීය.
කෙසේ වෙතත්, ඒ වෙන විට මගේ මේ සබකෝලය මග හැරී තිබුණි!
-රසිකොලොජිස්ට්
ප/ලි:
සබකෝලය වැනි කුඩා කාලයේ අපට බලපාන තවත් කෝලයක් වන්නේ කෙල්ලෙකු සමග කතා කිරීමට ඇති අපහසුවයි. මේ සංකීර්ණය ලියනගේ අමරකීර්ති විසින් තම අටවක පුත්තු නවකතාවේ දී හඳුන්වා දී ඇත්තේ මනමාල බිය යනුවෙනි.
මගේ මනමාල බිය නම් විශ්ව විද්යාලයේ දෙවන වසර දක්වාම වාගේ පැවතුණි!
(image: http://sannasa.sinhalajukebox.org/ - artiste: Jagath J Edirisinghe)
අද මම එක වෙලා.
ReplyDeleteරසිකයියෙ. මට මතකයි මමත් මුලින්ම සමිතියකට ගියේ හතර වසරෙදි. පාසලේ කනිශ්ඨ සාහිත්‍ය සමිතියට. මුල් අව්රුද්දේ නිල භලය ලැබුනෙ නෑ. හතර වසරෙ අයට දුන්නෙ නෑ. පහ වසරෙ ඉඳල එක දිගටම සියලු සමිතිවල පොඩි නිලයක්හරි තිබුන. මුලින්ම සබකෝලෙ නැති කරගත්තෙ කවියක් කියල. එදා දාඩිය දාල, වෙව්ලලා, වචන කියාගන්න බැරුව ගිලගත්ත මතකයි. පස්සෙ ඒවා හරිගියා. දැන් ඕන තැනක ඔට්ටුයි.
සබකෝලය තමන් ගේ වාසියට ගත යුතුයි කියා මා අසා තියෙනවා. ඒ කියන්නේ තමන් ගේ කතාවට හොඳින් පුරුදු වීමෙන්.
Deleteසභාවේ සිටින තමන් අඳුණන කෙනෙකු දෙස බලමින් කතා කිරීම සබකෝලය පැරදවීමේ එක ක්‍රමයක්.
මටත් මුල් පාසැල් කාලයේ තිබුණු ප්‍රශ්ණයක්. පන්තියේ ඉස්සරහට ගිහිල්ල කියන්න යනදෙ අමතකවෙලා ලැජ්ජාවට පත්වූ වාර බොහොමයි. මගේ මෙම සබකෝලය නැති උණේ මගේ රචනා අගය කල ගුරුවරයෙකු නිසා. මනමාල බිය හ්ම්ම් ඒක වෙනම කථාවක්.
ReplyDeleteමනමාල බිය - තාම තියෙනවා වගේ?
Deleteහප්පට සිරි.. මනමාල බය ගැන මාතලංගෙන් අහන්න.. දැන් කාලේ ලොකු ලොකු පාසැල් වල ඇරුනම ලමයින්ගේ සබකෝලය යවන්න තියෙන හොදම තැන දහම් පාසැල්... මොන්ටසොරි වල කොන්සට් කරාට ලමයින්ගේ සබකෝලය යන්නෑ.. සොඳුරු මතයකයන් ඇවිස්සීම ගැන තුති. එ් වගේ රහට ඒ සටහන් මට ලියන්නට බැරි වීම ගැන කටගාටුව.. හැක්
ReplyDeleteදහම් පාසල් වැඩ වුනේ ඊට පස්සේ!
Deleteඔය සබකෝල බිය මගෙන් නම් ගොඩක් ලොකු මහත් වෙලාවත් ගියේ නෑ. මගෙ දරුවනුත් පාසැල් යන කාලෙ පෞර්ශත්ව සංවර්ධන වැඩ මුලුවකදි තමයි ඔන්න ඒක යාන්තම් මග හැර ගත්තෙ. ඒ කාලෙ විස්තර රසික සුන්දරයි මෙහෙම මතක් කරන කොට.
ReplyDeleteඅතීතකාමය තමයි ජීවිතේ හොඳම ආශාව!
Deleteවයසට යන්න යන්න වැඩි වෙනවා.
කකා ඉස්ටයිල් එකේ කතාවක්...
ReplyDeleteමටත් සබකෝලය තියෙනවා ද මන්දා...
සබකෝලය තමන් ගේ වාසියටත් උපයෝගී කරගත හැකියි.
Deleteලියල තියෙන දෙයක් කියවන්නනං එච්චර අවුලක් නැතත් තනියම කතාවක් කරන්න ගියොත්නං අනාත වෙනව.
ReplyDeleteදහම් පාසලේදි අන්තිමට මං වෙනුවෙන් කතාව කරන්න උනේ හාමුදුරුවන්ට.
හාමුදුරුවරු ඉතිං මහන වෙන්නේ ම අනුන්ව නිවන් යවන්න නේ!
Deleteහපොයි අම්මේ මනමාල කෝලය එච්චර කල් තිබ්බේ කොහොමෙයි..
ReplyDeleteඔයිට කලින් ලිව්වා නේද පොඩි ක්‍රෂ් එකකුත් පොඩි කාලේ තිබුනයි කියලා..
මම ඇලෙක්සැන්ඩ්‍රා ටියුෂන් ක්ලාස් එකේ හිටපු ලස්සනම් කෙල්ලගෙන් කැමැත්ත ඇහුවේ ඉස්සරහ පේලීයේ උන්න කෙල්ලගෙන්, පිටිපස්සෙ පේලීයේ ඉඳලා කෑ ගහලා..
එද කැමති උනේ නෑ.. පස්සෙ කොහොම හරි කැමති කරව ගත්තා.. එයත් අවසානයේ තද බල බූට් පහරක් බවට් පත් උනා.. සැලුනේ නෑ.. ඊට පස්සෙ තව එකකට ට්‍රයි කලා...
මාත් එතැන ගිහින් තියෙනවා ටෙරන්ස් ප්‍රනාන්දුගේ මැත්ස් පන්තිවලට ටික දවසක්.
Deleteමාතලන් ඇලෙක්සැන්ඩ්‍රා ටියුෂන් ක්ලාස් ගියේ " ජෝර්ජ් විල්සන්ගේ " ස්පොකන් ඉන්ග්ලිෂ් ක්ලාස් වලට
Deleteදවට ගහ පල්ලිය ගාව බස් ස්ටෑන්ඩ් එක ගවාදී තමයි හරි ගියේ
මම නම් කවි සින්දු කියලා නැහැ.හැබැයි ඔය පොඩි පොඩි නාට්‍ය වල රගපාල තියෙනවා.හැබැයි මුලින් මුලින් ඔය නාට්ය වලත් මම හිටියේ ගස්,ගල් වලට තමයි පස්සේ පස්සේ ඔය සබකෝලය පොඩ්ඩ පොඩ්ඩ මග හැරිලා ගියා.හැබැයි ඉතින් සමහර නාට්‍ය වල ඔය දන්නා කියන ගැහැණු ළමයි එහෙමත් ඔය නාට්‍ය වල හිටියොත්,බලන්න ඇවිත් හිටියොත් ඔන්න ඉතින් අර සබකෝලය පොඩ්ඩක් විතර ආයෙමත් මතු වෙනවා හිටං.ඒ දවස්වල මම නට්ය වල දෙබස් එහෙම කිව්වේ ඔය උඩ සිවිලිම දිහා බලාගෙන.
ReplyDelete//මුලින් මුලින් ඔය නාට්ය වලත් මම හිටියේ ගස්,ගල් වලට තමයි// :D
Delete//ඒ දවස්වල මම නට්ය වල දෙබස් එහෙම කිව්වේ ඔය උඩ සිවිලිම දිහා බලාගෙන.//:D :D
දක්ෂ නලුවෙක්නේ?
මං දැකපු එක පරිසය ගැන වේදිකා ප්‍රසංගයක ලස්සන ගෑල්ළමයෙක් හිටියා මාලුවෙකුට. තව අය හිටියා ගස්වලට. වදුරරෙකට හිටපු කොල්ලා වැඩිපුරම හිටියේ ගස් ලඟ නොවෙයි මාලුවා ළඟයි!
Delete//මගේ මනමාල බිය නම් විශ්ව විද්යාලයේ දෙවන වසර දක්වාම වාගේ පැවතුණි!//
ReplyDeleteදැන් නෑනේ? :P
දෙවන වසරේ දී ඒ මනමාල බය ගියා!
Deleteදැන් ආසයි බයයි විතරයි.
මගෙනං ඔය බය ඇරුණෙ දහම්පාසලේ සමිතියෙ සාපතිකම බලෙන් පටෝපු දවසෙ ඉදන්..... මනමාල බය......... එහෙම එකක් තිබ්බෙ නෑ.............
ReplyDeleteඉපදෙන කොටම මනමාලයෙක් ද?
Deleteමට නම් හිතුවේ වාඩිවෙලා බලන් ඉන්න උන්ට ආතල් දෙන්න මොකට කැලරි නාස්තිකරගන්නවද කියලයි.
ReplyDeleteඒ කියන්නේ ප්‍රොෆෙෂනල් වෙන්නම තමයි එදා ඉඳලා හිතලා තියෙන්නේ, ටිකට් අරන් වාඩි වෙලා බලා ඉන්න අයට සින්දු කියන්න!
Deleteඅපොයි මටනම් සබකෝලය මේ ළඟක් වෙනකම් තිබුනා. පසු කාලයේදී මං ඒක අමතක කරල බලහත්කාරයෙන් වගේ සබාවක් මැද හිටගත්තත් කතා කරනකොට වෙව්ලන ගතියක් තිබුනු බව කතා කළාට පස්සෙ මටම තේරුනා. ඒක නැතිවුනේ, “ඕනැ පුකක්“ කියල හිත හදාගත්තට පස්සෙයි.
ReplyDeleteඒකත් හොඳ උපක්‍රමයක් වගේ!
Deleteවිලි ලැජ්ජයි.. මාත් ඒ කාලෙ ඒමයි..
ReplyDeleteපස්සෙ ලැජ්ජ නහර කැපුනා..
අර උන් දෙන්නගෙ ඉරිසියාව දැක්කම මල පනිනව ඩෝ !
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් තමන් ඉදිරිපත් වෙලා ඉන් පස්සේ වැඩි ඡන්දයෙන් පත්වීමයි!
Deleteමමත් ලේකම් වෙලා හිටිය ළමා සාහිත්‍ය හවුල කියල එහෙක හැබැයි ඒ අටේ පන්තියේදී විතර. රසික හොඳයි නේ හතර පන්තියේ දීම වැඩ පටන් ගත්ත එක.
ReplyDeleteස්වේච්ඡාවෙන් නොවෙයි, ලයියාගේ උදව්වෙන්!
Deleteමටත් ඔය සබකෝලය තදින්ම තිබුනා.නමුත් වැඩිකල් යන්නට පෙරම සබකෝලය මැඩගෙන කථිකයෙක් වුනා.රසික දන්නවද දාහක් දෙනා ඉදිරිපිට කිසිම අපහසුවක් නැතුව කතාකලත් එක කෙල්ලක් ඉස්සරහ කතා කරන්නට බැරිව කකුල් වෙවුලන ගතිය තියෙන අය ඉන්නවා.
ReplyDeleteහැලපේ
Deleteමගේ ඤාතිසහොදරයකුට එහෙම තිබුනා.කෙල්ලෙක් ඉන්න තැනකින් යන්නත් බයයි වගේ.බස් එකේදි ලගින් වාඩිවෙන්නේ නැ බයට.
මනමාල බය නං තාම තියනව. හැක්!
ReplyDeleteනිතර මේ පැත්තේ ආවත් කොමන්ටුවක් දාන්නම බැරි වෙනවා.අද ඒ නිසා දාලම යන්නම්
ReplyDeleteමම කනිෂ්ඨෙ පුංචි පංතිවල හිටපු කාලේදි නම් සබකොලයක් තිබුනෙම නැ.සමීතිවල හිටියා,පාසල් නාට්‍ය වල රගපෑවා.නමුත් ජ්‍යෙෂ්ඨයට ආවට පස්සේ ඒකේ සිසුන් වැඩි නිසා සබකොල ගතිය ආවා.පාසල් සමීතියේ මට කතාවක් දාලා තිබුන දවසට කොහොම හරි කට්ටි පනිනවා.එක දවසක් විදුහල්පතිතුමා මාව අල්ලගත්තා.වේදිකාවට එන්න කියලා කතාව කරන්න කීවා.වේදිකාවට ගියාම මාව වෙව්ලන්න පටන්ගත්තා.ගොඩක් බය වුනා.දහිදයෙන් මුලු ඇගම තෙමුනා.කතාව කරගෙන යනකොට ගොතගැහුනා.එදා ගොඩක් ලැජ්ජා හිතුනා.වේදිකාවෙන් බැහැලා ගියේ කාගෙවත් මූනක්වත් බැලුවේ නැතිව.පස්සේ පංතිවලට ආවම මම හිතුවා අනිත් අයට පුලුවන් නම් මමත් ඒවගේම දක්ෂනම් ඇයි මට මේක විතරක් කරන්න බැරි කියන එක.
ගෙදර ආවම ඒ කතාවම තනියම කලා.වේදිකාව ගුරුවරු ලමයි හිතින් මවා ගත්තා.ඊ ලග සමීතිවාරේදි මම කියලම කතාවක් දාගෙන ඒ කතාව සාර්ථකව කලා.එදා එහෙම නොකලනම් අද මම කලාස් කරලා හමාරයි.දැන්නම් සබකෝලයක් දැනෙන්නේම නැ.මේ වෙනකොට මම ආකල්ප සංවර්ධන වැඩසටහන් කරන ආයතනයකට සම්බන්ධ වෙලා දේශකයකු විදියට පාසල්වලට ගිහින් දේශනාත් පවත්වනවා.
අපිත් ප්‍රයිමරි එකේදී සමිති දැම්මා. සිකුරාදා අන්තිම පීරියඩ් දෙක සමිතිය ට දීල තිබුනේ. මාත් ලේකම් උනා ද කොහෙද. පට්ටම් අපි නම් අවුරුද්ද පුරාම තියාගෙන හිටියේ නෑ රොටේට් කරා.
ReplyDelete