පසුගියදා ලංකාවේ පැවති සිනමා උළෙලකට සමාන්තරව, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය වුණු සාකච්ඡා වැඩ සටහනක් දැන් දෙසතියකට පමණ පෙර සයිබර් අවකාශයේ සංසරණය විය. ඒ සාකච්ඡාවේ මූලික මාතෘකාව වූයේ ඓතිහාසික කතා පුවත් රැගත් නිර්මාණකරණය පිළිබඳ සිංහල සිනමාවේ ඇතිවූ මෑතකාලීන ප්‍රවණතාවයි.
මම ද ඒ සාකච්ඡාව නරඹා රස වින්දෙමි.
ඒ වැඩසටහනේ වීඩියෝවට අදාළ සබැඳිය සහිත පණිවිඩ සයිබර් අවකාශයේ මුදා හැර තිබුණේ "ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණු සාකච්ඡාව" යන මාතෘකාව සමගිනි. එයින් අනියමින් වූයේ ජැක්සන් ඇන්තනි ගේ නවතම සිනමා නිර්මාණය පිළිබඳව නොමිලයේ ප්‍රචාරයක් ද ලබා දීමයි.
ඒ සති දෙකකට පමණ ඉහත දී ය.
එයින් ජැක්සන් ඇන්තනි වැඩසටහනේ අවසානයේ දී පැවසූ දේ රැගත් කොටස පමණක් උපුටා ගෙන අවිචාරකයින් විසින් කපා දමන ලද ජැක්සන් ගේ පැහැදිලි කිරීම යන මැයෙන් සති අන්තයේ නැවත ප්‍රචාරයක් දී තිබුණි.
මෙන්න ඒ වීඩියෝව.
https://www.facebook.com/sudathanthonys/videos/10204940200215777/
මුලින්ම කිව යුත්තේ මේ කොටස කපා දමා තිබුණා ය කීම සාවද්‍ය බවයි.
මෙහි දී ජැක්සන් ඇන්තනි අබා චිත්‍රපටය නිෂ්පාදනයේ පසුබිම පිළිබඳව පවසන බොහෝ දේ නිවරැදිය. ඔහු ම පවසන පරිදි ඒවා ඔප්පු කළ හැකි දේ ද වේ.
නමුත් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ඔහු කියන බොහෝ දේ සාවද්‍ය වේ. මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇත.
මුලින්ම ජැක්සන් ඇන්තනි තමන් ගේ අබා චිත්‍රපටය ගැන පවසන කරුණු ගැන සලකමු.
ඔහු ඉතිහාසය ගැන කතා කරන්නට පටන් ගත්තේ දැනට දශක දෙකකට පමණ පෙර සිටය. එය ඔහු ගේ විනෝදාංශය, ප්‍රියතම විෂයය වෙන්නට ඇත. නමුත්, එය ඔහු ගේ රුකියාව ද විය. තමන් කැමතිම දෙයක් තම බඩ රස්සාව ලෙස කරන්නට ලැබීම තරම් වෙනත් වාසනාවක් මේ ලොවේ නොවේ!
මා වරින් වර ලංකාවට පැමිණි අවස්ථාවන් හි දී, ඔහු විසින් මෙහෙයවනු ලැබූ, නිෂ්පාදනය කරනු ලැබූ, විවිධ රූපවාහිනී වැඩ සටහන් නරඹා ඇත්තෙමි. ඒවා මා සිත්ගත් බව කිව යුතුය.
ඒ ප්‍රකාශයේ දී ජැක්සන් ඇන්තනි විසින් සඳහන් කරන සරසවිය පුවත්පත සමග කරන ලද සාකච්ඡාව ද මම කියවා ඇත්තෙමි.
ජුලියට් ගේ භූමිකාව සිනමා නිර්මාණයෙන් පසු වෙනත් නිර්මාණයක් නොකළේ මන්දැයි විමසනු ලැබූ විට ජැක්සන් ඇන්තනි උත්තර දෙන්නේ ඔහු ඓතිහාසික කතා පුවතක් මත පදනම් වූ තිර රචනයක් ලියා ඇති බවත්, එයට නිෂ්පාදකයෙකු සොයන බවත් ය.
ඒ ලිපිය කියවූ, පසුව අබා චිත්‍රපටය නිෂ්පාදනය කළ දෙදෙනාට පමණක් නොව, වෙනත් අයටද, ඒ චිත්‍රපටය හැකි නම් නිෂ්පාදනය කළ යුතුයි කියා සිතුණු බව කලකට ඉහත කතන්දරකාරයා නම් බ්ලොග්කරුවා ලියූ පහත ලිපියෙන් පෙනේ.
http://kathandara.blogspot.com/2010/03/blog-post_05.html
වසර 2006 අප්‍රියෙල් මාසයේ දී අපේ සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කරන ලද බක් මහ රංගන දෙමංසල අබියස ප්‍රසංගයට සහභාගී වීම සඳහා ජැක්සන් ඇන්තනි සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී අපේ සිංහල සඟරාවට ලිපියක් සැකසීම සඳහා මම ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීමි.
එහිදී මා ඔහුගෙන් විමසූ එක් පැනයක් වූයේ ඔහු නිපදවූ, මෙහෙයවූ ඉතිහාසය පිළිබඳ රූපවාහිනී වැඩසටහන් ඩීවීඩී ලෙස අපට මිලට ගත හැකි ද කියාය. ඒ මට පෙර කී රුපවාහිනී වැඩසටහන් නැවත නැරඹීට තිබුණු කැමැත්්ත නිසාය.
සාකච්ඡාව අවසානයේ දී ඔහුගේ ඉදිරි වැඩ කටයුතු ගැන ද මම විමසූවෙමි.
(රසික) අවසාන වශයෙන්, ඔබේ ඉදිරි කලා කටයුතු ගැන කෙටියෙන් කිව්වොත්?මේ සාකච්ඡාව පැවැත්වුණු 2006 මුල භාගයේ මහින්ද රජා තම බල පරාක්‍රමය රටේ පස් දෙස පතුරවන්නට පටන් ගත්තා පමණකි. එනිසා අප බොහෝ දෙනා පසුකාලීනව ජැක්සන් ඇන්තනි ගේ වැඩ-කිඩ සලකා මේ සිනමා නිර්මාණය දෙස අපරදෘෂ්ටියෙන් බලමින් සිතන දේ නිවැරදි නොවන බව කිව හැකිය.
(ජැක්සන්) පණ්ඩුකාභය රජු ගේ ළමා කාලය පිළිබඳව අති දැවැන්ත සිනමා නිර්මාණයක අධ්‍යක්‍ෂණ කටයුතු මම ලංකාවට ගිය ගමන් පටන් ගන්නවා. ඉන් පසු, ජයන්ත චන්ද්‍රසිරි ගේ මීලඟ ඓතිහාසික චිත‍්‍රපටයේ මම විමලධර්මසූරිය රජුමෙන් රඟපෑමට සූදානමෙනුයි ඉන්නේ. ප‍්‍රසන්න විතානගේ ගේ මීලඟ සිනමා කෘතිය, ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ ගාඩි කුලය හා සම්බන්ධ එකක්. මෙහි මම ගාඩි රැහේ නායකයා ලෙස රඟ පෑමට නියමිතයි. මේ සිනමා කෘති සියල්ලම ඓතිහාසික කතා රැගත් ඒවා වීම සුවිශේෂ කාරණයක්.
ඒ සමගම මට පැහැදිලිවම කිව හැකි දෙය නම්, අබා චිත්‍රපටයෙන් පසු සිංහල සිනමා රැල්ලක් ඇති වූ ඉතිහාසය විකුණා කන ආකාරයේ රැල්ලට අබා චිත්‍රපටය වගකිව යුතු නැති බවයි.
ඒ වෙනුවට ඒ රැල්ලට මූලික හේතුව වූයේ යුද්ධයේ අවසානයත් සමගම ඇතිවුණු සිංහල ජාතිකවාදී වෙළඳපොළ බව මගේ අදහසයි.
ඒ කරුණු එසේ වුවද, මා මුලින් ද කී පරිදි, ඉහත රූපවාහිනී ප්‍රකාශයේ දී ඉතිහාසය විෂයය ගැන ජැක්සන් ඇන්තනි අසත්‍ය හෝ අර්ධ සත්‍ය ප්‍රකාශ කන්දරාවක් ම කරනු පෙනේ.
ඒ ගැන සවිස්තරාත්මකව ඊළඟ ලිපියෙන්: http://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html
-රසිකොලොජිස්ට්
දේශපාලන කඩතුරාව මිනිස්සුන්ගේ අද්විතීය හැකියාවන්වල දක්ෂතාවන්වල වටිනාකම නැති කරලා දාලා තියෙනවා . දවසක් මට මතකයි කේමදාස මාස්ටර් අභාවප්‍රාප්ත වෙච්ච වෙලාවේ ටීවී එකේ කවුරුහරි කියනවා ඇහුනා දවසක් ඔන්න BMICH එකේ ෂෝ එකකට කේමදාස මාස්ටර් ප්ටක්ටිස් කරවනවලු තමන්ගේ කණ්ඩායම . මේ ෂෝ එකට ජනාධිපති තුමියත් එන්න නියමිත වෙලා හිටපු නිසා ආරක්ෂක අංශ වලින් නිල සුනඛයින් අරගෙන ආවලු ස්ටේජ් එහෙම චෙක් කරන්න . මේ වෙලාවේ කේමදාස මාස්ටර් එතනට ආපු ආරක්ෂක අංශ වල අයට කෑගහලා කිව්වලු මේක වේදිකාවක් , බල්ලෝ ලගින තැනක් නෙවෙයි . ඒ නිසා උඹලාගේ මැඩම්ට කියපන් මෙතනට බල්ලො එවන්න එපා කියලා . ඒ කාලේ එහෙමයි . මේ කාලේ මෙහෙමයි .
ReplyDeleteකලාකරුවෝ ද මනුෂ්‍යයෝය.
Deleteසමහරු මුදලට විකිණෙති.
සමහරු රට ජාතිය වැනි වචනවලට රැවටෙති.
Jackson Anthony kiyanneth mahindage guna gaayanaa kala thawath darunu mahindawadiyek..!! Minihata talent eka thiyenawa. Eth address ne..!!
ReplyDeleteටික්කා සහ ඇණයා යනු එකම පුද්ගලයෙක් ලෙස සිතෙන තරමට දෙදෙනාම උඝ්‍ර පොනිල් වාදියෝ බැව් පෙනේ
Deleteඑසේ සිදු වන්නේ ඔවුන්ගේ අවජන්මක භාවයක් නිසාද රසික
නෑ උඹලෑ අම්මගේ අවකල් ක්‍රියාවේ මහත තමා පෙන්නන්නේ.
Deleteළමයි මොකද මේ අබීත අයියයි ඉන්දික අයියයි වගේ මරා ගන්නෙ?
Delete@ ටික්කා
Deleteමා කියන්නේ ඒ සාකච්ඡාවේ දී අබා චිත්‍රපටය ගැන ජැක්සන් කියූ දේවල ලොකු බොරුවක් නැති බවයි!
හරි එහෙනම් ඊළඟ එකත් බලලම ඉමුකො.....
ReplyDeleteස්තුතියි, නැවත එන්න!
Delete;-)
හැබැයි ජැක්සන් අංකල් කණගාටුයි කියන්න ඔයා මේ යන්ඩ හදන පාරත්, ඔයාට කලින් හිටපු "ඒ අංකල්" ගිය පාරම වගෙයි.. (කොහොමත් ඔය කොයි අංකලුත් දාන්නෙ එකම සිංදුව.. "යස ඉසුරු පිරුණු තැනා -- සිරි දෙව්දූ සිටින තැනා.. -- ළඟම ඇතේ - දුරක නැතේ -- අපි යන්නේ ඒ පාරේ.." ඔන්න සිංදුව.. මතකයි නේ.. ) ඒ අංකලුත් ඔහොමම තමයි.. තමන්ගේ යටතේ ඉන්න මොකෙක් හරි කුපාඩියෙක් දම්මලා වැඩේ කරගන්නවා.. ඊට පස්සේ වැඩේ චොරෝක් වෙනකොට පහුවෙනිදා මාධ්‍යයට ඇවිල්ල කියනවා "අනේ මං දන්නේ නෑ.. මට මතක නෑ.. මට ඇහුණේ නෑ.. " දැන් ඔය අංකලුත් අපිත් එක්ක ඒ සෙල්ලමම කරන බව පේන්ඩ තියෙනවා.. ඔය අංකලුත් ඒ අංකල් වගේම "අනේ මං දන්නෙ නෑ.." කියාගෙන නම් එන්ඩ එපා අංකල්, ඔය අංකල්ගේ මාධ්‍ය අංශය ඒ අංකල්ට වඩා සිය ගුණයකින් ශක්තිමත් බව අපි දන්නවා.. (හනේ අම්මප අපිත් උදව් කළානේ ඔව්ව හදන්ඩ කියල තාම කියවුණේ නෑ.. කියවෙන්ඩ බෝම ලඟයි ඈ...) ඒ නිසා ඒ අංකල් වගේ ඔය අංකලුත් මාධ්‍ය ඉස්සරහ සූප්පු කරන්ඩ ලැස්ති වෙන්ඩනම් එපා ඈ..
ReplyDelete/* (කොහොමත් ඔය කොයි අංකලුත් දාන්නෙ එකම සිංදුව.. "යස ඉසුරු පිරුණු තැනා -- සිරි දෙව්දූ සිටින තැනා.. -- ළඟම ඇතේ - දුරක නැතේ -- අපි යන්නේ ඒ පාරේ.." ඔන්න සිංදුව.. මතකයි නේ.. ) */
Deleteකා ගැන ද මේ කියන්නේ රොඩ්නි වරණකුල ගැන ද?
ජැක්සන් ගේ රඟපෑම් වලට නම් කැමතියි.. අනිත් දේවල් ගැන නම් ඒ හැටි පැහැදීමක් නෑ..
ReplyDeleteමට නම් අනිත් දේවල් ගැන පැහැදීම් නැති අයගේ රඟපෑම් හෝ වෙනත් කලාබර වැඩ අල්ලන්නේ නෑ!
Delete'අනිත් වැඩ' - රඟපෑමෙන් වියුක්ත නම් මට ඒක අවුලක් නෑ.
Deleteඓතිහාසික / යන වචනය අඩනිරුවත් චිත්‍රපට සදහා පලිහක් ලෙස යොදාගත හැක.
ReplyDeleteඅබා චිත්‍රපටයේ මුල් විනාඩි 45 මුලුමනින්නම වෙන්වන්නේ ලංකාවේ අතීත වින්නඹු කම් පෙන්විමටයි.
එමෙන්ම අනෙකුත් සියලුම Iතිහාසික චිත්‍රපටවල දෙදහස් වසරක මහගු අතිතයේ පාවිච්චි කළ රෝස පැහැ නවීන යට ඇදුම් පෙන්වනු ලැබේ.
අඩ නිරුවත කියන්නේ ලොකු වරදක්ද?
Deleteඅබා චිත්‍රපටියේ මට ඇති ලොකුම ප්‍රශ්ණය නම් - උන්මාද චිත්‍රා ලෙස සබීතාව තෝරා ගැනීමයි. වයස 45 ක කාන්තාවකට එ චරිතය දීම උන්මාද චිත්‍රා නමටත් නිගරුවකි. ඔන්න මේ චිත්‍රපටය 1985 දීවත් හැදුවා නම් කමක් නැත!
Deleteඅයියලා ටික නංගිව එක්ස්පයර් වෙනකම් හිරකරලා තියන්න ඇති කියා හිතුනේම නැද්ද?
Deleteජැකාගේ අබා කියන්නේ මට නම් ෆුල් කොමඩියක්.
මට තිබ්බ ලොකුම ප්‍රශ්නේනම් පාණ්ඩු අබා කලු වුනේ කොහොමදැයි කියලයි.
ජැකා මොන කෙස් පැලෙන තර්ක ගෙනාවත්,ඔය යක්ෂ කතාව ජැකා පටලවා එයාගේ කලු නසරානි කොල්ලව අබාට ඔබාගන්න.“පාණ්ඩු“ කියන වචනේ මොන අර්තෙන් ආවත් පණ්ඩුකාභය පාණ්ඩුව හැදිලා වගේ පාට අඩු එකෙක් කියා ස්ථිරයි.
සුදට මේකප් කරන්න තිබුනා කියන්න එපා. හේතුව කොල්ලගේ ස්කුල් ෂෝට් එකේ මාජින් එකනැතිකරන්න අඩුගානේ එක සීන් එකකවත් මේකප් දාලා තිබුනේ නැහැ.
අනික ලෝකේ කොහෙත් එදත් අදත් සාමාන්‍යෙයන් ගැහැනු මුරකන්න දාන්නේ කප්පාදු කරපි පිරිමින්ව.නැතිනම් උපතින්ම කප්පාදු.
මොකෙක් හරි දිග අඩු තියෙන සුද්දෙක් චොපර් එකකින් ඇවිත් චිත්‍රාගේ වහලට ලැන්ඩ් කරන්න ඇති.නැතිනම් ඉතින් වෙන කාටවත් එන්න බැරිමනම් අබා උභය කුල පාරිශුද්ද වෙන්න ඕන. එ් කියන්නේ අයියලාගේම ගේමක්.
සචිත අනුත්තරව නළුකමට ගැනීමට යක්‍ෂ කතාවක් ගෙතුවාය කියන කාරණය තර්කයක් ලෙස හොඳ නමුත් එතරම් පිළිගත නොහැකියි.
Deleteඊට වඩා හොඳ කාස්ටින් වරදක් තිබුණේ සබීතා ගේ බව මගේ අදහසයි.
ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා ගේ නංගීගේ චරිතය රඟ පාන්නේ කෞශෂ්‍යා ප්‍රනාන්දුයි. ඒ වරද වහගන්න දෙබසකින් කියනවා අක්කා වගේ නොවෙයි නේ මං ඉතිං කියලා!
This comment has been removed by the author.
Deleteරෝස පැහැ නවීන යට ඇදුම් පෙන්වනු ලැබේ. එකත් අර යුරේනිගේ යට ඇදුම් එක වගේද හොයලා බලන්න ඕනේ ඉක්මනට එක විතරම ද මල්මි දැක්කේ
ReplyDeleteමහාවංශය ලියලා තියෙන්නේ මෙරට රජ පරපුර බුදුන්ට ඇති නෑකම පෙන්වා. ලංකාවේ මැට්ටෝ ටික රජපවුල වෙත යටහත් පහත් කරන්න. ජැක්සන් අබා හරහා ගහපු පහර තමයි ලාංකික රජපවුලට පන්දුකාභයගෙන් පසු ඇත්තේ බුද්ධ ලේ නොව යක්ෂ ලේ ධාතුව බවට මතයක් හැදීම. සමහර විට ඔහු හරි වෙන්නත් පුළුවන්.
ReplyDeleteමතයක් හැදීම නොවෙයි, ඔහු කළේ ඉතිහාස පුවත් තුළින් නිර්මාණයක් කිරීමයි. සිංහබාහු සහ මනමේ තුළින් සරච්චන්ද්‍රත් එලෙස කළා!
Deleteඅබා ඉතිහාසය ගැන වාර්තා චිත්‍රපටයක් නොවෙයි. මහවංශය කියන්නෙ නිර්මිතයක්. චිත්‍රපටයක් (කලා කෘතියක්) කියන්නෙත් නිර්මිතයක්. ඒකෙ සත්‍යය හොයන්න ගියාමයි අවුල.
Delete"ජැක්සන් හොඳ නළුවෙක්"
ReplyDeleteAll the world's a stage,
DeleteAnd all the men and women merely players;
(William Shakespeare)
ඔව් සැන් ජෝසොප් එකේ උගන්නන කාලේ
ReplyDeleteජැක්සන් ??
Deleteඔව් ඒ කාළේ ජැකා සැන් ජෝෂප් එකේ සෑර් කෙනෙක්... හිංගලද කොහෙද ඉගැන්නුවෙ....
Deleteඅබා සහ ඇඩ්‍රස් නෑ යන චිත්‍රපටි දෙක බැලුවා. රඟපෑම්වල මෙන්ම ස්ක්‍රිප්ට්වල අඩුපාඩු හුඟක් දැක්ක නිසා රසවිඳින්න අපහසු වුනා.
ReplyDeleteතේරුන දෙය තමයි අනුන් අධ්යක්ෂණය කරන චිත්‍රපටි හා ටෙලි නාට්‍යවල ජැ. ඇන්තනි ඉතා සිත්ගන්නාසුලු ලෙස රඟපෑවත් ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටිවල ඔහුගේ අධ්‍යක්ෂණය මෙන්ම රඟපෑමද ඉතා දුර්වල බව.
අබා දුර්වල අධ්‍යක්ශණයක්. ඇඩ්‍රස් නෑ හි අධ්‍යක්ෂණය මෙන්ම ඔහුගේ රඟපෑම දුර්වලයි.
ඔහු අධ්‍යක්ශණයට නොගොස් නළුවෙක් ලෙස පමණක් වැඩ කරනවානම් හොඳයි. ( වන්දිභට්ට වැඩේ දැන් නොකරන නිසාත් අපි එය සමග ඔහුගේ කලා ක්‍රියාකාරකම් පටලවා නොගතයුතු නිසාත් එය අදාල නොවේ )
මා මේ පිලිබඳ විශේෂඥයෙක් නොවේ. පුද්ගලික රසඥතාවය මත මතයකි.
මං අබා බැලුවේ මහරගම නැෂනල් වගේ හෝල් එකක මහ දවල්. කිසිම රස වින්දනයක් ලැබුණේ නෑ.
Deleteජුලියට් ගේ භූමිකාව නම් හොඳ නිර්මානයක් වගෙයි මතකය. ඒකේ ජැක්සන් රඟපෑවේ නැති නිසා විය යුතුයි!
ඔය වගේ හෝල් වල චිත්‍රපටි බලන්න යන්න එපා. ඕවයෙ රූප, හඬ, විකෘති වෙලා පේන්නෙ. ඇඩ්‍රස් නෑ ලිබර්ටි එකේ බලල ආයෙම මීගමුවෙ හෝල් එකක බලපු කෙනෙක් කිව්ව දෙවෙනි පාර දැක්කෙ මහ රෑ ෂූට් කළ ෆිල්ම් එකක් කියල. කොළඹීන් පිට බොහෝ සිනමා ශාලා වල තත්ත්වය ඕකයි.
Deleteහෙන්රි (නොකී කතා) උපදෙස නිසා මට වුනේ මෙවර ලංකාවට ගිය විට හෝ ගානා පොකුණ නැරඹීමට නොහැකි වීඟයි. මහරගම දී නොබලා කොළඹ ගොස් බලන්නට හිටියා. අන්නතිමේදී ඒක යටපත් වී ගියා.
Deleteජැක්සන් බොහෝවිට කළ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් සීමාවක් ඇතුළේ ඉඳන් කළා කියලා මට හිතෙන්නේ..
ReplyDeleteනැත්නම් ඔහුට එක පෝලිමට ඓතිහාසික කතා කරන්න තිබ්බ..
පොර හරි ස්මාර්ට්
මම නම් හිතන්නේ ජැකා බොහොම පරිස්සමෙන් විකුනන් කන්නම හදපු කෙහෙල් ගහේ කැන පීදුනා හරිම කාලේට
ReplyDeleteඒ රැල්ලෙන් ආපූ එවුන් සිදුහත් කුමාරයත් විකුනලා මර්වින් සිල්වාව දුටු ගැමුනුටත් අන්දලායි නැවතුනේ
ඒ හැම එකකටම ජැකාට බනින අයට අමතකයි අර ඔක්කොම චිත්‍රපට බලන්න ගියෙත් අපේ රටේ මිනිස්සුමයි කියලා
ඔව් ඉතින් දෙවනි වටයෙදිත් ලක්ෂ 48 ක් උන්නේ... ලේසී පාසූ ගානක්ද...?
Deleteදේශපාලනික කාරණා පැත්තකින් තිබ්බොත් ජැකා කියන්නෙ සුපිරි කලාකරුවෙක්...
ReplyDeleteකලාකෘතියක් විනිශ්චය කළ යුත්තේ එම කෘතිය මත තබා කියලයි මම හිතන්නෙ. කලාකරුවන්ගෙ පැටිකිරිය හොයන්න යන එක බොළඳ වැඩක්. එහෙම කළොත් ලෝක මට්ටමේ වුණත් කිසිම නිර්මාණයක් අගය කරන්න වෙන්නෙ නෑ.
Deleteජැක්සන් ගේ මම කැමතිම වැඩ සටහන් තමයි "ගඟ දිගේ" "සලංහන්තේ"වගේ එව්වා .
ReplyDeleteඅපි හැමෝටම දේශපාලනයක් තියෙනවානේ.ජැක්සන්ගේ දේශපාලනයට පුද්ගලිකව මම අකමැති උනත් ඒ දේශපාලනය ජැක්සන්ගේ අයිතියක්.
අබා ඔක්කොම හොඳයි - අර අන්තිමට කඩුවක් උස්සන් මොකද්ද මැජික් බලයක් එන සීන් එක තමයි චාටර්. අනිත් එක 'යක් ලේ දාතු' කතාව. අබා ව බේරගන්න යක්ෂ ගෝත්‍රිකයෝ දුන්න සපෝට් එක ජස්ටිෆයි කරන්න එහෙම කරන්න ඇත්තේ.
ReplyDeleteඅබාගේ තාත්තා කව්ද කියන එක ඒ දවස්වල අපේ ඔෆිස් එකේ දැවෙන ප්‍රශ්නයක්.
ඕකට යෝජනා කරපු අය : බිමල් ජයකොඩි ගේ චරිතේ (නැත්නම් යක්ෂ වෙන්නේ කොහොමද?), රවීන්ද්‍ර ගේ චරිතේ (එයා බ්‍රාහ්මණයෙක් නේ - ඉතින් එයාට මොකද්ද යක්ෂ ගෝත්‍රික අය ගැන ඔච්චර අමාරුව? ෂුවර් එකට එයා තමා තාත්තා).
කොහොම හරි අන්තිමට පොදු එකඟත්වය උනේ අබාගේ තාත්තා කව්ද කියලා උන්මාද චිත්‍රා වත් දන්නේ නැත කියන එක.
film එක බලල නැති නිසා කියන්න අමාරුයි . සාකච්චාවේ ඉතිරි ටික බලමු.
ReplyDeleteමම අබා ගැන පත්තරේකට විචාරයක් ලිව්ව. උත්කර්ෂයට නංවපු තරමින් නොවුණත් අබා සිංහල සිනමාවෙ වෙනස් මාදිලියක චිත්‍රපටයක්. ඒකෙ රූප රචනයෙ අවුල් තිබුණට හරිම ආකර්ශනීය විලාසයක්. ඉතිහාසය කියන්නෙත් නිර්මිතයක් නිසාත්, අබා කියන්නෙ වාර්තා චිත්‍රපටයක් නොවන නිසාත් අන්තර්ගතයෙ අවුලක් දැක්කෙ නැහැ. රජමාලිගාවෙ සෙට් එකේ ගෝනි පඩංගු පේන විදිහෙ අඩුපාඩු මැද්දෙ වුණත් අනෙක් සිංහල චිත්‍රපට අතර අබා මම කැමති චිත්‍රපටයක්.
ReplyDeleteඇඩුස් නෑ දෙවතාවක් බැලුව. ඒත් ලියන්න හිතුණෙ නෑ. අලුත් යමක් නැති නිසා. පවතින තත්ත්වය හා අප හොඳින් දන්නා සිද්ධි අතිශයොක්තියෙන් වාර්තා කළ බවයි හැඟුණෙ. ඒත් කැමරාකරණය, සංස්කරණය වගේ අංග නිසා චිත්‍රපටය දිගටම බලන් ඉන්න පුළුවනි. ජැක්සන් කියන්නෙ අද ලංකාවෙ ඉන්න විශිෂ්ටතම රංගන ශිල්පියා. ජෝ ගෙන් පස්සෙ. ඊළගට සෞම්‍ය.
ඇඩ්‍රස් නෑ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතෙ රඟපාන්න ගිහිං ජැක්සන් අමාරුවෙ වැටිල තමයි. ඒත් ඒ චරිතෙ කරන්න වෙන නළුවෙක් ගැන හිතා ගන්නත් බැහැ. මට දැනගන්න ලැබුණ විදිහට ජැක්සන් රඟපාන්න ඉඳල නෑ. වෙන නළුවෙක් අරං ට්‍රයි කරල තියෙනව. බැරිම තැනයි මේ චරිතෙ කරන්න තීරණය කරල. ඕක තමයි අපේ රටේ ඛේදවාචකය. නළු නිළියො වැහි වැස්සට රඟපාන්න බෑ. පෙනී හිටිනව විතරයි.
ඒක නේද ප්‍රසන්නට, හඳගමට නළු නිළියො ඉංදියාවෙන් ගන්න වෙලා තියෙන්නෙ. මමත් චිත්‍රපට පිටපතක් ලියං ඉන්නව. නිෂ්පාදකයෙක් ලැබුණත් ප්‍රධාන චරිතෙ කරන්න ලංකාවෙ නිළියක් නෑ. ස්වර්ණගෙන් පස්සෙ ඒ මට්ටමට.
ජැක්සන්ගෙ දේශපාලනය කෘතියට අදාළ කරගන්න අය ගාමිණී ෆොන්සේකල ගැන එහෙම කතා නොකළෙ ඇයිද මංදා.
ReplyDeleteකලාකෘතියක් විනිශ්චය කළ යුත්තේ එම කෘතිය මත තබා කියලයි මම හිතන්නෙ. කලාකරුවන්ගෙ පැටිකිරිය හොයන්න යන එක බොළඳ වැඩක්. එහෙම කළොත් ලෝක මට්ටමේ වුණත් කිසිම නිර්මාණයක් අගය කරන්න වෙන්නෙ නෑ.
ඇඩ්‍රස් නෑ ච්‍ිත්‍රපටියට නම් ඇඩ්‍රස් නෑ තමයි. ජැක්සන්ටත් ඇඩ්‍රස් නෑ. හැමදාම අපි අහන දකින දේ බලන්න සල්ලි දිල ෆිල්ම් හෝල් එකකට යන්නෙ මොටද ?
ReplyDeleteඅබා වැනි හොඳ චිත්‍රපටියක් අපට දායාද කළ ජැක්සන් ඇඩ්‍රස් නැති කරගත්තෙ අපරාදෙ කියල හිතෙනවා. මම එහෙම කියන්නෙ ජැක්සන් යනු ඇඩ්‍රස් නැති අය අතර ඇඩ්‍රස් තියෙන කලාකාරයෙක් නිසයි.