නොදන්නා මිතුරෙකු විසින් එවා තිබුණු ඊ-මේලයකින් කියවූ රුවන් වැකි කිහිපයක් කෙතරම් මගේ සිත ගත්තේ ද යත් ඒවා සහ ඒවායේ මගේ සිංහල අනුවර්තන මෙලෙස රසිකොලොජිය හරහා බෙදා ගැනීමට සිතුවෙමි.
මේවා විදෙස් ජාතිකයින් විසින් කියන ලද ඒවා වුවද, අපට ද කියවා අපට ම සිනා සිය හැකි වෙනු නිසැක ය!
We hang the petty thieves and appoint the great ones to public office. -Aesop | අපි පොඩි හොරුන්ව එල්ලා මරා ලොකු හොරුන්ව අපේ නායකයින් ලෙස පත් කර ගන්නෙමු. |
If we got one-tenth of what was promised to us, there wouldn't be any inducement to go to heaven. -Will Rogers | අපට දුන් පොරොන්දුවලින් 10%ක්වත් අපට ලැබුණේ නම් දිව්‍යලෝකයට යාමට කිසිදු අවශ්‍යතාවක් ඇති නොවනු ඇත. |
When I was a boy I was told that anybody could become President; I'm beginning to believe it. -Clarence Darrow | මගේ ළමා කාලයේ ඕනෑම අයෙකුට රටේ ජනාධිපති විය හැකි බව කියවෙනු ඇසීමි. මා දැන් එය විශ්වාස කරමි. |
Politicians are people who, when they see light at the end of the tunnel, they go out and buy some more tunnels. -John Quinton | දේශපාලකයින් යනු උමග කෙළවර ආලෝකය ඇති බව දුටු විට තවත් උමං මිලට ගන්නෝය. |
Politics is the gentle art of getting votes from the poor and campaign funds from the rich, by promising to protect each from the other. -Oscar Ameringer | මේ දෙපිරිස එකිනෙකාගෙන් ආරක්‍ෂාකරන බවට පොරොන්දු දෙමින් දුප්පතුන්ගෙන් ඡන්දයද, පෝසතුන්ගෙන් මැතිවරණ වියදම් ද ලබා ගන්නා සියුම් කලාව දේශපාලනය නම් වේ. |
I offer my opponents a bargain: if they will stop telling lies about us, I will stop telling the truth about them. -Adlai Stevenson, campaign speech, 1952 | මගේ විරුද්ධ අපේක්‍ෂකයින්ට මං හොඳ වාසිදායක යෝජනාවක් කරන්නවා. මා ගැන බොරු කියන එක නතර කරන්න. මං ඔවුන් ගැන ඇත්ත කියන එක නවත්වන්නම්. |
A politician is a guy who will lay down your life for his country. -Tex Guinan | දේශපාලකයෙකු යනු රට වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන අයෙකි. |
I have come to the conclusion that politics is too serious a matter to be left to the politicians. -Charles de Gaulle | දේශපාලනය යනු දේශපාලකයින්ට පමණක් භාර දී සීටීමට නොහැකි බැරෑරුම් දෙයක් බව මම නිගමනය කළෙමි. |
Instead of giving a politician the keys to the city, it might be better to change the locks. -Doug Larson | දේශපාලකයින්ට නගරයේ යතුරු භාර දෙනවාට වඩා, අගුළු වෙනස් කිරීම යෝග්‍ය වේ. |
-රසිකොලොජිස්ට්
ප/ලි
ඔබට මේ ලයිස්තුවට එකතු කිරීමට දේ තිබේ ද?
මෙන්න මගෙන්-
1. ඕනෑම දේශපාලයෙකුට නියමිත මිලක් ඇත. ඒ මිලට වඩා ලන්සුවක් ආ විගස ඔහු හෝ ඇය විකිණෙනු ඇත.
-රසික සූරියආරච්චි
2. දේශපාලයෙකයින් අතරින් අන්ත දූෂිතයින් යනු රට, ජාතිය, ආගම යනාදී වචන නිතරම භාවිතා කරන අයයි.
-රසික සූරියආරච්චි
3. ඔබේ ළඟම මිතුරෙකු වුව ද දේශපාලකයෙකු නම් විශ්වාස නොකරන්න.
-රසික සූරියආරච්චි
(image: http://quoteseverlasting.com/quotations/category/inspirational-quotes/page/22/)
ඔක්කොම මෙහාටත් ගැලපෙනවා.
ReplyDeleteසහතික ඇත්ත
Deleteනිවැරදි කිරීමක්: දේශපාලකයෙකු යනු තමන්ගේ රට වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන අයෙකි.
Deleteනිවැරදි කිරීමක්: දේශපාලකයෙකු යනු තමන්ගේ පවුල වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන අයෙකි.
Delete“I remain just one thing, and one thing only, and that is a clown. It places me on a far higher plane than any politician”
ReplyDelete― Charles Chaplin
“On average, women are better liars than men. But the best liars are men, because politicians are still predominantly men. ”
ReplyDelete― Jarod Kintz
We would all like to vote for the best man but he is never a candidate. :P
ReplyDeleteKin Hubbard
දේශපාලකයා කෙතරම් ශක්තිසම්පන්නද යත් මහා කළු ගලක් වුවත් එක රැයකින් ඉවත්කළ හැකිය.
ReplyDeleteමේ දෙපිරිස එකිනෙකාගෙන් ආරක්‍ෂාකරන බවට පොරොන්දු දෙමින් දුප්පතුන්ගෙන් ඡන්දයද, පෝසතුන්ගෙන් මැතිවරණ වියදම් ද ලබා ගන්නා සියුම් කලාව දේශපාලනය නම් වේ.
ReplyDeleteඒක තමයි මට අල්ලල ගියේ
exactly correct
Deleteමටත්!
Deleteදුප්පතුන්ගෙන් ඡන්දයද, පෝසතුන්ගෙන් මැතිවරණ වියදම් ද ලබා ගන්නා සියුම් කලාව දේශපාලනය ++++++
ReplyDeleteඇත්ත. දේශපාලකයෝ තමයි නරක.
ReplyDeleteදොස්තරලා, ලෝයර්ලා, මැවිසුරුවෝ, ලිවිසුරුවෝ, බ්ලොග් කාරයෝ, ගොවියෝ, ධීවරයෝ, ශිෂ්‍යයෝ, පොලිස්කාරයෝ, හෙදියෝ, මාධ්‍යවේදීන් ඔක්කෝම හරීම හොඳ මිනිස්සු.
ඇනෝ දේශපාලකයෙක් නේද?
DeleteWhen money speaks , the truth keeps silent!. මුදල් කථාකරණ විට සත්‍ය නිහඩ වේ ! a Russian proverb
ReplyDeleteදේශපාලනයක් නම් දැන් කෙරෙන්නේ නෑ.. දැන් කෙරෙන්නේ දේශපාළුවක්.
ReplyDeleteදැන් කෙරෙන්නෙ බිස්නස්
Deleteමේ ඔක්කෝම අම්මට සිරි ලංකාවේ ජීවත් වෙච්චි අයද...?
ReplyDeleteඅර උමං කතාව මට එච්චර තේරුනේ නෑ...
ReplyDelete“දේශපාලනය යනු පාසලේ දී උගන්වන බැරෑරුම් විෂයයක් වන අතරම ප්‍රායෝගිකත්වයේදී ඉතාම සරළ භාවිතයක්ද වන අරුම පුදුම දෙයකි.“
- ඩ්‍රැකී සීනියර්
පවතින සෑම සංල්පයක්ම භාවිතා කර හෝ/හා විනාශ කර, බලයට පත් වීම හා බලය රැක ගැනීම දේශපාලනයේ ඒකායන ඉළක්කයයි
- ඩ්‍රැකී සීනියර්
ඩ්‍රැකී උඹ බැඳලා නැද්ද? බැන්ද දවසට උමං කතාව තේරෙයි.
DeleteBest one is the gentle art of politics.. I'm little against with Adlai Stevenson (1952) and hence thinking of changing it.
ReplyDelete"As long as they lie about us.. I will speak truth of them"..
මෝඩයන් සිටින තාක් දේශපාලකයන්ට පැවැත්මක් ඇත...
ReplyDeleteමෙන්න මගෙන්-
ReplyDelete1. ඕනෑම දේශපාලයෙකුට නියමිත මිලක් ඇත. ඒ මිලට වඩා ලන්සුවක් ආ විගස ඔහු හෝ ඇය විකිණෙනු ඇත.
-රසික සූරියආරච්චි
2. දේශපාලයෙකයින් අතරින් අන්ත දූෂිතයින් යනු රට, ජාතිය, ආගම යනාදී වචන නිතරම භාවිතා කරන අයයි.
-රසික සූරියආරච්චි
3. ඔබේ ළඟම මිතුරෙකු වුව ද දේශපාලකයෙකු නම් විශ්වාස නොකරන්න.
-රසික සූරියආරච්චි
සැමට ස්තුතියි!
ඒ කියන්නේ මෙහේ වගේම සෙටි එකක් එහෙත් ඉන්නව
ReplyDelete