මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Wednesday, 4 November 2015
අනුර කුමාර දිසානායක ගේ හදවත සහ හිටපු ජේවීපීකාරයින් ගේ (සහ තවත් අය ගේ) නිරුවත - Heart attack and nakedness
ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක පසුගිය දිනයක හදිසියේ අසනීප වී රෝහලකට ඇතුළත් කළ පුවත ෆේස්බුක් සහ වෙනත් පුවත් මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට ලැබුණි.
මුල් ආරංචිවලින් කියවුණේ ඔහුට හදවත හා ආශ්‍රිත, එනම් හෘදයාබාධයක් වැනි, රෝගයක් වැළදී ඇති බවයි. පසුව එය උදරාබාධයක් ලෙස නිවැරදි කෙරිණි.
මේ කනගාටුදායක සිදුවීම හා අදාළව විවිධ පුද්ගලයින් විසින් පළ කළ අදහස් රාශියක් මට ප්‍රධාන වශයෙන් ෆේස්බුක් හරහා දැක ගන්නට ලැබුණි.
මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ සැලකිය යුතු පිරිසක් අනුර කුමාර දිසානායකට හදිසියේ අසනීප වීම ගැන විවිධ සරදම් බස් තෙපලනු, උසුළු විසුළු කරනු, දක්නට ලැබුණි.
වඩාත්ම ශෝකජනක තත්වය වූයේ, ඒ පිරිසෙන් බහුතරයක් දෙනා, මීට පෙර ජනතා විමුූක්ති පෙරමුණ සමග කුඩා හෝ සම්බන්ධයක් තිබී පසුව විවිධ හේතු නිසා එය අමතක කර දැමූ, නමුත් තව දුරටත් වාමාංශිකයින් ලෙස පෙනී සිටින, අය බව දකින්නට ලැබීමයි.
මේ සම්බන්ධයෙන් මට කියන්නට ඇත්තේ මෙයයි.
හතුරෙකු වුවද, යමෙකු රෝගාතුර වූ පසු ඒ ගැන සතුටු වෙන්නෝ, සරදම් කරන්නෝ අධමයෝ ය.
බොහෝ දෙනෙකුට මෙන් මට ද, ජනතා විමුක්ති පෙරමුණේ අතීත සහ වත්මන් දේශපාලන මතවාදය සහ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල ප්‍රශ්න ඇත. එසේ වුවද, එවැනි දේශපාලනිකව වෙනස් අදහස් දරන්නන්, ඒ වෙනස්කම් මතවාදීව බේරා නොගෙන, මේ කරන හැසිරීම නම් සහමුලින්ම අමානුෂික බව කිව යුතු ය.
එය කුඩා දරුවෙකු මරා දමා තිබෙනු දුටු විට වඳ කෙසෙල් මොටයි සිහි කිරීම, පොලීසියෙන්, හමුදාවලින් කෙරෙන අමානුෂික පහරදීම් දැක එහි පිටුපස අදෘශමාන බලවේග දැකීම වැනි දේවලට නො දෙවෙනි ජඩ, තුච්ඡ හැසිරීමකි.
ලෝකයේ මෙන් ම, ලංකාවේ ද වාමාංශික බලවේග ඉතිහාසය පුරාම විටින් විට මතු වූ විවිධ හේතු මත කැඩී බිඳී වෙන් වී ගොස් ඇති බව අපි දනිමු.
ඒ ආකාරයට කාලයක් එකට වැඩ කර පසුව බෙදී වෙන්වුණු බොහෝ පිරිස් තමන් ගේ පොදු සතුරාට වැඩියෙන් දරුණු ලෙස පහර දෙන්නේ තමන් සමග එක ඉවුරේ ම සිටින් අනෙක් පිරිස්වලට බව ද මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.
එසේ වුව ද, රෝගී තත්වයක් වැනි අතිශය මානුෂික හේතුවක් සරදමක් සේ ගැනීම නම් කිසිසේත් ම එකඟ විය නො හැකි කාරණයකි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
නමුත්, දේශපාලන වෙනස්කම් ගල්කටස් එකෙන් විසඳන්නට හැදූ, ඒවාට කෙළින් ම සහය දැක්වූ, ඒ ගැන විරුද්ධව කතා නොකර අනියම් සහයෝගය දැක්වූ සහ ඒ ගැන අද ද මුනිවත රකින අය ගේ එදා සහ අද ක්‍රියාකලාප ගැන සිතන විට මෙය අලියෙකු පෑගු පොල් කටුවක් උඩ සමනළයෙකු වැසුවා වැනි දෙයක් බව ද කිව යුතුය!
(image: http://www.sundaytimes.lk/140803/columns/as-un-probe-begins-controversy-over-local-inquiry-109378.html)
Subscribe to:
Post Comments (Atom)
රසිකයා ලෙඩ උනදාට අපි පාටි දාන්නේ නෑ
ReplyDeleteමං ලෙඩ වුනු දාක ඕනෑ කෙනෙකු ඕනෑ පාටියක් දැම්මාට කමක් නෑ, නමුත්, මං ලෙඩ වුනු නිසා ඒ ගැන පාටියක් දැම්මොත් තමයි ඒ ඇයි කියා ප්‍රශ්නයක් ඇති වෙන්නේ?
Deleteමුලින්ම ජවිපෙ නායක අනුර කුමාර සොයුරාණන්ට ඉක්මන් සුව පතමි. එමෙන්ම රසික ඔබටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.
Deleteකෙසේ නමුත් ඔබ ලඟකදී බලු පාහර කාඩපක්ශ වාදී වහල් බයියන්ගේ කුණු වැඩ විවේචනය කරමින් ලිපියක් ලිව්වේ නැහැ නේද? ඔය වහල්ලු ටිකනම් විඳෝලම තමයි මැරෙන්නෙ කාලකන්නි හැත්ත. අමු ජාතීවාදී වහල් බයි මලපෙරේත හැත්ත විවේචනය කිරීම නවත්වන්න එපා. දිගටම ලියන්න. ඔබට ජය.
බුකියෙත් මේ ගැන දාල තියනව දැක්ක. ලැජ්ජයි කියල තමයි කියන්න වෙන්නෙ.
ReplyDelete"ඒ ආකාරයට කාලයක් එකට වැඩ කර පසුව බෙදී වෙන්වුණු බොහෝ පිරිස් තමන් ගේ පොදු සතුරාට වැඩියෙන් දරුණු ලෙස පහර දෙන්නේ තමන් සමග එක ඉවුරේ ම සිටින් අනෙක් පිරිස්වලට බව ද මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි."
වාමාංශිකයන්/මාක්ස්වාදීන් කියාගන්නා අය අතර මේ තත්වය උග්‍රයි. ආදරය බිඳුනම පිහියෙන් අනින අශිෂ්ඨ ප්‍රේමවන්තයන් වගේ.
මෙන්න මේ වගේ-
Deleteදඩයම, වසන්ත ඔබේසේකර, සලෙලු වරම සහ මෛත්‍රී වික්‍රමසිංහ - A day to remember!
http://rasikalogy.blogspot.com/2015/05/blog-post.html
මෙය ඇතමුන් කෙල්ලෙක් පෙන්නා "දුන්නොත් #&%@වද" ඇසීම හා
Deleteට්‍රයි කර ෆේළ් වූ විට "ගොනා" කීමටද මොකක්දෝ සම්බන්ධයක් ඇතැයි සිතේ
මේ අර රත්නපුරේ ලක්සරි ඒසි කැබ් එක ඇක්සිඩන්ට් උන දවසේ පින්තුරයක් නේද??
ReplyDeleteපරණ ජේවීපී කාරයන්ගේ තත්වය මොකක්ද කියල අපි දැං දන්නව නේ අනේ.. ආයේ දකින්න දෙයක් නැහැ.. උදාහරණ ඕන තරං..
"ආදරය බිඳුනම පිහියෙන් අනින අශිෂ්ඨ ප්‍රේමවන්තයන් වගේ." රාජ්
ReplyDeleteදවසේ කියමන !
අනුර කුමාරට උසුළු විසුළු කරන තවත් අය වන්නේ මහින්දවාදී ජාතිකවාදීන් - ඔවුන් සෑහෙන කෝපයකින් ඉන්නේ අනුර සමඟ
ReplyDeleteඔබේ නිගමනය පිළිගත නොහැක. වඩාත් හොඳින් නිරීක්ෂණය කරන්න. දැන් එම කාලකන්නි මරා කල්ලියේ වහල්ලු බොහෝ දෙනෙක් නිහඬයි. ගොඩක්ම උග්‍ර ජවිපෙ විරෝධයක් තිබෙන්නේ ජවිපෙ විරෝධී වාමාංශිකයින්ගේයි. රසික දක්වන අදහස නිවැරදියි.
Deleteවම තියෙන්නේ පුක හෝදන්න නේ... ඉතින් ලංකාවෙ වම කියන්නේ ගූ ගොඩක්..
ReplyDeleteකියලා වැඩක් නැහැ එකෙක් කිව්වා අනුර කුමාරට මෙහෙම වෙලා තියෙන්නේ "ශාපයක්" පල දීලා කියලා.මිනිස්සු උනාම අසනීප වෙනවා,මැරෙනවා.එහෙම වෙන්නේ නැහැ වගේ කතා කරන උන් දැක්කාම පේනවා උන්ගේ මිනිස් ශරීර ඇතුලේ ඉන්න තිරිසන්නු.
ReplyDeleteමිනිස්සු 89-90 ජ. වී. පෙ. වැරදි වලට බැන බැන ඔවුන්ට චන්දේ නොදුන්නට.. 89-90 දේශප්‍රේමී ලයින් එකේ ගිය කට්ටිය දැන් ඉන්නේ " දිනු දැය සුරකිමු " කියන පැත්තේ.. 89-90 විශ්ව විද්‍යාල සටන් කරවපු අය වගේ අය වෙන්න ඕනේ මේ ඊයේ පෙරේදා සටනත් පටන් ගත්තේ.. බැලුවහම අනුර කුමාරගේ ජ. වී . පෙ. මේ දෙපැත්තේම නොගිහින් මැද මාවතක යන බව පෙනෙනවා නේද ??
ReplyDeleteනැහැ. අනුරගේ ජවිපෙ යන්නෙ වෙනම මාවතක. ඔවුන්ට ඕනෙ කොහොමහරි රටේ සම්පූර්ණ පාලන බලය හිමිකරගන්නට. ඔවුන් රජයක් සමග එක්වී වැඩ කර තම දක්ෂතා පෙන්වා බලය ගන්නට අකමැතියි මොකද ඔවුන් කතාව තරම් වැඩට දක්ශ නැති නිසා. ඉතින් පවතින රජයත් විපක්ෂයත් අප්‍රසාදයට ලක්කර එහි වාසිය ලබාගෙන බලය ලබාගැනීම ඔවුන්ගේ උපක්‍රමයයි.
Deleteකොහොම වුණත් අනුර සහෝදරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.
දේශපාලන පක්ෂයක් වුනහම වෙනම මාවතක යන එකනෙ නිවැරදි. නැතිනම් ඔවුන්ට පුළුවන් නේද තියන පක්ෂයකට රිංගන්නට. ඒකනේ වාසුලා දිනේශ්ලා කරන්නෙ. එයාලට එයාලගෙ පක්ෂය මොකක්ද කියලවත් මතක නෑ. ඡන්දයකදි යම් පක්ෂයකට සහයෝගය දෙන එක වෙනම වැඩක්. දේශපාලන පක්ෂයක් කියන්නෙ තමන්ගෙ මතවාදය නිවැරදියි කියන කණ්ඩායමක් මිසක් වෙනත් කෙනකුගෙ මතවාදය නිවැරදියි කියන කණ්ඩායමක් නෙවෙයි. ඕනෑම දේශපාලන පක්ෂයක උපක්‍රමය විය යුත්තේ අනෙක් පක්ෂ අප්‍රසාදයට පත් කර තම පක්ෂයට ප්‍රසාදය දිනාගැනීමයි. එහෙම නොකරන්නේ බිස්නස් කාරයෝ පමණයි.
Deleteඅසනීප වෙච්ච මනුස්සයෙක්ට ගරහන්න පෙළඹෙන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි අපේ මිනිස්සුන්ට. මිනිස්සු මළාම රතිඥ්ඥ ගහන කාලකන්නිත් ඉන්න රටක් මේක...
ReplyDeleteඔබ හරි. හිටපු සදාදරණීය ජනනායක රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවන්ගත වූදා කිරිබත් පිස කෑ අසමජ්ජාතියන් සිටි රටක් මේක. ඊළාම්වාදී දමිළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ සන්නද්ධ අංශයේ අසහාය නායක ප්‍රභාකරන් මහතා අවසන් ගමන් ගියපසු සිහ ධජයෙන් අමුඩ ගසා කිරිබත් කමින් නටමින් පාරවල් වනසමින් විගඩම් නැටූ කාලකන්නි සිංහල ජාතිවාදීන් හිටපු රටක් මේක. තව ඒකාධිපති වියරුවෙන් සහ බොරු දේශප්‍රේමයෙන් රටක් නැලවූ මරා මහ බයි රජිඳුන් පරාජිතව කුජීත ලෙස කිච වී මැදමුලනට පලාගියදාත් කිරිබත් උයා, රතිඤ්ඤා පුපුරවමින් දන්සැල් දෙමින් ප්‍රීත්‍යෝත්සව රිය පෙරහැර පැවැත්වූ බව අමතක කාටද? මේවගේ සිද්ධි නම් කීයක්ද? තවත් පාහර ත්‍රාඩ වැඩක් තමයි ඉහත දෙවැනි තෙවැනි සිද්ධි දෙකම නයිටීඇන් සහ අවජාතක නාලිකාවලින් ලයිව් රට පුරා විකාශනය කරවීම. නොදකින් මෙහෙමත් කුණු රස වළඳන ඉහඳ පණුවො.
Deleteරසික හරි මෙතන. මගේ පරණ ලිපියක මම ඇහුවා පෙසප හා ජවිපෙ දෙගොල්ලන්ගෙන්ම එකිනෙකා ට අපහාස කර ගන්නේ ඇයි කියල. එකම වමක් නොවන නිසා වෙන්න ඇති.
ReplyDeleteලංකාවෙ වමේ කට්ටිය තමන්ගෙ නොවන වමේ පක්ෂ වලට අවලාද ආඩපාලි කියනව. ඒක කැතයි.
Deleteඒත් වමේ පක්ෂ වැඩිපුර විවේචනය කරන්නෙ වමේ පක්ෂ වීම සාධාරණයි. ඒ විවේචනය දේශපාලනික විය යුතුයි. අවලාද සහ මඩගැසීම්, හැවිලි, මේවා ගෝත්‍රික ලක්ෂණ!
ඕස්ට්‍රේලියානු පුරවැසි ගුණරත්නම් මහතා අත්අඩංගුවට පත්වීම ගන ඔබලාගේ අදහස මොකක්ද?
ReplyDelete//රෝගී තත්වයක් වැනි අතිශය මානුෂික හේතුවක් සරදමක් සේ ගැනීම නම් කිසිසේත් ම එකඟ විය නො හැකි කාරණයකි.// එකගයි.....
ReplyDeleteඑකඟයි.මේ පිළිබඳව ලිපියක් පවා පලකිරීමට තරම් වැදගත්කමක් දීම වඩා හොඳයි.මොකද ඒ වැඩේ එතරම්ම කැතයි.
ReplyDeleteජයවේවා..!!
//රෝගී තත්වයක් වැනි අතිශය මානුෂික හේතුවක් සරදමක් සේ ගැනීම නම් කිසිසේත් ම එකඟ විය නො හැකි කාරණයකි.// එකගයි.....
ReplyDeleteඒ වගේම තමන්ගෙ හිටපු දේශපාලන නායකයව/දේශපාලන ගුරුවරයව දන්නේවත් නැත, එහෙම කෙනෙක් ගැන අහලවාත් නැත කියල ධනපති පාලකයන්ට පාවා දෙන එක ගැන නම් එකඟ විය නොහැක.