Monday, 18 January 2016

විභාගේ අභාගය - Tuition Pure, Tuition Bio, Chemistry, Physics!


මගේ මල්ලී ගේ ලොකු පුතා පසුගිය දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය.

කවදත්, කොතැනත්, විභාගයක් යනු මානසික පීඩාකාරී අත්දැකීමකි. විභාගයේ අවසානය සහ එහි ප්‍රතිඵල නිකුත්වීම අතර අනිවාර්ය කාල පරතරයක් සැලසුම් සහගතව මෙන් සැකසී තිබෙන්නේ විභාග අපේක්‍ෂකයින්ට තමන් ලැබූ ඒ මානසික පීඩාවෙන් සහනයක් ලබා ගැනීමට යැයි සිතේ.

මා අවුරුදු පහළොවේ දී එක්තරා දෙසැම්බරයක මුහුණ දුන් පොදු සහතික පත්‍ර ජාතික විභාගයෙන් අනතුරුව ද මාස එකහමාරක දෙකක පමණ නිවාඩුවක් අපට ලැබුණි.

මා ඒ කාලය ගත කළේ, අම්මාගේ දෙමව්පියන් සිටි කලවාන නම් සුන්දර ගම් ප්‍රදේශයට ගොස් විවේකයෙන් සිටීමටයි. පෙබරවාරිය පමණ වෙනතුරු මම ආච්චී ගේ පෙට්ටගමේ තිබුණු රසවාහිනී සඟරා කියවමින් ද, පුංචි අම්මලා ගේ පොත් කැබිනට්ටුවල තිබුණු නවකතා කියවමින් ද, ඇල, දොළ, කඳු, තේ, රබර් වතු පිරි පරිසරයේ රස විඳිමින් ද, බයිසිකල් පැදීම පුරුදු වෙමින් ද, කල් ගත කළෙමි. මා කිරිකෝඩුවෙකු ලෙස සමනොළ කන්ද නැග්ගේ ද මේ කාලයේ බව මගේ මතකයයි.

ඉන් වසර තුන හමාරකට පසුව අගෝස්තුවක පැවති උසස් පෙළ විභාගයෙන් පසුව ද මට මෙවැනිම සිත සනසන නිවාඩුවක් ලැබුණි.

සුනීතා පුංචි අම්මාගේ විවාහය, වෙන්ඩ බාප්පා ගේ සීජී-125 එකෙන් මෝටර් සයිකල් පැදීමට ඉගෙන ගැනීම වැනි වැදගත් දේවල් සිදුවුණේ ඒ කාලයේ ය.

නමුත්, අද පරම්පරාවකට පසු සිදුවී ඇති දෙයක මහත!

මම පසුගිය සති අන්තයේ මල්ලී ගේ නිවසට කතා කළෙමි.

මල්ලී නිවසේ සිටියේ නැත.

මල්ලී
නිවසේ අවශ්‍යතාවයකට
ටවුමට ගොසින් ය.

මල්ලී ගේ දහසය හැවිරිදි ලොකු පුතා නිවසේ සිටියේ ද නැත.

මල්ලී ගේ ලොකු පුතා
අවසාන වී තාම මාසයක්වත් ගතවී නැති
2015 සාමාන්‍ය පෙළ විභාගයේ
තවත් මාස දෙකකින් පමණ නිකුත්වීමට නියමිත ප්‍රතිඵල මත,
මැයි මාසයේ දී පමණ පටන් ගන්නා ඊළඟ පාසල් වාරයේ දී,
පාසලේ ඇරඹීමත නියමිත උසස් පෙළ පාඨමාලාව අවසානයේ,
වර්ෂ 2018 අගෝස්තුවේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා,
ළමුන්ට අමතර ඉගැන්වීම පිණිස පැවැත්වෙන,
උපකාරක ටියුෂන් පන්තියක් සඳහා සහභාගී වීම සඳහා,
ටවුමට ගොසින් ය!

මගේ හිතට දැනුණු හැඟීම විස්තර කරන්නට හැකි වචන ලොවෙත් නැත.


-රසිකොලොජිස්ට්

ප/ලි:
මම ද උසස් පෙළ සමයේ ඇති පදං ටියුෂන් ෆොස් ඇත්තෙමි. ඒ පිළිබඳ සටහන් කිහිපයක් ඉදිරි දිනවල ලියන්නට අදහස් කරමි.

මේ ඒ කාලේ සින්දුවකි!


තවත් එකක්.


(image: http://studentlanka.com/)

80 comments:

  1. විභාග ක්‍රමයේ වෙනසක් අත්‍යාවශ්‍යයි. විභාග අපේ ජීවිත තීරණය කරන දෙයක් වෙනුවට අපේ මට්ටම පරීක්ෂෘ කරන දෙයක් කරන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. මචං උ(ගූ)ඩුවා ,
      උඹ අර මරදානේ ඉස්කෝලේ කුඩු ගහපු හැටි ලිව්වට පස්සේ සත්‍ය කතා ලිව්වෙම නෑ. රසිකට කලින් ලියහන්කෝ උඹ ටියුසොන් ගිහින් කුඩු ගහපු බඩු ගහපු සත්‍ය ආතල් කතා ටිකක්.
      මරිය කඩේ හීන් බච්චා

      Delete
    2. In my opinion, the people who have a sound knowledge about the education, knowledge management, testing knowledge and human intelligence should express there views on examinations and education processes. Some vagabond rascals, drug addicts, indolent idiots discussing about education and examination is a real farce.

      Delete
    3. විභාග යන්න අනාගතය තීරණය කිරීමට අති වැදගත් දෙයක් නොවෙන්න නම් සැමටම විවිධ අවකාශ ඇතිවෙන පරදදි ආර්ථිකය පුළුල් විය යුතුයි.

      Delete
  2. මේකට හේතුව උසස් අධ්‍යාපන අවස්ථා සීම සහිත වීම සහ තෝරාගැනීම බුද්ධි පරීක්ශණයකින් නොව AL ප්‍රතිඵල අනුව වීම.

    ReplyDelete
    Replies
    1. ඉල්ලුමට ගැලපෙන සැපයුමක් ඇතිවීම කෘතීම ලෙස වැළැක්වීම නිසා ඇතිවන පීඩනය විසින් අවසානයේදී වැඩිම පීඩාවට පත් වන කණ්ඩායම සහ ඒ නිසා මතුවන වෙළඳපොළ අවස්ථා.

      Delete
    2. ඉකොනො

      /ඉල්ලුමට ගැලපෙන සැපයුමක් ඇතිවීම කෘතීම ලෙස වැළැක්වීම/ මෙතන දී මම ටියුබ් ලයිට්,තාම පත්තු වුනේ නෑ, ස්ටාටරේට පොල්ලකින් අනින්න වෙයි වගේ?

      Delete
    3. උඹ කොහොමත් ටියුබ් ලයිට් කියලා ලියන දේවල් වලින් පේනවා. හැබැයි ස්ටාටරේට පොල්ලකින් ඇණලා නම් ගොඩ දාන්න බැරි සයිස් එකේ...

      Delete
    4. රටේ ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමගම හැම රැකියාවකටම වටිනාකමක් ඇවිත්, විභාග යන්නේ වැදගත්කම ටිකෙන් ටික අඩුවේවි.

      ඉකොනොමැට්ටා කියන (කෘතිම) පාලනය දැනට අවශ්‍ය ඒකයි. සියල්ල ඉල්ලුම සහ සැපයුම අනුව තීරණයවෙන තැනක ඒ පාලනය වෙන්නේ ක්‍රය ශක්තිය (purchasing power) මතයි.

      Delete
  3. මේක මම සාමාන්‍යපෙළ ලියපු 1994ත් දකින්න තිබුණා. මාත් එක්ක සාමාන්‍ය පෙළ කරපු ළමයි කීප දෙනෙකුත් මේ පන්ති යෑම කලා. සාමාන්‍යපෙළින් පස්සේ ඊට වඩා තරඟකාරී පාසලකට මම ගියා. එතනදී මම දැක්කා පන්තියේ ළමයින්ගෙන් සෑහෙන පිරිසක් අපිට මුල් මාස කීපයේ ඉගැන්වූ දේවල් කලින් දැන සිටි බව. එහෙම නොදැන සිටියේ මාත් ඇතුළුව ළමයි කීපදෙනෙක් පමණයි.

    ReplyDelete
    Replies
    1. තිසර, ඔබට සිදු වූ දෙය මටත් සිදු වුනා.වැඩි දෙනෙක්ම මුල් පාඩම් දන්න නිසා පාඩම් උගන්වන වේගේ වැඩි කරා ඒකෙන් මට උගන්නපු කිසි දෙයක් තේරුන් නෑ...

      Delete
    2. මොනවා වුනත් එන්න එන්නම විභාග ප්‍රතිඵල නම් හොඳ වෙලා තියෙනවා!

      Delete
  4. අතීතකාමය නමැති වර්ගීකරණයට මේ ලිපිය දැමීම හොඳයි. එහෙම නැතුව ලිව්වම සමහරු කියනවා ඔන්න ඔන්න අතීතකාමය කියලා.

    විකෘති නාට්‍යය නරඹා, එයින් දුන් පණිවිඩය කී දෙනෙක් උකහාගත්තාදැයි මා දන්නේ නැහැ. අපේ ජීවිත කාලය තුළ නම්, අපි මේ යන මෝඩ අධ්‍යාපන ගමන වෙනස් නොවෙනු ඇති.

    බයිසිකල් රිම් එකක්, අඩි තුනක් විතර දිග, මි.මී. 8 ක් පමණ මහත කම්බියකින් පාලනය කරමින්, දක්කාගෙන යා හැකි බව, භෞතික විද්‍යාව ඉගෙනගන්නා සමහර ළමයින් දන්නේ නැහැ. නමුත් ඔවුන් ඉතා ඉහළ සමීකරණ දන්නවා.

    ReplyDelete
    Replies
    1. එතකොට විචාරක අන්කල් සමීකරණ දන්නෙ නෑ. හැබැයි රිම් එළවන්න පොල්පිති ගොන්නු දක්කන්න හෙම දන්නවා. එහෙමද?

      Delete
    2. /එතකොට විචාරක අන්කල් සමීකරණ දන්නෙ නෑ. හැබැයි රිම් එළවන්න පොල්පිති ගොන්නු දක්කන්න හෙම දන්නවා. එහෙමද? /

      ඇනෝ ඒක ආඩම්බරයට කරුණක්, සමීකරණ පොතේ පතේ නෙට් එකේ තියනවා, හැබැයි රිම් එක එළවන්න නොදන්න කෙනා කටපාඩමෙන් විභාග පාස්වුනත් චලිතය සමීකරණ ප්‍රායොගික ගැටළුවක් විසඳන්න යොදාගන්න බෑ නේද?

      Delete
    3. ඒ උනාට ඇනයා රීම් දක්කන එක, පොල්පිත්තෙන් යකඩ දැති රෝද දක්කන එක, පොල්කොට කරත්ත (ඩක්කු ) හදන එක වාගේ නෙමේ බන් සුද්දොන්ගේ සමීකරණ විසඳන එක හරි අමාරුයි. ඒවා විසඳන්න ඔය හුචක්කු වලින් කිසි උදව්වක් නෑ බන්. AL වලට bio හරි math හරි කරලා campus යන එක අමාරු වැඩක් බන්. එහෙම යන ටික දෙනා සිරාම පොරවල් මචන්. විචා වගේ නුගත් බුවාලා ඕව දන්නේ නෑ. බොරුනම් අහපන් රසික වගේ සිරා පොරක්ගෙන්.

      Delete
    4. ඇත්ත තමයි. ඔය සමීකරණ දන්න එවුන් එකෙකුට පුළුවන්යැ රිලව් වගේ අත්තෙන් අත්තට ඔන්චිලි පදින්න.

      Delete
    5. කම්බියෙන් රීම් එක එලවන්න, වාහන එන්ජිමක පීනියන් වීල් එක, පොල්පිති ආධාරකයෙන් දක්කන්න, ලොරි ටයර් එකේ ඇතුළට රිංගලා, තව කෙනෙක් ටයර් එක දක්කද්දී නොවැටී ඉන්න, ගඟට නැවුණු කැටකෑල ගහක ඉඳන්, කරණමක් ගසා ගඟට පනින්න, අමු පොල් පිත්තෙන් ගොනෙක් හදා, පොල්කටු අං සවිකරන්න, ඒ කාලේ පුළුවන්වීම ගැන, මම අදත් ආඩම්බර වෙනවා. ඒ අත්දැකීම් අපේ සිරුරේ නම්‍යතාවය, උලැඟිතාවය, දරාගැනීමේ හැකියාව, වැඩි දියුණු කළා.

      පොතපත දැනුම පමණක් තියන බොහෝ දෙනෙක්, ප්‍රායෝගික කටයුතුවලදී දක්වන දුර්වලතා දැක්කම ඇතිවන්නේ අනුකම්පාවක්.

      Delete
    6. වාහන එන්ජිමක පීනියන් වීල් එක...... හරි අගෙයි ඔන්න ආයි [අ]විචාරක අතේ පත්තුවෙන බොරු ලියනවා ඔය කියන විල් එකට කියන නම ෆ්ලයි වීල් [fly wheel] එහෙමත් නැතිනම් crank wheel
      ඔය කියන පිනියන් වීල් එක තින්නේ එන්ජින් ස්ටාටර් මොටර්යේ තව මොන බොරු ලියනවා ඇතිද නොදන්නා අයට අන්දවන්න .

      Delete
    7. බොහොම ස්තුතියි මහත්මයා මා නිවැරදි කිරීම ගැන. අපි ලියන්නේ අපි දන්නා දේ නේ. නමුත් මා කියන්නේ මොන වීල් එක හරි ඒ යකඩ දැති රෝදය එලෙව්වා කියන එකයි. එය සත්‍යයක්.

      මා කියන්නේ මේ පහත ලින්ක් එකේ ඇති වීල් එක වැනි වීල් එකක් ගැනයි. එහි විෂ්කම්බය අඩි එකහමාරක් පමණ වෙනවා. එහි අවිචාරයක් හෝ බොරුවක් නැහැ. ඇන්දවීමක් නැහැ.

      http://www.kentautodevelopments.com/shop/product/kad-lsd-crown-wheel-and-pinion-4.11

      Delete
    8. වෙන මොකොවත් නොදැන පීනියන් වීල් එළවලා විතරක් මහා ප්‍රාඥයො වෙන්න පුළුවන් කියලා හිතන අය ගැන ඇති වෙන්නෙ කණගාටුවක්. උන්ට එළවන්න පීනියන් වීල් හැදුවෙ කවුද මතක නෑ.

      Delete
    9. තමන් පුස්සෙක් බව හෙලිවුනාම හිතේ අමාරුව යන්න නන් දොඩවන එවුන්ට ඉගෙනගන්න තමයි අපි කියන දේ කෙලින්ම කියන්නේ.

      Delete
    10. විචාරක,

      මුලින්ම ඔබ සහ තවත් ඇනෝ මිත්‍රයකු අතර සංවාදයට හොට දැමීම පිළිබඳ අවසර (එක්ස්කියුස්) පතමි.

      කෙසේ නමුත් මා හිතන්නේ න්‍යාය සහ ප්‍රායෝගිකත්වයේ මනා සංකලනයකින් විශිෂ්ටයන් බිහිවන බවයි. ඔබ පැවසූ පරිදි ප්‍රායෝගිගත්වයෙන් පමණක් අපට යකඩ වැඩකාරයකුගෙන් එහා අයෙක් තැනීම අතිශය දුෂ්කරයි. වත්මන් ලොව තුල භාවිත වන ඉතාම නොදියුණු අනාවරක (ඩිටෙක්ටර්) යන්ත්‍රයක් සැලසුම් කිරීමටත් කල් ඇතිව ඉතා මැනැවින් උසස් ගණිතය සහ භෞතීය විද්‍යා න්‍යායයන් සමග නිසි පරිදි ගලපාගත් ප්‍රායෝගික අත්දැකීමුත් අතිශය වැදගත්. ඉතා ඉක්මනින් ප්‍රායෝගික පලපුරුද්ද වර්ධනය කරගැනීමට කළහැකි හොඳම දෙය නම් මනාව අත්දැකීම් ලබා සිටින අපගේ පූර්‍වජයන්ගෙන් ඉගෙනීමයි.

      Delete
    11. අපේ විචා කියන්නෙ කවදාවත් දෙයක් ඉගෙන ගන්න අකමැති, තමන් ලොකේ තියෙන හැම දෙයක්ම දන්නවා කියලා හිතාගෙන ඉන්නා පොරක්. මෙතැන එයා කියන්නෙ පාඩම් කරලා යමක් ඉගෙන ගන්න ඕනැ නැහැ. පීනියන් වීල් එළවන්න දැන ගත්තාම හොඳටම ඇති කියලා. සාමාන්‍යයෙන් මේ ගොන් පාට් පැන්සොන් ගිය හැම ආමි කාරයාටම පොදුයි. විචාට විශේෂයි.

      Delete
    12. @ Anonymous19 January 2016 at 21:41
      මහත්මයා, ඔබ අවනී අය එක්ක මෙවැනි සංවාදයක යෙදෙන්නට ලැබීමත් වාසනාවක්. නමුත් මැට්ටන් ගේ මැදිහත්වීම කනගාටුවට කරුණක්.

      @ Anonymous20 January 2016 at 01:46
      අපේ මේ ඇනෝට තියන බරපතල රෝගේ තමයි තර්කනයෙන් තමන් පරාජය වුනාම, අපහාස කරන එක. මේවා, නොමේරු මොළයක් සහිත පුඟුලන්ගේ ප්‍රාථමික මානව ලක්‍ෂණ. ප්‍රාථමික වචන පාවිච්චි කිරීම, ප්‍රස්තුතයෙන් පිට දේවල් ලීවීම. පුහු බව තව තවත් පෙන්වීම.

      මේ අමන හැසිරීම, නූගත්, පහත් ජන්ම ලාභීන්ගේ සාමාන්‍ය ලක්‍ෂණ.

      Delete
    13. අම්මප විචෝ, උඹට උඹ පරාද වුණා කියලවත් හිතා ගන්න මොළයක් නැද්ද හැබෑටම? උඹේ හැසිරීම ගැන නම් අපි දන්නෙ නැතුවයැ. හෙහ් හෙහ් හෙහ්.

      Delete
    14. අපේත් ප්‍රියතම සෙල්ලමක් වුනේ ට්‍රයිසිකලය කැඩුණු පසු එහි රබර් රෝද (ගල්) පැදීමයි. එා සඳහා උපයෝගී කර ගත්තේ පොල්පිත්තකින් කපා ගත් පිත්තකි.

      Delete
    15. විචාරක සහ ඇනෝලාගේ වාග් සංග්‍රාමය ගැන මට කිව හැක්කේ-
      තවමත් මෙවැනි තේරුමක් නැති පරිදි කාලය නාස්ති කිරීම් වීම නම් පාපයක් බවයි. මට නම්, ප්‍රතිචාරවලට ප්‍රති-ප්‍රතිචාර ලියන්නට කාලය හොයා ගන්න හැකි වෙන්නෙත් ඉතා අමාරුවෙන්!

      Delete

    16. @ Anonymous20 January 2016 at 14:15

      අම්මපා මැට්ටෝ උඹ නිකං කිචවුනා කියලා තේරෙන්නේ නැද්ද? ඒ තරම් මොලයක් තියනවානම් මෙහෙම කිචවෙන්නේ නැහැනේ නේද?

      @ රසික.

      ගල් ටයර් අද කාලයේ අර කාපට් පාරවල් තලන විශේෂ රෝලර් වල තියනවා නේද? හැබැයි අද තියන ට්‍රයිසිකල් වල තියනවාදැයි මා දන්නේ නැහැ. නමුත් ඒ කාලේ ඔය ටයර් දැක්කීම ලොකු විනෝදාංශයක් බව මතකයි.

      ඉතා විශ්මයජනක ලෙස මේ මෝඩ ඇනෝලා මා සමග ගැටෙමින්, තමන්ගේ උපන් මුග්ධකම පෙන්වන්නේ, බොහෝදුරට ඔබේ අඩවියේදී.

      Delete

    17. @ Anonymous20 January 2016 at 14:15

      අම්මපා මැට්ටෝ උඹ නිකං කිචවුනා කියලා තේරෙන්නේ නැද්ද? ඒ තරම් මොලයක් තියනවානම් මෙහෙම කිචවෙන්නේ නැහැනේ නේද?

      @ රසික.

      ගල් ටයර් අද කාලයේ අර කාපට් පාරවල් තලන විශේෂ රෝලර් වල තියනවා නේද? හැබැයි අද තියන ට්‍රයිසිකල් වල තියනවාදැයි මා දන්නේ නැහැ. නමුත් ඒ කාලේ ඔය ටයර් දැක්කීම ලොකු විනෝදාංශයක් බව මතකයි.

      ඉතා විශ්මයජනක ලෙස මේ මෝඩ ඇනෝලා මා සමග ගැටෙමින්, තමන්ගේ උපන් මුග්ධකම පෙන්වන්නේ, බොහෝදුරට ඔබේ අඩවියේදී.

      Delete
    18. අනේ විචාරක මාමේ, ඇනෝලා කිච වෙන්නෙ නෑ බං. උන් ඇනෝලා. කිච වෙන්නෙ නමින් එන එවුන්. උඹේ මොළේ තමයි මොළේ. හදිසියකට වත් තෙමෙන්න හෙම එපා. දියවෙයි.

      Delete
    19. @විචාරක
      ගල් රෝද යනු ටියුබ් නැති ඒවාය. අපේ ට්‍ර්‍යිසිකලයේ රෝද තනි රබර් වුය. සවිය දුන්නේ යකඩ රිම් එක සහ ස්පෝක් ය. රෝදයක විෂ්කම්භය අඩියකට අඩුවිය. හුලං බැසීමක් නති නිසා හුලං ගැසීමක් අවශ්‍ය නොවිණි.

      Delete
    20. ඇනෝලා ගැන-
      බොහෝ බ්ලොග්වල ඇනෝ මග අසුරා ඇත. ඉඩ ඇති වෙනත් තැන්වලද ඇනෝලා විචාරක සමග වලියට එනවා මා දැක ඇත.

      Delete
  5. මමත් රසික වගේම විභාග වලින් පස්සේ ලැබෙන විවේක කාලය විවේකයෙන්ම ගත කලා...
    පොත් පත් කියෙව්වා, ඊට අමතරව හැකි උපරිමයෙන් රස්තියාදු ගැහැව්වා...

    අපේ කාලයෙත් ඔය විදිහට පන්ති ගිය අය කීප දෙනෙක් හිටියා වගේම එහෙම ගිය බහුතරයක් (සියල්ලෝම පාහේ) තරඟ විභාග වලින් පසුබැස්ස බවක් සහ විශ්ව විද්‍යාල වරම් හිමි කර නොගත් බවක් මම අධ්‍යනය කලා...

    ReplyDelete
    Replies
    1. කෑම වේලකට හැම රසක්ම අවශ්‍යයි වගේ තමයි!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සම්ප්‍ර‍ාදායික විභාග ක්‍ර‍මයේ පැවැත්ම තව ටික කාලයයි, සන්නිවේදන තාක්ෂණය තව ටිකක් දියුණු වුනාට පස්සේ මේ ක්‍රමයේ විභාග වල වංචා නවත්තගන්න බැරි තැනකට එයි. දැනටත් මේ ප්‍ර‍ශ්න පත්‍ර‍ සිමිතව පිට නොවෙනවා කියා හිතනවානම් ඒක විහිළුවක්නේ.

      පුංචි පහේ එකට නම් ඉතින් කියන්න තියෙන්නේ පුංචි නොදරුවන් වෙනුවෙන් වරදක් කලත් පවු නෑ කියානේ, ඒනෙක ගුරු දරුවෝ සෙකන්ඩ් වෙන එක ගුරු සංහතියේම නම්බුවටත් හොඳ නෑනේ, ඒ නිසා විභාග කාරය මණ්ඩල වල ඉන්න අයගේ වගකිම තමා දන්න කියන දරුවන්ට පුංචි පුංචි වැරදි කලාම පෙන්නල දෙන එක, ඒක ඒ අය අකුරටම කරනවා.

      Delete
    2. ඒ වගේම හොරුන් ඇල්ලීමේ තාක්‍ෂණයත් දියුණු වෙනවා නේද?

      Delete
  7. ඇත්තටම රසික මෙලිපිය ඉතා වැදගත්, අද විවේක බුද්ධියෙන් සිතන්න වෙලාවක් නෑ, මෙනිසා ගොඩක් ඉහලට ඉගනගත් පුද්ගලයන්ටත් යමක් ප්‍රායෝගිකව හිතන්න බෑ

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගික දැනුම එන්නේ ජීවිතයට මුහුණ දිමෙනුයි. නමුත් සමහර විට අපට සමහර අත්දැකීම් නොලැබී යනවා.

      මේ කතාව මතකද?
      http://rasikalogy.blogspot.com/2015/05/i-am-trapped-in-eternal-vicious-circle.html

      Delete
  8. මගේ මල්ලී ගේ ලොකු පුතා පසුගිය දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය.

    රජයේ කුමන පාසලින්ද පුතා පෙනීසිටියේ? එම පාසලේ උසස් පෙළ සිසුන් A/L විභාගයෙන් ගන්න
    ප්‍රතිපල වලට ගන්න ලකුණු ගැන සැහීමකට පත්වෙන්න බැරි තරඟ කාරිත්වය නිසාද

    ReplyDelete
    Replies
    1. පාසල කුමක් යන්න මේ ලිපියේ අන්තර්ගතයට වැදගත්කමක් නෑ. මෙය කොළඹ සිට කිලෝමීටර් විස්සක් පමණ දුරින් ඇති කුඩා නගරයක පිහිටි රජයේ පාසලකි!

      Delete
  9. /මල්ලී නිවසේ අවශ්‍යතාවයකට ටවුමට ගොසින් ය./

    නිවාස වලටත් අවශ්‍යතා ඇති වෙනවා කියා මෙයින් දැන ගත්තා. මල්ලීගේ නිවාසයට ඇතිවුණු අවශ්‍යතාවය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. සීමිත අවශ්‍යතා කීපයක් ගැන පමණක් දන්නා ආදර්ශමත් ඇනෝවෙක්. කටපාඩම් කරල නේද පාස් වුනේ.

      Delete
    2. නිවසට වහළක් අවශ්‍ය වී තිබුණි!

      Delete
  10. අපි නම් ඒ ලෙවල් පන්තියෙත්, රසික නිවාඩු කාළේ කරපු ඒවා සහ ඊට එයිටාමතරව තවත් බොහෝ දේ කල නිසා අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ ජාතියෙම තමයි.

      Delete
    2. පුංචි අම්මා ගේ විවාහය සහ වෙන්ඩ බාප්පා දැන හැඳිනගෙන ඔහුගෙන් එක පුහුණුවට ලබා ගැනීම කොයි කාලයේ කෙරෙන්නනක් ද යන්න මට තීරණය කළ හැකි දෙයක් නොවේ!
      ;-)

      Delete
  11. සීජී 125.. මරු බයික් එක.... හරියට කික් කොරේ නැත්තං බැක් ෆයර් වෙලා කකුල හාරං යන්නෙ...තාමත් දකුනු කකුලෙ අඟල් හතරක විතර දිග කලු පැල්ලමක් තියේ හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. මගෙත් කකුල පිච්චුනා කලිසම් කකුළ තිබුණත් සයිලන්සරේට!

      Delete
  12. මගෙත් සා/පෙළ හා උ/පෙළ නිවාඩු කාලේ ගත උනේ මේ ආකාරයටම තමා. මේක තමා දැන් ක්‍රමය. කාලේ වෙනස් තාලේ අලුත්. දැන් දරුවෝ විනෝද වන්නේ XBox, Facebook, WhatsApp වගේ දේවල් වලින්. හැබැයි ඒවාට වැරදි උන් නෙමේ අපියි. මොකද ඕවා හොයා ගත්තේ අපි මිසක් දරුවෝ නෙමේ.

    අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. අධ්‍යාපන අවස්ථා වැඩි විය යුතුයි. ඉහල ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වැඩි වශයෙන් බිහිවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඉහල ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික විශ්ව විද්‍යාල කියා දෙයක් මේ ලොවේ නැත!

      දන්නවා නම් උදාහරණයක් දෙන්න!

      Delete
  13. ටියුෂන් ගැන නම් මතක් කරන්න එපා. දැන් ඒක ඕනෙවටත් වැඩියි. මම ඒ ලෙවල් කරද්දී අපේ බයේ සයන්ස් ටියුෂන් කාරයා ටියුෂන් එකක් දැම්මා. උදේ 7.30 ඉඳන් හවස 4.30 වෙනකල්. මැදින් 11.15ට එක බ්‍රේක් එකයි විනාඩි 15වෙ. ආය 2- 2.30 එක බ්‍රේක් එකයි විනාඩි 15වෙ.. ඔකේ ඉඳලමද කොහෙද මම පීනසේ හදාගත්තා ඒ සී ක්ලාස් ඒකෙ.. ක්‍රමය වෙනස් විය යුතුයි කියල බුරන්න එවුන් හිටියට ඕක වෙනස් කරන්න බල්ලෙක් වත් නෑ.. සමාවෙන්න වචන වලට. ඒත් ඔය මාතෘකාව ගැන කතා කරද්දී එලියට එන්නේ මේ වචන තමයි..

    ReplyDelete
    Replies
    1. කැමැත්තෙන් නේද ගියේ? නැතිනම් බලෙන් දක්කාගෙන ගියා ද?

      Delete
  14. මම සාමාන්‍ය පෙල කළේ 1994, ඉන් පස්සේ අපේ කීප පන්තිවල වැඩි දෙනෙක් මේ විදිහට පන්ති ගියා. මම නම් මොන විකාරයක්ද කියල නිවාඩුව සුපිරියටම වින්දා. පන්ති පටන් ගත්තට පස්සෙත් මම ක්ලාස් ගියේ බොහොම සීමිතව. පාඩම් කළේ දවසට පැයක් විතර. විභාගේ ලං වෙනකොට පැය තුනක් උපරිම. මගේ මිත්‍රයෝ කීප දෙනෙක් හිටියා, අන්තිම කාලේ පාසල් එන්නේ නැතුව පාඩම් කරනවා. දවසට අවම පැය 6ක්!!!!
    මටනම් හිතාගන්නවත් බැරිව ගියා.
    ඒත් ප්‍රතිපල ආවහම මට වඩා උඩින් හිටියේ 8 දෙනයි. උන් ඔක්කොමත් අර වගේ ‍පාඩම් කරපු උන් නෙවෙයි. මම වගේ පිස්සු නටපු ඒත් උපන්ගෙයි මීටර්.

    ReplyDelete
    Replies
    1. සාර්ථකත්වය යනු උපතට වඩා මහන්සියේ ප්‍රතිඵලයක් කියායි මා විශ්වාස කරන්නේ සහ විය යුත්තේ!

      Delete
  15. මමත් 2000 අවුරුද්දෙ OL කරල රසික කරපු විදියට ප්‍රතිඵල එනකම් රවුම් ගහල ඉස්කොලෙත් පටන් ගත්තට පස්සෙ තමයි පංති යන්න පටන්ගත්තෙ මුල් ටික මාර අමරුවෙන් තමයි ඉන්න උනේ මොකද පාඩම් හුගක් එව මස දෙකකට විතර කලින් අනිත් උන් කරල. දැන් ළමයින්ට මොකුත් කියන්න බැහැ කියල මට හිතෙන්නෙ රැල්ලට ගහගෙන යන එක ලේසි වගේ තමන්ට ඔන විදියට පීනනවට වඩා

    ReplyDelete
    Replies
    1. මේ රැල්ලට අසු නොවී සිටීමට අත්හදා බැලිය හැකි නමුත් ප්‍රශ්නය නම් එය හානිදායී පරීක්‍ෂණයක් (destructive test) විමයි!

      Delete
  16. අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි.

    ReplyDelete
  17. මා නම් සාමාන්‍ය පෙළ ටියුෂන් ගියේම නැත. මගේ පියා නිවසේ හා පිරිවෙනක ඉංග්‍රීසි පංති පැවැත්වූ ගුරුවරයෙකු වුවද ඉංග්‍රීසි පංති පමණක් ගියෙමි.
    උසස් පෙළ පංති යන්නට පටන් ගත්තද මාස තුනෙන් පංති යාමට තිත වැටුණේ පංති කට් කොට "රජගෙදර පරෙවියෝ" බලන්නට ගොස් ගෙදරට අහුවීමෙනි.
    එහෙම වුණ එක හොඳයි. පංති ගියා නං කැම්පස් යන්න ලැබෙන එකක් නෑ. ඇයි ෆිල්ම් හෝල් වල රිංගනවනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හන්තානට පායන සඳ කියා ගෙන ඉන්න තිබුණා නේද?

      Delete
  18. දෙසැම්බර් විභාගය ඉවරවුනගමන් ටියුශන් ජනවාරි වල පටන් ගන්නවා. ඒකට ගුරාල මාර Advertising පාරකුත් දෙනවා . මොකද දෙසැම්බර් අන්තිම (මේ සැරේ පරක්කු වුනා) A/L ප්‍රතිඵල අනුව Island ranks ගත්ත අය තමන්ගේ class එකට ආවා කියල Leaflets ගහල ඇඩ්වටයිසින් පාරක් යනවා . මේක දැන් නියම බිස්නස් එකක්. ඊට පස්සේ ඉස්කෝලෙට කලිං syllabus කවර් වෙනවා මේපන්තිවල ! මොකද ? ඉස්කෝලේ A/L පටන් ගන්නේ ඊලඟ ජුනි වල. අවසාන අව්රුද්ද වෙනකොට ළමයි ඉස්කෝලේ යන්නේම නෑ. ඕකට 80 % පැමිණීම ඉස්කෝල වල අනිවාර්ය කොරල තිබිබත් ඒම ප්‍රායෝගික නැ. අනික අද උසස්පෙල හරිම තරඟයක් . !

    ReplyDelete
  19. ගොඩක් පාසල් ගුරුවරු (විශේෂයෙන් ජනප්‍රිය පාසල්.)පාසල් කාලය තුල බුල ගහලා උගන්නන්නෙ ටියුශන් එකේදි.මොනව කලත් ළමයි පාඩම් කරල ටියුශන් ගිහිල්ල පාස් වෙනවා.. ක්‍රෙඩිට් එක නිකන්ම අර ගුරුවරයට වැටෙනවා.ඉතින් එයාගෙ ගෲප් ක්ලාස් එකේ ගාන උඩ යනවා... ඉල්ලුම වැඩි වෙනවා.ඒ එක පැත්තක්.අනික් ඒවත් දැං ගිණි ගණන්.ඒත් ළමයින්ට වෙන තෝරාගැනීමක් නැති වෙන තරමටම තත්වය ඔඩු දුවලා...
    මෙන්න ඔය ගුරුවරුන් ගැන.
    http://gaslabba.blogspot.com/2015/12/blog-post_30.html
    ජයවේවා..!!

    ReplyDelete
  20. ඒක ඇවිල්ලා ටියුශන් ගුරුවරුන්ගේ තියෙන මාකටින් එකේ ප්‍රභලත්වය.

    ReplyDelete
    Replies
    1. සැපයුම නිසා ඇති වුණු ඉල්ලුමක් ද?

      Delete
  21. අධ්‍යාපනය තරගයක් වෙලා තියෙන්නේ අද.හැම කෙනාම බලන්නේ කොහොම හරි දුවන්න.ඉතින් කොහේද විවේකයක්?

    ReplyDelete
    Replies
    1. ඒ කතාවම තමයි වසර තිහක් විතර පැරණි අර වික්‍යති නාට්‍යයේ ගීතවලිනුත් කියවෙන්නේ!

      Delete
  22. අද දවසේ තියෙන තරඟකාරිත්වය එක්ක දරුවන්ට ටියුෂන් වලින් මිදෙන්න බැහැ. මම ප්‍රතිපත්තියක් විදිහට ටියුෂන් නොකළත්, මා පාසලේ උගන්වන සිංහල විෂයයටත් මගේ දූ ටියුෂන් යවනව. අපිත් ඒ කාලෙ ටියුෂන් ගියා ඉහළ පංති වලදි. ඒත් අද තරම් තඟකාරිත්වයක් තිබුණෙ නෑ. අද පුංචි සන්දියෙ ඉඳන්ම ටියුෂන්.

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් මා සමග සිංහස උසස් පෙළ විෂය උගන්වන ගුරුවරියක් කීවා ඒ පළාතට සන්නස්ගල එන දවසට ළමයි පාසල් එන්නේ නැතිය කියා!

      Delete
  23. https://www.facebook.com/The-Theory-Of-Human-Instincts-1449859808601539/timeline pl check this link Thanks

    ReplyDelete
  24. බයිසිකල් පැදීම පුරුදු වුනේ ඕ ලෙවල් (එන් සී ජී ඊ) ලිව්වට පස්සෙ වීම කණගාටුදායකයි. මමනම් ශිෂ්‍යත්වෙට ලිව්වෙත් බයිසිකල් පැදල.
    ඒ කෙසේ වෙතත්, විභාගයෙන් පසු නිවාඩු කාලයක් ගත කිරීම කියන එක දැන්නම් අතීත කාලයට ගිහින්. මගේ දරුවන්ට මං උපදෙස් දුන්නා විභාගයෙන් පස්සෙ වැඩිය පිස්සු කෙළින්න එපා මොකද ඉගෙනගැනීමේ පුරුද්ද නැති වුනාම ඊ ළඟ අදියර (ෆේල් වුනොත් නැවත විභාගය ලිවීම හෝ පාස් වුනොත් ඉදිරියට ඉගෙන ගැනීම) අමාරු වෙයි කියල. මොකද ඒක මගෙ අත්දැකීමක් වුනු නිසා. මෙන්න බොලේ පිස්සු කෙළීම කෙසේ වෙතත් විභාගෙ ඉවර වෙලා සුමානයක් යන්න කළින් ටියුෂන් යන්න පටන් ගත්තෙ නැතෑ.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර බයිසිකලයක් නොතිබුණි.......!!!

      තම පියාට මෝටරථයක් තිබුණු නිසා මගේ සමහර මිතුරන් වයස දහ අටේ දී ම ලයිෂන් ගෙන ඇත. මා ලයිෂන් ගත්තේ වයස 31 දී කාර් එකක් මිලට ගෙන මසකට පමණ පසුවය.

      Delete
  25. ප්‍රථිපල එන්නත් කලින් උසස්පෙළ පංතිවලට යන ඒක ගැන ලියලා තියෙන කොටසට යටින් ඔබ කියා තියෙන දෙය ඇත්ත.

    මාත් අද පෝස්ට් එකක් ලියුවා මේ වගේම මගේ අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. කෝ ඔබේ ලිපියට ලින්ක් එකක්?

      Delete
  26. අපේ දරුවන් අධ්‍යාපනය විසින් ගිරාපෝතක රේස් ගොනුන් කර ඇත.කටපාඩම් කරමින් බර ඇදීමට විනා ඔවුන් වෙනත් දේකට සුදුසුදැයි සැක සිතේ.නිරිමාණශිලි දරුවෝ අද්‍යාපන ක්‍රමය විසින් අතර මග හලා දමා ඇත

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.